19/04/2024
රුධිර පරීක්ෂා (Blood Tests) 1 කොටස
ESR Test (Erythrocyte Sedimentation Rate)
නිරෝගි සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අප කාගෙත් අපෙක්ෂාවයි.උපන් දා සිට මිය යන තෙක්ම එවැනි ජිවන රටාවක් ලබා ගැනිමට අප උත්සාහ කරන බව කවුරැත් දන්නා කරුණකි.
මිනිසුන් වශයෙන් අප යම් යම් රෝග වලට මුහුණපාන අවස්ථා ඉතා බහුලයි නේද? එහිදි වෛද්‍යවරයකු විසින් එම රෝග නිසියාකාරව හදුනාගැනිමට රුධිර පරික්ෂණ සිදු කිරිමට අවශ්‍ය බව පෙන්වා දෙනවා.
එම නිසා එදිනෙදා ජිවිතයේදි අපට හමුවන මුලික රෝග හා ඒවාට අදාල රුධිර පරික්ෂණ කිහිපයක් පිළිබඳ සලකා බලන්න මම අදහස් කරා.
*** මොකක්ද මේ ESR පරික්ෂණය?
මේ Test එකෙන් රුධිරයේ (anticoagulated blood) ඇති රතු රුධිරාණු කාලයත් සමග පරීක්ෂණ නලයක් තුල තැන්පත් විමේ හැකියාව/අනුපාතය මනිනු ලැබේ.තවත් සරලව කියනවා නම් අපේ ලේ පරීක්ෂණ නලයකට එකතු කර ගත්තම ඒකේ තියන රතු රැධිරානු සෛල වර්ගය පරික්ෂණ නලයේ පතුලේ තැම්පත් වෙන්න මොන තරම් කාලයක් ගන්නවද කියලා මනිනවා.මෙම අනුපාතය රුධිරයේ ඇති ප්‍රෝටීනමය තන්තු ( fibrinogen) හා රුධිර සෛල අතර වු ආරෝපණය (Zeta potential ) මත රදා පවතිනවා.
***ESR පරික්ෂණයෙන් හදුනා ගන්නෙ කුමන රෝගි තත්වයක්ද?
මෙම පරික්ෂණය යොදා ගන්නේ ශරිරයේ ඉදිමීම හා දැවිල්ල වැනි ප්‍රදාහයන් ( Inflammatory conditions ), අතුනුබහන් ආශ්‍රිත රෝගි තත්වයන් (Bowel diseases), ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝගි තත්වයන් (Immune disorders) සන්ධි ප්‍රදාහය (Athritis) වැනි රෝගි තත්වයන් හදුනා ගැනිමටයි.නමුත් මෙම පරික්ෂණයෙන් මේ කියන රෝගි තත්වයක් නිශ්චිතවම හදුනා ගන්න අමාරුයි.ඒක නිසා සාමාන්‍යයෙන් සැක කරන රෝගි තත්වයයක් තහවුරු කරගන්න මේ Test එකත් එක්ක තවත් Test එකක් හෝ කීපයක් කරන්න සිදුවේවි.
*** ESR පරීක්ෂණයක් කරන්න නියම කරන්නේ ඇයි?
උණ,හිසරදය,බර අඩුවීම,සන්ධි වල හෝ උරහිස් වල වේදනාව හෝ තද ගතිය, කැම අරුචිය වගේ ලක්ෂණ තියනවා කියලා රෝගියෙක් Doctor කෙනෙක්ට complain කරොත් ගොඩක් වෙලාවට මේ Test එක කරගෙන එන්න කියලා Doctor කියනවා.
***කොහොමද මේ පරික්ෂණය කරන්නේ?
මේ පරික්ෂණය රුධිර සාම්පලයක් යොදා ගෙන තමයි සිදුකරන්නේ.සරලවම කියනවා නම් රෝගියෙකුගෙන් ලබා ගන්නා රුධිර සාම්පලයක් රසායනාගාරයක් තුලදී ප්‍රතිකැටිකාරක සහිත රුධිරය නලයක් තුලට ඇතුළත් කර පැයකදි රතු රුධිරාණු තැනපත් විමේ වේගය(sedimentation rate) මැනිම තමා මේකෙදි කරන්නේ.
***මේ සදහා රෝගියාගේ විශේෂ පෙර සුදානමක් අවශ්‍යයිද?
නැත. මේ රුධිර සාම්පලය දවසේ ඕනැම වේලාවක දි ලබා ගන්න පුලුවන්.ආහාර පාලනයක් අවශ්‍ය වන්නේත් නෑ.නමුත් සමහර අවස්ථා වලදි උදැසනදි ලබා ගන්නා රැධිර සාම්පලයක් මේ සදහා යොදා ගන්නවා.
***මේ පරික්ෂණයේ සාමාන්‍ය අගයන්(Normal values) මොනවාද?
ඒ අගයන් වල අවස්ථා 3ක් තියනවා.
පිරිමි අය සදහා 0 - 20 mm/1st hr
කාන්තාවන් සදහා 0 - 30 mm/1st hr
කුඩා ළමයින් සදහා 3 - 13 mm/1st hr
***ESR අගය වැඩි නම් එමගින් හැගෙන්නේ කුමක්ද?
යම් රෝගියකුගෙ ESR අගය වැඩි නම් ඔහු නිදන්ගත රෝගි තත්වයකින් පෙලෙන බව සැක කරන්න පුලුවන්.උදාහරණයක් විදියට ආතරයිටිස්, පිලිකා තත්වයන්,වකුගඩු රෝග,හෘද රෝග,රැධිර නාල ආශ්‍රිත රෝග,ක්ෂය රෝගය වැනි රෝග පෙන්වා දෙන්න පුලුවන්.
***ESR අගය වැඩි වන්නේ රෝගි තත්වයකදි විතරද?
නැහැ. කාන්තාවන්ගේ ගර්භණී සමයේදි හෝ ඕසප් විමකදි මෙම අගය වැඩි වෙන්න පුලුවන්.
තවද රෝගියකුගෙ වයසත් සමගද මෙම අගය වැඩි විමක් සිදු වෙනවා.
***ESR අගය අඩු වෙන්නත් පුලුවන් නේද?
ඔව්. රුධිරයේ රතු රුධිරාණු (Red blood cells) වැඩි වන අවස්ථාකදි (Polycythemia) හෝ රුධිරයේ සුදු රුධිරාණු (white blood cells) වැඩි වන අවස්ථාවකදි (Leucocytosis) වැනි රෝගි තත්වයක්දි මෙම අගය අඩු විමට පුලුවන්.
මෙතනදි අපි සලකා බැලුවේ යම් රෝගයක් හඳුනා ගැනීමට මුලිකව සලකා බලන එක් රැධිර පරික්ෂණයක් ගැන පමණයි.තවත් රැධිර පරික්ෂණය බොහොමයක් තියනවා.ඉදිරියේදි ඒ පරික්ෂණ ගැනත් මම ඔබට කරැණු පැහැදිලි කරලා දෙන්නම්.
තවත් මෙවැනි ලිපියකින් හමුවන තෙක් මම සමුගන්නම්.
සැමට නිරෝගිමත් ජිවිතයක් අත්වේවා ...!