26/08/2023
ඔටිසම් සහ Self-harming/injurious Behaviors
ඔටිසම් දරුවෝ පෙන්වන තවත් එක ගැටලුකාරී හැසිරීමක් ලෙස self injurious behaviors හඳුන්වන්න පුළුවන්.
සමහරක් ඔටිසම් දරුවෝ වගේම, වැඩිහිටි දරුවකු තම නළල හෝ හිස පිටුපස මේසයක, පුටුවක, බිත්තියක, තවත් පුද්ගලයෙක් ගේ ඇගේ නොනවත්වා ගසාගැනීම, අතේ මැණික් කටුව ප්‍රදේශය ඒ ආකාරයෙන්ම මේසෙක, පුටුවක ගසා ගැනීම, තම අල්ල ප්‍රදේශය හපා ගැනීම, එකම තුවාලය දිගටම කඩ කඩා සිටීම, වගේ ගැටළුකාරී හැසිරීම් පෙන්වයි.
බලාගෙන ඉන්න කෙනෙකුට ඒක නවත්වන්න විදිය හෝ, ඇයි මේ දරුවා මෙහෙම කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. සමහර විට ඔබත් මෙම ගැටලුව නිසා පීඩාවිඳින මවක් පියෙක් වෙන්න පුළුවන්.
දරුවෝ පෙන්වන හැසිරීම් ගැටලුවලට තේරුම් තියෙනවා. එහෙනම් අද අපි බලමු මොනවද මේ ගැටලු, මොනවද මේ හැසිරීමෙන් කියවෙන්නේ සහ කොහොමද මේ හැසිරීම පාලනය කරගන්නේ කියලා.
Self-injurious behaviors කියන්නෙත් repetitive behaviors ගණයට ගන්නා හැසිරීම් වර්ගයක්. ඒ කියන්නේ මේ දරුවෝ ඔළුව ගහ ගද්දි ඒක කරන්නේ එක පාරක් නෙවෙයි. කිහිප විටක් සිදු කරනවා. එක විනාඩියකට වාර හතරක් පහක් හෝ ඊට වැඩි වාර ගණනක් කරනවා. ඒ නිසයි මේ හැසිරීම නැවත නැවත සිදු කරන හැසිරීම් ගොඩට වැටෙන්නේ.
සමහර වෙලාවට මේ හැසිරීම මේ දරුවෝ කිසිම හේතුවක් නැතුව කරනවා වගේ පෙනෙන අවස්ථා තියෙනවා. ඒත් අපි දරුවා ළඟින්ම නිරීක්ෂණය කළොත්, මේ හැසිරීම ඇතුලෙ හැංගිලා තියෙන හේතුව හොයාගන්න අපිට පුළුවන් වෙයි.
සතියක් විතර මේ දරුවා ඔළුව ගසා ගන්නා හෝ සපා ගන්නා අවස්ථාව හා ඒ මොහොතට පෙර දරුවා යෙදෙමින් සිටි වැඩය, ඔබ කරමින් සිටි වැඩය මොකක්ද කියලා note එකක් දාගන්න. සතියක් අවසානයේදී ඒ notes බලද්දි ඔබට පෙනෙයි දරුවාගේ මේ හැසිරීමට හේතුව මොකක්ද කියන එක.
මතක තියාගන්න මේ හැසිරීම දරුවා ඔබ සමඟ communicate කරන එක ක්‍රමයක් බව.
මේ ගැන වඩාත් පැහැදිලි වෙන්න හා ඔබට පහසු වෙන්න දරුවෙක් මෙවැනි behaviors පෙන්වන හේතු 4 මම පැහැදිලි කරන්නම්.
1.දරුවා යම් වේදනාවක ඉන්න වෙලාවක
2.දරුවා ඔබ හා යමක් පවසන්න/බෙදාගන්න යන වෙලාවක
3.දරුවාට ඔබේ අවධානය අවශ්‍ය වේලාවක
4.දරුවාට ඔහුගේ/ ඇයගේ වටපිටාවෙන් ලැබෙන සංවේදන ප්‍රමාණය උපරිම හෝ අවම යන අවස්ථා දෙකේදී
1.දරුවා යම් වේදනාවක ඉන්නා වේලාවක ඔළුව ගසා ගන්නේ ඇයි?
අපිට ඔලුව රිදෙන විටදී පැනඩෝල් දෙකක් බොන්න හෝ හිස දෙපස සිද්ධාලේප ගාන්න වැනි දෙයක් කරගන්න දැනුමක්,අවබෝධයක් තිබෙනවා. ඒ වගේම ඒ වේදනාව මගහැර ගන්න අපි නිදා ගන්නවා වැනි ක්‍රමයක් යොදා ගන්නවා. නමුත් ඇතැම් ඔටිසම් දරුවෙක් වේදනාවන් ප්‍රකාශ කරන්නේ නැහැ. දැනෙනවා උනත් කියන්නේ නැහැ, අවබෝධයක් නැහැ, වචන නැහැ.
ඉතින් තමන්ගේ වේදනාව අමතක කරන්න, තමුන්ව distract කරගන්නත්, වේදනාව පාලනය කරගන්න, යොදා ගන්නා ක්‍රමය තමයි හිස ගසා ගැනීම. තරමක් හෝ කතා කරන්න පුලුවන් දරුවෙක් මෙවැනි හැසිරීමක් පෙන්වනවා නම් ඔහු /ඇය එය කරන්නේ වේදනාව නිසා බව ඔබ දන්නවා නම්, දරුවාට වාචික පෙළඹවීමක් කරන්න. "කොහෙද රිදෙන්නේ කියලා අම්මට පෙන්නන්නකො", කියල මිනිස් රූපයක් පෙන්වන්න.
නිතරම දරුවාගේ සිරුර යම් තුවාලයක්, ඉදිමීමක්, තැල්මක් තිබේ දැයි විමසිල්ලෙන් ඉන්න
2.අදහස් හුවමාරු කරගන්නා ක්‍රමයක් ලෙසට
විශේෂයෙන්ම කතාව නැති දරුවන්ගේ මේ තත්ත්වය සාපේක්ෂව වැඩි. දරුවාට යමක් ලබා ගැනීමට හෝ කර ගැනීමට අවශ්‍ය වූ විටක දරුවා මෙම හැසිරීම පෙන්වයි. අවශ්‍යතා මේ ක්‍රමය මගින් ඉටු වෙද්දී දරුවා මේ හැසිරීම පුරුද්දක් කර ගනී.
3.අවධානය ලබා ගැනීමට
ඉස්සෙල්ලා කිව්ව කාරණාව මේ කාරණාව ටත් පොදුයි. දරුවෙක්ට ලැබෙන සංවේදන ප්‍රමාණය වැඩිවන විට (ශබ්ද, රූප, ගන්ධය, රස) autistic දරුවෙක් මෙවැනි හැසිරීම් පෙන්වයි. සාමාන්‍ය දරුවෙක් ආසාවෙන් කන කෑමක්, ඔටිසම් දරුවකු නොකන විට ඔහු හෝ ඇය හිස ගසා එය ප්‍රකාශ කරන අවස්ථාත් ඇත.
4.සංවේදන ප්‍රමාණය උපරිම හෝ අවම වන විට
දරුවාට බාහිරින් ලැබෙන සංවේදන ප්‍රමාණය උපරිම විටදී එය පාලනය කරගැනීමට දරුවා හිස ගසාගනී.
උදාහරණ:- wedding එකක loud music ඇසෙන විට දී
ඒ වාගේම දරුවාට ලැබෙන සංවේදන ප්‍රමාණය අවම වූ විට අවධානය ලබාගැනීම සඳහාද දරුවන් මෙම හැසිරීම පෙන්වයි. එවැනි අවස්ථාවලදී තරමක් බර බ්ලැන්කට් වලින් දරුවා එතීම මගින්, ඇග මසාජ් කිරීම මගින්, bouncing gym ball, vibrating ball ආදිය යොදාගෙන දරුවාට sensory input එකක් ලබාදිය හැකිය.
සමහර ඔටිසම් දරුවන්ට නින්ද ආශ්‍රිත ගැටලු ඇත. ඉක්මනින් නින්ද ළඟා නොවන එවැනි දරුවන් හිස ගසා ගන්නේ තමන්ව නින්දට සූදානම් කර ගැනීමටයි. වෙහෙස වූ විට නින්ද ඉක්මනින් ළඟා වෙන බව අපි දන්නා කරුණකි. එනිසා නින්දට පෙර දරුවා සමග යෝගා ව්‍යායාම් කිහිපයක් කිරීම මගින් මේ තත්ත්වය මඟ හරවා ගත හැකිය.
ජීව රසායනික හේතු මතද දරුවන් මේ හැසිරීම පෙන්වන්නට පුලුවන්.
සැමන්, නිවිති, ඇට වර්ග, යෝගට්, පලා වර්ග ආදිය දරුවාගේ ආහාරයට නිරන්තරයෙන් එකතු කරගැනීම ගොඩක් හොඳයි.
By: Beenuka Wickramatunge
Child Psychologist