Lankans in Kuwait

Lankans in Kuwait Lankans in Kuwait

08/03/2022

කුවෙට් එන්න ඉන්නවා අම්මෙකුයි දුවෙකුයි අම්මට බේත් විදල දුව වයස අවුරුදු 7 PCR කරන්න ඔනෙද?

Yohani ඩුබායි වල පවා කතාවෙන මාතෘකාවක් උනා...❤️ කුවෙට් නිවුස් වලටත් ලගදිම එයි 🤗🤗ඇත්තටම පට්ට ආඩම්බරයි අපේ කෙල්ලෙක් ආපු දුර...
25/09/2021

Yohani ඩුබායි වල පවා කතාවෙන මාතෘකාවක් උනා...❤️ කුවෙට් නිවුස් වලටත් ලගදිම එයි 🤗🤗
ඇත්තටම පට්ට ආඩම්බරයි අපේ කෙල්ලෙක් ආපු දුර ගැන .. 🇱🇰

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා (Sheikh Sabah Al – Hamad Al- Sa...
21/09/2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා (Sheikh Sabah Al – Hamad Al- Sabah මැතිතුමා අතර හමුවක් 19 දින පෙරවරුවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදු කෙරිණ.

දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.

කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිතුමා වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය.

වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිතුමා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය.

ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථා බහට ලක් විය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்களுக்கும் குவைட் நாட்டின் பிரதமர் ஷெய்க் சபா அல் – ஹமாட் அல் – சபா (Sheikh Sabah Al – Hamad Al- Sabah) அவர்களுக்கும் இடையிலான சந்திப்பொன்று, 19ஆம் திகதி முற்பகல், நியூயோர்க் மன்ஹாட்டன் இல் இடம்பெற்றது.

இரு நாடுகளுக்கும் இடையிலான ஐம்பது வருடகால நெருங்கிய தொடர்புகள், நட்புறவுடன் கூடிய இராஜதந்திர உறவுகள் பற்றி நினைவூட்டிக்கொண்ட இரு தலைவர்களும், இந்தத் தொடர்புகளை மேலும் வலுப்படுத்த வேண்டுமென்று வலியுறுத்திக்கொண்டனர்.

இலங்கையர்கள் பலர் குவைட்டில் பணியாற்றுவதாகச் சுட்டிக்காட்டிய ஜனாதிபதி அவர்கள், பயிற்சிபெற்ற தொழிற்படையினருக்கு, மேலும் பல வாய்ப்புகளைத் திறந்துவிடுமாறு கோரிக்கை விடுத்தார்.

கொவிட் தொற்றுப்பரவல் கட்டுப்பாடு மற்றும் நாட்டுக்குள் முன்னெடுக்கப்பட்டு வரும் தடுப்பூசி ஏற்றல் வேலைத்திட்டங்கள் தொடர்பில் எடுத்துரைத்த ஜனாதிபதி அவர்கள், தொற்றுப்பரவல் நீங்கி உலகம் திறக்கப்படும் போது, இரு தரப்புகளுக்கிடையிலான தொடர்புகளைப் பலப்படுத்திக்கொள்ள உள்ள வாய்ப்புகள் குறித்து எடுத்துரைத்தார்.

துறைமுக நகரம், சூரிய மற்றும் காற்றாலை மின்னுற்பத்தி மற்றும் எண்ணெய் சுத்திகரிப்பு போன்ற துறைகளில், குவேட் அரசாங்கத்தால் மேற்கொள்ளக்கூடிய முதலீட்டு வாய்ப்புகள் தொடர்பிலும், குவேட் பிரதமருக்கு ஜனாதிபதி அவர்கள் எடுத்துரைத்தார்.

உணவுப் பாதுகாப்பு, கல்வி, தகவல் தொழில்நுட்பம் மற்றும் சைபர் பாதுகாப்பு தொடர்பிலும், இரு தலைவர்களும் கலந்துரையாடினர்.

வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜீ.எல்.பீரிஸ், ஜனாதிபதியின் தலைமை ஆலோசகர் லலித் வீரதுங்க, வெளிநாட்டு அமைச்சின் செயலாளர் அட்மிரல் பேராசிரியர் ஜயநாத் கொழம்பகே ஆகியோரும், இந்தக் கலந்துரையாடலில் கலந்துகொண்டிருந்தனர்.

කණගාටුවෙන් පිටවයන , සතුටෙන් පැමිනෙන කටුනායක ගුවන්තොට
21/09/2021

කණගාටුවෙන් පිටවයන , සතුටෙන් පැමිනෙන කටුනායක ගුවන්තොට

Fridge එකක් විකිනීමට තිබේ 😀
18/09/2021

Fridge එකක් විකිනීමට තිබේ 😀

31/08/2021
විදෙස් රටවලට යෑම සදහා කොවිඩ් එන්නත්කරණ ස්මාර්ට් සහතිකය ශ්‍රී ලාංකිකයන්ට ලබා ගත හැකි බව අමාත්‍ය නාමල් රාඡපක්ෂ පවසනවා.
26/08/2021

විදෙස් රටවලට යෑම සදහා කොවිඩ් එන්නත්කරණ ස්මාර්ට් සහතිකය ශ්‍රී ලාංකිකයන්ට ලබා ගත හැකි බව අමාත්‍ය නාමල් රාඡපක්ෂ පවසනවා.

කෘතහස්ත දේශපාලඥයකු වු හිටපු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමණි ඔබට නිවන් සුව..! කුවේටයේ වෙසෙන ශ්‍රී ලංකික ඡනතාව.
24/08/2021

කෘතහස්ත දේශපාලඥයකු වු හිටපු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමණි ඔබට නිවන් සුව..! කුවේටයේ වෙසෙන ශ්‍රී ලංකික ඡනතාව.

04/08/2021

පුංචි අත් පොතකට ගහන්න පුළුවන් ආකාරයට wannakumethod ලිවුවා. අළුතින් එන අයට ප්‍රයොජනවත් වෙයි.

ඒ වගේම දියවැඩියාවෙන් හෝ හෘදරෝග වලින් මිය ගිය ඔබේ නෑදෑ හිත මිතුරන් වෙනුවෙන් මේ පොත් පිංච මුද්‍රණය කර බෙදා හරින්න පුළුවන්.

August - 2021

ආහාර ගන්නා ආකාරයේ සුළු වෙනසක් කිරීමෙන් පමණයක් දියවැඩියාව සනීප කරන්න පුළුවන් හැමදාම බෙහෙත් බොන්න ඔින වෙන්නේ නෑ. අඩුවෙන් කන්න ඔිනත් නෑ. බඩ පිරෙන්න කන්නත් පුළුවන්. කන ආහාර වර්ග සහ ආහාර ගන්න වෙලාව පොඩ්ඩක් වෙනස් කලාම ඇති.
ඒ කොහොමද ?

- July 2021
මේ ලිපිය දියවැඩියාව වලක්වා ගන්නට හෝ සමනය කරන්නට උපකාරී වන කරුණු කාරණා කිහිපයක් පියවරෙන් පියවර පිළිපදින්නට පහසු ආකාරයට සකසා සිංහල පාඨකයාට ඉදිරිපත් කරන්නට දරන උත්සාහයකි. බඩ ගින්නේ ඉනනේ නැතිව, ලංකාවේ ඇති සුලභ සහ ලාභ ආහාර වර්ග පදනම් කරගෙන දියවැඩියාවෙන් මිදෙන ආකාරය පෙන්වාදීම මෙහි අරමුණයි.

දියවැඩියාව යනු කුමක්ද ?
දියවැඩියාව යනු රුධිිරයේ සීනි ඉහල මට්ටමකට පත්වූ අවස්ථාවකි. සීනි බවට පත්වන්නේ අප ආහාරයට ගන්න කාබෝහයිඩ්‍රේට නැතහොත් පිෂ්ඨය සහිත ආහාරයි. සීනි මට්ටම ඉහල යන්නේ අප උවමනාවට වඩා පිෂ්ඨය සහිත ආහාර ගන්නා නිසාවෙනි.

ඇත්තෙන්ම අපේ සිරුරට පිෂ්ඨය බිඳක්වත් බාහිරින් ගන්නට අවශ්‍ය නැති බව ඇමරිකානු දියවැඩියා සංගමය ADA පවසයි. එනමි දියවැඩියාව යනු පිෂ්ඨය සහිත ආහාර සිරුරට විෂ සහිත මටිටමට ගැනීීම නිසා ඇතිවන තත්වයකි.

පිෂ්ඨය හෝ කාබෝහයිඩ්‍රෙිට සරුරට විස සහිත මටිටමට ගැනීම නැවැත්වූ විගසම දියවැඩියාව සමනය වෙයි.

නමුත් එය සිතන තරම් පහසු නැත. ඇයි ? මන්ද යත් ඔබ වටා ඇත්තේ මෙම විස සහිත ආහාර පිරුණු පරිසරයක් වීමයි. ක්‍රමාණුකූලව ඔබට එම විස සහිත් ජීවන රටාවෙන් මිදෙන ආකාරය පහදා දීම මෙම ලියවිල්ලේ අරමුණයි.


පියවර 1

# "චුට්ටක් කන්න එපා" "ඇති තරම් කන්න" . ප්‍රධාන ආහාර වේල් පමනක් ගන්න. කැලරි ගනන් කරන්න එපා.. නමුත්, අතරින් පතර - අනං මනං - චුට්ට චුට්ට - තිබුන පලියට - දැක්ක පලියට - කන්න එපා.

# උදෑසන ආහාර වේල ගන්නා තුරු වතුර පමණක් බොන්න. උදේම අවදි වූ විගස තේ බොන්න එපා. බිස්කට් කන්න ඒපා. උදෑසන ආහාර වේල හැකි තරම් පමා වී ගන්න.

# සෑම ආහාර වේලකටම පැය බාගයකට පලමුව වතුර වීදුරුවක් හෝ දෙකක් බොන්න. ආහාර ගෙන අහවරවී පැය බාගයක් යනතුරු වතුර බොන්න එපා.
# රාත්‍රී 10 ට පෙර නිදා ගන්න. රාත්‍රී අවම පැය හතක්වත් නිදා ගන්න. උදෑසන පහට පෙර අවදි වන්න එපා. ප්‍රමාද වී නිදා ගැනීම පමණක්, සහ ඇති පමණ නින්දක් නොලැබීම පමණක් වුවත් දියවැඩියාව වැළඳීමට ප්‍රමානවත්ය.

පියවර 2

මෙම පියවර තුලදී කරන්නේ ආහාර ගන්නා වේලාව දවසේ යම් කාලයකට සීමා කිරීම සහ ඉතිරි කාලය උපවාසයෙන් පසු වීමයි. මුලදී කියවන විට "බුදු අම්මෝ මේක කරන්න පුළුවන්ද? "කියලා හිතුනත් මිනිස් සිරුර උපවාසය කරන්න ඉතා හොඳින් හැඩගැසී තිබෙනවා.. එහෙම නැතිනම් මෙතරම් කලක් දුර්භික්ශ, නියං කාල සහ අසීරු කාලයන් තරණය කරන්නේ නැතිව ඩයිනෝසරයන් මෙන් මිනිසාද වඳවී යනවා නිසැකයි. ලෝකයේ දිගම උපවාසයට හිමි ලෝක වාර්තාව දරන්නා දින 382 ක් වතුර පමණක් පානය කරමින් සිට තිබේ. ඉතින් පැය 14 - 16 උපවාසයෙන් පසුවීම මහ ලොකු කජ්ජක් නොවේ.

වැදගත්ම පළමු පියවර නම් රාත්‍රී ආහාරය සවස 7.00 ට පෙර ගැනීමයි..

පියවර 2a. - 14/10 –

පළමු මාසය පැය දහයක් ඇතුලත ආහාර වේල් තුනක් පමණක් ගන්න.. ඉතිරි කාලය උපවාසයෙන් පසු වන්න.
අතර මැද අමතර ආහාර ලෙස අනං මනං කන්න එපා..

ආහාර ගන්න වෙලාව සහ දිනචරියාව පහත ආකාරයට වෙනස කර ගන්න.

උදේ පහට පෙර අවදි වන්න එපා. අවදිවූ විගස හිස් බඩ ලොකු ඇල් වතුර වීදුරුවක් හෝ දෙකක් බොන්න. උදේ ආහාරයට පෙර වතුර පමණක් බොනවා නම් වඩා හොඳයි.
නමුත් උනුවෙන් යමක්පමණක් බොන්නට අවශ්‍ය නම් තේ කහට, බෙලිමල් වතුර, කෝපි, කොත්තමල්ලි, රණවරා වැනි පානයන් සුදුසුය.
නමුත් සීනි, හකුරු, රට ඉඳි, මී පැණි, පැණි සහ කිරි එකතු කර ගන්න එපා. බිස්කට්, කිරි සහ කොළ කැඳ එපා.
උදේ ආහාරය උදේ නමය පසුවී කන්න. එනම් උදේ 9 - 10 අතර කන්න. උදේ ආහාරයට පෙර බිස්කට්, කිරිතේ, කොළ කැඳ ආදිය කන්න බොන්න එපා.
දවල් ආහාරය වනතුරු නැවත කිසිවක් කන්න එපා. දවල් ආහාරය දවල් 1 - 2 අතර කන්න.
නැවත රාත්‍රී ආහාරය වන තුරු කිසිවක් කන්න එපා.

රෑට පුළුවන් තරම් වෙලාසන ආහාර ගන්න. රාත්‍රී හතට පෙර රෑට කන්න. එනම් හත වන විට ආහාර ගෙන අවසන් වී තීබිය යුතුය. රාත්‍රී ආහාරය සවහ 6 - 7 අතරගන්න.
සවස 7 සිට පහුවදා උදේ 9 ට ආහාර ගන්නා තුරු වතුර පමනක් බොන්න.
මේ අතර තුර කාලයේදී වතුර වලට අමතරව යමක් බොන්න අවශ්‍ය ම නම් පමණක් තේ කහට, බෙලිමල් වතුර, කෝපි, කොත්තමල්ලි, රණවරා වැනි පානයන් ගන්න. . නමුත් සීනි, හකුරු, රට ඉඳි, මී පැණි, පැණි සහ කිරි එකතු කර ගන්න එපා.
කෙසේ වුවත් වඩා ඵලදායක ක්‍රමය නම් උපවාස කාලය අතර තුර ජලය පමණක් පානය කිරීමයි.

ආහාර පිඟාන බෙදා ගන්නා විට. පිගානෙන් 1/5 ක් පිශ්ඨය 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න. ආහාර පිඟාන බෙදා ගන්න ආකාරය පිළිබඳව පසුවට විස්තර කරනු ඇති. මේ පියවර අනිවාර්යයෙන් මාසයක් කරන්න.

පියවර 2b . - 16/8 –

2a පියවර මාසයක් පමන පුහුනුවීමෙන් අනතුරුව 2b පියවරට යන්න.

මෙම පියවරේ බලාපොරොත්තුව දවසේ ආහාර ගන්නා වෙලාව පැය අටකට සීමා කිරීමයි. ඉතිරි පැය දාසය කිසිදු ආහාරයක් ගන්නේ නැති නිසා සිරුරේ සීනි මට්ටම පහල ගොස් දියවැඩියාවට බෙහෙත් ගැනීම අවශ්‍ය නොවන මට්ටමට පැමිනේ. එසේම සිරුරේ නොයෙකුත් රෝග ඇති කරන්නට මුල් වන අතන මෙතන තැන්පත්ව ඇති මේදය; උපවාසයෙන් සිටිනා කාලය ඇතුලත සිරුරට අවශ්‍ය ශක්තිය ලබාගන්නට දහනය කර අවසන් කරයි. එවිට අනෙකුත් රෝග ගනනාවක් ඉබේම සුව වේ.

පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමනක් ගන්න. ඉතිරි පැය 16 වතුර පමනක් බොන්න උදේ ආහාර වේල මගාරින්න.
පලමු ආහාර වේල 11-12 අතර ගන්න. රාත්‍රී ආහාර වේල 6 - 7 අතර ගන්න.

එහෙම නැතිනම් රාත්‍රී ආහාර වේල මගාරින්නත් පුලුවන්. පලමු ආහාර වේල 8-9 අතර අරගෙන දෙවන් ආහාර වේල 2-4 අතර ගන්න උනත් පුලුවන්.... පිගානෙන් 1/5 ක් පිශ්ඨය 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න.

ඔබේ රැකියාව සහ ජීවන රටාවට ගැලපෙන ආකාරයට ආහාර ගන්නා වේලාව සකස් කර ගන්න.

මෙහි ඇති වැදගත් කම නම් ඔබ දවසින් පැය දහසයක් නිරාහාරව (උපවාසයෙන්) ගත කිරීමයි. උපවාස කාලය තුල වතුර පමණක් බොන්න. මේ කාලය තුල ඔබේ සිරුරට ඉන්සියුලින් ප්‍රතිරෝධය සමනය කර ගන්නට සහ ඔබේ සිරුරේ කාලයක් තිස්සේ ගොඩ ගැහෙමින් තිබූ වැඩිපුර මේදය ඇතුළු නොයෙකුත් අපද්‍රව්‍ය ශක්තිය බවට හරවා දහනය කර දමන්නට සිරුරට නිදහස ලැබෙනවා.

16/8 ආරම්භ කල විගසම ඔබේ දියවැඩියාව තත්වය වේගයෙන් සමනය වන්නට පටන් ගන්නවා. ඉක්මනින්ම ඖෂධීය ප්‍රතිකාර නැතිවම රුධිරයේ සීනි මට්ටම පාලනය වනවා. නිරතුරුවම රුධිර සීනි මට්ටම පරීක්ෂා කරන්නත් ඔබේ වෛද්‍ය වරයා සමග නිතර සාකච්ඡා කිරීමත් මෙම කාලයේදී ඉතා වැදගත් වෙනවා.

උපවාසයට හුරු වන්න ප්‍රායෝගිකව ලෙහෙසි ක්‍රමය නම් උදෑසන ආහාරය කෙමෙන් ප්‍රමාද කිරීමයි. එනම් මුලදී සතියකට පැය භාගය බැගින් උදෑසන ආහරය පමා කරමින් ගොස් දිවා ආහාරය දක්වා කල් දමන්න...

මමත් අපේ බොහෝ දෙනෙකුත් අනුගමනය කරන ක්‍රමය මෙයයි. දවල් දොලහට පෙර කිසිම ආහාරයක් නොගනිමි ලෙස අදිටන් කර ගන්නේ නම් උපවාසය ඉතා පහසු කරුණකි.

සාමාන්‍යයෙන් පාතරාසය ( උදේ ආහාරය )අපි තනිවම ගන්නා ආහර වේලකි. උපන්දින සාද මගුල් ගෙවල් ප්‍රිය සම්භාශන සියල්ල යෙදෙන්නේ දිවා ආහාරය සහ රාත්‍රී ආහරය මුල් කරගෙනය...බොහෝ විට නිවසේ සියලු දෙනා එකට ආහාර ගන්නේත් මෙම ආහාර වේල් දෙකයි.

ඉතින් රාත්‍රී ආහාරය අතහරින්නට ලෙහෙසි නැත. නමුත් උදේ ආහාරය කවුරුවත් ඔබත් සමග කන්නට එන්නේ නැත.

පාසල් ගුරුවරුනට නම් උපවාසය ඉතා පහසු කරුණකි. පාසැලේ දිවා විවේකය වේලාව වන තෙක් නිරාහාරව සිට 10.30 ට පලමු ආහාර වේල ගත් විට සහ දෙවන ආහාර වේල සවස්වී ගත් විට උපවාසය ඉතා පහසු වේ.


පියවර 3

ආහාර පිඟාන බෙදා ගන්නේ කෙසේද ?.

# පිගානෙන් 1/5 ක් පිශ්ඨය, 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න. ආහාර ප්‍රමානයට වඩා ආහාර අතර අනුපාතය වැදගත් බව සලකන්න. 1; 1; 3. ඔබට කන්නට පුළුවන් නම් බත් බාල්දියක් වුවත් කන්න. නමුත් ඒ් සමග කොළ ඒලවළු බාල්දියකුත් මස් හෝ ඊට සමාන දේ බාල්දි තුනකුත් බැගින් කන්න.

# පිඟානෙන් 1/5 පමණක් පිෂ්ඨය සහිත ආහාර ගන්න.
( පිෂ්ඨය අඩංගු ආහාර පිඟානෙන් පහෙන් පංගුවකට පමණක් සීමා කරන්න)

එම කොටසට හැකි සෑම විටම කඩල, කවුපි, මුන් ඇට,තම්බපු හාලේ බත් සහ පොලොස් කන්න.
බත්. කොස් දෙල් දේශීය අල වර්ග බතල මයියොක්කා කුරක්කන්, කැරට්, බීට්, වට්ටක්කා සහ අළුකෙසෙල් වැනි එලවළු වර්ගත් අයත් වනනේත් පිඟානේ මේ කොටහටමයි.
පැණිරස පළතුරු කන්නම ඒපා. එනමි ; අඹ අන්නාසි ගස්ලබු කෙසෙල් කොමඩු මිදි , වැනි පළතුරු.. මේ පළතුරු වලින් සෑදූ (ෆෘට් ජූස්) පළතුරු බීම වර්ග සීනි නොදා වත් බොන්න එපා. මෙම පළතුරු වල ඇති අධික සීනි සහිත ස්වභාවය නිසා ඉන්සියුලින් ප්‍රතිරෝධය ඉහල නංවයි.

# මතක තබා ගත යුතු වැදගත් කරුණ නම්
පිෂ්ඨය සහිත ආහාර නිසා තමයි දියවැඩියාවේ සීනි හැදෙන්නේ

# පිඟානෙන් 1/5 පමණක් පිශ්ඨය රහිත එලවලු වර්ග කන්න.එ එනම් පිඟානෙන් තවත් පහෙන් පංගුවක් කොළ පාට එළවළු පළතුරු බෙදා ගන්න.. පලා වර්ග, මැල්ලුම් වර්ග,. කොල පැහැති එලවලු වර්ග එනම් ; කරවිල, තිබ්බොටු, බණඩක්කා, බෝංචි, මෑකරල්, පතෝල, වැටකොළු සහ තවත් ඒවැනි ඒලවළු වර්ග. කොළ පැහැති නොවන පිෂ්ඨය රහිත ඒලවළු; තක්කාලි, ගෝවා, කැකිරි පිපිඤා.කරවිල, තුඹ කරවිල, තිබ්බටු, අඹරැල්ල, වෙරලු,නංනං,පේර,ලොවි,උගුරැස්ස ,දිවුල්,බෙලි ආදිය මෙම කොටහට අයත් වෙනවා.එසේම කොළ කැඳ වර්ග අයත් වනනෙත් මේ කොටසට මයි. කොළ කැඳ සාදන විට පොල් කිරි වැඩියෙන් සහ බත් අඩුවෙන් යොදා ගන්න.

# ඉතිරි පිඟානෙන් 3/5 ක් මේදය සහ ප්‍රෝටීන ගන්න. එනම් පිඟානෙන් පහෙන් තුන් කොටහක් පහත ආහාර බෙදා ගන්න.
පොල් සම්බෝල ගොඩාක්, එක දවසකට කහ මදය සමග බිත්තර හතරක් ( 4 )කන්න, මාලු, මස්, මී කිරි, අලිගැටපේර, හතු, ටෝෆු, බටර්, පොල්තෙල්, එලගි තෙල්.කජු, රටකජු ,කොට්ටම්බා මද, පිඟානෙන් බාගයකට වඩා මෙම ආහාර අඩංගු විය යුතුය. මෙම කාණඩයේ ආහාර නිසා දියවැඩියාව සනීප වෙනවා.

# තෙල් සඳහා හොඳ පිරිසිදු පොල්තෙල් සහ බටර් හොදා ගන්න. මෙම වර්ග දෙක අඩුවෙන් පාවිච්චි කල යුතු නැත. ඔබට ඇති තරම් කන්න පුළුවන්.

# ලුනු අඩුවෙන් පාවිච්චි කල යුතු නැත.

# චුට්ටක් කන්න එපා. අඩුවෙන් කන්න ඒපා. කන වෙලාවට ඇති වෙන්න බඩ පිරෙන්න කන්න.නමුත් අතරින් පතර, අනං මනං, චුට්ට චුට්ට, කන්න එපා
# අඩු කරනවානම් අඩු කල යුත්තේ පිෂ්ඨය සහිත ආහාරයි අනිත් ආහාර වර්ග වැඩි කරන්න.

තෙල් වලට බය වෙන්න එපා. තෙල් සහිත ආහාර නිසා රුධරයේ කොලෙස්ටරෝල් වැඩිවී ඉන් හෘද රෝග වැලඳෙන බව යල් පැන ගිය ඔප්පු නොකල මතයකි.

අදහස තමා පුලුවන් තරම් තෙල් සහ ප්‍රෝටීන් ආහාරයට එක්කර ගැනීම. ඔය දෙකම ස්වභාවයේ එකට තියෙන හොදම ආහාරය තමා මස් සහ මාලු.
මස් වර්ග වලින් මේදය අධිකව පවතින රතු මස් වර්ග (හරක් මස් සහ ඌරු මස්) වඩා ගුණයි. යම් හේතුවක් නිසා ඔබ මේ මස් වර්ග ආහාරයට ගන්නට අකමැති නම් සුදු මස් වරග ( කුකුලු මස් )වල අවශ්‍ය පමණට මේදය අඩංගු නොවන නිසා ඒ් සමග නොවරදවා පොල් සම්බෝල හෝ බටර් ආහාරයට ඒක් කර ගන්න.

අපේ රටේ බහුලව ඇති පොල් සහ පොල් තෙල් වල සිරුරට අවශ්‍ය මේදය මස් මාළු වලටත් වඩා හොඳින් තිබෙනවා.මී කිරි සහ අලිගැට පේරත් අපට අමතක වූ නමුත් ඉතාමත් ඉහල පෝෂණ ගුණයක් සහිත ආහාර වර්ගයි.දිනපතා උදේ ආහාරයට ලොකු පොල් සම්බෝලයක් අණිවාර්යයෙන් එකතු කර ගන්න.
ලොකු පොල් සම්බෝලයක්, මුං ඇට පොඩ්ඩක්,ලොකු මැල්ලුමක්,බිත්තර දෙකක් සහිත ආහාර පිගානක් කියන්නේ දියවැඩියාවට අඩු වියදම් දිව ඔසුවකි.අප නිර්දේශ කරන ආහාර පිඟාන බත් අඩු, කොළ එළවළු අඩු, ලොකුම ලොකු පොල්සම්බෝලයක් හෝ පොල් ගොඩාක් වරදින්නේ නැති, බිත්තර දිනපතා හතරක්වත් කන, මස් මාළු බහුල, මී කිරි බත් වගේ කන ආහාර වේලකි. ඔබ කැමති නම් ඒක වේලකට මීකිරි හට්ටියක් පමණක් කෑවත් කමක් නැත. හැබැයි සීනි, පැණි, හකුරු හෝ පැණිරස සමග මීකිරි කන්න එපා.


පියවර 4

සිරුරට විස සහිත "තහනම් ආහාර" කන්නම එපා.
එනම් සීනි, පාන්පිටි, කිරි, එළවළු තෙල් සහ පැකට් කරන ලද ආහාර. ඒවා පහතින් සවිස්තරාත්මකව දක්වා ඇත.

තහනම් ආහාර නම් - සීනි, පැනි රස, සහ මේවා යොදා සකස් කරන ලද ආහාර, පැණිරස ආහාර වර්ග - හකුරු, පැණි, කිතුල් පිටි. රට ඉඳි, යොදය රහිත කිරි වර්ග, කෘත්‍රිම රස කාරක, කැලරි රහිත ආහාර සහ පානයන් වර්ග, සීනි රහිත ආහාර වර්ග (sugar free products, fat free products. calorie free products.) කොකා කෝලා, පෙප්සි කෝලා, පැණි බීම වර්ග, පැකට් කලල බීම වර්ග, චොකලට් බීම සහ පැකට් කල කිරි වර්ග,

පාන්පිටි හාල්පිටි සහ පිටි වර්ග යොදා සාදන ආහාර වර්ග. ඉඳි ආප්ප රොටී පිට්ටු පාන් රෝස් පාන් වන්ඩු තෝසේ වඩේ කේක් ආප්ප බිත්තර ආප්ප මාළුපාන් හැලප පෑන් කේක් කැවුම් කේක් කොකිස් ආසමීී දොදොල් අයිස් ක්‍රීම් වටලප්පම් චූන් පාන් සහ ඒ වගේ දේවල් කන්න එපා.
පරිප්පු. පපඩම් අල සෝයා මීට්.

කිරි වර්ග එනම් නෙස්ටොමෝල්ට්, වීවා, මයිලෝ, ඇන්කර්, බොන්ලැක්, ඇනිලීන්, විටාජන්, සස්ටජන්, රත්ති, නෙස්ප්‍රේ, සහ කිරි වර්ග. කිරි පැකට් වර්ග. මාමයිට්.

එලවලු තෙල්, සන්ෆ්ලවර් ඔයිල්..කෝන් ඔයිල්..වෙජිටබල් ඔයිල්,මාගරින්, ඇස්ට්‍රා මාගරින්,
(පොල් තෙල් සහ බටර් කෑවාට කමක් නැත)
රූපවාහිනියේ දැන්වීම යන ආහාර, - processed food, සකස් කල ආහාර .රස කාරක, පැකට් කල ආහාර, නූඩල්ස්, සෝයා මීට්, මේවා පොඩිත්තක්කත් කන්නේම නැතිව ඉන්න උත්සාහ කරන්න.

බිස්කට් වර්ග - .බ්‍රෑන්ක්‍රැකර්, ක්‍රීම් ක්‍රැකර්. බිස්කට් වර්ග,
එපා කිවුවාම පොඩ්ඩක්කත් කන්න එපාම තමා. ආපහු බේත් බොන්න ආස නම් කෑවට කමක් නෑ.
අවවාදයයි. සෑම විටම ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් පිළිපදින්න.

දියවැඩියාවට බෙහෙත් නැවැත්තුවත් අනිවාර්යයෙන්ම දිවි ඇතිතෙක් මාස තුනකට වරක් HbA1c පරීක්ෂාව කර ගත යුතු වනවා. එසේම එහි අගය 5.6 ට වඩා පහතින් තබා ගත යුතු වනවා.

එසේම වසරකට වරක් නොවරදවා ඔබේ සර්වාංගයම, එනම් මුලු සිරුරම ඔබේ වෛද්‍ය වරයා ලවා පරීක්ෂා කරවා ගත යුතු වනවා. ඒ සමග පහත සඳහන් රුධිර පරීක්ෂාවන් කර ගත යුතු වනවා. මීට අමතරව වෙනත් අවශ්‍ය රුධිර පරීක්ෂාවන් ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරනවා ඇත.

Lipid profile
SGPT/ SGOT
Serum creatinine
Microalbuminuria
HbA1c


පියවර 5

සතියට දෙවරක් විනාඩි විස්ස බැගින් ව්‍යායාම කරන්න.

WorkoutA
1.Squats 13
2.Push ups 9
3.Bridge 7
4.Rowing 9 (or Pull ups 5 )
As many rounds as possible in 20 minutes.

දිනපතා විනාඩි 20 ක් භාවනා කරන්න.

මේ පිළිබඳ වැඩි විස්තර පහල දිගුවෙන් ලබා ගන්න.

https://youtu.be/QR3ja8zErXM

නිතර අහන ප්‍රශ්ණ - FAQ

හැමදාම මෙහෙම කන්න වෙයිද ?

නැවත වතාවක් ඔබට දියවැඩියාව වැළඳුනු ආකාරයේ ආහාර රටාවකට ගියහොත් නැවත දියවැඩියාව හිස ඔසවනු ඇති.

මෙම ආකාරයෙන් ආහාර ගැනීම ෆැටි ලිවර් තියෙන අයට හොඳයිද ?

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, පොලිසිස්ටික් ඔිවරි සිනඩ්‍රෝම්, අධි රුධිර පීඩනය සහ අධික රබාරුව ආදී ඉන්සියුලින් ප්‍රතිරෝධය නිසා ඇතිවන රෝග ගනනාවක් මෙම ආහාර රටාව මගින් සුව කරන්නට පුළුවන්.

මෙම ආකාරයෙන් ආහාර ගත්තාම කොලෙස්ටරෝල් වැඩි වෙනවාද ?

කොලෙස්ටරෝල් වල හෘද රෝග වලට බලපාන කොටස වන TGL කොලෙසටරෝල් මට්ටම පහත යයි. එසේම හෘද රෝග වලින් ඔබ ආරක්ෂා කරන HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහල යයි. මෙම දෙකේ අනුපාතය දෙක හෝ දෙකට වඩා අඩු නම් ( TGL/HDL = 2 ) ඔබේ හෘද රෝග අවදානම අවම වනවා පමනක් නොව ඔබේ දියවැඩියාවේ හේතු කාරකය වන ඉන්සියුලින් ප්‍රතිරෝධය ප්‍රශස්ත මට්ටමට පැමිණ තිබේ.
සමහර අයෙකුගේ LDL මට්ටම සහ සම්පූරණ කොලෙස්ටරෝල් මට්ටම TCH ඉහල යන්නට පුළුවන් වුවත් එය හෘද රෝග වලට බල පාන්නේ නැති බව නවීන සමීක්ෂණ වාර්තා පෙනවා දෙයි.

පැය දාහතරක් හෝ දාසයක් උපවාස කිරීමෙන් ( නොකා සිටීමෙන් ) ගෑස්ට්‍රයිටිස් හැදෙන්නේ නැද්ද ?

අලුතින් සෑදෙන්නේ නැත. ඔබට ගැස්ට්‍රයිටිස් වැළඳී ඇතිනම් එය වැළඳුනේ ඇයි ? උපවාස කිරීමෙන්ද ? නැත. ගැස්ට්‍රයිටිස් ලෙස පොදු වහරේ හඳුන්වන තත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව සීනී, පාන්පිටි, කිරි, එළවළු තෙල් වර්ග සහ සකස් කල ආහාරයි. එම ආහාර නැවැත්වූ විගස ගැස්ට්‍රයිටිස් සුව වන්නට පටන් ගනී.

මෙම උපවාස ක්‍රමයත් කාලෙන් කාලෙට එන රැල්ලක් විතරද ?
මෙම උපවාස ක්‍රමය අපේ රටට නම් අලුත් දෙයක් නොවේ. ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අවුරුදු 2500 තිස්සේ දන් වලඳන්නේ දවසේ පැය හයක් පමණි එනම් සූරිය උදාවේ සිට දහවල් ඉර හැරෙන තුරු පමණි. ඉතිරි පැය දහ අටම උන් වහන්සේලා කිසිදු අහරක් වලඳන්නේ නැත. බුදු රජානන් වහන්සේ දන් වැලඳුවේ දිනකට එක් වරකි. අදත් ආරන්‍ය වාසී සමහර භික්ෂූන් වහනසේලා දන් වලඳන්නේ එක වේලක් පමණි. එයට ඒකාසනිකාංග ශීලය ලෙස හඳුනවති.
අපේ බුදුරජානන්වහන්සේ එතෙක් මෙතෙක් විසූ දක්ෂම වෙදතුමා වනසේක.

වගකීමෙන් මුක්ත වගන්තිය
මෙම ලිපියේ හෝ පොතේ අඩංගුව ඇති උපදෙස් එලෙස අනුගමනය කිරීම නිසා ඇතිවන ඇති වූ හෝ ඇතිවිය හැකි සෘජු හෝ වක්‍ර කිසිදු අහිතකර බලපෑමකට වෛද්‍ය ජානක වන්නකු වන මම කිසිදු වගකීමක් දරනු නොලබයි. මෙම කරුණු හුදු මාර්ගෝපදේශයක්ම වන අතර ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්චා කර අදාල තීරණය ගත යුතු බව සලකන්න.

වෛද්‍ය ජානක වන්නකු
MBBS/SL
SLMC reg number - 16507

Website - drwannaku.lk
අපේ මුහුණු පොතේ දියවැඩියාව සඳහා වන සමූහය සමග සම්බන්ධ වන්න කියා ආරාධනා කරනවා.
Face book group - දියවැඩියාව සමනය - Diabetes Reversal Sri Lanka
Face book group - බඩට තිත - wannakumethod
Face book page - wannakumethod
Face book page - Dr Janak Wannaku

ඔබට දියවැඩියාව සමනය කරගන්නට අවශ්‍ය සියලු කරුණු මෙම ලිපියේ නොමිලයේම සඳහන්ව තිබේ.

කෙසේ වුවත් තව දුරටත් මගේ සේවය අවශ්‍ය නම් දිනයක් වෙලාවක් වෙන් කර ගැනීම ස්ඳහා පහත whatsapp අංකයට පනිවිඩයක් ලබාදෙන්න. කරුණාකර කතා කරන්න එපා.

Private consultations -

whatsapp පණිවුඩ පමණයි කතාකරන්න එපා.- 0714485994

ඔබට wannakumethod මගින් ලැබෙන සේවාව අගය කිරීමක් ලෙස
හෝ
wannakumethod ප්‍රවර්ධනය සඳහා අතහිත දීමක් සඳහා කරන මුදල් පරිත්‍යාග
පහත අංකයට බැර කරන්න පුලුවන්.
BOC
acc number 77376179
Dr.W.R.J.P. Wannaku
Ratnapura Hospital Branch - 315

පෘථිවියේ සිටින වේගවත්ම මිනිසා ඉතාලි ජාතික - ලැමොන්ට් මාර්සල් ජේකොබ්ස් මීටර් 100 ඔලිම්පික් දිනා ගනී.
01/08/2021

පෘථිවියේ සිටින වේගවත්ම මිනිසා ඉතාලි ජාතික - ලැමොන්ට් මාර්සල් ජේකොබ්ස් මීටර් 100 ඔලිම්පික් දිනා ගනී.

අද අළුයම සිදු වූ හදීසි අනතුරක් නිසාවෙන් සිය දිවි මඩලෙන් සමුගත් ප්‍රවීන රංගනශිල්පිනීහයසින්ත් විජේරත්න මහත්මියටනිවන් සුව ප...
31/07/2021

අද අළුයම සිදු වූ හදීසි අනතුරක් නිසාවෙන් සිය දිවි මඩලෙන් සමුගත් ප්‍රවීන රංගනශිල්පිනී
හයසින්ත් විජේරත්න මහත්මියට
නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

Happy birthday
29/07/2021

Happy birthday

අසීමිත සුන්දරත්වයක් ඇති ගැහැණියක් බොහෝවිට පෙන්වන්නේ සීමිත දේවල් ටිකක් පමණයි. ඇයට ඇති දේවල් පෙන්වන්නට බැරිතරම් බව ඇය ඉවෙන...
26/07/2021

අසීමිත සුන්දරත්වයක් ඇති ගැහැණියක් බොහෝවිට පෙන්වන්නේ සීමිත දේවල් ටිකක් පමණයි. ඇයට ඇති දේවල් පෙන්වන්නට බැරිතරම් බව ඇය ඉවෙන් මෙන් තේරැම් ගනී. බොහෝ දේ ඇති නමුත්, සීමීතව පෙන්වන ගැහැණියක් වන්න. 💛😍 අසීමිතව පෙන්වන යම් ගැහැණියක් වේද, ඇයට බොහෝවිට ඇත්තේ සීමිත දේවල් ටිකක් පමණක් බව තේරැම්ගන්න. බහුතරය නොවන්න. වටිනා සුඵතරය වන්න. පච්ච කෑලි වැඩි නමුත් පසිංගල් දුර්ලභය...! 🙏 මාණික්‍යයක්ම වෙන්න මැණික. !
✍🏻 මධාරා වඩුගේ ප්‍රසන්න ආරච්චි

Beautiful Sri Lanka 🇱🇰
26/07/2021

Beautiful Sri Lanka 🇱🇰

Address

Fahaheel
Fahaheel

Website

Alerts

Be the first to know and let us send you an email when Lankans in Kuwait posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram