Dr.Malika Weerasinghe

Dr.Malika Weerasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Malika Weerasinghe, Doctor, Colombo, Colombo.

https://www.odoc.life/mental-health/oDoc - Consult Psychiatrists for Mental Health and Counseling
16/07/2025

https://www.odoc.life/mental-health/
oDoc - Consult Psychiatrists for Mental Health and Counseling

Consult Psychiatrists to better maintain your mental health and receive counseling with assured privacy and superior service. Visit us now for more info.

06/07/2025
Schizophrenia භීනෝන්මාදයමොළයේ ඇතිවන රසායනික අසමතුලිතතාවයන් හේතුවෙන් ඇතිවන දරුණු ගණයේ මානසික රෝගයකි. මේ හේතුවෙන් පුද්ගලයක...
08/03/2022

Schizophrenia භීනෝන්මාදය

මොළයේ ඇතිවන රසායනික අසමතුලිතතාවයන් හේතුවෙන් ඇතිවන දරුණු ගණයේ මානසික රෝගයකි. මේ හේතුවෙන් පුද්ගලයකුගේ සිතුවිලි රටාවේ හා හැසිරීමේ වෙනස්කම් ඇතිවේ.
මෙම තත්වයෙන් පෙලෙන අයෙකු තුළ පහත ලක්ෂණ දැකිය හැකිය.
1. සාක්ෂි ‍රහිත , අසාමාන්‍ය විශ්වාස (Delusions)
උදා: කිසියම් පුද්ගලයෙක් හෝ බාහිර බලවේගයක් තමාට හෝ පවුලේ අයට හානි කිරීමට තැත් කිරීම, බාහිර බලවේග මගින් තමා කරන වැඩ කටයුතු හෝ සිතුවිලි පාලනය කරන බවට විශ්වාස කිරීම වැනි, තමාට අමුතු බලයක් ඇතැයි විශ්වාස කිරීම
2. අන් අයට නොදැනෙන බාහිර උත්තේජන රහිත සංවේදන දැනීම(Hallucinations)
උදා: විවිධ පුද්ගලයින් තමා ගැන කතා කරන කට හඩවල් ඇසීම, අන් අයට නොපෙනෙන රූප පෙනීම හා ඒවා සත්‍ය ‍යයි දැඩි ලෙස විශ්වාස කිරීම
3. හුදකලා වීමට තැත් කිරීම ,තමා ගැන නොසලකා හැරීම
4. අසාමාන්‍ය විශ්වාස මත කේන්ති ගැනීම , කලහකාරී ලෙස හැසිරීම
5.තමාගේ අධ්‍යාපතය,රැකියාව හෝ ගෙදර දොර සාමාන්‍ය වැඩකටයුතු නොසලකා හැරීම

සාමාන්‍යයෙන් ‍මුල් වරට මෙම ලක්ෂණ මතු වන්නේ යොවුන් විය තුල නමුත් වැඩිහිටි වියේදී ද මුල් වරට මෙම රෝග ලක්ෂණ මතු වනුද දැකිය හැකියි.
මෙම තත්වයෙන් පෙලෙන අය තමාට රෝගයක් ඇතැයි බොහෝවිට පිලි නොගනී. එමනිසා ප්‍රතිකාර ලබා දීමට ගෙන යාම පවුලේ අයටද අපහසු වේ.
නමුත් ඉක්මනින් හදුනා ගෙන ප්‍රතිකාර කිරීම මගින් පුද්ගලයාගේ ජීවිතයට ඇතිවන බලපෑම අවම කරගෙන, රෝගය පාලනය කර සාමාන්‍ය ජීව්තයක් ගත කළ හැකියි.

19/02/2022

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fparenting.lk%2F2018%2F06%2F3193%3Ffbclid%3DIwAR3XLGEUgszgQ_g0sRSuG-2gH1zBXmhTx-1eaDeoDrU1jtwrSym6MphEnSs&h=AT2cUSEA2qwA6fK_2JGcNre-u3Ybk0dVNKpxrM-Jdc2O4bRjQPgz5DYd2rhIiB33yAzbcz4p1HATOhNqXN5IFlqownYBQ9UFR2BAqAxgnLcqlWCP3EiEsD7RmLAOfh20huS371lKby90&s=1

දරුවන්ගේ මානසික ආතතිය පිට කරන කායික රෝග ගැන දන්නවාද? By මනෝ වෛද්‍ය විශේෂඥ මාලිකා වීරසිංහ - June 1, 2018 Facebook Twitter Pinterest WhatsApp කුඩා ද.....

Adult ADHDවැඩිහිටි වියේදී දක්නට ලැබෙන බොහෝවිට රෝගයක් ලෙස හදුනා නොගැනෙන තත්වයකි. මෙම තත්වය ඇති වැඩිහිටියන් තුළ පහත ලක්ෂණ ...
15/02/2022

Adult ADHD

වැඩිහිටි වියේදී දක්නට ලැබෙන බොහෝවිට රෝගයක් ලෙස හදුනා නොගැනෙන තත්වයකි. මෙම තත්වය ඇති වැඩිහිටියන් තුළ පහත ලක්ෂණ දැකිය හැකියි.

1.ඉතා ඉක්මනින් අවධානය බිදේ.
2.උපදෙස් නිවැරැදිව කියවීමෙන් හෝ උපදෙස් වලට නිවැරැදිව සවන් නොදී වැඩ අරඹයි.
3.අධික වේගයෙන් අනාරක්ෂිත ලෙස රිය පදවයි.
4.විනෝදාංශයක වුවද කලබල නොවී නියලිය නොහැක.
5. විය හැකි පල විපාක ගැන නොසිතා හදිසි තීරණ ගනී. ඒ හේතුවෙන් නිතර ගැටලු වලට මුහුණ පායි.
6.නිතර පොරොන්දු කඩ කරයි.බාර ගත් වැඩ මග හැරේ.
7.නිසි ලෙස අවධානය දිය යුතු රාජකාරී වැඩවල හෝ විනෝදාංශ වල නියලීම අපහසුය.
8.නිසි පිළිවෙලකට වැඩක් නිම කිරීමට අපහසුය.බොහෝවිට අපිළිවෙලයි.
9.කිසියම් වැඩක් නිවැරැදිව සංවිධානය කිරීම අපහසුය.

ළමා වියේදී ADHD ලක්ෂණ (අධික්‍රියාජාරිත්වය හා ඌන අවධානය) තිබූ අයගෙන් සුළු කොටසක් වැඩිහිටි වියේදී ඉහත ලක්ෂණ පෙන්නුම් කළ හැකියි.

ඖෂධීය ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් මගින් වැඩිහිටි වියේදී ජීවිතයට ඇති විය හැකි ගැටළු අවම කර ගත හැකියි.

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Malika Weerasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category