First Aid for Life

First Aid for Life Learn First Aid and Save Lives
ප්‍රථමාධාර
ආදරණීයයන් ජීවත් කරගමු

උණ ගන්න කලින් ප්‍රථමාධාර මෙන්නශරීර උෂ්ණත්වය එය පවතින සාමාන්‍ය අගය වන සෙල්සියස් අංශක 37 (370C) ක්‍ හෙවත් ෆැරන්හයිට් අංශක ...
05/05/2025

උණ ගන්න කලින් ප්‍රථමාධාර මෙන්න

ශරීර උෂ්ණත්වය එය පවතින සාමාන්‍ය අගය වන සෙල්සියස් අංශක 37 (370C) ක්‍ හෙවත් ෆැරන්හයිට් අංශක 98.6 (98.60F) ට වඩා ඉහළයාම උණ ලෙස හඳුන්වයි. ශරීරයේ බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් ඇතිවීම, කන් හෝ දත්වල වේදනාව, සෙම වැඩිවීම හෝ උගුරේ ආසාදනය, සරම්ප, පැපොල, මෙනින්ජයිටිස්, ඩෙංගි, චිකුන්ගුන්යා, වසා ගැටිති ඉඳිමීම (කුද්දැටි), සැරව ගෙඩි හට ගැනීම ආදී විවිධ හේතු උණ ඇතිවීමට බලපායි.

සිරුරේ ආසාදනයක් ඇතිවිට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊට ප්‍රතිචාර දක්වමින් රුධිරය තුළ පයිරොජන් නම් ශරීර උෂ්ණත්වය වර්ධනය කිරීමට බලපාන රසායන ද්‍රව්‍යය නිෂ්පාදනය කරයි. එම රසායනිකය ශරීරයේ උෂ්ණත්වය හසුරුවන මොළයේ පිහිටි හයිපොතැලමසය වෙත පැමිණි විට එයද එහි උෂ්ණත්වය සාපේක්‍ෂව සකස් කර ගැනීමෙන් උණ තත්ත්වය පිළිබිඹු කරයි. ළමුන්ගේ උණ 39.0C (102.20F) ට වඩා ඉහළයාම තරමක් භයානක වන්නේ එමගින් වලිප්පුව හටගත හැකි නිසාය.

උණ යනු රෝගයක් නොව වෙනත් රෝගයක ලක්‍ෂණයකි. එමෙන්ම ශරීර උෂ්ණත්වය වැඩිවීම මෙන්ම අඩු වීම ද බරපතළ රෝගී තත්ත්වයන් (Hypothermia) ඇති කරයි. උණ සඳහා ප්‍රථමාධාර ලබා දීමේදී වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීම සඳහාය.

රෝග ලක්‍ෂණ හා නිමිති

• ශරීර උෂ්ණත්වය 37.0C (98.60F) ට වඩා ඉහළයාම
• ශරීරය සුදුමැලි වීම
• රෝගියාට මූලිකව සීතල දැනීම
• වෙව්ලීම හා දත් එකට ගැටීම
• මුහුණ රත් පැහැ වීම
• හිසරදය හා පසුව උණුසුම දැනීම
• සිරුර පුරා වේදනාව හා කැක්කුම්

කළ යුතු ප්‍රථමාධාර

1. රෝගියාට පහසු පරිදි විවේක ගන්වන්න.
සෙවණ, අඩු ආලෝකය සහ සිසිල සහිත සහ හොඳින් වාතාශ්‍රය ඇති ස්ථානයක රෝගියා හාන්සි කරවන්න. සැහැල්ලු ඇඳුමක් අන්දවන්න. ඝනකම හෝ වැඩිපුර ඇඳුම් ඇන්දවීමෙන් හා රෙදි පෙරවීමෙන් වළකින්න.

2. දියර වර්ග පානයට ලබා දෙන්න
හැකිතාක් සිසිල් දියර වර්ග පානය කිරීමට ලබා දෙන්න. නමුත් සෙම්ප්‍රතිශ්‍යාව හෝ සෙම තත්ත්වයක් ඇත්නම් මද උණුසුම් දියර වර්ග ලබා දෙන්න.

3. ශරීරය සිසිල් කරන්න
ගෙල, කිහිලි ඉකිළි ආදී ප්‍රදේශ පොඟවන ලද රෙදි කඩකින් සිසිල් කරන්න. එනමුත් දිගු වේලාවක් සිසිල් කිරීමෙන් වළකින්න.

4. පැරසිටමෝල් පෙති නියමිත මාත්‍රාවෙන් ලබා දෙන්න. කුඩා දරුවෙකු නම් අනුමත මාත්‍රාව යටතේ පැරසිටමෝල් පැණිය ලබා දෙන්න. නමුත් ඇස්ප්‍රීන් ලබා දීමෙන් වළකින්න.

5. උෂ්ණත්වය මැන සටහන් තබාගන්න. ස්වසනය, නාඩි, හා ප්‍රතිචාර මට්ටම් ආදිය ද පරීක්ෂා කොට සටහන් තබා ගන්න.

6. පහත සඳහන් අවස්ථාවලදී වෛද්‍යාධාර සඳහා යොමු කරන්න.

- උණ ඉතා ඉහළ නම්
- උණ දින 3-4 කට වඩා පවතී නම්
- රෝගියා ව්‍යාකූල තත්ත්වයකින්, බෙල්ලේ තද ගතිය හෝ හුස්ම ගැනීමේ අපහසුතාව වැනි දරුණු රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්.
- පුද්ගලයාට දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් හෝ වෙනත් නිධන්ගත රෝගී තත්ත්ව තිබේ නම්.
- උණ සමඟ කැසීම, දරුණු හිසරදය හෝ වෙනත් රෝග ලක්ෂණ ඇත්නම්

එමෙන්ම වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ලබා නොදිය යුතුය. විශේෂයෙන් උණ සඳහා ඇස්ප්‍රීන් ආදිය ලබා දීම ඩෙංගි, අභ්‍යන්තර රුධිර වහනය, වස විෂ ශරීරගතවීම වැනි අවස්ථාවලදී ඉතා අන්තරායකර විය හැකිය.

උණ වලිප්පුව සදහා ප්‍රථමාධාර
https://www.facebook.com/share/p/1Huuuqe3vP/

ගිලිහී යන ජීවිත පවා පහසුවෙන් බේරන, එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය ප්‍රථමාධාර ක්‍රමශිල්ප දැනගැනිම සඳහා අපගේ ෆේස්බුක් පිටුව හා පහත ලින්ක් එක මගින් එකතු වන්න.
https://www.facebook.com/sinhalenfirstaid/

‍ #උණ

😱 හදිසියකදී දරුවන් සුරකින උණ වලිප්පුව (Febrile Seizure) ට ප්‍රථමාධාර 🏥ලොව පුරා ළමුන් තුළ උණ වලිප්පුව බහුලව දක්නට ලැබෙන ස...
25/04/2025

😱 හදිසියකදී දරුවන් සුරකින උණ වලිප්පුව (Febrile Seizure) ට ප්‍රථමාධාර 🏥

ලොව පුරා ළමුන් තුළ උණ වලිප්පුව බහුලව දක්නට ලැබෙන සිදුවීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ විවිධ අධ්‍යයනයන්ට අනුව:

* සංවර්ධිත රටවල ළමුන්ගෙන් ආසන්න වශයෙන් 2-5% ක් පමණ උණ වලිප්පුවට ගොදුරු වේ.
* සංවර්ධනය වෙමින් පවතින රටවල, උණ වලිප්පුව ළමුන්ගෙන් 5-10% හෝ ඊට වැඩි පරාසයකට සෑදේ.

සමස්තයක් ලෙස ලොවු පුරා වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගෙන් 3-4% ක් පමණ උණ වලිප්පුවට ගොදුරු වන බව ඇස්තමේන්තු කර ඇත. ඒ් අනුව එය වාර්ෂිකව ලොව පුරා මිලියන ගණනක් ළමුන්ට සෑදේ. භූගෝලීය පිහිටීම, ජාන විද්‍යාව සහ සෞඛ්‍ය සේවා ප්‍රවේශය වැනි විවිධ සාධක මත පදනම්ව මෙම අගයන් වෙනස් විය හැකිය.

පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ ආසියානු ජනගහනය තුළ උණ වලිප්පුව බහුලව වාර්තා වන බවයි. එයට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන නිසා වැඩිහිටියෙකු ලෙස ජීවත්වන යන එන සැම තැන දැන සිටිය යුතු හා ලබා තිබිය යුතු අත්‍යවශ්‍ය හැකියාවක් ලෙස උණ වලිප්පුව සඳහා වන ප්‍රථමාධාර හැඳින්විය හැකිය.

උණ වලිප්පුව යනු කුමක්ද?

වයස අවුරුදු 5 ට පමණ අඩු ළමුන්ගේ ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම නිසා හෙවත් උණ වැඩිවීම නිසා ඇතිවන වලිප්පු තත්ත්වය උණ වලිප්පුව ලෙස හඳුන්වයි. මෙලෙස උණ වැඩි වී මෙම රෝගී තත්ත්වය ඇතිවීමට බොහෝ විට ළමුන්ගේ උගුර, කන ආශ්‍රිත ආසාදන හෝ වෙනත් ආසාදන තත්ත්වයන් තුඩු දිය හැක. අධික උණ තත්ත්වයකදී ඉහළ ගොස් ඇති උෂ්ණත්වය දරා ගැනීමට තරම් දරුවන්ගේ මොළය තුළ ඇති විද්‍යුත් ක්‍රියාකාරී පද්ධතිය ඔරොත්තු නොදෙන නිසා මෙම විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍ය වෙනසක් සිදුවී මෙලෙස උණ වලිප්පු තත්ත්වය හට ගනී.

ගොදුරු වන්නේ කවුද?

උණ වලිප්පුව සාමාන්‍යයෙන් මාස 6 සිට අවුරුදු 5 දක්වා ළමුන් තුළ ඇති වන අතර එය හටගන්නා උච්චතම වයස මාස 18 ක් පමණ වේ. බොහෝ විට වයස අවුරුදු 3 පමණ ළමුන් තුළ මෙය වැඩි වශයෙන් දක්නට ලැබේ. වයස අවුරුදු 5 න් පසු උණ වලිප්පුව බොහෝ විට සපුරා නැති වි යයි. ඉන් පසුවත් සිදු වන්නේ නම් එය බොහෝ විට උණ වලිප්පුව නොව අපස්මාර රෝගී තත්ත්වය වීමට ඇති ඉඩකඩ වැඩිය.

උණ වලිප්පුවකදී සමහර දරුවන්ට ටොනික් (Tonic) සහ ක්ලෝනික් (Clonic) ලෙස වලිප්පුවේ අවධීන් දෙකක් අත්විඳිය හැකිය.

01. ටොනික් අවධිය: ටොනික් අවධිය මාංශ පේශි දැඩි වීම සිදු වේ. මෙම අදියර සාමාන්‍යයෙන් ඉතා සුළු වේලාවක් පවතින අතර, සාමාන්‍යයෙන් තත්පර 10-20 ක් පමණි.

02. ක්ලෝනික් අවධිය: ක්ලෝනික් අවධියේදී මාංශ පේශිවල ගැස්සීම් හෙවත් කම්පන සිදු වේ. මෙම අදියරේදී දරුවාගේ අත් පා සෙලවීමට හෝ ඇඹරීමට හැකිය.

මෙම අවධීන් එකට සිදුවීමද දැකිය හැකි අතර, වලිප්පුව ටොනික් අවධියේ සිට ක්ලෝනික් අවධිය දක්වා සාමාන්‍යයෙන් ඇදී යයි. කෙසේ වෙතත් සියලුම අවස්ථාවලදී උණ වලිප්පුව මෙම අවධීන් දෙකම පෙන්නුම් නොකරන අතර සමහර විට එක් අදියරක් පමණක් තිබිය හැකිය.

කුඩා දරුවන්ට සෑදෙන මෙම වලිප්පු තත්ත්වය අපස්මාර රෝගී තත්ත්වයම නොවේ. කෙසේ වුවද මෙහිදී අධික උණ තත්ත්වය ආසාදනයක ප්‍රතිඵලයක් විය හැකි බැවින් දරුවාගේ උෂ්ණත්වය පාලනය කරගනිමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය.

අප විසින් කළ යුත්තේ කුමක්ද?

• වලිප්පු අවස්ථාවේදී අනතුරුවලින් වළක්වා ගැනීම
• දරුවා සිසිල් කර උෂ්ණත්වය අඩු කිරීම
• මව්පියන් අස්වැසීම
• වෛද්‍යාධාර සඳහා යොමු කිරීම

දැකිය හැකි රෝග ලක්‍ෂණ හා නිමිති
• සිරුරේ ඇතිවන ප්‍රබල ගැස්ම හා පිට පෙදෙස ඉහළට වක්‍රව සිටින ස්වභාවය
• අධික උණ
• දහඩිය දැමීම
• මුහුණ රත් පැහැ වීම
• ඇස් උඩට යාම
• ශරීරය අප්‍රාණික වීම
• අත් පා දරඳඩු වීම
• දත කට පූට්ටු වීම
• මුත්‍රාදිය පිටවීම
• වමනය හා සෙම පිටවීම
• දරුවා බියවූ ස්වරූපයක් ගැනීම
• ගෙල ප්‍රදේශයේ නහර ඉලිප්පීම
• අසිහිය හෝ මද සිහිය


ප්‍රථමාධාර කරන්නේ කෙසේද?

01. ගැස්ම ඇතිවිට අවට ඇති අනතුරුදායක දෑ ඉවත් කරන්න

දරුවාගේ ගැස්ම පවතින විට හිස සහ ශරීරය වෙනත් අනතුරුදායක යමක් හා නොගැටෙන ලෙස ඒවා ඉවත් කරන්න. හිසට යටින් මෘදු රෙදි කැබලි තබන්න. හැකිනම් දරුවා මෙට්ටයක් මත තබන්න. නමුත් දරුවාගේ ගැස්ම කිසිවිටෙක අල්ලා නැවැත්වීමෙන් වළකින්න.

02. ගැස්ම නැවතුණු පසු දරුවා ඇලයට හරවන්න

ගැස්ම නවතින විට දරුවා නින්දකට යාමට ඉඩ තිබේ. ඒ අතරතුර දරුවාගේ මුඛයෙන් සෙම, කෙළ, වමනය ආදිය පිටවිය හැකි අතර ඒවා ස්වසනය මාර්ගයේ අවහිරවීමකින් තොරව බැහැරට මුදාහැරීම සඳහා දරුවා ඇලයකට හරවන්න. එහිදී මුඛය පහතට ඇලවන පරිදි හා ස්වසන මාර්ගය විවෘතව පවතින පරිදි හිස මදක් ඉහළට නැඹුරු කර තබා ගන්න.

03. උෂ්ණත්වය පිටවීම සඳහා මනා වාතාශ්‍රයක් සකසන්න.

දරුවා ඇඳ සිටින ඇඳුම් සුදුසු පරිදි ගලවා ඉවත් කරන්න. අවට වසා ඇති දොර ජනෙල් ආදිය ඇත්නම් ඒවා විවෘත කරන්න. රැස්වී සිටින්නන් වෙත්නම් ඒ අය ඈත් කරන්න.

04. දරුවා සිසිල් කරන්න

දරුවාගේ බෙල්ල, ඉකිළි හා කිහිලි ආදී ස්ථාන ඇල් ජලයේ පොඟවන ලද රෙදි කඩකින් හෝ පුළුං හෝ ගෝස් තට්ටුවකින් සිසිල් කරන්න. නමුත් බොහෝ වේලාවක් අනවශ්‍ය ලෙස සිසිල් කිරීමෙන් වළකින්න.

05. වරින් වර උණ පරීක්ෂා කර සටහන් තබා ගන්න.

දරුවා මනා සිහි ඇති තත්ත්වයට පත්ව ඇත්නම් නියමිත මාත්‍රාව යටතේ පැරසිටමෝල් පැණිය හා දියරමය ආහාර වර්ග පානයට දෙන්න. එම තොරතුරු සටහන් තබා දරුවා සමඟ වෛද්‍යවරයා වෙත යොමු කරන්න.

06. දරුවා වෛද්‍යාධාර වෙත යොමු කරන්න. මාපියන් අස්වසන්න.

දරුවාගේ සෙම, කෙළ ආදිය පිටවී ඇත්නම් පිසදා ඉවත් කරන්න. ස්වසනය, නාඩි හා උණ පරීක්ෂා කර සටහන් තබා ගන්න. මාපියන් අස්වමින් ඔවුන් ද සමඟ දරුවා වෛද්‍යාධාර සඳහා යොමු කරන්න.

එමෙන්ම පහත සඳහන් දෑ නොකිරීමට සැලකිලිමත් වන්න.
• දරුවා උඩුබැලි අතට තබා ගෙන යාම නොකළ යුතුය
• විවිධ දේ මුඛය තුළට දමා එය විවර කර තැබීමට උත්සාහ නොගත යුතුය
• දරුවා අසීමිත ලෙස සිසිල් කිරීමෙන් වැළකිය යුතුය.
• ගැස්ම ඇතිවිට හෝ සිහි මද තත්ත්වයේ සිටිනවිට ආහාරපාන නොදෙන්න

එමෙන්ම දරුවා පහත සඳහන් ඕනෑම තත්ත්වයක් අත්විඳින්නේ නම් ගිලන් රථයකට අමතා වෛද්‍යාධාර සඳහා යොමු කරන්න:
* මිනිත්තු 5 කට වඩා වැඩි කාලයක් පවතින වලිප්පුව.
* හුස්ම ගැනීමේ අපහසුතාව හෝ සිරුරේ යම් කොටස් නිල් පැහැයට හැරීම.
* කෙටි කාලයක් තුළ වලිප්පුව කිහිප විටක් සෑදීම.
* වෙනත් දරුණු රෝගී තත්වයක් පෙන්නුම් කිරීම

මේ පිළිබඳ ඔබ දන්නා තොරතුරු හා අදහස් මෙහි සටහන් කරන්න. තොරතුරු බෙදා ගන්න. හදිසි අවස්ථාවකදී නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා දැනුවත් වන්න.

https://www.facebook.com/sinhalenfirstaid/

Shout out to my newest followers! Excited to have you onboard! Nuwan Abeywickrama, Nilusha Udayanga, Kamal Peiris, Nipun...
23/04/2025

Shout out to my newest followers! Excited to have you onboard! Nuwan Abeywickrama, Nilusha Udayanga, Kamal Peiris, Nipuna Sanduni De Costa, Dinesh Udara, Muthu Dissanayake, Dinesh Priyanka Abeynayaka, Gunathilaka Kumbure Gedara, Asanka Salinda Jayasingha, Wathsala Udayajith, Rohan Danushka, Nalin Yva, Leema Salonkandy, Sameera Malinga, Hiruni Gimhani Perera, Subodhani Ileperuma, Anusha Karunarathne, Freesat Embilipitiya, Hema Wijesooriya

යන එන සැම තැන තිබිය යුතු හද පණ ගන්වන යන්ත්‍රය AEDහෘද අකර්මණ්‍යතාවයකදී AED යන්ත්‍රයක් භාවිතා කිරීමෙන් හදවත නැවත ආරම්භ කිර...
20/04/2025

යන එන සැම තැන තිබිය යුතු හද පණ ගන්වන යන්ත්‍රය AED

හෘද අකර්මණ්‍යතාවයකදී AED යන්ත්‍රයක් භාවිතා කිරීමෙන් හදවත නැවත ආරම්භ කිරීමේ සම්භාවිතාව දෙතුන් ගුණයකින් වැඩි කළ හැකි බව දැනට පැහැදිලිව සනාථ වී තිබේ. හෘද අකර්මණ්‍යතාවයක් සිදුවී මුල් මිනිත්තු 3-5ක් ඇතුළත AED යන්ත්‍රය භාවිත කළහොත් 50-70% කින් හදවත යළි පණගැන්වීමේ හැකියාව වැඩි කළ හැකිය. CPR (බාහිර පපු පීඩනය සහ කෘතිම ස්වසනය) සහ ඩිෆයිබ්‍රිලේටරයක් (AED යන්ත්‍රයක්) නොමැතිව ගතවන සෑම මිනිත්තුවක් සඳහාම, දිවි ගලවා ගැනීමේ අවස්ථාව ආසන්න වශයෙන් 10% කින් අඩු වේ. ඒ අනුව CPR හෝ AED නොමැතිව ඔ්නෑම රෝගී හෝ අනතුරකදී හෘදය අකර්මණ්‍යවන පුද්ගලයකුගේ දිවි බේරා ගැනීමේ හැකියාව විනාඩි 10 ක් තුළ 100% ක්ම අහිමි වී යයි.

AED යනු Automated External Defibrillator හෙවත් ස්වයංක්‍රීය බාහිර විද්‍යුත් කම්පන තරංග ජනකයයි. එය හදිසි හෘද අකර්මණ්‍යතාවයකට ලක්වූ අයෙකුගේ හදවත පණ ගැන්වීම සඳහා භාවිත කරන අතේ ගෙන යා හැකි උපකරණයකි. AED හදවතේ රිද්මය විශ්ලේෂණය කරන අතර, අවශ්‍ය නම්, හදවතේ සාමාන්‍ය රිද්මය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලි කම්පනයක් ලබා දෙයි. මෙහි විශේෂත්වය වන්නේ පූර්ව පුහුණුවක් නොමැති පුද්ගලයින්ට පවා එය භාවිතා කිරීමට පහසු වන පරිදි නිර්මාණය කර තිබීමයි.

AED යන්ත්‍රය මගින් විශේෂයෙන් හදවතේ රිද්මය විශ්ලේෂණය කරන අතර, රිද්මය අසාමාන්‍ය නම් (ventricular fibrillation වැනි), හදවතේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පාලිත විදුලි කම්පනයක් (controlled electric shock) ලබා දෙයි. මෙය කිසිසේත්ම CPR සදහා ආදේශකයක් නොවන අතර හද පණ ගන්වා එහි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව වැඩි කිරීම සදහා CPR සමඟ ඒකාබද්ධ කොට ලබා දිය යුතු ය

පුද්ගලයකු හුස්ම නොගන්නා විට පපු පීඩනය හා කෘතිම ලබා දීම ආරම්භ කළ යුතු අතර, ඒ අතරතුර හෘද රිද්මය හඳුනා ගැනීම සඳහා තවත් අයෙකු විසින් AED යන්ත්‍රයේ ඇති ඇලවුම් පෑඩ් රෝගියාගේ පපුව දෙපස ඇලවිය යුතුය. අනතුරුව එහි ඇති ස්විචය ක්‍රියාත්මක කිරීමෙන් පසු යන්ත්‍රය විසින් ස්වයංක්‍රීයව හදවත විශ්ලේෂණ කොට අවශ්‍ය නම් විද්‍යුත් කම්පනයක් ලබා දෙයි. මේ සඳහා එම යන්ත්‍රය හසුරුවන පුද්ගලයාට අදාළ මගපෙන්වීම යන්ත්‍රය මගින්ම හඬ සහ දෘශ්‍ය මාධ්‍යයෙන් ද ලබා දෙයි.

එය වැදගත් වන්නේ ඇයි: ක්ෂණිකව ප්‍රතිකාර නොකළහොත් හදිසි හෘද අකර්මණ්‍යතාවයක් මාරාන්තිකය. Defibrillation නිසි ලෙස ලබාදුනහොත් දිවි ගලවා ගැනීමේ අවස්ථා සැලකිය යුතු ලෙස වැඩි කරයි.

එය භාවිතා කළ හැක්කේ කාටද: AEDs නිර්මාණය කර ඇත්තේ පරිශීලක-හිතකාමී සහ පෙර අත්දැකීම් නොසලකා ඕනෑම කෙනෙකුට ප්‍රවේශ විය හැකි ආකාරයටය. බොහෝ පොදු ස්ථානවල දැන් AED යන්ත්‍ර ඇති අතර, ඒවා හදිසි අවස්ථා වලදී පහසුවෙන් ලබා ගත හැකිය.

පුහුණුවේ වැදගත්කම: AEDs භාවිතා කිරීමට පහසු වුවද, සමස්ත ක්‍රියාවලිය සහ AED නිසි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ප්‍රථමාධාර සහ CPR පිළිබඳ මූලික පුහුණුවක් ලබා ගැනීම වඩාත් සුදුසු බව කිව යුතුය.

ශ්‍රී ලංකාවේ AED තියෙනවාද? ශ්‍රී ලංකාවේ රෝහල් හා ගිලන්රථ හැරුණු විට මහජනයාට හදිසියකදී ප්‍රවේශ විය හැකි AED යන්ත්‍ර ඉතා සීමිත වුවද, ඒවා ගුවන්තොටුපළ, ප්‍රසිද්ධ හෝටල් සහ විදේශීය තානාපති කාර්යාල වැනි සමහර ස්ථානවල දැනට තිබේ. නමුත් ඒවා භාවිතය ද සාමාන්‍යයෙන් පුහුණුව ලත් පුද්ගලයින්ට සීමා වේ. එම නිසා CPR සහ AED පිළිබඳව පුහුණුවක් ලබා තිබීම ඉතා වැදගත්ය. අප රට තුළ තත්ත්වය මෙබඳු වුවද ලොවපුරා බොහෝ දියුණු රටවල වෙළෙඳසැල්, ක්‍රීඩාංගණ, ගුවන්තොටුපළ, දුම්රිය ස්ථාන, කාර්යාල ආදී මහජනයා ගැවසෙන බොහෝ ස්ථානවල AED යන්ත්‍ර මහජනයාගේ භාවිතය සඳහා සවි කර තිබේ.

https://www.facebook.com/sinhalenfirstaid

https://m.facebook.com/story.php?story_fbid=1237174971749017&id=100063695778240

‍ #ස්වයංක්‍රීයබාහිරවිද්‍යුත්කම්පනතරංගජනකය ‍ #ප්‍රථමාධාර

https://www.facebook.com/share/19AwNCni7n/
18/04/2025

https://www.facebook.com/share/19AwNCni7n/

සිරි දළදා වන්දානාව 2025

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මහනුවර ශාඛාව ලෙස අපි සිරි දළදා වන්දානාට සහභාගී වන දස දහසක් වූ බැතිමතුන් වෙනුවෙන් පැය 24 පුරා අපගේ ප්‍රථමාධාර සේවාව සැපයීමට කටයුතු සූදානම් කර ඇත.

ඔබගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීම අපගේ වගකීමයි!

kandybeo@redcross.lk

මීමැස්මොරය/ අපස්මාරය/ වලිප්පුව/ ෆිට් එක ආවොත් කළ යුතු දේපුද්ගලයකුගේ මොළයේ ස්නායු සෛල ඔස්සේ සිදුවන විද්‍යුත් ක්‍රියාකාරීත...
17/04/2025

මීමැස්මොරය/ අපස්මාරය/ වලිප්පුව/ ෆිට් එක ආවොත් කළ යුතු දේ

පුද්ගලයකුගේ මොළයේ ස්නායු සෛල ඔස්සේ සිදුවන විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ හදිසි වෙනස්වීමක් ඇතිවීම නිසා ශරීරයේ ප්‍රබල ගැස්සීමක් සහිතව ඇතිවන අධි අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය අපස්මාරය ලෙස හඳුන්වයි. එමෙන්ම මෙහිදී රෝගියා අසිහි තත්ත්වයට හෝ මඳ සිහි තත්ත්වයට පත්වීමත්, රෝගියා ඇදවැටීමත් සාමාන්‍ය ස්වභාවයයි.

ළමා අවධියේදී ඇතැම් අයට නිහඬව අපස්මාරය සෑදෙන අවස්ථා ද ඇත. එවිට දරුවාට තමා අවට පරිසරයේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව අවබෝධයක් නොමැතිව මද සිහියෙන් මෙන් එක් දිශාවක් බලාගෙන නිශ්චලව සිටීම දක්නට ලැබේ. එමෙන්ම මද වශයෙන් තොල්පෙති, ඇසිපිය, හිස හෝ අත්පා ගැස්සීම හෝ තදවීම වැනි නිමිති ද ප්‍රදර්ශනය විය හැකිය. එවන් අවස්ථාවල දරුවා ප්‍රවේශමෙන් වාඩි කරවා අත් පා හා ගැටීමට හැකි අසල ඇති උණු ජලය, තියුණු ආයුධ වැනි දෑ ඉවත් කළ යුතුය. එමෙන්ම දරුවාට හොඳින් කතා කරමින් අස්වසමින් කටයුතු කොට එය පළමු වතාවට සෑදුණේ නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු කළ යුතුය.

එමෙන්ම කුඩා දරුවන්ට උණ අධික වූ විට වලිප්පුව සෑදිය හැකි අතර එය උණ වලිප්පුව ලෙස හදුන්වයි. ඒ මෙහි සඳහන් අපස්මාර රෝගී තත්ත්වය නොවේ.

මොළයේ ඇතිවන සංකූලතා හා රෝග, මොළයේ ඔක්සිජන් හෝ ග්ලූකෝස් ප්‍රමාණය හීනවීම, මොළයේ ගෙඩි, පිළිකා, හිසට වන අනතරු, මත්ද්‍රව්‍ය හා වෙනත් දෑ මොළයට විෂ වීම, මෙනින්ජයිටිස් (meningitis) හෝ එන්සෙපලයිටිස් (encephalitis) වැනි ආසාදන, ජානමය හේතු නිසා ඇතිවන මොළයේ ආබාධ ආදිය අපස්මාරය රෝගය ඇතිවීමට බලපාන හේතු අතර වේ. අපස්මාරයේ ගැස්ම ඇතිවීමට ප්‍රථම සමහර රෝගීන්ට විශේෂ ගන්ධයක් හෝ රසයක් වැනි හැඟීමක් මගින් පූර්ව අපස්මාර සංඥාවක් දැනේ.

අපස්මාර රෝගයේ ප්‍රධාන වර්ග කිහිපයක් තිබේ.

1. ටොනික් ක්ලෝනික් (Tonic Clonic) වලිප්පුව - එහිදී රෝගියා සිහිසුන් වී වැටෙන්නට පුළුවන. මාංශ පේශි දැඩි වන අතර රෝගියාගේ ශරීරය ගැස්සීමට ලක්වේ.

2. ටොනික් (Tonic) වලිප්පුව - එහිදී රෝගියාගේ මාංශ පේශි හදිසියේම තද වී වැටෙන්නට පුළුවන. පසුව ඉක්මනින් සුවය ලැබිය හැකිය

3. ඇටෝනික් (Atonic) වලිප්පුව - එහිදී රෝගියාගේ මාංශ පේශි හදිසියේම ලිහිල් හා අප්‍රාණික වී වැටෙන්නට පුළුවන. පසුව ඉක්මනින් සුවය ලැබිය හැකිය

4. අවිඥානික (Absence) වලිප්පුව - එහිදී රෝගියා වටා සිදුවන දේ පිළිබඳ දැනුවත්භාවය සුළු වේලාවකට නැති වී යයි.

5. ෆෝකල් (Focal) වලිප්පුව - එහිදී රෝගියාට අසාමාන්‍ය හැඟීම්, සංවේදනයන් හෝ චලනයන් ඇති වේ

6. මයෝක්ලෝනික් (Myoclonic) වලිප්පුව - එහිදී රෝගියාගේ මාංශ පේශි කෙටියෙන් ගැස්සී යයි

අපස්මාරය සම්පූර්ණයෙන් සුව කළ හැකි අතර, ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත ඖෂධ නිසි ලෙස වසර දෙකක් වැනි අදාළ නිර්දේශිත කාලයක් ගැනීමට සිදුවනු ඇත. ඒ කාලයේදී ඖෂධ මාත්‍රා මග හැරීම, අධික මත්පැන් පානය, කොකේන් හෝ මොළය උත්තේජනය කරන මත්ද්‍රව්‍ය භාවිතය, නිදි මැරීම ආදී දෑවලින් වැළකී සිටිය යුතුය.

අපස්මාරය වැළඳුණු සෑම විටම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය නොවූව ද පහත සඳහන් අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරන්න.

🏥 ප්‍රථමවරට වලිප්පුව ඇති වී ඇත්නම්
🏥 වලිප්පුව මිනිත්තු 5කට වඩා පැවතියේ නම්
🏥 එක දිගට කිහිපවරක් වලිප්පුව සෑදුනේ නම්
🏥 අසිහි තත්ත්වයෙන් විනාඩි 10 කට වඩා සිටියේ නම්
🏥 ස්වසන අපහසුතා හෝ බරපතළ තුවාල සිදු වී ඇත්නම්

අපස්මාරයේදී බොහෝ අවස්ථාවල පහත දැක්වෙන රෝග ලක්ෂණ හා නිමිති හඳුනාගැනීමට හැකිය.

🙄 හදිසියේ සිහිසුන් වීම හෝ මඳ සිහිය
🙄 ඇදගෙන වැටීම හා සිරුරේ ගැස්ම ඇතිවීම
🙄 ස්වසනය අපහසු හා ශබ්දයක් පිටවීම
🙄 කොන්දෙන් මදක් නැවෙමින් ශරීරය දරදඬු වීම
🙄 කෙළ, සෙම හා මුත්‍රා ආදිය පිටවීම
🙄 දිව හෝ තොල් සැපුණහොත් ලේ පිටවීම
🙄 මිනිත්තු කිහිපයකින් ගැස්ම නැවතී නින්දට යාම
🙄 පේෂි ලිහිල්වී, ස්වසනය සාමාන්‍ය වී අවදි වීම


🕺 කළ යුතු දේ🕺

1. රෝගියාට විය හැකි අනතුරු අවම කරන්න
හැකිනම් ඇදවැටෙන විටම හෝ ඊට ප්‍රථම රෝගියාට ආරක්ෂිතව සහාය වී ඇදවැටීමේ වේගය අඩු කරන්න. රෝගියාට අනතුරක් විය හැකි අවට ඇති උණුවතුර, විදුලිය, තියුණු ආයුධ, පුටු ආදී දෑ හැකිතාක් ඉවත් කරන්න.

2. රෝගියාගේ හිස ආරක්ෂා කර ගැනීමට පියවර ගන්න
රෝගියාගේ හිසට යටින් හා දෙපසින් රෙදි කඩක්, තුවායක් වැනි රෙදි කඩක් තබා හිසට වන අනතුරුවලින් ආරක්ෂා කරගන්න.

3. මනා වාතාශ්‍රයක් ලැබෙන සේ වටපිටාව සකසන්න.
රෝගියා වටා පිරිස් රැස්වී ඇත්නම් වහාම ඔවුන් ඉවත් කරන්න. එම රෝගියා ටයි පටියක් පැළඳ සිටීනම් එය ඇතුළු අනෙකුත් ඇඳුම් ලිහිල් කරන්න. වසා ඇති දොර ජනෙල් ආදිය ඇත්නම් ඒවා විවෘත කරන්න.

4. ගැස්ම අවසන් වූ පසු ආරක්ෂිත ඉරියව්වට හරවන්න
ගැස්සීම අවසන් වූ පසුව රෝගියා සුළු වේලාවකට ගැඹුරු නින්දකට වැටීමට ඉඩ ඇත. එම අවස්ථාවේදී රෝගියා එක් ඇලයකට හරවා තබන්න. ඇලයකට හැරවූ පසු ස්වසන මාර්ගය විවෘතව හා මුඛය පහතට වන පරිදි තිබේදැයි තහවුරු කරගන්න.

5. ජෛව ක්‍රියාවලීන් නිරීක්ෂණය කරන්න
රෝගියාගේ ස්වසනය, නාඩි සහ ප්‍රතිචාර මට්ටම වරින් වර පරීක්ෂා කොට සටහන් තබා ගන්න.

6. රෝගියා අස්වසන්න. අවශ්‍ය වුවහොත් වෛද්‍යාධාර වෙත යොමු කරන්න
රෝගියා යථා තත්ත්වයට පත්වන තෙක් රෝගියා අසල සිටිමින් රෝගියාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි හා මානසික සහනය ලැබෙන පරිදි කටයුතු කරන්න. මිත්‍රශීලීව කතා කරන්න. අවශ්‍ය වුවහොත් වෛද්‍යාධාර සඳහා යොමු කරන්න

🚷 නොකළ යුතු දේ

එමෙන්ම අප විසින් මෙවැනි අවස්ථාවක කලබලවීමෙන් සමහර අය කරන නමුත් එසේ කිරීම නුසුදුසු දේවලුත් තිබේ.

❌ හදිසි අනතුරුදායක ස්ථානයක් නොවේනම් රෝගියා ක්ෂණිකව එතැනින් ඉවත් කිරීමෙන් වළකින්න.

❌ රෝගියාගේ ගැස්සීම ඔහුව තදින් අල්ලා සිටිමින් නතර කිරීමට උත්සාහ නොගන්න.

❌ ගැස්සීම ඇතිවිට හෝ අසිහියෙන් හෝ මද සිහියෙන් සිටින විට ජලය ඉසීමෙන් හෝ පානයට හෝ කිසිවක් ආහාරයට දීමෙන් වළකින්න. එසේ ජලය ලබාදුනහොත් අසිහි අවස්ථාවේදී ජලය ස්වසන මාර්ගයේ සිරවීමෙන් රෝගියාට ජීවිත හානි වුව ද සිදුවිය හැකිය.

❌ මුඛය විවෘතව තබා ගැනීමට යැයි සිතා කිසිවක් මුඛය තුළට නොදමන්න.

https://www.facebook.com/sinhalenfirstaid

🫀හරියටම නාඩි බලන්නේ කොහොමද 🫀නාඩි හෝ රුධිර ගමනාගමන වේගය හෝ රුධිර සංසරණ වේගය හෝ හෘද ස්පන්දන වේගය යන නම්වලින් හඳුන්වන නාඩි ...
15/04/2025

🫀හරියටම නාඩි බලන්නේ කොහොමද 🫀

නාඩි හෝ රුධිර ගමනාගමන වේගය හෝ රුධිර සංසරණ වේගය හෝ හෘද ස්පන්දන වේගය යන නම්වලින් හඳුන්වන නාඩි වේගය මැන බැලීමට අප සෑම අයෙකුම දැන සිටිය යුතුය. හෘදයාබාධ, ඇදුම උත්සන්නවීම, දියේ ගිලීම හෝ ඔ්නෑම ආකාරයක රෝගී තත්ත්වයක් හෝ අනතුරකට භාජනයවීමක් නිසා කිසියම් අයෙකු සිහිනැති හෝ මද සිහි ඇති තත්ත්වයකට පත්වුවහොත් ගිලන් රථයක් පැමිණෙන තෙක් හෝ රෝගියා රෝහල වෙත ගෙනයන තෙක් ඔවුන්ගේ නාඩි පරීක්ෂා කර බැලීමට අප දැන සිටිය යුතුය.

මෙය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට කළ හැකිය.

01. ගෙලෙහි එක් පැත්තකින් (උගුරු දණ්ඩ අසල පැත්තකින්) කරෝටික හෙවත් ශීර්ෂපෝෂී ධමනිය තෙරපීම මගින්

02. මැණික් කටුව අසල අරිය ධමනිය හෙවත් අධෝක්ෂ ධමනිය තෙරපීම මගින්

මිට අමතරව ළදරුවන්ගේ කිහිල්ල අසල අත ඇතුළු පැත්තේ බුජීය තෙරපීම මඟින් නාඩි පරීක්ෂාව සිදු කළ හැකිය.

+ නාඩි පරීක්ෂාවේදී ඔබේ අතෙහි දඹරඟිල්ල හා මැදඟිල්ල භාවිත කොට නාඩි වැටීම දැනෙනතුරු තද කරන්න. රෝගියාගේ අතෙහි නාඩි බලන්නේ නම් අත මේසයක් මත හෝ ඔබේ අනෙක් අත මත තබා තෙරපන්න.

+ නාඩි ගණනය කිරීම සඳහා ඔරලෝසුවක් භාවිත කොට නිවැරදිව විනාඩියක කාලයක් තුළ ඔබට දැනෙන නාඩි ගණන ගණනය කරන්න.

විනාඩියක් තුළ සාමාන්‍යයෙන් තිබිය යුතු නාඩි වාරගණන

🫀ළදරු (වයස අවුරුදු 1 යි) – විනාඩියකට වාර 100 සිට 160 දක්වා

🫀කුඩා දරුවා (වයස අවුරුදු 1 සිට 3 දක්වා) – විනාඩියකට වාර 90 සිට 140 දක්වා

🫀පෙර පාසල් සිසුවා (වයස අවුරුදු 3 සිට 6 දක්වා) – විනාඩියකට වාර 80 සිට 120 දක්වා

🫀ළමා (වයස අවුරුදු 6 සිට 12 දක්වා) – විනාඩියකට වාර 70 සිට 110 දක්වා

🫀 යෞවන සහ වැඩිහිටි (වයස අවුරුදු 12 ට වැඩි) – විනාඩියකට වාර 60 සිට 100 දක්වා

https://www.facebook.com/sinhalenfirstaid/

Shout out to my newest followers! Excited to have you onboard! Amitha Gayan, Kamani Athapattu, Bhagya Midiwalana, Antony...
08/04/2025

Shout out to my newest followers! Excited to have you onboard! Amitha Gayan, Kamani Athapattu, Bhagya Midiwalana, Antony Paiva, Salinda Herath, Krishanthasanjeewana Sanjeewana, Nuwan Chathuranga, Buddika Lilan, Danushka Bandara, Nadee Sajani, Tharaka Kumanayake, Krishani Lakmali, Richchu Araa, Ajith Dissanayaka, Janith Pathirana, Ashen Chathuranga, Spring Sisira, Buddika Pradeep, Ishara Sanjaya, Kamal Indika, Prabath Nanayakkara, Buddhika P Weerakkody, Indrapala Silva, Mangala Pradeep Kumara, Chaminda Pushpakumara, Supun Upendra, Irosha Sooriyakumbura, Ajith Garusinha, Shiroma Perera, Nayani Nayani, Vidura Sahan, Saranga Wimalasiri, Dilhani Hettiarachchi, Lahiru Sandaruwan, Kushan Hettiarachchi, Nirosha Shamalee, Buddika Chathu Bandara, Dananjaya Sanjeewa, කසුන් රන්දික, Mahesh Kumara, Udenipushpalatha Samarakoonmudeyanselage, Kumara Da, Thilanka Pradeep, Srimal Vidana Gamage, Janak Piyanath, Devika Vithanage, Shali Pathirana, Supun Miuranga, Tharuka Madushanka, Lakmini Madumali

තුනෙන් එකක් ඉවත්කර ගින්න නිවමු 🔥ගින්නක් ඇතිවීමට බලපාන මූලහේතු (Triangle of Fire) ප්‍රධාන වශයෙන් තුනකි. 1. උෂ්ණත්වයක් (පත...
08/04/2025

තුනෙන් එකක් ඉවත්කර ගින්න නිවමු 🔥

ගින්නක් ඇතිවීමට බලපාන මූලහේතු (Triangle of Fire) ප්‍රධාන වශයෙන් තුනකි.

1. උෂ්ණත්වයක් (පත්තුවීමක්) හටගැනීම
2. දහනකාරකයක් (පෙට්‍රල්, දර, පත්තර, රෙදි ආදී) පැවතීම
3. ඔක්සිජන් වායුව පැවතීම

ගින්නක් හටගෙන ඇති අවස්ථාවක ඉහත එක් මූලයක් හෝ ඉවත් කිරීම ගින්න නිවීමට අත්‍යවශ්‍ය වේ.

ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කළ හැකිය.

🔥 දහනකාරකයන් ඉවත් කිරීම

පත්තර, රෙදි, ලී බඩු, කාඩ්බෝඩ්, තෙල් බහාලුම් ආදී දහනකාරකයන් ගින්න පැතිරෙන දිශාවෙන් ඉවත් කිරීම

🔥 ඔක්සිජන් සැපයුම දුර්වල කිරීම

සුළු ගින්නක් නම් ඝන රෙදිකඩකින් වැසීම, කාමරයක ගින්නක් නම් දොර ජනෙල් වසා දැමීම ආදිය මගින් ගින්නට අවශ්‍ය ඔක්සිජන් සැපයුම දුර්වල කිරීම

🔥 දැල්ල නිවා දැමීම

මේ සඳහා එන්ජිම ක්‍රියාත්මක වාහනයක එන්ජිම අක්‍රීය කිරීම, විදුලි සැපයුම විසන්ධි කිරීම, ගෑස් කාන්දුවක් ඇතිවිට ගෑස් සැපයුම විසන්ධි කිරීම, පත්තර - ලීබඩු - රෙදි ආදියෙහි ගින්නක් ඇති විට ජලය යෙදීම ආදී ක්‍රම අනුගමනය කිරීම

https://www.facebook.com/sinhalenfirstaid/

Address

Colombo
50000

Alerts

Be the first to know and let us send you an email when First Aid for Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share