Herbal Slim Figure

Herbal Slim Figure උදරය, තරබාරුකම අඩුවී, දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය වී, තරුණ ජවය, ශක්තිය නංවයි.

ඔබගේ විශේෂ සෞඛ්‍ය උපදෙස් අවශ්‍යතා සඳහා වෛද්‍ය සී. රාජපක්ශ මහත්මිය “පාරිභෝගික සේවා වෛද්‍යවරිය” ලෙස කටයුතු කරනු ලැබේ. ඔබ අ...
19/05/2025

ඔබගේ විශේෂ සෞඛ්‍ය උපදෙස් අවශ්‍යතා සඳහා වෛද්‍ය සී. රාජපක්ශ මහත්මිය “පාරිභෝගික සේවා වෛද්‍යවරිය” ලෙස කටයුතු කරනු ලැබේ.

ඔබ අප ආයතයනයෙන් ලබාගත් ඖෂධ භාවිතා කරන අතරතුර, අතිරේක ප්‍රතිකාර උපදෙස් හෝ පුද්ගලීකෘත උපදේශන අවශ්‍ය වූ විට, ඔබට සෘජුවම වෛද්‍යතුමිය සම්බන්ධ කර ගත හැකි වේ.

ගුණාත්මක, විශ්වාසදායක සහ පාරිභෝගික-අවධානයෙන් යුත් සේවාවක් ඔබ වෙත ගෙන ඒම අපගේ මූලික අරමුණ වේ.

Dr. Ms. C. Rajapaksha
M. Sc. in Pharmaceutical Botany (UoP- SL)
BAMS (UoC- SL)
B. Sc. in Cosmetology (AUGP, USA- SL)
CCHRM (CIPM- SL)
Ad. Dip. in Psychotherapy (MHF- SL)
Dip. in Counseling Psychology (MHF- SL)

🟡 මේ දවස්වල රට පුරාම තියෙන්නේ දැඩි උෂ්ණාධික කාලගුණයක්. දරා ගත නොහැකි තරම් ඉහළ උෂ්නත්වය එක්ක ෆයිට් කරන්න අපිට සිද්ධ වෙලා....
27/04/2024

🟡 මේ දවස්වල රට පුරාම තියෙන්නේ දැඩි උෂ්ණාධික කාලගුණයක්. දරා ගත නොහැකි තරම් ඉහළ උෂ්නත්වය එක්ක ෆයිට් කරන්න අපිට සිද්ධ වෙලා.කොහොමද මේ වැඩේ අපි කරන්නේ?

මේ අය ගැන පරිස්සම් වෙන්න.

1. ළදරුවන් හා කුඩා දරුවන්
2. මහළු අය
3. සිරුර මහත අය.
4. කය වෙහෙසා රැකියා කරන්නන් හා ක්‍රීඩකයන්
5. හෘද රෝග, අධි රුධිර පීඩනය ඇති අය

දැඩි උණුසුමට මුහුණ දෙන්න මේ දේවල් කරමු.

1. ලා පැහැති කපු ඇඳුම් ඇඳීම.
2. අව්වේ ගමන් කරන විට තොප්පියක් හෝ කුඩයක්, ප්‍රමිතියක් ඇති අව් කණ්නාඩි භාවිතය.
3. Sun cream (SPF අගය 30 ට වැඩි) භාවිතා කිරීම.
4. දවල් කාලයේ එළිමහනේ සිටින විට ඇඟ වැසෙන ඇඳුම් ඇඳීම.
5. දිනපතා ස්නානය කිරීම සහ දිනකට කිහිප වතාවක් ඇඟ සේදීම.
6. නිදා ගැනීමේදී ජල භාජනයක් විදුලි පංකාව අසලින් තැබීම.

ඒ වගේම මේ කාලයේදී ජලය සහ සුදුසු පාන වර්ග වැඩියෙන් ලබා ගන්න.

1. පානය කරද්දී වැඩි ජල ප්‍රමාණයක් පානය කරන්න.
2. මුත්‍රා කරන වාරයක් පාසාම වතුර බොන්න.
3. අධික පැණිරස බීම සහ කෘත්‍රිම පාන වර්ගවලින් වැළකීම.
4. වැඩිපුර දහඩිය දමන වෙලාවට තැඹිලි වැනි ස්වභාවික බීමක් පානය කරන්න

ඒවගේම දහඩිය බිබිලි ආදියෙන් ආරක්ෂා වෙන්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න www.healthtea.lk

🔸පෝෂණය රැකගනිමින් ආහාර පිළියෙල කරන ආකාරය1.අධික උෂ්ණත්ව පෝෂණ ගුණයට හානි සිදු කළ හැකියි .මැල්ලුම් ආදිය මැලවීමේ දී මඳ ගින්න...
26/04/2024

🔸පෝෂණය රැකගනිමින් ආහාර පිළියෙල කරන ආකාරය
1.අධික උෂ්ණත්ව පෝෂණ ගුණයට හානි සිදු කළ හැකියි .
මැල්ලුම් ආදිය මැලවීමේ දී මඳ ගින්නේ ඉතාමත් ඉක්මනින් මලවා ගැනීමෙන් පෝෂණ ගුණය රැක ගන්නට පුළුවන්.ඒ වගේම අමුවෙන් ආහාරයට ගත හැකි සෑම කොළ වර්ගයක්ම සලාද ලෙස ආහාර ගැනීමෙන් පෝෂණ ගුණය රැකෙනවා.ඒ වගේම pressure cooker ආදිය භාවිතා කිරීමේ දී ආහාරයේ පෝෂණ ගුණය විනාශ වෙන්නට පුළුවන්.
2.ආහාර වර්ග කිහිපයක් එකට එකතු කර පිස ගැනීමෙන් පෝෂණය වැඩි ආහාරයක් පිළියෙල කර ගන්නටත් පුළුවන්.අධික උෂ්ණත්වයේ පිස නොගැනීමට මෙහිදී වගබලා ගත යුතුයි .
3.අව්වේ වියළා කල් තබා ගත හැකි ආහාර එසේ කිරීමෙන් පෝෂණ ගුණය රැක ගන්නට පුළුවන්.සමහරු ඉක්මනින් වේලා ගැනීම සඳහා අවන් කිරිම වැනි දේවල් සිදුකළත් එහිදී පෝෂණයට සිදුවිය හැකි හානිය වැඩියි .
4.කඩල ,කවුපි ,පරිප්පු ආදී ධාන්‍ය වර්ග පිසීමට පෙර හොඳින් පොඟවා ගැනීමෙන් අනවශ්‍ය තරම් කාලයක් පිසිය යුතු වන්නේ නැහැ.
5.ආහාර පිසීමේදී එහි වර්ණය වෙනස් නොවන ලෙස පිසීමෙන් පෝෂණය රැකගන්නට පුළුවන්.
6.අමුවෙන් ආහාරයට ගත හැකි සෑම ආහාරයක්ම හඳුනාගැනීම හරිම වැදගත් .
7.පරිප්පු සමඟ නිවිති ආදී කොළ වර්ග එකට පිසීමේදී ව්‍යංජනය ළිපෙන් ආසන්නයේ කොළ වර්ග එකතු කිරීමෙන් එහි පෝෂණය විනාශ නොවී රැක ගන්නට පුළුවන් .
8.ආහාර නිෂ්පාදනයේ දී දමන රසායනික පොහොර මගින් ආහාරයේ ගුණාත්මක බව අඩු කරනවා .ඉතින් නිතරම මිලදී ගැනීමේදී එවැනි ආහාර අවම කිරීම ගැන සැලකිලිමත් වීම හරිම වැදගත්.
9.අර්තාපල් සහ බොහෝ එළවළු වර්ග කැපීමට පෙර හොඳින් සෝදා ගැනීම වැදගත් .කැපීමෙන් පසු සේදීමේ දී එහි පෝෂණය විනාශ වනවා.
10.මයියොක්කා ආදිය පිළියෙල කිරීමේදී ආවරණයක් රහිතව පිසීම වගේම වතුර පෙරා ඉවත් කරගත යුතුයි.
11.එක්වරක් ගැඹුරු තෙලේ බැදීම සඳහා යොදා ගත් තෙල් නැවත භාවිතා කිරීම සුදුසු නැහැ .අධික උෂ්ණත්වයක රත් කිරීමේදී පෝෂණ ගුණය විනාශ වී පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය ඒ තුළ ඇති වන නිසා.
12.අවම උෂ්ණත්වය දී හෝ ආහාර බොහෝ වේලාවක් පිසීම සුදුසු වන්නේ නැහැ.
13.පිසීම සදහා තෝරා ගැනීමට පෙර ආහාරයේ ඇති නැවුම් බව පරික්ෂා කිරීම හරිම වැදගත්.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න www.healthtea.lk

🥰පැෂන් ෆෘට් ඇට- මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයිආහාරවල පැෂන්ෆෘට් පරිභෝජනය බඩවැල් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී...
25/04/2024

🥰පැෂන් ෆෘට් ඇට- මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි

ආහාරවල පැෂන්ෆෘට් පරිභෝජනය බඩවැල් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. කෙසේ වෙතත්, පලතුරු ප්‍රබල විරේචක බලපෑමක් ඇති කළ හැකි බව මතක තබා ගැනීම වැදගත්ය.
මුත්රා රෝග හා අධි රුධිර පීඩනයෙන් පෙළෙන අය මෙම පලතුර අගය කරනු ඇත.
පැෂන් පළතුරු පල්ප් වැඩි ආහාර තන්තු (27-29%) අඩංගු වන අතර එමඟින් ශරීරයෙන් කොලෙස්ටරෝල් ඉවත් කර බඩවැලේ ඇති ශ්ලේෂ්මල ආරක්ෂා කරයි.

පැෂන් පළතුරු යුෂ සෙම්ප්‍රතිශ්‍යාවට රසවත් medicineෂධයක් ලෙස භාවිතා කළ හැකිය. පළමුව, එය උෂ්ණත්වය මනාව අඩු කරයි, විජලනය වීම වළක්වයි, දෙවනුව එය විටමින් සී වලින් පොහොසත් ය.

පැෂන් ෆෘට් වල මැග්නීසියම් බහුල බව සඳහන් වේ. එම ගුණ පුද්ගලයින්ගේ කාංසා මට්ටම් නියාමනයේදි ධනාත්මක ප්‍රතිලාභ ලබාදේ. ඒ අනුව පැෂන් ෆෘට් ඇට ආහාරයට ගැනීමෙන් පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට හිතකර ගුණ ලැබිය හැකිය. පැෂන් ෆෘට් වල ඇට ආහාරටට ගැනීම ඉතා පහසුයි. ඒවා හොඳින් කුඩු වන සේ බ්ලෙන්ඩ් කර පැෂන් ෆෘට් යුෂ ලෙස සකසා පානය කිරීම සිදුකල හැකියි.

👥 Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න www.healthtea.lk

මේක ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක්. පුංචිවුණත් පිළිතුරු දෙන්න අමාරු ප්‍රශ්නයක්. මන්ද බොහෝ පර්යේෂණ අනුව පෙනී යන්නේ එය ඒ ඒ පුද්...
24/04/2024

මේක ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක්. පුංචිවුණත් පිළිතුරු දෙන්න අමාරු ප්‍රශ්නයක්. මන්ද බොහෝ පර්යේෂණ අනුව පෙනී යන්නේ එය ඒ ඒ පුද්ගලයාගේ සෞඛ්‍යය තත්ත්වය සහ ක්‍රියාකාරී බව අනුව වෙනස්විය හැකි බවයි.
🟢හැමෝටම ගැලපෙන සූත්‍රයක් නොමැති වුණත් ඔබේ ශරීරයට අවශ්‍ය දියර ප්‍රමාණය දැනගෙන සිටියොත් දියකට පානය කළ යුතු ජලය ප්‍රමාණය ඔබට තීරණය කළ හැකියි.
🟢මෙන්න මේ පුංචි ගණිත ක්‍රමයෙන් ඔබට සරල අනුමානයක් ලබාගත හැකියි.
🟢ඔබේ බර කොපමණද?
එය 2න් බෙදන්න.
🟢දැන් ඔබට ලැබී ඇති පිළතුර දිනකට අවශ්‍ය දියර අවුන්ස ප්‍රමාණයයි.
🟢කෙසේ වුවත් Institute of Medicine අනුමත කරන පරිදි කාන්තාවක් දිනකට දියර ලීටර 2.7 ක් හෙවත් කෝප්ප 11 ක් පරිභෝජනය කළ යුතුයි. මෙම ප්‍රමාණය ජලයෙන්ම පිරවිය යුතු නැහැ. ඔබ ගන්නා ආහාර පානය කරන තේ, කෝපි යනාදියත් මෙයට ඇතුළත්.
ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම ස්‍යෙඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යාවශ්‍ය වන නමුත් අනවශ්‍ය ලෙස අධික ජල ප්‍රමාණයක් පාණය කිරීමෙන් මෙන්ම ජලය ස්වල්පයක් පානය කිරීමෙන් ද අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැක. එනිසා තරම දැන නි පරිදි උවමණා තරමට පමණක් ජලය පානය කරන්න.

👥 Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න www.healthtea.lk

23/04/2024
ගෙදරට විෂ ගෙන එන පැල වුන අලඔබ වෙළඳපලකට හෝ පොලකට ගිය විට රැගෙන එන පැල වු හෝ කොල පැහැති අර්තාපල් ඔබට /ඔබගේ දරුවන්ට මාරාන්ත...
19/04/2024

ගෙදරට විෂ ගෙන එන පැල වුන අල

ඔබ වෙළඳපලකට හෝ පොලකට ගිය විට රැගෙන එන පැල වු හෝ කොල පැහැති අර්තාපල් ඔබට /ඔබගේ දරුවන්ට මාරාන්තික වේවි ..

ආර්තාපල් අල නෙලාගෙන කාලයක් යාමේදී සහ ආලෝකයට නිරාවරණය වු විට හරිතප්‍රද ඇති වී ප්‍රරෝහනය ආරම්භ වේ. මේ නිසා අර්තාපල් කොල පැහැය වේ. තවත් කාලයක් ගිය විට අර්තාපල් වල අංකුර පැදේ. මෙම කොල පැහැ ස්ථාන වල සොලනීන් නැමැති විෂ සහිත රසායනිකය නිපද වේ.
මෙය ස්වාභාවික ආරක්ෂණ යන්ත්‍රයක් වන අතර ප්‍රරෝහනය වන අර්තාපල් කෘමි හා බැක්ටීරියා හානි විම වළකයි. තවද ශාක භක්ෂකයින් කා දැමීමද වළකයි.
මේ අනුව සර්ව භක්ෂකයින් වන අපටද මෙම අර්තාපල් ආහාරයට ගැනීම මරණයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකිය.
විශේෂයෙන් මෙම සොලනීන් පිසීමේදි ඉවත් නොවේ. පොත්ත ඉවත් කිරීමෙන් 30% ක් පමණ ඉවත් වී යයි.

මෙම අල අනුභවයෙන් පැය 8- 12 ත් අතර රෝග ලක්ෂණ පහළ වේ. මෙම රෝග ලක්ෂණ ඇති වීමට 2 – 5 mg/kg ශරීරබර අනුව ශරීරගත විය යුතුය. මෙය සොලනීන් විෂ වීම ලෙස හඳුන්වයි.
රෝග ලක්ෂණ වශයෙන්,
* හිසරදය
* පෙනීමේ ආබාධ
* හුස්ම ගැනීමේ අපහසුතා
* සංවේදිතාව නැති වීම.
* උණ
* වමනය
* පාචනය
ඇතිවිය හැකිය. නිසි ප්‍රතිකාරය නොලැබුණ හොත් මරණය පවා සිදුවිය හැකිය. විකෘති සහිත දරු උපත් ඇතිවිමටද හේතු විය හැකිය.
එම නිසා ඔබත් වෙළඳපලෙන් කොල පැහැ හෝ පැළ වුනු අර්තාපල් රැගෙන ඒමෙන් වළකින්න . ආර්තාපල් හොඳින් නිරීක්ෂණය කොට නිවසට රැගෙන යන්න. එය ඔබගේත් ඔබගේ දරුවාගෙත් නීරෝගිමත්භාවයට හේතු වනවා ඇත.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න

😇 හිස් බඩ සුදුලූණු බිකක් අහාරයට ගැනිමෙන් ලැබෙන වාසි බලමු .🔹 අධි රුධිර් පීඩනය අඩු කරගන්න පුලුවන්.🔹 රුධිර සන්සරණය නියාමනය ...
17/04/2024

😇 හිස් බඩ සුදුලූණු බිකක් අහාරයට ගැනිමෙන් ලැබෙන වාසි බලමු .
🔹 අධි රුධිර් පීඩනය අඩු කරගන්න පුලුවන්.
🔹 රුධිර සන්සරණය නියාමනය කරනවා.
🔹 හදවත් ගැටලු නිරාකරණය කර මූත්‍රාන්ශය සහා අක්මාවේ ක්‍රියාකාරිත්වය වේගවත් කරනවා.
🔹 උදරාබාද සදහා හොද ඖෂධයක් .
🔹 ස්නායු අබාධ සුවකර දෙනවා.
🔹 අහාර ජීර්ණය වේගවත් කර අහාර රුචිය වැඩි කරනවා.
🔹 මානසික ආතතියට ගොඩාක් හොදයි.
🔹 ආමාශගත පරපෝෂිතයන් සහා පනුවන් පිරිසිදු කරයි.
🔹හදවත් ගැටලු නිරාකරනය කරන්න උපකාරී වේ.
🔹ස්නායු ආබාද වලට යෝගය වේ.
🔹මෙය ගැස්‍ට්‍රික් වැනි රෝග තත්ව තියන අයට යෝගය වේ.
හැබැයි මතක තියා ගන්න. සමහර අයට අමුවෙන් සුදුලූණු අහාරයට ගැනිම මගින් අසාත්මිකතා ඇතිවෙන්න පුලුවන්.

👥 Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න www.healthtea.lk

🍹 පැණි රස බීම පානයට කුඩා දරුවන්ට වගේම වැඩිහිටි අයත් කැමති බව අපි දන්නවා. මෙවැනි පැණි රස බීම වල අඩංගු වන්නේ කෘතීම සීනී වර...
06/04/2024

🍹 පැණි රස බීම පානයට කුඩා දරුවන්ට වගේම වැඩිහිටි අයත් කැමති බව අපි දන්නවා. මෙවැනි පැණි රස බීම වල අඩංගු වන්නේ කෘතීම සීනී වර්ගයි. ඒ වගේම මෙවැනි සීනී අධික බීම පානය කිරිමෙන් ඔවුන් දියවැඩියා රෝගයට හා තරබාරුවට ඉක්මනින් පත් වේ.

☝ ඒ වගේම පුංචි දරුවන්ට පැණි බීම ලබා දීමෙන් දරුවාගේ දත් ඉක්මනට දිරා යෑමට වගේම ආම්ලිකතාවය නිසා විදුරුමස් දියවීමටද පත්වේ.

☝ඒ වගේම පැණි රස බීම නිතර පානය කරන නිසා දරුවන් කිරි පානයට අකමැති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ශරීර වල කැල්සියම් නිසි පරිදි නොලැබීමෙන් අස්ථි ශක්තිමත් වීමට ඉඩ නැති වේ. විශේෂයෙන්ම ගැහැණු ළමයි අනාගතයේදි ඔස්ටියෝපොරෝසිස් රෝගයට පත්වීමේ අවදානම වැඩි වෙ.

✳ අපි මෙතන පැණි බීම කියලා කියන්නේ පාට පාට පැණි බීමවිතරක් නෙවේ. පළතුරු යුෂ ශක්ති ජනක පානයන් ඒ අතරට අයත් වේ.

☝ ස්වාභාවික පලතුරු හා තන්තු හා වැදගත් පෝෂණ කොටස් ගොඩාක් අඩංගු වුවත් යන්ත්‍රානුසාරයෙන් පළතුරු යුෂ සකස් කිරීමේදී එහි අඩංගු සියලු තන්තු හා පොෂණ සංඝටක ඉවත් වී සීනී පමණක් ඉතිරී වීම සිදු වේ. ඉන්පසුව එයට කෘතීම රසකාරක වර්ණක එකතු කිරීමට සිදු වේ. මේ ආකාරය නිපද වූ පළතුරු යුෂ බෝතල් කර 100% ස්වාභාවිකයි කියමින් වෙළෙඳපලේ තිබුනත් එහි ඇත්තේ අහිතකර රසායනික ද්‍රව්‍ය පමණක් බව මතක තබා ගන්න.

👥 Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න www.healthtea.lk

💚දියවැඩියාව, කොලෙස්ටරෝල්, ඇතුළු රෝග රැසකට ගුණ දෙන සලාද කොල.සලාදකොළ ගුණ ඇති ශාඛමය ආහාරයකි. පෝෂණය අතින් සැලකූ විට මෙහි වැඩ...
30/03/2024

💚දියවැඩියාව, කොලෙස්ටරෝල්, ඇතුළු රෝග රැසකට ගුණ දෙන සලාද කොල.
සලාදකොළ ගුණ ඇති ශාඛමය ආහාරයකි. පෝෂණය අතින් සැලකූ විට මෙහි වැඩි ප‍්‍රතිශතයක් අඩංගු වන්නේ ජලයයි. විශේෂයෙන්ම කැල්සියම්, යකඩ මැග්නීසියම්, පොටෑසියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක්, තයමීන්, රයිබෝප්ලේවීන්, නියසීන්, ෆෝලේට් විටමින් B, C, විටමින් E, C, K, අන්තර්ගත වේ. මෙය විටමින් ඛනිජ ලවණ අතින් ඉතා පොහොසත්ය.
මෙහි ප්‍රෝටීන් හිතකර මේදය, කාබෝහයිඩ්‍රේට්, ආහාරමය කෙදි සහ සීනි අන්තර්ගත වේ. කෙදි දිනකට අවශ්‍ය ප‍්‍රමාණයෙන් සියයට 5 ක්ද, ප්‍රෝටීන් සියයට 3 ක්ද කාබෝහයිඩ්‍රේට් සියයට 1 ක්ද කැලරි සියයට 1 ක්ද අන්තර්ගත වේ. සලාද කොළ වඩාත්ම අන්තර්ගත පෝෂක කොටස් වනුයේ විටමින් සහ ඛනිජ වර්ගයි.
මෙහි පොටෑසියම් බහුලයි. දිනකට අවශ්‍ය ප‍්‍රමාණයෙන් සියයට 217 ක් අන්තර්ගත වේ. එසේම රෝග ගණනාවකට ගුණදායි ආහාරයකි. අමුවෙන් ආහාරයට ගන්නා නිසා ඉහත සදහන් විටමින් ඛනිජ ලවනවල පෝෂණය ආරක්ෂා වේ.
ඇල්සයිමා රෝගීන් සඳහා ද, ගර්භනී මවුවරු සඳහාද ගුණදායකය. අක්මාවට හොද ඖෂධයකි. තවද මලපහ පිටකිරීම පහසු කරන ආහාරයකි. සිරුරට ඉතා හිතකර සංයෝග වන ඔමෙගා 3 ෆැටී ඇසිඞ් ඇත. මෙහි ශරීරයට හිතකර ප්‍රෝටීන් අන්තර්ගත වේ. මෙය ආහාරයට ගන්නා විට තනිකර සලාදයක් වශයෙන් හෝ නැතිනම් ආහාරය අලංකාර කිරීමට සැරසිල්ලක් ලෙසින් ද කෙටි කෑම සදහාද යොදා ගත හැකිය.
👥 Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න www.healthtea.lk

මහ සිකුරාදා යනු ජේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරි හි ඔහුගේ මරණය සිහිපත් කරන කිතුනු නිවාඩු දිනයකි. එය Paschal ...
29/03/2024

මහ සිකුරාදා යනු ජේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරි හි ඔහුගේ මරණය සිහිපත් කරන කිතුනු නිවාඩු දිනයකි. එය Paschal Triduum හි කොටසක් ලෙස ශුද්ධ වූ සතිය තුළ නිරීක්ෂණය කරනු ලැබේ. එය ශුද්ධ සිකුරාදා, මහා සිකුරාදා, මහා සහ ශුද්ධ සිකුරාදා සහ කළු සිකුරාදා ලෙසද හැඳින්වේ.

Address

299 Salinda Disanayeka Mawatha Thalawathogoda
Colombo
10116

Alerts

Be the first to know and let us send you an email when Herbal Slim Figure posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram