
20/08/2025
☠️සීනි සහ හදවත් රෝග 🗣️
දියවැඩියාව (විශේෂයෙන් රුධිරයේ සීනි මට්ටම නිවැරදිව පාලනය නොවීම.) කාලයත් සමඟ රුධිර වාහිනී සහ හදවතට හානි ඇති. කරයි ❎
අධික සීනි මට්ටමක් රුධිරයේ පැවතීම නිසා ධමනි පටු වීමට හේතු වන අතර එමඟින් හෘද රෝග, හෘදයාබාධ හෝ ආඝාතය ඇතිවීමේ අවදානම වැඩි වේ❎
🔹 දියවැඩියාව හෘද රෝග ඇති කරන ආකාරය
1. රුධිර නාල හානි (ධමනි සිහින් වීම):
රුධිරයේ අධික සීනි මට්ටමක් පවතින විට රුධිර නාල වල ඇතුළත බිත්තියට හානි කරයි.මෙය රුධිර පට්ටිකා, කොලෙස්ටරෝල් සහ මේද තැන්පතු එකතු වී රුධිර නාල ඇතුළත බිත්තිය සිහින් වීම සිදුවේ.කාලයත් සමඟ, ධමනි පටු වී දැඩි වී හදවතට රුධිර ප්‍රවාහය අඩු වේ.
2. අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් (දියවැඩියාව සමග බහුලව දක්නට ලැබේ):
දියවැඩියා රෝගීන් සැලකීමේදී බොහෝ විට අධි රුධිර පීඩනය සහ රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යාමේ රෝගයෙන්ද පීඩා විදී.මේවා ධමනි අවහිරතා වේගවත් කරයි.
3. තරබාරුකම සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය:
දෙවන වර්ගයේ දියවැඩියාව ඇති බොහෝ දෙනෙකුට අධික බර / තරබාරුකමෙන්ද පීඩා විඳී.එයද හදවත් රෝග ඇතිවීමට හේතුවකි.
---
🔹 ප්‍රධාන කරුණු
දියවැඩියාව ඇති පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමේ අවදානම 2–4 ගුණයකින් වැඩිය.
දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ මරණයට ප්‍රධානතම හේතුව හෘද රෝග වේ.
නිවැරදි ආකාරයෙන් සීනි පාලනය✅
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ✅
රුධිර පීඩනය/කොලෙස්ටරෝල් කළමනාකරණය කිරීම✅
මගින් හෘද රෝග ඇතිවීමේ අවදානම බෙහෙවින් අඩු කළ හැකිය😇
Sanatio Family Medical and Wellness Center ❤️