12/10/2024
ඊයේ දවස කාලෙකට පස්සේ ගොඩක් සතුටු දැනුන දවසක්. ඒ තමයි මම ප්‍රතිකාර කරපු පළමු ලිංගික අප්‍රාණිකත්වය සහිත රෝගියාගේ විවාහය සිදුවිම.
මේක ටිකක් දිග කතාවක්. සාමානය mbbs වෛද්‍යවරයක් විදියට අපිට නිතර විවිධ රෝග තත්ත්ව සහිත රෝගීන් හම්බ වෙනවා. ඒ අතර ඉදලා හිටලා මේ කියන ලිංගික අප්‍රාණිකත්වය සහිත රෝගින් හම්බ වෙනවා. නමුත් මේ කියන්නේ එහෙම රෝගින් ගැන නෙවේ. ලිංගික සෞඛ්‍ය සම්බන්ධව මගේ පශ්චාත් උපාධිය හැදෑරීම ආරම්භ කල මුල් කාලයේ හමුවුන රෝගියෙක්. විශේෂයෙන් ලංකාවේ අදාල රෝග වලට ප්‍රතිකාර කරන් විශේෂ පුහුණුවක් සහිත වෛද්‍යවරුන්ගේ විශාල අඩුවක් තියෙනවා. ඒ නිසාම මම මගේ පුහුණුවේ මුල් කාලයේ හිටියත් මගේ මිත්‍ර විශේෂඟද වෛද්‍යවරයකු විසින් මෙම රෝගියා මා වෙත යොමුකලේ රෝගියාගේ පොඩි විස්තර ටිකකුත් එක්ක.
ඇත්තටම අදාල පුද්ගලයා සමන් කියලා මෙතැන් සිට හදුන්වන්නම්. ඉතින් සමන් අවුරුදු 35 -36ක විතර පුද්ගලයෙක්. අසාර්ථක විවාහයකින් පස්සේ ඉතාම කනගාටුවෙන් හිටියේ. ඒ එක්කම එයාට අවුරුදු ගනනාවක ඉදන් යම් මට්ටමක ලිංගික අප්‍රාණිකත්වයක් තිබුනත් අවුරුදු 3ක ඉදලා කවදාවත් ලිංගික ක්‍රියාවක් සදහා ප්‍රාණවත් බවක් ලැබිලා තිබුනේ නැ. අවස්තා ගණනාවක්ම විවිධ ප්‍රතිකාර ලබාගෙන තිබුනත් කිසිම ගුණයක් තිබුනේ නැ.
ඒ එක්කම තමයි බාහිරින් බලපුවාම කතාව ඇතුලේ ඒකට හේතුවක් හොයාගන්නත් තිබුනේ නැ. ඊට අමතරව එයාට ඒ ඇරෙන්න කිසිම ඉහෙන් බහින රෝගයක් තිබුනෙත් නැ. ඒ එක්කම සමන් ගොඩක් දුර හිටපු නිසා අපේ සියලුම ප්‍රතිකාර සිද්ධ උනේ දුරකතනය හරහා විතරයි.
සාමනයෙන් අපිට ලිංගික අප්‍රාණිකත්වය තියෙන රෝගින් හම්බ වෙනකොට තියෙන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. නමුත් ඒ කියන කිසිම කායික හෝ මානසික ගැටලුවක් ඔහුට තිබුනේ නැ. ඒ එක්කම හදිසියේ ප්‍රතිකාර ගන්න හේතුව වෙලා තිබුනේ ඔහුට අවුරුදු ගන්නකින් පස්සේ අලුත් පෙම්වතියක් හම්බ උන එක. අවස්තා කිපයකදි ඔහු අසාර්ථක වෙලා තිබුනා. ඒ එක්කම පෙම්වතිය හමබ්වෙන එක කොච්චර කැමති දෙයක් උනත් සමහර විට ඔහුට එය එක ආකාරයක ප්‍රශ්නයක් වෙලා තිබුනා.
පලවෙනි කතාබහෙන් පස්සේ නිසි හේතුවක් හොයාගන්න බැරි උන නිසා තාවකාලිකව විටමින් පමනක් නිර්දේශ කරලා සති දෙකකින් ආයෙම හමුවීමක් වෙන් කර ගත්තා. දැන් සති දෙකකින් බලද්දි සමන් කිසිම ප්‍රතිකාරයක් අරන් තිබුනේ නැ. කොහොම හරි දැන් ප්ලැන් කරන් හිටපු ඊලග හමුවීම ප්ලැන් කරන් හිටපු විදියට කරන්න බැරි උනත් තව ටිකක් කතාව ඇතුලට ගිහින් ප්‍රශ්නෙට හේතුව හොයාගන්න පුළුවන් උනා.
ඇත්තටම ඒ අවස්තාවේ මට සමන් ගැන ඇතුවුනේ වෛද්‍යවරයකු විසින් රෝගියෙක් වෙනුවෙන් ඇතිවෙන සංවේගයට එහා ගිය දුකක්. ඇත්තටම පිරිමියෙක් තමන්ගේ පෞරුෂයම ලිංගික අවයව වලට භාර දෙනවා නේද කියන එක.
කොහොම උනත් ඊලග මාසයේ ඔහු සහ පෙම්වතිය හමුවුන අවස්තාවේ ඔහුට හොද ප්‍රාණවත් බවක් ඇතිඋනා කියලා කීවත් ඔවුන් කිසිම ලිංගික එක්විමක යෙදිලා තිබුනේ නැ. කොහොම උනත් එය හොද positive sign එකක් වගේම ඔහුගේ විශ්වාසය වැඩිකරන්න හැකියාව ලැබිලා තිබුනා. ඒ නිසාම අපේ ඊලග හමුවීමෙන් පස්සේ අපේ ප්‍රතිකාර තවත් ටිකක් ලේසි උනා.
ඔන්න ඊලගට ගොඩක් සතුටු දවසක් ඔහු අවුරුදු ගානකට පස්සේ තමන්ගේ නැතිවෙලා ගියපු පුරුෂ ශක්තිය ලබාගෙන තිබුනා වගේම අවස්තා ගනනක් ලිංගිකව එක්වෙලා තිබුනා. ඉතින් ඔවුන් දෙන්නට විස්තර ටික මට කියනකම් ඉවසීමක් තිබුනේ නැ. මම හිතන්නේ සමන්ට වඩා අදාල සිදුවීම ගැන සතුටු උනේ ඔහුගේ පෙම්වතිය. ඔවුන්ගේ වචනෙන්ම කියනවානම් " ඩොක්ටර් නම් මාරයි" කියලා කියලා තිබුනා. ඉතින් මම සමන්ට කීවේ මේ මගේ දක්ෂතාවයවත් බෙහෙත්වල හොදවත් නෙවේ. ඔයාගේ දක්ෂතවය කියන එක. ඒකත් ඔහුට ලොකු සතුටක් ඇතිකලා කියලා දැනුනා.
ඊට පස්සේ තව අවස්තා දෙකක් සමන් මාව හමුවුනා. ඉතින් සමන්ට ආයේ ගැටලුවක් වෙන්නේ නැ කියන තැනට ආවට පස්සේ අයේ මාව ඔනේ උනොත් විතරක් කතා කරන්න කියලා මම නැවතුනා. ඒඑක්කම සමන් ඔහුගේ ජිවිතයේ විශේෂ අවස්තා ඉදලා හිටලා මා එක්ක ශෙයා කර ගත්තා.
ඉතින් කාලෙකට පස්සේ අයේ මැසේජ් එකක් දාලා තිබුනා ඩොක්ටර් අපි engaged උනා කියලා. ඒ එක්කම ඔවුන් දෙන්නගේ ලස්සන ලස්සන ෆොටෝ කීපයකුත් එවලා තිබ්බා. ඒ මම ඒ දෙන්නව දැකපු පලවෙනි අවස්තාව.
කොහොම උනත් මෙතනදි මම ගොඩක්ම සතුටු වෙන කරුණු කීපයක් තියෙනවා. ඒ අතර පලවෙනි කාරණය තමයි අදාල ගැහැනු ලමයාගේ ඉවසීම, ඒ එක්කම ප්‍රතිකාර වෙනුවෙන් අවධානය යොමු කරවන්න වගේම ප්‍රතිකාර අතරතුර ඉවසීමෙන් බලා ඉන්න පුළුවන් බුද්ධිමය පරිණතබවක් ඇයට තිබුනා. සමන්ට වඩා බාල උනත් ඇය ඉතාම පරිණත කාන්තාවක්. ඒ එක්කම දෙවෙනි කාරණය තමයි සමන්ව එයා දීර්ඝකාලීනව ගොදුරු වෙලා හිටපු depression තත්ත්වයෙන් මුදවගන්නත් හැකි උනා. ඊට අමතරව අරක්කු සහ සිගරට් වලට තිබ්බ ඇබ්බැහිය නැති කරගන්නත් හැකි උනා. ඒ එක්කම ඔහු ඉතා සාර්ථකත්ව ඔහුගේ රැකියාවට අවධානය දීලා වැඩ කලා.
මේ පලවෙනියා උනාට ඒ සිද්ධියෙන් ලැබුනු මෝටිවේෂන් එකත් එක්ක තවත් බොහෝදෙනෙක්ගේ ලිංගික ගැටලු නැති කරන්න පුළුවන් උනා. ඒත් ඒ එකක්වත් සමන්ගේ ගැටලුව තරම් සංකීර්ණ උනේ නැ.
සමහර විට පිරිමින්ගේ සම්පූර්ණ පෞරුෂයම ලිංගිකව මත තීරණය වෙනවා. ඒ තමයි සමාජය තුළින් ඔවුන් වෙත පටවපූ අදහස. ඒ නිසාම ඔවුන් ප්‍රතිකාර වලට යොමුවෙන්න උනත් මැලිවෙනවා. ගොඩක් වෙලාවට ඔවුන්ගේ වෛද්‍යවරයා වෙන්නේ ෆාමසිය. ටිකක් කල් යද්දි මෙ ගැටලු ටික ටික වැඩිවෙලා ගොඩක් සංකීර්ණ මානසික ගැටලු බවට පත්වෙනවා. ඉතින් ඊට කලින් ඔයාගේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා උපදෙස් ලබාගන්න. සමහර විට එතනින් බැරි උනොත් ඒ සම්බන්ධ විශේෂ දැනුමක් තියෙන වෛද්‍යවරයකු හමුවෙන්න.
(මේ සමන් කියන්නේ ආරෝප කරපු නමක් උනත්, විස්තරය 100% ඇත්ත කතාවකින් නිර්මාණය කලේ. ඒ එක්කම මේ වෙනුවෙන් අදාල රෝගියාගේ විශේෂ අවසරක් ලබාගත්තා. ඒ එක්කම කතාවේ තියෙන සමහර දේවල් අතිශෝක්තියක් වගේ පෙන්න් පුළුවන් , ඒ වගේම මාර්කටින් එකක් විදියට පේන්න පුළුවන් ඒත් මට කතාවේ සංකීර්ණ බව පෙන්නන්න ඒ වචන එහෙමම පාවිච්චි කරන්න උනා. මෙතන උපදෙස් බලාපොරොත්තුවෙන් තමන්ගේ පෞද්ගලික විස්තර කමෙන්ට් කරන්න එපා. )
Dr Sanjaya U Jayasooriya