Sri Lanka Association Of Medical Laboratory Scientist

Sri Lanka  Association Of Medical Laboratory Scientist SLAMLS is legalized professional body who reprents all kind of Medical Laboratory Scientists in the Country

02/08/2025

*Vidya Jyothi Prof. Vajira H. W. Dissanayake*
Chairman
Sri Lanka Medical Council
No 31, Noris Canal Road
Colombo 10
Dear Sir,

*SLMC Registration for recognized academic programmes by CMCC*

We appreciate the efforts taken in revising the certification process for graduates of academic programmes previously accredited by the CMCC. Although the process was time-consuming, we believe the outcome is largely commendable, with the exception of one concern.

The College of Medical Laboratory Science Sri Lanka (CMLSSL), along with the Academy of Health Professionals (AHP), strongly advocates that professional registration be limited to graduates only, in line with the Ministry of Health policy, which discontinued and banned diploma qualifications for recruitment since 2018.

According to the CMCC notice dated June 16, 2025 (http://cmcc.lk/universities/), only applicants enrolled in the programmes listed in Annexure I before June 27, 2024, are eligible for certification. Programmes in Annexure II are exempt from these conditions.

However, we observe with concern that an irrelevant programme has been mistakenly listed in Annexure II. Diploma qualifications which have already discontinued, have been inappropriately grouped with graduate programmes by misrepresenting the discontinued School of MLTT and DMLT.

As the former Registrar of CMCC, your leadership ensured professionalism and accountability. We now seek your attention to this serious matter and respectfully request an opportunity for an official meeting to address these concerns and uphold the standards of our profession.

22/07/2025

මගේ අංකය: JCPSM/Gen/2025 (34)
දිනය: 2025.07.21

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
ලේකම්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
“සුවසිරිපාය”
කොළඹ 10

*පවතින නිල බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් සම්මත අවම අධ්‍යාපනික සුදුසුකම් සපුරා නොමැති උපාධිධාරීන් පරිපූරක වෛද්‍ය සේවාවේ සීවාවාසික පුහුණුවට බඳවා ගැනීම.*

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ ලේකම් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ 2025.06.02 දින ඉදිරිපත් කරන ලද ලියාපදිංචි අංක MH/DDG(A)III/RTI/2025/21 දරණ ඉල්ලීම හා 2025.06.18 දින ඉදිරිපත් කරන ලද ලියාපදිංචි අංක MH/DDG(A)III/RTI/2025/26 දරණ ඉල්ලීම හා බැඳේ,

වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ අවස්ථා කිහිපයකදීම පරිපූරක වෛද්‍ය සේවාවේ ගුණාත්මක තත්වය පහල හෙලීම සඳහා වූ විවිධාකාරයේ යෝජනා ක්‍රියාත්මක වූ අතර ඒ සෑම අවස්ථාවකදීම පරිපූරක වෛද්‍ය සේවාව ඉලක්කගතව ප්‍රහාරයට ලක් කිරීමට උත්සහ දැරීමත්, ඒවා සාධාරණීකරණය කිරීමත්, ඒ හරහා පරිපූරක වෛද්‍ය සේවාවේ තත්වය පහල හෙලිමේ කූඨ උපක්‍රමයන් ක්‍රියාත්මක වීමත්, සිදුවන බව දිගින් දිගටම නිරීක්ෂණය වේ.

නිල වෘත්තීය සංගම් වලට හොර රහසේ පවතින බඳවා ගැනීමේ පටිපාටිය පවා උල්ලංඝනය කරමින් අත්‍යාවශ්‍ය සම්මත අවම අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් (Minimum Qualification Standards) සපුරා නොමැති විකිරණ විද්‍යා උපාධිය සම්පූර්ණ කර ඇති කිහිප දෙනෙකු සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට උත්සහ කිරීම මෙම ක්‍රියාවලියේ නින්දිතම අවස්ථාව බව ඉතා කණගාටුවෙන් පෙන්වා දෙන අතර ඒ හරහා වසර ගණනාවක් තිස්සේ සලකා බැලූ අවම අධ්‍යාපන සුදුසුකම් නිර්ණායක පහත හෙලීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් කටයුතු කරමින් පවතින බව අප වෙත වාර්තා වී ඇත.

තොරතුරු දැන ගැනීමේ පනත හරහා ඉල්ලුම් කරනු ලැබූ තොරතුරු ලබා දීම පවා ප්‍රතික්ෂේප කරමින් සැබෑ තොරතුරු වසන් කරනු ලබන අතරම සුදුසුකම් ලැබූ උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා පදනම් විරහිත කොන්දේසි හඳුන්වා දෙමින් සුදුසුකම් ලත් මානව සම්මත මෙම සේවාවන්ගෙන් ඈත් කිරීමට දරණ මෙම උත්සහය ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. එනයින් කුමන පදනමක් මත හෝ අත්‍යාවශ්‍ය සම්මත අවම අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සුදුසුකම් සපුරා නොමැති අයවලුන් බඳවා ගැනීම වෙනුවෙන් පරිපූරක වෛද්‍ය සේවාවේ බඳවා ගැනීමේ පටිපාටියේ ප්‍රතිපාදන උල්ලංඝනය නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

අදාල පාර්ශ්වයන්ගේද සහභාගීත්වය තහුවරු කරමින් මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කඩිනම් නිල සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතරම ප්‍රතිචාර නොදක්වමින් හා බඳවා ගැනීමේ පටිපාටියේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් නුසුදුස්සන් සීමාවාසික පුහුණුවට බඳවා ගනු ලබන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙමින් හෝ පරිපූරක වෛද්‍ය සේවාවේ ගුණාත්මක තත්වය ආරක්ෂා කර ගැනීමට සිදුවන බවත් තරයේ ප්‍රකාශ කර සිටිමු.

ස්තුතියි!

08/07/2025
06/07/2025
27/06/2025

මගේ අංකය: JCPSM/Gen/2025 (32)
දිනය: 2025.06.26

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
ලේකම්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
“සුවසිරිපාය”
කොළඹ 10

*පරිපූරක වෛද්‍ය සේවාවේ බඳවා ගැනීම සඳහා වන අවම ප්‍රමිතීන් වලට අදාල නිර්ණායක.*

පරිපූරක වෛද්‍ය සේවාවේ අවම මූලික සුදුසුකම සහ තනතුරු වලට බඳවා ගැනීම සඳහා වන අවම සුදුසුකම් වලට අදාල අවම ප්‍රමිතීන් කාලානුරූපීව සංවර්ධනය වී ඇති අතර ඵලදායී, කාර්යක්ෂම, ගෝලීය මට්ටමේ දියුණු සේවාවක් ලබාදීම සඳහා මෙම විකාශනය ඉතා ධනාත්මක බලපෑමක් සිදු කර ඇත. නමුත් ඉතා ප්‍රබල බාධා කම්කටොළු මධ්‍යයේ සිදුවූ මෙම විකාශනය නැවත ආපසු හැරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සහ බලධාරීන් ලෙසම කටයුතු කරන බොහෝ පාර්ශ්වයන් ඉතා සුක්ෂම මැදිහත්වීම් සිදු කර ඇති බවත් ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.

කෙසේ නමුත් සාධනීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන්, ඒ සෑම ප්‍රතිරෝධයක්ම කලමනාකරණය කර ගැනීමටත්, වර්තමානයේදී ශ්‍රාස්ත්‍රීය අගය 120ක් වන සිව් අවුරුදු ගෞරව උපාධියක් අවම මූලික සුදුසුකම බවට පත් කර ගැනීමටත්, තනතුරට බඳවා ගැනීම සඳහා පහත අවම සුදුසුකම් අත්‍යාවශ්‍ය බවට පත්කර ගැනීමටත් අපට හැකිවී ඇත.
1. රසායන විද්‍යාව (Chemistry) හෝ භෞතික විද්‍යාව (Physics) යන විෂයට C සාමාර්ථයක් සහිතව අපොස උ/පෙ විභාගය සමත්වීම.
2. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් අවම ශ්‍රාස්ත්‍රීය අගය 120කින් යුතු විෂයානුබද්ධ සිව් අවුරුදු ගෞරව උපාධිය ලබා තිබීම.
3. අදාල වෘත්තියේ කටයුතු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචිය ලබා තිබීම.
4. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සය මාසික සීමාවාසික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර තිබීම.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ උන්නතිය වෙනුවෙන් අකුල් හෙලීම තම මුඛ්‍ය අරමුණ කරගත් සමසෞඛ්‍ය උපාධි විරෝධීන් මෙම සීමාවාසික පුහුණුවට පවා වෙනත් නම් ආදේශ කරමින් එකී පුහුණුවේ අගය බාල්දු කිරීමටත් ඒ හරහා පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් පහළට ඇද දැමීමටත් කටයුතු කර ඇති පසුබිමක එවැනි අශීලාචාර වරදක් පවා නිවැරදි කිරීමට මෙලොව පවතින සියළුම නිර්ණායක සලකා බලන සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවර සීමාවාසික පුහුණුවට උපාධිධාරීන් බඳවා ගැනීමේදී රසායන විද්‍යාව (Chemistry) හෝ භෞතික විද්‍යාව (Physics) යන විෂයන්ට C සාමාර්ථයක් තිබීම අත්‍යාවශ්‍ය නොවන බවත් උපාධිය ලබා තිබීම පමණක් ප්‍රමාණවත් බවත් තීරණය කරමින් විවිධ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට උත්සහ දරන බවත් අප වෙත වාර්තා වී ඇත.

සමසෞඛ්‍ය උපාධිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කුඩම්මාගේ සැලකිල්ල දක්වන බවත්, දෙබඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, මේ අනූව තවදුරටත් පැහැදිලි වන අතර කිසිඳු ලෙසකින් පරිපූරක වෛද්‍ය සේවාවේ අවම මූලික සුදුසුකම හෝ බඳවා ගැනීමට අදාල අවම අවශ්‍යතා නොසලකා හරිමින් උපාධිධාරීන් සීමාවාසික පුහුණුවට හෝ බඳවා ගැනීමට කටයුතු නොකරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. තවද, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ලෙස පරිපූරක වෛද්‍ය සේවාවේ අවම ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම මැදිහත්වීමක් සිදු කිරීමට මැලි නොවන බවත් ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.

ස්තුතියි!
මෙයට විශ්වාසී
රවී කුමුදේශ් - සභාපති
චානක ධර්මවික්‍රම - ලේකම්
ලෙසන්ත චතුරංග - උප ලේකම්

පිටපත්:
1. ගරු අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු අදාල සියළුම නිලධාරීන්
2. පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයට අනුබද්ධ සියළු වෘත්තීය සමිති හා සාමාජිකයන්

Address

No. 25/2
Colombo

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Association Of Medical Laboratory Scientist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sri Lanka Association Of Medical Laboratory Scientist:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram