HealU Medicare Centre

HealU Medicare Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HealU Medicare Centre, Medical and health, No. 84 F3, Welmilla Junction, Kindelpitiya, Bandaragama.

HealU Medi Care is a modern healthcare center based in Sri Lanka, committed to delivering high-quality, compassionate, and affordable medical services to individuals and families.

31/12/2025

🎉✨ සුභ නව වසරක් වේවා – 2026! ✨🎉
HealU Medi Care වෙතින් ඔබට සහ ඔබේ ආදරණීයයන් යහපත් සෞඛ්‍යයක්, සතුටක් සහ සාමය පිරි නව වසරක් පතමු. 💖
🙏 අපේ සේවාවට විශ්වාසය දැක්වූ ඔබ සැමට ස්තුතියි.
🩺 2026 දීත් ඔබට ආදරයෙන් හා කැපවීමෙන් සේවය කිරීමට අපි සූදානම්!
#සුභ_නවවසරක් #සෞඛ්‍යයසඳහා

🎉✨ සුභ නව වසරක් වේවා – 2026! ✨🎉HealU Medi Care වෙතින් ඔබට සහ ඔබේ ආදරණීයයන්ටනීරෝගිමත් සෞඛ්‍යයක් සමගින් සතුට සහ සාමය පිරි ...
31/12/2025

🎉✨ සුභ නව වසරක් වේවා – 2026! ✨🎉

HealU Medi Care වෙතින් ඔබට සහ ඔබේ ආදරණීයයන්ට
නීරෝගිමත් සෞඛ්‍යයක් සමගින් සතුට සහ සාමය පිරි නව වසරක් පතමු. 💖

🙏 අපේ සේවාවට විශ්වාසය දැක්වූ ඔබ සැමට ස්තුතියි.

🩺 2026 දීත් ඔබට ආදරයෙන් හා කැපවීමෙන් සේවය කිරීමට අපි සූදානම්!

#සුභ_නවවසරක් #සෞඛ්‍යයක් සදහා

තයිරොක්සින් ඌණතාවය එහෙම නැත්නම් අඩුවීම හා තයිරොක්සින් අධික ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවීම අපිට  නිතර අහන්න ලැබෙන රෝග...
20/12/2025

තයිරොක්සින් ඌණතාවය එහෙම නැත්නම් අඩුවීම හා තයිරොක්සින් අධික ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවීම අපිට නිතර අහන්න ලැබෙන රෝගී තත්ත්වක්.

තයිරොක්සින් (Thyroxine) කියන්නේ මොකක්ද?

Thyroxine (T4) කියන්නේ
තයිරොයිඩ් ග්‍රන්ථිය මගින්(Thyroid gland) නිපදවන ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝනයක්.

මේ හෝමෝනය ඔබේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාකාරීත්වය එහෙම නැතිනම් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා නම් metabolism activities පාලනය කරන හෝමෝනයක්.

එමගින් අහාර ජීරණය, ශක්තිය නිපදවීම හා භාවිතය, හදවතේ වේගය, ශරීර උෂ්ණත්වය වැනි ශරීරය පරිවෘත්තීය ක්‍රියාවලීන්
සියල්ලම පාලනය කරනවා.

සරලව කිව්වොත්, Thyroxine හෝමෝනය ශරීරයේ engine speed controller එක එහෙම නැත්නම් ඇක්සලේටරය වගේ.

⚠ Thyroxine අඩු වුණොත් (Hypothyroidism) ශරීරය “slow mode” එකට යනවා 😴. එවැනි තත්ත්වයකදී පහත රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්

🔹 නිතර මහන්සි
🔹 බර වැඩි වීම
🔹 සීතලට ඉවසන්න බැරි වීම
🔹 හිසකෙස් වැටීම
🔹 සම වියළි වීම
🔹 මතක අඩුවීම
🔹 මානසික අවපීඩනය වැනි මාසික ගැටලු

⚠ Thyroxine වැඩි වුණොත් (Hyperthyroidism) ශරීරය “over speed” mode එකට යනවා .එවිට පහත ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්,

🔸 හදිසි බර අඩුවීම
🔸 හදවත වේගයෙන් ගැහීම
🔸 අත් කම්පනය
🔸 අධික උණුසුම දැනීම
🔸 අධික ලෙස දහඩිය දැමීම
🔸 කෝපය, ආතතිය
🔸 නිදි නොයෑම

අපගේ ශරීරයේ තයිරොක්සින් ප්‍රමාණය පරීක්ෂා කරගන්නේ කොහොමද?

🩺 එය තයිරොක්සින් පරීක්ෂාව එහෙම නැත්නම් තයිරොයිඩ් ෆන්ෂන් ටෙස්ට් (Thyroid Function Test) ලෙස හඳුන්වනවා. එය,

🧪 රුධිර පරීක්ෂාවක්
👉 එහිදී තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත හෝමෝනු තුනක (TSH, T3, T4) රුධිර මට්ටම පරීක්ෂාකොට බලනවා.

මෙම පරීක්ෂාව කිරීමට රෝග ලක්ෂණ ඇතිවන තුරුම සිටිය යුතුද?

👉 රුධිර හෝමෝන පරීක්ෂාව මගින් රෝග ලක්ෂණ පෙන්වීමට පෙරත් ගැටලුව හඳුනාගන්න පුළුවන්.

රුධිරයේ හෝමෝන මට්ටම, ප්‍රශස්ත මට්ටමක නැත්නම්,ඒ කියන්නේ තයිරොක්සින් හෝමෝන ඌනතාවය හෝ තයිරොක්සින් හෝමෝනි වැඩිපුර නිපදවීම හඳුනා ගත් විට එයට බලපාන රෝග මූලයේ සඳුනා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත තවත් පරීක්ෂණ සඳහා යොමු විය හැකියාව තියෙනවා.

💊 ප්‍රතිකාර: තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත සියලුම ප්‍රතිකාර සුදුසුකම්වලත් වෛද්‍යවරයෙක් මගින් පමණක් ලබාගත යුතුයි.

Thyroxine නිපදවීම අඩු නම් –
👉 දිනපතා thyroxine tablet උදෑසන හිස්බඩ බොන්න අවශ්‍යයි.

✔ Thyroxine වැඩි නම් – තෛරොයිඩ් නිෂ්පාදනය අවම කිරීමටට අවශ්‍ය විවිධ ප්‍රතිකාරකම භාවිතා වෙනවා.

👉 එම ප්‍රතිකාර ක්‍රම නම්,ඖෂධ භාවිතය, සමහරවිට විකිරණශීලී අයඩින් ප්‍රතිකාර (radioactive iodine ) සහ ශල්‍යකර්ම (surgical treatments)

⚠ මෙම ඖෂධ හා අනෙකුත් ප්‍රතිකාර ක්‍රම නිතරම, වෛද්‍ය උපදෙස් අනුවම ගන්නා එක අත්‍යවශ්‍යයි. ඒ වගේම නිතරම හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම හා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මගින් ලබාගන්නා ප්‍රතිකාර නියමිත පරිදි යාවත්කාලීන කිරීමක් අත්‍යවශ්‍ය කාරණයක්.

💚 HealU Medi Care Message:
Thyroid ගැටලු සරල වගේ පේන්න පුළුවන්.
නමුත් පාලනය නොකළොත්
👉 හදවත
👉 බර
👉 මානසික සෞඛ්‍ය
👉 ගර්භණීභාවය
සියල්ලටම බලපාන්න පුළුවන්.
ලක්ෂණ තියෙනව නම් බල බල ඉන්න එපා.
පරීක්ෂාවක් කරලා, නිසි වෛද්‍ය උපදෙස් ලබාගන්න. 🌿
📍 HealU Medi Care – Caring for your health
📞 0777 194 825

20/12/2025

පීනසයක් එහෙම නැත්නම් ඇලර්ජික් රයිනයිටිස් (Allergic Rhinitis) ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන රෝගී තත්ත්වය සමාජය ඉතාම සුලභ රෝගී තත්ත්වයක්.

බොහෝ දෙනාට නිතර නිතර හටගන්නා දුහුවිලි සහ පින්නට නිරාවරණය වූ විට කිවිසුම් යෑම, නාසයෙන් දියර ගැලීම, නාසය අවහිර වීම “සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂාව ” ලෙස සලකා නොසලකා හරින්න පුළුවන්.
නමුත් මේ ලක්ෂණ දිගින් දිගටම පවතිනවා නම්, ඒ පීනසය එහෙම නැත්නම් ඇලර්ජික් රයිනයිටිස් නම් ඇලර්ජි රෝගී තත්ත්වයක් විය හැක.

විශේෂයෙන් සඳහන් කරන්න ඕන,මෙය බෝවෙන රෝගයක් නොවෙයි. නමුත් එය උත්සන්න වූ විට එදිනෙදා කටයුතු අඩාල වන තරමටම පීඩාකාරී විය හැකියි.

දැන් අපි බලමු මොනවද සාමාන්‍ය රෝග ලක්ෂණ කියල,

නිතර කිවිසුම් යෑම (විශේෂයෙන් උදෑසන)

නාසයෙන් සොටු දියර ගැලීම

නාසය හිරවීම / අවහිර වීම

නාසය, ඇස්, කණ, උගුර කැසීම

ඇස් රතු වීම හා කඳුළු වැටීම

හිසරදය

රාත්‍රියේ නින්ද නොයාම / දිවා කාලයේ මන්දගාමී බව

දැන් අපි බලමු මේ තත්වය වැඩි කරන (Aggravating) සාධක මොනවද කියල.

දූවිලි( විශේෂයෙන් පරණ රෙදි පිලි සහ පොත්පත් මගින් ඇතිවන)

දූවිලි මකුනා (Dust mites) රෙදි පිළි සහ පොත්පත්වල වර්ධනය වීමෙන් නිපදවන අපද්‍රව්‍ය

පූෂ්ප රේණු (Pollen)

