27/10/2021
"අර 'හුස්මකට හයියක්' කියලා ලොකු fundraiser campaign එකක් ගියා නේ ලංකාවට medical equipment ගන්න. ඒකෙ තාම සල්ලි එකතු කරනවද?"
"නෑ, එයාල ඒකෙ අන්තිම දවස් කිහිපය දැන් යන්නෙ.. මේ දවස්වල අන්තිම වෛද්‍ය උපකරන ටික ගන්නවලු"
" බර ගානක් එකතු වුනාලු නේද?"
"ඔව්, ඩොලර් වලින් ලක්ශ හතර පැනලා මාර සපෝට් එකක්නෙ මිනිස්සු දුන්නෙ... එයාලා වෛද්‍ය උපකරණ හදන කම්පැනි එක්ක කෙලින්ම කතා කරලා, ලංකාවට රුපියල් මිලියන් සීයකට එහා උපකරන අරන් දීලා. මෙහේ වෛද්‍ය කන්ඩායමක් ලංකාවේ වෛද්‍ය කන්ඩායම් එක්ක කතා කරලා, එහේ අනුමැතිය ඇතිව ගැලපෙනම උපකරණ තමයි අරන් දීලා තියෙන්නෙ. "
"ශුවර් එකට, දන්න යාලුවොන්ගෙ ඉස්පිරිතාල වලට දෙන්න ඇති ඔක්කොම බඩු ටික?"
"අපෝ නෑ. නාගරික සහ ග්‍රාමීය රෝහල් 97කට උදව් කරලා. වෙනම කන්ඩායමක් උදව් ඉල්ලපු හැම ඉස්පිරිතාලෙකටම කතා කරලා, හොයලා බලලා, පුලුවන් උපරිමෙන්ම කරලා තියෙනවා"
"මම ඔය launch එකට ගියා. ඒකෙ කිසිම දේශපාලකයෙක්ට, කන්ඩායමකට කඩේ යන්නෙ නැතුව, කෙලින්ම ඉස්පිරිතාලවලට උදව් කරනවා කියලා ටිකක් ලොකු කතා ටිකක් කිව්වා. ඕවා කරන්න පුලුවන් වැඩ ද අප්පා. අන්තිමෙ බඩු ටික මොකෙක් හරි නම් ගහගෙන බෙදන්න ඇති එහේ!"
" ඔයා එයාලගෙ page එක බලලා නෑ ඒ කියන්නෙ. ඒකෙ එයාල මේ යන හැම උපකරනයක්ම රෝහල් කාර්‍ය මන්ඩලයට බාර දීලා, ඒවයෙ routine maintenance සහ trainings හැම දේම සංවිදානය කරලා තියෙනවා., ඒ උපකරනවල විස්තර ලංකාවෙ Bio Medical Engineering Division එකේ inventory එකටත් ඇතුල් කරලා තියෙන්නෙ. උපකරන ගත්තු බවට වෙනම කන්ඩායමක් වෙනම audit කරලා සටහන් කරගෙන තියෙනවා.. හැබැයි ඔයා කිව්වා වගෙ නම නම් ගහගෙන තියෙනවා හැම උපකරනෙම. කාගෙවත් තනි නමක් නෙවේ හොඳේ!.. 'හුස්මකට හයියක්" කියන නම 🙂 "
"හරි එහෙම එයාලනෙ කියන්නෙ. ඕවයි ඔච්චර සල්ලියක් එකතු වෙද්දි, ඒවා කොහොම වියදම් වුනාද, මොන ඉස්පිරිතාලවලටද ගියේ කියලා එක තැනක විස්තරයක් නෑනෙ! අපි කවුරුවත් එයාලගෙ fundraiser page එකට ගිහින් හැම post එකක්ම බලන්න යන්නෙ නෑනෙ. කාටද වෙලාව තියෙන්නෙ ඕවට? "
"ඒක සාධරණ ප්‍රශ්නයක්. ඒ නිසාම, එයාලා සියලුම වියදම් qualified independent auditor කෙනෙක් හරහා ස්වාධීන විගණනයකට යටත් කරලා, සම්පූර්ණ Project Report එකක් විදියට ලබන ඉරිදා Public Forum එකකදී එලි දක්වනවා. මේ වෙනුවෙන් භාවිතා වුන ක්‍රමවේද, මුහුන දුන්න අභියෝග සහ විශේෂයෙන්ම ඒ අයගේ මැදිහත්වීමෙන් කෙලින්ම ලංකාව වෙනුවෙන්ම නිශ්පාදනය කරලා අපනයන කරපු BMC Hybrid Ventilator system ගැන විස්තර එහෙම එතනදි ඉදිරිපත් කරනවලු.
එයාල කියන්නෙ එයාල පොඩියට පටන් ගත්තු දෙයක් මේ තරම් විශාල රැල්ලක් කරේ එයාලා ගැන විශ්වාසය තියපු ඔයාලා අපි වගේ අය නිසා, විනිවිදභාවයේ නාමයෙන් මේ දේවල් සියල්ල ජනගත හරන එක එයාලගෙ වගකීම කියලා"
"පිස්සු හැදෙනවනෙ. අපිටත් එන්න පුලුවන්ද ඒකට?. ඔය ලෙවල් එකේ transparency එකක් දැක්කමයි."
" ඔව්, ඒක සජීව Zoom මීටින් එකක්,. මේ තියෙන්නෙ විස්තර. එදාට මේරියන්ස් එකේ නලින් පෙරේරා, මෙල්බර්න් වල සමන් කුලරත්න ඔය හුස්මකට හයියක් Whatsapp thread එකකට ලියපු කවි පෙලක් දැකලා, inspire වෙලා හදපු සින්දුවකුත් premiere කරනවා.. ඒ වගේ ලොකු දැනෙන වැඩක් අවසන් කරද්දි, සින්දුවකුත් එකතු වුනාම ඒක තවත් හැඩ වෙනවා, නැද්ද?"
"අනිවාර්‍යෙන්ම. එහෙනම් එදාට සෙට් වෙමු. 'හුස්මකට හයියක්' එහෙනම් වැඩේ හොඳටම කරලා තියෙනවා 🙂 "
"ඒක නෙ. අනේ මේ සත්කාරෙට උදව් කරපු දන්න දන්න අයටත් විස්තරේ කියන්න. හැමෝටම ඕන වුනේ ලංකාවෙ හුස්මක් ගන්න පොර බදින මිනිස්සුන්ට හයියක් වෙන්නනෙ. ඒ වෙනුවෙන් එක මිනිස් පවුරක් වගේ එකට හිට ගත්තු ඒ හැම කෙනෙක්ම එදාට තමන්ගේ මුදල්වලින් කෙරුනු සත්කාරෙ දකින්නම ඕනෙ. මේ වැඩේ දියත් වුන දවසෙ ලංකාවෙ ඉඳලා කතා කරපු ඩොක්ටර් කෙනෙක්ට ඇඬුනා උදව් ඉල්ලද්දි. දැන් මේ වැඩේ අවසන් කරද්දි, අපි දන්න ඉතිහාසය තුල කෙටි කලක් ඇතුලත, මෙල්බර්න් කේන්ද්‍ර කරගෙන වුන ලොකුම මානුෂික මෙහෙවර දිහා බලලා, ඒ උදව් කරපු හැමෝමටම සතුටු කඳුලු හෙලන්න පුලුවන්.."
'විහිදා තටු නව පණකින්
සුවහසක් හුස්ම සලනා හෙටට
සවියක් වු ඔබ සැමට
හිස නමා පුදමු ආචාර!'
ඔබත් එන්න මේ ඉරිදා, හුස්මකට හයියක් සමාප්ති සාදයට! ❤
Join Zoom Meeting
https://us02web.zoom.us/j/83193312966...
Meeting ID: 831 9331 2966
Passcode: 406000