 
                                                                                                    25/05/2025
                                            නිකමට කල්පනා කරල බලන්න මේවයෙන් කීයක් ඔයාගෙ energy එක උදුරගන්නවද කියල.. 
1. දේවල් පුද්ගලිකව ගන්නවා. 
ඒ කියන්නෙ ඔයාට මොකක් හරි සිදුවීමක් හිත් වේදනාවක් දැනුනම "අනේ මටමයි වෙන්නේ, මට විතරයි මෙහෙම දේවල් වෙන්නේ" කියල දුක් වෙන එක. ප්‍රශ්න ගැටලු හිත් රිදීම් කාටද නැත්තේ. ඒ නිසා හැමදේම වෙන්නෙ ඔයාටමයි කියල හිතන්න එපා. ප්‍රශ්න වෙනුවට විසඳුම් ගැන හිතමු.
2. අතීතය අල්ලන් ඉන්නවා. 
අතීතය ඔයාව පහු කරගෙන ගිහින් හැබැයි ඔයා තාමත් අතීතයේ නැවතිලා. අතීතය කියන්නෙ හැරිල බලල ආපහු එන්න ඕනි තැනක් මිසක් ගිහින් නැවතිලා ජීවත් වෙන්න ඕනි තැනක් නෙවෙයි. අතීතයේ හරි ගියපු වැරදුණු හැමදේකින්ම දේවල් ඉගෙනගැනීමයි වැදගත් වෙන්නේ.
3. වැඩක් නැති උනත් පුරුද්දට facebook, Whatsapp වගේ දේවල් පරීක්ෂා කරනවා. 
සමහර වෙලාවට අපි විනාඩියකට කියල phone එක අතට ගත්තාම විනාඩි පැය වෙලා කාලය ඔහේ යනවා තේරෙන්නෙ නෑ. ඇත්තටම ඒව හදල තියෙන්නෙත් ඒ විදියටනෙ. උදේ ඇහැරුන වෙලේ ඉඳල කෙරෙන මේ වැඩේ නිසා අපේ උද්‍යෝගිමත් බව නිකම්ම පහල ගිහින් අපිව කම්මැලි වෙනවා. අපේ වැඩ ඔක්කොම අතපසු වෙනවා.
4. අධික ආතතිය. 
ඒ කියන්නෙ හැමවෙලේම මොකක් හරි හේතුවක් නිසා stress එකෙන් ඉන්න එක. එහෙම ඉන්න ගියාම ඒක පුරුද්දට යනවා. ඊටපස්සෙ ඔයාට කිසිමදේක සතුටු වෙන්න හේතුවක් හොයාගන්න බැරිව යනවා. එතකොට හේතුවක් නැතුවත් ඔයා ඉන්නෙ stress එකකින්. දුකෙන්. 😐
5. ප්‍රමාද වෙලා නින්දට ගිහින් ප්‍රමාද වෙලා අවදි වෙනවා. 
පරක්කු වෙලා අවදි වෙන කෙනෙක්ට සොබාදහමේ සුන්දරත්වය විඳින්න හුඟක් අතපසු වෙනවා. බලන්න පරිසරය පවා උදේට අවදි වෙනවා. ඉර එලිය වැටෙනවා. ගස්වල මල් පිපෙනවා.. පාන්දරින් අවදි වෙලා ඒ වෙලාව පරිසරයත් එක්ක විඳින්න පුළුවන් නම් දවස පාන්දරින් ආරම්භ කරන්න පුළුවන් නම් මුලු දවසම ඒ ප්‍රබෝධයෙන් ගත කරන්නට පුළුවන්.
6. ආහාර ගැනිමේ අක්‍රමවත් බව. 
කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක බොහෝ අය ආහාර ගන්න පුරුදු වෙලා ඉන්නෙ නිසි වෙලාවකට රටාවකට හෝ සෞඛ්‍ය සම්පන්න විදියට නෙවෙයි. උදේ තේ එක බොන්නෙත් එහෙට මෙහෙට දුවන අතරේ. නමුත් වෙලාවට නොගන්නා අසමබර දුර්වල ආහාර වේලක් නිසා ඔයාට වැඩ කරන්නට තියන දවසේ සම්පූර්ණ ශක්තිය අඩු වෙලා යනවා.
7. වැඩක් කරද්දී මොකක් ම හරි හේතුවක් හොයාගෙන ඒක කරන්න බෑ කියල නිතරම මැසිවිලි නඟනවා. 
මේක පුරුද්දකට ගියාම මොන දේ කරන්න ගියත් ඔයාට පේන්නෙ ඒක කරන්න බැරි වෙන්න හේතුවක්. "මේක නම් කරන්න බෑ, මේක නම් හරියන්නෙ නෑ අනේ" කියල මොකක් හරි පොටක් හොයාගන්නවා. ඉතිං සමහර වෙලාවට එහෙම අය නිසා වටේ ඉන්න අනිත් අයගෙ තියෙන උද්‍යෝගයත් අඩු වෙලා යනවා.🫠
8. දේවල් ගැන ඕනෑවට වඩා හිතනවා. එහෙම හිතමින් වද වෙනවා. හිතලම ස්ට්‍රෙස් වෙනවා. ඊටපස්සෙ ඔන්න දුකෙන් ඉන්නවා. දවසේ කිසිම දෙයක් කරගන්න ශක්තියක් නෑ එතකොට.
9. මේ මොහොතේ ජීවත් නොවීම. ඒ කියන්නෙ පහු කරපු අතීතයත් තාමත් උදා නොවුණු අනාගතයත් ගැන හිතමින් වද වෙනවා. ඉතින් මේ මොහොත විඳින්න තියෙන අවස්තාව අහිමි කරගන්නවා. 
10. නිතරම අනිත් අය සතුටු කරන්න උත්සාහ කරනවා. සමහර දේවල් වලට තමන් අකමැති උනත් අනිත් අය සතුටු කරන්න ඕනි නිසා, එයාල තරහ වෙයි කියන බය නිසා නිතරම ඔයාට uncomfortable දේවල් කරනවා. ඊටපස්සෙ අවුලෙන් ඉන්නවා.
නිකමට කල්පනා කරල බලන්න මේවයෙන් කීයක් ඔයාගෙ energy එක උදුරගන්නවද කියල.. 
Madhushika Udagedara 
   
උපුටා ගැනීම Happy Life facebook                                        
 
                                                                                                     
                                                                                                     
                                                                                                     
                                                                                                     
                                                                                                     
                                                                                                     
                                                                                                     
                                         
   
   
   
   
     
   
   
  