18/06/2021
#විවාහවීමට_සිටින_ඔබට_උපදෙසක් ! 01 ❤️
සුදුසු සහකරු තෝරා ගැනීම !
__________________________________________________________
විවාහ දිවියට පිවිසෙන ඔබට වැදගත් වන මනෝවිද්‍යාත්මක / ජීවිත කළමනාකරණ උපදෙස් ලබා දෙන ලිපි මාලාවක පළමු වැන්න. 🙏
(Pre- Marital Counselling) පූර්ව විවාහ උපදේශන ලිපි මාලාව අද පටන් ආරම්භ වනවා.
අද පළමු මාතෘකාව - සුදුසු සහකරු තෝරාගැනීම ! ❤️
විවාහ වන ඕනෑම කෙනෙකුගේ ප්‍රධානම වැදගත්ම දෙය වන්නේ සුදුසු සහකරු තෝරා ගැනීමයි. 🙏
මේ දේ වැරදුනොත් ජීවිතයම වැරදුනා වෙනවා.
අපේ ජීවිතයේ වසර 30 ක්, 40ක් නැතිනම් 50 ක් පමණ එකට ජීවත් වීමට නියමිත සහකරු හෝ සහකාරිය තෝරාගැනීම සඳහා අපි කොතරම් සැලකිලිමත්ද ?
අද කාලයේ දරුවන් මේ සඳහා යොදවන්නේ අඩු අවධානයක් !
ඒ නිසාම වැරදි සහකරුවකු / සහකාරියක විවාහ කරගෙන ජීවිත කාලයම දුක්විදින්නට සිදුවෙනවා.
සුදුසු සහකරුවකු තෝරාගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද ?
ජීවිත කාලයම - එක බත්පත බෙදාහදාගෙන කන්නට, එක වහලක් යට ජීවත් වන්නට, එක සයනයක නිදා ගන්නට ආදී වශයෙන් මෙකී නොකී සියළු දේම බෙදා හදාගෙන ජීවත් වන්නටත් - ලාභයේදීත්, අලාභයේදීත්, යසසේදීත්, අයසේදීත්, නින්දාවේදීත්, ප්‍රසංසාවේදීත්, සැපේදීත්, දුකේදීත් යන අටලෝ දහමේදීම නොවනෙස්ව ජීවත්වීමට සුදුසු කෙනෙකු තෝරාගැනීමයි. ❤️
ඉතින් ඒ වගේ බරපතල වැදගත් දෙයක් තෝරාගැනීමේදී අපි කෙතරම් නොසැලකිලිමත්ද ?
සමහරු මේ තීරණය ගන්නේ තත්පර ගණනකින්, නැතිනම් එක SMS එකකින්.
නමුත් ඔබට ගැලපෙන සහකරු හෝ සහකාරියට තිබිය යුතු සුදුසු කම් මොනවාද ?
(1) දූලාට වචනයක් ! ❤️
ලස්සන සුන්දර පවුල් ජීවිතයක් ගත කිරීම සෑම දියණියකගේම සිහිනයක්. මේ සඳහා පහත උපදෙස් ගැන සැලකිලිමත් වන්න.
ඔබ ඉහල ආත්ම සම්මානනයකින් සිතන්න පුරුදු වන්න. 👍
බොහෝ දියණියන් තමා එතරම් ලස්සන නැත, සුන්දර නැත, උගත් නැත, පෙනුම නැත යනුවෙන් මෙකී නොකී දහසක් අඩුපාඩු තමාම ආරෝපනය කරගෙන අඩු ආත්ම සම්මානනයකින් ජීවත් වෙනවා. ඒ නිසාම ඒ අය තමා ගැන අඩු තක්සේරුවෙන් සිතාගෙන සිටිනවා.
මේ නිසාම ඔබේ වටිනාකමට නියම ලංසුවක් ඔබම තබාගෙන නැහැ.
ඒ නිසාම කොහේ හරි ආතක් පාතක් නැති අපතයෙකුට අහු වෙනවා.( සමාවෙන්න මේ ග්‍රාම්‍ය වචනය පාවිච්චි කළාට - මෙහෙම නොකීවානම් තේරෙන්නේ නැහැ )
බිරිඳක්, පවුලක් නඩත්තු කර ගන්නවත් ආර්ථිකයක්, හැකියාවක්, ආත්ම අභිමානයක් නැති පිරිමි එමටයි. ඒ අයට අහුවුනොත් ජීවිත කාලයම දුක් විඳින්න වෙනවා.
ඔබ උපන්නේ කුමන තරාතිරමක වුවත්, උගත්තේ කොපමන අඩු මට්ටමකට වුනත් ඔබට අවශ්‍ය නම් ඉතා ඉහල උසස් ගතිගුණ ඇති කර ගන්නට පුළුවන්. 👍
කියමනක් තියෙනවා නේ, ලස්සන සුවඳ හමන මලක් කැලේ පිපුනත් මිනිස්සු කැලේට පාර කපාගෙන ඇවිත් ඒ මල නෙලා ගන්නවා කියල. 👍
ඉතින් සහකකරුවෙක් සොයා ගන්න කලින් ඔබේ වටිනාකම්, ගුණයහපත් කම්, වැඩි දියුණු කර ගන්න. මැණිකක් වුනත් ඔප මට්ටම් කළාමයි එහි වටිනාකම, දීප්තිය බබලන්නේ. 👍
කලබල වෙලා, හදිසි වෙලා, දුටු පමණින්, ආසාවට හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා. ඒ තීරණය ඔබේ ජීවිතය පිළිබඳ තීරණයක් ! 🙏
හොඳින් හිතාමතා ගන්න ඕනෙ තීරණයක්. 🙏
2) පුතාලට වචනයක් ! ❤️
විවාහ ජීවිතයක සම්පූර්ණ වගකීම, බරපැන දරන්න වෙන්නෙ ඔබටයි. මේ සඳහා සුදුසු සහකාරිය තෝරාගැනීමේදී ලස්සන විතරක්ම බලන්න එපා. 👍
ගෙදරක සියළු කළමනාකරණ කටයුතු පැවරෙන්නේ බිරිඳට.
දරුවන්ගේ කටයුතු, නිවසේ කටයුතු, මුදල් හදල් වල කටයුතු කොටින්ම ඔබව නිසි පරිදි රැක බලා ගන්න කටයුත්ත පැවරෙන්නේ ඔබේ සහකාරියටයි.
ඇයට මේ සම්බන්ධව හොඳ අවබෝධයක්, එවන් වගකීමක් දැරීමේ ධාරිතාවයක් තිබෙන්න ඕනෙ. 👍
මොකද ඔබ විවාහ කර ගන්නේ බෝනික්කෙක් නොවේ.
බෝනික්කෙක් අල්මාරියක දාල අරන් තියන්න පුළුවන්. නමුත් ඔබ විවාහ කර ගන්නේ ඔබ සමග මේ ජීවන ගමනේ ඉතිරි දුර ගෙවා ගෙන යන්න පුළුවන් ආත්ම ශක්තියක් ඇති කෙනෙක්. 👍
ඔබට කොතරම් හරි ගියත්, ඔබට කොතරම් වැරදුනත් ඔබත් එක්කම එකටම ඉන්න පුළුවන් කෙනෙක්. 🙏
මේකට හොඳ උදාහරණයක් කියන්නම්.
හෙන්රි ෆෝඩ් මහත්මයාගේ බිරිඳ ක්ලාරා ෆෝඩ් මහත්මිය.
හෙන්රි ෆෝඩ් සාමාන්‍ය කාර්මිකයකුව සිටින කාලයේ එයා කාර් එකක් හඳන්න හිතුවා. දිනපතාම වැඩ ඉවරකරල ගෙදර ඇවිත් රාත්‍රී වනතෙක් ඔහු ගරාජයේ මේ කාර් එක හදන වැඩේ කළා. අසල් වැසියෝ ෆෝඩ්ට පිස්සු හැදිලා කියන තරමට ඔච්චම් කළා. මොකද ඒ වන විට ලෝකයේ මෝටර් රථයක් කිසිදාක නිපදවා තිබුනෙ නැහැ. ඉතින් මිනිස්සු මෙහෙම දෙයක් විශ්වාස කළේ නැහැ.
නමුත් ෆෝඩ් ගේ බිරිඳ ක්ලාරා සිය සැමියා ගැන අසීමිතව විශ්වාස කළා. 👍
අධික ශීතල කාලයේදීත් ඔහු මේ නිර්මාණය කරන තෙක් ලඟට වෙලා අඩු පාඩු සපයමින් එකහිතින් ඔහුට උදවු කළා.
ෆෝඩ් ලෝකයේ පළමු මෝටර් රථය නිර්මාණය කළා. 👍 ඒ නිර්මාණය නිසාම ඔහු ලෝකයේ ධනවත්ම පුද්ගලයා වුනා. මේ සෑම දෙයකදීම සෙවනැල්ල වගේ සිටියේ ඔහුගේ බිරිඳයි. 👍
ඉතින් පුතාලා විවාහයට සහකාරියක් තෝරාගැනීමේදී - තමන්ගේ ජීවිතය ඉහලටම ඔසවා තබන්න පුළුවන්, ආත්ම ශක්තිය වර්ධනය කරන උතුම් ගතිගුණ ඇති කෙනෙක් තෝරා ගන්න අවශ්‍ය වෙනවා. 👍
මෙහෙම කෙනෙක් තෝරා ගැනීම ටිකක් අසීරු වන්නට පුළුවන්. නමුත් උත්සාහ කළොත් බැරිවෙන එකක් නැහැ. 🙏
නිවැරදි සහකරු තෝරාගැනීම සංකීර්ණ මෙන්ම වැදගත් එකක් නිසා තවත් ලිපි කිහිපයකින් තව දුරටත් මේ ගැන පැහැදිලි කරන්නම්. 👍
ඔබේ ප්‍රතිචාරය මට ඉතාම වටිනවා. ❤️ මේ ගැන ඔබේ අදහස් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. 🙏
එසේනම්, ඔබට සුභපැතුම් ! 😀❤️
මම - ප්‍රදීප් පරණගම 🙏