UNPers UNPian is the spot for former our party members scattered globally.

16/02/2026
05/02/2026

අනාගතය උදෙසා අපි නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“Smart UNP-2026” ආරම්භ කිරීමේ වැඩසටහනේදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී, සිරිකොත පක්ෂ මූලස්ථානයට Starlink සේවාව ස්ථාපනය කිරීමද නිල වශයෙන් සිදු කෙරුණි.

මෙම වැඩසටහන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් 04 වැනිදා පැවැත්වුණි.

හිටපු ජනාධිපතිවරයා වේදිකාවට පැමිණි පසු ආරක්ෂකයින් විසින් ඔහුට හිඳ ගැනීමට ආසනයක් ලබා දුන්නේය.“මේ දවස්වල ඉතින් බංකුවල ඉඳගන්න එක තමයි කරන්නේ.“යැයි හිටපු ජනාධිපතිවරයා සිනාසෙමින් පවසා සිය කතාව ආරම්භ කළේය.

අපේ නායක ඩී.එස්. සේනානායක මැතිතුමා නිදහස් ලංකාවක් බිහිකරලා 78 වැනි සංවත්සරය සමරන අවස්ථාවයි මේ. මොකද එතුමාගෙන් ගත්ත ප්‍රයෝජනය එදා සිට අද දක්වා වසර 78 ක් මේ රට හදන්න ගිය නායකයින් සියළු දෙනාම අපි අගය කරනවා. එතුමා ආරම්භ කලේ මධ්‍ය මහා විද්‍යාල 50 යි. අද තියෙනවා 1,400 කට වඩා.එදා විශ්වවිද්‍යාල එකයි. අද රජයේ විශ්වවිද්‍යාල 19 යි, රජයේ නොවන විශ්වවිද්‍යාල 27 යි. අද රෝහල් 550 කට වඩා තිබෙනවා. අපි සහල්වලින් ස්වයංපෝෂිතයි. අපි අලුත් යුගයක ඉන්නේ.

අනාගතය උදෙසා අපි නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කලයුතුයි. එ්කෙන් තමයි මේ රට දියුණු වුනේ. ඒ සඳහා හැම බලවේගයකටම එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

මේ රටේ ආර්ථිකය 2022 කඩා වැටුණා. මම බාරගත්තා. රටේ ස්ථාවරභාවය ඇතිකලා. දැන් තියෙන්නේ ජෙන්සියටර් තිබෙන සමාජයයි. ඩිජිටල් සමාජයක්. අපි දුන්න ජංගම දුරකථනයෙන්, පරිඝණකයෙන් මේ හැම එකෙන්ම ඩිජිටල් යුගයකට ගිහින් තිබෙනවා. ජෙනිසියර් කියන්නේ ඩිජිටල් යුගයට ඉපදුණු පරම්පරාව. මේ පරම්පරාව සමඟ තමයි ඉදිරියට යන්න තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ඒකටයි ලෑස්ති වෙන්නේ. අද අපි ඉන්නේ ජේ. ආර් ගේ කාලයේ නොවෙයි. අපි ඉන්නේ ට්‍රම්ප් ගේ ලෝකයේ කැමැති උනත්, නැති උනත්, අපි ඒ යුගයට යායුතුයි. ඒකට සුදුසු සමාජයක් ඇතිකල යුතුයි. අද අපි යන්නේ මවන ලද ලෝකයට. මවන ලද තාක්ෂණයටයි. ඒ දැනුම ලබා ගන්න ඕනේ. නැත්නම් අපිට ඉදිරියට ගන්න බෑ. ඒකටයි අපි ඩිජිටල් පක්ෂයක් ආරම්භ කලේ. පොලිටික්ස්වල නිව් වයිබ් එකට සෙට් වෙමු. ස්මාර්ට් යූ.එන්.පී. එකට එකතු වෙමු.“ යැයි හිටපු ජනාධිපතිවරයා කීවේය.

26/01/2026
24/01/2026

The Samagi Jana Balawegaya (SJB) and the United National Party (UNP) held another round of discussions today, which the Opposition Leader said he hopes will lead to a successful political outcome.

Opposition Leader Sajith Premadasa said the talks were “successful” and expressed optimism that they would conclude with a victory, signalling continued efforts to strengthen opposition unity.

09/01/2026
08/01/2026

Port City ගැන ඇත්ත කතාව – අයිතිය, 99 වසරක ලීසිං එක, සහ දේශපාලනික භූමිකා

කොළඹ Port City කියන්නේ චීනයට “දීලා” තියෙන භූමියක්ද, නැත්නම් ශ්‍රී ලංකාවට අයිති එකක්ද කියන එක ගැන ඊයේ පාර්ලිමේන්තුවේ විවිධ කතා ගියා. ප්‍රසාද් මන්ත්‍රීවරයාත් ඒ ගැන කතා කළා.

එදා සිට රනිල් වික්‍රමසිංහට "වික්කම්සිංහ" කියලා නම් පට බැන්දත් කවුද ඇත්තම "ලෑන්ඩ් සේල්කරු" කියලා ජනතාව දැනගන්න ඕනෑ.

ඒ නිසා මේක රූමර් නොව, ලිඛිතව තියෙන සත්‍ය කරුණු මත පැහැදිලි කරලා බලමු.

Port City ව්‍යාපෘතිය ආරම්භ වුණේ 2014 දී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ. චීන රජයට අයත් ව්‍යාපාරයක් වන China Harbour Engineering Company (CHEC) තමයි මුදල් යොදවා මුහුදෙන් ඉඩම් පිරවීම (land reclamation) කරලා මේ භූමිය නිර්මාණය කළේ. ඒ වෙලාවේ මුදල් ආයෝජනය සම්පූර්ණයෙන්ම චීන පැත්තෙන් – සම්මත වශයෙන් USD 1.4 බිලියනක් වටින ආයෝජනයක්.

මහින්ද ජනාධිපතිවරයාට මේ ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

චීන සමාගම මුහුදෙන් ඉඩම පිරවුවත්, ඒ ඉඩම ස්වභාවයෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය ඉඩමක්. අයිතිය තිබුණේ Urban Development Authority (UDA) එකට.

“චීනයට Port City එක අයිති” කියන කතාව කොහෙන්ද ආවේ?

2014–2015 අතර කාලයේ තිබුණු මුල් ගිවිසුම් අනුව, Port City හි කොටසක් freehold (සම්පූර්ණ අයිතියෙන්) චීන සමාගමට ලබාදීමට යෝජනා වී තිබුණා. මේක තමයි පස්සේ විශාල විවේචන වලට ලක්වුණේ.

මෙය වෙනස් වුණේ කවදාද?

2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවෙලා, රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ආපු “Good Governance” ආණ්ඩුව යටතේ, මේ ව්‍යාපෘතිය නැවත සමාලෝචනයට ලක්වුණා.

ඒ සමාලෝචනයෙන් පසු වැදගත් තීරණයක් ගත්තා:

✔ Port City හි කිසිම ඉඩමක් විදේශිකයන්ට freehold ලෙස නොදෙන බව
✔ ඒ වෙනුවට, චීන සමාගමට 99 වසරක ලීසිං එකක් (leasehold) යටතේ භූමියේ කොටසක් ලබාදෙන බව

මේ අනුව,
• ඉඩමේ අයිතිය ශ්‍රී ලංකාවටම තියෙනවා
• චීන සමාගමට තියෙන්නේ දිගුකාලීන භාවිත අයිතියක් (lease rights) විතරයි

මෙය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ කාලයේ ගත් ප්‍රතිපත්තිමය තීරණයක්. එය විදේශ ආයෝජනය තබාගන්නත්, එකම වෙලාවේ රටේ භූමි අයිතිය රැකගන්නත් ගත් මැද මග තීරණයක් කියලා කිව හැකියි.

එහෙම නම් 99 වසර කියන්නේ මොකක්ද?

ලෝකය පුරා විශාල ව්‍යාපෘති වලදී (Ports, Financial Cities, SEZ වගෙ) 99 වසරක ලීසිං කියන්නේ සාමාන්‍ය දෙයක්. හේතුව,
• ආයෝජකයාට මුදල් ආපසු ලබාගන්න
• ව්‍යාපෘතිය ලාභදායී කරන්න
• දිගුකාලීන සැලසුම් කරන්න

නමුත් ඒ කියන්නේ,
- ඉඩම විකිණුවා කියන එකක් නෙවෙයි
- චීන රජය සතු භූමියක් වෙලා ගියා කියන එකත් නෙවෙයි

පසුව මොනවාද වුණේ?

2021 දී, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාලයේ,
👉 Colombo Port City Economic Commission Act නීතිය සටහන් වුණා.

මේ නීතියෙන්,
• Port City එක වෙනම ආර්ථික කලාපයක් වශයෙන් පාලනය කරන්න
• ආයෝජකයන්ට විශේෂ පහසුකම් දෙන්න
• නියාමනයට විශේෂ කොමිෂන් එකක් පිහිටුවන්න

මේ නීතිය ගැනත් විවාද තිබුණා, නමුත් නීතිමය ලෙස අද Port City පාලනය වෙන්නේ ඒ framework එක යටතේ.

සාරාංශය

✔ Port City ආරම්භ වුණේ 2014 දී
✔ මුල් සැලැස්මෙන් freehold ඉඩම් දීමට යෝජනා තිබුණා
✔ 2015–2019 රනිල් වික්‍රමසිංහ අගමැති කාලයේ එය 99 වසරක ලීසිං එකක් බවට වෙනස් වුණා
✔ අදටත් Port City ඉඩම් ශ්‍රී ලංකා රාජ්‍යයට අයිති
✔ චීන සමාගමට තියෙන්නේ ලීසිං සහ සංවර්ධන අයිතිය විතරයි

👉 මේක “චීනයට රට විකුණුවා” කියන සරළ කතාවක්වත්, “කිසිම ප්‍රශ්නයක් නැහැ” කියන කතාවක්වත් නෙවෙයි.
👉 ඒක විවිධ ආණ්ඩු කාලවල ගත් දේශපාලනික සහ ආර්ථික තීරණ එකතුවක්.

Port City ගැන සහාසික විවේචන කල වත්මන් රජය පවා අද එම කටයුත්ත වර්ණනා කරනු දැකීම "සත්‍ය කරා යන ගමනේ" මහා ජයග්‍රහණයක් ලෙස අපි සලකනවා.

- Randeer Bandara (දකුණු ඉවුර වෙනුවෙන්)

Address

Dubai
567

Alerts

Be the first to know and let us send you an email when UNPers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to UNPers:

Featured

Share