25/09/2025
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුව කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් ස්වාමින් වහන්සේලා 7 නමක් අපවත් වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ ස්වාමින් වහන්සේලා 13 නමක් වැඩ සිට ඇති බව සඳහන්.
බරපතළ තුවාල ලැබූ ස්වාමින් වහන්සේලා මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.
අපවත් වූ ස්වාමින් වහන්සේලාට මේ ගෞතම බුදු සසුනේම උතුම් වූ නිර්වාණ අවබෝධය වේවා 🙏
තුවාල ලැබූ සියලු ස්වාමින් වහන්සේලාට කිසිදු ජීවිත අනතුරක් නොවී ඉතා ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