Divisional Hospital Madampagama

Divisional Hospital Madampagama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Hospital Madampagama, Hospital, Aluthwala Road , Madampagama, Ambalangoda.

10/06/2025

පෝය සඳේ සඳ කිරණින්
ලොවේ අඳුර දුරු වේවා..
හදේ නැගෙන සිල් සුවඳින්
පවේ දුගඳ වැනසේවා..//

සසර මහා කතර මැදින්
අමා ගඟුල බිහිවේවා ..
අමා ගඟේ ගං වතුරින්
සසර කතර සරුවේවා..
ඒ කතරේ සොම්නස් මල්
පොකුරු පොකුරු පිබිදේවා
පිබිදෙන මල් පොකුරු වලින්
සාම සුවඳ විහිදේවා...

පෝය සඳේ සඳ කිරණින්
ලොවේ අඳුර දුරු වේවා
හදේ නැගෙන සිල් සුවඳින්
පවේ දුගඳ වැනසේවා..

සතර වටින් නැගෙන මහා
රණ ගී හඬ නෑසේවා..
ඒ රණ ගී හඬ පරදා
සාම ගීත පැතිරේවා..
කරුණා මෙත් සලිල ගලා
ලෝ දහමින් නැහැවේවා ..
දැවෙන තැවෙන හැම හදවත්
ඒ සලිලෙන් සැනසේවා ..

පෝය සඳේ සඳ කිරණින්
ලොවේ අඳුර දුරු වේවා..
හදේ නැගෙන සිල් සුවඳින්
පවේ දුගඳ වැනසේවා..//

පින්බර පොසොන් පොහොය දිනය අදයි.සියලු ලෝ හදවත් සුව පත්වී..සැමට දයාව කරුණාව පහළ වේව්වා .කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා. නින්දා නොකරත්වා. ඔබේත් මගේත් ජීවන මගට සතුව සාමය උදාවේවා !!

09/06/2025
ආහාර පරිභෝජන රටාව කියන්නේ අපි හැමෝටම ආවේණික වුණු, විවිධාකාර වූ ආස එපාකම් සහිත ඉතාමත් පෞද්ගලික කාරණාවක්. නමුත් මේ රටේ සෞඛ...
08/06/2025

ආහාර පරිභෝජන රටාව කියන්නේ අපි හැමෝටම ආවේණික වුණු, විවිධාකාර වූ ආස එපාකම් සහිත ඉතාමත් පෞද්ගලික කාරණාවක්. නමුත් මේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳව වගකීම දරන රජයේ ආයතනයක් ලෙස නිවැරදි දේ දැනුම් දීම අපගේ යුතුකම වෙනවා.

එම දැනුම ලබාගෙන තමන්ගේ ඕනා එපාකම් සමග සසඳා බලා බුද්ධිමත්ව සිතා කෑම රටාව වෙනස් කිරීමට හෝ නොකර සිටීමට තීරණය ගැනීම ඔබ සතුයි.

ලංකාවේ හෘද රෝග වැළඳීම ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා, ඊටත් අමතරව වයසින් අඩු පුද්ගලයින් හෘද රෝග වලට ගොදුරුවීමේ නැඹුරුතාවක් ද මෑතකාලීනව අප විසින් අධ්‍යයනය කර තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් යටතේ හෘද රෝග වැඩිවීමට බලපාන ඉතාමත් දරුණු සාධකයක් වන ලුණු පරිභෝජනය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මෙම සෞඛ්‍ය පණිවිඩය නිර්මාණය කර ඇත.

අවසානයේ දැනගත යුතු වැදගත්ම පණිවිඩය වන්නේ දිනකට පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය ග්රෑම් 5ක් හෝ වෙන ආකාරයකින් කියනවා නම් තේ හැඳි එකකට වඩා අඩු ප්‍රමාණයකට සීමා කිරීම තමාගේ ශරීර සෞඛ්‍යයට වඩාත්ම හිතකර වනවා.

💗💗💗"සයුර වන් ගුණ නැණ හොවාකරුණාව පිරි හදින් දුන් අමිල සේවයරැදුනි අප මතකයේ..පැතුම් මල් එල දරාසිත් තුටින්  රඳ රඳා දිවිය සතු...
02/06/2025

💗💗💗
"සයුර වන්
ගුණ නැණ හොවා
කරුණාව පිරි හදින්
දුන් අමිල සේවය
රැදුනි අප මතකයේ..

පැතුම් මල් එල දරා
සිත් තුටින් රඳ රඳා
දිවිය සතුටින් පුරා
පතමු ! අපි වාසනා ..! "
💗💗💗

අප රෝහලේ බෝනොවන රෝග ඒකකය බාරව සිටි වෛද්‍ය නිළධාරිණී ටී එම්.ජී.සේනාසිංහ මහත්මිය අද දින (2025.06.02) රෝහල වෙනුවෙන් සිය පුළුල් සේවා පරිශ්‍රමය නිමා කොට බලපිටිය මූලික රෝහල වෙත ස්ථාන මාරු ලැබ නික්ම ගියාය.රෝහලේ සමස්ථ සේවා පත්ධතිය නගා සිටුවීමට අනගිභවනීය සේවයක් ඉටුකල එතුමියට ආයතනය භාර වෛද්‍ය නිළධාරී තුමන් ඇතුලු සියලු කාර්ය මණ්ඩලය මෙසේ සමරු සිහිවටනයක් එක්කර තබන්නෙමු! එතුමිය ගේ අනාගත සිතුම් පැතුම් සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේව්වා යි.අපි සුභ ප්‍රාර්ථනා ගෙන එන්නෙමු .💗💗💗

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.වෛද්‍ය පර්...
31/05/2025

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

චිකුන්ගුන්යා (Chikungunya) රෝගය විශේෂයෙන් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල වලින් ආරම්භ වී රට පුරාම වේගයෙන් පැතිර යමින් පවතී.අපි ...
29/05/2025

චිකුන්ගුන්යා (Chikungunya) රෝගය විශේෂයෙන් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල වලින් ආරම්භ වී රට පුරාම වේගයෙන් පැතිර යමින් පවතී.

අපි අද මේ රෝගය ගැන දැනුවත් වෙමු.

🔴 චිකුන්ගුන්යා යනු කුමක්ද?

චිකුන්ගුන්යා යනු ඒඩිස් මදුරුවන්, එනම් ඒඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඒඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) යන මදුරුවන් දෂ්ට කිරීම හරහා පැතිරෙන වෛරස් රෝගයකි.

ඩෙංගු උණ පතුරවන්නේ ද එම මදුරුවන්ම ය.

"චිකුන්ගුන්යා" යන නම කිමකොන්ඩේ භාෂාවෙන් (දකුණු ටන්සනියනුවන් සහ උතුරු මොසැම්බික් ජාතීන් භාවිතා කරන) "නැමෙන දේ" යනුවෙන් අර්ථයක් පවතී. මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දරුණු සන්ධි වේදනාවන් ඇතිවීමයි.

🔴 රෝග ලක්ෂණ

සාමන්‍යයෙන් ඒඩිස් මදුරුවන් දෂ්ට කිරීමෙන් දින 4-8 (දින 2-12 දක්වා වෙනස් විය හැක) කට පසුව රෝග ලක්ෂණ මතුවන අතර, මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ:
🟢 හදිසියේම ඇතිවන අධික උණ (සාමාන්‍යයෙන් 39°C ට වැඩි)
🟢 දරුණු සන්ධි වේදනාව (විශේෂයෙන් අත් සහ පාදවල)
🟢 සන්ධි ඉදිමීම
🟢 මාංශ පේශි වේදනාව
🟢 හිසරදය
🟢 ඔක්කාරය සහ තෙහෙට්ටුව
🟢 සමේ කුෂ්ඨ (skin rash)
🟢 නාසයේ සහ අත්වල පැහැය වෙනස් වීම

චිකුන්ගුන්යා වසංගතයේ විශේෂත්වය වන්නේ, මුලින් ඇති වෙන රෝග ලක්ෂණ (එනම් උණ ,මාංශ පේශි වේදනාව) සුව වීමෙන් පසු සන්ධි වේදනාව දීර්ග කාලයක් පැවතීමයි. මෙය අවම වශයෙන් මාසයක කාලයක්වත් හෝ අවුරුදු ගණනක් පැවතිය හැකිය. මේ සන්ධි වේදනාව විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයින්ට ද දරුණුව බලපානු ලැබේ.

🔴 ප්‍රතිකාර

චිකුන්ගුන්යා සඳහා නිශ්චිත හෝ විශේෂ (ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් හෝ එන්නතක්) ප්‍රතිකාර නොමැති අතර, රෝග ලක්ෂණ සමනය කිරීම කෙරෙහි ප්‍රතිකාර සිදු කිරීමට හැකියාව ඇත:
🟢 හොඳින් විවේක ගැනීම සහ ප්‍රමාණවත් ලෙස දියර වර්ග ගැනීම.
🟢 වේදනාව සහ උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් භාවිතා කිරීම.
🟢 පැරසිටමෝල් වලින් සන්ධි වේදනාව පාලනය නොවන්නේ නම් NSAIDs කාණ්ඩයේ (ඉබුප්රොෆෙන් වැනි) ඖෂධ භාවිතා කිරීම අවශ්‍ය වේ. නමුත් මේ සඳහා මෙම උණ, 'ඩෙංගු උණක් නොවන බව' තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. එම නිසා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් හමුවීම අත්‍යාවශ්‍ය වේ.
🟢 දීර්ඝ කාලීනව සන්ධි වේදනාව පැවතිය හොත් ඔබේ වෛද්‍යවරයා NSAIDs (ඉබුප්රොෆෙන් වැනි), ප්‍රෙඩ්නීසලෝන් (prednisilon) සහ භෞත චිකිත්සාව නිර්දේශ කළ හැකිය.
🟢 ඔබ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, කරුණාකර වහාම ඔබගේ පවුලේ වෛදවරයා හමුවන්න. රෝගය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවුනොත්, රෝග ලක්ෂණ හොඳින් පාලනය කිරීමට හැකියාව ඇත.

🔴 සංකූලතා

චිකුන්ගුන්යා රෝගය සාමාන්‍ය වෛරස් උණක් වන අතර, බොහෝ විට ස්වයං සුව වීම සිදුවෙයි. ඉතා කලාතුරකින් මාරාන්තික වීමට හැකියාවක් ඇත. විශේෂයෙන් වැඩිහිටියන්, අලුත උපන් බිළිඳුන් සහ නිදන්ගත සෞඛ්‍ය තත්වයන් ඇති පුද්ගලයින්ට මෙම බලපෑම ඇත.

චිකුන්ගුන්යා රෝගයේ සංකූලතා කීපයක් නම්:
🟢 මාස හෝ අවුරුදු ගණනක් පවතින අඛණ්ඩ සන්ධි වේදනාව
🟢 ස්නායු සංකූලතා (එන්සෙෆලයිටිස්, මෙනින්ජයිටිස්)
🟢 ඇස් දැවිල්ල
🟢 හෘද ගැටලු
🟢 වකුගඩු අකර්මණ්‍ය වීම
🟢 ආමාශ ආන්ත්‍රික ගැටළු

🔴 රෝගය වළක්වා ගත හැකිද?

තවමත් නිශ්චිත එන්නතක් නොමැති බැවින්, ඔබ අනිවාර්යෙන් මදුරුවන් දෂ්ට කිරීම් වළක්වා ගැනීම සහ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සිදු කළ යුතුය. මේ මගින් ඩෙංගු රෝගය පැතිරීමද පාලනය කළ හැකිය.

🔴 මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන්න ඔබට කළ හැකි දේ මොනවද👇

🟢 සතිපතා ජල බහාලුම් (මල් පෝච්චි, බාල්දි, ටයර්) පිරිසිදු කිරීම
🟢 ජල එකතු කරන භාජන ආවරණය කර තබන්න
🟢 අවහිර වූ කාණු පිරිසිදු කරන්න
🟢 ජලය එකතු විය හැකි අපද්‍රව්‍ය (හිස් ටින්, තැඹිලි කොම්බ, යෝගට් කප්) නිසි ලෙස බැහැර කරන්න

🔴 පුද්ගලික ආරක්ෂාව

🟢 මදුරුවන් දෂ්ට කිරීම වැළකීම සඳහා මදුරු විකර්ෂක (පැඟිරි තෙල්, මදුරු විකර්ෂක ක්‍රීම්) භාවිතා කරන්න.
🟢 මෙම මදුරුවන් වඩාත් ක්‍රියාකාරී වන විට, විශේෂයෙන් උදේ පාන්දර සහ දහවල් කාලයේදී දිගු අත් සහිත කමිස සහ දිගු කලිසම් ඇඳීම
🟢 මදුරුවන් නිවාස තුලට පැමිණීම වැලැක්වීම සඳහා හවස් වන විට ජනෙල් සහ දොරවල් වැසීම
🟢 දිවා කාලයේ නිදා සිටියදී පවා මදුරු දැල් භාවිතා කිරීම

🔴 ඔබ අසනීප නම්, ඔබගෙන් රෝගය අනිත් අයට පැතිරවීම වැළක්වීමද රෝගය ව්‍යාප්ත වීම වැළක්වීමට අත්‍යාවශ්‍ය වේ.

🟢 මේ සඳහා රෝගය වැළඳී පළමු සතිය තුළ, තවදුරටත් මදුරු දෂ්ට කිරීම් වලින් ඔබව ආරක්ෂා කරගන්න.
🟢 රෝග ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න

මෑත කාලීන වර්ෂාපතනය නිසා මදුරු ගහනය වැඩි වීමත් සමඟ, අප සියලු දෙනාම සුපරීක්ෂාකාරීව සිටිය යුතුය. නිසි පූර්වාරක්ෂාවන් අනුගමනය කිරීමෙන් මෙම රෝගය වළක්වා ගත හැකි බව මතක තබා ගන්න.

ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්නව සිටින්න!

මෙම වසංගතයෙන් අපගේ පවුල් සහ ප්‍රජාවන් ආරක්ෂා කර ගැනීමට එක්ව කටයුතු කරමු. ඔබගේ යහළුවන් සහ හිත මිතුරන් දැනුවත් කිරීමට මේ පොස්ට් එක බෙදා ගන්න.

ගා/වේරගොඩ විජයබා මහා විද්‍යාලයේ සිසු දරුවන් විසින් අප රෝහලේ රෝගීන්ගේ ප්‍රයෝජනයට ෆාමසි කවර පරිත්‍යාග කරන ලදී.ඒ වෙනුවෙන් අ...
24/05/2025

ගා/වේරගොඩ විජයබා මහා විද්‍යාලයේ සිසු දරුවන් විසින් අප රෝහලේ රෝගීන්ගේ ප්‍රයෝජනයට ෆාමසි කවර පරිත්‍යාග කරන ලදී.
ඒ වෙනුවෙන් අපි අපේ සුභාසිංෂන පිරිනමන්නෙමු!

චිකුන්ගුන්යා භයානකයි  # ඒ ගැන ඔබ දැනුවත් වෙන්න  #මෙය මදුරුන්ගෙන් පැතිරෙන වෛරස් රෝගයකි.රෝග ලක්ෂණ: • උණ • සන්ධි වේදනාව • ඇ...
20/05/2025

චිකුන්ගුන්යා භයානකයි

# ඒ ගැන ඔබ දැනුවත් වෙන්න #

මෙය මදුරුන්ගෙන් පැතිරෙන වෛරස් රෝගයකි.

රෝග ලක්ෂණ:
• උණ
• සන්ධි වේදනාව
• ඇඟපත වේදනාව
• හිසේ කැක්කුම
• වමනය
• තෙහෙට්ටුව
• සිරුරේ රතු පැල්ලම්

ආරක්ෂාව සඳහා:
• වතුර රඳන භාජන වසා තබන්න
• මදුරු විනාශකාරක භාවිතා කරන්න
• දිග ඇඳුම් පලදින්න
• වටපිටාව පිරිසිදු තබන්න

ඉහත ඕනෑම ලක්ෂණයක් ඇති විට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

කිසිදා අමතක නොවේ අපේ ජීවිතය වෙනුවෙන් තම ජීවිත කැප කල ඒ අභීත විරුවණ්..!!!
18/05/2025

කිසිදා අමතක නොවේ අපේ ජීවිතය වෙනුවෙන් තම ජීවිත කැප කල ඒ අභීත විරුවණ්..!!!

Address

Aluthwala Road , Madampagama
Ambalangoda
80300

Telephone

+94912253252

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Madampagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Divisional Hospital Madampagama:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category