අනුරාධපුර රාජධානිය

අනුරාධපුර රාජධානිය අනුරාධපුරයට ආදරේ අපි
(1)

ඒ සුන්දර පරපුර...! ❤ ඒ සුන්දර මිනිසුන් සමුගනිමින් සිටී...ඒ අපූරු පරපුර මිය යමින් සිටී...මහා යාන-වාහන..,Smart දුරකථන නොව....
06/11/2025

ඒ සුන්දර පරපුර...! ❤

ඒ සුන්දර මිනිසුන් සමුගනිමින් සිටී...
ඒ අපූරු පරපුර මිය යමින් සිටී...

මහා යාන-වාහන..,
Smart දුරකථන නොව.,
රූපවාහිනී හා විදුලියද නොමැතිව
උන් ජීවත් වූහ.

අපේ පරපුර මෙන්
මහ ඉහළට ඉගෙන ගැනීමට..,
ලස්සනම කෙනා වීමට..,
ලොකුම කතාව කිරීමට...
උන්ට වෙලාව තිබුණේ නැත.

තාප්ප වලින් වට කොට
මහා මාළිඟා තැනීමට..,
නවීනතම වාහනය ගැනීමට..,
ලස්සනම ඇස් ඇති සෙල්ෆිය ගැනීමට..
උන්ට ඇවැසි වූයේ නැත.

රෑ වෙනතුරු
වත්තේ.., පිටියේ..,
තැන්නේ.., කුඹුරේ.., කුරක්කන් යායේ..
ඔට්ටු වූ උන්...

මැදියම වෙනතුරු...
ඇඳුම් මැසූහ...
වට්ටි පෙට්ටි විවීය..

ඒ මැසූ ඇඳුමෙන්
සරලව සැරසුනු උන්ට..
මහා නිර්මාණකරුවන්ගේ ලාංඡන ඇති..
අමුතු ඇඳුම් ඇවැසි නොවීය.

ලෙඩට-දුකට Channel කරන්නට..
උන්ට කිසිවෙකු නොසිටියහ.

ගහට කොළට..,
සතා සීපාවාට..,
ඇලට දොළට
උන් සැබැවින්ම ආදරේ කළහ.
කුරුල්ලන්, ලේනුන්
උන්ගේ අත් උඩට එන්නට
කිසිවිටෙක බය නොවූහ.

එබැවින් උන්ට..
Oxygen සඳහා මරා ගන්නට..
මූණු ආවරණ දා හැංඟෙන්නට..
ඇවැසි නොවීය..

ගේ ඇතුළට නළ ජලය නොලැබූ උන්..
ඇලට දොළට..,
ළිඳට වැවට..,
පාරේ පයිප්පයට ගොස්
වතුර ගෙන ආහ.

McDonald's..,
KFC නොදත් උන්...
සහල් මිටකින්..,
කුරක්කන් කරලින්
පොල් සම්බෝලෙන්
කිරි හොද්දෙන්
සෑහීමකට පත් වූහ.

උන් උඹේ පරපුරට ඇල-දොළ බාර දෙද්දී..
ඒවා ප්ලාස්ටික් කුණුගොඩවල් නොවීය.
වැව්, මුහුදු බාර දෙද්දී..,
කුණු වතුරෙන් පිරී නොතිබීය.
වත්ත පිටියේ..
කුරුල්ලො ගී ගැයූහ..

අද උඹලා ඊළඟ පරපුරට බාර දෙන
කුණු ගොඩ දැක
අපි කඳුළු පෙරූහ..

යුද්ධ.., සාගිනි වලට
මුහුණ දුන් උන්...
මහ උන්ට රැවටුනි...

මේ පරපුර මිය යමින් පවතී...

මට මගේ පරපුර ගැන ඇත්තේ ආදරය කි..!
උඹලාගේ පරපුර ගැන ඇත්තේ කලකිරිමකි..!!

ලියන්නට තව බොහෝ දේ තිබුණත්..,
කියවන උඹට…
නොලියූ දේ දැනුනු බව දනිමි..!

Copied

පින්බර ඉල් පුන් පොහොය දිනයක් වේවා !ඔබ සැමගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබ දවසක් වේවා 🌻🙏🙏🙏🌻
05/11/2025

පින්බර ඉල් පුන් පොහොය දිනයක් වේවා !
ඔබ සැමගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබ දවසක් වේවා 🌻🙏🙏🙏🌻

ඔබ සැමට උතුම් දළදා සමිඳු පිහිටයි🌼🌼🙏🌼🌼ලොකෙකනාථ වදනම්බුජ රාජහංසං වෙනෙය්‍ය කොමුද වනං කුමුදාකරන්තං අද්ධින්දුකාර වරරූප විරාජ ...
05/11/2025

ඔබ සැමට උතුම් දළදා සමිඳු පිහිටයි🌼🌼🙏🌼🌼

ලොකෙකනාථ වදනම්බුජ රාජහංසං
වෙනෙය්‍ය කොමුද වනං කුමුදාකරන්තං
අද්ධින්දුකාර වරරූප විරාජ මානං
වන්දාම් සාධු මමලං ජිනදන්තධාතුං

එකා දාඨා තිදසපුරේ එකා නාගපුරෙ අහු
එකා ගන්ධාර විසයෙ එකාසි පුන සීහලෙ
චතස්සොතා මහාදාඨා නිබ්බාණ රසදීපිකා
පූජිතා නරදෙවෙහි තාපි වන්දාමි ධාතුයො🌼🙏🌼

______________________________
fans ___________

🎥 Credit gose to respective owner

ඔයාලගේ කැඩිලා, මැකිලා තියන පරණ ජාතික හැඳුනුම්පත වෙනුවට අලුත් එකක් ගන්න අවශ්‍යයි නම්...පහල සඳහන් කාරණා ටික සම්පූර්ණ කරගන ...
23/10/2025

ඔයාලගේ කැඩිලා, මැකිලා තියන පරණ ජාතික හැඳුනුම්පත වෙනුවට අලුත් එකක් ගන්න අවශ්‍යයි නම්...පහල සඳහන් කාරණා ටික සම්පූර්ණ කරගන එක දවසෙන් අයිඩෙන්ටිය අතට ගන්න බත්තරමුල්ලට යන්න...රුපියල් 2500යි යන්නේ.

මුලින්ම ලඟම තියන පොටෝ ස්ටූඩියෝ එකකට ගිහින් ජාතික හැඳුනුම්පතට පොටෝ එකක් ගන්න ආවේ කීවම එයාලා පොටෝ අරගන්නවා.(මම 8 පාරක් ගත්තා පාස් උනේ නෑ) 9වෙනි පාර පාස් උනේ.
ඒකට රුපියල් 500ට වඩා අඩු මුදලක් වැය වෙන්නේ. පොටෝ ගත්තම ඒ අය ඒක අනුමත කරගන අපට ලියුම් කවරෙක දාලා කොළයක් දෙනවා. ඊට පස්සේ අලුතෙන් ගත්ත උප්පැන්න කොපියක් අවශ්‍ය වෙනවා. පරණ ඒවා ගන්නේ නෑ.ඒ ටික අරගන ඔයාලට අදාල ග්‍රාමසේවක ලඟට යන්න. කාරණය පැහැදිලිව කියන්න. එයා ලඟ නොමිලේ දෙන ෆෝම් සෙට් එකක් තියනවා.
පුරවන්න දන්නේ නැති අයට ඒක එයාගෙත් උදව් ඇතිව පුරවගන්න පුළුවන්.එක් දින සේවාවට කොළබ ගිහින් අයිඩෙන්ටිය හදන අයට තව දිග ලියුම් කවරයක් ග්‍රාමසේවක ලඟට අරන් යන්න ඕනා. ලියුම් කවරයේ පාට සුදුද බ්‍රවුන්ද අදාල නෑ.
ඒක පුරවලා ඉවර උනාම පරණ අයිඩෙන්ටිය ග්‍රාමසේවක ඒ ෆෝම් සෙට් එක එක්කලා අමුණනවා.කැඩිලා නම් කෑල්ල අමුණනවා.
ලියුම් කවරයට ෆොටෝ ගත්ත කොළය සහ ෆෝම් සෙට් එක උප්පැන්නය දාලා අලවලා ඔයාලගේ අතට දෙනවා ප්‍රාදේශීය ලේබම් කාර්‍යාලයෙන් අනුමත කර ගන්න. ග්‍රාමසේවක ලඟින් වැඩේ ඉවර උනාම දවස් 3 කට කලින් ප්‍රාදේශීය ලේබම් කාර්‍යාලයට යන්න කියලයි කියන්නේ.එතන සල්ලි ගන්නේ නෑ
ඒක කරගන කොළබට යන්න ඕනා. දවල් 12 ට කලින් බාර දුන්නම හවස 5 ට කලින් ගන්න පුළුවන්.

උප්පැන්නයේ සඳහන් ආකාරයට තමා නම සිංහල සහ ඉංගීසි වලින් දාලා දෙන්නේ. උප්පැන්න ලියන අය අතපසුවීම් කරලා අකුරු වරද්දලා තිබ්බා නම් ඒ විදිහටම තමා ලැබෙන්නේ. ඒ නිසා උප්පැන්න සංශෝධනයක් කර ගන්න ඕනේ නම් අයිඩී එක හදන්න කලින් ග්‍රාමසේවකගෙන් තොරතුරු අහන් ප්‍රාදේශීය ලේබම් කාර්‍යාලයෙන් ඒක වෙනස් කරන් යන්න.
මේවා ඉතින් රජයේ නිධාරීන්ගේ අතපසුවිම් උනාට අපට හොඳ කට්ටක් කන්න සෙට් වෙන වැඩ.

ජාතික හැඳුනුම්පත් හදන තැන නම් හොඳ කාර්‍යක්ශමව වැඩ ටික කරලා දුන්නා. අපට නිකන් එයාලගේ දේපලකට ගියා වගේ සැලකුවේ නෑ. එතන සල්ලි දීලා කන්න බොන්න වගේම වැසිකිලි පහසුකම් එහෙම හොඳට තියනවා.
හැබැයි තාමත් සමහර ග්‍රාමසේවකලා ඉන්නවා අපි අතපල්ලෙන් වැටිලා වගේ සලකන්න බලාගන ඉන්න අය. හරි තොරතුරක් දෙන්නේ නෑ. මිනිස්සු රස්තියාදු කරනවා.

අවසාන වශයෙන් කියන්ට ඕනා පාස්පෝට් හදන කෙනා ඔයාගේ නම වරද්දලා ලියලා නම් එහෙම ඒ විදිහට අයිඩී ලැබෙන්නෙ නෑ. උප්පැන්නයේ නම විදිහටම අකුරක්වත් වෙනස් නොකර තමා දෙන්නේ. මගේ පාස්පෝට් එකෙ අර නම මගේ ලයිසන් එකේ අර නම කිව්වට වැඩක් නෑ හරිත.

අම්මෝ! තව වැදගත් දෙයක් කියන්න තියනවා. අලුත ඉපදුන ලමයිගේ උප්පැන්න ලියන අය ඒක ඔයාලා දාපු නමෙන්ම ලියලද වාසගම හරියට ලියලද බලන්න. සමහර අය වාසගම අතර තියන හිස්තැන තියන්නේ නෑ.. රණසිංහආරච්චිගේ කියලා එකටම ලියපුවට දෙයියන්ගෙම පිහිටයි. ඒක ඒ විදිහටම අයිඩී එකේ ලියනවා.

✍️ Niranjala Sarojanie

සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලීති පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝංද්‍රෝණයක් පමණ ශ්‍රී සර...
23/10/2025

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ, අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!
සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ, අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!

මීදුමෙන් වැසී ගිය මහා සෑය 🙏🙏
23/10/2025

මීදුමෙන් වැසී ගිය මහා සෑය 🙏🙏

😒
23/10/2025

😒

කාල තරණය කරන සෙනාලි බිමිමල් 😀නිශ්පාදිත දිනය 2025/11/13😀😂
20/10/2025

කාල තරණය කරන සෙනාලි බිමිමල් 😀
නිශ්පාදිත දිනය 2025/11/13😀😂

මුත්‍රා ගල් දියකරන තිබ්බටු 💟💟                                      තිබ්බටු සමඟ පමණක් බත් අනුභව කළ හැකිය. වියළි කලාපයේ හේ...
15/10/2025

මුත්‍රා ගල් දියකරන තිබ්බටු 💟💟

තිබ්බටු සමඟ පමණක් බත් අනුභව කළ හැකිය. වියළි කලාපයේ හේන්වල
ඉතා සරුවට වැවෙන තිබ්බටු හේනකදීම හේන් බතක් සමඟ ආහාරයට ගැනීමට මටද
අවස්ථාවක් ලැබුණි.
ඔවුන්ගෙන් මෙම තිබ්බටු මාළුව සකසා ගන්නා ආකාරය දැනගත් පසු
වැටහුණේ මෙම හේන් හොද්දේ සියලූ ආකාර රස ගුණ තිබූ බවය.

එම තිබ්බටු මාළුව සකසා තිබුණේ මේ ආකාරයෙනි.

තිබ්බටු කහ ලූණු මිශ‍්‍රකර තම්බාගෙන තිබුණේ හාල්මැස්සන් අහුරක්ද දමාය.
හොඳින් තැම්බුණ පසු එය වෙන භාජනයකට අස්කර එයට පොල් තෙල් ටිකක්
දමා රත්කර රතුඵෑණු කොච්චි හා කොච්චි කොළද පොල් සමඟ මිශ‍්‍ර කර පොල් වතුර දමා
හොඳින් පොඩි කර තිබුණි.

තුනපහ ස්වල්පයක්ද දමා කලින් තම්බා ගත් තිබ්බටු හා හාල්මැස්සන් මිශ‍්‍රණය
සමඟ නැවත ලිප තබා හැන්දෙන් පොඩි කර තිබුණි.
මෙය මා ජීවිතයේ ගත් ආහාර අතර අමතක නොවන ආහාරයක් වූ බව වසර
20කටත් වඩා ගතවී තිබුණද මගේ මතකයෙන් ඈත්වී නැත.

අපගේ මාතෘකාව වන තිබ්බටු කන්ඨකාරිකුලය යන solanaceae ටය.

තිබ්බටු ගසේ උද්භිද විද්‍යාත්මක
නාමය Solanum Indicum Linn යනුවෙනි.
මෙම ගසේ ගෙඩි වලින් ව්‍යංජන සකසන අතර ගසේ පංචාංගයම ඖෂධ පිණිස
භාවිතා කරයි.
අඩි 4ක් 5ක් පමණ උසට වැවෙන තිබ්බටු ගස නිල් මල් පිපෙන වර්ගය
හා සුදුමල් පිපෙන වර්ගය ලෙස දෙවදෑරුම්ය.

සුදුමල් වර්ගයේ ගෙඩි තරමක් විශාලය. වාතය හා සෙම සමනය කරන ගුණ
පිරි නිසා සෙම් කුපිත වූ විට හා වාතය සමනයට යොදා ගනී.

ආහාර පරිපාචන ක‍්‍රියාවලිය හොඳින් සිදුකිරීමට සමත් තිබ්බටු ආහාරයට
ගැනීමෙන් පණුවන් නැසේ.
ආහාර රුචිය ඇතිකරයි. එම නිසා බඩගිනි අඩු අයටද, ආහාර රැචිය
අඩු අයටද, ග‍්‍රහණී රෝග ඇති විටද, උදර වේදනාව ඇතිවිටද සුදුසුය.
හෘදය වස්තුව උත්තේජනය කරන ගුණය ඇත.

රුධිරය පිරිසුදු කරන ගුණය ද ඇති අතර තිබ්බටු ශාකයේ පංචාංගය සිරුරේ
ඉදිමුම නැති කරයි.

නරක්වූ කුපිත වූ සෙම ඉවත් කිරීමේ ගුණය ඇති අතර ස්වාස රෝග අවස්ථා
වලදී හුස්ම ගැනීම පහසු කරවයි.

කැස්ස ප‍්‍රතිශ්‍යාව, ස්වර භේද හෙවත් උගුර බැරැන්ඩිය ඇතිවිටද හික්කා
රෝගින්ටද ආහාර පිණිස ගැනිම සුදුසුය.

මුත‍්‍රා ගල් දිය කිරීමද තිබ්බටු වලට හැකියාව ඇත. තිබ්බටු ඇටවල
ගර්භාෂය සංකෝචනය කරන ගුණය ඇත.

එමනිසා ඔසප් ශ‍්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට සුදුසු අතර දරුවන්
ලැබූ මුල් කාලයේ (සූතිකා සමයේ) ගැනීම සුදුසුය.
එහෙත් රුධිරය පිටවීම වැඩි අයට අහාර පිණිස නොගත යුතුය.

යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම
සුවවෙයි.
වාජීකරණ ගුණය ඇති නිසා තරුණ වියේ සිට නිතර ආහාරයට ගැනීමෙන්
කාම ශක්තිය වැඩි වෙයි.

ඇට චූර්ණය නස්‍ය කිරීමට වෛද්‍යවරු භාවිතා කරයි.
කාමලා රෝගයටද, ග‍්‍රහණි හා මාන්දම් රෝග වලදී ද , නේත‍්‍රා
රෝගවලදී ද භාවිතා කරන තිබ්බටු කායම,තිබ්බටු ගෙඩි ඉස්ම, අමුකහ ඉස්ම, අමු
ඉඟුරු ඉස්ම, කිතුල් හකුරු, කිතුල්පැණි හා මිශ‍්‍රකර නැවුම් වළඳක දමා ගිනි රස්නය
වැදෙන සේ ලිප ළඟ තබා වරකට කෝප්ප කාලක් ගැනීමට නියම කොට ඇත.

මේ ආදී ඖෂධමය හා ආහාරමය ගුණ පිරි තිබ්බටු ග‍්‍රෑම් 250ක මිල ගැන
බැලීමේදී පවා වගාකිරීමෙන් ආර්ථිකමය වටිනාකමක්ද වැඩි ශාකයකි.

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව
කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමරි වෛද්‍යරත්න.. 💚🙏

15/10/2025

යුතුකමක් විදියට හැමෝටම උදව් කරන්න...!
නමුත්,
ප්‍රතිචාරයක් විදියට හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න එපා...!❤️

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when අනුරාධපුර රාජධානිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram