16/11/2024
නිරෝගී හෙටක් ලිපි මාලාවේ තුන්වන ලිපිය මඟින් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ බොහෝ දෙනෙක් සුලබව පීඩා විඳින රෝගයක් වන ආතරයිටිස් (Arthritis) පිළිබඳවයි.
ආතරයිටිස් යනු සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනාව සහිත රෝග තත්ත්වයකි. අතීතයේ මෙම රෝගය මහළු පුද්ගලයන් අතර සුලබව දක්නට ලැබුණද වර්තමානයේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් පීඩා විඳින රෝග තත්ත්වයක් බවට පත් වී ඇත.
ආතරයිටිස් රෝගය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රධාන වශයෙන්,
▫️සන්ධිගත වාත රෝගය (Osteo Arthritis)
▫️ආමවාත රෝගය (Rheumatoid Arthritis)
ලෙස වර්ග කරයි.
සන්ධිගත වාත (Osteo Arthritis/ Degenerative Joint Disease) යන රෝග තත්ත්වය බොහෝ විට වයස්ගත වීමත් සමඟ ඇති වේ.
ප්‍රධාන වශයෙන් වාත දෝෂය කෝප වීම මේ සඳහා බලපායි.
බර දරන දණහිස් සන්ධි ආශ්‍රිතව බහුලව මෙම රෝග තත්ත්වය ඇතිවන අතර ස්ථූල කාන්තාවන්ට ඇතිවන ප්‍රවණතාවය වැඩිය.
මෙහිදී සන්ධි වල ඇති කාටිලේජ ක්ෂය වීමත් අස්ථි වල කැල්සියම් අඩුවීමත් නිසා සන්ධි වල දිරාපත් වීමක් සිදු වේ. තවද සන්ධි ආශ්‍රිතව ප්‍රදාහික තත්ත්වයක්ද ඇතිවීම නිසා සන්ධි වල ඉදිමීම හා වේදනාව ඇති වේ.
මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ වන්නේ,
🔺සන්ධිය නැමීමේදී හා දිග හැරීමේදී ඇතිවන වේදනාව
🔺ස්පර්ශ කිරීමේදී ඇතිවන වේදනාව
🔺සන්ධි ආශ්‍රිත තදබව
🔺ඇතැම්විට සන්ධි ආශ්‍රිතව ඇතිවන ඉදිමීම
🔺සන්ධි වල ක්‍රියාකාරීත්වය අඩපණ වීම
🔺සන්ධි ක්‍රියා කරන විට ශබ්දය ඇතිවීම.
මෙම රෝගය සඳහා බලපාන හේතු වන්නේ,
🔸වයස්ගත වීමත් සමඟ ඇතිවන වාත කෝප තත්ත්වය
🔸වාත දෝෂය කෝප කරන ආහාර වැඩිපුර ආහාරයට ගැනීම (වම්බටු, මෑකරල්)
🔸උසට සරිලන බර නොපැවතීම
🔸මානසික ආතතිය
🔸ව්‍යායාම අධිකව සිදු කිරීම
🔸ආසාත්මික අහාර ආහාරයට ගැනීම
🔸ශීත ආහාර, දිරවීමට අපහසු ආහාර වැඩිපුර ගැනීම වැනි වැරදි ආහාර රටා
🔸මල, මුත්‍ර, පිපාසය, කුසගින්න ආදී නොදැරිය යුතු වේගයන් දරා සිටීම
🔸නිතර පයින් ගමන් කිරීම හා නිතර පඩිපෙල් නැගීම
🔸දහවල් කාලයේ නිදාගැනීම හා රාත්‍රි කාලයේ නිදිවැරීම
🔸වැටීම්, තැලීම් වැනි අනතුරු සිදුවීම
සන්ධිගත වාත රෝග විනිශ්චය සඳහා,
✔️රෝගියාගේ රෝග ඉතිහාසය, රෝග ලක්ෂණ පිළිබඳව රෝගියා සමඟ සාකච්ඡා කිරීම
✔️රෝගියා ශාරීරික පරික්ෂාවකට ලක් කිරීම
✔️Xray
✔️MRI
✔️CT Scan
වැනි පරීක්ෂණ වාර්තා ලබාගැනීම සිදුකල හැක.
මෙහිදී Xray වාර්තා මගින් සන්ධි අතර පරතරය අඩුවීම, සන්ධි ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීම හඳුනාගත හැක.
මෙම රෝගය වළක්වා ගැනීමට,
🔹අධික ශීතල ආහාර ගැනීමෙන් වැළකීම
🔹තෙල්, මිරිස්, ලුණු බහුල ආහාර භාවිතය අවම කිරීම
🔹ශීතකරණයේ තබන ලද අහාර නැවත නැවත භාවිතා නොකිරීම
🔹කෙටි අහාර, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර භාවිතය අවම කිරීම
🔹හැකි සෑමවිටම උණුසුම් ජලය පානය කිරීම
🔹සවස් කාලයේ ස්නානය කිරීමෙන් වැළකීම
🔹හැකි සෑමවිටම ස්නානය සඳහා උණුසුම් ජලය භාවිතා කිරීම
🔹දහවල් කාලයේ නිදාගැනීමෙන් හා රාත්‍රි කාලයේ නිදිවැරීමෙන් වැළකීම
🔹උස අඩි සහිත පාවහන් භාවිතය අවම කිරීම
🔹පඩිපෙල් නැගීම අවම කිරීම
🔹නිවැරදි ඉරියව් භාවිතය සිදු කල යුතුය.
සන්ධිගත වාත රෝගය සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් ඇත.
රෝග තත්ත්වය පැවති කාලය හා රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර ලබාගත යුතු කාල සීමාව හා ප්‍රතිකාර පද්ධතිය වෙනස් වේ.
මෙහිදී,
☘️ස්නේහනය හෙවත් තෛල අභ්‍යංගය
☘️වස්ති ප්‍රතිකාර (ග්‍රීවා වස්ති, ජානු වස්ති, කටී වස්ති)(ශරීරයේ රෝගය පවතින ස්ථානය ආශ්‍රිතව තෙල් පිරවීම මගින් සිදු කරනු ලබන විශේෂ ප්‍රතිකාරයකි)
☘️නාඩි ස්වේද හෝ ඖෂධ පොට්ටනි මගින් තැවීම
☘️ඖෂධීය පත්තු ගැල්වීම
සිදු කරනු ලැබේ.
☘️මීට අමතරව අභ්‍යන්තර ඖෂධ ලෙස කශාය, ගුලි වර්ග, කල්ක ආදිය සුදුසු පරිදි අවස්ථානුකූලව යොදනු ලැබේ.
සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වී ප්‍රතිකාර කරන අතර එම වෛද්‍යවරයා නිර්දේශ කරන ආහාර, විහරණ සේවනය කිරීම මඟින් මෙම සන්ධිගත වාත රෝගය සාර්ථකව සුව කරගත හැක.
සටහන
Dr.Takeshi Ranepura
BAMS (University of Colombo)
Dip. in Panchakarma
Certificate in Ayurveda Beauty Product Manufacturing (IICA)
Abhikhya Ayurveda Medical Center
Contact : 071 385 5087
Email : abhikhyasrilanka@gmail.com