සතුන්ගේ රෝම

දුම්පානය සහ දුම්

වායු දූෂණය

තද සුවඳ, සුවඳ විලවුන්

කාමරයේ තෙතමනය වැඩි වීම හේතුවෙන් ඇතිවන දිලීර

පීනසය වළක්වාගැනීම සඳහා පහත උපදෙස් පිළිපදින්න

කාමර සහ ඇඳුම් නිතර පිරිසිදු කරන්න

දූවිලි වැඩි ස්ථාන වලදී මාස්ක් භාවිතා කරන්න

ඇඳ පොරෝන, කොට්ට නිතර සෝදා වියළන්න

සතුන් සමඟ සමීපව සිටීම සීමා කරන්න

දුම්පානයෙන් වැළකෙන්න

කාමරය හොඳින් වාතාශ්‍රිතව සහ හොඳින් හිරු එළිය වැටෙන වයක් සේ තබාගන්න

මේ සඳහා වෛද්‍ය උපදෙස් ගත යුතුද? ඔව් ඔබට පහත ලක්ෂණ තිබේනම්,

ලක්ෂණ සති 2–3 කට වඩා දිගු වේ නම්

නාසය හිරවීම නිසා නින්ද බාධා වන්නේ නම්

නිතර හිසරදය, කන් වේදනාව, මුහුණේ වේදනාව ඇති නම්

දරුවන්ගේ පාසල් කටයුතු හෝ වැඩිහිටියන්ගේ දෛනික කටයුතු බාධා වේ නම්

වෛද්‍යවරයාගේ උපදෙස් මත,පහත සඳහන් ක්‍රම එකක් හෝ කීපයක්,ඔබගේ රෝගයේ තීව්‍රතාවය මත, නිර්දේශ කරනු ඇත

Antihistamine ඖෂධ (ඇලර්ජි අඩු කිරීමට)

Nasal sprays (නාසයේ ප්‍රදාහය අඩු කිරීමට)

Saline nasal wash (නාසය පිරිසිදු කිරීමට)

⚠️ වෛද්‍ය උපදෙස් නැතිව දිගුකාලීනව නාසයට spray භාවිතා කිරීම සුදුසු නොවේ.එම නිසා නිරන්තරයෙන්,රෝගී තත්ත්ව පරීක්ෂාව සහ සුදුසුය ඖෂධ නියම කිරීම මගින් රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැක.

ඇලර්ජික් රයිනයිටිස් ජීවිතයට අවදානම් රෝගයක් නොවුවත්, නිසි ප්‍රතිකාර නැතිව සිටින විට දෛනික ජීවිතයට දැඩි ලෙස බලපෑම් ඇති කළ හැක.

රෝග ලක්ෂණ පවතිනවා නම්, කල් නොදමා වෛද්‍ය උපදෙස් ලබාගන්න.
නිසි සැලකිල්ලෙන් – සුව පහසු ජීවිතයක්!

මෙම දැනුවත් කිරීම ඔබේ පවුලේ අයටත් මිතුරන්ටත් බෙදා හරින්න.

🧠 මිග්‍රේන් (Migraine) එහෙම නැත්නම් ඉරුවාරදය ගැන ඔබ දැනුවත්වද?ඉස්සෙල්ලාම අපි බලමු  මිග්‍රේන් කියන්නේ මොන වගේ රෝගී තත්ත්ව...
18/12/2025

🧠 මිග්‍රේන් (Migraine) එහෙම නැත්නම් ඉරුවාරදය ගැන ඔබ දැනුවත්වද?

ඉස්සෙල්ලාම අපි බලමු මිග්‍රේන් කියන්නේ මොන වගේ රෝගී තත්ත්වයක්ද කියල.

මිග්‍රේන් කියන්නේ *නැවත නැවත ඇතිවන , බොහෝ විට හිසේහි එක් පසක පමණක දැනෙන තද හිසරදයකි*.
එය සාමාන්‍ය හිසරදයකට වඩා *දැඩි වේදනාවක් ගෙන එන, දිගු කාලයක් පැවතිය හැකි හා *දෛනික ජීවිතයේ කටයුතුවලට අහිතකර ලෙස බාධා පමුණු වන* රෝගී තත්ත්වයක් .
එය බොහෝ විට හිසක එක පැත්තක පමණක් වේදනාව ඇතිවන අතර කාන්තාවන්ට පුරුෂයන්ට වඩා වැඩි ප්‍රවණතාවයකින් ඇති විය හැක.

🔹 මිග්‍රේන්හි සාමාන්‍ය ලක්ෂණ

මිග්‍රේන් ඇතිවූ විට පහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතින්න පුළුවන්:

* 🔸 තද, ගැස්සෙන ආකාරයේ(Pulsating type) හිසරදය
* 🔸 බොහෝ විට, ඇසට යටින් හිසක එක පැත්තක වේදනාව
* 🔸 ආලෝකයට නිරාවරණය වූ විට ඇතිවන දැඩි අපහසුතාව (Light sensitivity)
* 🔸 ශබ්දයට නිරාවරණය වූ විට අපහසුතාවය නිරාවරණය වූ විට අපහසුතාවය වැඩිවීම
* 🔸 වමනය / වමනය වීමට ආසන්න බවට ඇති හැඟීම
* 🔸 පෙනීමේ ඇතිවන විවිධ වෙනස්කම් (ආලෝක තිත්, රේඛා පෙනීම)
* 🔸 ශරීරය දුර්වල වීම හා අධික තෙහෙට්ටු ගතියක් දැනීම.

⏱ මෙම වේදනාව *පැය කිහිපයක සිට දින 2–3 දක්වා* පවතින්න පුළුවන්.

🔹 මිග්‍රේන් වැඩි කරන (Aggravating) කරුණු

පහත කරුණු මයිග්‍රේන් උත්ප්‍රේරනය (Trigger) විය හැක:

* ⚠ නින්ද අඩු වීම හෝ නිතර නින්දට බාධා සිදුවීම
* ⚠ ආතතිය, මානසික පීඩනය
* ⚠ කෑම නොකෑම / කෑම වේලාවන් මඟ හැරීම
* ⚠ දැඩි ආලෝකය හෝ ශබ්ද වෙත නිරාවරණය වීම
* ⚠ තද සුවඳ (පර්ෆියුම්, දුම්) නිරාවරණය වීම
* ⚠ කාන්තාවන්ට – මාසික ඔසප් වීම සිදුවන කාලය
* ⚠ සමහර ආහාර:

* චොකලට්
* චීස්
* කැෆේන් (කෝපි, ටී)
* මද්‍යසාර

🔹 මිග්‍රේන් අඩු කරන (Relieving) කරුණු

මිග්‍රේන් ඇතිවූ විට පහත කරුණු උපකාරී විය හැක:

* ✅ නිදහස්, අඳුරු හා නිහතමානී කාමරයක විවේකය
* ✅ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම
* ✅ හිසට හෝ නලලට සීතල තුවාක් තබාගැනීම
* ✅ වෛද්‍යවරයා නියම කළ ඖෂධ නිවැරදිව ගැනීම
* ✅ ආතතිය අඩු කිරීමට අවශ්‍ය පියවර ගැනීම

මිග්‍රේන් සඳහා ප්‍රතිකාර (Treatment Options)

මිග්‍රේන් සම්පූර්ණයෙන් සුව කළ නොහැකි නමුත් *නියාමනය කළ හැකි රෝගයකි*. ඒ සඳහා,මිග්‍රේන් ඇති වූ විටකරන ප්‍රතිකාර , නැවත ඇතිවීම වළක්වන ප්‍රතිකාර ලෙස දෙයාකාරයකට ප්‍රතිකාර සිදුකරනු ලැබේ.

💊 1. වේදනාව ඇතිවූ විට දෙන ඖෂධ

* සාමාන්‍ය වේදනාව අඩු කරන ඖෂධ
* මිග්‍රේන් සඳහා විශේෂ ඖෂධ (වෛද්‍ය උපදෙස් අනුව)

⚠ වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ දිගු කාලයක් භාවිතා නොකරන්න.

💊 2. මිග්‍රේන් වැළැක්වීම සඳහා ඖෂධ

* නිතර නිතර මිග්‍රේන් ඇතිවන අයට
* දෛනිකව ගැනීමට නියම කරන ඖෂධ

🔹 මිග්‍රේන් වැළැක්වීම (Prevention)

දෛනික ජීවිතයේ පහත උපදෙස් පිළිපදින්නේ නම් මිග්‍රේන් අඩු කළ හැක:

* 🟢 දිනපතා එකම වේලාවට නිදාගැනීම
* 🟢 ආහාර වේලාවන් මඟ නොහැරීම
* 🟢 ප්‍රමාණවත් ජලය පානය කිරීම
* 🟢 ආතතිය පාලනය කිරීම
* 🟢 මිග්‍රේන් උත්ප්‍රේරක ආහාර වලින් වළකින්න
* 🟢 නිතිපතා ව්‍යායාම
* 🟢 මිග්‍රේන් දිනපොතක් තබාගැනීම (Triggers හඳුනාගැනීමට)

🔹 කුමන අවස්ථාවක මේ සඳහා වෛද්‍යවරයෙකු හමුවිය යුතුද?

* ❗ හිසරදය හදිසි ලෙස දැඩිව ඇතිවුවහොත්
* ❗ හිසරදය සමඟ අත්/පා දුර්වල වීම, කතා කිරීමට අපහසු වීම
* ❗ නිතර නිතර, දැඩි ලෙස මයිග්‍රේන් ඇතිවන්නේ නම්
* ❗ සාමාන්‍ය භාවිතා වන සරල වේදනානාශක වන පැරසිටමෝල් වැනි ඖෂධ වලින් සුව නොවන්නේ නම්

💚 HealU Medi Care Message:

මිග්‍රේන් *දිගු කාලීන නමුත් පාලනය කළ හැකි රෝගයකි*.
නිවැරදි ජීවන රටාව, ඖෂධ හා වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් වේදනාවෙන් තොර සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැක.

📍 HealU Medi Care – Protecting your health every season
📞 077 719 4825

01/12/2025

🦠 Leptospirosis – මී උණ

වර්ෂාවත් සමඟ අපේ රටේ නිතරම මතුවන රෝගයක් තමයි මේ මී උණ එහෙම නැත්තං ලෙප්ටොස් ප්යිරෝසීස් (Leptospirosis) කියන්නේ. මෙය බොහෝ විට වර්ෂා කාලය තුළ වැඩිවන අතර මීයන්ගේ මූත්‍රා මගින් පැතිරෙන රෝගයකි.

🧬 Leptospirosis කියන්නේ මොකක්ද?

මෙය Leptospira කියන ක්ශුද්‍ර ජීවියකු මගින් ඇතිවන රෝගයකි.
මෙම මීයන්ගේ, ගවයන් වැනි සතුන්ගේ මූත්‍රා මගින් වතුර හා මඩ සමග මිශ්‍ර වී
ඔබගේ සමෙහි ගැලවුණු තැනකින්, තුවාලයකින් හෝ ආහාර මාර්ගය ඔස්සේ ශරීරයට ඇතුළත් විය හැකියි.

⚠️ ලක්ෂණ:

මී උණෙහි (Leptospirosis) ආරම්භයේදී මෙන්න මේ රෝග ලක්ශන මතු වෙනවා.. 😷👇

තද උණ

මාංස්පේශී වේදනාව (විශේෂයෙන් පාද හා පිටුපස)

හිස වේදනාව

ඇස් රතු වීම

වමනය, බඩේ වේදනාව

නිසි ප්‍රතිකාර නොලැබුණහොත් කෙටි දිනකින් වකුගඩු අක්‍රිය වීම සහ අනෙකුත් සංකූලතා ඇතිවීම මගින් මරණය වූවද සිදුවිය හැක

💧 රෝගය පැතිරෙන්නේ කෙසේද?

ගංවතුර හෝ මඩ තුළ යාම (ගංවතුර සහ අනෙක් ස්වභාවික ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාව, ගොවියෝ, හමුදාව,සහන කටයුතු වල නිරත පුද්ගලයන් )

මීයන්ගේ මූත්‍රා මගින් අපිරිසිදු වු වතුර / ආහාර

🌿 වැලැක්වීම හා පාලනය:

✅ ගංවතුර / මඩවලට යන විට බූට් සහ රබර් ග්ලවුස් පාවිච්චි කරන්න.

✅ගංවතුර හෝ මඩ ආශ්‍රිත ප්‍රදේශවලට යාමට ප්‍රථම වෛද්‍ය උපදෙස් අනුව Doxycycline ඖෂධය ලබාගන්න. මේ ඔබගේ ප්‍රදේශයේ MOH කාර්යාලයෙන් නොමිලේ ලබාගත හැකි අතර ෆාමසි මඟින් ද ලබාගත හැක.

✅ රෝග ලක්ෂණ පෙන්වෙන විට ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න

💚 HealU Medi Care Message:

ඔබේ සෞඛ්‍යය රැක ගන්න – වතුරට යාමට පෙර ආරක්ෂාව ගැන හිතන්න! 💧

📍 HealU Medi Care – Protecting your health every season
📞 0777 194 825

🦠 Leptospirosis – මී උණ  වර්ෂාවත් සමඟ අපේ රටේ නිතරම මතුවන රෝගයක් තමයි මේ මී උණ එහෙම නැත්තං ලෙප්ටොස් ප්යිරෝසීස් (Leptospi...
01/12/2025

🦠 Leptospirosis – මී උණ

වර්ෂාවත් සමඟ අපේ රටේ නිතරම මතුවන රෝගයක් තමයි මේ මී උණ එහෙම නැත්තං ලෙප්ටොස් ප්යිරෝසීස් (Leptospirosis) කියන්නේ. මෙය බොහෝ විට වර්ෂා කාලය තුළ වැඩිවන අතර මීයන්ගේ මූත්‍රා මගින් පැතිරෙන රෝගයකි.

🧬 Leptospirosis කියන්නේ මොකක්ද?

මෙය Leptospira කියන ක්ශුද්‍ර ජීවියකු මගින් ඇතිවන රෝගයකි.
මෙම මීයන්ගේ, ගවයන් වැනි සතුන්ගේ මූත්‍රා මගින් වතුර හා මඩ සමග මිශ්‍ර වී
ඔබගේ සමෙහි ගැලවුණු තැනකින්, තුවාලයකින් හෝ ආහාර මාර්ගය ඔස්සේ ශරීරයට ඇතුළත් විය හැකියි.

⚠️ ලක්ෂණ:

මී උණෙහි (Leptospirosis) ආරම්භයේදී මෙන්න මේ රෝග ලක්ශන මතු වෙනවා.. 😷👇

තද උණ

මාංස්පේශී වේදනාව (විශේෂයෙන් පාද හා පිටුපස)

හිස වේදනාව

ඇස් රතු වීම

වමනය, බඩේ වේදනාව

නිසි ප්‍රතිකාර නොලැබුණහොත් කෙටි දිනකින් වකුගඩු අක්‍රිය වීම සහ අනෙකුත් සංකූලතා ඇතිවීම මගින් මරණය වූවද සිදුවිය හැක

💧 රෝගය පැතිරෙන්නේ කෙසේද?

ගංවතුර හෝ මඩ තුළ යාම (ගංවතුර සහ අනෙක් ස්වභාවික ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාව, ගොවියෝ, හමුදාව,සහන කටයුතු වල නිරත පුද්ගලයන් )

මීයන්ගේ මූත්‍රා මගින් අපිරිසිදු වු වතුර / ආහාර

🌿 වැලැක්වීම හා පාලනය:

✅ ගංවතුර / මඩවලට යන විට බූට් සහ රබර් ග්ලවුස් පාවිච්චි කරන්න.

✅ගංවතුර හෝ මඩ ආශ්‍රිත ප්‍රදේශවලට යාමට ප්‍රථම වෛද්‍ය උපදෙස් අනුව Doxycycline ඖෂධය ලබාගන්න. මේ ඔබගේ ප්‍රදේශයේ MOH කාර්යාලයෙන් නොමිලේ ලබාගත හැකි අතර ෆාමසි මඟින් ද ලබාගත හැක.

✅ රෝග ලක්ෂණ පෙන්වෙන විට ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න

💚 HealU Medi Care Message:

ඔබේ සෞඛ්‍යය රැක ගන්න – වතුරට යාමට පෙර ආරක්ෂාව ගැන හිතන්න! 💧

📍 HealU Medi Care – Protecting your health every season
📞 0777 194 825

03/11/2025

🌿 ගැස්ට්‍රයිටිස්.......නම කියූ සැණින්ම හැමෝටම හුරුපුරුදු මෙන්ම සමාජයේ බහුතරයක් ජීවිතේ එක් වතාවක් හෝ පීඩා විඳ ඇති රෝග තත්ත්වයක්.

“අපි අද කතා කරමු ඔබේ ආහාර හා ජීවිත රටාව වෙනස් කිරීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය පාලනය කරන්නේ කොහොමද කියලා.” 💚

ගැස්ට්‍රයිටිස් ලෙස පොදුවේ හඳුනාගන්නා රෝග ලක්ෂණ කීපයක් නිසා ඇතිවෙන්න පුළුවන්.

වෛද්‍ය විද්‍යාවේදී ගැස්ට්‍රයිටිස් ලෙස හඳුන්වනු ලබන්නේ ආමාෂය ඇතුල් බිත්තිය ඉදිමීම සහ මතුපිට සෛල ස්ථර වලට හානි සිදුවීම වන අතර ආමාශ බිත්තියේ තුවාල ඇතිවීම ( Peptic Ulcer Disease) පෙප්ටික් අල්සර් ඩිසීස් ලෙස හඳුන්වනවා. මීට අමතරව ආමාශය නිපදවන ආම්ලිකක ශ්‍රාවයන් ගලනාලය වෙත කාන්දු වීම හෙවත් (Gastro Oesophageal Reflux Disease) ගැස්ට්‍රො ඊසොෆේජියල් රිෆ්ලක්ස් ඩිසීස් ආමාෂය ඉහල සහ පපුවේ මැද කොටසේ දැවිල්ලක් සහ වේදනාවක් ඇති කරනවා. මීට අමතරව පිත්තාශය ආශ්‍රිත රෝග තත්ත්වයන් පිත් යුෂ ආමාශය වෙත කාන්දුවීමත් බොහෝ දුරට එක හා සමාන රෝග ලක්ෂණ ඇති කරනවා.

මෙම රෝග තත්වයන් එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීම් සඳහා සහ එම රෝග තත්ත්වයන්ට තුඩු දිය හැකි වෙනත් රෝග හා රෝග මූලයන් හඳුනා ගැනීම, රෝග ඉතිහාසය මනාව අධ්‍යයනය කිරීමෙන් සහ එන්ඩොස් කොපි (Endoscopy), අල්ට්‍ර සෞන්ඩ් ස්කෑන් ( Ultra Sound Scan ) වැනි විවිධ ස්කෑන් වර්ග භාවිතයෙන් සිදුකෙරෙනවා.

මෙම රෝග තත්ත්වයන් පාලනයට ඖෂධ හා වෙනත් වෛද්‍ය ප්‍රතිකර්ම මෙන්ම ආහාර රටාවන් සහ එදිනෙදා ජීවන රටාවන් පාලනය එකසේ වැදගත් වෙනවා. 🌸

ආමාෂයේ ආම්ලිකතාවයය පැවතීම රෝගී තත්ත්වයක්ද?

ඇත්තෙන්ම නැහැ. ආමාෂයේ ආම්ලිකතාවය අපේ ආහාරයේ අඩංගු ප්‍රෝටීන ජීරණයට අදාල පෙප්සීන් නම් එන්සයිමය ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය සාධකයක්.

එම එන්සයිමය මගින් අපගේ ආමාශ බිත්තිය ජීරණය වීම වැළැක්වීම සහ ආමාෂයේ අධික ආම්ලිකතාවයට ඔරොත්තු දීම සඳහා සඳහා ආරක්ෂක උපක්‍රම කිහිපයක් අපගේ ආමාෂය සතුව තියෙනවා.

ආමාශ බිත්තියේ පිටත සෛල ස්ථරය දැඩි ආම්ලික තත්වයන් හට ඔරොත්තු දීම සහ ස්ලේෂ්මල පටලයක් ශ්‍රාවය කිරීම මගින් ආම්ලික ශ්‍රාවයන් එක්වරම සෛල සමග ගැටීම අවහිර කිරීම ඉන් කීපයක්. මීට අමතරව අප ආහාර ගන්න අවස්ථාවලදීී පමණක් ආම්ලික ශ්‍රාවයන් නිකුත් කිරීමත්, ගලනාලය ආමාශයට විවර වන ස්ථානය ආම්ලික ශ්‍රාවයන් කාන්දු විය නොහැකි පරිදි තදින් වැසී තිබීමත් දැක්විය හැකියි. මෙම ආරක්ෂක ක්‍රමවේදයනහට හානි වෙන ඕනෑම අවස්ථාවකදී ආමාශයක බිත්ති සහ ගලනාලය අධික ආම්ලිකතාවයට සහ ආමාශෝක එන්සයිමවලට නිරාවරණය වීමෙන් ඉහත රෝගී තත්ත්වයක් ඇතිවිය හැකියි.

වෛද්‍ය ප්‍රතිකාර වලදී අධික ආම්ලිකතාව පාලනය, ආරක්ෂිත ස්ලේෂමල පටලවලට හානි කරන බැක්ටීරියා පාලනය කිරීම, ආම්ලික ශ්‍රාවයන් ගලනාලයට කාන්දු වීම වැළැක්වීම සහ පිත් යුෂ ආමාශයට කාන්දුවීම පාලනයට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙනවා.

මෙහිදී ආහාර හා ජීවන රටාවන් සෞඛ්‍ය සම්පන්න ආකාරයට වෙනස් කිරීම මගින් ඉක්මනින් රෝග පාලනයට සහ නැවත රෝගී තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට ඉවහල් වෙනවා.

මුලින්ම අපි ආහාර රටාවන්ගේ වෙනස්කම් වලට අවධානය යොමු කරමු. මෙහිදී ප්‍රධාන වශයෙන් ආම්ලිකතාවය අවම කිරීම, ආරක්ෂිත ක්ලේෂ්මල පටලයන්ට වන හානිය අවම කිරීම කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කල යුතු වෙනවා.

🥗 Recommended Dietary Habits:

✅ හැකි සෑම විටම නියමිත වේලාවට ආහාර ගන්න. ඔබගේ මොළය විසින් සුපුරුදු වේලාවන්හිදී ආමාශයේ අම්ල නිෂ්පාදනය සිදු කරන බැවින් තුල ආහාර මගහැරීමෙන් ආමාශය ආහාර නොමැතිව අම්ල නිෂ්පාදනය සිදුවෙනවා.

✅ පොඩි පොඩි ආහාර විවිධ අවස්ථාවන්හි කෑමෙන් වලකින්න.

✅ තෙල් සහ මිරිස් අඩු කරන්න. අධික තෙල් සහිත, කහට හෝ මිරිස් ව්‍යාප්ත ආහාර gastritis වැඩි කරනවා. මීට අමතරව ගම්මිරිස් සහ අධිකව කුලුබඩු සහිත ආහාර වලින්ද වැලකිය යුතුය.

✅ කටට ඇඹුල් රස දැනෙන සහ ආම්ලිකතාවයෙන් යුතු ආහාර එනම් දෙහි දොඩම් වැනි බීම වර්ග, තක්කාලි,අන්නාසි , අඹ වැනි ඇඹුල් රසැති සහ කහට සහිත පලතුරු වර්ගවලින් වලකින්න.

✅ කොෆී, තේ, මත්පැන්, සහ carbanated soft drinks මෙන්ම දුම් පානය ද මෙම රෝග තත්ත්වයන් උත්සන්න කරනවා

✅ පාන්පිටි ආශ්‍රිත නිෂ්පාදන වලින් වැළකිය යුතු අතර ඒ වෙනුවට හාල් පිටි සහ කුරහන් පිටි ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරන්න.

අපේ එදිනෙදා දින චර්යාවේ කළ යුතු වෙනස්කම් පිළිබඳ දැන් අපි අවධානය යොමු කරමු.

☕ Lifestyle Tips to Prevent Gastritis:

🌤️ මානසික ආතතිය gastritis තත්ත්වය වැඩි කරනවා. එම නිසා මානසික ආතතිය පාලනය අතිශයින් වැදගත්.

🚭 දුම්පානය සහ මත්පැන් පානය නවත්වන්න

🕒 නියමිත වේලාවට නින්දට සහ සුවපහසු නින්දක් ලබා ගැනීම

🏃‍♀️ දිනපතා හැකි අයුරින් ව්‍යායාම කිරීම සහ ශරීර බර නිසි මට්ටමින් පවත්වා ගැනීම

💊 සමහර ඖෂධයන්හි තුරු ප්‍රතිඵල ලෙස ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය ඇතිවිය හැකි බැවින් වෛද්‍ය උපදෙස් අනුව පමණක් ඖෂධ භාවිතා කරන්න.

🚫 NSAID වර්ග ඖෂධ (pain killers) අනවශ්‍යව භාවිතා නොකරන්න.

💚 HealU Medi Care Message:

Gastritis ලෙස පොදුවේ භාවිතා වන ඉහත සඳහන් රෝගී තත්ත්වයන් දිගුකාලීනව පැවතීමට, ආහාර සහ ජීවන රටාවේ ඇති වැරදි අඩුපාඩු හේතුවක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
ඒත් ඔබේ ආහාර හා ජීවිත රටාවන් වෙනස් කිරීම මගින් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර මඟින් එය පාලනය කරගන්න පුළුවන්. 🌿

Heal You වෛද්‍ය මධ්‍යස්ථානය - ඔබගේ සෞඛ්‍ය අපගේ වගකීමයි.

📍 HealU Medi Care – Caring for your heath
📞 0777 194 825

24/10/2025

🌿 Stress Management Techniques

Feeling stressed lately? You’re not alone.
But the good news is — you can manage stress and protect both your mental and physical health.

💆‍♀️ Here are simple ways to reduce stress:

✅ Deep Breathing: Take slow, deep breaths to calm your mind and body.
✅ Exercise Regularly: Even a short walk or stretching can help reduce stress hormones.
✅ Eat Balanced Meals: Avoid excessive caffeine and sugar.
✅ Get Enough Sleep: Aim for 7–8 hours daily — rest heals your mind.
✅ Stay Connected: Talk to friends, family, or your doctor.
✅ Take Breaks: Step away from screens and work for a few minutes.
✅ Mindfulness or Meditation: Focus on the present moment to relax your thoughts.
✅ Positive Thinking: Replace negative thoughts with gratitude and optimism.

💬 Remember — stress is part of life, but how you handle it shapes your health.
Take small steps daily toward a calmer, happier you. 🌸

📍 HealU Medi Care – Caring for Your Mind and Body
📞 0777 194 825

💙 මානසිකව  අවපීඩනය එහෙම නැත්තං ඩිප්‍රෙශන් (Depression) කියන්නේ මොකක්ද?අපි හැමෝටම ජීවිතයේ කවදාහරි දුකක්, අසතුටක්, හෝ මනෝප...
24/10/2025

💙 මානසිකව අවපීඩනය එහෙම නැත්තං ඩිප්‍රෙශන් (Depression) කියන්නේ මොකක්ද?

අපි හැමෝටම ජීවිතයේ කවදාහරි දුකක්, අසතුටක්, හෝ මනෝපීඩාවක් අනිවාර්යයෙන්ම දැනිලා තියෙන්න ඕන.
ඒත් එම හැඟීම් දිගු කාලයක් පුරා පවතිලා, ඔබේ මනස, සිතුවිලි සහ එදිනෙදා කටයුතු අඩපන කරන තත්ත්වයකට පත්වෙනවා නම් ,
එය විශාදය එහෙම නැත්නම් මානසික අවපීඩනය (Depression) නැමැති රෝග තත්ත්වය ලෙස හඳුන්වා ගන්න පුළුවන්.

මෙය මානසික රෝගයක් විතරක්ම නෙවෙයි, ඊට අමතරව ශාරීරික අපහසුතාවයන්, නින්ද, ආහාර පුරුදු,ශරීර අභ්‍යන්තරයේ පවතින හෝමෝන තත්ත්වයන්ගේ වෙනස්කම් සහ කායික සම්බන්ධතා සඳහාද බලපා හැකි රෝගී තත්ත්වයක්.

⚠ විශාදය එහෙම නැත්නම් මානසිකව අවපීඩන රෝගයේ සාමාන්‍ය ලක්ෂණ:

😔 දිගු කාලයක් පුරා පවතින අසතුටක් හෝ හිස් බවක්
💤 නින්ද අධික වීම හෝ අඩු වීම.
🍽 කෑම රුචිය අඩු වීම හෝ වැඩිවීම
🧠 අවධානය යොදන්න, තීරණ ගැනීමට අපහසු වීම
😞 කලින් ආදරය කළ දේවල් සහ හිතට සැහැල්ලුවක් ගෙන දෙන ක්‍රියාකාරකම්වල ඇති කැමැත්ත අඩුවීම හෝ නොමැති වීම
💭 තමන් ගැන අසාර්ථක, වටින කෙනෙක් නෙවෙයි කියන හැඟීම්
😩 ශරීරය මහන්සි හෝ තෙහෙට්ටු බව දැනීම, ශක්තිය අඩු වීම
💧 ජීවිතය අවසන් කරන අදහස් හෝ තමන්ට හානිකර සිතුවිලි නිරායාසයෙන් ඇතිවීම

👨‍⚕ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අවස්ථා:

මේ හැඟීම් සති දෙකකට වැඩි කාලයක් පවතිනවා නම්

එම තත්ත්වය ඔබේ වැඩ, ඉගෙනීම, පවුල් සම්බන්ධතා වලට බලපානවා නම්

හෝ තමන්ට හානිකර සිතුවිලි තියෙනවා නම් —

👉 වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

විශාදය හෙවත් මානසිකාව අවපීඩන රෝගය සාර්ථකව සුව කළ හැකි තත්ත්වයකි.

නිසි වෛද්‍ය ප්‍රතිකාර , මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සහ උපදේශනය මගින් සම්පූර්ණ සුවය ලබා ගන්න පුළුවන්.

මානසිකව අවපීඩනය මගින් අඳුරු වූ ඔබේ ජීවිතය නැවත ආලෝකවත් කරගන්න නොපමාවෙන්ම නිසි වෛද්‍ය උපදෙස් වෙත යොමුවන්න.

📍 HealU Medi Care – ඔබේ සෞඛ්‍ය අපේ වගකීමයි
📞 0777 194 825

#විශාදය # මානසික අවපීඩනය

Address

No. 84 F3, Welmilla Junction, Kindelpitiya
Bandaragama
12530

Opening Hours

Monday 17:30 - 20:30
Tuesday 17:30 - 20:30
Wednesday 17:30 - 20:30
Thursday 17:30 - 20:30
Friday 05:30 - 20:30
Saturday 09:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when HealU Medicare Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram