පාරමිතා

පාරමිතා බුදුදහමින් පෝෂණය වූ කල්‍යාණ මිතුරන් තව තවත් ලැබේවා

19/08/2025

🍃

14/08/2025

බැදීම් වලට වටිනාකමක් ඇතිකරවන්න නම් ඒ බැදීම සත්පුරුෂ බැදීමක් කරගන්න ඔනේ

තෙරුවන් සරනයි .💐
13/08/2025

තෙරුවන් සරනයි .💐

*🌺 අද දවසේ පින් සිතුවිල්ල* 🌺🌼මට යාළුවෝ අඩුයි කියලා, කොහොමද යාළුවෝ හොයාගන්නේ කියලා කෙනෙක් අපගෙන් ප්‍රශ්නයක් විමසලා තිබුණා...
12/08/2025

*🌺 අද දවසේ පින් සිතුවිල්ල* 🌺

🌼මට යාළුවෝ අඩුයි කියලා, කොහොමද යාළුවෝ හොයාගන්නේ කියලා කෙනෙක් අපගෙන් ප්‍රශ්නයක් විමසලා තිබුණා..

🌼බුදුරජාණන් වහන්සේගෙනුත් ඔය ප්‍රශ්නෙම ඇහුවා.. ස්වාමීනි කොහොමද මිත්‍රයෝ ලැබගන්නේ.. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දන් පැන් පූජා කරන කෙනාට තමයි මිත්‍රයෝ ලැබෙන්නේ..

🌼දන් දීම කියන්නේ අපේ ජීවිතයට එබඳු ආශිර්වාදයක්.. දන් දෙන කෙනාට ලැබෙන මිත්‍රයෝ බොහොම ගුණ යහපත් බොහොම සුන්දර මිත්‍ර‍යෝය..

🌼දන් දෙන කෙනාට පෙනෙන ලෝකයේත් මිත්‍රයෝ හැදෙනවා.. තමාව හැර නොයන තමාගේ ජීවිතයට ආශිර්වාදයක් වන මිත්‍රයෝ ලැබෙනවා..

🌼ඒ නිසා දන් දෙන්න පුරුදු වෙන්න.. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් ආලෝකය දන් දෙනවා නම් ඇස් දුන්නා වගේ.. යම් කෙනෙක් ආහාරපාන දුන්නා නම් බලය දුන්නා වගේ.. යම් කෙනෙක් වස්ත්‍ර දන් දෙනවා නම් එයා හැඩරුව දුන්නා වගේ.. යම් කිසි කෙනෙක් අනිත් අයට සෙවණක්, නිවසක් දන් දෙනවා නම් එයා සියල්ල දුන්නා වගේ..

🌼යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සොඳුරු ධර්මය දන් දෙනවා නම් එයා අමෘතය දෙනවා වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා..

🌼බලන්න අපගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකයට දන් දුන්නේ ශ්‍රී සද්ධර්මය.. තුන් ලොවේම බුදුරජාණන් වහන්සේට මිත්‍ර වූ පිරිසක් ඉන්නවා.. දෙවියෝත් මිත්‍රයි, බ්‍රහ්මයෝත් මිත්‍රයි, නුවණැති මිනිසුත් මිත්‍රයි බුදුරජාණන් වහන්සේට..
තුන්ලොවේම බුදුරජාණන් වහන්සේගේ කිතු ගොස පැතිරී ගියා.. දානය නිසා ධර්ම දානය නිසා..

🌼ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළේ කොච්චර සත්‍යයක්ද..! දන් දෙන කෙනාට තමයි මිත්‍රයෝ ලැබෙන්නේ.. ඒ නිසා මට යාළුවෝ නෑ කියලා මිත්‍රයෝ නෑ කියලා දුක් වෙවී ඉන්න එපා.. සතුටින් දන් දෙන්න.. දානය කියන සොඳුරු ගුණය ඔයාලගේ ජීවිතයේ තියෙනවනම් ඔයාලට නිතර සතුටින් ඉන්න පුළුවන්..

🌼තමන් දෙන දානය ගැන හිතමින් මං මේ මේ විදිහට දන් දුන්න කෙනෙක් කියලා හිතේ ප්‍රබෝධය ඇති කරගෙන වාසය කරන්න පුළුවන්.. ඒකට කියනවා ඡායානුස්සති භාවනාව..
මං දන් දීපු කෙනෙක් කියලා තමන් තමන්ගේ හිත ඇතුළෙන් සතුටු වෙනවනම් ඒක භාවනාවක්..

🌼ඒ නිසා හොඳට දන් දෙන්න.. දානය වැනි සොදුරැ ගුණයන්ගෙන් සමන්විත වූ ලස්සන ජීවිත ඇති කරගන්න ඔයාලා හැමදෙනාටම වාසනාව ලැබේවා..!!!

*තෙරුවන් සරණයි* 🙏🌺🍃
*නමෝ බුද්ධාය* 🙏🙏🙏

09/08/2025

නිවීම යනු ඇතුලතින් සන්සිදීමයි

*නමෝ බුද්ධාය* 🙏🌺🍃  *සුභ උදෑසනක් වේවා...* 🙏🍃🌼*🌺 අද දවසේ පින් සිතුවිල්ල* 🌺🌼ඔබව අනිත් අයට පේනවට වඩා ඔබව ඔබටම පේන විදිය තමයි...
07/08/2025

*නමෝ බුද්ධාය* 🙏🌺🍃
*සුභ උදෑසනක් වේවා...* 🙏🍃🌼

*🌺 අද දවසේ පින් සිතුවිල්ල* 🌺

🌼ඔබව අනිත් අයට පේනවට වඩා ඔබව ඔබටම පේන විදිය තමයි ගොඩක් වැදගත්..

🌼බාහිරට කොච්චර ලස්සන වුණත් ඔබට ඔබව පෙන්නේ කැතට නම් ඒ ජීවිතේ ගොඩක් සුන්දර නෑ..

🌼බාහිරට මහා ලොකු ලස්සනක් නැතත්, ඔබට ඔබව ලස්සනට පේනවනම් ඒ ජීවිතේ සුන්දරයි..

🌼ඉතිං හිතන්න ලස්සන මනුස්සකම් වලින්, ලස්සන ගුණධර්ම වලින්, ලස්සන පින් වලින් ඔබට ඔබව පේන විදියට ලස්සන කර ගන්න.. එතකොට ඔබේ ජීවිතේ ගොඩාක් ලස්සන වේවි..

🌼ඒ වගේම මේ ජීවිතේ කියන්නේ මොහොතක් මොහොතක් පාසාම නිර්මාණය වෙන එකක්.. මේ මොහොතේත් ජීවිතය නිර්මාණය වෙනවා..

🌼ඔබේ ජීවිතේ නිර්මාණකරුවා ඔබමයි.. එය පාපයෙන්, අයහපතෙන්, දුෂ්චරිතයෙන් යුක්තව අවලස්සනට නිර්මාණය කරගන්නවද එසේත් නැතිනම් කුසලයෙන්, යහපතෙන්, සුචරිතයෙන් යුක්තව ලස්සනට නිර්මාණය කරනවද කියලා තීරණය කළ යුත්තේ ඔබමයි..

🌼ඉතින් ඔබත් සත්පුරැෂ අවවාද ලබමින් තමන්ගේ ජීවිත නිර්මාණය ලස්සනට කර ගන්නවයි කියලා පින් සිතුවිල්ලක් මේ මොහොතේම ඇති කර ගන්න..,ඒ සදහා ඔබට වාසනාව උදා වේවා..!!!

*තෙරැවන් සරණයි* 🙏🌺🍃

අභිනවයෙන් ඉදි කරනු ලබන චෛත්‍ය රජාණන් වහන්සේට මුල්ගල තැබීම නිමිත්තෙන් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව.අද දින ර...
05/08/2025

අභිනවයෙන් ඉදි කරනු ලබන චෛත්‍ය රජාණන් වහන්සේට මුල්ගල තැබීම නිමිත්තෙන් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව.

අද දින රාත්‍රී 9.00ට යෝජිත භික්ෂුව අධ්‍යාපන ආයතන ඉඩම් පරිශ්‍රයේදී (IIBS) ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසන වාසී භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබයි.

Youtube Live (Paramaththa Youtube Channel) -

අභිනවයෙන් ඉදි කරනු ලබන චෛත්‍ය රජාණන් වහන්සේට මුල්ගල් තැබීම නිමිත්තෙන්ම සිදු කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣ.....

05/08/2025

*🪷දවසේ පින් සිතුවිල්ල🪷*

🪷මිනිස්සුන්ට වරදිනවා.
මිනිස්සු පරදිනවා.
විවිධ ප්‍රශ්න ඇවිල්ලා මිනිස්සුන්ට අඩන්න වෙනවා......

🪷දරා ගන්න බැරි ප්‍රශ්න ඇවිල්ලා...
මානසික ආතතිය වැඩිවෙලා...
විදවගන්න බැරුව ගොඩක් දුක් විඳිනවා.....

හැබැයි,

🪷ඔය හැමදේම දරාගෙන..
ධර්මය තුල පිහිටලා.... ඉවසගෙන.... සත්පුරුෂ ඇසුරේ.... ජීවිතේ ලස්සනට ගොඩනගා ගත්තොත්.... අඩන්න නැතුව... ප්‍රශ්න වලට යටවෙන්නේ නැතුව... ජීවිතේ ජය ගත්තොත්.....එයා මේ ලෝකේ විශිෂ්ඨයෙක් වෙනවා....

🪷කවුරුත් පිළිගන්න සත්පුරුෂ මනුස්සයෙක් වෙනවා...

🪷ඒ හින්දා ප්‍රශ්න ආවට පස්සේ....වැටුණ පස්සේ පැරදුනාට පස්සේ....ඒ මත්තේම නහින්න එපා...

🪷සත්පුරුෂ ඇසුරේ ධර්මය තුල පිහිටලා... ජීවිතේ ජය ගන්න මහන්සි ගන්න....

🪷
*තෙරුවන් සරණයි* 🙏

03/08/2025

ලෝකේ පිනකට ලැබෙන දෙයක් තමා ධර්මයයි හුදකලාවයි

27/07/2025

පාසල් මිතුර මිතුරියන් විසින් සිදුකරන්නට යෙදුන අසිරිමත් පුෂ්පෝහාර පූජාව දැක බලා සතුටු සිත් ඇති ඔබත් අනුමෝදන්වන්න.

02/07/2025

ස්වර්ණමාලී මහසෑමලුවේ අසදෘස මහා පිංකම (ජූලි මස 4 දින)
☸තෙරුවන් සරනයි

ඉදිරියේදී පවත්වන්නට ලබන ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේට උතුම් පූජා පෙලහර (2025/07/04) වන දින සිකුරාදා සවස 3:00ට මහ සෑ රදුන් අභියස සිදුකරන අසිරිමත් පින්කමට පිං සිත් ඇති පිංවත් ඔබටත් සම්බන්ධ විය හැක.
ලබුනෝරුවකන්ද ආරන්‍යයවාසී පිංවත් ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමෙන්
එදිනට එදා,මෙදාතුර තවමත් මහ සෑ රජානන්වහන්සේ උදෙසා පූජා කලායැයි සඳහනක් නොමැති වටිනා දුර්ලභ පිංකම් රාශියක් සිදුකරලීමට අප සංවිධනය කරමින් පවතිනවා. එම පිංකමේ අංග පහත සඳහන් පරිදිවේ.පිං කැමති ඔබ සැමටත් මේ කටයුතු සඳහා සහසම්භන්දවිය හැකිය.

1. 🔶සුගත චීවර පූජාව
2. 🔶මුල් අස්වැන්නෙන් හිදගත් පොල්තෙල් පහන් ( 4000 )පහන් ආලෝක පූජාව
3. 🔶 කුළුදුල් පොල්මල් (350) පූජාව
4. 🔶 සතර වාහල්කඩ සුවද දුම් දෝලා පූජාව
5. 🔶 පුෂ්පෝපහාර මල් පූජාව
6. 🔶 පුෂ්පෝපහාර නෙලුම්මල් සෑ අනුරූ පූජාව සහ සිරිපතුල් පූජාව
7. 🔶 හේවිසි සංඛනාද ගෞරව උපහාර ශබ්ද පූජාව
8. 🔶 බෙහෙත් ඖෂධ (108) පූජාව
9. 🔶 අශ්ඨ පාන චතුමධුර පූජාව
10. 🔶 උණුපැන් සිසිල් පැන් පූජාව
11. 🔶 සුවඳ පැන් පූජාව
12. 🔶 සුවඳ විලවුන් පූජාව
13. 🔶 මුතුකුඩ පූජාව
14. 🔶 දැහැත් පූජාව
15. 🔶 අටපිරිකර පූජාව
16. 🔶 සැරයටි පූජාව
17. 🔶 පාවහන් පූජාව
18. 🔶 වටාපත් පූජාව
19. 🔶 කොඩි පූජාව
20. 🔶 පාත්‍ර පූජාව
21. 🔶 අනෙකුත් පූජාවන් එකතුව මහාසෑ රජාණන් වහන්සේට පූජා කරනු ලබයි..

විමසීම්:
📲: 0704050377 පදුම ස්වාමින් වහන්සේ. (whatsApp)
📲: 0717239458 සාන්ත මහතා.
📲: 0769759413 සුසන්ත මහතා.

තෙරුවන් සරනයි !!!

https://chat.whatsapp.com/BpFPAG37D6XEJlTTBc6UdQ?mode=ac_t

28/10/2024

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when පාරමිතා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram