Serendi Herbs

Serendi Herbs We believe in Natural Ayurvedic products and beauty starts within Yourself

04/06/2025

මේ දින වල කතා වෙන ස්වසන පද්ධතිය ආශ්‍රිත පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා කාණ්ඩයේ වෛරස ආසාදන 🦠ගැන සැලකිලිමත් වෙමු.👇

❌රෝග ලක්ෂණ කිහිපයක් බලමු..

✅උණ

✅කැස්ස

✅උගුරේ වියලි ස්වභාවය

✅හිසරදය

✅සෙම්ප්‍රතිශ්‍යාව

✅අධික තෙහෙට්ටුව

✅මස්පිඩු වේදනාව

✅අධික දහඩිය සහ ශීතල බවක් දැනීම

✅කනේ කැක්කුම

❌කොහොමද මෙම රෝගී තත්වය පැතිරෙන්නේ...

👨‍👨‍👧‍👧මෙය ඉතා පහසුවෙන් පැතිරී යන රෝගී තත්වයක්. ජන ගනත්වය අදික ස්ථාන එනම් පාසල , කාර්යාල, වෙලදසැල් ආදී මිනිසුන් බහුලව ගැවසෙන ස්තාන වල ඉතා සීග්‍රයෙන් මෙය පැතිරීම ට ලක්වේ.

🤧ආසාදිත පුද්ගලයෙකුගේ කතනයේදී, කිවිසුම් යාමකදී හෝ කැස්ස සහිත අවස්ථාවකදී පිට වන ආසාදිත කෙල බිදිති අවට වාතය හා මුසු වී ඒ අවට සිටින වෙනත් අයකුගේ ස්වසන පද්ධතියට ඇතුලු වීමෙන් හෝ

🖐ආසාදිත පුද්ගලයන් ගේ අත් මගින් ද මෙම වෛරසය පැතිරීමට ලක්වේ.

බොහෝ පුද්ගලයන් ගේ ඉහත සදහන් රෝග ලක්ෂණ තම ප්‍රතිශක්තිකරණය අනුව ක්‍රමයෙන් සුව වී යා හැක. නමුත් අවදානම් සහිත පුද්ගලයන්ගේ මේ තත්වය ඉතා බරපතළ විය හැක.. එවැනි පුද්ගලයන් වනුයේ ,

✅වයස අවුරුදු 2 ට අඩු දරුවන්

✅වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්

✅අඩු ප්‍රතිශක්තිකරණ හැකියාවක් සහිත පුද්ගලයන්

✅දීර්ඝ කාලීනව රොගී තත්ව සහිත පුද්ගලයන්

✅ගැබිනි මව්වරුන්


❌මේ රෝගී තත්වයේ ප්‍රචාරනය අවම කරගන්නේ කෙසේද ?

😷මුහුනු ආවරණ පැලදීම

🙌සබන් හෝ alcohol(>60%)-based Hand Sanitizer භාවිතා කරමිනි දෑත් සේදීම.

🤐නිතරම අත් වලින් ඇස් නාසය මුඛය ඇලිලීමෙන් වැලකීම.

🚶‍♂️අධික පිරිසක් සහිත ස්ථාන වල ගැවසීමෙන් වැලකීම.

✅අවදානම් කාණ්ඩයේ සිටින අයෙකු නම් ඒ අදාල රෝගී තත්වය මත වෛද්‍ය උපදෙස් ලබා ගත් යුතුය.ඊට අමතරව ඔබට නිවසේදී

✅නිතර දෑත් පිරිසිදුව තබා ගැනීම,

✅වෛද්‍ය උපදෙස් මත නියමිත ඖෂධ නියමිත මාත්‍රාවෙන් ලබා ගැනීම

✅ලුණු මිශ්‍ර මද රස්න වතුරින් උගුර කට සේදීම,

✅මී පැනි මේස හැදි 2 ක්, දෙහි යුශ මේස හැදි 1ක් වතුර අඩු කෝප්ප එකකට මිශ්‍ර කර පානය කිරීම

✅ඉගුරු තේ පානය කිරීම

✅විටමින් C බහුල ආහාර ගැනීම

✅විවේකීව සිටීම

ආදිය සිදු කල හැකිය.

✅මීට අමතරව ඔබට මේ ආකාරයේ යම් රෝගී තත්වයක් පවතීනම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.

සටහන✍️
වෛද්‍ය සපුන් කේ. හැන්නදි

Now open for you.Contact for appointments
31/08/2024

Now open for you.
Contact for appointments

29/08/2024
29/08/2024
ඔබේ අත්ලේ ඇගිලි එක් වර අගුලු දැමූ ආකාරයට lock වීමක් සිදු වනවාද? Trigger finger / stenosing tenosynovitis ලෙසින් හදුන්වනන...
05/06/2024

ඔබේ අත්ලේ ඇගිලි එක් වර අගුලු දැමූ ආකාරයට lock වීමක් සිදු වනවාද?

Trigger finger / stenosing tenosynovitis ලෙසින් හදුන්වනනේ මෙම රෝගී තත්වයයි.

ඇගිලි වල පවත්නා චලන පරාසය අවම කරමින් ඇගිලි දිග හැරීම නැමීම ආදී චලනයන්හි ඇති වන තද ගතිය. අගුලු වැටුනාක් බදු ස්වභාවය ඇගිලි සිරවී එකවර දිග හැරීම ආදී ස්වභාවය මෙහිදී දැකගන්න පුලුවන් .

මෙය කල් යත්ම එම ඇගිලි සිර වී තිබීමේ කාල පරාසය වැඩි විය හැකියි.

☘️අපි බලමු රෝග ලක්ෂණ කිහිපයක් ..
🌱ඇගිලි වල චලනය සීමා වීම.

🌱ඇගිලි එක් වර සිර වී තිබීම

🌱ඇගිලි වල තදබව උදෑසන කාලයේ වැඩි වීම

🌱ඇගිලි අත්ලට සම්බන්ධ වන ස්ථානයේ වේදනාව , ඉදිමුම

🌱ඇගිලි නවන විට එක් වරම සිරවී තිබීමත් ඇතැම් විට අනිත් අතින් දිග හැරීමට සිදු වීම .

☘️මෙහිදී සරලවම සිදුවන්නේ ...
අත්ලේ ඇගිලි වල මාංශපේශී අස්ති වලට සවි කිරීමට කන්ඩරා (tendon ) පවතී.එවා වටා ආරක්ෂක ප්‍රාවරනයක් (protective sheath) පවතී.මෙහිදී ඇතිවන යම් ප්‍රදාහක තත්වයක් , හානිදායක තත්වයක් නිසා ඇගිලි වල චනයට බාධා ඇතිවේ.

☘️මෙම රෝගී තත්වයේ අවධානම වැඩි පිරිස වනුයේ....

🌱වයස අවුරුදු 50ට වැඩි අය

🌱දියවැඩියා රෝගීන්

🌱අතරයිටිස් රෝගීන්

🌱නිතර ඇගිලි වෙහෙසෙන රැකියා වල නිරත අය

🛑නිවැරදි වෛද්‍ය පරීක්ෂාවකින් අනතුරුව මෙම රෝගී තත්වය හදුනාගත හැක.

🛑ඉතිං බොහෝ රෝගීන්ට තියන ප්‍රශ්ණයක් තමයි මේ සදහා ශල්‍යකර්ම අත්‍යාවශ්‍ය ද කියන කරුන.

❌මේ රෝගී තත්වය සදහා ශල්‍යකර්ම කිරීම අත්‍යාවශ්‍ය නැහැ.

✔️නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම 🩺ඒ කියන්නෙ ....
🔴අභ්‍යන්තර ප්‍රතිකාර (‍රෝගියාඅනුව)
🔴බාහිර ප්‍රතිකාර (තෛල අභ්‍යංගය, පත්තු, තැවිලි)
තුලින් මේ තත්වය සුව කරගැනීමට ඔබට පුලුවන් වනවා.🙂

සටහන✍️
වෛද්‍ය සපුන් කේ. හැන්නදි
BUMS(Hons)

👉ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැලදෙන ගුද මාර්ගය ආශ්‍රිත රෝගී තත්වයක් ලෙස අර්ශස් රෝගී තත්වය හදුනා ගන්න පුලුවන් .👇අද අපි ඒග...
04/01/2024

👉ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැලදෙන ගුද මාර්ගය ආශ්‍රිත රෝගී තත්වයක් ලෙස අර්ශස් රෝගී තත්වය හදුනා ගන්න පුලුවන් .
👇අද අපි ඒගැන සරලවම දැනුවත් වෙමු.

👉අර්ශස් රෝගී තත්වය කියන්නෙ අද සුලබව පවතින රෝගී තත්වයක්. මෙය ශාරීරිකව පමනක් නොව මානසිකවද යම් අසහනකාරී ස්වභාවයක් ගෙන දෙන රෝගී තත්වයක්.

👉ඉතිං මෙය ඇති වන්නේ ගුද මාර්ගය ආසන්නයේ ඇති රුධිර නාළ වල ඇති වන අසාමාන්‍යය (ඉදිමීම) තත්වයක් හේතුවෙන්.

👇මෙය ඇති වීමට හේතු කිහිපයක් අපි බලමු.

🍀ශාරීරික ව්‍යායාම මදබව

🍀නිතර එකම ස්ථානයක හිද ගෙන සිටීම

🍀මද්‍යයසාර නිතර භාවිතා කිරීම

🍀නිතර මළබද්දය ඇති වීම

🍀ආහාර රටාවෙ දුර්වලතා (ක්ශනික ආහාර , තෙල් මිරිස් නිතර ආහාරට ගැනීම)

🍀උපතිනම රුධිර නාළ වල ඇති දුර්වලතා

🍀මානසික ආතතිය

👇දැන් අපි රෝගී ලක්ශන කිහිපයක් බලමු.

🍀ගුදමාර්ගය අසල ඇති වන අධික දැවිල්ල

🍀මළබද්දය

🍀මළපහ පිට කිරීමෙන් පසුව ඇතිවන දැවිල්ල , වේදනාව

🍀ගුදමාර්ගය අශ්‍රිතව ඇතිවන කැසීම

🍀ගුදමාර්ගය අසල යම් ගෙඩි වැනි ස්වභාවයක් පැවතීම( ඇතුලත හෝ පිටත)

🍀බඩ පුරවා දැමීම වැනි ස්වභාවය

👇මේ රෝගී තත්ව අවම කර ගැනීමට ඔබට කල හැකි දේ ...

🍀ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම

🍀නිවසේ සෑදූ ආහර ගැනීම සහ නිතර කොහිල, පලා වර්ග, කෙසෙල් මුව, වැටකොලු ආදිය ආහාරට එක් කර ගැනීම

🍀පලතුරු ආහාරට ගැනීම( ඉදුනු අඹ, කෙසෙල් බෙලි ගස්ලබු)

🍀ව්‍යායාම වල නිරත වීම

🍀මලමුත්‍රා බැහැර කිරීමට අවශ්‍ය වූ විට ප්‍රමාද නොකර බැහැර කිරීම

🍀කෝපි , අච්චාරු, චොකලට්, ඉස්සන් දැල්ලන්, බලමාලු, තක්කාලි , විනාකිරි, ආහාරය අවම කිරීම

🍀මධ්‍යසාර භාවිතය අවම කිරීම

❌ඉතිං ඔබට මේ යම් රෝගී ලක්ශනයක් තිබූ පමනින් මේ රෝගී තත්වයම යැයි අනිසි ලෙස බිය වීම අවශ්‍ය වන්නේ නැහැ.

🛑ඒ වගේම මෙවැනි රෝගී ලක්ශන තවත් ගුදාශ්‍රිත රෝගී තත්ව වලද අපට හදුනා ගන්න පුලුවන් (a**l fissure , a**l fistula, a**l tags) අතර එවැනි තත්වයක් ඇතිනම් තවත් කල් නොදමා නිවැරදි වෛද්‍ය පර්යේෂණයකට යොමු වී නිවැරදි රෝගී තත්වය හදුනාගෙන ඊට ප්‍රතිකාර සදහා යොමු වීම සුදුසු බව කිවයුතුමයි.

✍️සටහන
වෛද්‍ය සපුන් කේ.හැන්නදි

Plantar fasciitis🌅දවසේ වැඩ ගොන්නකට උදෑසන අවදිවන ඔබ මුල් පියවර කිහිපය ඇවිදින්නේ අධික විලුඹේ වේදනාවකින් සමගින් ද? 👇ඔන්න අද...
30/09/2023

Plantar fasciitis

🌅දවසේ වැඩ ගොන්නකට උදෑසන අවදිවන ඔබ මුල් පියවර කිහිපය ඇවිදින්නේ අධික විලුඹේ වේදනාවකින් සමගින් ද?

👇ඔන්න අද අපි කතා කරන්නේ ඒ ගැනයි.
මේ සදහා විවිධ හේතු කාරනා දායක වෙන්න පුලුවන් වගේම ඉන් බහුල තත්වයක් ගැන අපි බලමු .

🦶අපේ කකුලේ යටි පතුලේ පිහිටා තියනවා කකුලේ ඇගිලි සහ විලුබේ අස්ථිය සම්බන්ධ කරමින් planta fascia නමින් හදුන්වන ඝණ පටකයක්. ඉත්ං ඒකෙන් තමයි කකුලේ වක්‍රතාවය පවත්වා ගැනීම, ඇවිදීමට දායක කිරීම ආදිය සිදු කරන්නේ.

මෙහි ඇතිවන ප්‍රදාහයක් (inflammation) හේතුවෙන් තමයි මේ තත්වය ඇති වෙන්නේ.

👫කාන්තා පිරිමි බේදයක් නැතුව පීඩා විදින මේ තත්වයේ ප්‍රදාන රෝගී ලක්ශන අපි බලමු..

☘️උදෑසන අවදි වී මුල් පියවර කිහිපය තුල අදික විලුඹේ වේදනාව

☘️යම් කාලයක් වාඩි වී සිට ඇවිදින විට ඇති වන විලුඹේ වේදනාව

☘️විලුබේ ඝණ බාවය වැඩි වීම

මීට බලපාන හේතු කිහිපයක් අපි බලමු ...

☘️අධික තරබරුකම

☘️නිතර සියටගෙන සිටීම ඇවිදීම

☘️අඩි උස පාවහන් පැලදීම

☘️යටි පතුලේ වක්‍රතාවයේ පවතින ගැටලු

❇️කල් යත්ම මේ ප්‍රදාහක තත්වය නිසා අපේ විලුඹේ අස්ථිය ට (calcaneus born) සම්බන්ධ වන මූලයේ කැල්සියම් ස්ඵටික තැන්පත් වීම සිදුවන අතර එමගින් තවත් හානිය වැඩි කරනු ඇත🦶. ඒ තත්වය x කිරණ අධාරයෙන් නිරීක්ෂණය කරගත හැකිය.

🛑ඉතිං මේ සදහා ඔබට කල හැකි දේ අපි දැන් බලමු.

☘️නිවැරදි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර වලට යොමු වීම (අභ්‍යන්තර , භාහිර , අග්නි කර්ම)

☘️බර අඩු කර ගැනීම

☘️නිවැරදි පහසු පාවහන් පැලදීම

☘️දීර්ග කාලයක් සිටගෙන සිටීම ඇවිදීම අවම කිරීම

☘️පාදයට නිවැරදි ව්‍යායාම කිරීම
කල හැක.

සටහන✍️
වෛද්‍ය සපුන් කේ. හැන්නදි

මොකක්ද මේ දින වල කතා කරන මේ nipha virus එක කියන්නෙ.. 🤔🛑1998 දී තමයි nipha virus ප්‍රභේදය මැලේසියාවේ ඌරු ගොවිපලක් අශ්‍රිත...
23/09/2023

මොකක්ද මේ දින වල කතා කරන මේ nipha virus එක කියන්නෙ.. 🤔

🛑1998 දී තමයි nipha virus ප්‍රභේදය මැලේසියාවේ ඌරු ගොවිපලක් අශ්‍රිතව හදුනා ගෙන තිබෙන්නේ. ඉන් මාස කිහිපයකින් අනතුරුව සිංගප්පූරුවට මේ ප්‍රභේදය පැතිරී ඇති බව වාර්තා වෙනවා.

❓කොහොමද මේ වෛරසය පැතිරෙන්නේ?

❇️මෙය බොහෝ දුරට සතුන්ගෙන් මිනිසාට ආසාදනය වනවා. ඒ කියන්නේ ආසාදිත වවුලන්ගේ කෙළ ,මුත්‍රා, මළ ද්‍රව්‍ය එහෙම නැත්නම් ආසාදිත ගෘහස්ථ ඌරන්ගේ මළ ද්‍රව්‍ය ,මුත්‍රා , ශරීර තරල ආදියෙන් බෝ වීම සිදු වනවා.

මෙහිදී ඇති වන රෝග ලක්ශන කිහිපයක් දැන් බලමු...

☘️උණ
☘️හිසරදය
☘️වමනය
☘️ක්ලාන්ත ගතිය
☘️ඇග පත වේදනාව
☘️කෝමා තත්වය
☘️මරණය

ඒ වගේම encephalitis syndrome තත්වයන් ඇති විය හැක.

🛑 මේ සදහා අපි නිතර දෑත් පිරිසිදු කිරීම( විශබීජ නාශක දියර)
පිරිසිදු ආහාර පාන පමණක් භාවිතය
රෝගී සතුන් සමග අවම ඇසුරක් පවත්වා ගැනීම හා වෛද්‍ය උපදෙස් පිලිපැදීම
ප්‍රතිශක්තීකරන පද්ධතිය නිරෝගීව තබා ගැනීම
කායික මානසික නීරෝගී පැවැත්ම
යම් රෝගී තත්වයක් ඇතොත් නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම කල යුතුයි

🛑Virus විවිධ ප්‍රභේද අප අවට තියනවා ඉතිං ඒවාගෙන් ආරක්ෂා වන පරිදි හැඩ ගැසීම තමයි අපි පුරුදු විය යුතු වන්නේ.

සටහන් ✍️
වෛද්‍ය සපුන් කේ. හැන්නදි

මැණික් කටුව අසල හෝ අත්ල ඇගිලි හිරිය වේදනාව නිසා ඔබත් පීඩාවට පත් වූයෙක් ද? 💁ඉතින් අද අපි බලමු ඒ ගැන...🤔✍️මේ ස්වභාවය බොහෝ ...
21/09/2023

මැණික් කටුව අසල හෝ අත්ල ඇගිලි හිරිය වේදනාව නිසා ඔබත් පීඩාවට පත් වූයෙක් ද? 💁

ඉතින් අද අපි බලමු ඒ ගැන...🤔

✍️මේ ස්වභාවය බොහෝ විට carpal tunnel syndrome (CTS)යන රෝගී තත්වය විය හැක. මේ තත්වය නිවැරදි රෝග පරීක්ෂාවකින් තහවුරු කරගන්න පුලුවන් .

❌මෙහිදී සිදු වන දේ සරලවම කිව්වොත් .. මැණික් කටුව සංධියේ ඇති carpal tunnel ( උමගක් බදු කොටස ) තුලින් ගමන් ගන්නා මධ්‍ය ස්නායුව තෙරපීමකට ලක් වීමයි මීට ප්‍රධාන හේතුවයි. ඉතිං එසේ වන්නේ එම tunnel එකේ සිදුවන ඉදිමුමක් අවහිරතාවයක් නිසාවෙනි.

දැන් අපි බලමු බහුල රෝග ලක්ෂණ කිහිපයක් ....

☘️අත්ල හිරිය සහ වේදනාව

☘️ඇගිලි වල දැවිල්ල හෝ පුපුරු ගසන්නාක් බදු දැනීම

☘️බොහෝ විට මහපටගිල්ල දබරගිල්ල මැදගිල්ල ආශ්‍රිත ව වේදනාව

☘️යමක් තදින් ග්‍රහණය කිරීමට ඇති අපහසුව

☘️අතෙහි ක්‍රියාකාරීත්වය අඩපන වීම

☘️සංවේදන දැනීමේ දුර්වලතාවය

ඉතින් මේ තත්වය සදහා බලපාන හේතු කිහිපයක් තිබෙනවා ....

☘️රැකියාව: නිතර අධිකව අත ක්‍රියාකිරීම ( typing , IT jobs , යන්ත්‍ර සූත්‍ර භාවිතාය )

☘️පවුලේ රෝග ඉතිහාසය

☘️මැණික් කටුව අශ්‍රිතව සිදුවන අනතුරු

☘️හෝර්මෝන අසමතුලිතතාවය (තෛරොයිඩ් ග්‍රන්ථය අසල)

☘️වයස

☘️අධික තරබරුකම

☘️දියවැඩියාව ආදී රෝග තත්වයන්

🛑ඉතිං බොහෝ රෝගීන්ට තියන ප්‍රශ්ණයක් තමයි මේ සදහා ශල්‍යකර්ම අත්‍යාවශ්‍ය ද කියන කරුන.

❌මේ රෝගී තත්වය සදහා ශල්‍යකර්ම කිරීම අත්‍යාවශ්‍ය නැහැ.

✔️නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම 🩺ඒ කියන්නෙ ....
🔴අභ්‍යන්තර ප්‍රතිකාර (‍රෝගියාඅනුව)
🔴බාහිර ප්‍රතිකාර (තෛල අභ්‍යංගය, පත්තු, තැවිලි)
තුලින් මේ තත්වය සුව කරගැනීමට ඔබට පුලුවන් වනවා.🙂

සටහන✍️
වෛද්‍ය සපුන් කේ. හැන්නදි

නහර ගැට ගැසීමෙන් ඔබත් පීඩා විදිනවාද? අපි සරලවම බලමු මොකද්ද මේ රෝගී තත්වය කියලා...👇අපේ ශරීරයේ ධමනි සහ ශිරා ලෙස වෙන්වූ රුධ...
15/09/2023

නහර ගැට ගැසීමෙන් ඔබත් පීඩා විදිනවාද?

අපි සරලවම බලමු මොකද්ද මේ රෝගී තත්වය කියලා...👇

අපේ ශරීරයේ ධමනි සහ ශිරා ලෙස වෙන්වූ රුධිර නාල වර්ග දෙකක් තියනවා කියලා ඔබ දන්නවා නෙහ් ..ඉතින් සරලව කිව්වොතින් පිරිසිදු රුධිරය මෙන්න මේ ධමනි වලිනුත්, අපිරිසිදු රුධිරය මේ කියන ශිරා වලිනුත් ගමන් කරනවා.
මෙන්න මේ ශිරාවල ඉදිමීම නහර ගැටගැසීම නමින් හදුන්වනවා...
ඇත්තෙන්ම ඇයි ශිරා වලට මෙහෙම වෙන්නේ🤔...?

මේ ශිරා වල රුධිරය ගමනාගමනයට සහය වෙන කපාට වල දුර්වල වීම හෝ ශිරා බිත්ති දුර්වල වීම නිසා මේ තත්වය ඇති වෙනවා.

මීට හේතු කිහිපයක් මං පහතින් දක්වන්නම්.

☘️දිගු කාලයක් හිටගෙන සිටීම
☘️අධික තරබරුකම
☘️වයසට යෑමේදී කපාට දුර්වල වීම
☘️ගර්බනී බාවය

බෝහෝ විට මේ තත්වය අපිට දෙපා ආශ්‍රිතව දකින්න පුලුවන්..

මෙහිදී ඇති වන ලක්ශන කිහිපයක් අපි බලමු..
☘️නහර ඉදිමීම ඉලිප්පීම
☘️ඒ ආශ්‍රිතව කැසීම
☘️පාද වල බර ගතිය
☘️හිරි ගතිය සහ දැවිල්ල
☘️ඒ ආශ්‍රිත සමෙහි පැහැය වෙනස් වීම
☘️තුවාල ඇති වීම

❌මේ තත්වය කාලයක් යත්ම තුවාල ඇති වීමෙන් සුව කිරිම ඉතා අපහසු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ කැටි වී ඇති ලේ ඉන් ඉවත්ව වෙනත් ස්ථානයක තැන්පත් වීවෙන් (මොලය, හෘදය ) තවත් දරුණු රෝගී තත්වයන්ට මුහුන පාන්නට සිදුවන බවත් අමතක කරන්න එපා.

ඉතිං මේ තත්වය පාලනය කිරීමට මෙන්ම වලක්වා ගැනීමට පහත දෑ ඔබට අනුගමනය කරන්න පුලුවන්...

☘️දීර්ග කාලීනව සිටගෙන සිටීම අවම කිරීම
☘️වාඩි වී සිටීමේදී / නිදාගෙන සිටීමේදී පාද අපේ උකුල මට්ටමට වඩා මදක් ඉහලට සිටින සේ තබා ගැනීම
☘️ව්‍යායාම කිරීම
☘️නිවැරදිව ශරීර ස්කන්ධ දර්ශකය පවත්වා ගැනීම ( උසට සරිලන බර)
☘️Compression stockings (මේස්) bandage භාවිතය
☘️නිවැරදි ආහාර රටාව අනුගමනය
☘️ප්‍රමාණවත් පානීය ජලය ලබා ගැනීම
☘️නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් පිලිපැදීම

👩‍⚕️ඒ වගේම තමයි මෙහිදී මෙම තත්වය පාලනයට නිසි වෛද්‍ය ප්‍රතිකාර එනම් ,
🛑අභ්‍යන්තර ප්‍රතිකාර (correct the mizaj/ dosha) එමෙන්ම

🛑භාහිර ප්‍රතිකාර (ලේ ඉවත් කිරීම, බෙහෙත් කූඩැල්ලන් මගින් කරන ප්‍රතිකාර, පත්තු, තෛල අභ්‍යංග) ලබා ගැනීම වැදගත් කරුණක් බව අමතක කරන්න එපා.

සටහන✍️
වෛද්‍ය සපුන් කේ. හැන්නදි

03/09/2023

Address

Thudugala Junction
Tangalle
12016

Website

Alerts

Be the first to know and let us send you an email when Serendi Herbs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Serendi Herbs:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram