31/12/2025
මුත්‍රා කරලා ඉවර වුනාම බොහෝ කාන්තාවන් සිදු කරන වරදක් තමයි , අදාල ප්‍රදේශය වතුරෙන් සෝදලා, තෙතමනය සහිතව වැඩේ ඉවර කරලා එන එක. හැබැයි, ඒ ප්‍රදේශය මේ විදියට තෙතමනය සහිතව තියෙන්න හැරීමෙන් ප්‍රශ්න කිහිපයක් ඇති වෙන්න පුළුවන්: අපි දැන් බලමු මුත්‍රා ප්‍රදේශයේ වියළි බව කාන්තාවන්ට මේ තරම් වැදගත් වෙන්නේ ඇයි කියලා ?
🔬 1. 'දිලීර' වලට ආරාධනා කිරීම (Yeast Infections)
අපේ සිරුරේ මතුපිට හැමතිස්සේම දිලීර වර්ග (Candida වැනි) ජීවත් වෙනවා. මේවා වැඩෙන්න කැමතිම තැන් තමයි අඳුරු, රස්නය තියෙන සහ තෙතමනය තියෙන තැන්. සෝදලා පිහදාන්නේ නැතිව ඉන්නකොට යට ඇඳුම් තෙත් වෙනවා. එතකොට ඒ ප්‍රදේශය දිලීරවලට "පදිංචි වෙන්න" සහ වේගයෙන් පැතිරෙන්න නියම තැනක් වෙනවා. මේකෙන් කැසීම, රතු වීම සහ අසාමාන්‍ය ලෙස සුද යාම ඇති වෙන්න පුළුවන්.
🦠 2. බැක්ටීරියා ගුණනය වීම (Bacterial Vaginosis)
අපේ සමට වාතාශ්‍රය ලැබෙන්න ඕනේ. වතුර රැඳිලා තිබුණම එතන වායුගෝලීය ඔක්සිජන් අඩුවෙනවා. ඔක්සිජන් අඩු තෙතමනය සහිත තැන්වල අහිතකර බැක්ටීරියා හරිම ඉක්මනින් ලක්ෂ ගණනින් වැඩි වෙනවා. මේකෙන් "මාළු පිළී ගඳක්" වැනි අප්‍රසන්න ගන්ධයන් ඇති වෙන්න පුළුවන්.
🌡️ 3. සමේ දැවිල්ල සහ තුවාල (Skin Chafing/Irritation)
දිගින් දිගටම සම තෙතමනයට තිබුණොත් ඒ සම "මෙළෙක්" (Maceration) වෙනවා. මෙළෙක් වුණු සමක් එකිනෙක ඇතිල්ලෙනකොට හරිම ඉක්මනින් හීරීම් සහ පොඩි තුවාල ඇති වෙන්න පුළුවන්. මේ තුවාල හරහා අනෙකුත් විසබීජ ඇඟ ඇතුළට යන්න පුළුවන් ලේසි පාරක් හැදෙනවා.
පිරිසිදු කර ගන්නා නිවැරදි පිළිවෙල
1. පිරිසිදු වතුර පමණක් පාවිච්චි කරන්න 💧
මුත්‍රා සහ යෝනි ප්‍රදේශය පිරිසිදු කරන්න සාමාන්‍ය පිරිසිදු වතුර ප්‍රමාණවත්. සමහරු හිතනවා සබන් දාලා සෝදන්න ඕනේ කියලා, ඒක වැරදියි. ඒ ප්‍රදේශයේ සමේ ස්වභාවිකවම ජීවත් වන "හිතකර බැක්ටීරියා" (Lactobacillus) ඉන්නවා. සබන් හෝ ශරීර සෝදන දියර (Body wash) දැම්මම ඒ හිතකර බැක්ටීරියා විනාශ වෙලා, සමේ pH අගය වෙනස් වෙනවා. එතකොට තමයි අහිතකර බැක්ටීරියා සහ දිලීර (Fungi) ඉක්මනින් වර්ධනය වෙන්නේ.
2. ඉදිරියේ සිට පිටුපසට සේදීම (Front to Back) ⬅️➡️
මේක තමයි වැදගත්ම රීතිය. හැමවිටම මුත්‍රා මාර්ගයේ සිට ගුද මාර්ගය දෙසට මිස, කිසිවිටකත් ගුද මාර්ගයේ සිට ඉදිරිපසට සෝදන්න එපා. ගුද මාර්ගය අවට තියෙන බැක්ටීරියා වතුරත් එක්ක මුත්‍රා මාර්ගයට ආවොත් ඉතා ඉක්මනින් මුත්‍රා ආසාදන (UTI) ඇති වෙනවා.
3. ඇතුළත සේදීමෙන් වළකින්න (No Douching)
සමහර අය යෝනි මාර්ගය ඇතුළත පවා පිරිසිදු කරන්න උත්සාහ කරනවා. ඒක හරිම භයානකයි. යෝනි මාර්ගය කියන්නේ "ස්වයං පිරිසිදු වීමේ" (Self-cleaning) හැකියාවක් තියෙන ඉන්ද්‍රියයක්. ඇතුළත සේදීමෙන් එහි තියෙන ස්වභාවික ආරක්ෂක පටල විනාශ වෙනවා.
4. සේදීමෙන් පසු හොඳින් වියළා ගන්න (Drying) 🧻
සේදුවට පස්සේ අනිවාර්යයෙන් පිරිසිදු ටිෂූ එකකින් හෝ , මෘදු රෙදි කැබැල්ලකින් තට්ටු කරමින් (Dabbing) , ඒ ප්‍රදේශය හොඳින් වියළා ගන්න ඕනේ. මේක ඉතාම වැදගත්.
අපේ සමේ මතුපිට ඉතාමත් සියුම් සෛල ස්ථර තියෙනවා. තදින් අතුල්ලනකොට (Friction) ඒ සියුම් ස්ථරවලට හානි වෙලා, ඇසට පේන්නේ නැති පොඩි "සීරීම්" ඇති වෙන්න පුළුවන්. මේ සීරීම් හරහා බැක්ටීරියා වලට සම ඇතුළට යන්න ලේසි පාරක් හැදෙනවා. මේ නිසා සම රතු වීම, දැවිල්ල ඇති වීම සහ සමේ ස්වභාවික pH අගය වෙනස් වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්
තට්ටු කිරීම කියන්නේ, පිරිසිදු ටිෂූ එකක් අරගෙන ඒ තෙතමනය තියෙන තැන මත තබා තත්පර කිහිපයක් තද කරගෙන සිටීමයි. එතකොට ටිෂූ එක මගින් වතුර ටික උරා ගන්නවා. මෙතැනදී සම සහ ටිෂූ එක අතර ඇතිල්ලීමක් (Friction) වෙන්නේ නැහැ. ඒ නිසා සමේ පටකවලට කිසිම හානියක් වෙන්නේ නැහැ. තෙතමනය විතරක් ටිෂූ එකට උරා ගන්නවා. සම ආරක්ෂිතයි, වියළියි, කිසිම ප්‍රශ්නයක් නැහැ
උපුටා ගන්නා ලදි ස්තුති මුල්අයිතිකරුට ♦️♦️♦️ .