22/02/2026
දැනුමට ලිපි මාලාව - 03 වන පාඩම
💪 මස්පිඬු ශක්තිමත් කිරීමේ ව්‍යායාම (Resistance Training): මේක බොඩි බිල්ඩර්ස්ලට විතරක් තියෙන ව්‍යායාම වර්ගයක් නෙවෙයි! 🏋️♀️
අපි "ව්‍යායාම" කිව්ව ගමන්ම මතක් වෙන්නේ ඇවිදින එක එහෙම නැත්නම් දුවන එකනේ. ඒක හෘදයට හොඳ වුණත්, අපිට මඟහැරෙන තවත් වැදගත් පැත්තක් තියෙනවා. ඒ තමයි මස්පිඬු වලට බරක් (resistance එකක්) දීලා කරන ව්‍යායාම.
අපේ ඇඟ හරියට වාහනයක් වගේ. 🏎️ ඇවිදින එකෙන් වෙන්නේ වාහනයේ ඉන්ධන පිරිමැස්ම වැඩි කරන එක වගේ වැඩක්. හැබැයි මස්පිඬු ශක්තිමත් කරන එක (Resistance Training) හරියට වාහනයේ එන්ජිම upgrade කරනවා වගේ වැඩක්. 🏎️💨
මොකක්ද මේකෙන් වෙන්නේ? 🛠️
සරලවම කිව්වොත්, ඔබේ මස්පිඬු වලට මොකක් හරි බරක්/ Resistance එකක් දීලා කරන ව්‍යායාම වලට තමයි මේක කියන්නේ. උදාහරණයක් විදිහට:
• Gym එකක කරන බර එසවීමේ ව්‍යායාම
• බර දෙයක් තල්ලු කිරීම.
• බඩු මලු එසවීම.
• තමන්ගේම සිරුරේ බර පාවිච්චි කරලා කරන ව්‍යායාම.
• වේගයෙන් දිවීම
උදේට ඇවිදින එකයි මේකයි අතර වෙනස මොකක්ද? 🏃♂️ vs 🏋️♂️
ඇවිදින එකෙන් වෙන්නේ ඇඟේ විඳදරාගැනීමේ ශක්තිය (endurance) වැඩි කරන එක. නමුත් මස්පිඬු ශක්තිමත් කිරීමේ ව්‍යායාම වලින් කරන්නේ ඔබව දරාගෙන සිටින ඔබේ අස්ථි සහ මස්පිඬු පද්ධතිය (Musculoskeletal system) එක ශක්තිමත් කරන එකයි. 🦴✨
ඇයි මේක ඔබේ ඇඟට වැදගත් වෙන්නේ? ❤️
මේ ව්‍යයාම ඇඟ හැඩ කරගන්න විතරක් නෙවෙයි, තව ගොඩක් දේවල් වලට උදව් වෙනවා:
• 🫀 හදවතේ නිරෝගීකමට: හදවතේ මාංශ පේශීන් වල (cardiac muscle) වල ශක්තිය වැඩි කරනවට අමතරව රුධිර නාල වල නම්‍යශීලී බව වැඩි කරලා රුධිර පීඩනය පාලනය කරනවා.
• 🩸 සීනි පාලනයට: මස්පිඬු හරියට සීනි උරාගන්න "ස්පොන්ජ්" එකක් වගේ. මස්පිඬු ක්‍රියාශීලී වෙන තරමට දියවැඩියාවෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. 🛡️
• ⏳ වයසට යාම පාලනයට: අපි වයසට යද්දී ඇඟේ මස්පිඬු වැය වෙනවා (sarcopenia). අවුරුදු 70-80 වෙනකම් ශක්තිමත්ව ඉන්න තියෙන එකම ක්‍රමය තමයි මේ ව්‍යායාම. 🕒🚫
කොච්චර බරක් උස්සන්න ඕනෙද? ⚖️
ඔබට යම් බරක් වාර 10-15ක් විතර කරද්දී මස්පිඬු වලට තෙහෙට්ටුවක් දැනෙනවා නම්, අන්න ඒක තමයි ඔබට ගැලපෙනම ප්‍රමාණය. වාහන උස්සන්න ඕනේ නැහැ! 🎯
Gym එකට යන්න වෙලාවක් නැද්ද? ප්‍රශ්නයක් නැහැ! 🏠
ගෙදරදීම මේ දේවල් කරන්න පුළුවන්:
• 🪑 පුටුවේ වාඩි වෙද්දී: පුටුවේ වාඩි වෙද්දී එකපාරටම වාඩි වෙන්නේ නැතුව හෙමින් වාඩි වෙන්න (Slow Sit). ඒක හොඳ ව්‍යායාමයක්. ටිකක් පහත් පුටුවක්නම් ගොඩක් හොදයි.
• 🛍️ බඩු මලු: කඩේ ඉඳන් ගෙනාපු බඩු බෑග් ටික තියන්න කලින් දෙතුන් පාරක් උස්සලා පහත් කරන්න (Bicep Curls).
• ☕ බිත්තියට හේත්තු වෙලා: තේ වතුර රත් වෙනකම් බිත්තියට හෝ කුස්සියේ කවුන්ටරයට හේත්තු වෙලා පුෂ්-අප්ස් (Push-ups) 10ක් විතර කරන්න.
මේ ගැනත් සැලකිලිමත් වෙන්න! ⚠️
• 🌬️ හුස්ම ගන්න: හුස්ම අල්ලගෙන ඉන්න එපා. බරක් උස්සන කොට හුස්ම පිට කරන්න.
• 😴 විවේකය: මස්පිඬු වර්ධනය වෙන්නේ ඔබ නිදාගන්නා විටයි. ඒ නිසා දිනක් හැර දිනක් ව්‍යායාම කරන්න.
• 🩺 ශරීරයට සවන් දෙන්න: තදබල සන්ධි වේදනාවක්, පපුවේ තෙරපීමක් හෝ කරකැවිල්ලක් ආවොත් වහාම නතර කරන්න. ඔබට හෘද රෝගයක් තියෙනවා නම් හෝ කලකින් ව්‍යායාම කර නැත්නම්, මුලින්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න. 🤝
Strong/ fit වීම කියන්නේ තවත් කෙනෙක්ට වඩා වැඩ්ඩෙක් වීම නෙවෙයි, ඊයේ සිටි ඔබට වඩා අද ඔබ ශක්තිමත් වීමයි. 🌟
මගේ මීළඟ ලිපියෙන් ඇඟේ නම්‍යශීලී බව ලබා ගැනීමට කරන ව්‍යායාම (Flexibility exercises) ගැන කතා කරමු.
එතෙක් නිරෝගීව ඉන්න! MoveFit! 🚀