Shan Enterprises & Medix

Shan Enterprises & Medix Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shan Enterprises & Medix, Medical and health, Anuradhapura, Anuradhapura Town.

හිසකෙස් සඳහා උළුහාල් භාවිතය අතීතයේ සිටම පැවත එන්නකි. විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හිසකෙස් සෞඛ්‍ය සඳහා උළුහාල් බොහෝ ...
09/02/2025

හිසකෙස් සඳහා උළුහාල් භාවිතය අතීතයේ සිටම පැවත එන්නකි. විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හිසකෙස් සෞඛ්‍ය සඳහා උළුහාල් බොහෝ සෙයින් යොදාගෙන ඇත. පුරාණ කාලයේ සිටම උළුහාල් හිසකෙස් වලට හිතකර ගුණ ඇති ඖෂධයක් ලෙස සැලකෙන අතර, එය හිසකෙස් වර්ධනයට, ශක්තිමත් කිරීමට සහ දිප්තිය ලබා දීමට උපකාරී වන බව විශ්වාස කෙරේ.

ඉන්දීය සහ ආසියාතික සංස්කෘතීන් වල උළුහාල් හිසකෙස් රැකවරණය සඳහා බහුලව භාවිතා කර ඇති අතර, එහි ප්‍රතිලාභ අදටත් අගය කරනු ලබයි.

හිසකෙස් සඳහා උළුහාල් යෙදීමෙන් ලැබෙන ප්‍රයෝජන අතරින් කිහිපයක් පහතින් දැක්වේ:

* හිසකෙස් වර්ධනයට උපකාරී වේ: උළුහාල් වල ප්‍රෝටීන්, යකඩ සහ නිකොටින්තික් අම්ලය අඩංගු වන අතර, එය හිසකෙස් වර්ධනයට අත්‍යවශ්‍ය වේ.

* හිසකෙස් ශක්තිමත් කරයි: උළුහාල් හිසකෙස් වල මුල් ශක්තිමත් කිරීමට සහ හිසකෙස් කැඩීම වැළැක්වීමට උපකාරී වේ.

* හිස්හොරි අඩු කරයි: උළුහාල් වල ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රතිදිලීරීය ගුණ ඇති අතර, එය හිස්හොරි අඩු කිරීමට උපකාරී වේ.

* හිසකෙස් වලට දීප්තියක් ලබා දෙයි: උළුහාල් හිසකෙස් වලට ස්වභාවික දීප්තියක් ලබා දීමට සහ ඒවා මෘදු කිරීමට උපකාරී වේ.

පේර දළු (Guava leaves) හිසකෙස් සඳහා භාවිතා කිරීම මගින් සෑම විටම ස්වාභාවිකව සහ ආරක්ෂිතව බොහෝ ප්‍රයෝජන ලබාගත හැකි අතර, විශ...
02/02/2025

පේර දළු (Guava leaves) හිසකෙස් සඳහා භාවිතා කිරීම මගින් සෑම විටම ස්වාභාවිකව සහ ආරක්ෂිතව බොහෝ ප්‍රයෝජන ලබාගත හැකි අතර, විශේෂයෙන් පහත සඳහන් ප්‍රතිඵල ලබා දෙයි:

1. හිසකෙස් වැටීම අවම කිරීම. පේර දළුවල ඇන්ටි-ඔක්සීඩන්ට් (antioxidants), ඇන්ටි-බැක්ටීරියල් (antibacterial), සහ anti-inflammatory ගුණ තිබෙන බැවින් හිසකෙස් වැටීම අඩු කිරීමට උපකාරී වේ.

2. හිසකෙස්වල ශක්තිය වැඩි කරයි.

3. නව හිසකෙස් වර්ධනයට උපකාරී වීම. පේර දළු හිසකෙස් මූලවල රුධිර ප්‍රවාහය වැඩි කරන බවට සායනික පරීක්ෂණ තහවුරු කොට ඇත. නව හිසකෙස් වර්ධනය කිරීමට උපකාරී වන විටමින් B සහ C වැනි ද්‍රව්‍ය අඩංගුය.

4. හිසරදය සහ හිස්කබලේ ආසාදන අඩු කිරීම,
කුෂ්ඨරෝග, හිසරදය, සහ හිස්කබලේ ආසාදන සුව කිරීමට උපකාරී වේ.

5. හිසකෙස් තෙතමනය සහ කැඩී යාම වැළැක්වීම.හිසකෙස් මෘදුව සහ ලිස්සා හැඩ ගැන්වීමට උපකාරී වේ.

6. හිසකෙස් සුදු වීම අවම කිරීම හා ප්‍රතිඔක්සිකාරක (antioxidants) සහ විටමින් B අඩංගු බැවින් හිසකෙස් කෙටියෙන් සුදු වීම වළක්විය හැක.

ආයුර්වේද වෛද්‍යයට අනූව, පේර දළු කොළ හිසකෙස් ආරක්ෂණය, හිසරදය වලක්වීම, සහ කෙස්වල ශක්තිය වැඩි කිරීම සඳහා භාවිතා කරයි. විශේෂයෙන්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් මේ සඳහා උපදෙස් ලබාදෙයි.ලතින් ඇමෙරිකානු ජනප්‍රවාදවලට අනූව, පේර දළු කෙස් වර්ධනයට සහ තෙතමනය රඳවා ගැනීමට දීර්ඝ කාලයක් පුරා භාවිතා කර ඇත. තවද ග්‍රාමීය ප්‍රදේශවල පවුල් මෙය පාරම්පරිකව භාවිතා කරන ආකාරය ද හඳුනා ගත හැක.

සෛන්ධව ස්වාභාවික කේශාලෙපය.ඔබේ හිසකෙස් අකළට වැටීම නවතාලයි. හිස්සොරි ගැටලු නිම කරමින් පරිපූර්ණ ආරක්ශාවක් ලබාදෙයි. හිසකෙස් ...
30/01/2025

සෛන්ධව ස්වාභාවික කේශාලෙපය.

ඔබේ හිසකෙස් අකළට වැටීම නවතාලයි. හිස්සොරි ගැටලු නිම කරමින් පරිපූර්ණ ආරක්ශාවක් ලබාදෙයි. හිසකෙස් කැඩීයාම නවතාලමින් ශක්තිමත් කෙස් කළඹක් ඔබට තිලිණ කරයි. පාරම්පරික ස්වභාවික ඖෂධ රැසක් අඩංගු සෛන්ධව කේශාලේපය හිසකෙස් සුදු වීම නවතාලමින් නීල වර්ණ කෙස් කළඹක් ඔබට ලබාදෙයි.

"සෛන්ධව කේශාලේපය" ඔබේ ළඟම මිතුරා වනු නොඅනුමානයි.

අඩංගු ද්‍රව්‍ය:

නිල්අවරිය – හිසකෙස් වර්ධනය කරන අතර හිසරදය සමනය කරයි.

නෙල්ලි – හිසකෙස් ශක්තිමත් කරමින් කේස් පැලීයාම,කැඩීම,අකලට හිස කෙස් හැලීම වැළැක්වයි.

කොහොඹ – කෙස් පැසීම වළකා හිස්කබල වියළීම වළක්වයි.

පේර දළු – ස්වාභාවිකව කොණ්ඩය නඩත්තු කොට හිසකෙස් වර්ධනයට උපකාරී වෙයි.

උළුහාල් – කේශ මූලය ශක්තිමත් කරමින් හිසකෙස් වැටීම අවම කරයි.

තවත් ස්වාභාවික ඖෂධ රැසක් අන්තර්ගත මෙම නිශ්පාදනය කෙස් වර්ධනය කරමින්, හිසකෙස් ශක්තිමත් කරමින් පැහැදිලි දිදුළන කෙස් කළඹක් ඔබට තිළිණ කරයි.

විශේෂත්වය:
✔ 100% ස්වාභාවික අමුද්‍රව්‍ය.
✔ රසායනික රහිතයි.
✔ කෙස් වර්ධනය කරන අතරම, කෙස් ශක්තිමත් කරයි.
✔ හිසරදය, කෙස් වැටීම සහ කෙස් පැසීම වළක්වයි.

සෛන්ධව - ඔබේ කෙස් කළඹට ස්වාභාවික ආරක්ෂාවක් ❤.

ඇණවුම් කිරීම සඳහා දැන්ම අමතන්න - 076 2838 782

නිල් අවරිය ඖෂධීය ශාකයක් වන අතර දේශීය වෙදැදුරන් හිස ගල්වන තෙල් සඳහා බහුලව ම යොදාගන්නා නිල් අවරිය විවිධ රෝග සමනය සඳහා ද ප‍...
16/01/2025

නිල් අවරිය ඖෂධීය ශාකයක් වන අතර
දේශීය වෙදැදුරන් හිස ගල්වන තෙල් සඳහා බහුලව ම යොදාගන්නා නිල් අවරිය විවිධ රෝග සමනය සඳහා ද ප‍්‍රත්‍යක්ෂ ඖෂධයකි.

පඳුරක් ලෙසින් මීටර 1-2 ක් පමණ උසට වැඩේ. රෝස පැහැති පොකුරු වශයෙන් හටගන්නා කුඩා මල් වසර පුරාම දැකගත හැකිය. නිල්අවරිය කරල් සෙ.මී. 2-3 ක් පමණ දිගවේ. වකුටු වී ඇත.

ශ‍්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාපයේ වගා කරන මෙම ශාකය ඇතැම් විට මඟ දෙපස වල් පැළෑටියක් ලෙසින් වැවී තිබෙනු දැකගත හැකිය. පස සංරක්ෂණය සඳහා පුරන් කුඹුරුවල ද කන්න දෙකක් අතර වෙනත් ගොවි බිම්වල ද වගා කළ හැකිය.

නිල් අවරිය ශාකයේ කොළ, මුල්, මල්, පොතු, ගෙඩි (පංචාංගය) ආදී සෑම අංශයක්ම ඖෂධ ගුණයෙන් අනූන වේ. ඖෂධ සඳහා විශේෂයෙන් ම අමු කොළ ප‍්‍රයෝජනයට ගැනේ.

සෙම හා වාතය සමනය කිරීමේ ඖෂධීය ගුණයෙන් සතු නිල් අවරිය ශාකය වේදනා නාශකයකි. තුවාල සුව කිරීමටත්, පණුවන් හා විස නැසීමටත්, කෙස් කළු කිරීමටත්, කුෂ්ඨ සුව කිරීමත්, ලේ පිරිසුදු කිරීමටත්, ඉදිමුම නැසීමටත් සමත් නිල් අවරිය ශාකය අත් බේතක් ලෙස ද ගම්මුන් අතර ජනප‍්‍රිය ය.

නිල් අවරිය කොළ යුෂ යොදා සිඳගත් තෙල් හිස ගැල්වීමෙන් කෙස් වැඩීමට හා කළුවීමට මඟ පෑදේ. නිල් අවරිය කොළ තම්බා එම කොළ සෝදා ඇල්දියෙන් අඹරා ගෑමෙන් රතගාය සුවපත් වේ.

නිල් අවරිය දත් කැක්කුමට ද මහඟු ඖෂධයකි. මුල් සපා කෙළ ගිලීමෙන් දත් කැක්කුම පහවී යයි. කම්මුල්ගාය වැලඳුණු රෝගීන්ට නිල් අවරිය කොළ අඹරා ගෑම සිදුකරයි.

මෙවැනි ඖෂධීය ගුණයෙන් පිරිපුන් නිල් අවරිය ශාකය ඉන්ඩිගෝ ඩයි වර්ගය නිපදවීමට ද භාවිතා කරයි. එසේම එම ශාකය ගෙවතු අලංකාරයට ද යොදා ගත හැක්කේ ඇසට ප‍්‍රිය උපදවන හරිත වර්ණයකින් හා අලංකාර පෙනුමකින් යුත් ශාකයක් බැවිනි.

වැඩි තොරතුරු අන්තර්ජාලයෙනි

Address

Anuradhapura
Anuradhapura Town
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Shan Enterprises & Medix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram