Yugan pharmacy

Yugan pharmacy pharmacy

15/01/2025

✳️වෝෆරීන් ( Wafarin) ප්‍රතිකාරය පිළිබඳව ඔබ දැනුවත්ද?

✳️වෝෆරීන් ඖෂධය ලබාගන්නා ජනතාව දැනුවත් කිරීමට මෙම ලිපිය වෙන් කරනවා.

✳️ඔබේ ශරීරය තුල රුධිරය කැටි නොගැසී පවත්වා ගැනීමට ස්වභාවික ආරක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.යම් රෝගී තත්ත්වයක් නිසා රුධිරය කැටි ගැසීමේ හැකියාව ඉහළ ගියහොත් එමගින් ඇතිවන ලේ කැටි ශරීරයේ කොතැනක හෝ රුධිර නාලයක සිරවීම නිසා අංශභාගය ,හෘදයාබාධ ,පෙනහළු වල ලේ කැටි හිරවීම,ප්‍රධාන ශිරාවල රුධිර කැටි ඇතිවීම, මරණය ආදී බරපතල තත්ත්ව ඇතිවිය හැකියි.

✳️ඔබ ලබාගන්නා වෝෆරින් පෙත්ත මගින් එවැනි අහිතකර රුධිරකැටි ඇතිවීම වළක්වාලයි.

✳️ වෝෆරින් පෙතිවල අඩංගු වන්නේ වෝෆරින් සෝඩියම් නැමැති රසායනික ද්‍රව්‍යයි.

✳️වෝෆරින් පෙත්තේ මාත්‍රාව INR නම් විශේෂ පරීක්ෂණය මත තීරණය වේ.

✳️මෙය ගබඩා කිරීමේදී තෙතමනයට හෝ අධික තාපයට නිරාවරණය නොවන පරිදි සිසිල් වියළි ස්ථානයක ළමයින්ගෙන් ඈත් වන සේ ගබඩා කරන්න.

✳️වෝෆරින් පෙත්ත නිවැරදිව ලබා ගන්නේ කෙසේද?

💊සෑම දිනයකම එකම වේලාවට ගත යුතුයි .සුදුසුම වේලාව සවස පහයි.

💊ඖෂධය ශරීරයට හොඳින් අවශෝෂණය වන්නේ ආහාර නොමැතිව ගත්විටය.

💊සාමාන්‍යයෙන් වෝෆරින් ගැනීමට පැයකට පෙර හෝ වෝෆරින් ගෙන පැයක් යනතුරු වෙනත් ආහාර ගැනීමෙන් වලකින්න.

💊නියමිත ඖෂධ මාත්‍රාව පමණක් ලබා ගන්න.නිර්දේශ ප්‍රමාණයට අඩුවෙන හෝ වැඩිවෙන ලෙස ලබා ගැනීමෙන් වලකින්න.

💊බෙහෙත් වල හැඩය පැහැය මාත්‍රාව කලින් කලට වෙනස් වන විටදී එය ඖෂධ වේදියාගෙන් විමසන්න.

💊නියම කර ඇති පරිදි INR පරීක්ෂණ සිදුකර සායනයට වාර්තාව රැගෙන යන්න.

💊සායන වලට සහභාගී නොවී ඖෂධ පාමසි වලින් ගෙන භාවිතා කිරීමෙන් වළකින්න.

💊වෛද්‍ය නියමයකින් තොරව හිතුමතේට මෙම පෙත්ත නතර කිරීම සිදු නොකළ යුතුයි.

💊යම් හෙයකින් ඔබට එක් මාත්‍රාවක් අතපසු වුවහොත් මතක් වූ සැණින් ලබා ගන්න.පසු දින වන තෙක් අතපසුවීම සිහිපත් නොවුනහොත් පසුදා මාත්‍රාව පමණක් ලබාගන්න.

✳️ වෝෆරින් පෙත්ත ලබා ගන්නා ඔබ යම් රෝගයකට බෙහෙතක් ලබා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යන මොහොතේදී ඔබ වෝෆරින් ලබාගන්නා බව පැවසිය යුතුයි.ශල්‍ය කර්මයකට ප්‍රථම හෝ දතක් ගැලවීම වැනි අවස්ථාවලදී ඔබ වෝෆරින් ගන්නා බව පැවසීම වැදගත්ය.

✳️වෝෆරින් පෙති භාවිතයෙන් ඇති විය හැකි ගැටලු මොනවාද?

🔅ප්‍රධානතම අතුරු ආබාධය නම් අධික ලෙස රුධිර වහනය වීම ඇතිවිය හැකිවීමයි.

🔅නාසයෙන් ලේ ගැලීම
🔅තද දුඹුරු හෝ රතු පැහැයෙන් මුත්‍ර පිටවීම
🔅රතු හෝ කළු පැහැති මළ පිටවීම
🔅දත් මදින විට විදුරු මසින් ලේ වහනය වීම
🔅කැපුම් තුවාල සිදුවූ විට නොනැවතී රුධිර වහනය වීම

මීට අමතරව,

🔅තදබල හිසරදය, ක්ලාන්තය,අත පය පණ නැති වීම ,ඔක්කාරය, වමනය
🔅මුහුණ කකුල් ඉදිමීම ඇස් කහ වීම
🔅ඔසප් කාලයේදී අධික ලෙස රුධිර වහනය
🔅සම මතුපිට ඇතිවන නිල් හෝ කළු පැහැති ලේ පැල්ලම්
🔅අර්ශස් තුවාල වලින් දිගටම ලේ ගැලීම

ආදිය ඇති විය හැකියි.

✳️ඉහත සඳහන් අවස්ථාවක් මතුවුවහොත් වෝෆරින් පෙත්ත නවත්තා වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

✳️වෝෆරින් පෙත්ත ලබා ගන්නා ඔබ දැනුවත් වී සිටිය යුතු තවත් වැදගත් කරුණු මොනවාද?

🌼 විටමින් K බහුලව අඩංගු ආහාර( ගෝවා, බ්‍රොකලි ,නිවිතියා, සලාද කොළ,පලාවර්ග ,හරිත තේ, කොළ බෝංචි,කොල ඇපල්, අලිපේර ,කොළ මිදී) වැනි තද කොළ පැහැති ආහාර වැඩිපුර ගැනීමෙන් වලකින්න.🥬🥦🫛🥑🍏

🌼මස් වර්ග හා කිරි සීමා සහිතව ආහාරයට ගන්න

🌼මත්පැන් භාවිතය නිසාද මෙම ඖෂධය ක්‍රියාකාරීත්වයට බාධා ඇති විය හැකියි

🌼විශේෂයෙන් පාරම්පරික ඖෂධ වර්ග,විටමින් වර්ග, වේදනා නාශක වැනි දේ හිතුමතේට ලබා ගැනීමෙන් වලකින්න.

🌼ඔබ වෝෆරින් පෙත්ත ලබාගන්නා බවට සඳහන් කරන හැඳුනුම්පතක් හෝ කාඩ් පතක් ළඟ තබා ගැනීම හදිසි අවස්ථාවකදී බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

✳️වෝෆරින් ඖෂධය ලබා ගන්නා ඔබ ඉහත සඳහන් කරුණු පිළිබඳ දැනුවත් වී අන් අයවත් දැනුවත් කරන්න.

කායික රෝග විශේෂඥ වෛද්‍ය
ලක්නාත් වෙලගෙදර

New looks
27/09/2024

New looks

Yugan❤️❤️
26/09/2024

Yugan❤️❤️

Address

Andiyagala Junction Andiyagala
Galewela
50112

Website

Alerts

Be the first to know and let us send you an email when Yugan pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram