Ovin Pharmacy & Grocery.

Ovin Pharmacy & Grocery. Ovin Pharmacy, We are dedicated to enhancing your health providing expert pharmaceutical care.

21/08/2025

වකුගඩු බලන ලේ පරීක්ෂණය එහෙමත් නැත්තම් Serum Creatinine ලේ පරීක්ෂණය ගැන ඔබ දැනුවත්ද?

✳️Creatinine කියන්නේ මොකක්ද?
Creatinine කියන්නේ අපේ මාංශපේශි වල හැදෙන අපද්‍රව්‍යයක්. මේක ලේ වලට එකතු වෙලා, වකුගඩු හරහා පෙරිලා මූත්‍රා (urine) එක්ක එළියට යනවා. වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩුයි නම් Creatinine පෙරෙණ එක අඩු වෙනවා.
Serum creatinine test එකෙන් බලන්නේ ලේ වල creatinine මට්ටම. ඒකෙන් ඔබේ වකුගඩු හොඳින් වැඩ කරනවද කියලා තේරුම් ගන්න පුළුවන්.

✳️මේ ටෙස්ට් එක ඇයි වැදගත්?
වකුගඩු තමයි අපේ ශරීරයේ "filter" එක. ඒවා ලේ වල එකතුවෙන අපද්‍රව්‍ය ඉවත් කරනවා, ජලය balance කරනවා, blood pressure එකත් control කරනවා. රුධිරයේ Creatinine මට්ටම ලේ ඇතුළේ ඉහළ ගියොත්, ඒක වකුගඩු හරිහැටි වැඩ නොකරන්නේ නැති බවට ඉඟියක්.

✳️කවුද මේ ටෙස්ට් එක කරන්න ඕන?
• දියවැඩියාව (diabetes) තියෙන අය
• ඉහළ රුධිර පීඩනය (high blood pressure) තියෙන අය
• පවුලේ වකුගඩු රෝග ඉතිහාසයක් තියෙන අය
• වකුගඩු රෝග ලක්ෂණ (ඉදිමීම, යුරියා පාට වෙනස්වීම, විඩාව) තියෙන අය
• නිතිපතා check-up එකකට යන අය

✳️ටෙස්ට් එකට සූදානම් වෙන්නේ කොහොමද?
• විශේෂ සූදානමක් ඕන නෑ, ඒත් ඔබ ගන්න ඖෂධ ගැන වෛද්‍යවරයාට කියන්න.
• ජල විජලනය creatinine මට්ටම ඉහළ යන්න හේතුවක්, ඒ නිසා ජලය බොන්න.
• ශිරාවකින් රුධිරය 1ml - 2ml ප්‍රමාණයක් අරගෙන විද්‍යාගාරයේ දී පරීක්ෂා කරන්නේ.
• පැයකට විතර පස්සේ Report එක ගන්න පුලුවන්. විද්‍යාගාර වල කාර්ය බහුලත්වය එක්ක වෙලාව වෙනස් වෙන්න පුලුවන්.

✳️Normal creatinine අගයන්
• පිරිමින්ට 0.7-1.3 mg/dL,
• ගැහැණුන්ට 0.6-1.1 mg/dL

✳️ඉහළ creatinine මට්ටමට හේතු
වකුගඩු ගැටලුවක්, විජලනය (dehydration), හෝ ඖෂධ වල බලපෑමක් වෙන්න පුළුවන්.

✳️පහළ creatinine මට්ටමට හේතු
පහළ creatinine මට්ටම බොහෝ වෙලාවට ගැටලුවක් නෙවෙයි, මාංශපේශි අඩු වුණාම (වයස්ගතවීම, malnutrition) එහෙම වෙන්න පුළුවන්.

⚠️Creatinine ඉහළ ගියොත්?
බය වෙන්න එපා! ඒක එකපාරටම වකුගඩු රෝගයක් කියලා කියන්න බෑ. ඒත් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න.

🗣ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවද? "Dr.Gayan" page එකේ post එකට Comment එකක් දාන්න. පුලුවන් විදියට reply කරන්නම්.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 10k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

© Dr. Gayan Senevirathne
🗣Please share, not copy-paste, to keep the info accurate and updated.
🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

,

30/07/2025

රෑට නිදාගද්දි ඔයාගේ සහකරු හයියෙන් ගොරවනවා... එකපාරටම සද්දේ නැතිවෙලා, ආයෙත් හුස්ම හිරවෙලා වගේ 'හුස්ම අදිනවා වැනි ශබ්දයක් දලා , ලී කොටයක් ඉරෙනවා වගේ, හුස්ම ගන්නවා ඔයාට ඇහිලා තියෙනවද? 😥

නැත්නම් ඔයාට, රෑට හොඳට නිදාගත්තා කියලා හිතුවත්, දවස පුරාම හේතුවක් නැතුව මහන්සියක්, නිදිමතක් දැනෙනවද?

මේක නිකන්ම නිකන් ගොරවන එකක් නෙවෙයි. මේ ඔයාගේ නින්ද, ශක්තිය, සහ සෞඛ්‍යය හොරෙන්ම නැති කරන 'Sleep Apnea' කියන තත්ත්වය වෙන්න පුළුවන්. අද අපි මේ නිහඬ සතුරා ගැන දැනුවත් වෙමු.

🤔 සරලවම, මොකක්ද මේ Sleep Apnea කියන්නේ?

Sleep Apnea කියන්නේ ඔයා නිදාගෙන ඉන්නකොට ඔයාගේ හුස්ම ගැනීම මොහොතකට නතර වෙලා, ආයෙමත් පටන් ගන්න එකටයි. මෙහෙම හුස්ම නතර වෙන හැම වාරයකදීම මොළයට ඔක්සිජන් යන එක අඩු වෙනවා. එතකොට මොළය ඔයාව ටිකකට ඇහැරවලා ආයෙත් හුස්ම ගන්න සලස්වනවා. මේක නිසා ඔයාට ගැඹුරු නින්දක් (deep sleep) ලැබෙන්නේ නෑ. ප්‍රතිඵලය තමයි දවල්ට නිදිමත, අධික මහන්සිය වගේම, ප්‍රතිකාර නොකළොත් බරපතල ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන්.

🔊 සාමාන්‍ය ගොරවන එකද? Sleep Apnea ද?

සාමාන්‍ය ගොරවීම: එකම රිද්මයකට, අඩු ශබ්දයකින් සිදුවේ. හුස්ම ගැනීම දිගටම සිදුවේ.

Sleep Apnea වලදී ගොරවීම: ඉතාමත් හයියෙන්, අතරමැද හුස්ම ගැනීම නැවතී නැවතී සිදුවේ. පසුව හිරවෙලා වගේ එකපාරටම හුස්ම ගැනීමක් සිදුවේ.

📋 Sleep Apnea ප්‍රධාන වර්ග

Obstructive Sleep Apnea (OSA): බහුලවම දකින වර්ගය. උගුරේ පිටිපස්සේ තියෙන මෘදු පටක ලිහිල් වෙලා, හුස්ම යන පාර හිර කරනවා.

Central Sleep Apnea (CSA): හුස්ම යන පාරේ හිරවීමක් නෑ. හැබැයි, හුස්ම ගන්න කියලා මොළේ ඉඳන් එන සංඥාව හරියට එන්නේ නෑ.

Complex Sleep Apnea Syndrome: උඩ කියපු වර්ග දෙකේම ලක්ෂණ එකට තියෙනවා.

🚫 අවදානම වැඩි කාටද?

➡️ ශරීරයේ බර වැඩි අයට (Obesity): උගුර වටේ මේදය තැන්පත් වෙලා හුස්ම නාලය සිහින් වෙන්න පුළුවන්.

➡️ ගෙල මහත අයට.

➡️ පිරිමි අයට: කාන්තාවන්ට වඩා අවදානම වැඩියි.

➡️ වයසට යෑමත් සමඟ.

➡️ දුම්පානය සහ මත්පැන් පානය කරන අයට.

➡️ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග වැනි රෝග තියෙන අයට.

⚠️ ඔයාටත් මේ රෝග ලක්ෂණ තියෙනවද?

ගොඩක් වෙලාවට ඔයාට වඩා ඔයා එක්ක නිදාගන්න කෙනා තමයි මේ ලක්ෂණ මුලින්ම දකින්නේ.

➡️ හයියෙන් ගොරවන එක (හුස්ම නතර වෙවී).

➡️ දවල් කාලයේ අධික නිදිමත (රැකියාව කරන විට, රිය පදවන විට නින්ද යාම).

➡️ නින්දෙන් එකපාරටම හුස්ම හිරවෙලා ගැස්සිලා ඇහැරීම.

➡️ උදේට උගුර වියළීම, හිසරදය.

➡️ අවධානය අඩු වීම, දේවල් අමතක වීම, ඉක්මනට කේන්ති යාම.

➡️ රෑට නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම.

🩺 රෝග විනිශ්චය කරන්නේ කොහොමද?

ඔයාට මේ වගේ ලක්ෂණ තියෙනවා නම්, වෛද්‍යවරයෙක් හමුවෙන්න. රෝගය තහවුරු කරගන්න නින්ද පිළිබඳ පරීක්ෂණයක් (Sleep Study) කරන්න කියයි. මේක ගෙදරදී කරන්න පුළුවන් කුඩා උපකරණයකින් (Home Sleep Apnea Test) හෝ රෝහලේදී කරන වඩාත් නිවැරදි පරීක්ෂණයකින් (Polysomnogram) කරන්න පුළුවන්.

❤️ ප්‍රතිකාර තියෙනවා! බය වෙන්න එපා

Sleep Apnea කියන්නේ හොඳින් පාලනය කරන්න පුළුවන් තත්ත්වයක්.

ජීවන රටාවේ වෙනස්කම්:

✅ බර අඩු කර ගැනීම: මේක තමයි වැදගත්ම දේ.

✅ ව්‍යායාම කිරීම.

✅ දුම්පානය සහ මත්පැන් නැවැත්වීම.

✅ ඇලයට හැරිලා නිදාගන්න පුරුදු වෙන්න.

CPAP යන්ත්‍රය:
මේක තමයි බහුලවම සහ සාර්ථකම ප්‍රතිකාරය. මුහුණු ආවරණයක් (mask) පැළඳගෙන නිදාගන්න ඕන. මේ යන්ත්‍රයෙන් ඉතා මෘදුව වාතය ශ්වසන මාර්ගයට යොමු කරලා, ඒක ඇකිළෙන්න නොදී විවෘතව තියාගන්නවා. මේකෙන් ඔයාට ආයෙමත් සුව නින්දක් ලැබෙනවා.

🚨 ප්‍රතිකාර නොකළොත් මොකද වෙන්නේ?

Sleep Apnea වලට ප්‍රතිකාර නොකර හිටියොත්, බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න පුළුවන්.

අධි රුධිර පීඩනය

හෘදයාබාධ සහ ආඝාතය (Stroke)

දෙවන වර්ගයේ දියවැඩියාව

රිය අනතුරු (දවල් කාලයේ නිදිමත නිසා)

මානසික ගැටළු (මතකය අඩුවීම, මානසික අවපීඩනය).

📌 කෙටියෙන් මතක තියාගන්න:

➡️ Sleep Apnea කියන්නේ සාමාන්‍ය ගොරවන එකක් නෙවෙයි, ඒක ප්‍රතිකාර ගත යුතු බරපතල සෞඛ්‍ය තත්ත්වයක්.

➡️ රෑට හයියෙන් ගොරවනවා, හුස්ම හිරවෙනවා, දවල්ට අධික නිදිමතක් තියෙනවා නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

➡️ බර අඩු කරගැනීම වගේ ජීවන රටාවේ වෙනස්කම් වලින් මේ තත්ත්වය ගොඩක් දුරට පාලනය කරන්න පුළුවන්.

➡️ CPAP යන්ත්‍රය වගේ ප්‍රතිකාර වලින්, ඔයාට ආයෙමත් සුව නින්දක් ලබාගෙන, නිරෝගී, ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්න පුළුවන්.

මේ වැදගත් තොරතුරු තවත් කෙනෙක් එක්ක බෙදාගන්න. 👉 පෝස්ට් එක Share කරන්න!

ඔබ හෝ ඔබ දන්නා කෙනෙක් මේ වගේ රෝග ලක්ෂණ වලින් පීඩා විඳිනවද? ඒ ගැන වෛද්‍යවරයෙක් සමඟ කතා කිරීමේ වැදගත්කම ගැන ඔබේ අදහස කුමක්ද?

#නින්ද #ගොරවනඑක #සෞඛ්‍ය #දැනුවත්වෙමු

26/07/2025
13/07/2025
19/06/2025

⛔ ෆෝලික් ඇසිඩ් නොබිව්වොත් !

…. ෆෝලික් අම්ලය ...
⛔⛔⛔⛔⛔⛔⛔⛔

ෆෝලික් ඇසිඩ් කිව්වාම අපට මතක් වෙන්නෙ ගර්භනී අම්මල.
ඇත්තටම ඔබලා 50% වැරදියි.
අපි බලමු ඇයි කියල......

ෆෝලික් ඇසිඩ් කියන්නේ කලල වර්දනයට ඉතා අත්‍යාවශ්‍යම සාදකය.

එසේම ෆෝලික් ඇසිඩ් ඌනතාවය නිසා ඇතිවන උපත් සංකූලතා ඇතිවන්නෙ කලල වර්දනයේ සති 2ත් 4ත් අතර කාලයේ.
එතකොට ගැබ් අරන් මාසෙකට පස්සෙ ෆෝලික් ඇසිඩ් අරන් වැඩක් නෑ...
ඒම නිසා ඔබ අවම වශයෙන් ගැබ් ගැනීමට මාසයකට කලින් සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම කල යුතුමයි...

ෆෝලික් ඇසිඩ් ලබා නොගැනීම නිසා ඔබේ දරුවාගේ කොඳු ඇට පෙල නිසි ආකාරයෙන් සකස් නොවීම (neural tube defect) හා මොලය වර්දනය නොවීම (Anencephaly) තත්වය ඇතිවෙන්න පුලුවන්.
මේව සුව කල නොහැකි තත්වයන්.

ඒ වගේම තොල් පැලී මුහුනේ විකෘති තා ඇතිවීමටත් පුලුවන්. පසු කාලීනව ශ්ල්‍ය කර්ම මගින් යතා තත්වයට පත් කරන්න පුලුවන්.

තව ඇබෝශන් වීම, අඩු බර උපත්, අඩු වයස් උපත් වැලැක්වීමටත් ෆෝලික් ඇසිඩ් බොහෝ උපකාරී වෙනව..

එතකොට ෆෝලික් ඇසිඩ් සාමාන්‍ය දෛනික අවශ්‍යතාවය 400 mcg.(මයික්‍රො ග්‍රෑම්)

ගර්භනී කාලයේ පලමු මාස තුනේ 400mcg ඉන් පසු 600mcg ලබා ගන්න අවශ්‍යය.

කිරි දෙන මව් වරුන්ගේ දෛනික අවශ්ශ්‍ය තාවය 500 mcg.

විශේශිතම කාරනය පිලිසිද ගැනීමට මාස තුනකට පෙර සිට හා මුලු ගර්භනී කාලය තුලමත්, ඒ වගේම ප්‍රසූතියෙන් පසු මාස හයක් දක්වාත් ඔබගේ දෛනික ෆෝලික් ඇසිඩ් අවශ්‍යතාවය රජයෙන් නොමිලේ සපයනව.
මේ සඳහා කරන්න තියෙන්නෙ ඔබ ඔබගේ ගමේ/නගරයේ ප්‍රජා වෛද්‍ය සායනය වෙත යොමු වීම පමනයි.

එමනිසා නිසි පරිදි ෆෝලික් ඇසිඩ් ලබාගෙන ඔබත් ඔබේ කිරිකැටි දරුවාත් සතුටින් සිටින්න. සෞඛ්‍ය සම්පන්න වෙන්න.
Copied

(

26/05/2025

🩺🩺🩺සිරෝසිස් ගැන දැනුවත් වෙමු!🩺🩺🩺

අක්මාව කියන්නේ අපේ ශරීරයේ ලොකු වැඩ කොටසක් කරන ඉන්ද්‍රියක්. අක්මාව ශරීරයේ “පිරිසිදු කිරීමේ කම්හලක්” වගේ. ආහාර ජීර්ණයට උදවු කරනවා, ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරනවා, රුධිරයේ තියෙන සීනි, ග්ලයිකොජන් විදිහට ගබඩා කරනවා, රුධිරය තියෙන ප්‍රෝටීන් හදනවා. තව ගොඩක් තියෙනවා...

ඉතින්, අක්මාව නැතිව අපට ජීවත් වෙන්න බෑ!

සිරෝසිස්(cirrhosis) කියන්නේ අක්මාවේ සෛල (liver cells) දිගින් දිගටම හානි වෙලා, ඒ වෙනුවට කැළැල් පටක (scar tissue) හැදෙන තත්ත්වයක්. මේ කැළැල් පටක නිසා අක්මාවේ සාමාන්‍ය වැඩ කටයුතු බිඳ වැටෙනවා.

සිරෝසිස් මුලින්ම රෝග ලක්ෂණ නැතිව තියෙන්න පුළුවන්. ඒත් තත්ත්වය බරපතල වුණාම, ශරීරයට ලොකු බලපෑමක් වෙනවා. සිරෝසිස් reverse කරන්න බෑ. ඒත් තව දුරටත් අක්මාවට හානි වෙන එක අඩු කරගන්න පුළුවන්.

සිරෝසිස් එන්න හේතු මොනවාද?
අක්මාවට හානි වෙන හේතු ගොඩක් තියෙනවා.
🍺මත්පැන් පාවිච්චිය - දිගටම බොන එක අක්මාවට විෂයි.
🦠හෙපටයිටිස් - විශේෂයෙන් B සහ C වෛරස් නිසා අක්මාවට හානි වෙනවා.
🐷තරබාරුකම - අක්මාවේ තෙල් තැන්පත් වෙලා (fatty liver) අක්මා සෛල වලට හානි කරනවා.
🧪පිත්තාශයේ ගැටලු - පිත්ත නාලවල ගැටලු තිබ්බොත් ඒක අක්මාවට බලපානවා.
💊ජානමය ගැටලු - සමහර අයට උපතින්ම අක්මාව දුර්වල වෙන්න පුළුවන්.
🚫දිගු කාලීන බෙහෙත්(අරිශ්ඨ වර්ග), රසායනික ද්‍රව්‍ය හෝ ආසාදනත් හේතු වෙන්න පුළුවන්.

සසිරෝසිස් බරපතල වුණාම බොහෝ ගැටලු එනවා.
😢බඩේ ජලය එකතු වීම (Ascites)
😢ගලනාලයෙන් රුධිර වහනය (Variceal Bleeding)
😢කහ රෝගය (Jaundice)
😢මොළයට බලපෑම (Hepatic Encephalopathy)
😢අක්මාවේ පිළිකා (Hepatocellular Carcinoma)

සිරෝසිස් එන එක වළක්වන්නේ කොහොමද?
අපිට පුළුවන් අපේ අක්මාව ආරක්ෂා කරගන්න.
😍මත්පැන් පානය අඩු කරන්න.
😍සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න.
😍බර පාලනය කරන්න, ව්‍යායාම කරන්න.
😍වෛද්‍ය උපදෙස් නැතුව දීර්ඝ කාලීනව බෙහෙත් වර්ග (අරිශ්ඨ වර්ග) ගන්න එපා.

සිරෝසිස් තියෙනවා නම් මොකද කරන්නේ?
ඔබට සිරෝසිස් තියෙනවා කියලා හඳුනාගත්තොත්, බය වෙන්න එපා. Hepatologist කෙනෙක් හරි, Gastroenterologist කෙනෙක් හරි හමුවෙන්න.
💊වෛද්‍ය උපදෙස් 100% පිළිපදින්න - බෙහෙත්, ආහාර රටාව ගැන වෛද්‍යවරයා කියන දේ අනුගමනය කරන්න.
💊මත්පැන් සම්පූර්ණයෙන්ම නවත්තන්න - එක බිංදුවක්වත් බොන්න එපා.
💊ආහාර පාලනය - ලුණු, තෙල් අඩු ආහාර ගන්න.
💊නිතිපතා පරීක්ෂාව - අක්මාවේ තත්ත්වය බලන්න රුධිර පරීක්ෂණ, ස්කෑන් කරන්න.
💊ආසාදන වලින් බේරෙන්න - රෝග පාලනයට එන්නත්, පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න.
💊අක්මා බද්ධ කිරීම - බරපතල අවස්ථාවකදි වෛද්‍යවරයා එක්ක බද්ධ කිරීම ගැන සාකච්ඡා කරන්න.

අක්මාව කියන්නේ අපේ ශරීරයේ නිහඬව වැඩ කරන හීරෝ කෙනෙක්. ඒත් ඒකට හානි වුණාම ගොඩ එන්න අමාරුයි. ඉතින්, අද ඉඳන්ම ඔබේ අක්මාව ගැන හිතන්න. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. යම් සැකයක් තියෙනවා නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

ඔබේ අදහස්, ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. අපි එකතු වෙලා තවත් දැනුවත් වෙමු!

සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතනවා. ඉතින් කොතරම් කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. ඒත් අපි share කරොත් තවත් පිරිසක් මේක දකී. කාටම හරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

උපුටාගැනීමකි

ඔබේ සන්ධි වේදනාවට විසඳුම මෙන්න!Ovin Pharmacy & Grocery වෙතින් දැන් ලබාගත හැක!කොළඹ විශ්වවිද්‍යාලයේ (IBMBB) විශේෂඥයින් විස...
26/04/2025

ඔබේ සන්ධි වේදනාවට විසඳුම මෙන්න!
Ovin Pharmacy & Grocery වෙතින් දැන් ලබාගත හැක!
කොළඹ විශ්වවිද්‍යාලයේ (IBMBB) විශේෂඥයින් විසින් නිපදවූ
ආරක්ෂිත හා බලවත් ස්වාභාවික විසඳුමක්!

වේගවත් ක්‍රියාව

100% ස්වාභාවික සංයෝග

පහසු 50ml බෝතලයක්

අදම Ovin Pharmacy & Grocery වෙත පැමිණෙන්න හෝ 076 561 1460 අමතන්න!

16/04/2025

We Are Open Today
(April 16)

13/04/2025

අපි අප්‍රේල් 14 සහ 15 දිනවල වසා ඇත.

Address

No 30B, Elle Arawa
Balangoda
70100

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ovin Pharmacy & Grocery. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram