My Ayurveda Diary

My Ayurveda Diary Ayurveda for everyday life by Dr Konara

මේක ඇබ්බැහි වෙන සුළුයි.ඉතින් කමක් නෑ මේකට ඇබ්බැහි වෙන්න 🙂.​ලෝකයේ පාට වර්ග දහස් ගාණක් තිබුණත්, ඇඳුම් කඩේක විලාසිතා දහස් ග...
18/04/2026

මේක ඇබ්බැහි වෙන සුළුයි.ඉතින් කමක් නෑ මේකට ඇබ්බැහි වෙන්න 🙂.

​ලෝකයේ පාට වර්ග දහස් ගාණක් තිබුණත්, ඇඳුම් කඩේක විලාසිතා දහස් ගාණක් පිරී තිබුණත් ඔබට ගැලපෙන පාටවල් හෝ ස්ටයිල් වෙනමම් තියනව නේද ?

​සමහරවිට ඔබේ විලාසිතාව ඔබේ යාළුවාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබේ පෞරුෂයට නොගැලපෙන එක කුඩා ලේන්සුවක් පවා ඔබේ සම්පූර්ණ පෙනුම වෙනස් කරන්න පුළුවන්.

බාහිරින් ඒ වගේ අපිටම ගැලපෙන දේවල් තියනවා වගේම අපේ ඇඟ අභ්‍යන්තරයටත් ගැලපෙනම දේවල් ටිකක් තියෙනවා.

ආයුර්වේදයේ මේකට කියන්නේ ඔබේ "ප්‍රකෘතිය" (Unique Constitution)
(මේක කියවන්න ගිහින් දිව උලුක්කු කරගන්නවා එහෙම නෙවෙයි😉) කියලා.

බාහිරින් අපිට ගැලපෙන දේ වගේම, අභ්‍යන්තර පරිසරයත් අපේ ප්‍රකෘතියට අනුව හැඩගස්වා ගත්තොත් ඔබේ ජීවිතය Next Level එකකට ගෙනියන්න පුළුවන්!

​මෙය සිදු කරන්නේ කොහොමද ?

​ඔබේ සුවිශේෂී ප්‍රකෘතිය හඳුනාගෙන ( මේක හඳුනා ගන්න ආකාරයේ මම ලිපිීපයකදී ගෙනල්ලා තියනවා 🙂) ඒ අනුව ජීවන රටාව සකස් කරගැනීම කියන්නේ හරිම ආකර්ෂණීය දෙයක්.ඔයා මේක කරන්න පටන් ගත්තොත් මේකට ඇබ්බැහි වෙනවා නිසැකයි.

​ඔබේ සිරුරේ ස්වභාවයට (වාත, පිත, කප) අනුව ගැලපෙනම රසයන් සහ ආහාර වර්ග තෝරා ගන්න.

​ඔබ අවදි විය යුතු වෙලාව, ව්‍යායාම කළ යුතු ආකාරය සහ විවේකය ගත යුතු ආකාරය ඔබේ ප්‍රකෘතියට අනුව වෙනස් කරන්න. මේ ගැන තවදුරටත් තියෙනවා නම් ඔබට ගැලපෙන ඔබ සඳහන මම වෙන් වූ යෝග ආසන තිබෙනවා. ඒවත් අනුගමනය කරන්න.

​ ඔබේ සිතුවිලි සහ බාහිර ලෝකය සමඟ ඔබ ගනුදෙනු කරන ආකාරය ඔබේ අභ්‍යන්තර ශක්තියට (Aura) ගැලපෙන ලෙස පවත්වා ගන්න.

දැන් ඉතින් මේවා හදාගත්තා කියමුකෝ.ඔයාට මොනාද වෙන්නෙ ?​

ඔයාටම ගැලපෙන ලස්සන ඇඳුමක් ඇන්දම ඔයාට දැනෙන comfortable ගතිය කොහොමද ?

ඔයාටම හරියන ඔයාගේ හමට ගැලපෙන හොඳ ක්‍රීම් එකක් ගෑවුම තියෙන වෙනස කොහොමද?

හොඳ perfume එකක් පාවිච්චි කරනකොට දැනෙන ගතිය කොහොමද?

අනිත් අයට නැති හොඳ වාහනෙක යනකොට, හොඳ ලස්සන ගේක ජීවත් වෙනකොට ඔබට දැනෙන ගතිය කොහොමද ?

මේවා ගැන අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ. විශ්වාස කරන්න ඔය කිව්ව හැමදේටම වඩා උසස් සැපයක් ඔබට මෙම ක්‍රමයෙන් දැනේනවා.

නිතර නිතර වැළඳෙන ලෙඩ රෝග වලින් බේරී සැබෑ නිරෝගී සුවය විඳීමේ හැකියාව.

​කෘතිම ආලේපන වලට වඩා ඔබේ ප්‍රකෘතියට ගැලපෙන පැවැත්ම හරහා සමේ පැහැය ස්වභාවිකවම ලස්සන කරගත හැකියි.

සිරුරේ සෛල ඉක්මනින් වයසට යාම පාලනය කර (Anti-aging effect) වැඩි කාලයක් ජව සම්පන්නව සිටීමේ හැකියාව.

​ඔබ අභ්‍යන්තරයෙන් සුවපත් වන විට ඔබෙන් නිකුත් වන ශක්තිය (Energy) නිසා ඔබ අන් අයට ඉතා ප්‍රියමනාප, ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත්වේ.මේ කරුණාව ගැන තවත් දුරටත් ඔයාට දෙයක් කියන්න ඕන. මා දැක ඇති විදිහට ගොඩක් දෙනා මේකට ඇබ්බැහි වෙන තැන මෙන්න මේක. ඔබ විශ්වාස කරත් නැතත් ඔබේ ශරීරයේ ඔබට නොපෙනෙන ශක්තියක් තියෙනවා. ආයුර්වේද දර්ශනය තුළ ප්‍රකෘතිය මගින් සිදු කරන්නේ එය තව තවත් වැඩිදියුණු කරන එක. මේ පිළිබඳව තවදුරටත් ඔබට විස්තර සහිතව ලිපියක් ඉදිරියේදී ගෙන එන්නම්.

​ඉතින් ඔබ අදම මේ පිළිබඳව සිතා බලා ඒ අනුව කටයුතු කරන්න මනස හදාගන්න.කරන්න ඕනෑ. කරන්න හිත හදාගන්න. මෙය කිරීමට අවශ්‍ය අධිෂ්ඨානය ගන්න. එය ඔබව නිසැකයෙන්ම ඔබේ අභ්‍යන්තර ප්‍රකෘතිය වැඩිදියුණු කිරීමට ඔබව ගෙන යයි.

​🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS. University of Colombo )

අභ්‍යන්තර සුවය සොයා යන ගමනට... 🍃ඔබට ජය.

ස්වභාවධර්මයේ ආශීර්වාදයත්, ආයුර්වේදයේ සුවයත් සමඟින්, උදාවූ අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට, සාමය සහ පිරිපුන් සෞඛ්‍යය උදා කරන ...
14/04/2026

ස්වභාවධර්මයේ ආශීර්වාදයත්, ආයුර්වේදයේ සුවයත් සමඟින්, උදාවූ අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට, සාමය සහ පිරිපුන් සෞඛ්‍යය උදා කරන වාසනාවන්ත වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු!

Dr.Konara
My Ayurveda Diary.

මේ ලිපිය ඔයා කියවනවානම් එය අහම්බයක් නෙවෙයි.ඔයාගේ ෆෝන් එකේ වෙලාව බලන්න.මේ ඔබට වෙන්වුන ඔබගේම වේලාවක් නැතිනම් ඔබගේ ජීවිතයේ ...
11/04/2026

මේ ලිපිය ඔයා කියවනවානම් එය අහම්බයක් නෙවෙයි.ඔයාගේ ෆෝන් එකේ වෙලාව බලන්න.මේ ඔබට වෙන්වුන ඔබගේම වේලාවක් නැතිනම් ඔබගේ ජීවිතයේ ඔයාගේම නැකතයි.

අදම මේ නැකත ඔබේ කරගන්න.ඒ..... ඔබ වෙනුවෙන් හා හැමදාම ආදරයෙන් ඔබත් එක්ක ඉන්න ඔබේම ආදරනීයයන් වෙනුවෙන්.❤️

ඉස්සල්ලාම කාරනාව කියන්නෙ මේ වෙනකොට චිල් එකේ ඉන්න තරුණ වයසේ කොල්ලො කෙල්ලොන්ට.

අපි දවසින් දවස වයසට යනවා. වයසට යද්දී ලෙඩ වෙන්න බෑ, මම අද ඉඳන් ජිම් එකට ගිහින් ඇඟට ව්‍යායාම කරන්න හිතලා ඔයාගෙ Deck Shoes දෙක ලෑස්ති කරන්න මේක නැකතක් කරගන්න.

​"මම අද ඉඳන් පැණි රස ආහාරවලින් ගොඩක් වැළකී මගේ ජීවිතය රැකගන්නවා. ඒ මා වෙනුවෙන් මගේ ආදරනීයයන් වෙනුවෙන්" යැයි දැඩිව අධිෂ්ඨාන කරගන්න මේක නැකතක් කරගන්න.

"මගේ සිතේ සන්සුන් බව නැති කරන, රුධිර පීඩනය වැඩි කරන දේවලින් මම පුලුවන් තරන් ඈත් වෙනවා" කියලා හිතන්න, ඔබ ප්‍රෙශර් තියන කෙනෙක් නම්.

​හැමදාම බඩේ දැවිල්ල කියකියා ඉන්නෙ නැතුව නියමිත වේලාවට කෑම ගැනීමටත්, අනවශ්‍ය තෙල් සහ මිරිස් කෑම අත්හැරීමටත් තීරණය කරන්න මේක නැකතක් කරගන්න.

​"ශරීරයේ හෝමෝන ක්‍රියාවලියට රාත්‍රී නින්ද අත්‍යවශ්‍යයි" ඒ නිසා රාත්‍රී 10 වන විට දුරකථනය පසෙක තබා නින්දට යන ඒ පළමු දවස අද කරගන්න.දැන්ම එලාම් එකක් තියගන්න මතක්කරලා.

​මේ රස්නියත් එක්ක cool බීම එකක් බොන්ඩම හිතෙන ඔයාට කඩේ සීතල පෙට්ටිය ගාවට ගිහින් යටම ටියන cool වතුර බෝතලයක් ගන්න නැකත මේක කරගන්න.

දිනකට විනාඩි 10ක් භාවනාව හෝ ආශ්වාස ප්‍රාශ්වාස ව්‍යායාමයක් (Pranayama) සඳහා වෙන්කරන නැකත මේක කරගන්න.

​රාත්‍රී ආහාරය සැහැල්ලු කර, සවස් කාලයේ කෙටි ඇවිදීමක් ආරම්භ කරන මොහොත මේක කරගන්න.

​හෙට උදේ සූර්ය උදාවට පෙර පිබිදී උදෑසන නැවුම් වාතය ආශ්වාස කර ඒ අත්දැකීම ගන්න නැකත මේක කරගන්න.

​ශරීරයේ නම්‍යශීලී බව වෙනුවෙන් යෝග ව්‍යායාමයක් ආරම්භ කරන නැකත මේක කරගන්න.

​රසායනික ආලේපන වෙනුවට ශාකසාර සත්කාර සහ වැඩිපුර ජලය පානය කරන්න පටන් ගත් වෙලාව මේක කරගන්න.

​පරිගණක සහ දුරකථන තිර දෙස බලා සිටින ඔබ කාලය සීමා කිරීමට තීරණය කරන්න.ඇස් වලට ව්‍යායාමයක් කරන්න.

​මෙච්චර කල් හොදට ලුනු එහෙමවැඩිපුර කෑවා නම්, වකුගඩු රෝගවලින් මිදීමට ආහාරවල ලුණු ප්‍රමාණය සීමා කිරීමට හිත හදාගන්න නැකත මේක කරගන්න.

​තන්තුමය ආහාර සහ පලතුරු වැඩිපුර ගැනීමට හුරු වූ මොහොත මේක කරගන්න.

​ඔයා ටිකක් මදුවිතෙන් සප්පායම් වෙන කෙන්ක් නම් වෙනදාට වඩා ටිකක් අඩුවෙන් ගන්න නැකත අද දවස කරගන්න.

​තමන්ගේම ගෙවත්තේ වස විස නැති පැළයක් සිටුවන නැකත මේක කරගන්න.

මේවගෙන් කීපයක් හරි ඇගට දාගන, ​තමන් පමණක් නොව මුළු පවුලම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු කිරීමට නායකත්වය ගන්න නැකත මේක කරගන්න.

වාහන එහෙම පදවනකොට ​"මේ ශරීරය මගේ දේවස්ථානයයි, මම එයට ගරු කළ යුතුයි" කියා තමන් ගැන වඩාත් සැලකිලිමත් වන්නට පටන් ගන්න නැකත මේක කරගන්න.

කවුරුහරි ඔබව තලා පෙලා දමා කතා කරනවනම් " මං මොකටද මේ මනුස්සයා වගේ පහත් තත්වෙකට වැටෙන්නේ "කියල හිතලා ප්‍රශ්නෙකට නොපැටලී ඉන්න උතුම් මනුෂ්‍යයෙක් වෙන්න හිත ට්‍රේන් කරන නැකත මේක කරගන්න.

ජීවිතය සුන්දර කරගන්න ලස්සන කරගන්න ආලෝකමත් කරගන්න නැකත මේක කරගන්න

ඔබට තව කෙනෙකු වෙනුවෙන් දෙයක් කිරීමට පුළුවන් නම් නොපිරිහෙළා එය හදවතින්ම කරන නැකත මේක කරගන්න.

ඉතින් මෙන්න මේක තමයි නියම ආයුර්වේද නැකත. ඔබට අමාරුවෙන් හෝ මෙම නැකත් වලින් එකක් හරියට කරන්න පුළුවන් නම් නිරායාසයෙන් ඔබ සභාව ධර්මයේ රිද්මයට අනුගත වේවි. ඔබට ඒමට තියෙන බාධක, ප්‍රශ්න, අනතුරු, වැලකේවි.

ඉතින් මේ වෙලාව ඔබේ වෙලාවයි.ඔබේ නැකතයි.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

යෝගා කරන්න වයස බාධාවක්ද? නැහැ, කිසිසේත්ම නැහැ! 🌿🧘‍♀️මුලින්ම කියන්න ඕනි,  ඔබේ ප්‍රදේශයේත් මෙවැනි වැඩසටහන් අපේ ආදරනීය ආයුර...
30/03/2026

යෝගා කරන්න වයස බාධාවක්ද? නැහැ, කිසිසේත්ම නැහැ! 🌿🧘‍♀️

මුලින්ම කියන්න ඕනි, ඔබේ ප්‍රදේශයේත් මෙවැනි වැඩසටහන් අපේ ආදරනීය ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ඉතා කැපවීමෙන් හා ඕනෑකමකින් ඔබ සඳහාම සිදුකරනු ලබනවා.

ඔබටත් එම වැඩසටහන් වලට නොමිලේම සහභාගි වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට සහභාගී වන්න🙂❤️.

ඉතින් අපි ​"වයසයි, දැන් ඕවා කරන්න බෑ" කියලා හිතන මතය දැන්වත් වෙනස් කරමු.

අපි පසුගියදා කඩුවෙල SANASA නැගෙනහිර බැංකු පරිශ්‍රයේදී ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ විශේෂ වැඩසටහනක් පැවැත්තුවා.

මෙහිදී අපේ ආදරණීය අම්මලා තාත්තලාට යෝගා පිළිබඳව මූලික හැඳින්වීමක්, ඔවුන්ගේ වයසට ගැලපෙන යෝගාසන, සහ මානසික හා කායික සුවය ලැබෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දුන්නා. 🥰👩‍⚕️

​ඔවුන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ යෝගා ප්‍රායෝගික වැඩසටහනත් ඉතාම සාර්ථකව නිම කළා. 🥰🍃

​නිරෝගී ජීවිතයක් උදෙසා අප ගන්නා මේ උත්සාහය, අපේ අම්මලා තාත්තලාගේ හෙට දවස වඩාත් සුවදායක කිරීමට හේතු වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ❤️🌱

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

රාත්‍රියට උළුහාල් මේස හැන්දක් වතුර වීදුරුවකට දමා පෙඟෙන්නට හැර, පසුදා උදෑසන එයට දෙහි බින්දු කිහිපයක් එකතු කර පානය කිරීමෙන...
22/03/2026

රාත්‍රියට උළුහාල් මේස හැන්දක් වතුර වීදුරුවකට දමා පෙඟෙන්නට හැර, පසුදා උදෑසන එයට දෙහි බින්දු කිහිපයක් එකතු කර පානය කිරීමෙන් ඔබට වෙන දේ දැනගමු.

1. උළුහාල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක (Antioxidants) මගින් සන්ධි ඉදිමීම සහ ශරීරයේ ඇති වන අභ්‍යන්තර දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ.

2. නරක කොලෙස්ටරෝල් (LDL) අඩු කර හෘදයේ සෞඛ්‍යය රැක ගැනීමට මෙම පානය විශාල මෙහෙයක් ඉටු කරයි.

3. අක්මාව තුළ ඇති විස ද්‍රව්‍ය ඉවත්කිරීමට උපකාරී වේ.

4. හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය නිසි මට්ටමේ පවත්වා ගැනීමට උළුහාල් වතුර උදව් වේ.

5. අධික වෙහෙස නිසා ඇති වන මාංශ පේශි තද ගතිය සහ කැක්කුම් අඩු කරයි.

6. ආහාර ජීර්ණ එන්සයිම උත්තේජනය වන අතර, එය නිසි පරිදි කුසගින්න ඇති කිරීමට හේතු වේ.

7. ආයුර්වේදයට අනුව ශරීරයේ ඇති අධික පිත (Pitta) සමනය කර, ශරීරය අභ්‍යන්තරයෙන් සිසිල් කිරීමට මෙය මහඟු ඖෂධයකි.

8. ලෙඩ රෝග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව (Immunity) ශරීරය තුළ ගොඩනැගේ.

​9. දියවැඩියාව පාලනය කිරීමට අපේක්ෂා කරන අයට මෙය කදිම පානයකි.

​10. උදෑසන හිස්බඩ උළුහාල් වතුර පානය කිරීමෙන් කුසගින්න පාලනය වන අතර, දෙහි යුෂ මගින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) වේගවත් කරයි.

මෙය බඩ අඩු කර ගැනීමට සහ බර අඩු කර ගැනීමට බෙහෙවින් උපකාරී වේ.

​11 . දෙහි යුෂ සහ උළුහාල් සංයෝගය මගින් ආමාශයේ ඇති විස ද්‍රව්‍ය ඉවත් කර (Detoxification), අජීර්ණය සහ මලබද්ධය වැනි තත්ත්වයන් මගහරවා දෙයි.

​12 . මුහුණේ කුරුලෑ පාලනය කර සම පැහැපත් කිරීමටත්, හිසකෙස් ශක්තිමත් කිරීමටත් මෙම පානය උදව් වේ.

​සාදාගන්නා ආකාරය:

​රාත්‍රියේදී පිරිසිදු උළුහාල් තේ හැඳි 1-2ක් වතුර වීදුරුවකට දමා වසා තබන්න.
​පසුදා උදෑසන එම වතුර පෙරා ගන්න.

​එයට නැවුම් දෙහි බින්දු කිහිපයක් එකතු කර හිස්බඩ පානය කරන්න.
​සැලකිය යුතුයි: ඔබ අධික ලෙස ශරීරය සිසිල් වන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ නම් හෝ ගර්භණී මවක් නම්, ඕනෑම ඖෂධීය පානයක් ලබා ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි.

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

14/03/2026

මේ දවස්වල අපිට මෙච්චර මහන්සි දැනෙන්නේ ඇයි? 🥵 ශරීරයේ ශක්තිය ඇත්තටම පරිසරයට උරා ගන්නවාද?

බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් අපේ ශරීරයේ ශක්තියට බලපාන්නේ කෙසේද? ආයූර්වේදයේ දැක්වෙන "ආදාන කාලය" සහ "විසර්ග කාලය" පිළිබඳව මහාචාර්ය ජයවර්දනයන් විසින් සිදු කරන මෙම ගැඹුරු විග්‍රහය තුළින්, වර්තමානයේ අප අත්විඳින අධික විඩාව සහ ශරීර ශක්තිය හීන වීමට නියම හේතුව ආයුර්වෙද විද්‍යාත්මකව වටහා ගනිමු.

මෙම පනිවිඩය සොබාදහමේ රිද්මයට අනුව නීරෝගීව ජීවත් වීමට කැමති ඔබ සදහාමයි.

පසුගිය දින කිහිපය පුරාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම දැඩි උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදන ...
09/03/2026

පසුගිය දින කිහිපය පුරාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම දැඩි උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. මේ වගේ කාලයකදී අපේ ශරීරයේ "පිත්ත දෝෂය" අධික ලෙස කිපෙන්න පුළුවන්. ඒ නිසා නිකම්ම වතුර බීලා විතරක් මදි, අපේ දෛනික පුරුදු කිහිපයකුත් වෙනස් කරගන්න ඕනේ.
​ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් මෙන්න වැදගත් කරුණු කිහිපයක්,


* කෘමි සතුන් සර්පයන් ආදී සතුන්ගෙන් ප්‍රවේසම් වන්න.මොකද මේ කාලෙදි සතුන්ගේ විස අපේ ඇඟට දැනෙන ප්‍රමානය අනෙකුත් කාල වලට වඩා වැඩි.

* යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලදී කෝපය පාලනය කරගන්න.මිනිසුන් සමග කොයි වෙලාවකත් ගැටෙන්නට යන්න එපා.(අනිත් කාලාවලත් එපා. හැබැයි මේ කාලේවිශේෂයි)

* අනවශ්‍ය විදිහට යම් දෙයක් ගැන එක දිගට සිතන්නට යන්න එපා.

* ඔබට සුලුවෙන් හෝ ඇලජික් වෙන ආහාර හෝ යම්දෙයක් වේ නම් ලගින්වත් යන්න එපා.ඈත් කරලම තියන්න.

* අව්වේ යන විට අව් කන්නාඩි භාවිතා කරන්න.

* පොදු වැසිකිළිවල වැඩි වේලාවක් ගත කරන්න එපා.මොකද අධික හිරු රශ්මිය නිසා විවිධ විස වායූන් වර්ග වැඩි සාන්ද්‍රණයකින් වෙනදාට වඩා නිපදවන නිසා.

* ​පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර වතුර පානය කරන්න.

* පාසල් යන වයසේ කුඩා ළමුන් සිටී නම් පිටියේ ක්‍රියාකාරකම් හවස් වරුවට කිරීමට උපදෙස් දෙන්න.

* ​තැඹිලි, කුරුම්බා, බෙලි මල් තැම්බූ වතුර, රණවරා මල් පානය සහ ඉරමුසු වැනි දේ ඉතාමත් ගුණදායකයි.

* කැද පානය කරන්න.​දහඩිය සමඟ සිරුරෙන් පිටවන ලවණ නැවත ලබා ගැනීමට කැඳ වර්ග උදව් වෙනවා.

* ​පිපිඤ්ඤා, කැකිරි, පතෝල, වැටකොළු සහ බණ්ඩක්කා වැනි සිරුර සිසිල් කරන එළවළු වැඩියෙන් ආහාරයට ගන්න.

* ​කොමඩු, පැපොල්, නාරං සහ දොඩම් වැනි පලතුරු සිරුරේ තෙතමනය රඳවා ගැනීමට උදව් වෙනවා.

* ​අධික ලෙස මිරිස් සහ කුළුබඩු යෙදූ ආහාර, රතු මස්, බලමාළු සහ ඉස්සන් වැනි "උෂ්ණාධික" ආහාර මේ දිනවල සීමා කරන්න.

* දහවල් කාලයේ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී, හැකි තාක් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින්න.

* ශරීරයට වාතාශ්‍රය ලැබෙන සැහැල්ලු කපු ඇඳුම් (Cotton clothes) ඇඳීමට උත්සාහ කරන්න.

* දිනකට දෙවරක්වත් ස්නානය කිරීමෙන් සිරුරේ උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්. (හැබැයි තද අව්වේ ගිහින් ආපු ගමන්ම නාන්න එපා).

* කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝග ඇති අය ගැන මේ දිනවල වැඩිපුර විමසිලිමත් වන්න. අධික නිදිමත, ක්ලාන්තය හෝ අධික පිපාසය වැනි ලක්ෂණ ඇත්නම් මොකටත් කියල වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

ආයුර්වේදයට අනුව කාන්තාව යනු "ශක්තිය" (Shakti) සංකේතවත් කරන්නියකි.ලෝකයම අද දින ලෝක කාන්තා දිනය සමරනු ලබනවා. පවුලක, සමාජයක...
08/03/2026

ආයුර්වේදයට අනුව කාන්තාව යනු "ශක්තිය" (Shakti) සංකේතවත් කරන්නියකි.ලෝකයම අද දින ලෝක කාන්තා දිනය සමරනු ලබනවා. පවුලක, සමාජයක මෙන්ම රටක ප්‍රගමනය උදෙසා කාන්තාව ඉටුකරන මෙහෙය අතිමහත්. ඇය නිවසේ ජීවයයි. නමුත් බොහෝ විට අන් අයගේ සුවදුක් සොයා බලන කාන්තාවට තමන්ගේ සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කිරීමට කාලයක් ඉතිරි වන්නේ නැහැ.

පවුල වෙනුවෙන් වෙහෙසෙන ඔබ, ඔබගේ සෞඛ්‍යය වෙනුවෙන්ද දිනකට ස්වල්ප වේලාවක් වෙන් කරන්න. ඒ ලෙඩක් රෝගයක් ඇතිනම් ඒ නිසාම නෙවෙයි. ලෙඩ නොවී ඉන්නටත් එක්කම. ඔබ නිරෝගී වූ විට මුළු පවුලම නිරෝගී වේවි.

ඉතින් ඔබට අභිමානවත් සහ නිරෝගී කාන්තා දිනයක් වේවා!

ඔබටත් මේ ලක්ෂණ තියෙනවාද? එහෙනම් මේ පණිවිඩය ඔබටයි! 👇​* වෙනදාට වඩා ඉක්මනින් මහන්සි ගතියක් දැනීම.​* වෙලාවකට දැනෙන සුළු පපුව...
02/03/2026

ඔබටත් මේ ලක්ෂණ තියෙනවාද? එහෙනම් මේ පණිවිඩය ඔබටයි! 👇

​* වෙනදාට වඩා ඉක්මනින් මහන්සි ගතියක් දැනීම.

​* වෙලාවකට දැනෙන සුළු පපුවේ වේදනාවක් හෝ බර ගතියක්.

​* ඇවිදින විට කකුල් වල මස්පිඬු වේදනාව හෝ දෙපා හිරිවැටීම.

* සාමාන්‍යයෙන් වැඩ කරන විට පිටේ දාඩිය ධාරාවක් යනවා සේ තේරීම.

* බඩේ දකුණු පස වෙනදා නොදැනුණු පොඩි වේදනාවක් දැනීම.

වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් එක්ක "කොලෙස්ට්‍රෝල්" කියන්නේ දැන් වයසක අයට විතරක් හැදෙන ලෙඩක් නෙවෙයි. විශේෂයෙන්ම වයස අවුරුදු 28ත් 35ත් අතර පසුවන ඔබ, ඔබේ සිරුර පෙන්වන මේ පොඩි පොඩි ලක්ෂණ ගැන නොසලකා හැරියොත්, එය ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය ගැටලුවක් වෙන්න පුළුවන්.හා හා ඉවර නෑ මෙන්න මේ ටිකත් බලන්න!

* වාහන පදින කෙනෙක් නම් කලින් දවස් වලට වඩා reaction time එකේ වෙනසක් තේරීම.

* වැඩිපුර පැනි රස කන්න ආස වීම.

* පෙරට වඩා වැඩකල් දැමීමටට සිතීම.

* බඩ ටිකක් ඉදිරියට නෙරා ඒම.

* වැසිකිළි යන විට මළ ද්‍රව්‍ය ජලයේ ගිලීම.

* මළද්‍රව්‍ය පිටකිරීමට වෙනදාට වඩා යම් අපහසුතාවයක් දැනීම.

​* ඇස් පිහාටු අසල කුඩා කහ පැහැති තැන්පත් වීම් (Xanthelasma).

* ​විශේෂයෙන්ම හිසේ පිටුපස ප්‍රදේශයේ දැනෙන බර ගතිය හෝ කැක්කුම.

හරි දැන් කොලෙස්ට්‍රෝල් තියනවා හරි, හැදෙන්න ඔන්න මෙන්න තියනවා හරි කියමුකෝ.
​බේරෙන්නේ කොහොමද?

​බය වෙන්න එපා! තවමත් ප්‍රමාද නැහැ. ඔබේ දෛනික පුරුදු කිහිපයක් වෙනස් කිරීමෙන් මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. නැත්තටම නැතිකරගන්නත් පුලුවන්. මොකටත් ඔබ මම කියනවට ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න. කරගෙන ඔබේ වෛද්‍යවරයාට පෙන්වා ඔහුගෙන් හෝ ඇයගෙන් උපදෙස් ලබාගන්න. කැමතිනම් මා වෙත යොමු කරන්න අපි බලමු කොහොමද කියලා.

* ​අධික තෙල් සහිත, පැණි රස සහ "Fast Food" වලින් ඈත් වන්න.

* ​කුරුට්ට සහිත සහල්, එළවළු සහ පලතුරු වැඩියෙන් ආහාරයට ගන්න.

* ​සුදු ලූනු, ඉඟුරු සහ කරපිංචා ඔබේ ආහාර වේලට නිතර එකතු කරගන්න.

* ​දිනකට විනාඩි 20-30ක් වත් වේගයෙන් ඇවිදීම හෝ ක්‍රියාශීලීව සිටීම අනිවාර්ය කරන්න.

* ​උදෑසන හිස්බඩ මද උණුසුම් වතුර වීදුරුවකට දෙහි යුෂ ( gastritis තියෙනවා නම් දෙහි බිංදු දෙකක් ප්‍රමාණවත්) ස්වල්පයක් දමා පානය කරන්න.

* හැකිනම් කරාබුනැටි 1 ක්, උලුහාල් ස්වල්පයක් පසුදින වතුරේ දමා පෙරාගත් වතුර ටිකක් පානය කරන්න.

* ​කුරුඳු තේ හෝ බෙලිමල් වැනි ස්වභාවික පාන වර්ග වලට හුරු වන්න.

​අධික මානසික ආතතියත් කොලෙස්ට්‍රෝල් වැඩි වෙන්න බලපානවා.

එනිසා සතුටින් සහ සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න.

* දිනකට විනාඩි හතක් දහයක් අතර ප්‍රමාණයක් ඔබ කැමැති වර්ගයේ සංගීතයකට සවන් දෙන්න.

* යෝගාසන පුරුදුවීම. (මේ පිළිබඳව වැඩිදුර ලිපියක් ගෙන එන්නම් 🙂)

මේව කරලා මාස තුනකින් නැවත චෙකප් එකක් කරගන්නත් අමතක කරන්බ්න එපා. වෙනස දැක්කම ඔබටම සෙල්ෆ් මොර්ටිවටිඔන් එකක් ලැබෙයි.

​මතක තබා ගන්න: ඔබේ සෞඛ්‍යය ඔබේ අතේය. සුළු රෝග ලක්ෂණයක් හෝ ඇත්නම් නිසි වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීමට මැලි නොවන්න. මොකද ඔබට, ඔබේ ආදරණීයයන්ට ඔබව ඉතාමත් වටින නිසා. 💚💚💚

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

🌿 පොඩි කරපිංචා පැළයක් පුළුවන් නම් ගේ ඇතුළේ තියාගන්න!​අපි හැමෝම කරපිංචා පාවිච්චි කරන්නේ හොද්දට රසයත්, සුවඳත් එකතු කරගන්න ...
25/02/2026

🌿 පොඩි කරපිංචා පැළයක් පුළුවන් නම් ගේ ඇතුළේ තියාගන්න!

​අපි හැමෝම කරපිංචා පාවිච්චි කරන්නේ හොද්දට රසයත්, සුවඳත් එකතු කරගන්න විතරයි නේද? හැබැයි කරපිංචා කියන්නේ ඊට වඩා ගොඩක් එහා ගිය "දිව්‍යමය ඖෂධයක්."මේවා ආහාර සඳහා ගත්තම තියෙන පල ප්‍රයෝජන ඕනෑ තරම් අද කාලේ හොයාගන්න පුළුවන්. ඒ නිසා මම ඒක ගැන කියන්න යන්නේ නෑ. එහෙනම් අපි ඔයා මේක ගේ ඇතුළක තියාගන්න ඕනි ඇයිද කියලා බලමු.

ඉඩකඩ තියෙනවා නම්, කුඩා පෝච්චියක හරි කරපිංචා පැළයක් ඔබේ නිවස ඇතුළේ (ජනෙල් පියනක් අසල වැනි ස්ථානයක) තියා ගන්න.

​කරපිංචා පත්‍ර මගින් නිකුත් කරන සුවඳ සහ වාෂ්පශීලී තෙල් වර්ග නිවසට නැවුම් ගතියක් එක් කරන අතර වාතයේ ඇති අහිතකර බැක්ටීරියා මර්දනය කිරීමට උදවු වෙනවා. සරලව කිවුවොත් air filter එකක් විදියට වැඩකරනවා.

මේක හොද Aromatherapy ක්‍රමයක්.ඒ කියන්නෙ
​කරපිංචා වල අඩංගු සුවිශේෂී සුවඳ (Aroma) ආයුර්වේදයට අනුව මනස සන්සුන් කිරීමට සමත් බෙනවා. කාර්යබහුල දවසක අවසානයේ ඒ නැවුම් සුවඳ විඳීමෙන් මානසික පීඩනය තරමක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ජලයෙන් ඇතිවන fresh ගතියට ලග ගටියක් අපේ මොලයට දැනීමට සමත් වෙනවා.

​අපේ පැරණි ගැමි විශ්වාසයන්ට අනුව, කරපිංචා වැනි සුවඳැති ඖෂධීය පැළෑටි නිවස අසල හෝ නිවසේ තිබීම ධන වාසනාව සහ නිරෝගීභාවය කැඳවන ලක්ෂණයක් ලෙස සැලකෙනවා.

කරපිංචා පැළයට හොඳින් හිරු එළිය අවශ්‍යයි. ඒ නිසා ජනේලයක් අසලින් තබා දවසකට වරක් ස්වල්ප වශයෙන් වතුර දමන්න.

​ඔබේ නිවසේත් කරපිංචා පැළයක් තියෙනවාද? නැත්නම් අදම පැළයක් හිටවා ගමුද? 🌿✨🙂

🌱 My Ayurveda Diary 🌱
ශරීරයට සවන් දෙන සටහනක්
Dr.Konara ( BAMS.University of Colombo )

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ සමස්ත සේවක මණ්ඩලයම එකම පවුලක් මෙන් අත්වැල් බැඳගත් සුවිශේෂී අවස්ථාවක් පසුගියදා ...
21/02/2026

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ සමස්ත සේවක මණ්ඩලයම එකම පවුලක් මෙන් අත්වැල් බැඳගත් සුවිශේෂී අවස්ථාවක් පසුගියදා දැකගන්න ලැබුනා. තරාතිරම් භේදයකින් තොරව, පොදු අරමුණක් වෙනුවෙන් කැපවීමේ අගය කියාපාමින්, රෝහල් ඉතිහාසයට නව අභිමනයක් එක් කිරීමට ඔවුන් සමත් උනා. ඒ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ නව යෝගා ශාලාව විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වූ ආශිර්වාද පිරිත් පින්කම

​මෙම පින්කමේ විශේෂත්වය වූයේ රෝහල් පද්ධතියේ පවතින සාමූහිකත්වයයි. රෝහල් අධ්‍යක්ෂකතුමාගේ මගපෙන්වීම යටතේ
​විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය, ​හෙද සහ පරිපූරක සේවා නිලධාරීන්
​කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම, සේවක පිරිස ​තම තරාතිරම නොබලා, ඉතාමත් ඕනෑකමින් සහ කැපවීමෙන් යුතුව පින්කම සාර්ථක කර ගැනීමට ශ්‍රමයෙන් සහ ධනයෙන් දායකත්වය ලබා දුන්නා.

රෝහල් පරිශ්‍රය දැකුම්කලූ ලෙස සරසා තිබූනු අතර, භක්තිමත් පරිසරයක් තුළ පින්කම ඉතා සාර්ථකව නිම වුනා.

​මෙම නව යෝග මධ්‍යස්ථානය හරහා ඉදිරියේදී රෝගී ජනතාවට වඩාත් ගුණාත්මක සහ පූර්ණ සුවයක් ලබා දීමට වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ නව යෝගා ශාලාව විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වූ ආශිර්වාද පිරිත් පින්කම​ශ්‍රී ලාංකීය ආයු...
21/02/2026

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ නව යෝගා ශාලාව විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වූ ආශිර්වාද පිරිත් පින්කම

​ශ්‍රී ලාංකීය ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සේවාවක් ඉටුකරන ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ ඉතිහාසයට තවත් සුවිශේෂී පරිච්ඡේදයක් එක් කරමින්, පසුගිය 20(2025.02.20) වන දින අභිනවයෙන් ඉදිකළ යෝග ව්‍යායාම ශාලාව විවෘත කිරීමේ මහෝත්සවය අති උත්කර්ෂවත් අයුරින් පැවැවුනා.

​රෝගීන්ගේ සහ සේවක මණ්ඩලයේ කායික හා මානසික සුවතාවය ඉලක්ක කරගනිමින් ඉදිවූ මෙම මධ්‍යස්ථානයට සහ රෝහලට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්, එදින රාත්‍රියේ සර්ව රාත්‍රික පිරිත් පින්කමක් සහ පසුදින සාංඝික දානමය පින්කමක්ද පැවැත්වුනා.

​මෙම පින්කමේ විශේෂත්වය වූයේ රෝහල් පද්ධතියේ පවතින සාමූහිකත්වයයි. රෝහල් අධ්‍යක්ෂකතුමාගේ මගපෙන්වීම යටතේ
​විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය, ​හෙද සහ පරිපූරක සේවා නිලධාරීන්
​කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම, සේවක පිරිස ​තම තරාතිරම නොබලා, ඉතාමත් ඕනෑකමින් සහ කැපවීමෙන් යුතුව පින්කම සාර්ථක කර ගැනීමට ශ්‍රමයෙන් සහ ධනයෙන් දායකත්වය ලබා දුන්නා.

රෝහල් පරිශ්‍රය දැකුම්කලූ ලෙස සරසා තිබූනු අතර, භක්තිමත් පරිසරයක් තුළ පින්කම ඉතා සාර්ථකව නිම වුනා.

​මෙම නව යෝග මධ්‍යස්ථානය හරහා ඉදිරියේදී රෝගී ජනතාවට වඩාත් ගුණාත්මක සහ පූර්ණ සුවයක් ලබා දීමට වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when My Ayurveda Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category