නිසල දිය Nisala Diya

නිසල දිය Nisala Diya වින්දනීය ජිවිතයක් උදෙසා

මනෝ උපදේශනය අවශ්‍ය වන්නේ කා සදහා ද ?ජීවත් වීම යනු ප‍්‍රශ්නවලට මුහුණ දීම සහ ඒවාට විසඳුම් සෙවීම ලෙස දක්වන්න පුළුවන්. බොහෝ ...
22/12/2020

මනෝ උපදේශනය අවශ්‍ය වන්නේ කා සදහා ද ?

ජීවත් වීම යනු ප‍්‍රශ්නවලට මුහුණ දීම සහ ඒවාට විසඳුම් සෙවීම ලෙස දක්වන්න පුළුවන්. බොහෝ පුද්ගලයින් විවිධ ප‍්‍රශ්න, ගැටලු හා රෝගාබාධ නිසා නිරන්තරව පීඩා විඳීනු ලබන නමුත් ඒවා විසඳ්‍රගැනීම පිළිබඳ නිසි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැහැ. දුක, වේදනාව, වෛරය, පළිගැනීමේ චේතනා, කළ කිරීම, බිය සැකය ආදී චිත්තවේගයන්ගෙන් පීඩා විඳින අය සඳහා උපදේශනය අත්‍යාවශ්‍යයි. එතුළින් සහනශීලී සුවදායක, ප‍්‍රීතිමත් සහ ප‍්‍රියජනක ජීවිතයක් ඔබට ලබා දෙනවා.

විසඳුම් සොයා ගත නොහැකි ගැටලුවකට මැදිව සිත් වේදනා විඳින, එහි අතුරු ඵලයක් ලෙස මානසික පීඩාවන්ට ගොදුරු වූ අය සඳහා ද උපදේශනය අත්‍යාවශ්‍යයි. ඔබේ ගැටලුවට කිසිම පිළිතුරක් නැතැයි සිතා සියදිවි නසා ගැනීමට උත්සාහ දරන එසේ සිතන අය සඳහාත් උපදේශනය අත්‍යවශ්‍යයි. උපදේශනය මගින් ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරනවා.

ප්‍රගීත් මුණසිංහ
මනෝ විද්‍යා උපදේශක

මනෝ උපදේශන සේවාවන් අවශ්‍ය වන්නේ ඇයි ?අතීතයේ තිබූ සරල ජීවන රටාව බොහෝ වෙනස්කම්වලට ලක්ව තිබීම. රට තුළ සිදුවූ සමාජ ආර්ථික පෙ...
22/12/2020

මනෝ උපදේශන සේවාවන් අවශ්‍ය වන්නේ ඇයි ?

අතීතයේ තිබූ සරල ජීවන රටාව බොහෝ වෙනස්කම්වලට ලක්ව තිබීම. රට තුළ සිදුවූ සමාජ ආර්ථික පෙරළිය මිනිසා තුළ මානසික ගැටලු සහ මානසික රෝගාබාධ රැසක් නිර්මාණය කර තිබෙනවා.

විවිධ හේතුන් නිසා නූතන සමාජයේ වෙසෙන බොහෝ පුද්ගලයන් මානසික පීඩාවන්ගෙන් පොළිමට හා ඉන් යම් කොටසක් රෝගීන් බවට පත්ව තිබෙනවා. ආතතිය, ක්ලමතය, විශාදය ආදී මානසික රෝග බොහොමයකින් ඔවුන් පීඩා විඳින අතර ඇතැමුන් මානසික ගැටුම් සහ මානසික ගැටලු නිසා සෞඛ්‍ය පිරිහී ගිය තත්ත්වයකට ලක්ව සිටිනවා.

පාසල් ළමුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන්ගේ දක්වා පවතින විවිධ අයහපත් හැසිරිම් හා ප්‍රචණඩක්‍රියාකාරිත්වයන් මෙම තත්ත්වය කදිමට විදහා දක්වයි. මෙසේ ඇති වී තිබෙන සමාජ පරිහානිය පුද්ගලයා සහ සමාජය කෙරේ බලපානු ලබන්නේ ඉතාමත් අහිතකර ආකාරයකින්. එහෙයින් සමාජ අසහනය තුරන් කරලීමට නිසි ක‍්‍රමවේදයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

මනෝ විද්‍යාත්මක උපදේශනය තුළින් සිදු කරනු ලබන්නේ එම කි‍්‍රයාවලියයි. තමාට ගැටලුවක් පැන නැඟුන විට ඇතිවන සිත් තැවුල සහ අයහපත් මානසික සෞඛ්‍ය තත්ත්වය නිසා එම ගැටළු තනිව විසදාගැනිමට නොහැකි අවස්ථාවන් හිදී විධිමත් වෘත්තීය උපදේශනයකට යොමුවීම සුදුසු වේ.

ප්‍රගීත් මුණසිංහ
මනෝ විද්‍යා උපදේශක

මොකක් ද මේ උපදේශනය කියන්නේ ?උපදේශනය (Counselling) යන්න අපට තරමක් නුපුරුදු කි‍්‍රයාවලියක් වුව ද වර්තමානය වනවිට එය ලාංකීය ...
22/12/2020

මොකක් ද මේ උපදේශනය කියන්නේ ?

උපදේශනය (Counselling) යන්න අපට තරමක් නුපුරුදු කි‍්‍රයාවලියක් වුව ද වර්තමානය වනවිට එය ලාංකීය සමාජය තුළ ක‍්‍රමයෙන් ජනප‍්‍රිය වෙමින් පවතිනවා.

උපදේශනය මගින් කිසිවිටෙක ඔබට උපදෙස් දීමක් සිදු කරන්නේ නැහැ. උපදේශනයේදී ඔබ කෙරෙහි අවධානය යොමු කොට ඔබ මුහුණ දී ඇති ගැටලු හඳුනාගැනීමත්, එතුළින් සිය ගැටලුව නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය ලබා දීමත් සිදු කරනු ලබනවා.

මානසික ගැටලු සඳහා උපදෙස් ලබාදීම මනෝවිද්‍යාත්මක උපදේශනය (Psychological counselling) ලෙස හඳුන්වනවා. උපදේශනය මුළුමනින්ම පාහේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් වන අතර එහිදී ඔබ කෙබඳු තත්ත්වයක සිටියද ඔබ දෙස විවේචනාත්මකව බලන්නේ නැහැ. ඔබ වරද කරුවෙක්, අපරාධ කරුවෙක් ආදී ලෙසින් විනිශ්චයකට ලක්කරන්නේ ද නැහැ.

උපදේශනයේදී උපදේශනය සඳහා ලක්වෙන ඕනෑම පුද්ගලයෙකු ඉතා ගෞරවනීය පිළිගැනීමකට ලක් කරනු ලබනවා. එමෙන්ම ඔහුගේ හෝ ඇයගේ ගැටලු දෙස මානුෂවාදී මුහුණුවරකින් බැලීමත් එම ගැටලු විද්‍යාත්මකව විශ්ලේෂණය කොට ගැටලු වලට මුහුණ දීමට සහ ඒවා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය ලබාදීමත් උපදේශනය මගින් සිදු කෙරෙනවා.

මනෝවිද්‍යා උපදේශක
ප්‍රගීත් මුණසිංහ

Address

B/551/A Vijaya Road
Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when නිසල දිය Nisala Diya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to නිසල දිය Nisala Diya:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram