Health Park pharmacy & Grocery

Health Park pharmacy & Grocery healthcare products pharmaceutical items with mini super

වර්තමානයේ ලෝකවාසී හැමෝම අවධානයෙන් ඉන්න ගෝලීය අර්බුදයත් එක්ක අපේ රටේ හැමෝම වගේ කතා වෙන්නෙ කොහොමද අපි Energy Savings එකක් ...
11/04/2026

වර්තමානයේ ලෝකවාසී හැමෝම අවධානයෙන් ඉන්න ගෝලීය අර්බුදයත් එක්ක අපේ රටේ හැමෝම වගේ කතා වෙන්නෙ කොහොමද අපි Energy Savings එකක් රටෙ ගොඩනගන්නෙ කියලා.
අනෙකුත් රටවල් එක්ක සංසදය කරලා බලනකොට ලංකාව මේ energy saving concept එකේ ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ.
ඉතින් ඒකට මූලිකත්වය අරගෙන වැඩ කරන voltcharge ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් HealthPark Pharmacy & grocery - Bibile දි Electric Vehicle High charging point එකක් අපි ස්ථාපිත කරල තියනවා.

මේ උත්සව සමයේ සිට Electric Vehicles වලින් බිබිලට එන ඕනම කෙනකුට තමන්ගෙ මෝටර් රථය Fast Chaege කරගැනීමේ අවස්ථාව අපි උදාකරල තියනවා. ඔයාලත් ඔයාලගෙ ජංගම දුරකතනයට අදාළ Volt charge App එක අදම download කරගෙන, ඒ හරහා මේ පහසුකම ලබාගන්න පුලුවන්.

Download the voltcharge app today and enjoy hassle-free travel this season.

BIG NEWS ALERTබිබිල නගරයේ ප්‍රථම වරට "හෙල්ත්පාර්ක් ෆාමසි" වෙතින්, EV වාහන හිම්යන් සදහා බැටරි ආරෝපණ (High Speed DC Chargi...
31/03/2026

BIG NEWS ALERT

බිබිල නගරයේ ප්‍රථම වරට "හෙල්ත්පාර්ක් ෆාමසි" වෙතින්, EV වාහන හිම්යන් සදහා බැටරි ආරෝපණ (High Speed DC Chargin) පහසුකම් ලබා දී ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු.
භාවිතය සදහා පහත Link එක Click කරන්න.





Volt Charge Sri Lanka App Android: https://play.google.com/store/apps/details?id=lk.voltcharge.app.android&pcampaignid=web_share

07/03/2026
21/02/2026

දැනගන්න ඕනෙම දෙයක් අද අපි කතා කරනවා..ඔයා ඖෂධ පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්..ඒත් ඔයා දැනුවත්ද ඒ ඖෂධ කොයි විදිහටද බොන්න ඕනි කියල..ඒ කියන්නේ ඒවා කඩන්න කුඩු කරන්න පුළුවන්ද කියන එක..අද ඔයාට ඒ දේවල් ගැන අවබෝධයක් ලැබෙයි..හරි..👇

පෙති ගිලීමට ඇති අපහසුව නිසා හෝ වෙනත් අරමුණින් පෙති කැබලි කිරීම සාමාන්‍ය දෙයක් වුවත්, වැරදි ඖෂධ වර්ගයක් එසේ කැඩීම භයානක විය හැකියි. ඇතැම් පෙති නිපදවා ඇත්තේ ශරීරයට ඖෂධ මුදා හරින විශේෂ ක්‍රමවේදයකට අනුව වන අතර, ඒවා කැඩීමෙන් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ වේ..ඖෂධ නිෂ්පාදකයා ඉහළ තාක්ෂණයක් යොදා ගනිමින් ඉහල ගුණාත්මක භාවයක් ලබාදීමට ඉහළ කාර්යක්ෂමතාවයක් අත්පත් කර ගැනීමට දැරූ ප්‍රයත්නය සම්පූර්ණයෙන් අපතේ යාමක් එහිදී සිද්ධ වෙනවා. ඔබ ඖෂධ පාවිච්චි කිරීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඔබට ලැබෙන්නෙත් නැහැ.🙄

​ඔබ කිසිවිටෙකත් නොකැඩිය යුතු, කුඩු නොකළ යුතු හෝ සැපිය නොයුතු ඖෂධ වර්ග..👇

​1. කාලයත් සමඟ ක්‍රමයෙන් මුදාහරින පෙති (Modified-Release Tablets)
​මෙම පෙති නිපදවා ඇත්තේ පැය කිහිපයක් පුරා ඉතා සෙමින් ඖෂධය ශරීරයට මුදා හැරීමටයි. ඔබ මේවා කැඩුවහොත්, මුළු ඖෂධ මාත්‍රාවම එකවර ශරීරයට ඇතුළු වේ (මෙය "Dose dumping" ලෙස හැඳින්වේ). මෙයින් අධික මාත්‍රාවක් (Overdose) ශරීරගත වීම හෝ දැඩි අතුරු ආබාධ ඇති විය හැක. ඖෂධ පැකට්ටුවේ මෙවැනි කෙටි යෙදුම් තිබේදැයි බලන්න:
​ER / XR / XL (Extended Release)
​SR (Sustained Release)
​CR (Controlled Release)
​LA (Long Acting) වගේ දේවල් සඳහන් කරලා තියෙන ඖෂධ වර්ග..මෙම ඖෂධ දිනකට ඉතා සීමිත වාර ගණනක් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ තියෙන්නේ..ඒ මගින් නිතර නිතර ඖෂධ ලබාගැනීමේ වාර ගාන අඩු කරලා . ඊට අමතරව දිනය පුරා අඛණ්ඩව රුධිරයේ ඖෂධ අන්තර්ගත වීම නිසා රෝගාබාධ සාර්ථක අන්දමින් වළක්වන්න පුළුවන් .ඒ නිසා හදිසියේ රෝගාබාධ උත්සන්න වන්නේ නැහැ..ඊට අමතරව ආමාශගත උදරාශිතව ඇතිවිය හැකි ආබාධ තත්ත්වයන් මගහැරලා තියෙනවා..
Metformin SR
Nifedipine SR ..වගේ ඖෂධ වර්ග..මේවා භාවිත කලාම දිනය පුරා අඛණ්ඩව රුධිරගත සීනි ප්‍රමාණය රුධිරගත පීඩනය පාලනය වෙලා තියෙනවා..ඉතින් ඒක කොයිතරම් වැදගත්ද..?.🙋

​2. බඩවැල්වලදී දියවන සේ ආලේප කළ පෙති (Enteric-Coated Tablets)
​මෙම පෙති වල ආමාශයේ ඇති දැඩි ආම්ලිකතාවයට ඔරොත්තු දෙන විශේෂ ආලේපනයක් ඇත. ඒවා දියවීමට සැලසුම් කර ඇත්තේ ක්ෂාරීය පරිසරයක් ඇති කුඩා බඩවැලේදීය.
​ඇයි මෙහෙම කරන්නේ? එක්කෝ ආමාශයේ ඇති අම්ල මගින් ඖෂධය විනාශ වීම වැළැක්වීමට, නැතිනම් ඖෂධය මගින් ආමාශයේ බිත්තිවලට හානි වීම (උදාහරණ ලෙස ඇස්පිරින් වැනි ඖෂධ වලින්) වැළැක්වීමටයි.
Diclofanac sodium enteric coated tablet වගේ ඒවා මේවා කඩලා බිව්වොත් ආමාශයේ දියවෙලා බඩේ දැවිල්ල ඇති වෙන්න පුළුවන්..🙄

​3. දිව යට තබන හෝ තොල් සහ දත් හණු අතර අසල තබන පෙති (Sublingual/Buccal)
​මෙම පෙති සැලසුම් කර ඇත්තේ දිව යට හෝ අදාළ ප්‍රදේශයේ ඇතුළත තබා දිය වීමටයි. එවිට ඖෂධය කෙලින්ම රුධිරයට අවශෝෂණය වේ. මේවා කැබලි කර ගිල දැමුවහොත්, ඖෂධය ආමාශයට යන අතර එහිදී එය නිසි ලෙස ක්‍රියා නොකිරීමට ඉඩ ඇත.ඊට අමතරව උදරය ආශ්‍රිතව වමනය බඩේ දැවිල්ල ඇතිවෙන්නත් පුළුවන්..මෙවැනි ආකාරයට පෙති නිපදවා ඇත්තේ ඉක්මනින් සහනයක් ලබා ගැනීමටයි..ඔබේ පෙති ගිල දැමූවිට සිදුවන්නේ ඔබට රෝගය උස්සන්න වී ජීවිත අවදානමක් ඇතිවීමයි..
GTN පෙති..මේවා තියෙන්නේ දිවයට තබා එමඟින් ඔබගේ හෘදය ඇතිවන වේදනා තත්ත්වයන් මාරාන්තික තත්ත්වයන් මග හරින්න පුළුවන්..✋

​4. ඉතා ප්‍රබල හෝ විෂ සහිත ඖෂධ (Cytotoxic/Potent Meds)
​ඇතැම් ඖෂධ (පිළිකා නාශක ඖෂධ හෝ හෝමෝන ප්‍රතිකාර වැනි) ස්පර්ශ කිරීම පවා අනතුරුදායක විය හැක. මේවා කැඩීමේදී පිටවන "කුඩු" ඔබ හෝ ඔබේ නිවසේ සිටින අනෙක් අය ආශ්වාස කිරීමෙන් හෝ සමට අවශෝෂණය වීමෙන් හානි සිදුවිය හැක.✋..මේක කොයිතරම් භයානකද..✋

5.මැදින් ඉරක් (Score line) තිබේ නම් බොහෝ විට කැඩීමට පුළුවන. මැදින් ඉරක් තිබීමෙන් අදහස් වන්නේ එය සමානව බෙදිය හැකි බවයි.✋

6.Dispersible tablets..මේවා කඩන්න ගිලින්න හොඳ නැහැ..
මේවා පාවිච්චි කරන්න තියෙන්නේ ජලය දිය කරලා..එහෙම එහෙම පාවිච්චි කරන විටදී විතරයි එහි අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ..✋
Zink sulphate වගේ ඒවා..

