Holistic Health Moringa & SDO Herbals

Holistic Health Moringa & SDO Herbals Getting Healthy doesn't have to cost the earth in many ways!

සම පැහැපත් කරන කොණ්ඩය නිරෝගී කරන මුරුංගා කොළමුරුංගා කොළ කියන්නේ ඔෟෂධීය ගුණයෙන් ඉහළ ඉතා වටිනා ශාක පත්‍ර විශේෂයක්. මෙම මුර...
10/04/2024

සම පැහැපත් කරන කොණ්ඩය නිරෝගී කරන මුරුංගා කොළ

මුරුංගා කොළ කියන්නේ ඔෟෂධීය ගුණයෙන් ඉහළ ඉතා වටිනා ශාක පත්‍ර විශේෂයක්. මෙම මුරුංගා පත්‍රවල විටිමින් B,C, යකඩ, කැල්සියම් වැනි පෝෂණ සංඝටක රැසක්ම අඩංගුයි. මුරුංගා ශාකයේ පත්‍ර පමණක් නොව මුරුංගා පොතු, මුල් පවා ආයුර්වේද ප්‍රතිකර්ම සඳහා භාවිතයට ගන්නේ මුරුංගාවල ඇති ගුණදායක බව නිසාමය. අද අප කතා කරන්නේ මුරුංගා පත්‍රවලින් මුළු සිරුරටම කරගත හැකි ස්වභාවික සද්කාරයන් කිහිපයක් පිළිබඳවයි. මුරුංගා කොළවලින් සම පැහැපත් කරන සත්කාරයක්

අවශ්‍ය දේවල්

-හිරු එළියේ හොඳින් වේළා

කොටාගත් මුරුංගා

ස්වල්පයක් (තේ හැඳි 2ක්

පමණ සෑහේ)

-කස්තුරි කහ තේ හැඳි

කාලයි

-මී පැණි තේ හැඳි 1ක්

-එළකිරි තේ හැඳි 2ක්

සාදා ගන්නා ආකාරය

පළමුව මුරුංගා පත්‍ර ටික හොඳින් සෝදා නැටි ටික ඉවත් කොට හොඳින් වේළා ගන්න. දැන් එය බ්ලෙන්ඩර් කොට පවුඩර් එකක් ආකාරයට සාදා ගත යුතුය. නැතිනම් වෙළෙඳපොළේ තිබෙන වියළන ලද මුරුංගා පවුඩර් වුවද මේ සඳහා වඩාත් සුදුසුයි. මුරුංගා පවුඩර් තේ හැඳි 2කට කස්තුරි, කහ, මී පැණි, එළකිරි යන සියල්ල එකතු කරන්න. දැන් සියල්ලම හොඳින් මිශ්‍ර කර ගන්න.

භාවිත කරන ආකාරය

පළමුව තම සමට සුදුසු ෆේස් වොෂ් එකකින් හා ක්ලෙන්සර් එකකින් සම හොඳින් පිරිසුදු කරගන්න. සාදාගත් පැක් එක සම මත ආලේප කොට පැයක් පමණ තබා සෝදා ඉවත් කරන්න. හිරු එළිය අඩු සවස් යාමයේදී භාවිත කිරීම වඩාත් සුදුසුයි. මෙම සත්කාරය දිනපතා භාවිත කළ යුතුයි.

මුරුංගා කොළවලින් හෙයාර් මාස්ක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

-මුරුංගා කොළ කෝප්පයක්

-කෝමාරිකා අත්තක්

-රෝස වතුර තේ හැඳි 5ක්

සාදා ගන්නා ආකාරය

පළමුව මුරුංගා කොළ ටික හොඳින් සෝදා නැටි කඩා ගන්න. එය බ්ලෙන්ඩර් කප් එකට එකතු කරන්න. දැන් එයටම කෝමාරිකා ඉත්තේ මදය සූරා එකතු කරන්න.

රෝස වතුරත් එයටම දමා සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. අවසානයට එය පේස්ට් එකක් ආකාරයට සාදා ගන්න.

භාවිත කරන ආකාරය

පළමුව සම හොඳින් පිරිසුදු කර ගන්න. සුදුසු බුරුසුවක් ආකාරයෙන් හිස් කබලට සහ හිසකෙස්වල හොඳින් ආලේප කරන්න. හිසකෙස්වල ආලේප කිරීමේදී කෙස් ගසේ මුල සිට අග දක්වාම ආලේප කළ යුතුයි. පැය භාගයක් පමණ තබා සෝදා ඉවත් කරන්න. ඉන් පසුව මෘදු ෂැම්පු එකක් දමා සෝදා ගැනීමෙන් පසු අවසානයට කන්ඩිෂනර් භාවිත කරන්න. මෙම සත්කාරය සතියට දින 3ක් පමණ කළ යුතුයි. හිස කෙස් පෝෂණ කරන අතර මෙමඟින් හිස කෙස් ඉක්මනින්ම වර්ධනය වීමද සිදු වේ.

මුරුංගා කොළවලින් සම වියපත් වීම වළක්වන බොඩි පැක් එකක්

අවශ්‍ය දේවල්

-මුරුංගා පත්‍රවලින් සාදාගත්

පවුඩර් (මුහුණට නම් තේ

හැඳි 3යි. මුළු සිරුරටම

අවශ්‍ය නම් තේ හැඳි 5ක්

පමණ)

-යෝගට් තේ හැඳි 3ක්

-විටමින් E කරල් 1ක්

සාදා ගන්නා ආකාරය

පෙර පරිදිම වියළි මුරුංගා පත්‍ර පවුඩර් නිවෙසේදීම සාදා ගත හැකියි. නැතිනම් වෙළෙඳපොළෙන්ද මිලදී ගත හැකිය. දැන් මෙම පවුඩර් එකෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් කප් එකකට දමා ගන්න. එයට ඉහත අනෙකුත් කළමනාත් එකතු කොට සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසු ආලේප කළ හැකි පදමට පේස්ට් එකක් සාදාගන්න.

භාවිත කරන ආකාරය

සිරුරේ ආලේප කරනවා නම් විශේෂයෙන්ම දෑත්, දෙපා, ගෙල ප්‍රදේශය ආදී ඔබට ඕනෑම ස්ථානයක ආලේප කළ හැකියි. ඊට අමතරව මුහුණටත් ආලේප කළ හැකියි. මෙම සත්කාරයත් සතියකට දින කිහිපයක් ආලේප කිරීමෙන් සාර්ථක ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකියි. මෙම සත්කාරය නොකඩවා භාවිත කිරීමෙන් සම ඉක්මනින් වයසට යෑම වළක්වා ගත හැකියි.

මුරුංගා කොළ තේ පානය

අවශ්‍ය දේවල්

-නැටි ඉවත් කොට පිරිසුදු

කරගත් මුරුංගා කොළ

කෝප්පයක්

-සීනි හෝ උක් හකුරු

ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

පිරිසුදු කරගත් මුරුංගා කොළ හිරු එළියේ සාමාන්‍ය ප්‍රමාණයට වේළා ගන්න. මෙසේ වේළාගත් මුරුංගා කොළවලින් මේස හැඳි 2ක් පමණ උණු වතුර අඬු කෝප්පයකට දමා පැය භාගයක් පමණ වසා තබන්න. ඉන් පසුව පෙරා ඉවත් කරගත් පානය සීනි හෝ උක් හකුරු සමඟ පානය කළ හැකියි. මෙය දිනපතා තේ මෙන් පානය කරනවා නම් ඉතාම ගුණදායකය.

හිසකෙස් අධික ලෙස ගැලවී යෑම වළක්වන මුරුංගා කොළ හෙයාර් මාස්ක්

අවශ්‍ය දේවල් :-

-මුරුංගා කොළ පවුඩර්

ස්වල්පයක්

-පොල් තෙල් මේස හැඳි 3ක්

-විටමින් E කරල් 2ක්

සාදා ගන්නා ආකාරය :-

පෙර පරිදිම මුරුංගා කොළ සෝදා වේළා බ්ලෙන්ඩර් කර ගන්න. දැන් එයට පොල් තෙල් හා විටමින් E එකතු කොට සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.

භාවිත කරන ආකාරය:-

සතියට දින කිහිපයක් මෙම පේස්ට් එක කෙස්වල සහ හිස් කබලේ ආලේප කළ හැකිය. මෙම සද්කාරය නොකඩවා භාවිත කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිය.

By Dinusha Manohari 2022 අගෝස්තු 29
මව්බිම

Copied

Vitamins & minerals of moringa powder
10/04/2024

Vitamins & minerals of moringa powder

මුරුංගා මෙතරම් ගුණදායකද ?මුරුංගා යනු වසර සියයකට වැඩි කාලයක් ඉංදියානු සූපශාස්ත්‍ර ආහාරවල බහුලව භාවිතාකරන එලවලුවකි. මෙය නි...
28/03/2024

මුරුංගා මෙතරම් ගුණදායකද ?

මුරුංගා යනු වසර සියයකට වැඩි කාලයක් ඉංදියානු සූපශාස්ත්‍ර ආහාරවල බහුලව භාවිතාකරන එලවලුවකි. මෙය නියඟයට ඔරොත්තු දෙන moringaceae කුලයට අය්ත් ශාකයකි. මෙය දකුණු ආසියාවේ නිවර්තන කලාපවලට ආවේනික වන අතර මෙහි විශාලතම නිශ්පාදකයා ඉන්දියාව වේ.

MALONGAI leaves
මුරුංගා කරල් සහ කොල අත්‍යාවශ්‍ය පෝශක පදාර්ථ ගැබ්වූ ගබඩාවක් වන අතර මුරුංගා කොල කැල්සියම්, යකඩ, සින්ක්, සෙලීනියම් හා මැග්නීසියම් අඩංගු කදිම ප්‍රභවයකි. නැවුම් මුරුංගා කරල් සහ බීජ ඔලෙයික් අම්ලයේ විශිෂ්ඨ ප්‍රභවයක් වන අතර හෘද සෞඛ්‍ය රැකගැනීමට නිර්දේශ කරන්නාවූ මේද අම්ලයක්ද වේ. එමෙන්ම මුරුංගා කොල යනු විටමින් B, C, K හා බීටා කැරොටින් වැනි අත්‍යාවශ්‍ය විටමින්, ප්‍රමාණවත් ප්‍රෝටීන හා තන්තු වලින් සමන්විත වේ. තවද querctin හා chchlorogenic නම් ප්‍රතිඔක්සිකාරක වලින් පිරිපුන් වේ.
සාමන්‍යවෙන් මුරුංගා ගසේ සියලුම කොටස් පාහේ ප්‍රයෝජනවත් වේ.

මුරුංගා අනුභවයෙන් ලැබෙන සෞඛ්‍ය වාසි
1. අස්ථි ශක්තිමත් කරයි.
මුරුංගා අත්‍යාවශ්‍ය ඛනිජ, කැල්සියම්, යකඩ හා පොස්පරස් අඩංගුවන නිසා කුඩා දරුවන්ගේ අස්ථි ශක්තිමත් කරයි.

2. ප්‍රතියක්තිකරන පද්ධතිය ශක්තිමත් කරයි.
විටමින් C හා ප්‍රතිඔක්සිකාරක බහුල මුරුංගා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි තත්වයන්ට එරෙහිව සටන් කිරීමට හා තවත් පොදු ආසාදන කිහිපයක් වලක්වා ගැනීමට උපකාරී වේ.

3. බඩවැල්වල සෞඛ්‍ය ප්‍රවර්ධනය කරයි.
තයමීන්, රයිබොෆ්ලේවීන්, නියසීන් හා B12 වැනි අත්‍යාවශ්‍ය විටමින් B වලින් පොහොසත් මුරුංගා ආහාර දිරවීමේ එන්සයිම උත්තේජනය කිරීමේදී තීරණාත්මක කාර්‍යක් ඉටුකරයි. එපමණක් නොව මුරුංගා වල ඇති තන්තු බඩවැල්වල චලනය ක්‍රමවත් කරන අතර,බඩවැල් සෞඛ්‍ය පවත්වාගනී.

4. අධි රුධිර පීඩනය පාලනය කිරීම.
මුරුංගා වල ඇති niaziminin හා iso thocyanate යන ජෛව ක්‍රියාකාරී සංයෝග වල ගුණය ධමනි ඝනවීම වලක්වා මඟහරවා ගැනීමට හා අධි රුධිර පීඩනය ඇතිවීමේ අවස්ථා අඩුකිරීමට උපකාරී වේ.

5. වකුගඩු සෞඛ්‍ය පවත්වා ගැනීම.
මුරුංගා නිතර නිතර ආහාරයට එකතු කරගැනීමෙන් වකුගඩු හා මුත්‍රා ගල් ඇතිවීම අවම කරගත හැක.

6. පිලිකා අවදානම අඩු කරයි.

7. අක්මාවේ සෞඛ්‍ය පවත්වා ගැනීම.

8. දියවැඩියාව පාලනය කරයි.
මුරුංගා වල ස්වාභාවිකව අඩු කැලරි ප්‍රමාණයක් හා අත්‍යාවශ්‍ය ඛනිජලවන, විටමින් හා තන්තු බහුල වීම රුධිරගත සීනි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුකිරීමට උපකාරී වේ.

9. අක්ශි සෞඛ්‍යයට වැදගත් වේ.
මුරුංගා වල ඇති ප්‍රතිඔක්සිකාරක ඇසේ සුද හා ඇස්වල කරයි වියලි බවට ප්‍රතිකාර කිරීමට ප්‍රයෝජනවත් වේ.

10. ගර්භණී කාන්තාවන්ට හා කිරි දෙන මවුවරුන්ගේ සෞඛ්‍යට වැදගත් වේ.

විටමින් A,C,K,B හා ඛනිජ ලවන, යකඩ කැල්සියම් හා මැග්නීසියම් වැනි පෝශ්‍ය පදාර්ත ගර්භණී කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට ප්‍රයෝජනවත් වේ.

Nutrition & LifestyleThe Official Blog of the Department of Nutrition, Medical Research Institute, Sri Lankaමුරුංගා වල ග...
26/03/2024

Nutrition & Lifestyle
The Official Blog of the Department of Nutrition, Medical Research Institute, Sri Lanka

මුරුංගා වල ගුණ දන්නවාද ?| Do You Know the Health Benefits of Drumstick Leaves?

Moringa oleifera

මුරුංගා කරල් රසවත් එළවළුව ක් ලෙස ලංකාවේ කා අතරත් ජනප්‍රියව ඇත. නමුත් මුරුංගා කොළ වල ඇති ගුණාත්මක අගය ගැන දන්නේ සුළු පිරිසකි. එසේ වුවද මෙම කොළ, ආහාර රස ගැන්වීමට ව්‍යoජන වලට එකතු කරණ නමුත් තනි එළවළුවක් ලෙස ආහාරයට යොදා නොගනී.

මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්‍යම ප්‍රමාණයේ යකඩ වලින් ඉහලය. නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින් C පිලිකා , හදවත් රෝග සහ බෝවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ. මුරුංගා කොළ වල කැල්සියම් සහ පොස්පොරස් වැඩි ප්‍රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩoගු කැල්සියම් සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වේ. කැල්සියම් සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වේ. තවද මුරුංගා කොළ වල අඩංගු යකඩ ,එහි ඇති විටමින් C නිසා හොදින් උරා ගනී. මුරුංගා කොළ වල ඇති පෝෂණ සංයුතිය පහත වේ.

පෝෂක
මුරුංගා කොළ 1 g ක ඇති ප්‍රමාණය
අවු. 1-2 දරුවකුට අවශ්‍ය ප්‍රමාණය
මුරුංගා කොළ15 g කින් (වියලා කුඩු කරගත් කොළ තේ හැදි 1 1/2) ලැබෙන ප්‍රමාණය අවු. 1-2 දරුවකුගේ දිනක අවශ්‍යතාවයෙන් % ලෙස
β කැරොටින්
192µg
2400
120%
විටමින් C
6.6 mg
30
330%
යකඩ
0.26mg
9
8.7%
කැල්සියම්
22.4 mg
500
13.4%
පොස්පොරස්
6.3 mg
800
2.4%
මුරුංගා කොළ 1 g = අමු කොළ මේස හැදි 1

මෙතරම් ගුණදායක අප රටේ සුලබව ඇති මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට යොදා ගත යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කීරීම වටී.දැනට ඉන්දියාවේ කර ඇති සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½ බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගත හැකි වේ.

Written by - Dr. Malsha Gunathilake
Information by - Dr. Renuka Jayatissa

Copied

දිලීර නිසා රහස් ප්‍රදේශය ඇතුළු ශරීරයේ ඕනෑම තැනක ඇති වන ✅අළුහම්✅දද✅කුෂ්ට✅කැසීම්✅අවපැහැ වීම්ඇතුළු සමේ ආසාදන සඳහා හොඳම විසඳ...
17/03/2024

දිලීර නිසා රහස් ප්‍රදේශය ඇතුළු ශරීරයේ ඕනෑම තැනක ඇති වන
✅අළුහම්
✅දද
✅කුෂ්ට
✅කැසීම්
✅අවපැහැ වීම්
ඇතුළු සමේ ආසාදන සඳහා හොඳම විසඳුම 'සහනාලේප බාම් '
🌿ඉකිළි හා කිහිළි ආශ්‍රිත ව දිලීර හේතුවෙන් ඇති වන අළුහම් , දද කුෂ්ට (රෑෂ්),කැසීම් හා බිබිලි ආදි සමේ රෝග සතියක් වැනි කෙටි කලකින් දුරු කර ගන්න .
🌿එසේම ශරීරයේ වෙනත් ඕනෑම ප්‍රදේශයක දිලීර නිසා ඇති වන දද කුෂ්ට ,රෑෂ්,අළුහම් , කැසීම් නිට්ටාවටම සුව කර ගත හැකිය .

🔴මෙය 100% ක් ස්වාභාවික දේශීය ඖෂධ පමණක් භාවිතා කර නිපදවා ඇති නිසා කිසිදු අතුරු ආබාධ වලින් තොර ව කාන්තා , පිරිමි දෙපාර්ශවයටම විශ්වාසයෙන් භාවිතා කළ හැක .

මිල දී ගැනීමට ඉන්බොක්ස් මෙසේජ් එකක් හෝ whatsapp මෙසේජ් එකක් දාන්න 0769998759

☘️100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා නිපදවා ඇත.☘️දේශීය ඖෂධ පමණක් භාවිතා කර නිපදවන මෙම ආයුර්වේද තෛලය 100%ක් ශ්‍රී ලාංකීය න...
17/03/2024

☘️100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා නිපදවා ඇත.
☘️දේශීය ඖෂධ පමණක් භාවිතා කර නිපදවන මෙම ආයුර්වේද තෛලය 100%ක් ශ්‍රී ලාංකීය නිෂ්පාදනයකි.
☘️ඉපැරණි දේශීය ඖෂධ වට්ටෝරුවකට අනුව නිපදවන මෙම මෙම අගනා තෛලය හැලීගිය හිසකෙස් වල මූලය ප්‍රාණවත් කර නැවත හිසකෙස් වර්ධනය කරයි .
☘️හිසේ කැක්කුම් සමනය කරයි.
☘️දුර්වර්ණ වූ පළුදු වූ හිසකෙස් නිරෝගී කරයි.
☘️හිසකෙස් වැටීම නවතයි .
☘️හිසකෙස් අග පැළීම වළක්වයි .
☘️හිසකෙස් අකළට පැසීම වළක්වයි .
☘️ඉස්හොරි වළක්වයි .
☘️100%ක් ප්‍රතිඵල සහිතයි .

හිසකෙස් ආශ්‍රිත ඕනෑම ගැටලුකාරී තත්ත්වයන් මඟහැර නිරෝගී කෙස් කළඹක් ලබා ගන්න සාර්ථක විසඳුම Moringa Hair Oil☘️🌿🍀🍃

100ml bottle - Rs.600/=
මිල දී ගැනීමට whatsapp 0769998759 මෙසේජ් එකක් හෝ ඉන්බොක්ස් මෙසේජ් එකක් දාන්න .

පෝෂණ බලාගාරය මුරුංගාදිවයිනේ වියළි කලාපයේ සරුවට බහුලව වැඩෙන මුරුංගා අපට නුහුරු නුපුරුදු ආහාරයක් නොවේ. බහුවිධ සෞඛ්‍ය ලබාදෙ...
16/03/2024

පෝෂණ බලාගාරය මුරුංගා

දිවයිනේ වියළි කලාපයේ සරුවට බහුලව වැඩෙන මුරුංගා අපට නුහුරු නුපුරුදු ආහාරයක් නොවේ. බහුවිධ සෞඛ්‍ය ලබාදෙන ශාකයක් වන මුරුංගා ඔබට බෝවන රෝග රැසකටම දිව ඔසුවක් මෙන්ම ප‍්‍රතිශක්තිකරණය වඩවන ආහාරයක් ලෙස හ`දුන්වා දිය හැකිය. ශ‍්‍රී ලංකාවේ වියළි කලාපයේ සහ විශේෂයෙන් යාපනය ප‍්‍රදේශයේ දමිළ වැසියන්ගේ ප‍්‍රධාන ආහාරයක් මෙන්ම අතරමැදි කලාපවල අති බහුලව කෘෂි රසායනයකින් තොරව වැවෙන මුරුංගා The miracal
tree-never died ලෙස හැ`දින්වෙනවා.

පෝෂණ බලාගාරය මුරුංගා
මුරුංගා ගසේ පොතු, කරල්, මුල්, කොළ, මල් බහු සෞඛ්‍ය වාසි ලබාදෙන ශාකයක් බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. මිනිසුන්ගේ දෛනික අවශ්‍යතාවයන්ගෙන් සියයට හැත්තෑවක් අසූවක් පමණ පෝෂණ ගුණයෙන් අනූන බල සම්පන්න මුරුංගා කොළ හො`ද විටමින් C මූලාශ‍්‍රයක් බව මුරුංගා නැවුම් පත‍්‍රවල විටමින් C ප‍්‍රමාණය 51.7 බවත් පෝෂණවේදීන් පෙන්වා දෙනවා. විශ්මය නම් දොඩම් ගෙඩියක මෙන් හත් ගුණයක් විටමින් C ද, කැරට් මෙන් හතර ගුණයක විටමින් A ද, කිරි වීදුරුවක් මෙන් හතර ගුණයක් කැල්සියම් සහ ප්‍රෝටීන් ද, මුරුංගාවල අඩංගු වෙනවා. ඒ වගේම ඉදුණු කෙසෙල් ගෙඩියක මෙන් තුන් ගුණයක් පොටෑසියම් ද, නිවිතිවල මෙන් තුන් ගුණයක් විටමින් E ද, ආමන්ඞ් මෙන් තුන් ගුණයක් යකඩ ද මුරුංගාවල අන්තර්ගත වෙනවා. මුරුංගා ගසේ ඇති අධික ප්‍රෝටීන් ප‍්‍රමාණය සැස`දිය හැක්කේ කිරි බිත්තර සහ මස්වල තිබෙන ප්‍රෝටීන් හා සංසන්දනය කිරීමෙන් බව පෙන්වා දෙන පොෂණවේදීන්, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල විශාල ප‍්‍රමාණයක් මුරුංගා ගසේ තිබෙන බවත්ය.

පෝෂණ බලාගාරය මුරුංගා
මන්දපෝෂණය තිබෙන ප‍්‍රදේශවල එය වර්ධනය කිරීම ස`දහා ව්‍යාපෘතියක් හැටියට මුරුංගා ගස් ප‍්‍රචලිත කිරීමටත් මුරුංගා ආහාරයට ගැනීම ප‍්‍රචලිත කිරීමෙන් වාසි රැුසක් අත්කර ගැනීමට හැකියාව පවතින බවද මෙහිදී පෙන්වා දෙනවා. විශේෂයෙන් කොරෝනා වසංගතය හමුවේ මුරුංගාවල ඇති පෝෂණ ගුණය ප‍්‍රතිශක්තිකරණය වැඩි කිරීම ස`දහා ඉතා පිටුවහලක් වන ආහාරයක් හැටියට සලකනු ලබන අතර සීනි පාලනය කිරීමට ග්ලයිසියම් ඉන්ඩෙක්ස් කියන ගුණය ඉතාම උසස් මට්ටමක පවතිනවා. ඒ වගේම අධි රුධිර පීඩනය දියවැඩියාව වැනි රෝගීන්ට ආහාර සම්පාදනය කර ගැනීමේදී මුරුංගා ආහාරයට ගැනීම තුළින් ප්‍රෝටීන් ඌණතාවයට පිළියමක් හැටියටත් රක්තහීනතාවයට ප‍්‍රතිචාර දැක්වීමටත් පිලිකා කාරක වැඩිවුණ අවස්ථාවලදී ප‍්‍රතිඔක්සිකාරක ගුණය ප‍්‍රතිශක්තිකරණය වැඩි කරවන ආහාරයක් ලෙසත් මුරුංගා යොදාගත හැකියි.

එමෙන්ම නිර්මාංශ ආහාර රටාවකට යොමු වී සිටින පුද්ගලයන්ගෙන් අද වන විට ප්‍රෝටීන අවශ්‍යතාවය මුරංගා කොළ ආහාරයට ගැනීමෙන් පිරිමසා ගැනීමට හැකි අතර වියළා කුඩු කර ගන්නා මුරුංගා කොළ ලෝකයේ ජනප‍්‍රිය පෝෂණ අතිරේකයක් බවට ද පත්වී ඇති බව පෝෂණවේදීන් පෙන්වා දෙනවා. ඒ වගේම මුරුංගා මුල් ද රසකාරකයක් ලෙස පාවිච්චියට ගැනීමට හැකියාව පවතින බවද ඔවුන් පෙන්වා දෙනු ලබනවා.

Copied

මුරුංගා තේ ඔබව නීරෝගීව තබයි ☕☘️☕☘️ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කවුරුත් තේ පානය සඳහා පුරුදුව සිටියි. එසේම මේ වන විට බොහෝ දෙන...
14/03/2024

මුරුංගා තේ ඔබව නීරෝගීව තබයි ☕☘️☕☘️

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කවුරුත් තේ පානය සඳහා පුරුදුව සිටියි. එසේම මේ වන විට බොහෝ දෙනෙකු පුරුදුව සිටින්නේ විදේශීය කිරි පිටි පානයට වීම කනගාටු දායකය. මේ තුළින් මිනිස් ශරීරයේ බොහෝ නිදන්ගත රෝග ඇති වන බව වෛද්‍ය විද්‍යාත්මකව ද සනාථ කොට තිබේ. මේ නිසා අප ශරීරය නිරෝගීව පවත්වාගත හැකි ස්වභාවික පානයන් සඳහා අවධානය ලබාදීම ඉතාම වැදගත් වේ. මෙවැනි ස්වභාවික පානයන් අතරින් මුරුන්ගා තේ සඳහා මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබේ. මුරුංගා ශාකය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් වගා කර ගත හැකි හෙයින් මුරුංගා තේ පානය පිලිබඳව අපගේ දැනුම වර්ධනය කරගැනීම වැදගත් වේ.

මුරුංගා කොළ මගින් සකසන ලද තේ පානය මේ වන විට දේශීය වෙළෙඳපොළේ පවා බොහෝ ප්‍රචලිත වී තිබේ. මේ මුරුංගා තේ පානය තුළින් ඔබේ ශරීරය නිරෝගීව පවත්වා ගැනීමටත්, ඔබේ ශරීරයේ හැඩය මැනවින් පවත්වාගෙන යෑම සඳහාත් හැකියාව ලැබේ.

මුරුංගා තේ පානය තුළින් ඔබේ ශරීරයේ ඇති වැඩිපුර මේදය දහනය කරනු ලැබේ. ඔබේ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට සෘජුවම මෙම පානය බලපායි. ශරීරයේ ඇති අනවශ්‍ය මේද කොටස් දහනය කිරීමට මුරුංගා තේ වලට හැකියාව තිබේ. මෙම මුරුංගා තේවල ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් සහ පොලිෆීනෝල් සංයෝග ‍රැසක් ද අඩංගු වේ. මේ නිසා ඔබේ රුධිරයේ තිබෙන අනවශ්‍ය මේදය ඉවත් කොට ශරීරයට නිරෝගී සහ ආකර්ෂණීය හැඩයක් ලබා දීමටත් මුරුංගා තේ වලට හැකියාව තිබේ.

මුරුංගා තේ වලට ඔබේ රුධිර පීඩනය අවම කිරීමට ද පුලුවන. වෙළඳපලේ ඇති ඇතැම් පාන වර්ග භාවිතය හරහා ඔබේ රුධිරයේ තිබෙන රුධිර පීඩනය ඉහළ යෑම හේතුවෙන් තවත් බොහෝ රෝග වලට අතවැනීමක්, ඔබටත් නොදැනීම සිදු වේ. නමුත් මුරුංගා තේ වැනි ස්වභාවික පානයක් ලබාගැනීම තුළින් රුධිර පීඩනය අවම කරගැනීමට ඔබට හැකියාව ලැබේ. විවිධ බෙහෙත් කරල් වර්ග වලට හුරු නොවී මෙවැනි සොබාවික පානයන් තුළින් ඔබේ රුධිරයේ පීඩනය අවම කරගත හැකි නම් එය බොහෝ වටින බව නොඅනුමානය.

දැනටමත් ලොව බොහෝ දෙනකුට තිබෙන විශාල සෞඛ්‍ය ගැටලුවක් වන්නේ රුධිරගත සීනි මට්ටම ඉහළ යාමයි. වයස භේදයකින් තොරව මේ වන විට බොහොමයක් පිරිසට දියවැඩියා රෝගය තිබේ. මුරුංගා තේ පානය තුළින් රුධිරයේ ඇති සීනි මට්ටම අවම කර ගැනීමට හැකියාව තිබේ. මීට අමතරව මුරුංගා තේ වල අඩංගු විටමින් සී හේතුවෙන් ඔබේ ශරීරයේ තිබෙන දෙවන වර්ගයේ දියවැඩියා තත්ත්වය ද පාලනය වේ.

මුරුංගා තේ පානය මගින් රුධිරගත කොලස්ට්‍රෝල් මට්ටම අවම කොට හෘද රෝග ඇති වීමේ අවදානම ද අවම කිරීමට හැකියාව ලැබේ. තවත් බොහෝමයක් රෝග නිවාරණය සදහා මුරුංගා මගින් සකසන තේ පානයට ඇත්තේ ඉහළ සහ ඉක්මන් හැකියාවකි. දැනටමත් මෙම පානයේ අගය වටහාගත් බොහෝ විදේශිකයන් ශ්‍රී ලංකාවෙන් මුරුංගා තේ ආනයනය සිදු කරමින් සිටියි.

මෙවැනි ගුණයන් රැසකින් පිරි මුරුංගා තේ, ඔබත් අදම ඔබේ ජීවන රටාවට එකතු කරගන්න. ස්වාභාවික ශාක සාරයෙන් යුතු මෙවන් ශ්‍රී ලාංකීය නිෂ්පාදන පරිබෝජනය තුලින් සුවපත් හෙට දවසක් පමා නොවී ලබාගනිමු.

Copied

මුරුංගා පත්‍ර , නෙල්ලි, උළුහාල්,කළුදුරු,එඬරු තෙල් ,ඔලිව් තෙල් , රතු ළූණු, සුදු හඳුන්,සැවැන්දරා මුල්,සුදු පොල්තෙල් ඇතුළු ...
12/03/2024

මුරුංගා පත්‍ර , නෙල්ලි, උළුහාල්,කළුදුරු,එඬරු තෙල් ,ඔලිව් තෙල් , රතු ළූණු, සුදු හඳුන්,සැවැන්දරා මුල්,සුදු පොල්තෙල් ඇතුළු ශාක සාර 16ක් අඩංගු වූ ඖෂධීය කේශ වර්ධන තෛලයකි.🍀☘️🍀☘️🍃🍃
✅හිසකෙස් වර්ධනය කරයි
✅හිස්කබළ පෝෂණය කරයි
✅ඉස්හොරි වළක්වයි
✅හිසරදය සමනය කරයි
✅හිසකෙස් අග පැළීම වළක්වයි
✅හිසකෙස් අකළට පැසීම වළක්වයි
ඇණවුම් කිරීමට ඉන්බොක්ස් මෙසේජ් එකක් හෝ whatsapp මෙසේජ් එකක් දාන්න 0769998759🍀☘️🍀☘️
Everyone

උද්භිද විද්‍යාත්මකව Moringa oleifera Lam නමින් හැඳින්වෙන මුරුංගා Moringaceae කුලයට අයත්ය.එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව ව...
12/03/2024

උද්භිද විද්‍යාත්මකව Moringa oleifera Lam නමින් හැඳින්වෙන මුරුංගා Moringaceae කුලයට අයත්ය.

එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව වශයෙන් හැඳින්වෙන මුරුංගා කිසිම කෘෂි රසායනිකයක් එකතු නොකර, ස්වාභාවිකව වැවෙන අතර මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායක බව තහවුරු වී ඇත.

අපේ රටේ වියළි කලාපයේ වැවෙන මුරුංඟා මලේ පැහැය අනුව නිල්, රතු සහ සුදු වශයෙන් ප්‍රභේද තුනක් ඇතැත් නිල් සහ රතු වර්ගය ඉතාම දුර්ලභ වේ.

මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා කරල්වල අඩංගු ඇමයිනෝ අම්ලය 20% - 30% අතර ප්‍රමාණයකි. මුරුංගාවල අඩංගු ෆ්ලේවොනොයිඩ්ස් (Flavonoids), ෆි‍නොලික් අම්ලය (Phenolic Acids), ඔමෙගා අම්ලය (Omega Acid) වැනි සංඝටක රාශියක් අඩංගුය.

මුරුංගා විෂ නාශකයක් ලෙස අතීතයේ පටන් භාවිතා කර ඇත.

මඤ්ඤොක්කා , ඉස්සන්, දැල්ලෝ වැනි ආහාර පිසින විටත් මුරුංඟා කොළ ටිකක් ඒ වෙනුවෙන් එක්කලෙත් අත්දැකීමෙන් දැනගෙන සිටිය විෂ නැසීමේ ගුණය නිසයි.

ඒ වගේම මුරුංගා පොතු වියලා කුළුබඩුවක් ලෙස දිනපතා වෑංජනවලට එකතුකර ගත හැකිනම් රෝග රැසකින් අත්මිදින්නට හැකියාව ලැබේ .

පණුරෝග, බඩේ ගල්, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග, අස්ථි ආබාධ, හෘදය ආශ්‍රිත රෝග, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට, කැස්ස, ඇදුම ආදී රෝග රැසක් සුව කර ගැනීමටත් ඉන් වැලකීමටත් ඉහත ක්‍රමවේදය පිටිවහලක් වේ.

මුරුංගා සතුව බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් මර්දන හැකියාවක් ඇත.හෘදය වස්තුව ආරක්ෂා කරන අතර කොලෙස්ටරෝල් පාලනය කරයි.උණ අඩු කරයි.තුවාල සනීප කරයි. අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි.

විටමින් A මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.

දරුවන්ට වගේම ගැබිණි මව්වරුන්ගේ අස්ථි වර්ධනයට මුරුංගා ඉතාම ගුණදායක අතර අතීතයේ පටන් දරු කළලයට අවශ්‍ය යකඩ, කැල්සියම්, සහ විටමින් ප්‍රභවයන් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් ලබා ගන්න හැකියාව ලැබී ඇත.

මේ අනුව මුරුංග‍ා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමකින් යුතු එළවළුවක් ලෙස නම් කළ හැකිය. මුරුංගා කරල් මෙන්ම පත්‍ර ද ආහාරයට ගැනීමෙන් මෙකී ගුණ නොඅඩුව ලබාගත හැකිය.

මුරුංගා කොළ, කරල් පමණක් නොව ගසේ පොතු ද ඖෂධීය ගුණයෙන් ඉහළය. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුරුංගා පොතු යොදා ගන්නේ එබැවිනි.

Copied

සියලු සම ආශ්‍රිත කැසීම් හා ආසාදන සඳහා සහනය ......සහනාලේප 🍃🍀🍃🍀100% ස්වාභාවික ශාක සාරයන්ගෙන් නිපදවා ඇත.✅ඉකිලි කැසීම✅බිබිළි...
11/03/2024

සියලු සම ආශ්‍රිත කැසීම් හා ආසාදන සඳහා සහනය ......සහනාලේප 🍃🍀🍃🍀100% ස්වාභාවික ශාක සාරයන්ගෙන් නිපදවා ඇත.
✅ඉකිලි කැසීම
✅බිබිළි දැමීම
✅දිලීර ආසාදන
✅දහඩිය බිබිළි
✅දද , කුෂ්ට
ආදී සියලු සමේ රෝග සඳහා නොවරදින විසඳුම .මිල දී ගැනීමට whatsapp 0769998759 හෝ ඉන්බොක්ස් මෙසේජ් එකක් දාන්න
Everyone

☘️🌿🍃🪴🌱🌳🍀අස්ථි ප්‍ර්‍රාණ තෛලය ☘️🌿🍃🪴🌱🌳🍀ඉපැරැණි පාරම්පරික වට්ටෝරුවකට අනුව අගනා හෙළ ඔසු යොදා නිපදවූ  " අස්ථි ප්‍රාණ තෙල් "  ...
11/03/2024

☘️🌿🍃🪴🌱🌳🍀අස්ථි ප්‍ර්‍රාණ තෛලය ☘️🌿🍃🪴🌱🌳🍀
ඉපැරැණි පාරම්පරික වට්ටෝරුවකට අනුව අගනා හෙළ ඔසු යොදා නිපදවූ " අස්ථි ප්‍රාණ තෙල් " ශරීරයේ වේදනා සමනය කර බොහෝ රෝග තත්ත්වයන් සඳහා සුවය ගෙන දෙන ආශ්චර්‍යමත් දේශීය තෛලයකි.
☘️ආතරයිටීස් තත්ත්වයන්
☘️දණහිස් කැක්කුම්
☘️සියලුම සන්දි ඉදිමුම්
☘️සන්දි වේදනාවන්
☘️බෙල්ල ආශ්‍රිත වේදනාවන්
☘️දෑලවර වේදනා
☘️සන්ධි වල ශබ්ද ඇති වීම
☘️විලුඹ වේදනාවන්
☘️අස්ථි හා කාටිලේජ ගෙවී යාම
යනාදී සියලු ගැටලු සඳහා බාහිරින් ආලේප කිරීම මඟින් සියලු වේදනාවන් දුරු වී මනා සුවපත්භාවයක් ලබා ගත හැක .
මිල දී ගැනීමට whatsapp 0769998759 හෝ ඉන්බොක්ස් මෙසේජ් එකක් දාන්න

Address

Metiwala, Thelwaththa
Ambalangoda
80300

Website

Alerts

Be the first to know and let us send you an email when Holistic Health Moringa & SDO Herbals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram