Gampaha Ayurveda Medical Center - Badulla

Gampaha Ayurveda Medical Center - Badulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gampaha Ayurveda Medical Center - Badulla, Medical and health, No. 36/3, Hingurugamuwa Road, Oyewaththa, Badulla.

සුවය සතුට සාමය සෞභාග්‍යය සපිරි නීරෝගිමත් සුබ අළුත් අවුරුද්දක් වේවා!! ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, ඔයේවත්ත, බදුල්ල
14/04/2026

සුවය සතුට සාමය සෞභාග්‍යය සපිරි නීරෝගිමත් සුබ අළුත් අවුරුද්දක් වේවා!!
ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, ඔයේවත්ත, බදුල්ල

Sciatica හෙවත් ගුධ්‍රසී රෝගය ගැන ඔබ දැනුවත්ද?තට්ටම් ප්‍රදේශයේ සිට පහළ ගාත්‍රාවල පිටුපසින් කලව දිගේ ගමන් කරන වේදනාව සහ තද...
08/02/2026

Sciatica හෙවත් ගුධ්‍රසී රෝගය ගැන ඔබ දැනුවත්ද?

තට්ටම් ප්‍රදේශයේ සිට පහළ ගාත්‍රාවල පිටුපසින් කලව දිගේ ගමන් කරන වේදනාව සහ තද ගතියත්, කල් ගත වන විට කලව දිගේ ගමන් කරන වේදනාව දණහිස, බත්කෙණ්ඩ, විළුඹ සන්ධිය හරහා මහපට ඇඟිල්ල දක්වාත් ගමන් කර හිරිය සහ වේදනාව ඇති කරයි නම් ඔබ සයටිකා රෝගයෙන් පීඩා විඳිනවා විය හැකියි.
ආයුර්වේදයේ මෙම රෝගය ගුධ්‍රසී යනුවෙන් හඳුන්වනවා. ගුධ්‍රසී කියන්නේ ගිජුලිහිණියාට. මේ රෝගයෙන් පීඩා විඳින රෝගියා අවසානයේ ගිජුලිහිණියෙක්ගේ ගමන් විලාසයෙන් තමයි ඇවිදින්නේ. වේදනාව, තදබව, ගැස්ම, හිරිය නිසාම ශරීරය අසාමාන්‍ය විදියට නැවිලා, කොරගසමින් ගමන් කරන විලාසය තමයි මේ රෝග නාමයට හේතුවෙන්නේ..
ආයුර්වේදයේ වාත රෝගයක් විදියට තමයි මේ රෝගය සැලකෙන්නේ.
මේ රෝගයට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්.
ඔබේ පාද වලට ස්නායු සැපයුම ලබාදෙන ප්‍රධානම ස්නායුවක් වෙන්නේ Scietic nerve එක. ස්නායුවක් කිව්වාට ඇත්තටම මේක ස්නායු ගණනාවක එකතුවක්. ඔබේ කොඳු ඇට පෙළේ කටී කෂේරුකා සහ ත්‍රිකස්ථ්‍රික ප්‍රදේශය ( Lumber vertebrae and sacral region ) තුළින් විහිදෙන ස්නායු රැහැන් කිහිපයක එකතුවකින් තමයි මේ ස්නායුව හැදිලා තියෙන්නේ. ඉතින් මේ රෝග තත්වයේදි සිද්ධ වෙන්නේ මේ ස්නායුවට හෝ ස්නායුවේ කොටසකට යම් හානියක් හෝ අවහිර වීමක් සිදුවීමයි. ඔබේ කොන්දේ පහළ ප්‍රදේශයට සිද්ධවෙන හානියක් කෙලින්ම මේ රෝගයට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම කොන්දට එල්ල වෙන අධික තෙරපුමක්, වැරදි ඉරියව් නිසා කොන්දට ඇති වෙන අසාමාන්‍ය පීඩනයක් වගේ දේවලුත් හේතු වෙන්න පුළුවන්. අස්ථි බිඳීමක්, කොඳු ඇට පෙළේ ඇදවීමක් හෝ විකෘති වීමක් වුණත් මේ රෝගයට හේතු වෙන්න පුලුවන්. මේ වගේ හේතුවක් නිසා ඔබේ කෂේරුකා දෙකක් අතර අන්තර් කෂේරුක මඬල ( intervertebral disk) පිටතට නෙරා ඒම (herniated disk), disk membrane එක පුපුරා යාමක් වගේ හේතුවක් නිසා කෂේරුව තුළින් පිටතට එන ස්නායු අවහිර වීම හෝ ස්නායුවට හානි වීම, ස්නායුව ක්ෂය වීම වගේ දේවල් තමයි මේ රෝගයට බලපාන ප්‍රධානම හේතු වෙන්නේ.
ඉතින් මේ තත්වය නොසලකා හැරලා, වේදනා නාශක වලින් තාවකාලික සහනයක් ලබාගෙන විතරක්ම නැවතුනොත්, පසුකාලීනව ඔබේ බලපෑමට ලක් වූ පාදය මාංශක්ෂයතාවයට (muscle wasting ) පවා පත් වෙන්න ඉඩ තියෙනවා.
ආයුර්වේදයේ මේ සඳහා සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් නිර්දේශ වෙලා තියෙනවා. මේ ප්‍රතිකාර පද්ධතිය තුළ ශාරීරිකව දූෂිත දෝෂයන් ශෝධනය කිරීම, ස්ථානිකව දෝෂ ලිහිල් කිරීම, ස්නායු පෝෂණය කිරීම, රෝග මූලයට අදාළ ප්‍රතිකර්ම රාශියකින් සමන්විත අතිශය සාර්ථක ප්‍රතිකාර පද්ධතියක්.

ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය- ඔයේවත්ත, බදුල්ල
අප වෛද්‍ය මධ්‍යස්ථානය මඟින් මේ රෝගයට අතිශය සාර්ථක ප්‍රතිකාර ශ්‍රේණියක් පවත්වාගෙන යනවා. ඔබේ රෝග මූලය හඳුනාගෙන, ඒ හරහා නිසි පරිදි ඔබේ ශරීරයට හා ප්‍රකෘතියට අනුකූලව ඔබට සුදුසුම සහ නිවැරදිම ප්‍රතිකාර පද්ධතිය තෝරා ඒ හරහා ඔබේ පූර්ණ සුවය අපි සනාථ කරනවා.

මේ ප්‍රතිකාර පද්ධතියට,
✅ආයුර්වේදීය තෛල අභ්‍යංග (ස්නේහ කර්ම)
✅ඖෂධීය ස්වේද කර්ම (නාඩි ස්වේද, පොට්ටලී ස්වේද, steam bath )
✅කටී වස්ති
✅ආයුර්වේද සම්බාහන
✅Cupping therapy
✅පත්තු, තැවිලි
ආදී බාහිර ප්‍රතිකාරත්,
✅කෂාය
✅ආයුර්වේදීය ගුලි, කල්ක
ආදී අභ්‍යන්තර ප්‍රතිකාර ශ්‍රේණියක් ද,
ඊට අමතරව ඔබේ රෝගයෙන් සුවතාවයට පත් වීමට සහ නැවත රෝගය ඇති නොවීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදේශනයක්ද ඇතුළු අංග සම්පූර්ණ ප්‍රතිකාර පද්ධතියක් ඇතුළත් වෙනවා.
මෙම සියළු ප්‍රතිකාර සහ උපදේශනය ආයුර්වේද වෛද්‍යවේදී සහ ශල්‍යවේදී (B.A.M.S.) උපාධිධාරී, රජයේ ලියාපදිංචි පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුවෙනවා.

සයටිකා රෝගය ඇතුළු ඔබේ සියළුම ස්නායු රෝග ඇතුළු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට අප ආයතනය හා සම්බන්ධ වන්න.

සියළු විමසීම් -
දු.ක. - 070 5 111 514
Whatsapp - 070 5 111 514
වෛද්‍ය සංජය ජයසිංහ (B.A.M.S. -U.O.K)
SLAMC Reg. No. 17390
ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, ඔයේවත්ත, බදුල්ල.

ඔබ සැමට කායික, මානසික, සාමාජයීය සහ ආධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ සුවතාවයට මඟ විවර වන සුභම සුභ නව වසරක් වේවා..මහාමේධා ආයුර්...
02/01/2026

ඔබ සැමට කායික, මානසික, සාමාජයීය සහ ආධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ සුවතාවයට මඟ විවර වන සුභම සුභ නව වසරක් වේවා..

මහාමේධා ආයුර්වේද - ඔබේ පූර්ණ සුවතාවයේ මාවත
ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - ඔයේවත්ත, බදුල්ල

30/11/2023

Address

No. 36/3, Hingurugamuwa Road, Oyewaththa
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Gampaha Ayurveda Medical Center - Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share