තද දිලිසෙන ආලේපනයක් තිබේ නම් එපා. මෙය බොහෝ විට විශේෂ ආරක්ෂිත ආලේපනයකි.✋

"Film Coated" ලෙස සඳහන් නම් බොහෝ විට ඖෂධයේ තිත්ත රසය වැසීමට හෝ ඖෂධය ආරක්ෂා කිරීමට යොදන ලද්දකි.නමුත් මෙම ඖෂධ භාවිතය අනුව බොහෝ විට පෙති භාගයක් ලබා ගන්නවා බහුලව දකින්න පුළුවන්..✋

ඇතුළත දියර සහිත කැප්සියුල කඩන්න එපා. දියර සහිත කරල් කිසිවිටෙකත් සිදුරු නොකළ යුතුය.✋

මතක තබා ගන්න..ඔබට සැකයක් ඇත්නම්, ඖෂධ පැකට්ටුව තුළ ඇති උපදෙස් පත්‍රිකාව (Patient Information Leaflet) කියවන්න. එහි "Do not crush or chew" (කුඩු නොකරන්න හෝ සැපිය නොයුතුයි) යනුවෙන් පැහැදිලිව සඳහන් කර ඇත.ඊට අමතරව ඔසුසලේ ඔබේ ඖෂධවේදියාගෙන්ම ඒ ගැන විමසා දැනගන්න පුළුවන්..✅

සියලු ඖෂධ වෛද්‍ය නිර්දේශය මත ඖෂධවේදියාගෙන් දැනුවත්භාවයක් ලබාගෙන භාවිත කරන්න..එමගින් ඔබට වඩා හොඳ ප්‍රථිපල ලැබේවි..✅

අනෙක් අයටත් කියන්න..සුවෙන් සිටින්න..❤

-ඔබේ ඖෂධවේදියා..🙋..

හෙම්බිරිස්සාවට😪, කැස්සට😒, බඩේ අමාරුවට😶, උණට🤒, ඔලුව කැක්කුමට🤕, පලු දැම්මහම🤥, කසනවාට😶‍🌫️, ඉදිමුණහම🤢 එකී මෙකී නොකී, රෝගාබාධ...
10/02/2026

හෙම්බිරිස්සාවට😪, කැස්සට😒, බඩේ අමාරුවට😶, උණට🤒, ඔලුව කැක්කුමට🤕, පලු දැම්මහම🤥, කසනවාට😶‍🌫️, ඉදිමුණහම🤢 එකී මෙකී නොකී, රෝගාබාධවලට ඩෙක්සාමෙතසෝන් ගන්න අයටයි මේ පනිවිඩය.
😔ලේසියට ෆාමසියෙන් ඉල්ලුවේ ඩෙක්සා කියල නේද?
ඔයාගේ හිතුමතේට ඩෙක්සාමෙතසෝන් පාවිච්චි කළා නම් මේ ටික දැනගන්න.

ඩෙක්සාමෙතසෝන් කියන්නෙ prescription only medicine එකක්.🩺
ඒ කියන්නේ ඩොක්ටර් කෙනෙක් මේ බෙහෙත් එක රෝගියා සඳහා නිර්දේශ කරලා තියෙන්න ඕනේ.
ඔයා හිතෙන හිතෙන ලෙඩේට මේ බෙහෙත් පාවිච්චි කළත්, ඇත්තටම මේක පාවිච්චි කරන්න පුළුවන් මොන ලෙඩ වලටද?.

ඩෙක්සමෙතසෝන් කියන්නෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මර්දනය කිරීමෙන්,
අසාත්මිකතා,
ඇදුම,
ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග,
පිළිකා (ලියුකේමියාව) සහ
COVID-19
සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ප්‍රබල,
දිගු ක්‍රියාකාරී කෝටිකෝස්ටෙරොයිඩ් වර්ගයේ බෙහෙතක්.
මේ බෙහෙත ගත්තට පස්සෙ අපේ ශරීරයේ තියෙන රෝග ලක්ෂණ නැතිවෙලා යනව තමයි. ඒ කියන්නෙ රෝගය නැතිවෙලා යනව කියන එක නං නෙවෙයි.
උදාහරණයක් විදියට නාසයෙන් හොටුදියර ගලන එක රෝගය නෙවෙයි , රෝග ලක්ෂණයක් . Dexa අරගෙන රෝග ලක්ෂණ ය පාලනය කරන්න පුලුවන්. ඒත් සැබෑවටම පවතින ඇදුම තත්ත්වය සුව වෙන්න අවශ්‍ය ඖෂධ ගන්න ඕනෙ. වෛද්‍යවරුන් මේ බෙහෙත් නිර්දේශ කරන්නෙ ඒ අනුව. නමුත් ඔබ රෝග ලක්ෂණ පහලවෙන විටම dexa භාවිතා කරලා රෝග ලක්ෂණ මතුවීම වළක්වා දමනවා.එයින් සිදුවන්නේ රෝග ලක්ෂණ නොමැතිව ශරීරය තුළ රෝගය උත්සන්න වීමයි. ඔබ නොදැනුවත්වම උග්‍ර රෝගී තත්ත්වයට පත්වෙනවා.
ඒ විතරක් නෙමෙයි,
dexa කියන්නේ( සයිඩ් ඉෆෙක්ට්) අතුරු ආබාධ බහුල ඖෂධයක්.
පොදු අතුරු ආබාධ අතර
නින්ද නොයාම,
ආහාර රුචිය වැඩි වීම,
බර වැඩිවීම,
තරල රඳවා තබා ගැනීම,
සමේ වෙනස්කම් සහ
මනෝභාවය වෙනස්වීම් ඇතුළත් වනවා.

බරපතල තත්වයන් ලෙස,
අධික රුධිර සීනි (හයිපර්ග්ලයිසිමියාව), ආමාශ ආන්ත්‍රික රුධිර වහනය (විශේෂයෙන් NSAIDs සමඟ, වේදනානාශක බෙහෙත් වර්ග), ඔස්ටියෝපොරෝසිස් සහ අධිවෘක්ක මර්දනය සඳහා වැඩි අවදානමක්.

Dexamethazone බීමට (ටැබ්ලට්/දියර), එන්නත් කිරීමට හෝ දියරයක් ලෙස (ඇස්/කන් ආසාදන වලදී බිංදු ලෙස දැමීමට) ලබා දෙනු ලබනවා.

තවත් දෙයක් මම මුලින්ම කිව්වා මෙම බෙහෙත ප්‍රතිශක්තීකරණ පද්ධතිය මර්ධනය කරනවා කියලා. අපි බෙහෙත් දීර්ඝකාලීනව පාවිච්චි කළොත් අපේ ශරීරයේ ස්වභාවිකවම ශ්‍රාවය වන හෝමෝන නවතින්න ගන්නවා. ඒ නිසා දීර්ඝකාලීනව මෙම බෙහෙත භාවිතා කරන රෝගීන් බෙහෙත එකවරම නැවැත්වීම සුදුසු නැහැ. ඒ සඳහා tail off කිරීම නැති නම් දිනපතා ක්‍රමයෙන් ඖෂධ මාත්‍රාව අඩුකර ගැනීමෙන් පසුව ඖෂධය නවතා දැමිය යුතුයි.. මෙය වෛද්‍යවරුන් විසින් ම නිසි ලෙස කළමනාකරණය කර දෙනවා. නමුත් වෛද්‍ය උපදෙස් නොමැතිව දීර්ඝකාලීනව භාවිතා කිරීම සහ එකවර බෙහෙත් ගැනීම නතර කිරීම තුළින් ඔබට ඉහත කී අතුරු ආබාධ වලට ඉතාමත් තදින් ගොදුරු වෙන්නට සිදුවෙනවා. ඔබ ශාරීරිකව හා මානසිකව දුර්වල බවට පත්වෙනවා.
එහෙනම් ඔබ කිසි විටෙක මේ භයානක ක්‍රියාව කරන්න එපා.. රෝග ලක්ෂණ මකා දමා ජීවිතේ අනතුරේ හෙලාගන්න එපා...

✍️උදයංගි විජේරත්න

කංසා ගැහුවම ගුලි කෑවම වදිනව කියන්නෙ මොකක්ද???කංසා එක්ක ගණුදෙනු කරන අය, භක්තියෙන් අදහන අය, කංසා ජොයින්ට් එකකින් හෝ මෝදකයක...
06/02/2026

කංසා ගැහුවම ගුලි කෑවම වදිනව කියන්නෙ මොකක්ද???

කංසා එක්ක ගණුදෙනු කරන අය, භක්තියෙන් අදහන අය, කංසා ජොයින්ට් එකකින් හෝ මෝදකයක් ඖෂධයක් ලෙස හෝ කුමන හෝ ආකාරයෙන් ඇඟට දාගත්තට , ගොඩක් අය වැදුන/ වදින්නෙ නෑ කියල කිව්වට, මේ වදිනව කියන්නෙ මොකක්ද කියල හරියට දන්නෙ නෑනෙ... ඒ ගැන තමා මේ ලිපිය ලියන්නෙ.. 👇

අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන කංසා වර්ග දෙක තමා "සැටීවා" සහ "ඉන්ඩිකා". මේ දෙකම වදින විදියෙ සමානකම් වගේම විශේෂ වෙනස්කමුත් තියනවා .

කංසා පැලයේ නිපදවෙන රසායනික ද්‍රව්‍යක් තමා "කැනබිනොයිඩ්" කියන්නෙ. මේ "කැනබිනොයිඩ්" වලත් ඔය වදින්න සහ ගොඩක්ම අවදානය ගන්න රසායනික ද්‍රව්‍ය දෙකක් තමා "THC" සහ "CBD" කියන්නෙ.. මේවා එක්ක ගනුදෙනු කරන්නම හැදුනු පද්ධතියක් හැම මානවයෙක්ගෙම ඇඟ ඇතුලෙ තියෙනවා ඒකට කියන්නෙ එන්ඩොනැනොබියඩ් සිස්ටම් එක කියලා..(හැම මිනිහෙක්ම ගංජාකාරයෙක්) ඒක මුලු ශරීරය පුරාම විහිදුනු පද්ධතියක්.. ආහාර ජීර්න පද්ධතිය, රුධිර වාහිනී පද්ධතිය වගේම එකක්.. හම ආශ්‍රිතව ඉතා ආසන්නයෙ මේක තියෙනවා.. කංසා ඇඟට වැටුනු ගමන් මේ සිස්ටම් එක On වෙන්න පටන් ගන්නවා.. ඒවගෙ තියෙන අඟුලු වලින් මේ Thc, Cbd ඇඟට ඇතුලු කරගන්නවා..

උඩින් කියපු Thc Cbd දෙකෙනුත් අපිට හයි වෙන්න, එහෙම නැත්නම් වදින්න මනස ක්‍රියාකාරී වෙන්න බලපාන්නෙ THC.(ටෙට්ට්‍රාහයිඩ්‍රොකැනොබිනෝල්) මේ කියන THC ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න අපිට වෙන හයි එක, එහෙම නැත්නම් වදින ප්‍රමාණය වැඩී වෙන එක

වදින විදිය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්, ඒත් ඒ අතරෙ පොදු ලක්ෂණ කිහිපයක් තියනව.
*තාවකාලික මතකය ගිලිහීම සහ ඊට සමානව දීර්ඝ කාලීන මතකය අවදිවීම
*ශබ්දයට සංවේදී බව
*කුසගින්න වැඩි වීම
*ඇස් රතුවීම*
*හල්ලාසය (සතුට/සිනහව) දැනීම*
*මෝචනය ප්‍රමාදවීම,ශෘංගාර හැඟීම් දැනීම*

අපිට කංස බිව්වම මෝදකයක් ගත්තම එන නිදහස් හැඟීම අපිට එන්නෙ කංස වල තියන මේ THC නිසා. මෝදක වලත් බරට බරක් කංසා තියෙනවා.. කංසා අඩංගු නැතිව මෝදක කොහෙවත් නැහැ.. ඒ වගේම මේ THC අපේ ඇඟේ තියන "ඩොපමීන්" ලෙවල් එකත් වැඩි කරනවා

(අපේ අපේ ඇඟේ තියනව පණිවුඩ ගෙනියන රසායනික ද්‍රව්‍ය. අපේ ඇඟේ ස්නායු අතරෙ හෝ ස්නායු වල ඉඳන් මාංශපේශී වලට පණිවුඩ ගෙනියන රසායනික ද්‍රව්‍ය වලින් එකක් තමා ඩොපමීන් කියන්නෙ. ඩොපමීන් වලට අපි මොලේ තියන ආතල් ෆීලින් එකක් දැනෙන්න සලස්වන රසානයනික ද්‍රව්‍යක් කිව්වත් වැරදි නෑ, මොකද ඒක තමා අපේ මොලයේ සතුට ඇති කරන කොටස එක්ක ගණුදෙනු කරන්නෙ. මීට අමතරව ඩොපමීන් අපි ඇවිදින එකට, මතකය, ඒකාග්‍රතාවය කියන දේවල් වලටත් බලපානව)

දැන් හිතාගන්න පුලුවන් නෙ අපි පිස්සු කෙලින්නෙ ඇයි කියල?

වදින එකට කංසා වල සුවඳේ බලපෑම

ලඟ පාත මොකා ගංජ ගැහුවත් පොඩ්ඩක් ඉව කරල බලල, මොකෙක් හරි ගංජ ගහනව කියන්නෙ කංස වල තියන ටර්පීන් කියන රසායනික ද්‍රව්‍ය නිසා... මේක තමා කංස වල සුවඳට බලපාන්නෙ... ඒ වගේම මේකත් අපිට වදින එකට බලපාව කියල අලුතින් හොයාගෙන තියනව.. තාම ඒ ගැන වැඩි විස්තර නෑ.

දැන් අපි බලමු වදින එකට CBD වල දායකත්වය.

CBD කියන්නෙ THC වල අනිත් පැත්ත කියන්නත් පුලුවන්, මොකද CBD වල අපේ මනස වැඩියෙන් ක්‍රියාකාරී කරන ප්‍රතිපල නෑ. හැබැයි බොහොම වටින ගුණාත්මක ප්‍රතිඵල තියනව.

CBD වලින් අපේ තියන වේදනාවල් අඩු කිරීම, මාංශ පේශී වල තද ගතිය අඩු කිරීම වගේ අපිව සැහැල්ලු කරන එහෙම නැත්නම් රිලෑක්ස්(Relax) ප්‍රතිඵල ගේනව. මේක තමා අපි වෙදකම් වලදි (Medical Ma*****na) වැඩි අවදානයක් යොමු කරන රසායන ද්‍රව්‍ය.

දැන් බලමු වදින්නෙ කොහොමද සහ ඒක එක එක්කෙනාට වෙනස් වෙන්නෙ ඇයි කියල.

අපේ මොලේ හැදිල තියෙන්නෙ ස්නායු සහ ස්නායු පද්ධති මිලියන ගානකින්. මේ ස්නායු පිහිටල තියෙන්නෙ එකන් එකකට ඉතාම ලඟින් පොඩි ඉඩක් විතරක් තියෙන්න. මේ ස්නායු අතරෙ තියන රසායනික ද්‍රව්‍යක් තමා ස්නායු අතරෙ පණිවුඩ ගෙනියන්නෙ. මේ රසායන ද්‍රව්‍ය ප්‍රතිග්‍රාහක එහෙම නැත්නම් ඒ රසායනික ද්‍රව්‍ය වලින් දෙන පණිවුඩය අදුරගන්න අණුවකට සම්බන්ධ උනාම තමා අපිට ඇඟට වේදනාවක්, බයක් හෝ මොකක් හරි හැඟීමක් ආවම ඒ ගැන අපේ මොලේ දැනුවත් කරන්නෙ.

මෙන්න මෙහෙම නිදහස් වෙන රසායනික ද්‍රව්‍ය සහ කංස වල තියන රසායණික ද්‍රව්‍ය වල සමානකමක් තියනව.
එතකොට අපි කංසා පානය කලාම ඔය කියන රසායණ ද්‍රව්‍ය අර අණු වලට සම්බන්ධ වෙලා පණිවිඩ ගෙනියනව, ඒව සම්බන්ද වෙන්නෙ ඒව අපේ ශරීරයෙම් නිකුත් කරන රසායන ද්‍රව්‍ය වලට කංසා වල තියන රසායන ද්‍රව්‍යත් සමාන නිසා.

මේකෙන් පලවෙනි රසායන ද්‍රව්‍ය තමා CB1 කියන්නෙ, මේක තියෙන්නෙ ගොඩක් අපේ ඉගෙනීම, මතකය, සතුට, සාංකාව, වේදනාව, සහ චලන පාලනය කියන දේවල් මොලයේ තියන කොටසෙ.

අනික රසායන ද්‍රව්‍ය තමා CB2, මේක තියෙන්නෙ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අදාල කොටසෙ.

කංස බොනකොට අපි මේ කියන රසායන ද්‍රව්‍ය අනෙක් ස්නායු ක්‍රියාකාරීත්වය අඩු කරල ස්නායු ක්‍රියාකාරීත්වයෙන් කිහිපයක් පමණක් වැඩි කරනව. මේ නිසා තමා කංස ගැහුවම සමහරු ආතල් එකේ ඉන්නෙ සහ සමහර අය මූඩ් ගහන්නෙ, දුක් වෙන්නෙ හෝ ඇඬන්නෙ.

වැදුනම දැනෙන සාමාන්‍ය දේවල් තමා

*තියුණු සංවේදීතාව
*කාලය පිලිබඳ අඩු අවබෝධය
*සිතේ ස්වභාවයේ වෙනස්කම්
*චලනයේ වෙනස්කම්( ඇවිදින්න අමාරුයි වගේ)

ගංජ වදින්න, ගුලි කෑවම වදින්න කොච්චර වෙලා යනවද?

ඒක තීරණය වෙන්නෙ ගහන විදිය කන විදිය අනුව තමා...
කංසා දුම පානයෙන් අපේ රුධිරයට ඉක්මනටම මේ කංසා වල තියන රසායනික ද්‍රව්‍ය එකතු වෙනව. මෝදකයක් කෑවම සහ කටේ ගොඩක් වෙලාවක් තියාගෙන ඉන්න එකෙන් ඒක කේට ග්‍රනථි සහ කෙල නිසා ඉක්මනින් ජීර්ණය වෙන්න පටන් අරගෙන ආහාර ජීර්ණ පද්ධතිය එක්ක රුධිරයට එකතු වෙනවා ඇඟට කෑම ටිකක් වැටුන ගමන් High ඩබල් වෙලා වගේ දැනෙන්න නැතිවෙලා තිබුන කික් එක ආපහු ලැබෙන්න චාජ් වෙනව වගේ තේරෙන්නෙ ඒකයි...

කංසා වලින් ලැබෙන කික් එකට තමා අපි වදිනවා කියන්නෙ, කික් එක කියන්නෙ Tune වෙනවා කියන එක, ටියුන් වෙනවා කියන්නෙ Bliss කියන එකට Bliss කියන්නෙ ආනන්දය ලැබෙනවා කියන එක ආනන්දය කියන්නෙ Happines කියන එකට සතුටට පත් උනා කියන එකට.. සතුට අපිට ගහනවා කියන එක සරලවම.. සතුට අපිට එලව එලව ගහනවා කංසා බිවුවම සතුට ගහනකොට ඔයාට රිදෙයිද?? නෑනෙ නේ.. 😅 දැන් අපිට දුක, වේදනාව, වෛරය, ඊරිසියාව ගැහුවොත් කොහොමද අනිවා අපිට බොක්ක්ටම දැනිලා රිදෙයි, ඇඩෙයි, ලේ කෝප වෙයි.. අන්න ඒකයි ආනන්දය ලැබෙනවා අපි වදිනවා , High වෙනවා කියන්නෙ කංසා එක්ක ඇඟ ටියුන් වෙන එකට.. මේ හැමෝටම තේරෙන සරලම විදිහට කියලා තියෙන්නෙ මේක වෙනමම විශයක් ඉගෙන ගන්න අයට..

ත්‍රෛලෝක කියන්නෙ ම ඒකයි.. අපේ සිත, ගත, මනස මේ කියන මනුස්ස ශරීරය හැදිලා තියෙන ලෝක තුනම ටියුන් වෙනවා කංසා නිසා ඒ නිසයි කංස අවුරුදු 12000 ක තිස්සෙ ඉදලා මානවා වර්ගයා තාම භාවිතා කරන්නෙ, සහ ලෝකය පුරා ව්‍යාප්ත උනේ.. තාම මිනිස්සු කංසා ඕන කියන්නෙ නීතී වෙනස් කරගන්න අරගල කරන්නෙ ඒකයි.. ❤️✊

මූලාශ්‍ර වසන්ත සේන වැලිඅංග සර් ගෙ පොත් සහ අන්තර්ජාලයේ ඇති ලිපි වලින්..

04/02/2026
ශරීරයේ ඇතිවන අමුතු රෝග ලක්ෂණ |  ඔබේ ශරීරය ඔබට යමක් කියන්නට උත්සාහ කරයි.😲😮 ඕනෑවට වඩා අෑනුම්.... → ඔක්සිජන් මට්ටම අඩු වීම,...
04/02/2026

ශරීරයේ ඇතිවන අමුතු රෝග ලක්ෂණ | ඔබේ ශරීරය ඔබට යමක් කියන්නට උත්සාහ කරයි.😲

😮 ඕනෑවට වඩා අෑනුම්....

→ ඔක්සිජන් මට්ටම අඩු වීම, දුර්වල නින්ද හෝ තෙහෙට්ටුව විය හැක.

👄 නරක හුස්ම (නොනැසී පවතින)

→ බොහෝ විට බඩවැල් ගැටළු, අම්ල පිත්ත හෝ මුඛ ආසාදන සමඟ සම්බන්ධ වේ.

👂 කන් වල නාද වීම

→ අධි රුධිර පීඩනය, ආතතිය හෝ සංසරණ ගැටළු සමඟ සම්බන්ධ විය හැක.

💇 අධික හිසකෙස් නැතිවීම

→ යකඩ ඌනතාවය, ආතතිය හෝ හෝමෝන අසමතුලිතතාවයේ පොදු ලකුණ

🦵 ඉදිමුණු කකුල් / වළලුකර

→ හෘදයේ හෝ වකුගඩු ආතතිය හෝ තරල රඳවා තබා ගැනීම පෙන්නුම් කළ හැකිය.

🌙 රාත්‍රී කැක්කුම

→ බොහෝ විට අඩු මැග්නීසියම් හෝ විජලනය නිසා ඇතිවේ.

✋ ඇඟිලි හිරිවැටීම හෝ හිරි වැටීම

→ විටමින් B12 ඌනතාවය හෝ ස්නායු සම්පීඩනය විය හැක.

🍬 දැඩි සීනි ආශාවන්

→ මැග්නීසියම් ඌනතාවය, ආතතිය හෝ රුධිරයේ සීනි අසමතුලිතතාවය සංඥා කළ හැක.

🤕 නිතර හිසරදය

→ විජලනය, ඇස් ආතතිය හෝ සමඟ බහුලව සම්බන්ධ වේ.

⚠️ නොනවතින රෝග ලක්ෂණ = නොසලකා හරින්න එපා.

👉 දැනුවත් කිරීම සඳහා මෙය සුරකින්න.

👉 "ඒක සාමාන්‍යයි" කියන කෙනෙක් එක්ක බෙදා ගන්න.

උපුටා ගැනීමකි
ස්තූතියි 🌹

දකින දකින කෙනා එක්ක නිදාගත්තම උඹේ "Aura" එකට වෙන දේ. 🧬⚡ලිංගිකත්වය (S*x) කියන්නේ නිකන්ම විනාඩි 10 ක ආතල් එකක් ද? නැත්නම් ...
04/02/2026

දකින දකින කෙනා එක්ක නිදාගත්තම උඹේ "Aura" එකට වෙන දේ. 🧬⚡

ලිංගිකත්වය (S*x) කියන්නේ නිකන්ම විනාඩි 10 ක ආතල් එකක් ද? නැත්නම් ඊට වඩා එහා ගිය ගැඹුරු "Energy Exchange" එකක් ද?

අපි කෙලින්ම කතා කරමු. උඹ හිතන් ඉන්නේ කොන්ඩම් එකක් දැම්මම උඹ "Safe" කියලා. ඔව්, භෞතිකව (Physically) උඹ Safe වෙන්න පුළුවන්. ලෙඩක් බෝ නොවෙන්න පුළුවන්. ළමයි නොහැදෙන්න පුළුවන්.

හැබැයි මචං, Energy (ශක්තිය) කියන දේට රබර් වලට උඩින් පැනලා යන්න පුළුවන්. 🚫🛡️

කෙනෙක් එක්ක නිදාගන්නවා කියන්නේ, උඹ ඒ මනුස්සයාගේ ශරීරයට විතරක් නෙවෙයි, එයාගේ "Aura" (ප්‍රභා මණ්ඩලය) එක ඇතුලටත් රිංගනවා කියන එකයි.

දකින දකින කෙනා එක්ක නිදාගත්තම උඹේ ජීවිතේට ඇත්තටම වෙන විනාශය මෙන්න මේකයි:

1. The Invisible Download (නොපෙනෙන කුණු ගොඩ) 📥

උඹ කාත් එක්ක හරි ලිංගිකව එකතු වෙනවා කියන්නේ, උඹ නිකන්ම Bluetooth Pair කරනවා වගේ වැඩක්. එතනදි උඹේ Energy එක එයාට යනවා, එයාගේ Energy එක උඹට එනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි:

එයා ඩිප්‍රෙෂන් එකෙන් ඉන්න කෙනෙක් නම්,

එයාගේ ජීවිතේ පුරාම අවාසනාව (Bad Luck) තියෙනවා නම්,

එයාට පරණ Ex ලා ගැන කේන්තියක් තියෙනවා නම්,

එයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම්,

අර ලිංගික එක්වීමේදී, එයාගේ ඒ "Negative Karma" සහ "Trauma" ඔක්කොම වයිරස් එකක් වගේ උඹේ සිස්ටම් එකට Download වෙනවා. ඊටපස්සේ උඹට නිකන්ම එපා වෙනවා, තරහා යනවා, කරන වැඩ හරියන්නේ නෑ. උඹ හිතන්නේ ඒක ග්‍රහ අපලයක් කියලා. නෑ මචං, උඹ අනුන්ගේ කුණු ගොඩක් උඹේ ඇඟට දාගෙන.

2. Fragmented Aura (හිල් වුණු පූර්ණත්වය) 🧩

බලවත්, පිරිසිදු Aura එකක් තියෙන මනුස්සයෙක්ට (High Value Man/Woman) ඕනම කෙනෙක් ආකර්ෂණය වෙනවා. ඒක හරියට ලයිට් එකක් වගේ. හැබැයි ඔයා තැන් 10 කින් කෑවොත්, ඔයාගේ Aura එක තැන් 10 කට කැඩෙනවා.

උඹේ ආත්මයෙන් කෑල්ලක් එයා ගාව.

එයාගේ ආත්මයෙන් කෑල්ලක් උඹ ගාව. අන්තිමට උඹේ Aura එක නිකන් "පරණ රෙදි කෑල්ලක්" වගේ දුර්වර්ණ වෙනවා. එහෙම වුණාම උඹේ ජීවිතේ ලැබෙන්න ඕන "නියම දේවල්" (High Quality Partners, Money, Success) උඹව මඟඇරලා යනවා. මොකද උඹේ Magnet එකේ පවර් නෑ.

3. Soul Ties (ආත්මීය ගැටගැසීම්) 🔗

කවදාහරි දැනිලා තියෙනවද, සමහර අයව ජීවිතෙන් අයින් කළාට පස්සෙත්, එයාලා ගැන අමුතු මතකයක්, බරක් දැනෙනවා? ඒකට කියන්නේ "Soul Tie" එකක් කියලා. උඹ කාත් එක්ක හරි ලිංගිකව හැසිරුණාම, උඹ එයා එක්ක නොපෙනෙන නූලකින් ගැටගැහෙනවා. උඹ තැන් 5 ක නිදාගත්තොත්, උඹේ Energy එක තැන් 5 කට ඇදිලා තියෙන්නේ. උඹට ඉස්සරහට යන්න අමාරුයි, මොකද උඹ පස්සට ඇදෙනවා.

විසඳුම මොකක්ද?

උඹේ ශරීරය කියන්නේ "Public Toilet" එකක් නෙවෙයි, ඕන එකෙක්ට ඇවිත් වැඩේ කරලා යන්න. උඹේ ශරීරය කියන්නේ "Temple" (දේවාලයක්) එකක්. ඒකට ඇතුල් වෙන්න දෙන්න ඕන පූජා වට්ටියක් අරන් එන, ඒකට ගරු කරන කෙනෙක්ට විතරයි.

Detox: උඹේ වටිනාකම තේරුම් ගනින්. හැමෝටම උඹව Access කරන්න දෙන්න එපා.

Retention: උඹේ ලිංගික ශක්තිය (S*xual Energy) කියන්නේ උඹේ නිර්මාණාත්මක බලය (Creative Power). ඒක කුණු බක්කි වලට හලන්නේ නැතුව, උඹේ දියුණුවට යොදවපන්.

මතක තියාගනින්: "මිල අධිකම දේවල් තියෙන්නේ ප්‍රයිවට් තැන්වල. ලාභ බඩු විතරයි හැමෝටම අතගාලා බලන්න පුළුවන් විදිහට පේමන්ට් එකේ තියෙන්නේ."

උඹ කවුද කියලා තීරණය කරපන්. 🥃✨

මේක තේරුම් ගන්න පුළුවන් 1% කට විතරයි. ඔයා ඒ 1% කේ නම් 👍🏻 එකක් දාලා Share කරගෙන යන්න.

👁️
*xualEnergy *xualTransmutation

14/01/2026

Address

MAHIYANGANA Road
Bibile
950000

Telephone

+94718897066

Website

Alerts

Be the first to know and let us send you an email when Health Park pharmacy & Grocery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Health Park pharmacy & Grocery:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram