01/10/2025
කොණ්ඩේ අහුරු පිටින් යන අය මේ Routine එකට Hair Care කරන්න අදම පටන් ගන්න..
Daily :
1 - වතුර දිනකට 2-3 L පානය කරන්න..
2 - යකඩ, බයොටින්, විටමින් ,ෆෝලික් අඩංගු එළවළු පලතුරු, පළා වර්ග වැඩියෙන් ආහාරයට ගන්න..
3 - මානසික ආතතියෙන් මිදෙන වැඩසටහන් වල (යෝගා, ඒක්ස්ර්සයිස් හෝ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්) යෙදෙන්න..
4 - තද කොණ්ඩ කටු , බූල් යොදන්න එපා..
5 - දිනපතා රාත්‍රී නින්දට පෙර ඇඳ මත හාන්සි වී ඇඳෙන් පහලට බෙල්ල , හිසකෙස් වැටෙන පරිදි විනාඩි 5-10ක් සිටින්න..
Weekly :
1 - සතියකට වරක් කරාබු නැටි ස්ප්‍රේ ( කරාබුනැටි නටන වතුරින් තම්බා ගත් ) මුළු කොණ්ඩේටම ස්ප්‍රේ කරන්න.. විනාඩි 30ක් විතර ඉදලා ස්නානය කරන්න..
2 - සතියට 2 -3 පාරක් හිස සෝදන්න.. (දවසක් ඇර දවසක් හේදුවත් ප්‍රශ්නයක් නැ..) කොණ්ඩේට සැර නැති sulfate free Shampoo conditionersතෝරා ගන්න..
3 - ස්වාභාවික සත්කාර නෙකරන අය ඔයා ගාන තෙල් වර්ගය ගාලා නාන්න.. ඒ අය තෙල් ගාලා overnight තියන් ඉන්න එපා..
4- හිස්කබල තද කරමින් හිස සම්බාහනය කරන්න එපා..
Monthly :
හිසකෙස් අග හානි වු පැලුනු හිසකෙස් අගිස් කපා ඉවත් කරන්න..
මේ ටික හරියටම කරනවා නම් ඔයාට පුළුවන් කොණ්ඩේ යන එක අඩු කරගන්න වගේම කොණ්ඩේ වවාගන්නත්.. 💓