iCare Physiotherapy Center Anuradhapura

iCare Physiotherapy Center Anuradhapura iCare Physiotherapy Anuradhapura is designed to offer the best physiotherapy services with a team of well qualified physiotherapists!

Call for Appointments!0762266781070353699107113307660714379132Personalised physiotherapy sessions for neck pain, back pa...
12/01/2025

Call for Appointments!

0762266781
0703536991
0711330766
0714379132

Personalised physiotherapy sessions for neck pain, back pain, shoulder pain, elbow and wrist pain, arthritis, stroke, cerebral palsy and many of similar conditions.

*Meet our panel of SLMC Registered Physiotherapists Anuradhapura

ඔබත් මේ වේදනා වලින් පීඩා විදිනවාද?උරහිස, වැලමිට, මැණික් කටුව සහ ඇගිලි ආශ්‍රිත වේදනාවන් අද කාලයේ ගොඩක් බහුල වෙලා තියෙනවා....
23/12/2024

ඔබත් මේ වේදනා වලින් පීඩා විදිනවාද?

උරහිස, වැලමිට, මැණික් කටුව සහ ඇගිලි ආශ්‍රිත වේදනාවන් අද කාලයේ ගොඩක් බහුල වෙලා තියෙනවා.

දීර්ඝකාලීනව mobile phone භාවිත කරන, computer එකත් එක්කම වැඩ කරන වගේම විවිධාකාරයේ රෝගාබාධ තියෙන අයට මෙවැනි වේදනාවන් නිතර දැනෙන්න පුළුවන්.

පාසල් යන දරු දැරියන් අතරත් මේ ආකාරයේ දෑත් ආශ්‍රිත වේදනාවන් බහුල වෙන්නේ ගොඩක්ම වැරැදි ඉරියව් නිසා.

අවාසනාවකට, අපි නිතරම මේ වගේ වේදනාවන් සුව කරගන්න මහන්සි වෙනවට වඩා ඒ වේදනාවන් එක්කම අපේ වැඩ කටයුතු කරගන්න හුරු වෙනවා.

එහෙම හොදයිද?

නැහැ. වේදනාවන් එක්ක ඉන්නවා කියන එක අපේ ජීවන තත්වය තියා ගන්න සෑහෙන ලෙසින් බලපෑමක් ඇති කරනවා.

වැඩට/ office එකට නොයා නිවාඩු ගන්න වෙනවා, ඉස්කෝලේ නොයා ඉන්න, සටහන් ලියා ගන්න කාර්යක්ෂමතාව අඩු වෙන්න බලනවා. ගොඩක්විට මේ වේදනාවන් ඔලුවේ/හිසේ කැක්කුම් නිතර එන තත්වයට පවා හේතු වෙන්න පුලුවන.

ආතරයිටීස්, අංශභාගය, Carpal Tunnel Syndrome, Trigger Fingee, පිලිස්සුම් තුවාල, අත, උරහිස හා ඒ අවට අස්ථි බිදීම් හා මාංශපේශී ආබාධ (විශේෂයෙන් ක්‍රීඩා අනතුරු) වගේ විවිධ රෝග තත්ව එක්ක අතේ මේ වගේ වේදනාවන් හෝ අතේ දුර්වලතා/ අත පණ නැතිවීම වගේ නැත්නම් හිරිවැටීම් තියෙනවනම් අනිවාර්යයෙන්ම ඔයාලට මේ ලිපිය වැදගත් වෙනවා.

Hand Physiotherapy Session එකකදී මොකද වෙන්නේ?

මුලින්ම අපි ඔයාලගේ assessment එක කරනවා. මේකෙන් මේ වේදනාවන් හෝ ඒ ආශ්‍රිත ගැටලු ඇතිවෙලා තියෙන්නේ ඇයි, දැන් තත්වය මොකක්ද?, Hand Physiotherapy sessions ඇත්තටම ඔයාලට වැදගත් වෙනවාද නැත්නම් ඔයාලව වෙනත් විශේෂ වෛද්ය ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනද සහ දළ වශයෙන් ඔයාලට hand physiotherapy sessions කීයක වගේ ඕන වෙයිද සුවයක් ලබන්න සහ බලාපොරොත්තු වෙන්න පුලුවන් මොන තරම් දුරට සුවයක්ද වගේ ගොඩක් දේවල් අපි ඔයාලත් එක්ක කතා කරනවා සහ දැනුවත් කරනවා.

ඊට පස්සේ, අත් සහ ඒ අවට මාංශපේශී ශක්තිමත් කරන, මාංශපේශී සැහැල්ලු කරන, සමායෝජනය වැඩ් දියුණු කරන, Grip strengthening, Fine and Gross motor activities, Electrotherapy, Constraints induced movement therapy, mirror therapy, functional rehabilitation වගේ ගොඩක් දේවල් මේ hand physiotherapy session එකකදී වෙනවා. මේ ප්‍රතිකාර ඔයාලට තෝරා ගන්නේ මුලින්ම කිව්ව assessment එකේ ප්‍රතිඵල අනුව නිසා ඔයාලටම විශේෂ ප්‍රතිකාර කරන්න අපට පුලුවන් වෙනවා. මතක තියාගන්න ඕනම දේ තමයි, hand physiotherapy session හැම එකක්ම විශේෂයි. ඒ වගේම දෙන්නෙක්ට කරන hand physiotherapy treatments හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්.

ඉතින් ඔයාලත් මේ විදියේ වේදනාවන් වලින් පීඩා විදිනවා නම්,

කතා කරන්න iCare Physiotherapy Anuradhapura අපිට.

අපි කවුද?

අපි පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලයයන් වලින් Physiotherapy විශේෂ උපාධි සහ Physiotherapy පශ්චාත් උපාධිධාරීන් වගේම වසර ගණ්නාවක රෝහල් වල සායනික physiotherapy ප්‍රතිකාර කරන භෞත චිකිත්සක කණ්ඩායමක්.

අපේ මේ උත්සහය අනුරාධපුර හා ඒ අවට ඔයාලට අඩුම මුදලකට උපරිම රෝගී සත්කාර සේවයක් ලබා දෙන්න වගේම ඔයාලගේ රෝගී තත්ව වලට අපිට හැකි අයුරින් උපරිම සුවයක් ලබා දීලා ඔයාලාගේ ජීවන තත්වය වැඩි දියුණු කරලා දෙන්න.

**👨‍👩‍👧‍👦 Fall Prevention Starts with Physiotherapy! Keep Your Loved Ones Safe this Fall Season! 🏃‍♂️👨‍👩‍👧‍👦**As the fal...
16/12/2024

**👨‍👩‍👧‍👦 Fall Prevention Starts with Physiotherapy! Keep Your Loved Ones Safe this Fall Season! 🏃‍♂️👨‍👩‍👧‍👦**

As the fall season brings change, it’s an ideal time to focus on **fall prevention**, especially for our older adults in Anuradhapura. With the right approach, we can reduce the risk of falls and help our elders live more safely and independently. One of the best ways to achieve this is through **physiotherapy**!

💡 **How Physiotherapy Can Help Prevent Falls:**

1. **Strength and Balance Training**: Physiotherapists design customized exercises to improve muscle strength, stability, and balance, which are key to preventing falls.

2. **Improved Coordination**: Regular physiotherapy sessions enhance coordination and posture, making everyday movements safer.

3. **Fall Risk Assessment**: A physiotherapist can assess fall risk and recommend necessary changes to your environment or routine to reduce hazards.

4. **Posture Correction**: Proper posture and body mechanics are essential for maintaining stability, and physiotherapists can help with guidance on this.

5. **Pain Management**: Addressing any pain or discomfort that affects mobility through physiotherapy can also prevent falls related to discomfort or weakness.

💪 Whether it's strengthening muscles, improving flexibility, or teaching safe movement techniques, **physiotherapy** is a powerful tool in reducing fall risk. Let's ensure our elders in Anuradhapura are strong, steady, and safe!

**Stay Safe, Stay Strong!** 💙

📞 For more information on physiotherapy services for fall prevention, contact us today!

👉 අංශභාග තත්වයෙන් පසුව භෞත චිකිත්සාව ආරම්භ කළ හැක්කේ කවදාද? ආඝාතයෙන් පැය 24ක සිට ඔබ භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගත යුතුයි...
01/12/2024

👉 අංශභාග තත්වයෙන් පසුව භෞත චිකිත්සාව ආරම්භ කළ හැක්කේ කවදාද?

ආඝාතයෙන් පැය 24ක සිට ඔබ භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගත යුතුයි. මෙය ඔබගේ පෙර ක්‍රියාකාරකම් මට්ටම නැවත ලබා ගැනීමට ඇති වඩාත්ම ඵලදායි ප්‍රතිකාර ක්‍රමයක් වෙනවා.

👉 මුල් අවධියේදී, භෞතචිකිත්සක ප්‍රතිකාර තුලින් සංකූලතා වැලැක්වීම සහ ඔබේ ප්රකෘතිමත් වීමට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර පසුකාලීනව, ඔබට වැදගත් වන ඇඳට නැඟීම හෝ ක්‍රීඩා කිරීම වැනි දේවල් කිරීමට ඔබට හැකි වන ක්‍රම සොයා ගැනීමට මෙන් ස්ංකීර්ණ කාර්යයන් කිරීම දක්වාම ඔබේ භෞත චිකිත්සකවරයා ඔබව පුහුණු කරනු ලබනවා.

තවද, භෞතචිකිත්සකයෙකුට ක්‍රියාකාරකමක් හෝ කාර්යයක් අනුවර්තනය කිරීමට ඔබට උපකාර කළ හැකි අතර එමඟින් ඔබට එය ස්වාධීනව කළ හැකි වීම භෞත චිකිත්සක ප්‍රතිකාර තුලින් බලාපොරොත්තු වෙනවා.

👉 භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගත හැක්කේ කොහේදී ද?

ඔබේ ආඝාතය හේතුවෙන් ඔබ රෝහලට ඇතුළත් කර ඇත්නම්, ඔබේ භෞතචිකිත්සාව ආඝාත වාට්ටුවේදී ආරම්භ වේ.

ඔබේ ආඝාතයෙන් පසුව ඔබ රෝහලේ රැඳී නොසිටියේ නම්, හෝ රෝහලේ සිටියදී චිකිත්සකයෙකු හමු නොවූයේ නම්, ඔබට තවමත් භෞත චිකිත්සාව ලබා ගත හැකිය.

👉👉👉ඔබට පුලුවන් ඔබව භෞත චිකිත්සක ප්‍රතිකාර සදහා යොමු කිරීමට ඔබේ වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටින්න.

👉👉👉එමෙන්ම ඔබ දැනුවත් නම් ඔබටම භෞත චිකිත්සක ප්‍රතිකාර වෙත යොමු වීමටද හැකිය.

👉හැකි ඉක්මනින්ම භෞත චිකිත්සක ප්‍රතිකාර සදහා යොමු වීම ඔබගේ පෙර ක්‍රියාකාරී දිවිය නැවත ගොඩනගා ගැනීමට ඔබට උදව් වෙන අතර ප්‍රතිකාර සදහා ප්‍රමාද වීම ඔබේ ක්‍රියාකාරී දිවිය නැවත ලබා ගැනීමට ගත වන කාලය වැඩි කරන්න හේතු වෙන්න පුලුවන්.

❤️ ඔබත් වඩාත් ඵලදායි භෞත චිකිත්සක ප්‍රතිකාර සැසියක් බලාපොරොත්තු වෙනවා නම් අපට කතා කරන්න.

✳️අපි අද කතා කරන්නේ ඉතා වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන්.🧠

✳️අංශභාගය හැදෙන හැම ලෙඩෙකුටම ඖෂධ එන්නත් කරණය කරලා සනීප කරන්න පුළුවන්ද? වෛද්‍ය වාට්ටුවල වැඩ කරද්දී මේ ප්‍රශ්නය ගොඩක් වෙලාවට රෝගීන් වගේම රෝගියාගේ ඥාතීන් විසිනුත් අපෙන් අහනවා.

✳️අංශභාගය වගේම පූර්ව අංශභාග තත්වය පිළිබඳවත් අපි සවිස්තරාත්මක ලිපි දෙකක් කලින් පළ කරලා තියෙනවා.

✳️ඇත්තටම ඇයි අංශභාගය හැදෙන හැම ලෙඩකුටම බෙහෙත් ඉන්ජෙක්සන් එක දීලා හොඳ කරන්න බැරි?

✴️අංශභාගය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.🧠

1️⃣Ischemic stroke

මෙහිදී සිදුවන්නේ මොළයට රුධිරය සපයන රුධිර නාලයක ලේ කැටියක් හිරවීම මගින් මොළයට රුධිරය සැපයීම අඩාල වීම නිසා ශරීරයේ පැත්තක් පණ නැති වීම සිදුවෙනවා.

2️⃣Heamorrhagic stroke

මේ තත්ත්වයේදී මොළේට රුධිරය සපයන නාලයක් පුපුරා යාම නිසා මොළය තුළ රුධිර ගැලීමක් සිදුවෙනවා.

✴මම පළවෙනියට සඳහන් කරල තියන Ischemic stroke තත්ත්වය තිබුණොත් විතරයි බෙහෙත් ඉන්ජෙක්සන් විඳීම සලකා බලන්නේ.

✴️මෙම Ischemic stroke තත්වයේ වුවද රෝගියාගේ රෝග ලක්ෂණ එනම් ශරීරයේ එක් පැත්තක අත පාදය පණ නැතිවීම,හිරිවැටීම,බර ගතිය, කට පැත්තට යාම,කටහඬ පිට නොවීම,කටහඬ අපැහැදිලි වීම,අත්පාද පණ නැති වූ පැත්තෙම ඇසේ පෙනීම අඩුවීම යනාදී රෝග ලක්ෂණ මතුවී පැය 4 1/2 (හතර හමාරක්) වැනි කෙටි කාලයක් තුළදී රෝගියා රෝහලට ගෙනාවොත් පමණක් ischemic stroke තත්ත්වයේදී injection කිරීම සලකා බැලීම සිදු කරන්නේ.එම කාලය නැතුව පරක්කු වී පැමිණෙන රෝගීන්ට මෙම බෙහෙත් එන්නත් කරනය සිදු කරන්නේ නැත.

✳️ඉහත සඳහන් කරන ලද රෝග ලක්ෂණ වලින් පැමිණෙන රෝගීන්ගේ මුලින්ම සිදු කරන්නේ NCCT brain නැමති CT ස්කෑන් පරීක්ෂණයයි.මොලයේ මෙම පරීක්ෂණය සිදු කිරීම මගින් මොළයේ සිදුවී ඇත්තේ රුධිර ගලනයක්ද එසේ නැත්නම් ලේ කැටියක් හිරවීමක්ද කියලා වෛද්‍යවරු නිගමනයකට පැමිණෙනවා.

✳️මෙම Ischemic stroke අංශභාගය සඳහා දෙන්නේ Alteplase නැමති ලේ කැටි දිය කර හරින ඖෂධයක් වේ.

✳️තවත් මතක් කළ යුතු වැදගත් කාරණයක් වනුයේ, අංශභාග රෝගී ලක්ෂණ පැමිණ පැය හතර හමාරක් ඇතුළත රෝහලට පැමිණියද මෙම ඖෂධය එන්නත් කිරීමට ප්‍රථම තවත් කරුණු සලකා බැලිය යුතුවේ.එම කරුණු රෝගියා හමුවේ ඇත්නම් නියමිත වෙලාව ඇතුළත පැමිණියත් මෙම ඖෂධය ලබා දෙන්නේ නැත.මොනවද ඒ කරුණු?

1️⃣මොලයේ රුධිර ගලනයක් සිදුවී ඇත්නම් මෙම ඖෂධය කිසිසේත්ම ලබා දෙන්නේ නැත .

2️⃣පසුගිය මාස තුන ඇතුළත අංශභාගය තත්ත්වයක් ඇති වී ඇත්නම් මෙම ඖෂධය ලබා දෙන්නේ නැත.

3️⃣රෝගියා පසුගිය සති තුන ඇතුලත මොළයේ හෝ ශුෂුම්නාවේ ශල්‍යකර්මයකට භාජනය වී ඇත්නම් මෙම ඖෂධය ලබා දෙන්නේ නැත.

4️⃣පසුගිය සති තුන ඇතුළත දරුණු හිස ආශ්‍රිත අනතුරු සිදුවී ඇත්නම් මෙම ඖෂධය ලබාදෙන්නේ නැත.

5️⃣රුධිර කැටි ගැසීමේ ගැටලු සහිත රෝග ඇති පුද්ගලයන්ටද මෙම ඖෂධය ලබා දෙන්නේ නැත.

6️⃣රුධිර පට්ටිකා ප්‍රමාණය අසාමාන්‍ය ලෙස අඩුවී ඇත්නම් හෝ INR අගය වැඩි වී ඇත්නම් මෙම ඖෂධය ලබා දෙන්නේ නැත.

7️⃣රුධිර පීඩනය අඩු කරන ඖෂධ ලබා දුන්නත් තවදුරටත් රුධිර පීඩනය 185/110 mmHg අගයට වඩා පවතින්නේ නම් මෙම ඖෂධය ලබා දෙන්නේ නැත.

🛑ඉතින් ඔබට ලබාදෙන පණිවිඩය වන්නේ අංශභාගයට අදාල රෝග ලක්ෂණ ඇතිවුවහොත් පැය හතර හමාරකට අඩු කාලයකදී ඉක්මනින්ම පහසුකම් සහිත රෝහලක් වෙත යන්න.

🛑එක පැත්තක අතක් කකුලක් හිරිවැටීමකට පණ නැති වීමකට ලක්වුවහොත් එය වාත අමාරුවක් යැයි සලකා තෙල් බෙහෙත් කරමින් කාලය නාස්ති නොකරන්න.😖

⭕අංශභාග රෝග තත්ත්ව මතුවී ගතවන සෑම තත්පරයකදීම මොළයේ සෛල විනාශ වෙයි.

⭕අංශභාගී රෝග තත්ත්වයෙන් මිදීමට පළමු පියවර වන්නේ රෝග ලක්ෂණ මතු වූ වහාම ඉතා ඉක්මනින් රෝහලක් කරා ගමන් කිරීමයි.එහිදී ඔබට වැළඳී ඇති අංශභාග වර්ගය අනුව alteplase ඖෂධය ලබාදීම හෝ නොදීම තීරණය කරනු ඇත.

✳️අංශභාගයෙන් වැළකීමට තෙල් පිටි සීනි ආහාර පාලනය,ක්‍රියාශීලී ජීවන රටාව වඩා වැදගත් වෙයි.

🌐මේ පිළිබඳව ඔබ දැනුවත් වී අන් අයවත් දැනුවත් කරන්න.

~ කායික රෝග විශේෂඥ වෛද්‍යය ලක්නාත් වෙලගෙදර ~

30/11/2024

✳️Increased body weight is a major cause for non communicable diseases.

✳️If you feel you are over weighted and need to reduce your body weight, consult our physiotherapists to asess you and prepare a exercise programme for you.

✳️iCare Physiotherapy Anuradhapura.

30/11/2024

ආතරයිටිස් (Arthritis)

ආතරයිටිස් යනු සන්ධිවල ඇතිවන ආසාදන තත්වයකි. එය දණහිස, උකුල සන්ධිය වැනි ප්‍රධාන සන්ධි ආශ්‍රිතව මෙන්ම අත් පා ආශ්‍රිත කුඩා සන්ධිවලටද බලපායි. ප්‍රධාන වශයෙන් ආතරයිටිස් වර්ග 2 ක් ඇත.

1. ඔස්ටියෝ ආතරයිටිස් (OA)
2. රූමැටොයිඩ් ආතරයිටිස් (RA)

ආතරයිටිස් රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් කාලයත් සමඟ වර්ධනය වන අතර ඒවා පිටතට මතුවන්නේ හදිසියේම විය හැකිය.
ආතරයිටීස් බහුලව දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් තුළ වුවද.
එය ළමුන්, යෞවනයන් හා තරුණ අය තුළද වර්ධනය විය හැකිය.
ආතරයිටිස් පිරිමින්ට වඩා කාන්තාවන් හා අධික බර ඇති පුද්ගලයින්ට ඇතිවීමේ අවදානම ඉතා ඉහලය.

🛑 රෝග ලක්ෂණ.
✔️සංධි තුලින් වේදනාව ඇතිවීම.
✔️සංධියේ තද ගතිය ඇතිවීම හා ඉදිමීම.
✔️සංධියේ චලන පරාසය අඩු වීම.
✔️ඇතැම්විට සන්ධිය වටා සමේ රතු පැහැයක් ඇතිවීම.

🔴ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බොහෝ අයගේ රෝග ලක්ෂණ උදෑසන කාලයේදී තීව්‍ර වන අතර ඇවිදීමට අපහසු වී සන්ධිවල චලන සීමා වී තද බවක් ඇතිවේ.

කාටිලේජ යනු සංධිවල පවතින ස්ථිර නමුත් නම්‍යශීලී සම්බන්ධක පටකයකි. එය සංධි චලනය වන විට ඇතිවන පීඩනය හා කම්පනය අවශෝෂණය කර සංධි ආරක්ෂා කරයි. මෙම කාටිලේජ පටකයේ සාමාන්‍ය ප්‍රමාණය සහ ඝනත්වය අඩුවීම බොහෝ ආතරයිටිස් වර්ග වැළඳීමට හේතුවන අතර ඔස්ටියෝ ආතරයිටිස් ඇතිවීමට මෙය ප්‍රධානතම හේතුවක් වේ.

🔴යම් ආසාදනයක් හෝ අනතුරක් හේතුවෙන් කාටිලේජ ඇදීයාම,ඉරීයාම ස්වාභාවික කාටිලේජ පටකය බිඳවැටීම සීඝ්‍රවීමට හේතුවේ.

🔴ඔබට රෝගය සම්බන්ධව පවුල් ඉතිහාසයක් තිබේ නම් ඔස්ටියෝ ආතරයිටිස් වර්ධනය වීමේ හැකියාව ඉහල වේ.

🛑රූමැටොයිඩ් ආතරයිටිස්.
ආතරයිටිස් හි තවත් පොදු ආකාරයක් වන රූමැටොයිඩ් ආතරයිටිස් ඇතිවන්නේ ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශරීරයේ පටක මත අහිතකර ලෙස බලපෑම නිසා සංධි තුළ අස්ථි හා කාටිලේජ විනාශ වීම හේතුවෙන් ඇතිවේ.

🛑ප්‍රතිකාර.
✔️රෝගියා අත්විඳින වේදනාවේ ප්‍රමාණය අඩු කිරීම.
✔️සංධි වලට සිදුවන අමතර හානිය වළක්වා ගැනීම.
✔️චලන පරාසය පවත්වා ගැනීම යටතේ ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර සිදුකරයි.

🔴මූලික අවස්ථාවේදීම හඳුනාගෙන නිසියාකාරව ප්‍රතිකාර සිදුනොකලහොත් සංධිය කෘතිම සංධියක් මගින් ප්‍රතිස්ථාපනය කිරීමේ සැත්කම් සිදුකිරීම දක්වා රෝගය අයහපත් තත්වයට පත්වීමට වීමට විශාල ඉඩකඩක් පවතී.

🔴සිරුරේ බර අඩුකිරීම සහ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම.
🔴සැලසුමකට අනුව නිතිපතා ව්‍යායාම කිරීම.
🔴සංධි අධික ලෙස වෙහෙසට පත්වීම වළක්වා ගැනීම.
මගින් රෝගය ඇතිවිමේ අවදානම අඩුකරගත හැකිය.
✍️ ආතරයිටිස් රෝගය නිශ්චිත ලෙස සුවකල නොහැකි අතර, මූලික අවධියේදී හඳුනාගැනීම හා භෞතචිත්සක ප්‍රතිකාර වලට යොමු වීම මගින් රෝග ලක්ෂණ බෙහෙවින් අඩු කර රෝගය පාලනය කර ගැනීමේ හැකියාව පවතී.

iCare Physiotherapy Anuradhapura is designed to offer the best physiotherapy services with a team of well qualified physiotherapists!

22/11/2024

ඔබගේ ජීවිතයට භෞත චිකිත්සක ප්‍රතිකාරමය ව්‍යායාම කොච්චරනම් දුරට අවශ්‍ය වෙනවාද කියලා බලන්න. ❤️❤️❤️

නිතිපතා ව්‍යායාම වල යෙදීම ඔබගේ ජීවන තත්වය වැඩි දියුණු කරන ආකාරය හොඳින්ම පෙන්වනවා මේ Canadian Exaplanatory video එක තුලින්.

Happy International Men's Day! 👷🧑‍🔧🧑‍🏭🧑‍🍳🧑‍💼🧑‍🚒🫅🧑‍⚖️🕵️🧑‍🔬🧑‍💻🤾‍♀️👨‍👩‍👧‍👦👨‍👩‍👧අද සමාජයේ අපි ප්‍රමුඛව දකින දෙයක් තමයි ශරීර ...
19/11/2024

Happy International Men's Day! 👷🧑‍🔧🧑‍🏭🧑‍🍳🧑‍💼🧑‍🚒🫅🧑‍⚖️🕵️🧑‍🔬🧑‍💻🤾‍♀️👨‍👩‍👧‍👦👨‍👩‍👧

අද සමාජයේ අපි ප්‍රමුඛව දකින දෙයක් තමයි ශරීර සෞඛ්යය පිළිබඳව කාන්තාවන් තුල තිබෙන උනන්දුව පිරිමි පාර්ශ්වය තුල අවම වීම.

ඒත්, පියෙක් සැමියෙක් පුතෙක් විදියට සෞඛ්යය පිළිබඳව දැඩි අවධානයක් දීම වැදගත් වෙන්නේ පවුලක් තුල ඔබගේ කාර්යය පවුලක සාර්ථක වීම සදහා අවශ්‍යම වෙන නිසා. ❤️

බලන්න ඔබේ සෞඛ්යය පිළිබඳව ඔබ සැලකිලිමත් වෙනන ඕන ඇයි කියලා.❤❤❤

01. Maintaining Muscle Mass and Strength: As men age, they naturally experience a gradual decline in muscle mass and strength, a phenomenon known as sarcopenia. Regular exercise, particularly strength training, can help mitigate this loss and preserve muscle mass, strength, and function. Strength training exercises such as weightlifting, bodyweight exercises, and resistance band workouts are effective at building and maintaining muscle mass, improving bone density, and supporting joint health.

02. Promoting Heart Health: Heart disease is a leading cause of mortality among men over 50, making cardiovascular health a top priority. Regular aerobic exercise, such as brisk walking, jogging, cycling, or swimming, can help improve cardiovascular fitness, lower blood pressure, reduce cholesterol levels, and decrease the risk of heart disease and stroke. Aim for at least 150 minutes of moderate-intensity aerobic exercise per week, or 75 minutes of vigorous-intensity exercise, in addition to muscle-strengthening activities.

03.Managing Weight and Metabolism: Metabolism tends to slow down with age, making weight management a common challenge for men over 50. Regular exercise, combined with a balanced diet, can help maintain a healthy weight, increase metabolism, and prevent age-related weight gain. Incorporate a combination of aerobic exercise, strength training, and flexibility exercises into your routine to maximize calorie burn, build lean muscle mass, and support metabolic health.

04. Enhancing Bone Health: Osteoporosis, or the loss of bone density, becomes more prevalent with age, particularly among men over 50. Weight-bearing exercises such as walking, jogging, dancing, and weightlifting can help strengthen bones, improve bone density, and reduce the risk of fractures and osteoporosis. Additionally, activities that improve balance and coordination, such as tai chi or yoga, can help prevent falls and injuries.

05. Boosting Mental Well-being: Regular exercise has numerous mental health benefits, including reducing stress, improving mood, enhancing cognitive function, and reducing the risk of depression and anxiety. Engage in physical activities that you enjoy and find fulfilling, whether it's hiking, playing sports, gardening, or dancing. Physical activity releases endorphins, neurotransmitters that promote feelings of happiness and well-being, leaving you feeling energized and revitalized.

05. Increasing Longevity and Quality of Life: Staying active and fit in your fifties and beyond can significantly impact your longevity and overall quality of life. Regular exercise not only extends lifespan but also enhances vitality, independence, and functional capacity. By prioritizing fitness, men over 50 can enjoy an active lifestyle, pursue their passions, and continue to thrive well into their later years.

Fitness isn't just about looking good—it's about feeling great, staying healthy, and living life to the fullest. For men over 50, prioritizing fitness becomes increasingly important for maintaining muscle mass and strength, promoting heart health, managing weight and metabolism, enhancing bone health, boosting mental well-being, and increasing longevity and quality of life. Whether it's hitting the gym, going for a run, or simply staying active throughout the day, incorporating regular exercise into your routine can help you age gracefully, with vitality and vigor. So embrace the opportunity to stay fit, fabulous, and fifty-plus—it's never too late to start prioritizing your health and well-being.

ඔබත් මෑතකදී ශල්‍යකර්මයක් කළ හෝ ශල්‍යකර්මයක් සදහා දින ලබා සිටින අයෙක් ද?එසේ නම් ඔබ අනිවාර්යයෙන්ම Chest Physiotherapy නැත්...
18/11/2024

ඔබත් මෑතකදී ශල්‍යකර්මයක් කළ හෝ ශල්‍යකර්මයක් සදහා දින ලබා සිටින අයෙක් ද?

එසේ නම් ඔබ අනිවාර්යයෙන්ම Chest Physiotherapy නැත්නම් පෙනහලු සම්බන්ධ භෞත චිකිත්සක ප්‍රතිකාර වෙත යොමු වීම අවශ්‍ය වෙනවා.

Chest Physiotherapy වලින් කරන්නේ මොනවාද?

👉 Chest Physiotherapy කියන්නේ භෞත චිකිත්සක ප්‍රතිකාර වල එන ප්‍රධානතම ප්‍රතිකාරයක් වෙනවා සහ දීර්ඝකාලීන රෝහල් ගත කිරීම්, දැඩි සත්කාර ඒකක තුල මෙන්ම Pulmonary Rehabilitation නැත්නම් "පෙනහළු පුනරුත්ථාපනය" ලෙස විවිධාකාර ලෙස Chest Physiotherapy සංකල්ප භෞත චිකිත්සකවරුන් ප්‍රතිකාර වලදී භාවිතා කරනවා.

👉 ඒ වගේම Chest Physiotherapy කියන්නේ සෑම රෝගයක් සදහාම අවශ්‍යම ප්‍රතිකාර ක්‍රමයක් විධියට හැදිනවූවත් වරදක් නැහැ. කොහොම වුනත් Chest Physiotherapy ප්‍රතිකාරයක් විදියට භාවිතා කරන්න පුලුවන් සුදුසුකම්ලත් භෞත චිකිත්සකවරයෙක්ට පමණයි. භෞත චිකිත්සකවරුන් නිසි ආකාර රෝග අධ්‍යායනයකින් පසුව ඔබට අවශ්‍ය ප්‍රතිකාර තීරණය කරනවා විතරක් නෙවෙයි ඒ ප්‍රතිකාර එක් එක් පුද්ගලයන් අවශ්‍ය පරිදි ඒ ඒ රෝග ලක්ෂණ හෝ රෝග වලට අදාල වන පරිදි වෙනස් වෙනවා.

👉 Respiratory physiotherapy is a core specialty within the physiotherapy profession and occupies a key role in the management and treatment of patients with respiratory diseases. It aims to unclog the patient’s airways and help them return to physical activity and exertion. The respiratory physiotherapist employs many diverse interventions, including pulmonary rehabilitation, early mobilisation, and airway clearance techniques, all having beneficial effects on the symptoms associated with respiratory diseases. For example improved sputum clearance and cough efficacy, reduced dyspnea, and improved physical fitness. The beneficial effects are demonstrated in improved functional ability and reduced intensive care and hospital stay, with savings in associated health-care costs. Physiotherapists specialising in respiratory care work in a variety of settings including Intensive Care Units (ICUs), hospital wards, and primary care settings.

👉 As well as “chest physiotherapy”, which includes the management of clients with excessive airway secretions, maximising oxygenation, improving lung volume, preserving musculoskeletal function, and providing advice and education to patients and their carers – respiratory physiotherapists have an essential role in early mobilisation, exercising, and muscle retraining for clients across the spectrum of conditions. Examples being: respiratory conditions (COPD, bronchiectasis, cystic fibrosis); neuromuscular diseases (muscular dystrophy, cerebral palsy, spinal cord injury), and during peri-operative care mainly in upper abdominal surgeries.

👉 The purpose of chest physiotherapy are:

1. To facilitate removal of retained or profuse airway secretions.
2. To optimize lung compliance and the ventilation-perfusion ratio/ improve gas exchange.
3. To decrease the work of breathing.
4. Improve exercise tolerance
5. Prevent secondary complications.

Hand Physiotherapy at iCare Physiotherapy Center Anuradhapura  ❤️❤️❤️Hand Physiotherapy කියන්නේ විශේෂයෙන්ම දෑත් හා සම්බන...
14/11/2024

Hand Physiotherapy at iCare Physiotherapy Center Anuradhapura ❤️❤️❤️

Hand Physiotherapy කියන්නේ විශේෂයෙන්ම දෑත් හා සම්බන්ධ වේදනාවන් වෙනුවෙන් කරන ප්‍රතිකාරයක්. Rheumatoid ආතරයිටීස්, අංශභාගය හෝ දෑත්, උරහිස හා ඒ අවට ශල්‍යකර්ම බොහෝ විට deformities නැත්නම් අතෙහි චලන අපහසුතා සමග සන්ධි තද වීම, දැනීම හා සන්නිවේදන සම්බන්ධ ගැටළු, යමක් අල්ලා ගැනීමට හෝ කෑම ගැනීම, රෙදි සේදීම වැනි එදිනෙදා වැඩ කටයුතු සිදු කිරීමේදී අපහසුතා වැනි ගැටළු රාශියක් ඇති කරන්න පුලුවන්.

Hand physiotherapy තුලින් මෙම ගැටළු සියල්ලටම පිලිතුරු ලබා ගන්න පුලුවන් කියලා ඔබ දන්නවා ද?

#අංශභාගය

ඔබත් කාලයක් තිස්සේ  පවතින කොන්දේ වේදනාවන්, බෙල්ලේ වේදනාව, උරහිස වේදනාවන්, වැලමිට වේදනාවන් හෝ එවැනි ඕනෑම වේදනාවකින් පෙළෙන...
14/11/2024

ඔබත් කාලයක් තිස්සේ පවතින කොන්දේ වේදනාවන්, බෙල්ලේ වේදනාව, උරහිස වේදනාවන්, වැලමිට වේදනාවන් හෝ එවැනි ඕනෑම වේදනාවකින් පෙළෙනවානම් Dry Needling Therapy ඔබට ඉක්මන් සුවයක් ලබා ගැනීමට ඇති එකම මග වෙන්න පුළුවන්.

Book Your Session Today: Call or WhatsApp iCare Physiotherapy Center Anuradhapura

Exercise , eat healthy, move your body, and be happy ❤️••iCare Physiotherapy  ~ your favorite rehab center.
08/11/2024

Exercise , eat healthy, move your body, and be happy ❤️


iCare Physiotherapy ~ your favorite rehab center.


Address

0762266781, 0711330766, 0714379132, , New Kandy Road, Wijaya Mawatha, Isurupura
Anuradhapura Town
50000

Opening Hours

Monday 18:00 - 22:00
Tuesday 18:00 - 22:00
Wednesday 18:00 - 22:00
Thursday 18:00 - 22:00
Friday 18:00 - 22:00
Saturday 18:00 - 22:00
Sunday 18:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when iCare Physiotherapy Center Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share