03/03/2026
මහණෙනි, මම පළමුවෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයය කියමි.
මහණෙනි, මම දෙවෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයය (වේයයි) කියමි.
මහණෙනි, මම තුන්වෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි.
මහණෙනි, මම සතරවෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම ආකාසානඤ්වායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම විඤ්ඤාණඤ්වායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම ආකිඤ්චඤ්ඤායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම වෙසඤ්ඤානාසඤ්ඤායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි.
..............
’’මහණෙනි, මම විඤ්ඤාණඤ්චායතනය නිසා (ඇසුරුකොට) ආශ්‍රවයන්ගේ (ක්ලේශයන්ගේ) ක්‍ෂයය වේය යයි කියමි. මෙසේ වනාහි මෙය වදාරණ ලදී. මෙය කුමක් පිණිස වදාරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම, කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, හෙතෙම එහි වෙදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි. පඤ්චොරම්භාගීය සංයෝජනයන්ගේ ක්‍ෂයවීමෙන් ඒ ලොකයෙන් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ, ඕපපාතිකවූයේ, තත්‍ථපරිනිබ්බායීවූයේ (එහිදී පිරිනිවන්පානසුළුවූයේ), වෙයි. මහණෙනි, පළමුවෙනි ධ්‍යානය නිසා මම ආකිඤ්චඤ්ඤායතනය ඇසුරුකොට ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමියි මෙසේ ඒ යමක් කියන ලද්දේද, මෙය මේ පිණිස වදාරණ ලදී. මහණෙනි, මෙසේ වනාහි යම්තාක් සංඥා සමාපත්තිය වේද, ඒ තාක් අර්හත්‍ව ප්‍රතිවේධය වේ.
අඞ්ගුත්තරනිකායො > නවක නිපාතය > 1. පළමු වෙනි පණ්ණාසකය > 4. මහා වර්‍ගය > 9.36. ඣානනිස්සයන සූත්‍රය.
https://suttacentral.net/an9.36/si/zoysa?lang=en&reference=none&highlight=false