Lifeway Counselling

Lifeway Counselling 𝖫𝗂𝖿𝖾 𝗂𝗌 𝖺 𝖦𝗂𝖿𝗍.. 𝖶𝖺𝗄𝖾 𝗎𝗉 𝖾𝗏𝖾𝗋𝗒 𝖽𝖺𝗒 𝖺𝗇𝖽 𝗋𝖾𝖺𝗅𝗂𝗓𝖾 𝗍𝗁𝖺𝗍
ජීවිතය ත්‍යාගයක්.. දිනපතා අවදි වී එය වටහා ගන්න..

04/12/2025
 #කුණාටුවෙන්_නැගිටිමුඅද වන විට ඔයත් මමත් දිට්වා සුලි කුණාටුව නිසා සිදු වුන අති මහත් ව්‍යසනය නිසා ඇතිවුන පසුකම්පන තත්ත්වය...
02/12/2025

#කුණාටුවෙන්_නැගිටිමු

අද වන විට ඔයත් මමත් දිට්වා සුලි කුණාටුව නිසා සිදු වුන අති මහත් ව්‍යසනය නිසා ඇතිවුන පසුකම්පන තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින අවස්ථාවක් මේ..

කඩා වැටුන අතීතයේ සුන් බුන් දිහා බල බල හූල්ලන එක නෙමේ හොඳම දේ ආපහු නැගිටින එකයි ආයෙත් මේ වගේ දේවල් වලට මූණ දෙන්න පුලුවන් විදිහට නැවත නිර්මාණය වීමයි..

ම⁣ේ ම⁣ොනවද කියන්න⁣ේ?

එහෙම හිතෙන ඔයා⁣ට තේරෙන විදිහට කියන්නම් මම..

ශ්‍රී ලංකාවෙන් තුනෙන් දෙකක පිරිසක් ඉතා බරපතල විදිහට මුහුණ දීපු විශාල ව්‍යසනයක් වගේම ශ්‍රී ලංකාවේ තුනෙන් දෙකක ප්‍රජාවට සම සියලු සේසතම අහිමි වුන ව්‍යසනයක් විදිහට මේ සුළි කුණාටුව අපිට ගන්න පුළුවන්. හැබැයි සියලු සම්පත්වලින් පරිපූර්ණ අපේ පුංචි දිවයිනට මේ වගේ සුළි කුනාටු අහම්බයක් අලුත් දෙයක් වුණාට ලෝකයේ බොහෝ රටවල් වලට සුළි කුණාටු තත්ත්වයන් කියන්නේ බොහොම සුලභ දෙයක්.

අපේ ජන ජීවිතය අපේ රටේ අපි ජීවත් වෙන විදිහ හැදිලා තියෙන විදිහ බොහොම වෙනස් ඒ රටවල් වලට වඩා අපේ ආර්ථික මට්ටම් එක්ක තමයි අපි අපේ ජීවිතය හදාගෙන තියෙන්නේ. ඒ නිසාම මේ වගේ ස්වභාවික විපත් ආපදා අපේ රටට බොහොම ලොකු බලපෑමක් එල්ල කරනවා විශේෂයෙන් ආර්ථිකයට සහ සාමාන්‍ය ජන ජීවිතයට.

බලන්න ජපානය දිහා ජපානය කියන්නේ ස්වභාවික ආපදා වලින් ස්වභාවික විපත්වලින් විශේෂයෙන් සුනාමි වලින් සහ භූමිකම්පාවලින් ගොඩක් කරදරයට පත්වෙන රටක්. හැබැයි ස්වභාවික ආපදාවලින් වැඩිම උනත් ජපානය අද ඒ හැම දේකටම මුහුණ දෙන්න පුලුවන් විදිහට නැවත නිර්මාණය වුන රටක්.

මම මෙහෙම කියනකොට ඔයාලා මට කියයි ජපානේ කියන්නේ ගොඩක් දියුණු රටක් ජපානය වෙනයි ශ්‍රී ලංකාව වෙනයි ලංකාව කියන්නේ පුංචි දිවිල්ලක් මේ වගේ දේවල් ලංකාවට දරාගන්න අමාරුයි ලංකාවේ ආර්ථිකයත් එක්ක කියලා. එහෙම ලොකු ආපදා තත්ත්වයක් ඇතිවුනත් ඒවට මුහුණ දෙන්න ඒ ඒ ජනයාම තම තමන්ගේ දේවල් සපයා ගන්න හොඳට දන්නවා. ඒ එයාලා නැවත නැවත නැවත නැවත විපත්වලට මුහුණ දීලා ඉන්න නිසා එයාලට ඒ පෙරහුරුව තියෙන නිසා.

මේ වගේ ආපදාවකදී පෙරහුරුව කියන එක ඉතාමත් වැදගත් වෙනවා . ආපදාව කලින් දැනගැනීමේදී අනතුරු වීමට ඇති තැන් ගැන නිවේදන නිකුත් කිරීම. ඒ වගේම ඒ තැන් වලින් අත්‍යාවශ්‍ය දෑ පමණක් අරන් ආරක්ෂිත ස්ථාන වල ජනතාව ස්ථින ගත කිරීම , ආපදාවක දී එතැනින් ඉවත් වන ක්‍රමය හා ජීවිත ආරක්ෂා කර ගැනීම ගැන වැඩ සටහන් දීප ව්‍යාප්තව සිදු කිරීම අත්‍යාවශ්‍ය දෙයක්. මේ සේරම පෙරහුරු කරවීම නිසා ජීවිත හානිය අවම කරන්න පුලුවන්..

නමුත් ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ අපි අපිම නැගිටිනවා වෙනුවට අප් කරන්නේ තව කෙනෙක්ට වරද පටවන එකයි.. එහෙම නැත්තම් වෙච්ච දේවල් වලට අඬමින් තැවෙන එකයි. නමුත් ඔයාට පුළුවන්ද ඔයා අඬන කඳුල් වලින් ආපහු නැතිවුණු ඔයාගේ දේවල් ලබා ගන්න ඔයා අඬන කඳුළු වලින් ඔයා තැවෙන තැවිලි වලින්, ඔයා හෙලන සුසුම් වලින් ඔයාට පුළුවන්ද ආයේ ගඩොලින් ගඩල ඔයාගේ මාලිගාව තනාගන්න. එහෙම පුළුවන් නම් තැවිල බලන්න සුසුම් හෙලලා බලන්න අඬලා බලන්න.

හැබැයි මම කියනවා එක දෙයක් අපිට සිද්ධ වෙන සිදුවීම් අපිට වළක්වන්න බෑ. ස්වභාවික විපතක් නං කොහොමත් අපිට වළක්වන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ ස්වභාවධර්මයාට අනුව ඉතින් අපිට සමහර අවස්ථාවන්වල අපි හිටියටත් වඩා නැගිටින්න පුළුවන් විදියට ශක්තියක් මේ මුළු ස්වභාව දහමෙන්ම අපිට ලබා දෙනවා. ඒක තමයි මේ සිද්ධ කරන්නේ. විවිධ ස්වභාවික විපත්වලින් අපේ ශක්තිය නැවත ගොඩනැගීම තමයි සිද්ධ වෙන්නේ.

ඔයාලා දන්නවද මිනිසා කියන්නේ එන හැම පරිසර තත්ත්වයකටම අනුගත වෙන්න පුළුවන් ජීවියෙක් එහෙම තමයි මිනිසා හැදිලා තියෙන්නේ. ඉතින් අපිට එන හැම දේකටම හැම අභියෝගයකටම අනුවර්තනය වෙලා, ඒ ඒ විදිහට හැඩගැහෙන්න පුළුවන්නම් අපිට පුලුවන් හිටියටත් වඩා ගොඩනැගෙන්න..

ඔයාට ඔයාගේ හැමදේම නැතිවෙන්නැති. ඔයාගේ පවුලේ අය නැතිවෙන්නැති. ඔයාගේ දරුවා බිරිඳ සැමියා ඔයාට අහිමි වෙන්න ඇති. වගේ ආදරවන්තය ආදරවන්තිය ඔයාට අහිමි වෙන්න ඇති. හැබැයි අපි එතනින් ශක්තිමත් වෙන්න ඕනේ. අපිට අහිමි වුනාට අපි ඒ අහිමිවීමම ශක්තියක් කරගන්න ඕනේ.

ඔයාට ඔයාගේ නිවස ගෙදර බඩු ගහන්ඩ ඒ වගේම වාහන ඒ හැමදේම අර නැති වෙලා නම් ඔයාට පුළුවන් ආයේ හැමදේම මුල ඉඳලම නිර්මාණය කරගන්න ගොඩනගාගන්න ඔයාට එක රස්සාවක් නැති උනා කියල ඔයාට බැරි නැහැ. ඔයාගේ අත පය හතරම තියෙනවා ඔයාගේ පවුලේ අයව ජීවත් කරවන්න පුළුවන් ඔයාට. මේක තමයි තනි තනිව ගෙනියපු ජීවිත අත්හැරලා දාලා ඔයාගේ මුළු පවුලම එකතුවෙලා සහයෝගයෙන් ගොඩනැගෙන්න වෙලාව..

ඔයාට අහිමි වුන ඔයාගේ ආදරණීයයන් වෙනුවෙන් ජීවත් විය යුතු කෙනා ඔයයි. ඔයාගේ ආගමට අනුකූලව කරන වතාවත් කරන්න. ඔයාගේ විශ්වාසය අනුව පිං පමුණුවන්න.. ඔයාට හොඳයි කියලා හිතෙන හැමදේකින්ම එයාල වෙනුවෙන් දෙයක් කරන්න. අසරණ අයට කෑම බීම දෙන්න.. පුලුවන් විදිහට තව අයට පිහිට වෙන්න.. ඇති තරම් වේදනාව යනකන් අඬන්න.. හෙමින් ඔයා යථා තත්ත්වයට පත් වෙනවා ඒ දේවල් වලින්.. මේ දේවල් මම කිවුවේ තනිව නැගිටින්න පුලුවන් අයට. එහෙම කරන්න අමාරුයි කියලා හිතෙනවා නම් හොඳ මනෝ උපදේශකයෙක් සමඟ ඔබේ වේදනාව පිට කරන්න.. ව්‍යසනය සම්බන්ධයෙන් ඔයා වෙනුවෙන් අපි නොමිලේ සේවාව සපයන්න ලෑස්තියි..

ඉතින් දැන් තමයි හොඳම වෙලාව අපි අපි විසින්ම නැගිටින්න.. කුණාටු වලින් තමයි දක්ෂ නැවියන් තනන්නේ.. 2004 සුනාමි වගේම 2025 දිට්වා වලිනුත් අපිට යලි ගොඩ නැගෙන්න පුලුවන්. ගඩොලින් ගඩොල ආයෙමත් ගොඩනගන්න පුලුවන් ඔයාගේ අනාගතේ..

උමේෂා පබසරී
මනෝ උපදේශිකා හා මනෝ චිකිත්සක
Whatsapp +94 72 166 6990

01/12/2025

ඔබ කොතරම් උගත් ,ධනවත් වුවත් අනෙකාගේ දුකේදී උණුවන හදවතක් නැතිනම් අනෙකාගේ අහිමිවීම් දෙස සානුකම්පිතව බැලීමට නොහැකි නම්. ඔබේ මිනිස්භාවයෙන් ඵලක් නැත..

ආදරය  නිසා ජීවිතය අත් හරින්න හිතෙන්නේ ඇයි..එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවන්න… 👇අපිට සිද්දවෙන වේදනාකාර්‍ර සිදුවීම් නිසා , අප...
06/11/2025

ආදරය නිසා ජීවිතය අත් හරින්න හිතෙන්නේ ඇයි..

එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවන්න… 👇

අපිට සිද්දවෙන වේදනාකාර්‍ර සිදුවීම් නිසා , අපිට අපේ හදවතට සමීප අය කරන රිදවීම නිසා, අපි ආදරේ කරන අයගේ ඈත් වීම් ඉවත් වීම් නිසා අපේ හදවත පසාරු කරන් යන තරමේ වේදනාවක් අපිට එනවා. ඇත්තටම බලාපොරොත්තුයි විශ්වාසයයි බිඳ වැටීම් නිසා අපි ලොකු stress එකකට පත් වෙනවා.. ඇත්ත නේද?

ඉතින් ඉස්සෙල්ලම අපි බලමු ඇයි අපි මෙහෙම කෙනෙක් ගැන දෙයක් ගැන බලාපොරොත්තු සහ විශ්වාසය ඇති කරගන්නේ කියලා..

දන්නවාද? අපේ මොළය හුරු වෙලා තියනවා අපේ පංච ඉන්ද්‍රියන් නිතරම සතුටින් තියන්න.. ඉතින් අපි යම් කිසි දෙයකට attractive වුනොත් මොළය කරන්නෙ නිතරම අපිට ඒ දේ ගැන පේන negative දේවල් ටික අපිට පෙන්නන්නේ නැති කරලා ඒ අපි ආකර්ශනය වුන දේ ගැන උපරිම positive දේවල් විතරක් පෙන්නනවා. මේ දේ කරන්නෙ අපේම හොඳට. හේතුව මොළයට ඕනි නිතරම අපි දුකින් ඉන්න එක නවත්තන්න. අපි දුකින් හිටියොත් මොළයට වෙහෙසයි. එතකොට එයාට අපේ ඇඟේ තියන අනිකුත් කාර්යයන් නිවැරදිව කරගෙන යන්න ශක්තිය වැය කරන්න බැරි වෙනවා. ඉතින් හරි හෝ වැරදි එයා අපි දකින දේ අපිට පේන දේ ගැන හොඳම විතරක් පෙන්නනවා.

අපි උදාහරණයක් විදිහට ගමුකෝ පැණිරස කෑම ගැන. අපේ දිවට පැණිරස දැනෙන්න දැනෙන්න අපි පැණිරසට ආස කරනවා. මොළය කරන්නේ තව තවත් පැණිරස ඇඟට දාගන්න සලස්වන එක. මොළයට ඕනි දිව සනසන්න.. ඒත් ඕනවට වඩා ඕනිම දෙයක් ගත්තම ඒක අපේ ඇඟට අහිතකරයි කියලා මොළය අපිට දැනුම් දෙන්නේ අපේ ශරීරයේ ඇතුලේ අවයව උදවු ඉල්ලද්දි තමයි..

ඉතින් මේ වගේම තමයි. ආදරයේදිත්.

මොළය මගින් නිදහස් කරන ඔක්සිටොක්සින් (ආදර හෝමෝනය) කියන හෝමෝනය නිසා තමයි අපිට ආදරය කියන සිතිවිල් ඇති වෙන්නේ. ඇත්තම කියනවා නම් මේක සිතිවිල්ලක් නෙමේ අපේ ශරීරයේ අවශ්‍යතාවක්.. එහෙම කියන්න හේතුව මේකයි.. අපි හිතුවට අපේ හදවත හිත ගිය තැන මාලිගාව කියලා.. විද්‍යාවේ අද වෙනකොට හොයාගෙන තියනවා සිතිවිලි කියන්නේම අපේ ශරීරයේ අවශ්‍යතාවන් වලට මොළයෙන් නිකුත්වන හෝමෝන නිසා සිදු වෙන දෙයක් කියලා.. සිතුවිලි කියන්නේ අපිට යම් දේකට ක්‍රියාත්මක වෙන්න ඉන්ධනයක්..

ඔක්සිටොක්සින් හෝමෝනය බන්ධනය, විශ්වාසය සහ සමාජ සම්බන්ධතාවය සමඟ සම්බන්ධ වෙනවා .. එය ප්‍රජනනය , සමාජ හැසිරීම් වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා .. ආදර බැඳීම, ලිංගික උද්දීපනය සහ දෙමාපිය-ළදරු බැඳීම. එය ශාරීරික ස්පර්ශය, වැළඳ ගැනීම සහ සුරාන්තය වගේ දේවල් මේ හෝමෝනයෙන් පාලනය වෙනවා..

ඒ එක්කම සෙරටොනීන් , ඩෝපමීන් වගේ සතුටු හෝමොන මොළයෙන් නිදහස් කරලා අපේ ශරීරය උපරිම තෘප්තිමත් කරනවා..

ඉතින් ඔන්න ඔය දේ නිසා තමයි අපි හැමෝම එපා කිසි දෙයක් එපා මට එයා විතරයි ඕනි කියලා තීරණය කරන්නේ..

එතනින් පස්සේ අපි ඒ ආකර්ශණය වුන පුද්ගලයාගේ නරක එයා ඉන්න පරිසරය එයාගේ පවුල් පරිසරයවත් හොයන්නැතිව එයාවම ඉල්ලනවා. මොළය වෙහෙසෙනවා අපිව සතුටු කරන්න. මොන බාධක ආවත් මොළය ඒවගෙන් මිදිලා ආදරේ කරන්න උදවු කරනවා..

ඉතින් ළමයෝ මේ මොළය ඔයාගේ සතුට වෙනුවෙන් මායාවක් තමයි පෙන්නන්නේ. ඇත්තම පුද්ගලයා එළියට එන්නේ කලක් ගත වෙන විට කිවුවට ඇත්ත ඒක නෙමේ.. ඔයා ආදරේ කරන පුද්ගලයාගේ හොඳ පැත්ත පෙන්නලා ඔයාගේ හිත උපරිම සතුටට පත් කලාට පස්සේ ඔයාව උපරිම තෘප්තිමත් කලාට පස්සේ ඔයාට ටික ටික පෙන්නනවා එයාගේ negative දේවල් ටික. Toxic දේවල්..

සමහර අයව කොච්චර මේ මොළය රවට්ටනවද කිවුවොත් එයාලා ඉන්නේ toxic අය ළඟ narcissistic person කෙනෙක් ළඟ බව එයාලට දැනෙන්නවත් තියන්නෑ. ඇත්තටම ඒක දැනගත්තොත් අපිට දරාගන්න බෑ. එතකොට මොළයට අමතර වෙහෙසක් ගන්න වෙනවා.. ඒ නිසාම මොළය අපෙන් ඒ narcissistic ගතිගුණ තියන කෙනෙක් කියන එක අමතක කරවනවා..

මගේ ළඟට උපදේශනයට ඇවිත් තියනවා මේ වගේ කීප දෙනෙක්ම..

ඉතින් මේ මොළය නිකුත් කරන ඔක්සිටොක්සින් නිසා තමයි අපි කෙනෙක්ව අධිකව විශ්වාස කරන්නේ බලාපොරොත්තු ඇති කරගන්නේ.. ඒ බලාපොරොත්තු බිඳුනම අර මොළයෙන් නිදහස් කරපු ඔක්සිටොක්සීන් , සෙරටොනීන් , ඩෝපමීන් හෝමෝන අඩු කරනවා.. ඊට පස්සේ ආතති තත්වයක් ඇති කරවලා කෝටිසෝල් කියන ආතති හෝමෝනය නිදහස් කරනවා.

කෝටිසෝල් වලින් දුක වේදනාව ආතතිය නොරිස්සුම ඇති කරනවා. ඔන්න ඔය කෝටිසෝල් අධිකව මොළයෙන් නිදහස් වෙනකොට ඔයා ටික ටික විශාදීය තත්ත්වයට පත් වෙනවා..

එතනින් පස්සේ කන්න බොන්න හිතෙන්නෑ නින්ද යන්නෑ කල්පනා කරනවා තවත් ටිකක් විශාදීය තත්ත්වය උග්‍ර වුනහම ජීවිතය අත් හරින තත්ත්වයට පත් වෙනවා..

ඔන්න ඔහොමයි අපිට දිවි තොර කරගන්න සිතිවිලි එන්නෙ.

මේ වෙලාවට ඔයා ඉක්මනින් කරන්න ඕනි පලපුරුදු මනෝවිද්‍යා උපදේශක වරයෙක් හා මනෝ වෛද්‍යවරයෙක් හමු වෙන එක..අපේ අඩු වැඩි හෝමෝන යථාතත්වයට පත් කරන්න එයාලා උදවු කරනවා..

ඒත් එක්කම කල්පනා කරන්න තියන වෙලාව අඩු කරලා මොනවාම හරි වැඩකින් කාර්යබහුල වෙන්න. පොඩ්ඩක් හවසට දුවන්න යන්න. නැත්තම් ඇවිදින්න යන්න.. ගහකොළ එක්ක සම්බන්ධ වෙන්න, ව්‍යායාම කීපයක් කරන්න.. අඩුම ගේ ඇතුලේ සිංදුවක් දාගෙන හොඳට නටන්න.. ☺️☺️

එහෙනම් ආයෙත් හමුවෙමු මේ වගේ ගැටලුවකින්..

මනෝවිද්‍යා උපදේශිකා
උමේෂා පබසරී

27/10/2025

නිහඬ ස්ථානවලදී ඔබේ හදවතට සවන් දෙන්න. ඔබට ඔබව සොයා ගත හැක්කේ එලෙසිනි.

26/10/2025

ඝෝෂාකාරී කලබලකාරී පරිසරයෙන් මිදිලා දවසකට හරි හැංගිලා තියන මේ වගේ සිත නිවන පරිසරයකට යන්න..

10/10/2025

World Mental Health Day 2025

17/08/2025

ජීවිතයට ඔවදනක්

Address

Biyagama

Telephone

+94721666990

Website

Alerts

Be the first to know and let us send you an email when Lifeway Counselling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram