VCare Skin clinic

VCare Skin clinic We brings best in you..

21/04/2019
27/02/2019
මේ ගැන ඔබ දැන  සිටියාද .........සම කිව්වම හැමෝම දන්නවා එය  අපේ සිරුරේ විශාලම ඉන්ද්‍රිය බව. අපි අතර බහුලවම දකින්න ලැබෙන ස...
25/02/2019

මේ ගැන ඔබ දැන සිටියාද .........

සම කිව්වම හැමෝම දන්නවා එය අපේ සිරුරේ විශාලම ඉන්ද්‍රිය බව. අපි අතර බහුලවම දකින්න ලැබෙන සහ සමාන රෝග ලක්ෂණ නිසා ඔබ නොසලකා හරින නමුත් වැඩි අවදානයක් දිය යුතු අවස්ථා සහ එකිනෙකට වෙනස් සමේ රෝගයන් හඳුනා ගැනීමට ඔබ දැනුවත් විය යුතු ආකාරය මෙම ලිපියෙන් කියන්නම්.

ලප / තිලකාලක හෙවත් Moles

කොයි කව්රුත් හොදට දන්නවා උපන් ලප කිව්වම. සමේ ඇති ලප බොහෝ දෙන පොදුවේ උපන් ලප කියල හැදින්වුවත් වෛද්‍ය විද්‍යාත්මකව මේ ලප පොදුවේ Moles යනුවෙන් විස්තර කරයි..

තනි පුද්ගලයෙකුගේ මෙවැනි ලප එකක් හෝ වැඩි ගණනක් තියෙන්න පුළුවන්.
බොහොමයක් Moles හෙවත් ඔබ කියන මේ උපන් ලප හානිකර නැහැ (benign ). Molesහෙවත් මෙම ලප යනු සමේ ඇති වෙන වර්ණ කාරක සෛල ( pigment -producing cells) වල එකතුවක් . ඒ කියන්නේ melanocytes වල එකතුවක්. මෙම Moles/ලප පැහැපත් සමක් ඇති අයගේ වැඩියෙන් දකින්න ලැබෙනවා.

කොහොම නමුත් මෙම Moles ඇතිවීමට හේතුව තවමත් නිශ්චිතව සොයාගෙන නම් නෑ .

කුඩා කාලයේදී Moles බහුලවම ඇතිවෙනවා. වයසින් වැඩෙද්දී මෙම moles වල වර්ණ වෙනස් වීමක් හා ප්‍රමාණයේ වෙනස් වීමක් පෙන්නනවා. හෝමෝන සාන්ද්‍රණ වෙනස් වීම් වලදී විශේෂයෙන් ගර්භනී අවස්ථාවේදී මේ ආකාරයේ moles/ලප අලුතින් හැදෙන්න පුළුවන්.

මේ ආකාරයේ හානි කර නොවන Moles /ලප ප්‍රමාණයෙන් අගල් 1/4 ක් පමණ වෙන්න පුළුවන්.
වර්ණය රෝස පැහැයේ සිට දුබුරු කළු පැහැය තෙක් වෙනස් විය හැකියි .

බොහොමයක් මෙවැනි ඔබ උපන් ලප ලෙසින් ව්‍යවහාරයේ කියන සමෙහි ඇති වන මෙම ලප හානිකර නොවන නමුත් වයසින් වැඩෙද්දී අලුතින් හටගන්නා ලප හෝ කාලයත් සමග වර්ණයේ හෝ ස්වරුපයේ වෙනස් වීමක් ඔබ දකිනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුම වෙනවා.

moles හෙවත් සමේ ඇති වෙන මෙම ලප වල ප්‍රභේද කීපයක් ගැන ඔබව දැනුවත් කරන්නම්.

Congenital Moles / උපන් ලප

ඉපදෙන විටදී හෝ ඉපදී ටික වෙලාවකින් සමෙහි දකින්න ලැබෙන ලප තමයි congenital moles කියන්නේ.
මෙසේ ඇති වන ලප සදහා ප්‍රතිකාර අවශ්‍ය නැතත් රූපලාවන්‍ය අවශ්‍යතාවය මත අවරුදු 10-12 කාලෙදී ප්‍රතිකාර කල හැකියි.


මොනවද මෙහිදී කල හැකි .........

surgery
skin resurfacing (dermabrasion)
skin shaving (excision) of top skin layers
chemical peel for lightening
laser ablation for lightening

මෙහි ඇති අවදානම් තත්වය

ඉතා විශාල උපන් ලප වැඩිහිටි වියේදී හානිකර චර්ම තත්වයකට පත්වීමේ අවදානමක් පවතී.

පහත පින්තුර උපන් ලපයක් හදුනාගන්න පහසුපහසුවක් වේවි..සුලබ ලප හෙවත් Aquired / common Moles ගැන මී ලග ලිපියෙන් ඔබව දැනුවත් කරන්නම් . මෙය share කරලා ඔබේ හිතවතුන් දැනුවත් කරන්න .

STEM CELL THERAPY
24/02/2019

STEM CELL THERAPY

Address

Poramba
Ambalangoda
80300

Telephone

+94776665517

Website

Alerts

Be the first to know and let us send you an email when VCare Skin clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category