චූටි මිස්- Chuty Mis

චූටි මිස්- Chuty Mis �From my knowledge, to your knowledge �

🍒Types of vaginal infections....🍒
13/02/2026

🍒Types of vaginal infections....🍒

Changes of ECG... 🥺
11/02/2026

Changes of ECG... 🥺

✅Types of pain that nurse must know...😌
10/02/2026

✅Types of pain that nurse must know...😌

11/01/2026
💜Happy New Year2026 💜
01/01/2026

💜Happy New Year2026 💜

1.ඩෙංගු උණ:-😣වෛරසයක් මඟින් බෝ වන රෝගයකි.2.බෝ වන්නේ කෙසේද :-🦟 ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරුවන් දෙවර්ගය දෂ...
30/12/2025

1.ඩෙංගු උණ:-
😣වෛරසයක් මඟින් බෝ වන රෝගයකි.

2.බෝ වන්නේ කෙසේද :-
🦟 ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරුවන් දෙවර්ගය දෂ්ට කිරීමෙන් මෙම රෝගය මිනිසාට බෝවේ.

3.සාමාන්‍ය රෝග ලක්ෂණ :-
❤️‍🩹තද උණ
❤️‍🩹හිසරදය
❤️‍🩹වමනය
❤️‍🩹ඇඟපත වේදනාව
❤️‍🩹බඩේ කැක්කුම
👍මෙම රෝග ලක්ෂණ ඇති විට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. දින 3-4ක් පමණ ගත වූ විට මෙම රෝග ලක්ෂණ අඩු වී රෝගය සුව වී යයි. නමුත් සමහර රෝගීන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වේ.

4.ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ :-
🩸හම යට කුඩා ලේ (රතු) පැල්ලම් මතු වීම
🩸ඇස් රතු වීම
🩸නාසයෙන් ලේ ගැලීම
🩸මළ මුත්‍රා සමඟ ලේ පිට වීම
🩸විදුරුමස් වලින් ලේ ගැලීම
🩸වමනය හෝ මළපහ කළු හෝ දුඹුරු පැහැයක් ගැනීම
👍මෙම රෝග ලක්ෂණ ඇති විට වහාම වෛද්‍ය ආයතනයකින් හෝ ලඟම පිහිටි රෝහලකින් අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගත යුතුය.

5.අනතුරු ඇඟවීමයි :-
🚫ඩෙංගු රක්තපාත උණෙන් පෙළෙන රෝගියෙකුගේ උණ හිටි හැටියේ බැස යා හැකිය. එහෙත් රෝගියා අසනීප ගතියෙන්ම පසුවේ නම් එය කම්පන ලක්ෂණයක් විය හැක.
🚫එවැනි රෝගියකු තුළ,
😖ඇඟ සීතල වීම
😖ඇඟ සුදුමැලි වීම
😖කලබලකාරී හා නිදිමත ස්වාභාවය
😖හුස්ම ගැනීම හා නාඩි වැටීම වේගවත්වීම,
වැනි කම්පන ලක්ෂණ මතුවීම රෝගය වඩාත් අසාධ්‍ය බව හඟවයි.
🚫විශේෂයෙන් උණෙන් පෙළෙන දරුවෙක් තුළ හදිසි උණ බැසීමක් ගැන විමසිලිමත් වන්න. ඇස්ප්‍රීන් හෝ ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ දරුවාට දීමෙන් වළකින්න.

6.ඩෙංගු උණ වළක්වමු :-
👍 ඩෙංගු උණ වැළැක්විය හැක්කේ එය පතුරුවන මදුරුවන් බෝ වීම වැළැක්වීම මඟිනි. වතුර රැඳෙන භාජන වල ඩෙංගු උණ පතුරුවන මදුරුවන් බෝ වේ. රෝගය වැළැක්වීමට ඔබට ගත හැකි පියවර කීපයකි.
⭕️නිවස අවට පිරිසිඳුව තබාගන්න.
⭕️කුණු කසල පුළුස්සා හෝ වළලා දමන්න.
⭕️තැඹිලි කෝම්බ තුළ වතුර එකතු නොවන ලෙස කුඩාවට පලා දමන්න.
⭕️හිස් ටින්, පොල්කටු, වළං කැබලි, හිස් කිරිහට්ටි ආදිය වතුර නොරැඳෙන සේ තලා දමන්න.
⭕️මල් බඳුන් හා කූඹි උගුල්වල ඇති වතුර වලට ලුණු කැට ස්වල්පයක් දමන්න.ඒවායේ වතුර නිතර මාරු කරන්න.
⭕️නිවෙස්වල වහල මත හා අවට ඇති පරණ ටයර්වලට වැලි පුරවන්න. නැතිනම් වතුර නොරැඳෙන සේ සිදුරු කරන්න.
⭕️වහලේ වැහි පිහිළි තුළ වතුර රැඳෙන සේ හිර වී ඇති කොළ රොඩු ඉවත්කර පිරිසිඳු කරන්න.

7.මතක තබා ගන්න :-
💟උණ ඇති විට හැකි පමණ විවේක ගන්න. විශේෂයෙන් කුඩා දරුවන් පාසැල් යැවීමෙන් වළක්වා, ඇඳට වී විවේකයෙන් සිටීමට සලස්වන්න.
💟ඇස්ප්‍රීන් හා ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ ගැනීමෙන් වළකින්න.
💟රෝග ලක්ෂණ ඇතිවිට වෛද්‍ය උපදෙස් ලබාගන්න.
💟ඩෙංගු රක්තපාත උණ ගැන සැක ඇති වුවහොත් වහාම වෛද්‍ය ආයතනයකින් හෝ ලඟම පිහිටි රෝහලකින් අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගන්න.

#ඩෙංගු #චූටිමිස්

29/12/2025

Effects of smoking 🚬

29/12/2025

දුම් පානයේ ප්‍රතිඵල 🚬

Address

Wijayapura
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when චූටි මිස්- Chuty Mis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share