
07/03/2023
මේෂ ලග්න හිමියෝ යමක් කිරීමට සිතුවොත් එය කෙසේ හෝ කරයි. උනන්දුවෙන් හා උත්සාහයෙන් යුක්තය, නිර්භීතය. තරමක් ආඩම්බරය. ඔවුන්ට උසස් අදහස් ද ඇත. ඉවසීම අඩුය. එබැවින් රණ්ඩුවලට පැටලීමට කැමතිය. කොයි දේටත් ඉක්මන් වේ. ප්‍රශංසා ලැබීමට, ප්‍රසිද්ධියට කැමැති නිසා ඕනෑම අමාරු වැඩකට වුවද ඉදිරිපත් වෙයි. පටන් ගත් වැඩක් අතරමග නතර නොකරන අතර අවසානය දක්වාම උත්සාහය අත් නොහරී.
වැඩ කටයුතු අතපසු කිරීමට අකැමැති අතර කළ යුතු දේ එවේලේම කිරීමට සිතයි. කරන කියන හැම දෙයකින්ම ජය ගැනීමට කෙසේ හෝ උත්සාහ කරයි. කිසිවෙකුට යටත් වීමට කැමැති නැති අතර, අනුන් වෙනුවෙන් කැපකිරීමටද අකැමැතිය. හැමවිටම කැපී පෙනීමට, ප්‍රමුඛස්ථානය ගැනීමට තම බලය, ශක්තිය යොදයි.
නිතරම ආහාර අවශ්‍ය අතර ශරීර ශක්තිය ගැනද සැලකිලිමත් වෙයි. බාහිර අලංකාරයට, විනෝදයට කැමැති අතර පිරිසිදුකමද අගය කරයි. කාමාශාව අධික බැවින් විවාහ සහකරුට හෝ සහකාරියට ඉතා ලැදි වේ. ඔහුගේ හෝ ඇයගේ අදහස් ගැන සැලකිලිමත් වෙයි. තමාගේ දුර්වලකම් අන්‍යයන්ට නොපෙන්වන අතර ආත්ම වර්ණතාවට කැමැති බැවින් තමාගේ ගුණ කියන්නට ඉතා ලැදිවේ. මේෂ ලග්නකරුවන් යුක්තිගරුක අය වන අතර කෙළෙහිගුණ සළකන්නෙක්ද වෙයි. ඔවුන් හැමවිටම තමා ගැන විශ්වාසය තබයි.