Cutee world

Cutee world Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cutee world, Mental Health Service, Chilaw Town.

ඔයාලට මතකද මේ අවුරුද්දෙත් හරියටම භාගයක් ගෙවිලා ඉවරයි. තව අපිට මේ අවුරුද්දේ හරියටම මාස හයයි තියෙන්නේ. ඒත් ඉතින් අපිට පුළු...
30/06/2025

ඔයාලට මතකද මේ අවුරුද්දෙත් හරියටම භාගයක් ගෙවිලා ඉවරයි. තව අපිට මේ අවුරුද්දේ හරියටම මාස හයයි තියෙන්නේ. ඒත් ඉතින් අපිට පුළුවන්නම් ගෙවිච්ච මාස හයක් ගැන හිතන්නේ නැතුව අතීතෙ රැඳිලා ඉන්නේ නැතුව, අපිට තීරණය කරන්න බැරි එළඹෙන්න තියෙන අනාගතය ගැන ඕනවට වඩා හිතන්නේ නැතුව හෙටින් පටන් ගන්න අලුත් මාසේ අපි ජීවිතයේ බලාපොරොත්තු වෙන විදිහට අපි ජීවත් වෙන්න ආස විදිහට ඒ මොහොත ඒ කාලය හරි ලස්සනට ගත කරන්න.

පහුගිය අතීතය වගේ අපේ අනාගතෙත් අඳුරු කරගන්නෙ නැතුව වර්තමානයේ ලස්සනට ලියාගෙන යන්න පුළුවන්, එතකොට අපි හැමෝටම පුළුවන් වෙයි අපි සිහින දකින අපේ ජීවිතේ සාර්ථක දවස් වලට පියනගන්න තියෙන මාවත් හරි අපූරුවට විවෘත කරගෙන අපේ ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යන්න පටන් ගන්න. ඉතින් මේ අලුත් මාසේ අපි හැම දෙනාම ලස්සනට පිළි අරගෙන සාර්ථකත්ව මුහුණදෙමු.
Welcome july 💐💗🥰

ලොව පුරා සාමයේ ගිනිදැල් දැල් වේවා 🙏🙏🙏
26/06/2025

ලොව පුරා සාමයේ ගිනිදැල් දැල් වේවා 🙏🙏🙏

19/06/2025
02/06/2025

හැමෝටම තේරුම් ගන්න අමාරු මහා පුදුම හිතන කෙල්ලෙක්...

වැඩිය කාත් එක්කවත් කතා නොකරන ඒත් දැනුන්න තැන නොනැවතී කතා කරන කෙල්ලෙක්...

ගොඩක් ආඩම්බරයි කියලා හිතන් හිටියට හරිම නිහතමානී හදවතක් තියෙන හරි සුන්දර කෙල්ලෙක්...

මුළු ලෝකයේම බර වුණත් හිතින් දරාගෙන ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්න ශක්තිමත් කෙල්ලෙක්...

වැදගත් විදිහට ලස්සනට පිළිවෙලට ඉන්න ලස්සන කෙල්ලෙක්...

මං මේ විශ්වයට ගොඩක් ආදරේ කරන විශ්වය මාව ආරක්ෂා කරන හරිම ආදරණීය කෙල්ලෙක...

🎈ගොඩක් මිනිස්සු නිහඬ වෙන්න කලින් ලොකු උත්සාහයක් දරනවා. ඒ මිනිස්සුන්ගේ හිත් ඇතුලෙ තියෙන වේදනාවේ පිට අයට දන්වන්න, ඒ කියන්න...
15/05/2025

🎈ගොඩක් මිනිස්සු නිහඬ වෙන්න කලින් ලොකු උත්සාහයක් දරනවා. ඒ මිනිස්සුන්ගේ හිත් ඇතුලෙ තියෙන වේදනාවේ පිට අයට දන්වන්න, ඒ කියන්නේ ඒ මිනිස් කොච්චර පීඩනයකින්ද ඉන්නේ කියලා තමන්ගේ සහකරුවට සහකාරියට දන්වන්න. මෙක කරන්නේ ගොඩාක් ගෑනු අය එයාලා හැම වෙලාවෙම උත්සාහ කරනවා තමන්ගේ සහකරුට තමන් ඉන්නේ ලොකු මානසික පීඩනයක ලොකු ආතතියක,

🎈මේක විසඳගන්න ඔයාගේ උදව් මට ඕනේ. එකට මට උදව් කරන්න මට මේකට වෙනම විසඳුමක් නැහැ ඔයා තමයි තියෙන එකක විසඳම මේ වගේ ගොඩක් දේවල් එයාගේ සහකරුට කියන්න උත්සාහ කරනවා. නමුත් මෙයාව තේරුම් ගන්නේ නැහැ මේ සහකරු.


🎈මොකද ආදරේ කියනදේ රඳා පවතින්නේ විශ්වාසය, ලිංගිකත්වය සහ රැකවරණය මත.මුදල් සහ බලය මත රඳා පවතින්නේ බොහොම තාවකාලික බැඳීමක් විතරයි.


🎈 ඉතින් හැමදාම රණ්ඩු වේවි හැමදාම කෑ ගගහා හෙව්ව ඒ ආදරේ ඒ සෙනෙහසස නොලැබෙන තැන මේ මිනිස්සු නිහඬ වෙනවා. හැබැයි එ නිහඬතාවයට ඔයා ලොකු හේතුවක් වෙලා තියෙනවා, එයා එහෙම නිහඬ වෙන්න කලින් ඔයාට ගොඩක් දේවල් කියන්න උත්සාහ කරා.


🎈ඒත් ඔයා එයාට ඇහුම්කන් දුන්නේ නෑ. දැන් එයා එයාටම කියලා ලෝකයක් ගොඩනගාගෙන එයා දන් දන්නවා එයාගේ සතුට රඳා පවතින්නේ එයා මත පමණයි කියලා කියලා.

🎈දැන් කවදාවත් ඔයාගෙන් එයා ආදරේ බලාපොරොත්තු වෙන්නේ නෑ රැකවරණය බලාපොරොත්තු වෙන්නේ නෑ. තනිකම නැති කරගන්න ළඟ ඉන්න එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා දැන් එයාගේම ලස්සන ලෝකයක් ගොඩනගාගෙන ඒක හරි සුන්දරව විනිවිදව විදිනවා .

🎈 දැං ඔයා ඒකට එයාට මොකුත් කියන්න යන්න එපා , මොකද එයාව මේ තත්ත්වයට ඇඳ දාලා තියෙන්නෙත් ඔයම තමයි.

🎈කෙනෙක් මේ තත්වෙට පත්වෙන්න කලින් එයා ගොඩාක් ඉඟි දෙනවා.ගොඩාක් කතා කරන්න උත්සාහ කරනවා. ඒත් ඒ හැම වෙලාවකම ඔයාට එයාව මග ඇරිලා තියෙනවා.

🎈 ඒ හින්දා ඔයාලට පුළුවන් හැම වෙලාවකම කාටහරි ඇහුම්කන් දෙන්න බලන්න, කාගේ හරි සතුටකට පොඩිම හරි හේතුවක් වෙන්න බලන්න එතකොට එයාල වගේම ඔයාටත් සතුටින්.

🖋️ peaceful mind with sara 💚

🎈සමහර මිනිස්සු පැය ගණන් වරු ගණන් පිටින් මහ රෑ නිදි වරමින් තමන්ගේ හිතේ තියෙන දුක, තනිකම, පාළුව කියාගන්න කාත් කවුරුවත් නැත...
08/05/2025

🎈සමහර මිනිස්සු පැය ගණන් වරු ගණන් පිටින් මහ රෑ නිදි වරමින් තමන්ගේ හිතේ තියෙන දුක, තනිකම, පාළුව කියාගන්න කාත් කවුරුවත් නැතුව හිතින් අඬා වැළපෙමින් දුක් විඳිමින් නිදි වර්ජිත රාත්‍රීන් බොහෝ වෙලාවට ගත කරනවා.

🎈ඒත් ඉතිං එයාලට මේ විදිහට මේ තත්වෙට පත්වෙන්න හේතුවුණු මොනයම් හෝ පුද්ගලික කාරණා තියෙනවා. අපි නොදන්නවා වුනාට ගොඩක් මිනිසුන් රෑ එළිවෙනකන් නිදිවරලා උදේ නැගිටල සුපුරුදු විදිහටම තමන්ගේ රාජකාරිත් කරනවා, හරි ලස්සන හිනහවක් මූන තියාගෙන. ඒත් ඒ හිනහවෙ පිටිපස්සෙ තියෙන දුක වේදනාව ගොඩක් අයට පේන්නේ නෑ. ඒ තමයි මේ ලෝකෙ හැටි.

🎈දැනට ලෝකෙ මානසික රෝග තමයි දෙවෙනි තැනට වැඩීම තියෙන රෝග ගණයට වැටෙන්නේ . ඒකට හේතුව අපිට අපෙ හිත පාලනය කරගන්න තියෙන අමාරුව. අපිට පුළුවන් නම් අපේ හිතට වහල් වෙන්නැතුව බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න, තීන්දු ගන්න මානසික රෝග මේ තරම් වැඩි වන ප්‍රමාණය පොඩි හෝ ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන්.

🎈පුළුවන් හැම වෙලාවෙම positive vibe එකක් තියෙන මිනිස්සුු ඇසුරු කරන්න. මොකද අපි ඇසුරු කරන අය අනුව තමයි අපි ගන්න තීන්දු තීරණ, තීරණය වෙන්නේ. සහ අපි සමාජයේ හැසිරෙන විදිය තීරණය වෙන්නේ.

🎈 සතුට විතරක්ම වැඩිවන වාසනාවන්තම දවසක් ඔයාල හැමෝටම ප්‍රාර්ථනා කරනවා.

🖋️ peaceful mind with sara 💚

පිරිමි ඇයි මෙච්චර මෝඩ ??🎈පොදුවේ ගත්තහම ගැහැණු බහුතරයකට ඕනේ ආදරය.ඒත් පිරිමියා හිතන්නේ  ඊට  හාත්පසින්ම වෙනස් දෙයක් . එයාල ...
03/05/2025

පිරිමි ඇයි මෙච්චර මෝඩ ??

🎈පොදුවේ ගත්තහම ගැහැණු බහුතරයකට ඕනේ ආදරය.ඒත් පිරිමියා හිතන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් . එයාල හිතන්නේ ගෑනු අයට ඕනේ මුදල් එහෙම නැත්නම් comfortable life එකක් කියලා. ඔව් ඒකත් ඕන යම්තාක් දුරට . මොකද අපි හැමෝම සාමාන්‍ය මනුස්සයෝ නිසා. ඉතින් අද අපි කතා කරන්නේ පිරිමි ඇයි මෙච්චර මෝඩ කියල.

🎈ඇත්තටම ආදරෙන් කතා කරලා ඔලුව ටිකක් අතගාලා ඉන්නවනම් ඒ ගෑණු කෙනා පිරිමියට දෙවියෙක් වගේ සලකනවා. මොනතරම් අසීරු අවස්ථා ආවත් ඒ ගෑණු කෙනා ඒක අල්ලන් ඉන්නවා එයාගේ partner නිසා.

🎈 පිරිමින්ට පුළුවන්නම් ඉඩක් ලැබුණු හැම වෙලාවෙම එයාගේ ආදරණීය නෝනව, girl friend ආදරයෙන් බදා ගන්න පොඩි වැලඳගැනීමක් කරන්න. එයාලට ඒකෙන් මේ ලෝකෙ හම්බෙන්න පුළුවන් උපරිම සතුට හම්බෙනවා.

🎈 ඇත්තටම බහුතරයක් කාන්තාවන්ට ඕනේ ලිංගිකත්වයට එහා ගියා ආදරණීය බැඳීමක්, ඒත් ඒක අවබෝධ කරගෙන ඉන්න මේ ලෝකෙ ඉන්න පිරිමිගේන් බොහොම පොඩි දෙනයි. ඔයාලටත් පුළුවන් නම් අන්න ඒ සීමිත පිරිස ඇතුලට යන්න ඔයාලගේ පවුල් ජීවිතෙත් හරිම සාර්ථක එකක් වෙනවා.

🎈 ගොඩක් වෙලාවට ගෑණු අයව සතුටින් තියන්න මුදල්ම ඕන නැහැ. ඒත් පිරිමි එක දන්නේ නැහැ. එයාලට ඒක දැනෙන්නේ නැහැ. එයාලට ඒක අවබෝධ කරගන්න බැහැ. පිරිමි ඔයාලට පුළුවන් නම් පොඩි පොඩි ආදරණීය ලෙන්ගතු හැඟීම් බැඳීම් ටිකක් ඔයාගේ partner වෙනුවෙන් දෙන්න ඇත්තටම එතන සතුට විතරක්ම පිරුණු හරි ලස්සන සාමකාමී ජීවිතයක් තියෙනවා. ඇත්තටම ඒකට මුදල් යන්නේ නැහැ නැහැ. හැබැයි ඒකට කාලය යනවා. ඉතින් අපි මේ ඉන්න ටික කාලෙදි අපිට පුළුවන් නම් අපේ ආදරණීයන් වෙනුවෙන් අපේ වටිනා කාලෙන් ටිකක් වෙන් කරන්න අපි හොයන සතුට නොමිලේම ලබාගන්න පුළුවන්. එතකොට හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන්.

🖋ආයෙමත් මේ වගේ වටින අදහස් වලින් හමුවෙන්නම්. ඔයාලගේ අදහස් මත් දැනගන්න ආසයිනේ. යටින් පුංචි ලස්සන comment එකක් තියාගෙන යන්න.

❤️sara❤️

Relax your mind 💚
24/04/2025

Relax your mind 💚

See more on Pinterest

26/03/2025

සුභ රාත්‍රියක් මගේ යාළුවනේ
අද වගේම හෙටත් ලස්සන දවසක් කරගන්න උත්සාහ කරන්න

25/03/2025

සුභ උදෑසනක් මගේ ලස්සන යාලුවනේ
💚
අද දවස හොඳ විදිහට ආරම්භ කරලා හොඳ විදිහට අවසන් කරන්න

Address

Chilaw Town
61000

Website

Alerts

Be the first to know and let us send you an email when Cutee world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram