ජයවාසු

ජයවාසු කාටත් මුණගැහෙන්න ඕන මනුස්සකමින් පිරුණු, හිත හොද මිනිස්සු...
(5)

15/04/2026

#පවුල

ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ පවුල යනු, ප්‍රජාව තුළ ශක්තිමත්ම ඒකකයයි. දෙදෙනෙකු විවාහ ජීවිතය තුළට ඇතුළත් වී පවුලක් ලෙස ජීවත්වීම ආරම්භ කරයි. පවුලක් යනු නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල නොවන අයුරින් එක් නිවසක් තුළ විරුද්ධ ලිංගිකයන් සමඟ ජීවත්වීම හා ඒ තුළින් ඇතිවන දරුවන් රැකබලා ගැනීමක් බව ශ්‍රී ලාංකික පවුල් ක්‍රමයට අනුව ඉතා කෙටියෙන් අර්ථ දැක්විය හැකියි. පවුල් වර්ගීකරණයේදී භාවිතා වන වර්ගීකරණයක් නම් විස්තෘත පවුල් හා න්‍යෂ්ටික පවුල් යනුවෙනි. විස්තෘත පවුලක් යනු පරම්පරා කිහිපයක සාමාජිකයන් වැඩි සංඛ්‍යාවක් එක නිවසක හෝ නිවස ආසන්නයේ ගෙවල් සාදාගෙන ඇතැම් විට එක ගම් ගොඩකින් පදිංචි පවුලක්ය. විස්තෘත පවුලක සාමාජිකයින් රැසක් සිටියි. ඔවුහු මහ ගෙදර වටා රොක් වී සිටිති. න්‍යෂ්ටික පවුලක සිටිනුයේ පරම්පරා දෙකකි. එනම් දෙමාපියන් හා දරුවන් දෙදෙනාගෙන් පමණක් සෑදුන පවුලයි.

විස්තෘත පවුලට ආවේණික යහගුණ රැසක්ම වේ. අතීතයේ හා මෑතක් වනතුරුම ශ්‍රී ලංකාවේ විස්තෘත පවුල් ක්‍රමය ක්‍රියාත්මක විය. එය බොහෝ දුරට කෘෂි ආර්ථිකය හා බැඳුණු සාම්ප්‍රදායික පවුල් රටාව විය. මේ තුළින් දරුවාට ළමා වියේ සිටම රැකවරණය, පෝෂණය, ආදරය, උණුසුම හා ලෙන්ගතුකම නොඅඩුව ලැබිණි. වැඩිහිටි මඟ පෙන්වීම් ගුරුහරුකම් නිසා සංස්කෘතිය, සම්ප්‍රදාය පරපුරෙන් පරපුරට ස්වයංක්‍රීයව කාන්දු විය එමගින් සිරිත් විරිත් හා හැසිරීම් රටා අන්‍යෝන්‍ය ගරුත්වය හා වගකීම යන ගුණාංගද දරුවන් වෙත කාන්දුු විය.

විවාහ ජීවිතය යහපත් හෝ අයහපත් වීමට සහකාරිය හා සහකරු යන දෙදෙනාම දායකවී ඇත. දෙදෙනෙකු විවාහ දිවියට ඇතුළත් වන්නේ, කැමැත්ත නිසාය. කැමැත්ත ආකර්ෂණය නිසා ඇතිවේ. ආකර්ෂණය ඇති වන්නේ තමා ළඟ නැති ගති ලක්ෂණ හා ගුණාංග වලටය. භෞතික විද්‍යාවට අනුව ධන සහ ඍණ එකතු වේ. නමුත් එකට ජීවත්වීමට ආකර්ෂණය පමණක් ප්‍රමාණවත් නොවේ. ආකර්ෂණය සමගම එකට ජීවත් වන විට හැඩ ගැසීම අවශ්‍යවේ. එසේ නම් විවාහ ජීවිතයේ ඇතිවන වෙනසට හැඩ ගැසිය යුතුයි. වෙනසට අනුව හැඩ ගැසීමට හැකිවීම තුළින් විවාහ ජීවිතය පහසුවෙන් ගෙන යා හැකිය. මෙම වෙනස නිසාම නැවත ආකර්ෂණය ඇති වේ.

එසේ හැඩ ගැසීම සඳහා අවශ්‍ය වන #කුසලතා කීපයකි.

* විශ්වාසය
* සහකම්පනය
* අවංක බව
* රහස්‍ය බව
*පක්ෂපාතී බව
*ඵලදායී සන්නිවේදනය
*ගෞරවය

#අයහපත් #සම්බන්ධතාවයක් #හඳුනා #ගැනීමේ #දර්ශක

* සහකරු හෝ සහකාරිය මත සම්පූර්ණයෙන් යැපීම
* සහකරු හෝ සහකාරිය කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව හෝ සැකය
* තමා ගැන පමණක් සිතා කටයුතු කිරීම
* සහකරු හෝ සහකාරිය පාලනය කිරීමට උත්සාහ කිරීම
*අනෙකාගේ සතුට සහ අවශ්‍යතා ගැන නොසිතීම
* කායික, මානසික හා ලිංගික හිංසනයට පත්වීම
✍️ ජයවාසු ⚡

 #පවුල ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ පවුල යනු, ප්‍රජාව තුළ ශක්තිමත්ම ඒකකයයි. දෙදෙනෙකු විවාහ ජීවිතය තුළට ඇතුළත් වී පවුලක් ලෙ...

14/04/2026

අළුත් ඇඳුම් ඇඳ ගත්තට,
මිනිස්සු අලුත් වෙන්නෙ නෑ...
සිතුවිලිත් අලුත් වෙන්නෝන...
මේ අවුරුද්දේ,
ආදරණීය මිනිසුන්ම
මුණගැසේවා !!!
✍️ ජයවාසු ⚡

14/04/2026

🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼

දුක හිතේ තියන්,
පරණ කෝන්තර
දලුලන්න නොදී,
සිනා මුහුණෙන් හැඩ කරන්නට,
ආදරය, සතුට, බලාපොරොත්තු
නව මුහුණුවරකින්
අරඹන්නටත්,
ජීවිතේ අලුතින් ගොඩනගන්නටත්,
හීන සැබෑවෙන්නත්,
සිත සැනසෙන්නත්,
අරමුණු කරා ලගාවෙන්නත්,
ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන
වාසනාවන්ත,
❤️ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!! ❤️

✍️ ජයවාසු ⚡

10/04/2026

ජීවිතේදී සැමවිටම සරල, සන්සුන්, සාමකාමී ජීවන රටාවක් හම්බවෙන්නේ නෑ. කාලයක් තිබෙනවා අපිට බර වගකීම්, අභියෝග, වේදනා සහ අසමත්වීමත් සමඟ මුහුණ දීමට සිදුවෙනවා. ඒත් ඒ හැම දෙයක් අතරේම අපි සොයන විශේෂ හැඟීමක් තියෙනවා. ඒ තමයි නිවී සැනසීම.
නිවී සැනසීම කියන්නේ බාහිර ලෝකය සම්පූර්ණයෙන්ම සන්සුන් වෙලා තියෙන අවස්ථාවක් නෙවෙයි. ඒක ඇත්තටම අපේ අභ්‍යන්තරයේ ඇතිවන සන්සුන් බවක්. එය හඳුනගන්න පුළුවන් වෙන්නේ අපි අපේ හිතේ බර අඩු කරගෙන, පීඩනය අඩු කරගෙන අවශ්‍ය නැති සිතිවිලි අත්හැරලා, ජීවිතය සරලව බලන්න පටන් ගන්න වෙලාවට.

මිනිස්සු සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ තමන්ට හැකි දේවල් පිළිගෙන, බැරි දේවල් ගැන අතිරේකව බරක් ගන්නෙ නැති වෙලාවට. අතීතයේ සිදුවීම් ගැන හිත හිත තැවෙන එකත්, අනාගතය ගැන අධිකව භයවෙන්න එකත්, අපේ සිතට බරක් වෙනවා. ඒ බර අඩු කරගන්න පුළුවන් වෙන්නේ මෙ මොහොතේ සිහියෙන් ජීවත් වීම ඉගෙන ගත්තොත් පමණයි.

සැහැල්ලුවෙන් ජීවත් වීම කියන්නේ ගැටලු නැති ජීවිතයක් ගත කිරීමක් නෙවෙයි. ඒක කියන්නේ ගැටලු තිබුණත් ඒවාට මුහුණ දෙන ආකාරය වෙනස් කිරීමයි. සමහර වෙලාවට නිවී සැනසීම කියන්නේ නිහඬව ඉඳලා හුස්ම ගන්න මොහොතක්, හිතට වටින දේවල් එක්ක කාලය ගත කිරීමක්, හෝ තමන්වම පිළිගන්න ඉගෙන ගැනීමක්.

අපිට අපේ ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් වෙන්නේ අපි අපිට වගේම අන් අයටත් මයිත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන් හැසිරෙනකොට. කණගාටු නොවී, අඩුපාඩු පිළිගෙන, තමන්වම ආදරයෙන් හසුරවන්න පුළුවන් වෙලාවට. ඒ වෙලාවට ජීවිතය තව ටිකක් ලාභදායක, තව ටිකක් ලස්සන, තව ටිකක් සන්සුන් වෙනවා.

නිවී සැන්සීම කියන්නේ අපි සොයා යන්න ඕන දුර තියෙන දෙයක් නෙවෙයි. ඒක තියෙන්නේ අපේ අභ්‍යන්තරයේමයි, අපි තුලමයි. අපිට පුලුවන් වෙන්නෝන ඒ තත්ත්ව හඳුනගන්න, පෝෂණය කරන්න, සහ ඒ සන්සුන් බවත් එක්ක ජීවිතය ගත කරන්න....

ඇත්තටම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා කියන්නේ ජීවිතය බරක් විදියට නොව, අත්දැකීමක් විදියට පිළිගැනීමයි.... ඉතින් අපි සැහැල්ලුවෙන් ඉමු....
🌼🌼🌼💚💚💚⚡⚡⚡

✍️ ජයවාසු ⚡

09/04/2026

අනෙකාගේ සැනසීම වෙනුවෙන් නිහඩවීම පේමයේ ඇති සුන්දරම කොටසක්.... ❤️❤️
✍️ ජයවාසු ⚡

ඇත්තටම මිනිසා ස්වභාවයෙන්ම සම්බන්ධතා සොයන ජීවියෙක්. අපිට කෙනෙකුගේ ආදරය, පිළිගැනීම, සහ ආරක්ෂාව අවශ්‍යයි. මේ නිසාම අපි මිතු...
08/04/2026

ඇත්තටම මිනිසා ස්වභාවයෙන්ම සම්බන්ධතා සොයන ජීවියෙක්. අපිට කෙනෙකුගේ ආදරය, පිළිගැනීම, සහ ආරක්ෂාව අවශ්‍යයි. මේ නිසාම අපි මිතුරන්, පවුල, ආදර සම්බන්ධතා, වටිනා වස්තු, තත්ත්වය වැනි දේවල් වලට බැඳෙන්නෙ අපේ හිස්වීම් පුරවගන්න. එහෙම බැඳීම් වලින් අපිට සැනසීමක් ලැබෙනවා වගේ හැඟෙන්න පුළුවන්.

නමුත් ගැටළුව පටන් ගන්නේ, ඒ බැඳීම් “අවශ්‍යතාවයක්” වෙන වෙලාවේ.
අපි බැඳීම් හොයන්නේ සතුටට නෙවෙයි, අහිමිවීමේ බියට.
අපි ආදරය කරන්නෙත්, එය අහිමි වෙයි කියන භයත් එක්ක....

“අතහරින්න කියලා දෙන ආගමක් ඇතුළේ, අපි බැඳීම් හොයන තරමක්…”

බොහෝ ආගම් වල, විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය අපිට කියන්නේ “අතහැරීම”, “අනුරාගයෙන් නිදහස් වීම”, “බැඳීම් වලින් මිදීම” පුද්ගලයාට යහපතැයි කියලා. ඒත් ඒ ආගම් අනුගමනය කරන අපිම, ජීවිතයේ සතුට හොයන්නේ නැවතත් බැඳීම් ඇතිකර ගැනීම තුළින්.

ආගම කියන “අතහැරීම” කියන්නේ මේ බැඳීම් ඉවත් කරලා හිස්වෙලා ජීවත් වෙන්න කියන එකක් නෙවෙයි.
“බැඳීම් වලට අධීන නොවී ජීවත් වෙන්න”
“ලැබුණු දේවල් වලට ආදරය කරන්න, නමුත් ඒව නැති වුනත් ඔබ කැඩී නොයන්න ලෙසයි”

අපි බොහෝවිට වැරදියට තේරුම් ගන්නේ, අතහැරීම කියන්නේ අකාරුණික වීමක්, හෝ සම්බන්ධතා අත්හැරීමක් කියලා. නමුත් සැබෑ අතහැරීම කියන්නේ, ආදරය තියෙන්න පුළුවන්, නමුත් අයිතිකමක් නැතිව.

මෙහි තියෙන ගැඹුරුම සත්‍යය වන්නේ, අපි බැඳීම් හොයන තරමටම අපි දුක් වෙන්නට ඉඩ ලබා දෙනවා කියන එක. ඒත් අතහැරීමට පුළුවන් උන තරමටම අපි නිදහස් වෙනවා.බැඳීම් තියෙන්න පුළුවන්, නමුත් වහල් නොවී ඉන්නෝන.

ඒ නිසා ජීවිතයේ හැබෑම දක්ෂතාවය තමයි,
බැඳීම් අතර ජීවත් වෙමින්,ඒවාට අයිති නොවී ඉන්න පුළුවන් වීම....

✍️ ජයවාසු ⚡

fans

08/04/2026

සමහර වෙලාව අපට එන ගැටලු වලට,
විසදුමක් නෙවෙයි ඕන වෙන්නෙ
අහගෙන ඉන්න, හූමිටි දෙන්න කෙනෙක්...
වචන වලට පෙරලන්න බැරි හැගීම්
දැනෙන කෙනෙක්...
කියා ගන්න බැරි වේදනාව
දැනෙන කෙනෙක්...
කඩා වැටෙද්දි නැගිට්ටවන කෙනෙක්...
බැරිම තැන්වලදිත්
දරාගන්න පුලුවන් කෙනෙක්...
බලාපොරොත්තු නොවන විදියේ
අස්වැසිල්ලක් වෙන කෙනෙක්...
නිහඩව අහගෙන ඉන්න,
විනිශ්චය නොකරන කෙනෙක් කියන්නෙම,
විශ්වයෙන් ලැබෙන තෑග්ගක්...
උපදෙස් වලට වඩා, අහන් ඉන්නෙක
කෙනෙක්ට සැනසිල්ලක්,
ආරක්ෂාවක්,
වටිනාකමක්,,,
ඔබට පුළුවන් නම්…
අහගෙන ඉන්න කෙනෙක් වෙන්න…
හදවතට නිහඬ ආලෝකයක් වෙන්න…
මොකද…
හැම කෙනෙකුටම ඕනේ,
මුලු ලෝකයක් නෙවෙයි…
ඒව අහගෙන ඉන්න “ඔබ” විතරයි…

✍️ ජයවාසු ⚡

06/04/2026

සැබෑ ජයග්‍රහණය නම් ඉක්මන් වීම නොව, ආදරණීයව ඉවසීමයි....
ජීවිතේ වටිනා දේවල් ඉක්මනින් ලැබෙන්නෙ නෑ...
හිත රිදෙන වචන අතරේ නිහඬව ඉන්නෙ ශක්තිමත් පෞරුෂයක් හිමි අය...
කේන්තියට ප්‍රතිචාර දීමට වඩා ඉවසීමෙන් පිළිතුරු දීම වඩා බලවත්
ඉවසීම පරාජයක් නෙවෙයි, හිත ශක්තිමත්ව තබාගැනීමේ හැකියාවයි...
දරාගැනීම තුළින් සැනසීම ලැබෙනවා
ඉවසීම කියන්නේ හොඳම වෙලාව එනකම් සතුටින් බලා සිටීමයි...
තමන්ට හිමි හොඳම දේ ලැබෙනකම් නොසැලී ඉන්න
අවසානයේ ජයගන්නේ ඉක්මන් වෙන කෙනා නෙවෙයි, ඉවසන කෙනයි..
සවන් දී ඉවසීමෙන් ක්‍රියා කරන කෙනා තමයි සැබෑ ශක්තිමත් පුද්ගලයා

✍️ ජයවාසු ⚡

06/04/2026

"ඇතැම් විට,
ජීවිතේ අඳුරුම කාර්තු වලදීත්
අපට ආදරණීයම, සුන්දර,
මිනිස්සුන් හමු වෙනවා....."
ඒ අයව
මතකයේ තියා ගන්න...
ඒවගේම,
තවත් කෙනෙකුට
හයියක් වෙන්න
වචනයකින් හෝ...

✍️ ජයවාසු ⚡

04/04/2026

“Because my love for you is a little deeper, I’ll be the one who waits, understands, and holds on.” ❤️🌹🥰

✍️ ජයවාසු ⚡

04/04/2026

ජීවිතය හැමවිටම සරල, පහසු ගමනක් නොවේ. සමහර දිනවල අපි බලාපොරොත්තු වන විදියට නෙවෙයි, අපහසු අත්දැකීම්වලින් පිරී තියෙනවා. ඒ අතරින් සමහරක් අපේ හිත බිඳ දානවා, අපව අවුල් කරවනවා, කාලයක් පුරාම අමතක නොවන වේදනාවක් දෙනවා. නමුත් එවැනි දුෂ්කර අවස්ථාවන්ම අපගේ ජීවිතයේ වැදගත්ම පාඩම් උගන්වනවා.

වැටෙන එක මිනිස් ස්වභාවයේ කොටසක්. කවුරුත්ම ජීවිතයේ කිසිදා වැටෙන්නෙ නැතිව ඉදිරියට යන්නේ නෑ.... නමුත් වැටුඅයින් පසුව නැවත නැගී සිටීම, නැවත උත්සාහ කිරීම, අභියෝගවලට මුහුණ දීම යනු සැබෑ ශක්තියයි. හිතේ ශක්තිය, ධෛර්යය සහ ඉවසීම ඇති පුද්ගලයෙකුට ජීවිතයේ කුමන බාධාවක් වුවත් ජයගැනීමට හැකි වෙනවා.
අපිට හමුවන දුෂ්කරතා හමුවේ , අපව වඩා ශක්තිමත් කරමින් අපි ඉදිරියට යා යුතුය. ජීවිතය තුළ ජයග්‍රහණය ලැබෙන්නේ පහසුවෙන් නොව, උත්සාහයෙන්, කැපවීමෙන් සහ අභියෝග සමඟ සටන් කරමින්. අද දිනය අමාරු වුණත්, එය සදාකාලික නෑ. හෙට දවස නව ආරම්භයක් කර ගමු.
අපහසුතාවයන් හමුවේ නවතිනවා වෙනුවට, ඒවා ජයගැනීමට හිතේ ශක්තිය සහ විශ්වාසය ඇති කර ගමු. තමන්ට තමන් විශ්වාස කරමින්, අභියෝගවලට මුහුණ දී, ජීවිතයේ ඉදිරියට යාමයි සැබෑ ජයග්‍රහණය. ඔබට ජය.... 🌼🌹❤️

✍️ ජයවාසු ⚡

Address

අනුරාධපුර
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when ජයවාසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share