10/09/2025
ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය ,සැප්තැම්බර් 08 World Physiotherapy Day
"සෞඛ්‍ය සම්පන්නව ,නිරෝගිව වැඩිහිටි වයසට එළැඹම සඳහා භෞතචිකිත්සකවේදීන්ගේ කාර්යභාරය හා නිවැරදිව දෛනික ක්‍රියාකාරකම් පැවැත්වීම, වයස්ගත වීමත් සමග වැටීමේ සහ දුර්වලතා ඇතිවීම් අවම කිරීම, හා වැළකීම, වයසට යාමේදී රෝගී ඇඳක් මත ගෙවන ජීවිතය වළක්වන්නේ කෙසේ ද ( The role of physiotherapy and physical activity in healthy ageing, with a focused look at preventing frailty and falls)." යන තේමාවන් මේ වසරේ පවත්වනු ලබන ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනයේ නිල තේමාවන් බවට පත්වී තිබේ.
අවුරුදු 50 ඉක්මවීමත් සමග මිනිස්සුන්ගේ කායිකා හා මානසික ශක්තිය ක්‍රම ක්‍රමයෙන් අබල - දුබල වීමට , පරිහානියට පත්වීමකට ලක්වෙනවා.එමෙන්ම සන්ධි ආශ්‍රිත වේදනාවන් හා රෝග හා සංකූලතා බොහෝමයක් ඇතිවෙනවා. කායික රෝග හා මානසික රෝග වලට ගොදුරු වීමේ අවදානාම වැඩී. වැටිම නිසා අස්‍ථි භග්න(fractures) ඇති වී ශල්‍ය කර්ම හා රෝගී ඇඳක යම් කාලයක් හෝ පූර්ණ කාලීනව ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙනවා.
දිනකට විනාඩි 30 බැගින් සතියකට දින 05 ක් ඔබ කායික ක්‍රියාකාරකම්(Physical Activities) ,ප්‍රතිකාර ව්‍යායායාම (Therapeutic Exercise) සිදු කරන්නෙ නම් එය ශරිරයේ සන්ධි අතර මාංශ පේශි ශක්තිමත් කොට සන්ධි නිරෝගී වීමෙන් දනිහිස්, උකුල් ,තුනටිය, උරස් සන්ධි රෝග,වේදනා හා ඒ ආශ්‍රිත සංකූලතා අවම කරයි. වයසට යාමේ දී වැටීම හා ඒ ආශ්‍රිත සිදුවන අනතුරු අවම කරයි.අස්ථි වල නිරෝගී බව ඇති කිරීමෙන් අස්ථි භග්න සිදු වී රෝගී ඇඳ ප්‍රතිකාර ලබන කාලය වළක්වයි,අවම කරයි. පිළිකා වර්ග 08 ක් ( ස්ථන ග්‍රන්ථි ආශ්‍රිත, බඩවැල්, ආමාශය, අන්නශ්‍රෝතය, වකුගඩු, පෙනහළු, ගර්භාෂයේ එන්ඩොමෙට්‍රියම) ඇති වීමේ අවදානම අවම කරයි. පාකින්සන් ( Parkinson),ඩිමෙන්ෂියා(Dementia) / ඇල්සයිමර් (Alzheimer ) රෝග ඇති වීමේ අවදානම අවම කරයි.ශරීරයේ රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම, ග්ලූකෝස් මට්ටම යාමනය කිරීම නිසා බෝනොවන රෝග වන හෘද රෝග , දියවැඩියාව ( Type II Diabetes) සහ මස්තිෂ්ක වාහිනී අනතුරු වන අංශභාගය ඇතිවීමේ අවදානම අවම කරයි. මානසික ආතතිය( Stress / Anxiety ) , විෂාදය ( Depression ) වැනි මානසික රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.මෙම කරුණු හා තවත් මේ සම්බන්ධ කරුණු රැසක් 2018 ඇමරිකානු විශේෂඥ භෞතචිකිත්සකවේදීන් සිදුකළ පර්‍යේෂණයකින් තහවුරු වී ඇත.
භෞතචිකිත්සකවේදීන් (Physiotherapists) යනු ස්නායු රෝග මාංශ පේශී, අස්ථි රෝග, ශ්වසන රෝග , හෘද රෝග, ළමා රෝග, ක්‍රීඩා අනතුරු, ස්නායු ශල්‍ය, උරස් ශල්‍ය ,දැඩි සත්කාර ඒකක වල පශ්චාත් ශල්‍යකර්ම, සහ ගර්භණී සමයේදී ඇතිවන සංකූලතාවයන්ට ලක් වූ රෝගීන්ව පරීක්ෂාකරමින් ඇගැයීමකට ලක් කොට රෝග නිර්ණය හා අදාළ භෞතික වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නා වූ විශේෂඥ වෘත්තියවේදීන් පිරිසක්. එමෙන්ම භෞතචිකිත්සකවේදීන් රෝග වළක්වා ගැනීමට සහ දිගුකාලීන රෝගී තත්වයන් මනා ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය භෞතික ප්‍රතිකාර සහ උපදෙස් ලබා දෙමින් ජනතාවට නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට උපකාර කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ භෞතචිකිත්සකවේදය ආරම්භ වන්නේ 1957 වසරේදීය. පසුව එය ප්‍රථම උපාධි පාඨමාලාවන් දක්වා වර්ධනය වී පේරාදෙණිය විශ්වවිද්‍යාලය .සහ කොළඹ වෛද්‍ය පීඨයන් හි මෙම උපාධි පාඨමාලාවන් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ මේ වන විට රාජ්‍ය සෞඛ්‍යය සේවය තුළ භෞතචිකිත්සකවේදීන් 700 ක් පමණ සහ තවත් 300 ත් 500 ත් අතර ප්‍රමාණයක් පෞද්ගලික රෝහල් අංශයේත් මේ වන විට සේවය කරති. ඒ අනුව ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය ලොව පුරා විසිරී පැතිරී සිටින එවන් වූ භෞතචිකිත්සකවේදීන් විසින් ලොව පුරා වෙසෙන සමස්ත ජනතාව වෙත සිදු කරනු ලබන එම කැපී පෙනෙන කාර්යයභාරය සහ මෙම විශේෂ සායනික චිකිත්සකවේදය තුළින් නිරෝගී ජන දිවියට සිදු කරනු ලබන යහපත් වූ බලපෑම ජාත්‍යන්තර වශයෙන් වාර්ෂිකව සමරනු ලබයි. ඒ නිසාම සෑම වසරකම සැප්තැම්බර් 08 වැනි දින එම විශේෂිත දිනය සමරනු ලබන්නේ වර්ෂ 1951 දී ලෝක භෞතචිකිත්සක සංවිධානය ( World Physiotherapy Confederation ) පිහිටුවීම ද සනිටුහන් කරමිනි. . එහෙයින් ලොව වෙසෙන සෑම මිනිසෙකුටම, ප්‍රශස්ත සෞඛ්‍ය තත්වයක් සහ ජීවන තත්වයක් ලබාගැනීම සඳහා භෞතචිකිත්සවේදය අත්‍යවශ්‍ය බව ලෝකයට පසක් කර දීම ද අරමුණ කරගෙන සෑම වසරකම සැප්තැම්බර් 08 වෙනි දිනට යෙදෙන මෙම ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය සමරනු ලබයි
එලෙසම ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ, සෞඛ්‍ය යහපැවැත්ම, පුනරුත්ථාපනය සහ සියලු වයස් කාණ්ඩ වලට අයත් පුද්ගලයින්ට ඇතිවන චලන ආබාධ ජයගැනීමටත්, වේදනාවන්ගෙන් තොර ක්‍රියාශීලි ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීමත් මෙම සායනික භෞතචිකිත්සකවේදයේ ප්‍රධානතම අරමුණක් වී ඇති බවයි.
තවද සැප්තැම්බර් 08 දිනට යෙදෙන මෙම ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනයට සමගාමීව මෙරට ජනතාවට නොමිලේ රෝග පරීක්ෂා කිරීම්, ඇගයීම් කිරීම් සහ රෝග නිර්ණය මත අදාළ භෞතික වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම උපදෙස් ලබා දීමේ වැඩසටහන්ද එලෙසම අනතුරු වැළැක්වීම විශේෂයෙන්ම කොන්දේ වේදනාව,සන්ධි ආශ්‍රිත වේදනාව හා ඒ ආශ්‍රිතව ඇතිවන සංකූලතා මෙන්ම ක්‍රීඩා අනතුරු සහ මිනිස් සිරුරේ උග්‍ර සහ නිදන් ගත සන්ධි රෝග ආශ්‍රිත වේදනාවන් හා සංකූලතා සමනය කිරීමත් එවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීමත් පිළිබඳ සායනික දේශන හා සැසිවාර පැවැත්මද මෙම දිනයට සමගාමීව පැවැත්වේ . එමෙන්ම විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන්, පා ගමන්, සහ පාසල් ළමුන් සහ ප්‍රජාව මූලික කරගත් ශාරිරික සහ මානසික ක්‍රියාකාරකම් රැසක් පැවැත්වමේ වැදගත්කම පිළිබඳව පාසල් ළමුන් සහ ප්‍රජා කණ්ඩායම් දැනුවත් කිරීමද මෙම දිනයට සමගාමීව මෙරට තුළ පැවැත්වීමට, ශ්‍රී ලංකා විශේෂ සායනික භෞතචිකිත්සකවේදීන්ගේ සංගමය , පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලයන්හි භෞතචිකිත්සකවේදී අධ්‍යනාංශ මේ වන විටත් කටයුතු සංවිධානය කර ඇත.
මිතුන් සේනාරත්න ස්නායු රෝග පිළිබඳව විශේෂ සායනික භෞතචිකිත්සකවේදී ,
සභාපති
ශ්‍රී ලංකා විශේෂ සායනික භෞතචිකිත්සකවේදීන්ගේ සංගමය
https://share.google/aFyiVmrWQ4zqpUBjd