BIO LAB

BIO LAB Trusted Healthcare

21/11/2023

Fasting ඉඳලා කරන්න ඕනේ ලේ පරීක්ෂණ වලදී වතුර බොන්නත් හොඳ නැද්ද?
මෙච්චර කල් ඔයා කොහොමද කළේ?

🤔🤔🤔🤔

ලේ වල සීනි පරීක්ෂාව, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව වගේ ගොඩක් test වලට fasting ඉන්න ඕනි වෙනවා. ඒ වගේ වෙලාවට වතුර බොන්න හොඳ නැද්ද කියලා ගොඩක් අය මගෙන් අහනවා.

🤔සමහර ලේ පරීක්ෂණ වලට කලින් fasting ඉන්න කියන්නේ ඇයි?

ලේවල සීනි මට්ටම පරික්ෂා කරන fasting blood sugar එකේදි සාමාන්‍යයෙන් පැය 8-10 විතර නිරාහාරව ඉන්න ඕනේ. එහෙම නිරාහාරව ඉඳලා පරීක්ෂණය කරොත් අපට ආසන්න වශයෙන් නිවැරදි අගයක් ගන්න පුළුවන්.

ඔයා කෑවට පස්සේ ඒ කෑම වල තියෙන කාබෝහයිඩ්‍රේට ජීරණය කර ගෙන ලේ වලට උරාගන්න නිසා ලේ වල සීනි මට්ටම වැඩි වෙනවා. පැය අටක් දහයක් විතර නිරාහාරව හිටියම කලින් කාපු කෑම වල තිබ්බ glucose ඇඟට උරාගෙන පරිවෘත්තිය ක්‍රියා වලට ලක් කරලා ඉවරයි. එතකොට ඇත්තටම ලේවල තියෙන මූලිකම glucose මට්ටම නැත්තං baseline ලෙවල් එක බලාගන්න පුලුවන්.
ඉතිං ඒ අනුව ඔයාගේ glucose පරිවෘත්තීය ක්‍රියාවලිය එහා මෙහා වෙලා ද දියවැඩියාව තියෙනවද ,දියවැඩියාව හැදෙන්න අවදානමක් තියෙනව ද, වගේ දේවල් ගැන අදහසක් අපිට ගන්න පුළුවන්.

✅නමුත් දීර්ඝකාලීන සීනි මට්ටම පාලනය බලන්න කරන HbA1C test එකට fasting ඉන්න අවශ්‍යම නැහැ.

✅කෑම නොකා හිටියට මේ වෙලාවෙදි වතුර, තේ කහට(සීනි නැති) බිව්වට කමක් නැහැ.

මේ fasting ඉන්නවා කියලා ඇත්තටම කියන්නේ ඇඟට ශක්තිය දෙන ආහාර හෝ බීම වර්ග ගන්නෙ නැතුව ඉන්න එක.

❌ඒ උනාට මේ ලේ පරීක්ෂණ, හැර අනෙකුත් පරීක්ෂණ ඒ වගේම ශල්‍යකර්මවලට fasting ඉන්නකොට ආහාර ගැනීම කරන්න එපා. ඒ වගේම වතුර ,තේ ,කෝපි වගේ දේවලුත් බොන්න එපා.

✅ලේ වල කොලෙස්ටරෝල් මට්ටම බලන පරීක්ෂාව නැත්තං lipid profile එකේ දී සාමාන්‍යයෙන් පැය 12ක් විතර fasting ඉන්න ඕනේ. මේකෙදි total cholesterol, LDL cholesterol, HDL cholesterol, triglycerides වගේ දේවල් බලනවා.

ඉස්සරහට මේවා ගැන වැඩිපුර කතා කරමු.
අනිත් අයටත් දැනගන්න share කරන්න.

👉🧠
21/11/2023

👉🧠

ගෙම්බෙක්ව ලිපේ තියන
වතුර භාජනයකට දාලා ලිපට ගින්දර දැම්මම,
ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා...

වතුර තව තව රත් වෙනවා
ඌ ආයේ ආයේ වතුරේ උෂ්ණත්වයට අනුගත වෙන්න බලනවා...

හැබැයි එක වෙලාවක් එනවා වතුරවල උෂ්ණත්වයට ගෙම්බට උෂ්ණත්වය හදාගන්න බැරි වෙන...

ගෙම්බා භාජනයෙන් එළියට පනින්න හිතනවා
ඌ පනින්න උත්සහා කරනවා..
පනින්න බෑ..
මොකද ඌ ඌගේ මුලු ශක්තියම
උණුවතුරට හැඩගැහෙන්න පාවිච්චි කරලා...

ගෙම්බා මැරෙනවා...

ඌ මැරෙන්න හේතුව වතුරට දාපු එකද...?

නෑ.......

ඌ එළියට පනින්න ඕන වෙලාව
දැනගන හිටියේ නෑ... තේරුම් ගත්තෙ නෑ..

උෂ්ණත්වය දැනෙද්දී
ඒකෙම හැඩ ගැහෙන්න හැදුවා...
ආයේ අයේ හැඩ ගැහෙන්න හැදුවා...

උගේ මුලු ශක්තියම හැඩ ගැහෙන්න යෙදෙව්වම
ඌට එළියට පනින ශක්තියක් නැතිව
අන්තිමේ දි මැරුණා...
🔹
🔹
🔹
ජීවිතයේ අපිටත් පනින්න ඕන තැන් එනවා..
ඒ තැන් වලදී පනින්නේ නැතිව,
අපි ඒකට කොහොමහරි හැඩ ගැහෙන්න හැදුවම,
ඉබේම අපේ ශක්තිය, කාලය, ආත්මය වැය වෙලා
අපි විනාශ වෙලා ගිහින්..

අපි ශාරීරිකව මානසිකව පීඩා විඳින්න
ලොකුම හේතුව,
වැරදීමකින් බැස්සත්,
එළියට පනින්න ඕන තැන හරියට හඳුනා නොගැනීම...

මිනිසුන් හඳුනා නොගැනීම...

හිතන්න...

ඔතනින් එළියට පනින්න...

උපුටා ගැනීමකි

සමහර "ඇරියස්" ලස්සනයි!ජීවිතය හැමෝටම එක වගේ නැහැ. කිසිම වෙලාවක තව කෙනෙක් එක්ක තරඟයක් තියාගන්න එපා. තරඟයක් ඕනේ නම් ඊයේ හිට...
15/11/2023

සමහර "ඇරියස්" ලස්සනයි!

ජීවිතය හැමෝටම එක වගේ නැහැ. කිසිම වෙලාවක තව කෙනෙක් එක්ක තරඟයක් තියාගන්න එපා. තරඟයක් ඕනේ නම් ඊයේ හිටපු ඔයාට වඩා, අද ඔයාව ඉදිරියට ගෙනි යන්නේ කොහොමද කියන එක විතරක් හිතන්න. තමන්ට තරඟයක් තියෙන්න ඕනේ තමන් එක්ක විතරමයි!

තව කෙනෙක් එක්ක තමන්ට කරපු දේවල් හිතේ තියාගෙන, එයාට වඩා ඉහලට ගිහින් පාඩම් උගන්නන්න ඔයාට ඕන නෑ. සමහර මිනිස්සු වැරදි කරන්නේ හිතලා මතලා නෙවෙයි. හිතලා මතලා වැරදි කරන මිනිස්සු වුනත් කාලයත් එක්ක වෙනස් වෙන්න පුලුවන්.
පස්සෙන් ඇවිත් ඇවිත් ඔයාට වැරදි කරනවා නම්,ඒ මිනිස්සුන්ගෙන් අයින් වෙලා යන්න. ඈත් වෙන්න!

මේ කෙටි කාලය තුළ අපිට ඕනේ සතුටින් ජීවත් වෙන්න. එහෙම සතුටින් ජීවත් උනා කියලා ලස්සන මතක සටහන් ජීවත් වෙලා ඉන්න මිනිස්සු අතර තියලා යන්න. එච්චරයි!
❤️

සිතාවකපුර අඩුම මිල අපෙන් 🔬👩‍⚕️
15/11/2023

සිතාවකපුර අඩුම මිල අපෙන් 🔬👩‍⚕️

අඩියෙන් අඩිය ඉස්සරහට යද්දි මොන තරම් නම් සතුටක් ඇතිද ඒ හිතෙත් .......  😍😍ජිවිතේ ලැබුනු හොදම නිහඩ ආදරවන්තයා 🥰🌎
14/11/2023

අඩියෙන් අඩිය ඉස්සරහට යද්දි මොන තරම් නම් සතුටක් ඇතිද ඒ හිතෙත් ....... 😍😍

ජිවිතේ ලැබුනු හොදම නිහඩ ආදරවන්තයා 🥰🌎



ඇත්ත හොදම දවස් එන්නෙම ඉස්සරහට 🫂
12/11/2023

ඇත්ත හොදම දවස් එන්නෙම ඉස්සරහට 🫂

🙏
11/11/2023

🙏

🌻🫂
09/11/2023

🌻🫂

සහනදායි මිළ ගණන් යටතේ ඔබට අවශ්‍ය සියලුම පරීක්ෂණ දැන් සිදු කරවා ගත හැක. කිසිදු වෙනයම් අය කිරීමකින් තොරව නිවසට පැමිණද ඔබගේ...
08/11/2023

සහනදායි මිළ ගණන් යටතේ ඔබට අවශ්‍ය සියලුම පරීක්ෂණ දැන් සිදු කරවා ගත හැක.

කිසිදු වෙනයම් අය කිරීමකින් තොරව නිවසට පැමිණද ඔබගේ රුධිර සාම්පල් ලබාගනු ලැබේ .


විමසීම් : 0753553564
වට්සැප් :‪ 0742715060

Address

No. 301/A, Kiriwandala
Avissawella

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 06:30 - 20:00
Wednesday 06:30 - 20:00
Thursday 06:30 - 20:00
Friday 06:30 - 20:00
Saturday 06:30 - 20:00
Sunday 06:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when BIO LAB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category