Pulathisi Traditional Medical

Hatoon Inn House is a great base from which to explore this vibrant city Medawachchiya & for all the traditional medical treatments. We are treating for all below sicknesses.

HIV
Cancer
Broken legs, arm .... etc
Heart patients
Diabetics
Eyes

Plz visit us, to be a healthy person. Specialy we r giving Yoga exercise for all the patients.

Operating as usual

23/01/2021

ලංකාවේ ගංගා හැඳින්වු පැරණි නාම

22/01/2021

✅උඳුගොව්වා කෑමට සිංහල වෙදකමේ එන සාර්ථක අත් බෙහෙත් 18ක් මෙන්න

🌿අපේ සමාජයේ වෙසෙන බොහෝ දෙනා තමන්ගේ රූපලාවන්‍ය පිළිබඳ විශේෂයෙන් සැලකිල්ලක් දක්වනවා. එවන් තත්ත්වයක් තිබියදී චර්ම රෝගයක් වැළඳුනොත් මොකක් වෙයිද ? බොහෝ විට මානසික වශයෙන් පීඩාවට පත් වේවි.

🌿චර්ම රෝග ගණයට ගැනෙන උඳුගොව්වන් කෑම (Alopecia Areata) නමැති හිසෙහි කැළැල් ඇතිවීමේ රෝගි තත්ත්වය නිසා බොහෝ විට බොහෝ දෙනා අපහසුතාවට පත් වෙනවා.

🌿උඳුගොව්වන් කෑම කියන්නෙ කුමනාකාරයේ රෝගී තත්ත්වයක්ද ? ඒ සඳහා බලපාන්නෙ කුමනාකාරයේ හේතු සාධකද ? මේ සඳහා ප්‍රතිකාර තිබෙනවාද ?

✅උඳුගොව්වන් කෑම කියලා කියන්නේ සතෙක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්ද ?

👉සමාජයේ වෙසෙන බොහෝ දෙනා හිතන් ඉන්නේ හිසේ තිබෙන කෙස් ගස් උඳුගොව්වා කියන සතෙක් කෑම නිසා ඇතිවන රෝගී තත්ත්වයක් විදිහටයි.

👉ඒත් ඒක වැරැදි අදහසක්. මේ රෝගය ඇති වන්නේ සතෙක් නිසා නෙමෙයි. විවිධ ශාරීරික හේතු නිසා ඇතිවන චර්ම රෝග තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

✅එසේ නම් උඳුගොව්වන් කෑම කියලා කියන්නේ ?

👉වෛද්‍ය විද්‍යාවේදී උඳුගොව්වන් කෑම කියලා කියන්නෙ Alopecia Areata කියන තත්ත්වයයි. ඒත් මේ රෝගය වැළඳෙන ක්‍රමය මොකක්ද කියලා මෙතෙක් සොයාගෙන නෑ.

👉ඒක විෂබීජයක් නිසාවත්, සතෙක් කෑම නිසාවත් ඇතිවන රෝගයක් නෙමෙයි. එහෙම සිතීම මිථ්‍යාවක්. ඒත් මේ රෝගී තත්ත්වය වැළඳීම සඳහා හේතු කාරණා කිහිපයක් බලපාන බවට සැක කෙරෙනවා.

✅එම හේතු කාරණා මොනවාද ?

👉ශරීර අභ්‍යන්තර රෝග (immunological) නිසා මෙවැන්නක් ඇතිවන්න ඉඩ කඩ ඇතැයි සිතන්න පුළුවන්. ඒ වගේම ජාන සම්බන්ධ (Jentic) රෝගයක් විදිහටත් මෙය ඇතිවිය හැකි බව සමහරු පවසනවා. මීට අමතරව ඒ ඒ පුද්ගලයන්ට බලපාන මානසික පීඩාකාරී තත්ත්වයන් හේතු කරගෙන මේ චර්ම රෝගය ඇතිවිය හැකියි. රෝගී තත්ත්වයක් නිසා හෝ සමීපතමයකුගේ මරණයක් නිසා හෝ වෙනයම් කරුණක් හේතු කරගෙන ඇතිවන මානසික ව්‍යාකූලත්වය, ආතතිය නිසා උඳුගොව්වන් කෑම ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.

✅මේ රෝගය බෝ වන චර්ම රෝගයක්ද ?
කොහෙත්ම නෑ. වෙනත් කෙනෙක්ගෙන් තවත් අයෙක්ට මේ රෝගය බෝ වීමේ ප්‍රවණතාවක් ඇත්තෙ නෑ.

✅උඳුගොව්වා කෑමට අත් බෙහෙත්

01. එළබටුකොළ යුෂ, මීපැණියෙන් ආලේප කරන්න. ඉදුණු එළබටු ගෙඩි යුෂ මී පැණියෙන් අනා ගෑම ද යෝග්‍යයි. එළබටු ඇට දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

02. ජාපාල කොළ උඳුගොව්වා කෑ තැන අතුල්ලා බාඳුරා දළු අඹරා තලතෙලින් අනා ගාන්න.

03. ඔළිඳ ඇට හා එම මුල් එකට අඹරා උඳුගොව්වා කෑ තැන ගාන්න. ඔළිද ඇට මද මී පැණියෙන් අඹරාගෑම ද සුදුසුයි.

04. නුග දළු කේසර බැබිල දළු සමව ගෙන අබතෙල් සමඟ අනා පොඩිකර රසකිඳ වැලේ ඉස්ම හා විනාකිරි සමඟ එක්කොට අනා අව්වේ කකාරා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය සුදුසුයි.

05. කඳුලැස්ස දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

06. දේවධාර අමු රසකිඳ ඉස්මෙන් අඹරා ගාන්න.

07. නියඟලා අල අරලිය කොළ ඉස්මෙන් අඹරා ගාන්න.

08. වියළි ඉඟුරු තල තෙලෙන් අඹරා නැවත අත්තන කොළ යුෂ වලින් අඹරා ගාන්න.

09. නියඟලා අල බදුල්ල ඇට, කළුතල සමව ගෙන කරවිල කොළ ඉස්මෙන් අඹරා ගාන්න.

10. දුම්මැල්ල කොහොඹ කොළ එක පමණ ගෙන කොටා මිරිකා යුෂ ගෙන දින කිහිපයක් උඳුගොව්වා කෑ තැන ආලේපය සුදුසුයි.

11. වතු කහඹිලියා අමු කහ එකට කොටා මිරිකාගත් ඉස්ම දින කිහිපයක් එක දිගටම එම ස්ථානයේ ගාන්න.

12. දේවධාර කැබැල්ලක් දෙහි යුෂවලින් ගලගා කතා නොකර දින 14ක් උඳුගොව්වා කෑ ස්ථානයේ මදක් සූරා ගාන්න. මෙහිදී සූරන්නට අමු කොස් කොළයක් හෝ කොටකිඹුලා කොළයක් ගත හැකිය.

13. අමු රසකිඳවැල් කැබැල්ලකින් කැපූ මුහුණතින් උඳුගොව්වා කෑ තැන පිරිමදින්න. මෙය සුවවනතෙක් දින කිහිපයක් කිරීම වටී.

14. අමු පොල්කොළ පිළිස්සුණු අළු තල තොලෙන් අඹරා එහි ගාන්න.

15. ජාපාල ඇටයක් පුළුස්සා කොහොඹ තෙලින් උරච්චි කර රෝගියා රාත්‍රී නින්දට ගිය පසු කතා නොකර ආලේප කිරීම.

16. හබරල පිත්තට හුණු ආලේප කර උඳුගොව්වා කෑ ස්ථානයේ ගාන්න.

17. සිවිය දළු ඉඟුරු දළු තලතෙලෙන් කකාරා ගාන්න.

18. ගැට තුඹ කොළ දුම්කොළ සමඟ අඹරා හුණු මිශ්‍ර කර උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය යෝග්‍යයි.

🌿දින කිහිපයක් බෙහෙත් කර හිස කෙස් ඒමට ගත් පසු කුරුම්බා ලොඳ රතුලූනු සමඟ අඹරා ගාන්න.

🌿දැලි පෙත්තක් දෙහි ඇඹුළින් අඹරා ගාන්න.

🌿දෙහි ගෙඩියක් තුළට පල්මාණික්කන් දමා දින 7ක් තැම්බෙන්න හැර පසුව එය අඹරා ගාන්න.

✅මෙවැනි අත්බෙහෙත් ගැනීමේදී විශේෂයෙන් සමහර අයට ආසාත්මිකතා ඇතිවිය හැකියි. එවිට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන්ම නවතා සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව මතක තබාගන්න.
.......................................................................
✅ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.

✅පෙර ලිපිය:-🌿අසීම්ත වූ රෝග ගණනාවකට ගුණ දෙන ගිරිතිල්ල..

Link👉https://www.facebook.com/103692838182059/posts/151319256752750/
........................................................................
✅වැදගත් ඖෂධ ගැන වීඩියෝ නැරඹීමට පිවිසෙන්න අපගේ youtube නාලිකාවට👇
https://youtube.com/channel/UC98ssZkGEQx_Mwsol18yw_Q
.........................................................................
🖊 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ #facebook පිටුවට #Like කරල
Link👉https://www.facebook.com/විශ්මිත-හෙළ-ඔසු-103692838182059/ 👈

22/01/2021

✅තවමත් රහසක් වෙන එඩරු වල විශ්මිත ඔසු ගුණ

✅රෝග ගනනාවකට ඖෂධයක් ලෙස භාවිත කරන එඩරු තෙල් කියන්නෙ දේශීයව අප විසින්ම සාදා ගන්නට පුලුවන් තෙල් වර්ගයක්.

🌿එඩරු තෙල් සාදාගන්නට භාවිත කරන එඩරු ශාකය ගැන ඔයාලට නොදන්න දේවල් ගොඩක් මෙතනින් දැනගන්නට පුලුවන්..👉https://youtu.be/_s9wvAdEbt8

13/01/2021

ජාතක පොත් වහන්සේ සොයාගෙන කියවන්න

29/12/2020

✅රෝග රැසකට ගුණ දෙන දිය හබරල

🌿ජබර යනුවෙන්ද හඳුන්වන දියහබරල සෙ.මි. 3 පමණ ගණකම රෛසෝමයක් සහිත, ජලාශ්‍රිතව වැවෙන කුඩා පැළෑටියකි. බෙහෙවින් අතු බෙදුණු රෛසෝමයෙන් නව පැළෑටි හට ගනී. පත්‍ර‍ කොලපුවලින් වැසී පවතින සිලිංඩරාකාර කඳ සෙ.මි 90 දක්වා දිගට වැඩේ. කුන්තාකාර හෝ ශරාභ හැඩැති පත්‍ර‍ දිගින් සෙ.මි. 15-18 සහ පළලින් සෙ.මි. 5-15 දක්වා වැඩේ. පත්‍ර‍ තලයේ ඉහල පෘෂ්ඨය තද කොළ පැහැති වන අතර යටි පෘෂ්ඨය ළා පැහැති ය.

🌿දේශීය වෙදකමේදී දියබෙරලිය යනුවෙන් හඳුන්වන්නේ ද මෙම විශේෂ බවයි බොහෝ පිරිසකගේ පිළිගැනීම. පෙනුමෙන් මෙම විශේෂවලට තරමක් සමාන ජපන් ජබර (Eichhornia crassipes) නමින් හඳුන්වන විදේශීය ආක්‍රමණික ශාකය මෙම වර්ග සමඟ පටලවා නොගත යුතු ය. මේවා Pontederiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය.

🌿පිත නිසා හටගත් රෝග, මව්කිරි මදිකම, වාත මේහ, ප්‍ර‍දර රෝග, මුත්‍ර‍ දැවිල්ල, මුත්‍ර‍ අඩස්සිය, මුත්‍ර‍ පිටනොවීම, මලබද්ධය, ගුද භ්‍ර‍ංශ ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා දියහබරල සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. දියහබරල පිත සමනය කරන, රුධිරය පිරිසිදු කරන, මුත්‍ර‍කාරක, කාම වර්ධක, වේදනා නාශක ආදී ගුණ සහිතයි. නීල්‍යාදී තෛලය දියහබරල යොදා නිපදවන ප්‍ර‍කට ඖෂධයකි.

🌿මව්කිරී එරීමට, වාත මේහයට, මුත්‍ර‍ අඩස්සිය සහ මුත්‍ර‍ පිට නොවීමට දියහබරල දෙහි ගෙඩියක් පමණ ප්‍ර‍මාණයක් අඹරාගෙන මොරු සමඟ දවසට දෙවරක් බැගින් දින 40 ක් භාවිතා කළ යුතුය.

🌿 ගුද භ්‍ර‍ංශයට දියහබරල කැඳ දෙයි. අක්ෂි රෝග සඳහා ප්‍ර‍තිකාර කිරීමේදී දියහබරල යුෂ භාවිතා කරයි.

🌿කැක්කුම සහ දැවිල්ල සහිත වණවලට දියහබරල කොළ, කැකුළු හාල්, පොල්කිරෙන් තම්බා අඹරා බැඳිය යුතු ය.

🌿ගඩු සඳහා දියහබරල කොළ දොඬම් ඇඹුලෙන් අඹරා දීකිරි එක්කොට ගඩුවේ ගෑ යුතු ය.

🌿 බාහිර ලේ වහනය වැලැක්වීමට කොළ ඇල්දියෙන් අඹරා ආලේප කරයි.

🌿දියහබරලවලට ශරීරගත විෂ ඉතා කෙටි කාලයකින් උරා ගෙන මල සමඟ පිටකිරීමේ විශේෂ හැකියාවක් ඇති නිසා විෂ වෙදකමේදී භාවිතා කර ඇති බව සඳහන්.

🌿දියහබරල ශාක කොටස් උදරාබාධ, දත්කැක්කුම, ඇදුම, ඇල්ශයිමර් රෝගය ආදියට ප්‍ර‍තිකාර කිරීමට යොදා ගනී.

🌿දියහබරල කොළ, අල සහ පුෂ්ප මංජරිය මැල්ලුම්, ව්‍යංජන සහ කැඳ ලෙස සකසා ආහාරයට එක්කර ගත හැකිය.

🌿දියහබරල කොළ හා දඬු, ගාගත් පොල් සමග කොටා මිරිකා ගත් යුෂ යොදා සකස් කරගත් කොළ කැඳ හිස් බඩ පානය කිරීමෙන් ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල පහ වේ.

🌿 එමෙන්ම එය මුත්‍ර ගල් දියවීමටත්, ශුක්‍ර මේහයටත්, සෙංගමාලයටත් අගනා ඔසුවකි. මේවා ශීත ගුණයෙන් යුත් ආහාර නිසා රත්පිත් රෝගීන්ට ද වඩාත් ගුණදාක ය.
.........................................................................
✅ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා.

✅පෙර ලිපි:-නිවසක වැවිය යුතු වටිනාම ශාකය
Link👉https://youtu.be/dAuwNfmHzsg
.........................................................................
🖊 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ #facebook පිටුවට #Like කරල
Link👉https://www.facebook.com/විශ්මිත-හෙළ-ඔසු-103692838182059/ 👈

සිරුරේ ඇති වේදනාවන් නැති කරන නිල තෙරපුම් 14ක් - Helarahas Lanka Online 22/12/2020

සිරුරේ ඇති වේදනාවන් නැති කරන නිල තෙරපුම් 14ක් - Helarahas Lanka Online

සිරුරේ ඇති වේදනාවන් නැති කරන නිල තෙරපුම් 14ක් - Helarahas Lanka Online මේ තෙරපුම් ලක්ෂ්‍යන් 14 පීඩනයට ලක් කිරීම මඟින් ඔබේ සිරුරත් මනසත් සුවපත් කරගත හැකියි. ඔබට තනිවම ඕනැම තැනක සිට මෙම ක්....

Photos from Galigamuwe Gnanadeepa Thero's post 21/12/2020

Photos from Galigamuwe Gnanadeepa Thero's post

21/12/2020

ආගන්තුක ජවර හා ස්වසන අපහසුතා සදහා භාවිතා කල හැකි පැනියක් මා මව් පාර්ෂවයේ ඇය සතු පැරණි පුස්තකයක තිබී පසු ගිය දින වල සදා මා හිතවතුන් අතරේ බෙදා දෙනු ලැබීය. මෙය ඉතාමත් සාර්ථක ලෙස කොවිඩ් 19 වෙනුවෙන් භාවිතා කල හැක. එය නවීන මාන වලින් ඔබ ට භාවිතා කල හැකි පරිදි මෙසේ සටහන් කරන්නෙමු . මාහට මෙය දෙවියන් සිහිනෙන් නොකියූ නිසාත් මා දින ගනනක් නිදි වරා, පත්තිරු කලුමැද අසීරු වෙන් කියවා අදල පැනිය සැදූ නිසාත් නොමිලේ දිය නොහැකි . බොතලයක් මා දුන්නේ රුපියල් 5000/= ගනනේය. අමු සාදික්කා ගෙඩියක් ග්රෑම්250 පමන බර ,කොත්තමල්ලි150 g , අමු ඉඟුරු 75g , රතු ලූනු 60g , ගම්මිරිස් 20 , කරාබු නැටි 15g, අගිල් 10g , සූදුරු 10 g , තිප්පිලි 10g. ගෙන මෙයට වතුර ලීටර් 20 දමන්න . මෙය වතුර දෙකහමාරක් වන සිද එයට පරන මී පැනි 750 මි මි දමා, හොදින් කලවම් දවයට දෙවරක තේ හැදි 1 බැගින් බොන්න

29/11/2020

✅ ගැස්ට්‍රයිටිස් වලට හොදම විසඳුම දිය බත.
✅දිය බතේ ගුණ සහ සාදා ගන්නා ආකාරය.

🌿 ගැස්ට්‍රයිටිස් පමණක් නොව රෝග බොහොමයකට විශ්මිත ගුණ දෙන දිව ඔසුවකි දිය බත්. විශේෂයෙන්ම උෂ්ණාධික රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙසින් අපේ පැරැන්නෝ දියබත් භාවිත කළහ . වියලි කාල වලදී හට ගන්නා කට පැලීම, යටි පතුල් පැලීම, ඇස් රෝග සමේ ආසාධන වැනි රෝග සඳහා ද දිය බත් දිව ඔසුවකි. ගැස්ට්‍රයිටිස් රෝගයට මේ තරම් ඔසුවක් නැති තරම් ය. එය නිට්ටාවට සුව කර ගැනීමට දියබත් ආහාරයට ගැනීමෙන් සිදු කල හැකිය.

🌿 දිය බත් සීතල ආහාරයක් නිසා සීත කාල වල,වැසි සහිත දිනවල වැඩිපුර පාවිච්චි වන්නේ නැත. දිය බත් දවස ප්‍රබෝදයෙන් තබන්නට සමත් උදෑසන අහාරයකි

🌿තදින්ම ගැස්ට්‍රයිටිස් තියන කෙනෙක් දවස් 7ක් දියබත් කෑවොත් අනිවාර්යෙන්ම සුවවෙනවා…. අත්දුටුවයි ! සත්තයි ! දියබතේ ගුණ සහ සාදා ගන්නා ආකාරය.

✅ දියබතේ ගුණ

⏩ කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
⏩ ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්තයට ඉතාමත් ගුණදායකයි.
⏩ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
⏩ මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
⏩ බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

✅ අවශ්‍ය ද්‍රව්‍ය

ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6
අමුමිරිස් කරල් 3 – 4 ක්
උම්බලකඩ 20 g
ලුණු ස්වල්පයක්
දෙහි බෑවක ඇඹුල්
පොල් බෑයක කිරි
රාත්‍රියේ උයා ඉතිරි බත් ටිකක්

✅ සාදා ගන්නා ආකාරය

පෙරදින රාත්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප්‍රමාණයකට බත් ටික වැසෙන ප්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න).

⭕ පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත හදනවා මෙන්න මෙහෙම

ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා… දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න. ඉන්පසු නෑබිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කර ගන්න… ඉන් පසුව මේකට පොල්කිරි ටික එකතුකරන්න… දෙහි ඇඹුල් අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව

ඔබට ගැස්ට්‍රයිටිස් තත්වය ගොඩක්ම වැඩියි නම් කිතුල් හකුරු එක්කරගන්නත් පුළුවන්… එහෙනම් කාලා බලලා රසගුණ අගුණ කියන්න.

........................................................................
.........................................................................
🖊 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ #facebook පිටුවට #Like කරන්න
🌿Link👉https://www.facebook.com/විශ්මිත-හෙළ-ඔසු-103692838182059/ 👈

✅ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්නත් අමතක කරන්න එපා.

✅පෙර ලිපිය:- ඖෂධීය ගුණ සපිරි හෙළ සහල්
Link👉https://www.facebook.com/103692838182059/posts/130223652195644/

Photos from හෙළ විස්කම් අරණ's post 29/11/2020

Photos from හෙළ විස්කම් අරණ's post

20/06/2020

Photos from Pulathisi Traditional Medical's post

19/04/2020

5-Minute Crafts

11 benefits of aloe vera. 💆‍♀ bit.ly/2WZClBz

16/03/2020
16/03/2020
11/03/2020

Nasal Inhalation (Nasna) by Dr. Sanjeewa Alwis

The video shows How to Get Rid of Phlegm and also how to Do a Nasya Using Ayurvedic Nasya Oil. Nasya is a treatment procedure mentioned in Ceylon Traditional...

16/12/2019

උතුම් මව්බිම සිංහලේ

මේ සෙල්ලිපි කියවීම මරුනෙ ...
දගම දෙගම ඊලගට නැති වයන්නක් දාල දේවගමලු..😀😀😀😀
ඉතිං ආයේ කොහෙන් මගද රාජ්‍යක් හොයන්නද?? 😀😀😀😀

14/12/2019

කොත්මලේ කිතුල් නිෂ්පාදන හා මී පැණි kothmale pure kithul juggry and honey

වැදගත් ලිපියක් ...

17/06/2019

Photos from Pulathisi Traditional Medical's post

14/04/2019
08/02/2019
08/02/2019

Peggi after the treatment

[02/08/19]   Paggi after the treatment

12/12/2018

බුද්ධ පුතුන් buddha puthun

11/12/2018

ලයිකා - Laika

සමහර විට ඔබත් නොදන්න ඔසු මේ අතර ඇති.. බුකියේ තැනින් තැන විසිරී තිබූ තොරතුරු ටිකක් එකම තැනක..

(වටිනා තොරතුරු බුකියට එකතු කළ අයට ස්තූතියි)

10/12/2018

Solemnity SL

සිරිලක ප්‍රථම අංගම්පොර ගම්මානය පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කෙරේ.
( මූලාශ්‍රය : යුද්ධ හමුදා නිළ වෙබ් අඩවිය ඇසුරින් )

28/08/2018
07/08/2018
07/08/2018

We can donate some food and school books for little kids

07/08/2018

[08/07/18]   We donate food and school books for little kids

10/06/2018

Futusion

22/05/2018
24/04/2018

Hashem Al-Ghaili

This tiny chip is designed to replace animal testing.

24/04/2018

චානු Creation

😒

18/02/2018

Videos (show all)

Location

Category

Telephone

Address


Medawachchiya
Anuradhapur
60080
Other Anuradhapur clinics (show all)
Dentcare Dental -Anuradhapura Dentcare Dental -Anuradhapura
59(c),Maithripala Senanayaka Rd, Anuradhapura
Anuradhapur

Dental surgery in anuradhapura , sri lanka. services - general dentistry/ cosmetic dentistry/ orthodontics/ minor oral surgery/ preventive treatment

Doctor Mobile Doctor Mobile
Sampath Record Bar,No/21,Old Bustand,Anuradhapura
Anuradhapur, 50000

Medisus School of Pharmacy Medisus School of Pharmacy
Anuradhapur

Pharmacy Course for External Pharmacist’s Examination Pharmacy course is conducting by a Bachelor of Pharmacy Graduate, Faculty of Medical Sciences,USJP