19/12/2025
මාවිල් ආරු බැම්ම බිඳගෙන ආ රුදුරු ජල පහරෙන් සේරුවිල ප්‍රදේශයේ පවුල් 1100න් කිසි කෙනෙකුට ජීවිත හානියක් සිදු නොවීම ආශ්චර්‍යයක් මෙන් විය.
ඒ සියලු සිංහල, දමිළ, මුස්ලිම් ගම්මානවල සිටි ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන් විශේෂිතම කාර්‍යභාරයක් කල සේරුවිල මංගල රජමහ විහාරාධිපති පූජ්‍ය අලුදෙනියේ සුබෝධි ස්වාමින් වහන්සේගේ අනෙක් අභියෝගය වූයේ, සුරක්ශා මධ්‍යස්ථානවල සිට තම නිවෙස්වලට ආපසු යන ඒ අසරණ පවුල්වලට සුව සේ නිදන්නට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ලබා දීමයි.
'හුස්මකට හයියක්' කන්ඩායම ස්වාමින් වහන්සේ සමඟ සම්බන්ධීකරණය සිදුවන්නේ මේ අතරතුරේදීය. එක පවුලකට ඩොලර් 50 ක පමණ වියදමකින්, සැපයුම්කරුවන් සමඟ කෙලින්ම සාකච්ඡා කොට ඉතාම අඩු මුදලකට විශාල මෙට්ටයක්, කොට්ට දෙකක් සහ ඇඳ ඇතිරිලි සහිත කට්ටලයක් ලබා දෙන්නට කටයුතු ලහි ලහියේ සකස් විය. ඒ සදහා හැකි ඉක්මනින් ඩොලර් 55 000 සොයා ගැණීමේ භාර්දුර කාර්‍යයය හුස්මකට හයියක් කන්ඩායම භාර ගත්තේය.
එය හුස්මකට හයියක් දෙවන ක්‍රියාන්විතය එනම් මාවිල් ආරු මානුශික මෙහෙයුම ලෙසින් දියත් වින. ඒ උදාරතර මෙහෙයුමට අරුතක් දෙන්නට එය 'පවුලකින් පවුලකට හයියක්' ලෙස නම් ලද්දේය.
අප සමඟ පෙර දින එක පවුරක් මෙන් හුස්මකට හයියක් ක්‍රියාන්විතය වෙනුවෙන් එක් වූ පාසල්/ විශ්වවිද්‍යාල සහ විද්‍යාර්ථවේදින්ගේ සංගම් සමඟ පලමු Zoom සාකච්ඡාව ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් දෙසැම්බර් 4 දා පැවැත්වුනි. අපට ඒ මොහොතේ සිට ලැබුනු සහයෝගය අතිමහත් විය.
දින තුනක් තුල මුල්ම ගම්මානයට සහන ලබා දීමට ස්වාමීන් වහන්සේ යෝජනා කරන ලද අතර එය එලෙසින්ම සිදු විය.
දින හයක් යන විට අප අපේක්ශිත ඉලක්කය කරා ලඟා වන්නට අපට හැකි විය. කලින් සූදානම් කර ගත් 'මචන් Nights' යෙදුනු දෙසැම්බර් 12 මධ්‍යම රාත්‍රිය වෙනතුරු අපගේ බැංකු ගිනුම සහ Trybooking හරහා ආධාර ලබා ගැනීම දිගටම විවෘතව තැබිණ.
මෙලෙසින් එක් වූ මුදල අද දිනය වන විට ඩොලර් 75,000 වෙත ලඟා විණ. එම අමතර ඩොලර් 20, 000 ක මුදල, සුබෝධි ස්වාමින් වහන්සේගේ අධීක්ශනය යටතේ එම අවතැන් වූ ජනතාවටම මුලු තැන්ගේ උපකරණ ලබා දීම වෙනුවෙන් වෙන් කිරීමට තීරණය විය.
ඒ සඳහා අදාල සියලු මූල්‍යමය කාරනා මේ මොහොතේ සම්පූර්ණ වන බැවින්, අද දිනයේ පවුලකින් පවුලකට හයියක් ක්‍රියාන්විතය නිල වශයෙන් අවසන් වේ.
මේ සම්බන්ධ සම්පූර්ණ විගනිත මූල්‍ය වාර්තාව නුදුරේම ඔබ අතට අප පත් කරන්නෙමු.
මේ වෙනුවෙන් වෙහෙස මහන්සිවූ අප සමඟ අත්වැල් බැඳගත් සියලු ආදි පාසල්, විශ්ව විද්‍යාල කන්ඩායම්, වෙලඳ සමාගම් සහ අපගේ මාධ්‍ය සහකරු වන AusNewsLanka අප මේ අවස්ථාවේ කෘතවේදීව සිහිකරන්නෙමු.
අපට මෙය, අප පුරෝකථනය කල කාල සීමාවටත් අඩු කලකින්, බලාපොරොත්තු වූ ඉලක්කයද ඉක්මවා යන ලෙසින් අති සාර්ථකව නිම කරන්න හැකියාව ලැබුනේ ඔබ අප කෙරෙහි තැබු අත්‍යන්ත විශ්වාසය සහ නිර්ලෝභී ආධාර නිසාය. මව්බිමේ අසරණ වු පවුල් 1100ක් නුදුරේම ඔබ නිසා සුවසේ නිදනවා පමණක් නොව, මුලුතැන්ගේ කටයුතු ද සිදු කර ගන්නවා ඇත.
ඔවුනට හයියක් වන්නට අපට හයියක් වූයේ ඔබයි.
එනිසා මේ සමාප්ති සටහනේ පිදුම අන් කිසිවෙකුට නොව, මානුශිකත්වයේ නාමයෙන් හදවත් තෙත් වී ඔවුනට පිලිසරණක් වන්නට ඉදිරියට ආ....
ඔබටමය...
WE ASKED FOR 55K
AND YOU GAVE US 75K !!!
What began as an urgent call for help became an overwhelming wave of love, trust, and humanity. Because of you, 1,100 flood-affected families in Seruwila will receive complete starter packs to help them rebuild their lives, and with the additional AUD 20,000, we have gone beyond our promise by providing essential kitchen utensil kits to families who had nothing left.
Having exceeded our target and completed all financial arrangements, we officially close this campaign today with hearts full of gratitude. Your generosity didn’t just meet a goal, it shattered it, changed lives, and restored hope.
Together, we made a real difference.
Together, we rekindled faith.
Together, we proved what humanity can achieve.