Cure Well Ayurveda Medi Care

Cure Well Ayurveda Medi Care Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cure Well Ayurveda Medi Care, Medical and health, Rajjambugaha, Ihalagoda, Akmeemana .

15/10/2023

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව Sciatica ලෙසත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ගුධ්‍රසි ලෙසත් හඳුන්වන මෙම රෝගි තත්ත්වය කුමක්ද?

කොඳු ඇට පෙලේ පහළ ප්‍රදේශයෙන් ආරම්භ වන්නා වූ තියුණු වේදනාව තට්ටම් ප්‍රදේශ හරහා එක් පාදයක් පස්සේ ඔස්සේ හෝ පාද දෙකෙහිම පිටුපස ප්‍රදේශය හරහා පාදයේ ඇඟිලි දක්වා ගමන් කිරීම මෙහිදී සිදුවේ.
ඊට අමතරව
*කෙණ්ඩ ප්‍රදේශයේ තද බව,
*ඇවිදීමේ අපහසුව හා හිරිය
*විදුලියක් ගමන් කරනවාක් මෙන් වේදනාව දැනීම
මෙම රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ වේ.
👉අධික බර එසවීම ,වැරදි ලෙස බර එසවීම
👉කශේරුකා දිරාපත් වීම
👉රිය අනතුරු
හේතුවිය හැක.

මෙම හේතු නිසා ශරීරයේ විශාලතම ස්නායූව වන Sciatic Nerve හි තදවීමක් ඇති වී ඉහත රෝග ලක්ෂණ ඇති කරයි.

ගුධ්‍රසි රෝග තත්ත්වය සඳහාද අයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉතා සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් පවතින අතර මේ සඳහා සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යොමුවීම මගින් මෙම රෝගය සුවපත් කළ හැක.

සටහන
ආයුර්වේද වෛද්‍ය චමිරී එස් ලොකුගේ
BAMS (Hons) UOK
Dip. in Ayurveda Panchakarma & Ayurveda Beauty culture
Dip. in Herbal Product Development Technology

15/10/2023

ඔබත් මැණික් කටුව හා ඇගිලි ආශ්‍රිත වේදනාවකින් පීඩා විදිනවද?

*මැණික් කටුව සහ අතේ ඇගිලි ආශ්‍රිත වේදනාව,
*යමක් තදින් අල්ලාගැනීමට ඇති අපහසු බව,
*ඇගිලි වල හිරිය ,
*මැණික් කටු සන්ධියේ ඉදිමුම ,
*රාත්‍රී කාලයේ වේදනාව වැඩිබව

කියන රෝග ලක්ෂණ ඔබටත් තිබේ නම් එය carpal tunnel syndrome නම් රෝග තත්ත්වයේ විය හැක.

මෙය බොහෝ විට අවුරුදු 35-55 අතර කාන්තාවන්ට ප්‍රමුඛය.

මෙම රෝගී තත්වය සඳහා හේතු කාරණා විය හැකි වන්නේ ,

Carpal tunnel යන කුඩා මාර්ගය තුළින් මධ්‍ය ස්නායුව ගමන් කරන අතර එය යම් පීඩනයකට ලක්වීම හේතු විය හැකිය.

👉තවද මැණික්කටු සන්ධිය ආශිතව ඇතිවන තන්තුමය ඝන වීම
👉ස්ථුල බව නිසා ස්නායු ගමන් කරන මාර්ගය අවට පටක වල මේදය තැන්පත් වීමෙන් සිදුවුන ස්නායු තෙරපුම
👉හයිපෝතයිරොයිඩිසම්
👉ගර්භණීභාවය
👉ආතරයිටිස් වැනි සන්ධි රෝග
👉දිගුකාලීන දියවැඩියාව
සඳහන් කළ හැකිය.

බොහෝ විට මෙය පරිගණක හෝ යතුරු ලියන ක්‍රියා කරන්නන් ලෙස රැකියාවල නිරත වන්නන්ගේ ද අත් වලට අධික පීඩනයක් හා කම්පනයක් ඇති කරවන ක්‍රියාවල නිරතවන්නන්ගේද සුලභ රෝගී තත්ත්වයකි.

මෙම රෝගී තත්ත්වය ශල්‍යකර්මයකින් තොරව නිසි ආයුර්වේද ප්‍රතිකර්ම මගින් සුවපත් කළ හැකිය.

සටහන
ආයුර්වේද වෛද්‍ය ඩබ්.එල්. චමිරී. එස් ලොකුගේ .
BAMS.(Hons)UOK
Dip.in Ayurveda panchakarma &Beauty culture
Dip.in Herbal Product Manufacturing Technology .

05/07/2023
Opening of Cure Well Ayurveda Medical Center ...
25/05/2023

Opening of Cure Well Ayurveda Medical Center ...

අක්ෂි රෝග සදහා බලපාන විහරණමය කාරණා දෙස අවධානය යොමුකරමු.• ස්නානය පිළිබඳ අවාධානය යොමු කළොත් උණුවතුරින් ස්නානය කළවිට හිසෙහි...
17/05/2023

අක්ෂි රෝග සදහා බලපාන විහරණමය කාරණා දෙස අවධානය යොමුකරමු.

• ස්නානය පිළිබඳ අවාධානය යොමු කළොත් උණුවතුරින් ස්නානය කළවිට හිසෙහි රුධිර නාල විස්තාරණය වී රුධිර වාහිනීවල පාරගම්‍යතාව වැඩිවී අභිෂ්‍යන්ද තත්වයක් ඇතිවේ.එබැවින් දිනපතා උණුවතුරින් ස්නානය කිරීම අක්ෂි රෝග ඇතිකිරීමට ඉවහල්වේ.

• එමෙන්ම ශරීරය උණුසුම් අවස්ථාවේ ශීතදිය ස්නානය මගින් ශරීර උණුසුම වහා බිදවැටීමේදි රුධිර නාල සංකෝචනයවීම නිසා රුධිර නාල වලට හානි සිදුවිය හැකි බැවින් ඇසට පෝෂණය ලැබීමේ ක්‍රියාවලියට බාධා පැමිණ ඇස රෝගිවේ.

• එමෙන්ම බොහෝදෙනා නොදෙනුවත් බව නිසා කරන තවත් දෙයක් නම් නිද්‍රා සහ කදුළු ගැලීම පිළිබඳ වේගය උසුලා සිටීමෙන් ඇස් රෝග හටගැනීමයි.කදුළු ධාරණය හේතුවෙන් කදුළු ග්‍රනථිවල සාමාන්‍ය ක්‍රියාවලිය වෙනස්වී ඇසෙහි තෙත්බව රදවාගැනීමට අපහසුවේ.කිවිසුම් යාම වැනි වේග වලකවා ගැනීම නිසා ඇස තුළ පීඩනය වැඩිවී විවිධ රෝග තත්වයන් ඇතිකිරිමට පුළුවන්.

• තවත් කාරණයක් නම් අප නිදන කොට්ටයේ සාමාන්‍ය උස අගල් දෙකත් තුනත් අතර ප්‍රමාණයේ නොමැති වීම එනම් ඊට වඩා උස වැඩිවීම හෝ අඩුවීම මගින් හිසට ලැබෙන රුධිර සැපයුමට බලපෑමක් ඇතිකිරීම නිසා ඇස්‍ රෝග ඇතිකිරිමට නැඹුරුවක් දැක්වීමයි.

• එමෙන්ම පුද්ගලයෙකුගේ කාර්‍යබහුල ජීවිතය නිසා හෝ රාත්‍රි නින්ද නොලැබීමත් එමෙන්ම යමෙකුගේ චර්යා රටාව වෙනස්වී දවල් නිදාගැනීම නිසාත් යෂ්ටි හා කේතු සෛලවල ක්‍රියාකාරිත්වය වෙනස්වේම නිසා ද ඇස රෝගි තත්වයට පත්විය හැක.

• මීට අමතරව වැරදි ඉරියව්වල සිට පොත් කියවීම,මානසික සාධක රැකියා තත්වයන් වලදී ඇස ආරක්ෂාකාරි නොවන අයුරින් කටයුතු කිරීම නිසාද අක්ෂි රෝග හට ගැනීමට පුලුවනි.

මෙම හේතු පිළිබව අවධානය යොමු කිරීමෙන් අක්ෂි රෝග ඇතිවේමේ අවධානම අඩුකරගමු.

වෛද්‍ය චමිරී එස් ලොකුගේ.
BAMS (Hons)UOK

තොල් අවපැහැවීම තොල් අවපැහැ වීමේ තත්ත්වය වාතජ ඕෂ්ඨ ප්‍රකෝප යටතේ ආයුර්වේදයෙහි දක්වා ඇත.තොල් අවපැහැවීමට හේතු ලෙස වාත කෝපවීම...
17/05/2023

තොල් අවපැහැවීම

තොල් අවපැහැ වීමේ තත්ත්වය වාතජ ඕෂ්ඨ ප්‍රකෝප යටතේ ආයුර්වේදයෙහි දක්වා ඇත.තොල් අවපැහැවීමට හේතු ලෙස වාත කෝපවීම දක්වා ඇත.
වාතකෝපකර තත්ත්වයන්ට අදාල වන කාරණා හා අනෙකුත් හේතුන් පිළිබඳ දැන් අවධානය යොමු කරමු.

• දුම්පානය - නිතර එම ස්ථානයේ උෂ්ණත්වය වැඩි වීම මගින් මෙලනින් නිෂ්පාදනය වීම වැඩිවීම නිසා තොල් අවපැහැ වීම සිදුවෙයි.

• අප ගනු ලබන ආහාර පාන ද මේ සඳහා හේතු වනු ඇත .උදාහරණයක් ලෙස අම්ල අධික ආහාර තෙල් අධික ආහාර ඒ වගේම කැෆේන් අඩංගු තේ කෝපි වැනි පාන වර්ග ද හේතු වේ.

• එමෙන්ම විටමින් B12 වැනි පෝෂක කොටස් අඩුවීමත් , අජීර්ණ තත්ත්වයන් ද මේ සඳහා හේතු වේ.

• ආහාරපාන උණුසුම්ව ගැනීම.

• විවිධ තොල් ආලේපන වල ඇති සංඝටක වලට දක්වන ආසාත්මිකතාවය හා තොල් ආලේපන නිසි ලෙස ඉවත් නොකිරීම.

• භාවිතා කරනු ලබන දන්තාලේප

• හෝමෝනමය හේතුන් , උදාහරණයක් ලෙස Melasma කම්මුල දෙපස ඇතිවන දුඹුරු පැහැති පැල්ලම් ඇතිවීමේ තත්ත්වයේදී උඩුතොල ආශ්‍රිතව ද අඳුරු පැහැ වීම දක්නට පුළුවන.

• නිතර හිරු එළියට නිරාවරණය වීම.

• තොලෙහි ඇතිවන පිළිස්සුම් තුවාල.

• සමෙහි ආසාත්මිකතාවයන්.

• විවිධ රෝග සඳහා ගනු ලබන ඖෂධ වර්ග, මුඛය ආශ්‍රිතව සිදු කරනු ලබන විකිරණ ප්‍රතිකාර.

ඉහත හේතු පිළිබඳ දැනුවත් වීමෙන් ආහාර හා විහරණ රටාව නිසා ඇති වන තොල් අවපැහැ වීමේ තත්ත්වය වළක්වා ගත හැකිය.

වෛද්‍ය චමිරී එස් ලොකුගේ.
BAMS (Hons)UOK

Address

Rajjambugaha, Ihalagoda
Akmeemana

Website

Alerts

Be the first to know and let us send you an email when Cure Well Ayurveda Medi Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share