MEDIX wound care, Medi lab and Mom & Baby corner

MEDIX  wound care, Medi lab and Mom & Baby corner Professional wound care is done for any type of wounds
lab reports, ECG,
# Mom & baby shop

08/12/2025

ඔයාලට බුදු පිහිටයි, දෙවි සරණයි.
දැන් අපි අලුත් තැනක
(පුබුදුපුර පාරේ පතිරණ කඩේ ඉදිරිපිට )

27/11/2025

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)
පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)
සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)
ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)
නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)
යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)
ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.
බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:
කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887
දකුණු පළාත (Southern Province)
ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895
සබරගමුව පළාත (Sabaragamuwa Province)
නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:
රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891
වයඹ පළාත (North Western Province)
කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896
මධ්‍යම පළාත (Central Province)
මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886
උතුරු මැද පළාත (North Central Province)
අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884
ඌව පළාත (Uva Province)
බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

23/11/2025

මේක තවත් එක් අවාසනාවන්ත කතාවක් විතරක් නෙවෙයි. අපි හැමෝටම පාඩමක් ඉගැන්වූ කඳුළු පිරුණු සිදුවීමක්..

එදා ඉරිදා දවසක්. ගෙදර වත්තේ සුද්ධ පවිත්‍ර කරන අතරේ කකුලේ පොඩි කටුවක් ඇනුණා. ලොකු තුවාලයක් නෙවෙයි, නිකම්ම නිකන් පොඩි තුවාලයක් විතරයි. "මේක මොකක්ද, නිකන්ම හොඳ වෙලා යයිනේ" කියලා හිතපු ඔහු, කකුල වතුරෙන් හෝදලා නිකන් හිටියා. බෙහෙත් ටිකක් දාන්නවත්, ප්ලාස්ටරයක් අලවන්නවත් ඔහු උනන්දු වුණේ නෑ. මොකද ඒ වෙලාවේ ඒක ඔහුට 'සුළු දෙයක්'.

පහු වෙනිදා උදේ වෙද්දි තුවාලේ වටේ පොඩ්ඩක් රතු වෙලා තිබුණා. යාන්තම් රිදෙනවා වගේ දැනුනා. ඒත් එදා රාජකාරි වැඩ ගොඩක් තිබුනු නිසා ඔහු වේදනා නාශක පෙත්තක් බීලා වැඩට ගියා. රෑ වෙද්දි ඇඟට පොඩි උණ ගතියක්, සීතලක් දැනුනත්, "මේ දවස් වල පවතින වෛරස් උණක් වෙන්න ඇති" කියලා ඔහු හිත හදාගත්තා.
තුන්වෙනි දවස උදා වුනේ භයානක විදියට. උණ හොඳටම වැඩි වුනා. ඇඳෙන් නැගිටගන්නවත් පණ නෑ. කකුල ඉදිමිලා, අල්ලන්න බැරි තරම් රස්නෙයි. ඒ පුංචි තුවාලයෙන් ඇතුළු වුනු විෂබීජය (Bacteria) දැන් රුධිරය පුරාම පැතිරිලා. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිස්සු වැටිලා වගේ ක්‍රියා කරන්න පටන් අරන්.
පවුලේ අය කලබලෙන් ඔහුව රෝහලට අරන් ගියා. දොස්තර මහත්වරු සහ හෙදියන් ඔහුට ඉක්මණින් ප්‍රතිකාර ආරම්භ කලා.

"Blood Pressure (රුධිර පීඩනය) හොඳටම අඩු වෙලා. Pressure එකක් measure කරගන්න බෑ."එයාගේ අත් පය ඔක්කොම සීතලම සීතල වෙලා. ඇඟ සුදු මැලි වෙලා.
හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කර විනාඩි කිහිපයක් ගත වන්නට ඇති. ඔහුට සිහි තත්වය ඉතා අඩු වී ගියා.
ඔහුව ඉක්මණින් කෘතීම ශ්වසන ආධාරකයකට සවි කිරීමට සිදුවන නිසා ඔහුව වහාම දැඩිසත්කාර ඒකකය වෙත යොමු කෙරුනේ ඔහුගේ රුධිර පීඩනය වැඩි කරන ඖශධ ලබා දෙන ගමන්මයි.

ඔහු, Sepsis තත්ත්වය දැන් දරුණුම අවස්ථාවට එනම් 'Septic Shock' තත්ත්වයට පත්වෙලා. ඔහුගේම ශරීරය, ඔහුගේම අවයව වලට පහර දෙන්න පටන් අරන්.

දැන් ඔහු ඉන්නේ ICU එකේ. කටට බට දාලා, වටේම මැෂින්. ඒ පුංචි සීරීම පටන් ගත්තු තැන දැන් කළු පාට වෙලා. ශරීරයේ අවයව එකින් එක අක්‍රිය වෙනවා. වකුගඩු වලින් මූත්‍රා පෙරීම නතර වෙලා. ඇඟ ඇතුලේ විශාල සටනක්. අක්මාව අක්‍රීය වෙලා. දොස්තර මහත්වරු හෙද හෙදියන් හැමෝම ජීවිතේ බේරගන්න මාරාන්තික සටනක් දෙනවා. දැඩි සත්කාරයේ ඉස්සරහා ඉදගෙන එයාගේ අම්මා, බිරිඳ, දරුවෝ අඬන සද්දේ ඇහෙනවා ඇතුලටත් ඇහෙනවා.

නමුත්, ඒ වෙනකොටත් පමා වැඩියි...
පැය කිහිපයකට පස්සේ, මැෂින්වල "කීක්... කීක්..." සද්දේ දිගම දිග "කී......" හඬක් බවට පත් වුනා. හදවත නැවතුණා. හදවත නැවත පණගන්වන්න සෑහෙන වෙලාවක් ගත් උත්සහය අවසානයේ ව්‍යවර්ත වී ගියේ ඒ එලියේ තමන්ගේ දරුවා වෙනුවෙන් බලාගෙන හිටපු අම්මගේ, තමගේ ස්වාමියා වෙනුවෙන් බලාගෙන හිටපු බිරිඳගේ, තාත්තා දැන් නැඟිටීවි කියලා බලාපොරොත්තුවෙන් හිටපු දරුවන්ගේ සියලු ප්‍රාර්ථනා සුනු විසුණු කරමිනි.

ඔහුගේ මරණ සහතිකයේ Severe sepsis, Septic shock and Multiorgan failure ලෙස සඳහන් වුනා.

ඒ පුංචි, නොසලකා හැරපු සීරීම අවසානයේ වටිනා ජීවිතයක් අරන් ගියා.

ඔබටත්, මටත් ඕනෑම වෙලාවක මෙහෙම දෙයක් වෙන්න පුළුවන්.

🛑 තුවාලයක් වුනාම: පිරිසිදු වතුරෙන් හෝදන්න. විෂබීජ නාශකයක් ගාලා වහලා තියන්න.
🛑 රතු වෙලා, ඉදිමිලා, සැරව ගලනවා නම්: වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.
🛑 තුවාලයක් තිබියදී උණ, හුස්ම ගැනීමේ අපහසුතා, සිහි මද ගතිය එනවා නම්: තත්පරයක්වත් පමා නොවන්න. ඒ Sepsis විය හැකියි.
ජීවිතය කියන්නේ හරිම සියුම් දෙයක්. පුංචිම දෙයක් ගැන වුනත් සැළකිලිමත් වෙන්න.

Sepsis මුල් අවස්තාවේ හඳුනාගැනීම ඉතා අපහසුයි, නමුත් හැකි ඉක්මණින් හඳුනාගතහොත් ප්‍රතිකාර කිරීම ඉතා පහසුයි. නමුත් කල් ගියහොත් හඳුනාගැනීම පහසු වුවත් ජීවිතය බේරාගැනීම ඉතා අපහසුයි. 💁‍♀️

මේ පණිවිඩය තව කෙනෙක්ගේ ජීවිතය බේරගන්න පුළුවන්. Share කරන්න! ❤️‍🩹

අපි කැමති නෑ ඔයාලා කවුරුත් මේ ලෝකෙන් තමන්ගේ ආදරණීය පවුල දාලා යනවට.🤷‍♂️යන්න ඕනි කාලේ ආවම යන්න වෙනවා තමයි. ඒත් නොසැළකිලිමත්කම නිසා ජීවිතයක් අපරාදේ නැති වෙන්න හොඳ නෑ. අපි කැමති නැ තව කෙනෙක්ගේ කඳුලු දිහා බලන්න. ඒ නිසා විය හැකි දේ ගැන දැනුවත් වෙන්න. ❤️

ස්තූතියි.
-හෙදියකගේ දිනපොත-

22/11/2025

සියඹලා ගෙනල්ල :::"""""
🚨 හදවත් රෝග, අංශභාගය ගෙනෙන භයානක කොලෙස්ටරෝල් අවදානම! 🤯 රුධිර නාල පිරිසිදු කරන දේශීය රහස!

අද බොහෝ දෙනෙකුට තර්ජනයක් වන අහිතකර කොලෙස්ටරෝල් (LDL, VLDL, ට්‍රයිග්ලිසරයිඩ) රුධිර නාලවල තැන්පත් වී ඒවා සිහින් කරන බව ඔබ දන්නවාද?

මෙය හෘදයාබාධ, ආඝාතය (අංශභාගය), සහ පාදවල සුව නොවන තුවාල ඇතිවීමට ප්‍රධානම හේතුවයි.

🌿 මුදල් වියදම් නොකර ස්වභාවික විසඳුම: සියඹලා
මෙවැනි භයානක තත්ත්වයන් වළක්වා ගැනීමට, විශාල මුදලක් වැය නොකර ස්වභාවිකවම පිළියම් කරගත හැකි ක්‍රමයක් ආයුර්වේදය හඳුන්වා දෙනවා. ඒ තමයි අපේ ගෙවතුවල තිබෙන ඖෂධීය වටිනාකමෙන් යුක්ත සියඹලා (Tamarind) භාවිතය!

✅ සියඹලා ජූස්වලින් ලැබෙන ප්‍රධානම ගුණ:

මේද තැන්පත් වීමෙන් අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම සහ මේදය ඉවත් කිරීම.

ආමාශය සහ බඩවැල් පිරිසිදු කර උදරයට සැහැල්ලු බවක් ලබා දීම.

අජීර්ණ, උදරයේ වාතය හිරවීම සහ කෑම රුචිය අඩුවීම වැනි ගැටලු සුව කිරීම.

මළ බුරුල් කර මළපහ පහසු කිරීම.

💡 සරල පිළියෙල කිරීමේ ක්‍රමය:
හොඳින් ඉදුණු සියඹලා මද, වතුර ස්වල්පයක් සහ අවශ්‍ය නම් සුළු වශයෙන් සීනි එකතු කර හොඳින් මිරිකා පෙරා පානය කරන්න.

කොලෙස්ටරෝල් සඳහා බිය වී අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරනවා වෙනුවට, මේ ස්වභාවික පිළියම අත්හදා බලන්න!

💖 ඔබේ ආදරණීයයන් දැනුවත් කරන්න. Share කරන්න! 👇

(උපුටා ගැනීම: ආයුර්වේද වෛද්‍ය ඒ වනිගපුර මහතා)

#කොලෙස්ටරෝල් #සෞඛ්‍ය #ආයුර්වේද #සියඹලා #දේශීයප්‍රතිකාර

I gained 35 followers, created 2 posts and received 1 reaction in the past 90 days! Thank you all for your continued sup...
30/09/2025

I gained 35 followers, created 2 posts and received 1 reaction in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

𝓦𝓸𝓾𝓷𝓭 𝓬𝓪𝓻𝓮💓🆆︎🅾︎🆄︎🅽︎🅳︎🅲︎🅰︎🆁︎🅴︎
16/08/2025

𝓦𝓸𝓾𝓷𝓭 𝓬𝓪𝓻𝓮💓🆆︎🅾︎🆄︎🅽︎🅳︎🅲︎🅰︎🆁︎🅴︎

26/06/2025

ඇත්ත කතා

අනුරාධපුර, හිමක හන්දිය, 3 පියවර
16/06/2025

අනුරාධපුර, හිමක හන්දිය, 3 පියවර

22/01/2025

දියවැඩියා තුවාල වාගෙම නහර ගැට ගැසීම නිසා ඇතිවන තුවාලත් සුව වෙන්න නිසි ප්‍රතිකාර අත්‍යවශ්‍යයි.

19/01/2025

🎀 දරු ප්‍රසූතිය සඳහා රොහල් ගත වන ඔබට වශ්‍ය සියලුම දෙ අපෙන් දැන් ලබා ගැනීමට පුළුවන් 💖💖
🤰බෙබි ගවුම්
🤰18×18 නැප්පින්
🤰22×22 නැප්පින්
🤰පැනල් 36×36
🤰මල්පීස් 36×36
🤰එම්බොයිඩර් බෙබි ටවල්
🤰 කොට් ශිට්
🤰බෙබි කොට්ටය සමග කොට්ට උර
🤰බෙබි කුඩ නෙට්
🤰පැනල් කිට්
🤰තොප්පි මේස් ජෝඩු
🫄බැන්කට්
🫄ලොකු කූඩය
🫄ලොකු බේසමි
🤰ච්ත්ත
🤰බෙඩ් ජැකට්
🤰සුදු චීත්ත
🤰සුදු බෙජ් ජැකට්
🫄ලුප් පැඩ් පැකට්
🤱ලංකාවේ ඕනෑම තැනකට කුරිය පහසුකම් මගින් ගෙන්වා ගත හැක 🚛🚛🚛
👇අතරමැදියන්ගෙන් තොරව තොග මිලදි ගැනිම් සදහා අමතන්න 0702768425 (whatsapp )
දිවයින පුරා බෙදාහැරීමෙ පහසුකම්.
🎀 Cash on delivery
🎀 Bank deposit
🎀 Online Transfer
Courier charges 1kg 400/- වැඩිවෙන 1kg එකකට 100/-
අනුරාධපුර, හිමක හන්දිය, පුබුදුපුර, විජයපුර අවට නම් free of charge for delivery

Professional wound care is done for any type of wounds
lab reports, ECG,
# Mom & baby shop

Address

පුබුදුපුර පාර, Lll පියවර, අනුරාධපුර (පතිරණ කඩේ ඉදිරිපිට )
Anuradhapura
5000

Website

Alerts

Be the first to know and let us send you an email when MEDIX wound care, Medi lab and Mom & Baby corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share