NutriTales by Dietitian Ayesha

NutriTales by Dietitian Ayesha “Welcome to NutriTales by Dietitian Ayesha 🌿 A space where nutrition science meets storytelling.

I share health tips, food wisdom, and lifestyle habits in story form—so you can enjoy learning and applying them in your daily life.”

පුංච් හිමාෂ නිතරම උද්යෝගයෙන් ඉන්න හරිම ක්‍රියාශීලී දරුවක්. එයාට අවුරුදු 8ක් වෙනකොට එයාගේ අම්මා දුක්වුණේ, හිමාෂ එයාගේ පන්...
27/11/2025

පුංච් හිමාෂ නිතරම උද්යෝගයෙන් ඉන්න හරිම ක්‍රියාශීලී දරුවක්. එයාට අවුරුදු 8ක් වෙනකොට එයාගේ අම්මා දුක්වුණේ, හිමාෂ එයාගේ පන්තියේ ඉන්න උසින් අඩුම ළමයා වෙච්ච නිසා. එය මුලින් හිතුවේ ඒ ජාන නිසා කියලයි.

"හිමාෂගේ තාත්තාත් එච්චර උස කෙනෙක් නෙමේ නේ" අම්ම එහෙම කියලා හිත හදා ගත්තා.

ඒත් ඉස්කෝලේ අවුරුද්දක් ගානේ තියෙන සෞඛ්‍යය පරීක්ෂණයේ දී තමයි දැනගත්තේ, හිමාෂගේ උස ඒ අවුරුද්ද ඇතුලත එච්චර වැඩි වෙලා නෑ කියලා.

"හිමාෂ වර්ධනය වෙනවා. එත් හරිම හිමින්."

හිමාෂගේ අම්ම එයාව පෝෂණවේදිනියක් මුණ ගැහෙන්න එක්කන් ගියා. හිමාෂගේ ආහාර රටාව ඇය විමසා දැන ගත්තා.


හිමාෂගේ දවසේ කෑම රටාව මේ වගේ,

⭕ උදේට - තේ එක්ක බිස්කට්

⭕ ඉස්කෝලේ විවේක කාලයේදී - කැන්ටින් එකෙන් ගන්න බනිසක්

⭕ දවල්ට- සුදු බත් එක්ක පරිප්පුයි, අල තෙල් දාලා. හිතුණොත් විතරයි මාළු හරි චිකන් කැල්ලක් හරි කන්නේ.

⭕ රෑට -ගොඩක් වෙලාවට පානුයි, බටරුයි, ජෑමුයි

බිත්තර, මස්, මාළු වලින් එන සුවඳ ට එයා ආස නෑ. ඒ නිසා ඒවා කන්නත් වැඩි කැමැත්තක් නෑ.

පෝෂණවේදිනිය හඳුනා ගත්තා, හිමාෂගේ ආහාර වේලෙහි ප්‍රෝටීන හා සින්ක් ප්‍රමාණවත් තරම් නොමැති බව. ඒවා තමයි, ශරීරය වර්ධනයට අවශ්‍ය ප්‍රධාන ම පෝෂ්‍ය පදාර්ථ වෙන්නේ.

✅ ප්‍රෝටීන්- මාංශ පේශී හා අස්ථි වර්ධනයට ඉවහල් වෙනවා වගේ ම ශරීර වර්ධනයට අවශ්‍ය හෝමෝන නිපදවීමටත් අවශ්‍ය වෙනවා.

✅ සින්ක් - නව සෛල ගුණනය වීමටත්, වර්ධක හෝමෝන නිදහස් කිරීමට ත් උපකාරී වෙනවා.

ඒ ප්‍රධාන පෝෂක කොටස් නැතුව බත් පිඟානක් ම කෑවත් වැඩක් වෙන්නේ නෑ. පෝෂණවේදී උපදෙස් අනුව හිමාෂගේ අම්මා ඊටපස්සේ එයාගේ කාම රටාව වෙනස් කළා.

✅ උදේ කෑමට හැමදාම බිත්තරයක් දුන්නා.

✅ හැමදාම ආහාර වේලට පරිප්පු, කුකුල් මස් හා මාළු එයා ආස හිතෙන විදිහට එකතු කළා.

✅ කඩල, කව්පි තම්බලා දුන්නා.

✅ රටකජු, කජු වගේම පලතුරු කෙටි කෑම විදිහට ලබා දුන්නා.

✅ රෑට නිදාගන්න කලිනුත් කිරි එකක් හෝ යෝගට් එකක් දුන්නා.

මාස කිහිපයක් යනකොට හිමාෂගේ ආහාර රුචිය වර්ධනය වුණා. එයාට වෙනදට වඩා ශක්තියක් ඇඟට දැනුණා වගේම, එයාගේ උසත් ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගත්තා.

‼️දන්නවද?

මොනවහරි කාලා ළමයින්ගේ බඩ පුරවන එක නෙමේ වෙන්න ඕනේ. එයාලගේ බඩ පෝෂණ ගුණයෙන් පුරවන්නයි ඕනේ. බත් වලට බඩ පිරෙනවා. ප්‍රෝටීන හා සින්ක් එයාලව වර්ධනය කරනවා. උස යන්න උදවු කරනවා.

උසින් අඩු ළමයි පිටිපස්සේ හැම තිස්සෙම ජාන විතරක් නෙමේ, එයාගේ කෑම පිඟානෙන් මඟ හැරුණු දෙයක් තියෙන්නත් පුළුවන්!

✏️Ayesha Senevirathne
Registered Dietitian and Nutritionist

‼‼ ඔබට diet plan එකක් අවශ්‍ය ද?

DM or Whatsapp 0754543295

😃 තවත් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අප සමගම රැදී සිටින්න.

😃 අපගේ ෆේස්බුක් පිටුවට Like කර මෙම පෝස්ට් එක Share කරන්න.

26/11/2025

25/11/2025
කවීෂ කියන්නේ අවුරුදු 16 ක හොඳින් පාඩම් වැඩ කරපු දක්ෂ ක්‍රියාශීලී ළමයෙක්. ඒත්, ටික දවසක ඉඳන් කවීෂගේ ටීචර් ට එයාගේ වෙනසක් ...
25/11/2025

කවීෂ කියන්නේ අවුරුදු 16 ක හොඳින් පාඩම් වැඩ කරපු දක්ෂ ක්‍රියාශීලී ළමයෙක්. ඒත්, ටික දවසක ඉඳන් කවීෂගේ ටීචර් ට එයාගේ වෙනසක් තේරුණා. වාර විභාගයේ එයාගේ ලකුණු කලින් වාර වලට වඩා අඩු බවත්, නිතරම ඔහේ පොත් දිහා බලාගෙන ඉන්න බවත් එයාට තේරුණා.


කවීෂගේ අම්මාගෙන් මේ ගැන අහනකොට එයා කිව්වෙත්, "කවීෂ පැය ගාණක් පාඩම් කරනවා. එත් කිසි දෙයක් එයාගේ ඔලුවේ නෑ. එයාට හැමතිස්සෙම මහන්සියි වගේම නිතරම දේවල් අමතක වෙනවා" කියලයි.

ටීචර්ගෙත් උපදෙස් පරිදි කවීෂව වෛද්‍යවරයෙක් මුණ ගැසීමට රැගෙන ගියත් පේන්න කිසිම ලෙඩක් එයාට තිබුනේ නෑ. කවීෂගේ ආහාර රටාව සෞඛ්‍ය සම්පන්න බවක් නොතිබුණු නිසා ඔහු කවීෂට පෝෂණවේදී උපදෙස් ලබාගන්න යොමු කළා.

පෝෂණවේදිනිය කවීෂගේ ආහාර රටාව ගැන විමසා දැන ගත්තා.

⭕ උදේට - බිස්කට් එක්ක තේ

⭕ විවේක කාලයේදී - බනිස්, ක්ෂණික නූඩ්ල්ස්, පේස්ට්‍රි

⭕ දවල්ට- එළවලු බත්, නූඩ්ල්ස්

⭕ හවසට - මුරුක්කු, බිස්කට්, බැදපු අල පෙති

⭕ රෑට - බර්ගර්, පීසා, රයිස්, කොත්තු

මේවා තමා කවීෂ කන්නේ සහ එයා කන්න ආසම දේවල්. එළවලු, පලතුරු නම් එයා කටේවත් තියන්නේ නෑ.

කවීෂගේ කෑම වල ශක්තිය නම් ඕනෑවටත් වැඩියි. එත් පෝෂණය නම්, හරිම අඩුයි. අවදානයෙන් පාඩම් වැඩ කරන්න, මතක හිටින්න, හා මොළයේ ක්‍රියාකාරකම් වලට අත්‍යවශ්‍ය යකඩ, විටමින් B, ඔමේගා 3, වගේම සින්ක් කියන පෝෂ්‍ය පදාර්ථ එයාගේ කෑම වේල් වල තියෙන්නේ බොහොම අඩුවෙන්.


මේ පෝෂ්‍ය පදාර්ථ අඩුවෙනකොට තොරතුරු නිවැරදිව ග්‍රහණය කරගන්න, ඒවා සමායෝජනය කරගන්න මොළයට ලොකු වෙහෙසක් දරන්න සිදුවෙනවා. ඒක හරියට දුර්වල බැටරියකින් ක්‍රියා කරන ජංගම දුරකථනයක් වගේ. ඉතින් කවීෂගේ මේ අවදානය හා උනන්දුව අඩු වෙන එක පුදුමයක් නෙමේ.

පෝෂණවවේදිනිය කවීෂගේ ආහාර රටාව වෙනස් කළ යුතු ආකාරය එයාට සහ අම්මාට පැහැදිලිව කියා දුන්නා.


✅ ප්‍රෝටීන් හා යකඩ ලබාගැනීමට බිත්තර, මාළු, කුකුල් මස් හා ධාන්‍ය වර්ග (පරිප්පු, කව්පි, කඩල) වැනි දේවල් ආහාරයට ගන්න.

✅ විවිධ වර්ණ වලින් විවිධත්වයෙන් යුතු එළවලු ආහාරයට ගන්න. (ඒවා විටමින් හා ප්‍රතිඔක්සිකාරක වලින් පරිපූර්ණයි.)

✅ හවසට හෝ උදේට පොඩි බඩගින්නට පලතුරු එකතු කරගන්න. (බිස්කට්, මුරුක්කු වෙනුවට)

✅ කාබනීකෘත පාන වර්ග වෙනුවට ජලය පානය කරන්න.

✅ හොඳ මේදය හා සින්ක් ලබා ගැනීමට දවසට රටකජු, කජු, වැනි ඇට වර්ග අහුරක් ආහාරයට ගන්න.


මාසයකට පමණ පසු, කවීෂට නැවත පාඩම් වැඩ හොඳින් මතකයේ රැඳුනා.

ඒක හරියට මැජික් එකක් වගේ, ක්ෂුද්‍ර පෝෂකත් සිරුරට හරියට නොලැබුණොත් ප්‍රශ්ණ ගොඩයි.

✏️Ayesha Senevirathne
Registered Dietitian and Nutritionist

‼‼ ඔබට diet plan එකක් අවශ්‍ය ද?

DM or Whatsapp 0754543295

වැඩි විස්තර සඳහා අපගේ facebook පිටුවට පිවිසෙන්න.

😃 තවත් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අප සමගම රැදී සිටින්න.

😃 අපගේ ෆේස්බුක් පිටුවට Like කර මෙම පෝස්ට් එක Share කරන්න.

24/11/2025

24/11/2025

කුසුම් පෝෂ්‍යදායි ආහාර ගැන හරිම උනන්දුයි. ගොඩක් දවසට රෑ කෑමට එයා දරුවන්ට එළවලු තම්බලා දෙනවා. තම්බපු කැරට්, බෝංචි, වට්ටක්...
22/11/2025

කුසුම් පෝෂ්‍යදායි ආහාර ගැන හරිම උනන්දුයි. ගොඩක් දවසට රෑ කෑමට එයා දරුවන්ට එළවලු තම්බලා දෙනවා. තම්බපු කැරට්, බෝංචි, වට්ටක්කා, ගෝවා, බීට් වගේ පාට පාට එළවලු දරුවන්ට දීලා එයාලා ඒවා කන හැටි කුසුම් ආදරයෙන් බලාගෙන ඉන්නවා. එයාට ඕනේ දරුවන්ට අනෙක් පෝෂ්‍ය පදාර්ථ වගේම විටමින් ටිකත් හොඳට ලබා දෙන්න.

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, කුසුම් එළවලු තම්බන විදිහෙයි. එයා ඒ එළවලු හොඳටම මෙලෙක් වෙලා, පාට වෙනස් වෙනකල් ම තම්බනවා. ඊට පස්සේ වැඩි වතුර ටික පෙරලා අයින් කරනවා. එයා නොදන්නවා වුණාට වැඩිපුර ම විටමින් හා ඛනිජ ලවණ තියෙන්නේ ඒ විසි කරන වතුරේ දියවෙලා.

කුසුම්ගේ දුව නිතර දැනෙන කරකැවිල්ලක් ගැනත්, පුතා කෑම කන්න අදී මදි කරන්නත් පටන් ගත්තා. හැමෝම කිව්වේ ළමයින්ට විටමින් මදි ඇති කියලයි. එත් කුසුම් පුදුම වුණා. " එහෙම වෙන්නේ කොහොමද? එයාලා හැමදාම එළවලු කනවනේ" කියලායි.


එයා පෝෂණවේදිනියකගෙන් මේ ගැන විමසුවා. ඇය පැවසුවේ එළවලු දිගු වේලාවක් තැම්බීම නිසා තාපයට සංවේදී විටමින් වර්ග; විටමින් C, ෆෝලික් අම්ලය, සමහර B විටමින් වර්ග විනාශ වන බවයි. ඒ වගේ ම එළවලු තම්බපු වතුර විසි කිරීමෙන්, වතුරෙහි දියවන පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් වගේ ඛනිජ ලවණත් ඉවත් වන බවයි.

කුසුම් එයාගේ වැරැද්ද නිවැරදි කරගත්තා.

✅ දැන් එයා එළවලු වැඩි වෙලාවක් තම්බන්නේ නෑ.

✅ වතුරේ දාලා තම්බනවා වෙනුවට, දැන් එයා කරන්නේ එළවලු වාෂ්පයෙන් තම්බනවා, එක්කෝ තෙල් චුට්ටක් දානවා, ඉක්මනට ම පිඟානට බෙදනවා.

✅ වතුරේ තම්බන්න ම ඕනේ නම්, වතුර ටිකක් දාලා තම්බලා වතුර විසි නොකර ඒවායින් ම ව්‍යංජනයක් හෝ සුප් එකක් හදනවා.

✅ එළවලු කපන්න කලින් හොඳින් සෝදනවා. කපලා සොදන්නේ නැහැ.

✅ තම්බපු එළවලු නැවත නැවත තම්බන්නේ, රත් කරන්නේ නෑ. එතකොට තව තවත් පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙනවා.

දැන් කුසුම් තම්බන එළවලු වල පාට වෙනස් වෙන්නේ නෑ. බොහොම ලස්සනට රතු පාටට, කහ පාටට, කොළ පාටට තියෙනවා. දැක්කමත් ආසයි. රසත් හරිම නැවුම්. එයාගේ දරුවොත් ඒවා ආසාවෙන් රස විඳිනවා.

ඉතින් කුසුම් ළමයින්ට එළවළු දෙන එක නතර කළේ නෑ. ඒවායේ පෝෂ්‍ය පදාර්ථ විනාශ නොකර එයාලට කන්න දෙනවා. කෑම ආදරෙන් උයද්දී හරි ලස්සන වුනාට ඒවා හරි විදියට උයන එකෙන් ආදරය තවත් ශක්තිමත් වෙනවා.

✏️Ayesha Senevirathne
Registered Dietitian and Nutritionist

‼‼ ඔබට diet plan එකක් අවශ්‍ය ද?

DM or Whatsapp 0754543295

වැඩි විස්තර සඳහා අපගේ facebook පිටුවට පිවිසෙන්න. 👇

https://www.facebook.com/share/17ExMdptAh/

😃 තවත් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අප සමගම රැදී සිටින්න.

😃 අපගේ ෆේස්බුක් පිටුවට Like කර මෙම පෝස්ට් එක Share කරන්න.

රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් වැඩි කරන ආහාර 10ක්
21/11/2025

රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් වැඩි කරන ආහාර 10ක්

21/11/2025

20/11/2025

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when NutriTales by Dietitian Ayesha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to NutriTales by Dietitian Ayesha:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram