Ceylon Ayurvedic - 2017

Ceylon Ayurvedic - 2017 උදරය, තරබාරුකම අඩුවී, දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය වී, තරුණ ජවය, ශක්තිය නංවයි.

අපේ සම ලස්සනට තිබුණොත් අප මොනතරම් නිරෝගිද කියල අපි දන්නවා. නමුත් සමේ කොරල වගේ මතුවෙලා. ඉරි වගේ ඇදීලා ගියොත් සිතට මොනතරම්...
09/01/2026

අපේ සම ලස්සනට තිබුණොත් අප මොනතරම් නිරෝගිද කියල අපි දන්නවා. නමුත් සමේ කොරල වගේ මතුවෙලා. ඉරි වගේ ඇදීලා ගියොත් සිතට මොනතරම් වේදනාවක්ද? සම ලස්සනට තියාගන්නත් නිරූපිකාවෝ, නිළියෝ මොනතරම් සල්ලි කන්දරාවක් වියදම් කරනවද? බැබලෙන රන්වන් පාට සිරුරක් ලැබෙන්න මොනතරම් පිං කරන්න ඕනෙද?

ඒ වුණාට සමේ කොරල ඇතිවෙලා තියෙනවාවම් ඒකටත් ප්‍රතිකාර කරගෙන සම නිරෝගී කර ගන්නේ නැතිව වෙදනා විදීම නම් සුදුසු නැත.

කොරල ඇතිවෙන්නට හේතුවක් තියෙනවද?

කොරල ඕනෑම වයස් කාණ්ඩයක ඉන්න කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මෙයට බලපාන හේතු රාශියක් තියෙනවා. මුලික දැක්විය හැක්කේ පෝෂණ ගැටලුයි.

දෙවන කරුණ වන්නේ සමේ තියෙන අධි වියළි බවයි. ආහාර රටාව දේශගුණික තත්ත්තවය සමට බලපාන විටමින් වර්ග ඌණතාවය ඒ, බී, සී සහ ඕමේගා 3 යන පෝෂණ සංගටකයන්ගේ ඌණතාවය වැනි හේතුන් මත සමේ කොරළ මතුවෙන්න පුළුවනි.

කළ යුතුදේ

පෝෂණ ඌණතාවය තිබෙනවා නම් එය නැති කරන්න අවශ්‍ය කටයුතු යෙදීම කළ යුතුයි. විටමින් ඒ, බී, සී සහ ඕමේගා 3 කියන පෝෂණ පදාර්ථයෙන් ලබා ගත යුතුයි. ඕමේගා 3 ලැබෙන සත්ව මෝර තෙල් භාවිතා කිරීම, ඔලිව්ඔයිල්, එළගිතෙල්, එළකිරි, කොළපාට අළුත් පලාවර්ග, අළුත් එළවළු වර්ග සහ අළුත් පලතුරු වර්ග, රතුපාට, කහපාට, තැඹ්ලි පාට එළවළු පලතුරු ආහාරයට ගන්න. ඒවායේ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවා. ජලය හොදට පානය කරන්න. වැඩුණූ අයෙක් වතුර ලීටර් 6ක් පානය කළ යුතුයි. ශීත ගුණයෙන් යුතු ආහාර අරගන්න ශරීරය සිසිල් කරන්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.......

HAPPY NEW YEAR 🗓❤️🎉සුභ නව වසරක් වේවා 🗓❤️🎉
01/01/2026

HAPPY NEW YEAR 🗓❤️🎉

සුභ නව වසරක් වේවා 🗓❤️🎉

පියයුරු එල්ලා වැටෙන්නේ ඇයි? 🤔මව්කිරි දීම, ගර්භණීත්වය, ආර්තවහරණය, ක්ෂය රෝගය, ශ්වසන ආබාධ අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා පි...
30/12/2025

පියයුරු එල්ලා වැටෙන්නේ ඇයි? 🤔

මව්කිරි දීම, ගර්භණීත්වය, ආර්තවහරණය, ක්ෂය රෝගය, ශ්වසන ආබාධ අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා පියුරු එල්ලා වැටෙන්න පුලුවනි. මෙය “තිසරපට” යනුවෙන් හඳුන්වනු ලැබුවා. මේ ගැනත් විවිධ අදහස් සමාජගතව තිබෙනවා. සමහරු කියන්නේ පරපුරක් පෝෂණය කරන මේ තරම් වටිනා ඉන්ද්‍රියක් ආවරණය කර ගැනීම අවශ්‍ය නැති බවයි. එහෙත්.. පියයුරු මේ අන්දමින් ආවරණය වී නොතිබුනොත් ඒ වෙනුවෙන් ඇති බර නිසා පියයුරු එල්ලා වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා පියවුරු එල්ලා වැටීමෙන් ආරක්ෂා වීමට නම් නිතරම කොන්ද සෘජුව තබා ගෙන සිටීම වැදගත්. එවිට සිරුරේ බර සමානව පැතිරෙනවා මිසක පියයුරු පේශිවලට වෙහෙසක් ඇති වෙන්නේ නැහැ. ඒ වුනත් පමණට වඩා විහාල බ්‍රසියරයක් ඇන්දොත් පියයුරු එල්ලා වැටීමක් සිදු වෙනවා.

ඒ වගේම ව්‍යායාම මගින් සිරුරේ බර පාලනය කර ගැනීමත් වැදගත් 🌸

මේ වෙනුවෙන් වඩාත් විශේෂිත වන්නේ “බෙන්ට් ප්‍රෙස්” සහ බර උසුලන “ඩබ් බෙල්” සහ පිහිනීමයි. පිහිනන විට අත් සහ පපුව ඉදිරියට සහ පිටුපසට තෙරපෙන නිසා මේද දහනය වී පියයුරු එල්ලා වැටීම පාලනය වෙනවා. දිනකට විනාඩි 30 ක් වත් පිහිනීම හොඳයි.

🔰 පියයුරු එල්ලා වැටීම වෙනුවෙන් ප්‍රතිකාර

පියවුරු එල්ලා වැටීම පාලනය කරන මේ ප්‍රතිකාර ඔබට නිවසේදීම සිදු කර ගත හැකි ඉතාම සරල ක්‍රම කීපයක්. ඔලිව් ඔයිල් තෙල් බින්දු කීපයක් අරගෙන එය රත් වෙන තෙක් අත්ලෙන් පිරිමදින්න. දැන් මේ රස්නයෙන්ම පියවුරු මත උඩු අතර සම්බාහනය කරන්න. සතියකට තුන් හතර වතාවක් මේ ව්‍යායාමය විනාඩි 15 ක් බැගින් කරන්න.

කෝමාරිකා මද මේස හැන්දක්, මීපැණි තේ හැන්දක් ගෙන කලවම් කරල පියයුරු වල තබා විනාඩි දහයක් පමණ මසාජ් කරල තවත් විනාඩි දහයකින් සෝදා හරින්න.

ඉඟුරු යුෂ තේ හැන්දක් සමග මීපැණි තේ හැන්දක් එකට මිශ්‍ර කරල පානය කිරීමෙන් මේද දහනය වෙනවා. එවිටත් පියයුරු එල්ලා වැටීම වැලකෙනවා.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.......

ඔබේ සිරුරේ අනිත් ස්ථාන වලට වගේම මුහුණට ව්‍යායාම කිරීමත් ඉතාම වැදගත්. මුහුණට ලබාදෙන ව්‍යායාම මඟින් ඔබේ මුහුණට හොඳ රුධිර ස...
29/12/2025

ඔබේ සිරුරේ අනිත් ස්ථාන වලට වගේම මුහුණට ව්‍යායාම කිරීමත් ඉතාම වැදගත්. මුහුණට ලබාදෙන ව්‍යායාම මඟින් ඔබේ මුහුණට හොඳ රුධිර සැපයුමක් ලැබීම, අනවශ්‍ය මේදය දහනය වීම, මුහුණේ මාංශපේෂී වල ශක්තිමත් බව වැඩිවීම, වයස්ගත වීම නිසා ඇතිවන රැළි (wrinkles) අවම කිරීම කරමින් ඔබේ මුහුණේ දීප්තිමත් සහ තරුණ පෙනුම රැකගන්න උදව් වෙනවා. ඔබේ මුහුණේ තරුණ බව රැකගන්න මේ ඉතාම සරල වගේම ඕනෑම වේලවක ඕනෑම ස්ථානයක ඉඳල කරන්න පුළුවන් මේ ව්‍යායාම වල නිරත වෙන්න.

🔵Marilyn

📌මුලින්ම ඔබේ හිස කෙලින් තබාගෙන ඉදිරිපස බලන්න.
📌ඊලඟට ඔබේ තොල් දෙක එකතු කර හාදුවක් දෙන විදිහට ඉදිරියට උල් කරන්න.
📌ඔබේ තොල් වටේ සම ඉදිරියට ඇඳෙන ආකාරය මේ ව්‍යායාමය කරද්දි ඔබට දැනිය යුතුයි.
📌දිනකට අඩුම වශයෙන් හතර වතාවක් හෝ පස් වතාවක් මේ ව්‍යායාමය කල යුතුයි.

🔵Surprise me

📌මේ වයස්ගත වීමේදී සමේ ඇතිවන රැළි (wrinkles), වළක්වා ගැනීමට කරන ව්‍යායාමයක්.
📌විශේෂයෙන්ම, ඔබේ නළලේ ප්‍රදේශයේ (fore head) රැළි ඇතිවීම මේ ව්‍යායාමය මඟින් පාලනය කරනවා.
📌මෙහිදී ඔබ ඇහිබැමි රැළි නොකර හැකි තරම් ඔබේ දෑස් විවෘත කිරීමට උත්සහා කල යුතුයි.
📌ඔබට හැකි උපරිම ප්‍රමාණයට දෑස් විවෘත කර තත්පර එකත්, තත්පර පහත් අතර කාලයක් සිටිය යුතුයි.
📌දිනකට දෙවරක් හෝ තුන් වරක් මෙම ව්‍යායාමයේ නිරත වීමෙන් ඔබට හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්.

🔵Smiling fish face

📌මේ ව්‍යායාමය ඔබේ තොල් සහ කම්මුලේ මාංශපේෂි හැඩ කිරීමටත් ශක්තිමත් කිරීමටත් උපකාරී වෙන ව්‍යායාමයක්.
📌මෙහිදී හාදුවක් දෙන ආකාරයට ඔබේ තොල් ඉදිරියට ඇඳ ඔබේ කම්මුල් කට ඇතුලට ඇඳීම කල යුතුයි.
📌එවිට ඔබේ තොල් මාළුවෙක්ගේ කටේ හැඩයට පිහිටන බව ඔබට දකින්න ලැබේවි.
📌හොඳ ප්‍රතිපල ලැබෙන්න නම් ඔබ දිනකට හතර වතාවක් හෝ පස් වතාවක් මෙම ව්‍යායාමයේ නිරත විය යුතුයි.

🔵Bumblebee

📌මේ ව්‍යායාමයත් ඔබේ තොල් ආශ්‍රිත මාංශපේෂි ඉලක්ක කරගත් ව්‍යායාමයක්.
මුලින්ම ඔබ හොඳ හුස්මක් ගත යුතුයි.
📌ඊලඟට ඔබේ තොල් එකමත එක තබා දිගහැර ඉදිරියට ගෙන එන අතරම නාසයෙන් හුස්ම පිටකල යුතුයි.
📌මේ ව්‍යායාමයත් දිනකට හතර වතාවක් හෝ පස් වතාවක් කිරීමෙන් හොඳ ප්‍රතිපල ලබාගන්න ඔබට පුළුවන්.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.......

Merry Christmas 🎄🎅✨ !ආදරය , සිනහව සතුට පිරි සුබ නත්තලක්  වේවා  ❤️🎄🎅✨ !
25/12/2025

Merry Christmas 🎄🎅✨ !

ආදරය , සිනහව සතුට පිරි සුබ නත්තලක් වේවා ❤️🎄🎅✨ !

🏋සුන්දරව ඉන්න කැමති කාන්තාවන් අවුරුදු 30 පසු අනිවාර්යයෙන් කළ යුතු ව්‍යායාම.....🏋🟠Plank.....සතියකට තුන් වරක් හෝ 4 වරක් තප...
19/12/2025

🏋සුන්දරව ඉන්න කැමති කාන්තාවන් අවුරුදු 30 පසු අනිවාර්යයෙන් කළ යුතු ව්‍යායාම.....🏋

🟠Plank.....

සතියකට තුන් වරක් හෝ 4 වරක් තප්පර අනූවක් හෝ විනාඩියක් බැගින් මේ ව්‍යායාමයේ යෙදෙන්නට පුළුවන් නම් ඔබට ඔබේ කොන්දේ ඇතිවන්නට පුළුවන් වේදනාව වලින් මිදීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙම ව්‍යායාමය මගින් ඔබගේ දෑත් දෙපා කොන්ද උදරය සහ පපුව යන ප්‍රදේශවල ඇති මාංශපේශීන් ශක්තිමත් කරනවා.

🟠Lunges.....

ව්‍යායාමය කරන ආකාරය......

මුලින්ම ඔබේ අත් දෙක ඉන දෙපසින් තබා ගෙන දකුණු කකුල ඉදිරියට තබා අංශක 90ට නවාගන්න.
පිටුපස කකුල ද නවාගෙන බිම ගෑවෙන නොගෑවෙන ප්‍රමාණයට තබා ගත යුතුයි.
ඉන්පසුව එක කකුලකට පහළොස් වතාව බැගින් මාරුවෙන් මාරුවට අවස්ථා තුනක් කකුල් ඉදිරියට තැබීම සහ නැවත පෙර ඉරියව්වට පැමිණීම සිදුකල යුතුයි.

🟠Squats....

මෙමගින් ඔබේ පසුපස ප්‍රදේශය හොඳින් හැඩ කරන අතර ඔබේ කකුල් වලට ද හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.

ව්‍යායාමය කරන ආකාරය......

ඔබේ උරහිසේ පළලට කකුල් දෙක තබාගෙන කොණ්ඩ නවන්නේ නැතිව මූණ කෙලින් තබාගෙන ඉදිරිපස බලාගෙන අත් දෙක ඉදිරියට දික්කරමින් සමාන්තරව පහලට එන්න. ඉන්පසු නැවත උඩට එන්න. මෙය විනාඩියක පමණ විවේකයක් ගනිමින් වාර 15 බැගින් තුන් වතාවක් පමණ කරන්න.

🟠Glute bridge......

මෙම ව්‍යායාමය මගින් ඔබේ ඉන දෙපස ඇදීමට ලක් කිරීම මගින් පසුපස මාංශ මාංශපේශීන් ශක්තිමත් කරන අතර එම මාංශ පේශීන් ලිහිල් කිරීමද සිදුවෙනවා.

ව්‍යායාමය කරන ආකාරය......

මුලින්ම ඔබගේ දෑත් සිරුර දෙපසින් තබාගෙන උඩුබැලි අතට පොළවේ වැතිරෙන්න.
දැන් ඔබේ පසුපස මාංශ පේශීන් තද කරගෙන ඉන්න පෙදෙසින් ඉහලට එසවෙන්න.
හැකි තරම් ඉහළට එසවුණු පසු තවත් එක් වරක් මාංශ පේශීන් තද කරන්න.
ඉන්පසු සෙමින් පොලොවට පහත් වෙන්න.

🟠යෝගා ව්‍යායාම......

යෝගා ව්‍යායාම යනු ඕනෑම වයසක කෙනෙකුට ඉතාම පහසුවෙන් නිරත විය හැකි ව්‍යායාමයක්. යෝගා ව්‍යායාම වල නිරතවීම මගින් ශරීරයේ නම්‍යශීලී බව වැඩිවීම, මූලික මාංශ මාංශපේශීන් ශක්තිමත් කිරීම, මානසික ආතතිය අඩු කිරීම සහ නින්ද ගුණාත්මකභාවය වැඩිදියුණු කරගත හැකිය.

🟠මීට අමතරව ඇවිදීම, දිවිම මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්නත් ඔබට පුළුවන්.

🟠වයස අවුරුදු තිහ ලබන කඩඉමේ ඉන්න ඔබට මෙවැනි ව්‍යායාම වලට දැන් සිටම හුරු වෙන්න පුළුවන්. එය ඔබේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යාමට ඔබට උපකාරී වන අතර මෙම ඕනෑම ව්‍යායාමයක් කිරීමට පෙර ඔබේ සෞඛ්‍ය තත්වය කෙසේදැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසා බලන්නටත් අමතක කරන්න එපා.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න...

මූණේ විවෘත සිදුරු ඉවත් කර ගන්න බැරි වුණු අයට සාර්ථකම tips ටික අපෙන් 🔰මුහුණේ විවෘත සිදුරු තියෙනවා කියන්නේ ඕනෑම කෙනෙක්ගේ ස...
17/12/2025

මූණේ විවෘත සිදුරු ඉවත් කර ගන්න බැරි වුණු අයට සාර්ථකම tips ටික අපෙන් 🔰

මුහුණේ විවෘත සිදුරු තියෙනවා කියන්නේ ඕනෑම කෙනෙක්ගේ සුන්දරත්වයට බාධාවක්. සිදුරු නිසා මුහුණ අඳුරු හා වයස්ගත පෙනුමක් දිස් වෙනවා පමණක් නෙමෙයි ආකර්ශනීය බවත් අඩු කරනවා. තෙල් සහිත සමක් ඇති පුද්ගලයින් තමයි මෙම ගැටලුවට නිරන්තරයෙන්ම ගොදුරු වෙන්නේ. සිදුරු මගින් බ්ලැක්හෙඩ්ස් සහ කුරුලෑ වැනි අපේ රූපයට හානි කරන ප්‍රශ්ණ ඇති කරනවා.

ආතතිය, ජාන සහ හරි හැටි මුහුණට සත්කාර නොකිරීම වැනි සාධක ද විවෘත සිදුරු ඇති කරන්න බලපානවා. ඔයා වයසට යත්ම සමේ නම්‍යතාවය නැති වෙනවා. මෙය, තත්වය තවත් නරක අතට හරවනවා. වාසනාවකට සමේ සිදුරු ඇතිවීම අවම කිරීමට බොහෝ ක්‍රම තියෙනවා. මේ කියන්න යන සත්කාර ටික හරියට කලොත් නිසි ප්‍රතිඵල ලැබෙනවා නිසැකයි.

🔰 විවෘත සිදුරු යනු කුමක්ද?

සම මත ඇති සියුම් සිදුරු මගින් සමට හුස්ම ගැනීමට උපකාරී වෙනවා. නමුත් මෙම සිදුරු විශාල වූ විට ඒවා පියවි ඇසට පෙනෙන්න පටන් ගන්නවා. සම මත ඇති මෙම විශාල සිදුරු බහුලව දක්නට ලැබෙන්නේ තෙල් සහිත සමක් ඇති යුවතියන්ගෙයි. මොකද එවැනි සමකින් ස්වභාවික තෙල් වැඩි ප්‍රමාණයක් නිපදවන නිසා.

1. කෝමාරිකා ජෙල්

කෝමාරිකා ජෙල් ස්වල්පයක් සිදුරු මත ආලේප කර මිනිත්තු කිහිපයක් සම්භාහනය කරන්න. මේ සඳහා නැවුම් කෝමාරිකා ජෙල් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
කෝමාරිකා ජෙල් විනාඩි 10 ක් සම මත තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
කෝමාරිකා ජෙල් සෑම දිනකම ආලේප කිරීමෙන් සිදුරු ඉක්මනින් හැකිලෙනවා. ජෙල් මගින් සම පිරිසිදු කර පෝෂණය කරන අතර ඇහිරිලා තියෙන සිදුරු වල ඇති තෙල් හා අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කරනවා.

2. බිත්තර සුදු මද

ඔයාට අවශ්‍ය වන්නේ,
බිත්තර සුදු මද 1
ඕට්ස් මේස හැඳි 2
ලෙමන් යුෂ මේස හැඳි 2

බිත්තර සුදු මදය ගෙන ඕට්ස් හා ලෙමන් යුෂ සමග මිශ්‍ර කරමින් පේස්ට් එකක් සාදා ගන්න.
මෙම පේස්ට් එක ඔයාගේ මුහුණේ ආලේප කර විනාඩි 30ක කාලයක් තියෙන්න ඇරලා සීතල වතුරෙන් සෝදා හරින්න.
ලස්සන සමක් සඳහා මෙම සත්කාරය දිනකට 2 වතාවක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. බිත්තර මාස්ක් එක විවෘත සිදුරු සඳහා විශිෂ්ට පිළියම් වන අතර කුරුලෑ වලට ප්‍රතිකාර කිරීමටද භාවිතා කරන්න පුළුවන්.

3. ඉදුණු පැපොල්

පැපොල් පොඩි කර මුහුණේ ආලේප කරන්න.
ඇල්මැරුණු වතුරෙන් සේදීමට පෙර මිනිත්තු 20 ක් තබන්න.
සෑම දිනයකම මෙම පිළියම නැවත නැවත කරන්න. පැපොල් සමේ සිදුරු තද කිරීමට උපකාරී වෙනවා. අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීම සහ සිදුරු අඩු කර සම ගැඹුරින් පිරිසිදු කරයි.

👥 Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න........

රස ගුණ සමග කුස පුරවන පාස්ටා සැලඩ් 🥗පාස්ටා සැලඩ් එකක් රස ගුණ වගේම බඩ පිරෙන්න ලේසියෙන් හදා ගන්න පුලුවන් ආහාර වේලක්Vegetari...
16/12/2025

රස ගුණ සමග කුස පුරවන පාස්ටා සැලඩ් 🥗

පාස්ටා සැලඩ් එකක් රස ගුණ වගේම බඩ පිරෙන්න ලේසියෙන් හදා ගන්න පුලුවන් ආහාර වේලක්

Vegetarian පාසටා සැලඩ් එකක් ;

🔰 අවශ්‍ය ද්‍රව්‍ය :

📌 පාස්ටා කෝප්ප 2
📌 බඩ ඉරිඟු ඇට කෝප්ප 2 1/2
📌 කොටු කපාගත් රතු බෙල් පෙපර් 1ක්
📌 පෙති කපාගත් සාමාන්‍ය තරමේ ලූණු ගෙඩි 1ක්
📌 කැමැත්ත අනුව අමු මිරිස් හෝ හලපීනියෝ 2ක්

පාස්ටා සෝස් එකට :

📌 කැමති යෝගට් වර්ගයකින් කෝප්ප් 1
📌 මැයෝනේස් කෝප්ප 1/4
📌 චෙඩර් චීස් කෝප්ප 1/3
📌 සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2
📌 මිරිස් කුඩු තේ හැඳි 1
📌 කෑලි මිරිස් තේ හැඳි 1
📌 සිහින්ව තලා ගත් සුදු ලූණු බික් 2
📌 දෙහි ගෙඩියක යුෂ
📌 රස අනුව ලුණු සහ ගම්මිරිස්

සාදන ආකාරය :

01. පාස්ටා ටික සාමාන්‍ය ආකාරයට තම්බා පසෙකින් තබා ගන්න.

02. පාස්ටා ටික තැම්බෙන අතරතුර සෝස් එක සාදා ගනිමු. සෝස් එකට අවශ්‍ය සියළුම කලමනා ටික සමාන්‍ය බෝල් එකකට දමා හොඳින් කලවම් කරගන්න.

03. නිවුණු පාස්ටා ටික ලොකු බෝල් එකකට දමා එයට බඩ ඉරිඟු, අමු මිරිස් හෝ හලපීනියෝ, බෙල් පෙපර් සහ ලූණු එකතු කරන්න.

04. ඒ මතට සාදාගත් සෝස් එක වත්කර කලවම් කරන්න.

05. රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න. රසවිඳින්න.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.......

ඔබත් ඉක්මණින් වෙහෙසට පත්වෙනවද.. 😥විවේකය ලබාගන්න🌸🔰 සෑම පුද්ගලයකුටම නින්ද සහ විවේකය ඉතාමත වැදගත් වුවත් එය මගහැර සිටීමට බොහ...
15/12/2025

ඔබත් ඉක්මණින් වෙහෙසට පත්වෙනවද.. 😥

විවේකය ලබාගන්න🌸

🔰 සෑම පුද්ගලයකුටම නින්ද සහ විවේකය ඉතාමත වැදගත් වුවත් එය මගහැර සිටීමට බොහෝ හේතූන් අපගේ දෛනික කටයුතු අතර පවතිනවා.

🔰 නමුත් යහපත් ශාරිරික සහ මානසික සෞඛ්‍යාය තත්ත්වයක් පවත්වාගැනීමට නම් නින්ද ඉතා අත්‍යවශ්‍ය සාධකයකි.

🔰 හෘද රෝග, අධි රුධිර පීඩන, දියවැඩියා සහ තරබාරුව වැනි ‍රෝගයන් සහ මානසික අවපීඩන තත්ත්වයන් පාලනය සඳහා සෑම රාත්‍රියකම පැය 7 ත් 8 අතර කාලයක් නින්ද අත්‍යවශ්‍ය වනවා.

🔰 එමනිසා ඔබට සුව නින්දක් ළඟාකර ගැනීමට ඝෝෂාවෙන්, බාධා කිරීම්වලින් තොර පරිසරයක් සකස් කරගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.......

🍂🌾කුළු බඩුවක් ලෙස ආහාර රස ගැන්වීමට යොදා ගන්නා උළුහාල් වල ඖෂධීය ගුණය ගැන සලකා බැලීමේදී මෙය ප්‍රෝටීන, විටමින් බී හා සී, ප...
13/12/2025

🍂🌾කුළු බඩුවක් ලෙස ආහාර රස ගැන්වීමට යොදා ගන්නා උළුහාල් වල ඖෂධීය ගුණය ගැන සලකා බැලීමේදී මෙය ප්‍රෝටීන, විටමින් බී හා සී, පොටෑසියම්, යකඩ වැනි අත්‍යවශ්‍යම ඛනිජ ලවන රාශියක් අඩංගු වටිනා ඔෟෂධයකි.

ඉහළ ආහාරමය තන්තු සංයුතියකින්ද යුක්තය. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද ඉහළය.

තවද සමේ ඇතිවන සම ආශ්‍රිතව ඇති වන කළු ලප, අවපැහැගැන්වීම, සම රැළි වැටීම වැළැක්වීමට මෙන්ම සමෙහි රූපලාවණ්‍ය හා ඇතිවන ගැටලු රාශියකට උළුහාල් හොඳ විසඳුමකි.

ඒ සඳහා ස්ක්‍රබ් හා ​ෆේස් පැක් සඳහා සිහින්ව කුඩුකරගත් උළුහාල් පිටි භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල ගැන ඔබටත් අත්විඳිය හැක.

හිසකෙස් අකලට වැටීම හිස කෙස්වල ඇති තුනී බව නැති කිරීමටත් හිස් හොරි රෝග පාලනයටද උළුහාල් හොඳම විසඳුමක් වේ.

හිස්හොරි රෝගය ඇති විට දෙහි ගැට හා උළුහාල් තම්බා හොඳින් අඹරා ගත් තලපය හිස් කබලේ ආලේප කර සම්බාහනයෙන් හිස්හොරි සුවපත් වේ. හොඳින් අඹරාගත් උළුහාල් තලපය පිරිසිදු පොල්තෙල් හා මිශ්‍රකර මදක් රත්කර හිසේ ආලේප කිරීමෙන් අකලට හිසකෙස් වැටීම, හිසකෙස් තුනී වීම, රෝග මැඩ නිරෝගී කළු වන් කෙස් කලබක් ලබා දේ. උළුහාල් ඇට වලින් නිස්සාරණය කරනා උළුහාල් තෙල් (Fenugreekoil) රෝම කූප උත්තේජනය කර කෙස් වැවීම බලගන්වන හෙයින් තට්ටය පෑදීම රැවුල වැවීමේ මද බව වැනි ගැටලු සඳහාද විසඳුම් ලබාදේ.

වාත සමන හා වාත අනුලෝමන ගුණ සහිත උළුහාල් දේහයේ ඇතිවන විවිධ වේදනාවන් සමනය කර දේ. ප්‍රධාන වශ​යෙන් කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී ඇතිවන වේදනාව මදක් තුනී කර ගැනීම සඳහා උළුහාල් තැම්බූ වතුර භාවිතයෙන් සහනය ලැබේ.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.......

🔵ඉතින් සැෆ්‍රන් ඇත්තටම අපිට අවශ්‍ය ද?සැෆ්‍රන් ලෙස හඳුන්වන්නේ මලකින් ලබා ගන්නල්නා කුළුබඩු විශේෂයක්. Crocus Stivus නමින් ව...
12/12/2025

🔵ඉතින් සැෆ්‍රන් ඇත්තටම අපිට අවශ්‍ය ද?

සැෆ්‍රන් ලෙස හඳුන්වන්නේ මලකින් ලබා ගන්නල්නා කුළුබඩු විශේෂයක්. Crocus Stivus නමින් විද්‍යාත්මකව හැඳින්වෙන මලේ රේණු අපි සැෆ්‍රන් ලෙස හඳුන්වනු ලබනවා. බොහෝ විට මේ මල හඳුන්වන්නේ Saffron Crocus නමින්.

🔵දැනට ලෝකයේ ඇති මිල අධිකම කුළුබඩු විශේෂය වන්නේ සැෆ්‍රන්.

ඉන්දියාව, ඉරානය තූර්කිය වැනි රටවල වගා කෙරෙන සැෆ්‍රන් කල් ඉකුත් නොවී වසර කිහිපයක්ම තබා ගන්නට හැකියාව තිබෙනවා.

🔵සැෆ්‍රන් වලින් අපිට ලැබෙන්නේ මොනවාද?

• කුරුලෑ ඉවත් කිරීමට සැෆ්‍රන් ඉතා සුදුසුයි. දීප්තිමත් හා පැහැපත් සමක් සැෆ්‍රන් භාවිතයෙන් ඔබට ලැබෙනවා. නමුත් සැෆ්‍රන් ඔබේ හම සුදු කරන්නේ නැති බවත් හමේ ස්වභාවික වර්ණය දීප්තිමත් කරන්නට පමණක් උදව් දෙන බවත් සිහි තබා ගන්න. සම රැළි වැටීම වැළක්වීමටත් සැෆ්‍රන් ඉතා සුදුසුයි.

• ඇස් පෙනීම දියුණු කරයි.

• හොඳ මතක ශක්තියක් ලබා දෙනවා

• නිරෝගී කෙස් කළඹක් ලබා දෙනවා.

• ආතරයිටිස් , කොලෙස්ටරෝල් ,හෘද රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. පිළිකා සෛල වල වැඩීමට එරෙහිව සටන් කිරීමේ හැකියාවක්ද සැෆ්‍රන් සතුයි.

• සුව නින්දක් ලබා ගැනීමටත් සැෆ්‍රන් භාවිතයෙන් උදව් ලැබෙනවා.

🔵හොඳ තත්වයේ සැෆ්‍රන් හඳුනා ගන්නා ආකාරය.

සැෆ්‍රන් රේණු වලට ජලය එකතු කරන්න. සැෆ්‍රන් ජලය මත පා වෙමින් පවතිනවා.ක්‍රමයෙන් සැෆ්‍රන් රේණු වටා ජලය ලා කහ පැහැයට හැරී මිනිත්තු දහයක් විස්සක් තුළ ජලය මුළුමනින්ම කහ පැහැයට හැරෙනවා.

🔵සැෆ්‍රන් භාවිතා කළ හැකි ආකාර.

• එළ කිරි සමඟ මිශ්‍ර කර පානය කිරීම ජනප්‍රියම ක්‍රමයයි. සාදා ගත් කිරි බඳුනට සැෆ්‍රන් රේණු එකතු කර පැය බාගයකට පමණ පසු බීමට ගන්න. උදෑසන හා රාත්‍රී නින්දට පෙර බීම වැදගත්.

• සැෆ්‍රන් කෑම රුචිය වඩවන්නක්. උදෑසන සැෆ්‍රන් බීමට ගැනීම ඔබට දවස පුරා කෑම රුචිය ඇති කරාවි. සිරුරේ මහත හා බර වැඩි කර ගන්නට අවශ්‍ය නම් උදෑසන කිරි සමඟ සැෆ්‍රන් භාවිතා කරන්න.

• ඔබේ බොඩි ලෝෂන් එකට ක්‍රීම් එකට සැෆ්‍රන් එකතු කර ආලේප කිරීමත් සම පැහැපත් වීමට බලපානවා. කිරි හෝ යෝගට් සමඟ මිශ්‍ර කර ආලේපයත් හොඳ දෙයක්.

ඔබ ගර්භනී මවක් නම් දරුවා සුදු වෙන්නට කියමින් සැෆ්‍රන් බීම ආරම්භ කරන්න එපා. සැෆ්‍රන් ඉතා උෂ්නාධික දෙයක්. කළලයේ සිටින දරුවෙකු සුදු වීමට විශේෂ යමක් එමඟින් සිදු වන්නේ නැහැ. සැෆ්‍රන් බීමේ පුරුද්දක් ඔබට තිබුණා නම් තව දුරටත් පානය ගැන වෛද්‍ය උපදෙස් ගන්නට අමතක කරන්න එපා.

👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න........

මානසික සෞඛ්‍යය ආරක්ශා  කර ගන්න සුරතල් අමුත්තෙක් පවුලට එක් කරගමු ❤️🌸 ඔබගේ මානසික සෞඛ්‍යය ආරක්ශා කිරීමට සුරතල් සතුන් ඉතා ව...
11/12/2025

මානසික සෞඛ්‍යය ආරක්ශා කර ගන්න සුරතල් අමුත්තෙක් පවුලට එක් කරගමු ❤️

🌸 ඔබගේ මානසික සෞඛ්‍යය ආරක්ශා කිරීමට සුරතල් සතුන් ඉතා වැදගත් කාර්‍යයක් ඉටු කරනවා.

🌸 එමනිසා සුරතල් සතෙතු ඇතිදැඩි කිරීමට පෙළඹීම ඉතා හොඳ ආරම්භයක්.

🌸 එය ඔබගේ මානසික ආතතිය දුරුකරලා ප්‍රබෝධමත් බවක් ලබාදීමට උපකාරි වෙනවා.

👥Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න.

Address

299 Salinda Disanayeka Mawatha Thalawathogoda
Colombo
10116

Alerts

Be the first to know and let us send you an email when Ceylon Ayurvedic - 2017 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Ayurvedic - 2017:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram