Health Medicare Centre

Health Medicare Centre අපි ඔබට නිරවද්‍යතාවයෙන් යුතු හොඳම කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්නෙමු.

01/06/2025
දියවැඩියාවද?එහෙනම්  ඔයාගේ යතුර හරියට වැඩ කරන්නේ නැතුව ඇති........ මොකක්ද මේ යතුර. මෙහෙම හිතන්නකෝ. ඇලකට මායිම් වෙලා ගෙයක්...
17/05/2025

දියවැඩියාවද?

එහෙනම් ඔයාගේ යතුර හරියට වැඩ කරන්නේ නැතුව ඇති........

මොකක්ද මේ යතුර. මෙහෙම හිතන්නකෝ. ඇලකට මායිම් වෙලා ගෙයක් තියෙනවා. මේ ගෙදර දොර ඇරලා ඇල දිගේ ගහගෙන එන දර කෑලි ගේ ඇතුලට ගන්නවා. ගේ ඇතුලට ගත්ත ඒ දර කෑලි ලිපට දාලා ගිනි තියලා ගෙදරට අවශ්‍ය ගින්දර/ශක්තිය ලබාගන්නවා. මේ ගෙදර දොර අරින යතුර හරියට වැඩ කරන්නේ නැතිනම් ගෙදර දොර ඇරගන්න බැරි වෙනවා නේද? එතකොට ඇල දිගේ ගහගෙන ආපු දර කෑලි ගේ ඇතුලට ගන්න බැරිවෙනවා. දැන් ඉතින් කොහොමද ගෙදර ලිප පත්තු කරලා ශක්තිය ලබාගන්නේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවා නේද? දියවැඩියාව ඇති කෙනෙක්ගෙ ශරීරය ඇතුළෙත් මේ වගේ දෙයක් තමයි සිදුවෙන්නේ.

දැන් මම ගත්ත උදාහරණය අපේ ඇඟට ගලපන්නං. මම කියපු ඇල තමයි අපේ ශරීරය පුරා තියෙන ලේ නහර. ඇල දිගේ වතුර ගලාගෙන යනවා වගේ, ලේ නහර දිගේ රුධිරය ගලාගෙන යනවා. ඇළ දිගේ ගහගෙන ආපු දර කෑලි තමයි ග්ලුකෝස් කියන සීනි වර්ගය. අපි ගන්න ආහාර වල තියෙන පිටි ( කාබෝහයිඩ්‍රේට) හා තෙල් ( මේදය) ආහාර මාර්ගයේදී ජීරණය වෙලා ග්ලූකෝස් කියන සීනි වර්ගය හදනවා. මේ ග්ලුකෝස් සීනි බඩවැලේදීම ලේ වලට උරාගෙන ලේ නහර දිගේ ගලාගෙන යනවා. මගේ උදාහරණයේදී මම කියපු ගෙදර තමයි අපේ ශරීරය හැදිලා තියෙන පුංචිම පුංචි ඒකකය වන සෛලය. සෛලයේ තියෙන දොරටු අරින යතුර තමයි ඉන්සියුලින් කියන හෝමෝනය. ඉතිං ඉන්සියුලින් කියන යතුර නැතිනම් හෝ ඒ යතුරට ගැලපුන යතුරු කට වෙනස් වීමකට ලක් වෙලා නම් ඉන්සියුලින් යතුර සෛලය මත නියමාකාරයෙන් ක්‍රියා කරන්නේ නැතුව යනවා. එතකොට මොකක් වෙයිද? රුධිරයේ ඇති ග්ලුකෝස් සෛලය ඇතුලට අරගෙන දහනය කරන්න බැරි වෙනවා. එතකොට අපිට එදිනෙදා වැඩ කරගෙන යන්න අවශ්‍ය ශක්තිය නිපදවා ගන්න බැරිවෙනවා. සෛල තුල සිදුවන ග්ලූකෝස් දහනය කර ශක්තිය නිපදවීමේ මෙම ක්‍රියාවලිය අඩපණ වීම නිසා හටගන්නා තත්වය දියවැඩියාව ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ දියවැඩියාව කෙනෙකුට හැදෙන්න ප්‍රධානම හේතුව තමයි ඉන්සියුලින් හෝමෝනය නිසි පරිදි ශරීරය තුළ ක්‍රියාත්මක නොවීම.

මේ විදියට කල්පනා කරලා බැලුවම කෙනෙකුට දියවැඩියාව හැදෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා.

1. පළවෙනි ආකාරය තමයි ප්‍රමාණවත් ඉන්සියුලින් ප්‍රමාණයක් ශරීරය තුළ නිෂ්පාදනය නොවීම. ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය කරන්නේ අපේ අක්මාවට පිටුපසින් තියෙන අග්න්‍යාශය නමැති ග්‍රන්ථිය. ප්‍රමාණවත් ඉන්සියුලින් ප්‍රමාණයක් ශරීරය තුළ නිෂ්පාදනය නොවීම නිසා ඇතිවන දියවැඩියාව පළමු වර්ගයේ දියවැඩියාව හෙවත් Type 1 Diabetes යනුවෙන් හඳුන්වනවා. මෙම වර්ගයේ දියවැඩියාව වැළඳෙන්නේ වයිරස් ආසාදනයක් නිසා අග්න්‍යාශයේ ඉන්සියුලින් නිෂ්පාදනය වන සෛල විනාස වීම නිසා ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් නිෂ්පාදනය කිරීමට අග්න්‍යාශයට නොහැකි වීම නිසාය. මෙය ඉතා කලාතුරකින් සිදුවන තත්ත්වයක්. වයස් භේදයකින් තොරව ඕනෑම වයසකදී මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.

2. දියවැඩියාව සෑදෙන දෙවෙනි ආකාරය තමයි ප්‍රමාණවත් පරිදි අග්න්‍යාශයෙන් ඉන්සියුලින් ප්‍රමාණයක් නිෂ්පාදනය කළත් ඒවා නිසි පරිදි සෛල මත ක්‍රියාත්මක නොවීම. ඒ කියන්නේ යතුරු තියෙනවා. ඒත් යතුරු කටේ වෙනස් වීමක් නිසා යතුරු තිබුණාට දොර ඇරෙන්නෙ නැහැ. මේ ආකාරයට හැදෙන දියවැඩියාව Type 2 diabetes නමින් හඳුන්වනවා. මේ ආකාරයෙන් ඇතිවන දියවැඩියාව හේතු කිහිපයක් නිසා ඇතිවෙන්න පුළුවන්. අහිතකර ආහාර රටාවන්, තරබාරුකම, ව්‍යායාම මදිකම, මධ්‍යසාර භාවිතය, දුම්පානය, අධික මානසික ආතතිය, පරම්පරාගත ජානමය හේතු, වයසට යාම වැනි කරුණු මේ තත්ත්වය ඇති වීමට බලපානවා. සමාජයේ අපි බොහෝ විට දකින්නේ, මෙන්න මේ ආකාරයට වැළඳෙන Type 2 දියවැඩියා තත්ත්වයයි.

මොන ආකාරයේ දියවැඩියාවක් හැදුනත් රුධිරයේ තියෙන සීනි සෛල තුළට ලබා ගැනීමට අපහසු වන නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. "ඕනම දෙයක් ඕනෑවට වැඩිය ඕනේ නැහැ" කියනවා වගේ රුධිරයේ සීනි නියමිත මට්ටමට වඩා වැඩි වුණොත් ගැටලු රැසක් ඇති වෙනවා.
ඇතිවන එක ගැටලුවක් තමයි රුධිරයේ එකතු වුණු මේ වැඩි සීනි ප්‍රමාණය මුත්‍රා සමග ශරීරයෙන් ඉවත් කිරීමට සිදුවීම. සාමාන්‍යයෙන් මුත්‍රා සමග සීනි ශරීරයෙන් ඉවතට යන්නේ නැහැ. නමුත් දියවැඩියාව තත්ත්වයේදී රුධිරය තුළ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කිරීමට මුත්‍රා සමග සීනි ශරීරයෙන් ඉවතට බැහැර කිරීමට කටයුතු කරනවා. මේ රාජකාරිය පවරන්නේ වකුගඩු වලට. අධික සීනි ප්‍රමාණයක් ඇති රුධිරය වකුගඩු වලට හානිදායකයි. වකුගඩුවල මුත්‍රා පෙරන නාල වල ඇති සෛල වලට මෙම අධික සීනි සාන්ද්‍රණයක් සහිත රුධිරයෙන් හානි පැමිණෙනවා. මීට අමතරව වෙනදට වඩා වැඩි වේගයකින් වැඩි මහන්සියකින් වකුගඩු ක්‍රියාත්මක වෙනවා ලේ වල තියෙන මේ වැඩි සීනි ප්‍රමාණය මුත්‍රා සමග පිට කරන්න. මෙන්න මේ හේතු සියල්ලේ එකතුවක් නිසා තමයි දියවැඩියාව තියෙන අයගේ වකුගඩු ඉක්මනින්ම නරක් වෙන්නේ. නැත්තං අකර්මණ්‍ය වෙනවයි කියන්නේ. දැන් ඉතින් පැහැදිලියිනේද රුධිරයේ සීනි නිතරම ඉහළ මට්ටමක පවතින නිසා දියවැඩියා රෝගීන්ට ඉක්මනින්ම වකුගඩු ලෙඩ හැදෙන්න පුළුවන් කියන එක.

ඒ විතරක් නෙවෙයි අධික සීනි ප්‍රමාණයක් ලේ වල තියෙනකොට ඒක වකුගඩුවලට වගේම කුඩා ලේ නහර තිබෙන ඇස් සහ ස්නායු වලටත් බලපානවා. ඇසේ පිටුපස ඇති දෘෂ්ටිවිතානයේ කුඩා ලේ නහර විනාශ වීම නිසා ඇස් අන්ධ වෙනවා. ස්නායු වලට ලේ සැපයුම දෙන කුඩා නහර විනාශ වීම නිසා ස්නායු අකර්මණ්‍ය වී කකුල් අතපය වල හැඟීම් දැනීම් නැති වී යනවා.

මීට අමතරව ශරීරයේ ලොකු ලේ නහර අවහිරීම තුළින්, හෘදයාබාධ, අංශභාගය ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ ශරීරයේ අනෙක් අවයව වලට ලේ සැපයුම සපයන ලේ නහර අවහිරවීම නිසා තවත් බොහෝ ගැටලුකාරී රෝග තත්ත්ව වලටත් මුහුණ දීමට සිදුවෙනවා. මීට අමතරව ලේ වල සීනි ප්‍රමාණය වැඩි වන අවස්ථාවලදී අපේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වීම නිසා තුවාල සුව වීම ප්‍රමාද වීම් වගේම එම තුවාල උඩු දිවීම නිසා අත් පා අහිමිවීම් වෙන්නත් පුළුවන්. සමහර විට ජීවිතය නැති වෙන්නත් පුළුවන්.

බලන් ගිහාම දියවැඩියාව අපේ ශරීරයේ හැම ඉන්ද්‍රියකටම වගේ බලපාලා අපිට නොදැනීමම අපිව විනාශ කරනවා. දියවැඩියාවට කියන්නේ සයිලන්ට් කිලර් (silent killer) කියලා. අපි දන්නෙත් නැතුව අපිව හෙමින් හෙමින් මරල දාන දියවැඩියාව හිතනවාට වැඩිය භයානකයි. ඉතින් දෙයියනේ අපි මේකට මොකද කරන්න ඕනේ? ඔක්කෝටම කලින් අපි දැනගන්න ඕනේ දියවැඩියාව රෝගී තත්ත්වය අපේ ඇඟ තුළ තියෙනවද? නැද්ද ? කියලා.

ඔබට දියවැඩියාව වැළදිලා නම් පහත රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. 1-මුත්‍රා නිතර නිතර පහවීම 2-අධික තිබහක් දැනීම.3-බර අඩුවීම/ඇඟ කිට්ටුවීම 4-ඇඟපත මහන්සි ගතිය/පණ නැති ගතිය දැනීම. ඉතිං කොහොමද අපිට දියවැඩියාව තියෙනවද කියලා හරියටම දැනගන්නේ?

රුධිර පරීක්ෂණ මගින් ඔබට දියවැඩියාව වැළඳී ඇද්ද? නැද්ද? යන්න සොයාගන්න පුළුවන්. දියවැඩියාව වැළඳී ඇති බව ස්ථිර වශයෙන් දැන ගැනීම සඳහා පැය 8 ක් නිරාහාරව හිඳීමෙන් පසුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කළ යුතුයි. මේ පරීක්ෂණය හඳුන්වන්නේ නිරාහාර සීනි පරීක්ෂණය හෙවත් ෆාස්ටින් බ්ලඩ් ෂුගර් (Fasting Blood Sugar - FBS) ටෙස්ට් කියලා.
නිරෝගී පුද්ගලයෙකුට මෙහි අගය 100mg/dl වඩා අඩු විය යුතුයි. ඔබේ FBS පරීක්ෂණයේ අගය 100-126 අතර නම් ඔබට ඉදිරියේදී දියවැඩියාව වැළඳීමේ අවධානම වැඩියි. ඉතින් මේ වගේ ප්‍රතිඵලයක් ඔබට ලැබුණොත් ඉදිරියේදී දියවැඩියාව ඇති නොවීමට ඔබගේ චර්යාව කෙසේ සකස් කරගත යුතුද? යන්න දැනගැනීමට වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගත යුතුයි. අපි මුලින් සඳහන් කරපු ඇඟ කෙට්ටු වීම, අධික පිපාසය, නිතර නිතර මුත්‍රා පිටවීම වැනි රෝග ලක්ෂණ පෙන්වන කෙනෙක්ගේ FBS පරීක්ෂණයේ අගය 126 mg/dl වඩා වැඩි නම්, එම පුද්ගලයා දියවැඩියා රෝගියෙකු ලෙස හඳුනාගන්නවා. එවිට ඔහු දියවැඩියා ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මේ ප්‍රතිකාර ,ඖෂධ ප්‍රතිකාර ලෙස හෝ ඔබේ ව්‍යායාම/ ආහාර රටාවේ වෙනස් කිරීම් ලෙස ඔබට ලබාදෙයි. තවත් රුධිර පරීක්ෂණයක් තියෙනවා මාස තුනක් තිස්සේ ඔබගේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම නිවැරදි ලෙස පාලනය වුණාද? නැද්ද? කියලා හොයා බලන්න. ඒ පරීක්ෂණය HbA1C ලෙස හඳුන්වනවා. මේ පරීක්ෂණය කරන්න නිරාආහාරව ඉන්න අවශ්‍ය නැහැ. මේ පරීක්ෂණයේදී බලන්නේ අපේ රුධිරයේ ඇති රතු රුධිර සෛල මත ඇලී තිබෙන ග්ලුකෝස් සීනි ප්‍රමාණයයි. රුධිරයේ සීනි හරියට පාලනය වුනේ නැතිනම් රුධිරයේ ඇති වැඩි සීනි රතු රුධිර සෛල මත ඇති ප්‍රෝටීන් වලට ගිහින් ඇලෙනවා. එහෙම ඇලුණු සීනි ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට මේ පරීක්ෂණයෙන් අපට දක්වනවා. රතු රුධිර සෛලයක ජීව කාලය මාස තුනක් පමණ වන නිසා මෙම රතු රුධිර සෛල මත රැඳුනු සීනි වලින් මාස තුනක පමණ කාලයක් තුළ රුධිරයේ සීනි පාලනය පිළිබඳ තොරතුරු ලබා දෙනවා. මේ පරීක්ෂණයේ අගය 5.7% වඩා අඩු නම් එම පුද්ගලයා දියවැඩියාවෙන් තොර නීරෝගී කෙනෙක් විදිහටයි හඳුනා ගන්නේ. එහි අගය 6.5% හෝ ඊට වඩා වැඩි නම් එම පුද්ගලයා දියවැඩියාවෙන් පෙළෙන කෙනෙකු ලෙස වෛද්‍යවරුන් හඳුනා ගන්නවා. HBA1C පරීක්ෂණ වාර්තාව 5.7% - 6.5% අතර නම් දියවැඩියාව ඔබට වැළඳීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඔබට දියවැඩියාව තියෙනවද? නැද්ද ?නැත්නම් අවදානමක් තියෙනවද? කියලා සැකයක් තියෙනවා නම් නරකද ඉක්මනින්ම FBS එකත් එක්ක HbA1C පරීක්ෂණයක් කරගත්තොත්.

මේක ඔයා  කියවන්නම ඕන කතාවක්!  කවදා හරි ජීවිතයක් බේරගන්න උදව් වේවි හෘදයාබාධයක් ද? නැත්තං ගැස්ට්‍රයිටිස් ද?               ...
17/05/2025

මේක ඔයා කියවන්නම ඕන කතාවක්! කවදා හරි ජීවිතයක් බේරගන්න උදව් වේවි

හෘදයාබාධයක් ද? නැත්තං ගැස්ට්‍රයිටිස් ද? සුමුදු ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරියෙක් . දවස තිස්සෙම ආයතනයේ වෙළඳ කටයුතු පිළිබඳව මහන්සි වෙනවා. ආයතනය වෙනුවෙන් විවිධ මීටින්වලට යන්න සිද්ධ වෙනවා. මේ උත්සව ඉවර වෙන්නේ මත්පැන් සාදයකින්. සුමුදු දුම් බොන කෙනෙක්. සුමුදුගේ කාර්යබහුල ජීවන රටාව නිසා ව්‍යායාමයක් කරන්න යොමු වුනෙත් නැහැ. මේ වෙනකොට සුමුදු අධික ස්තූලතාවෙන් පෙළෙනවා. දවසක් සුමුදුට ව්‍යාපාරික කටයුත්තකට නුවරඑළියට යන්න සිද්ධ වුණා. වාහනය එලවගෙන ගියේ සුමුදු. නමුත් තනියට තව යාළුවෙක් එක්කගෙන ගියා. නුවරඑළියේ මීටින් එක ඉවර වෙලා මත්පැන් සාදයකින් පසුව දවල්ටත් කෑම කාලා නවාතැන්පොළට ගියා. හවස තිස්සෙම සුමුදුට පපුවේ දැවිල්ලක් දැනුනා. ඒ දැවිල්ල හරියට පපුවේ මැද්දෙන් ආවෙ. හරියට ඇඹුල් විනාකිරි වැඩිපුර දාපු කෑමක් කෑවෑයින් පස්සේ බඩේ දැවිල්ලක් එනවා වගේ. සුමුදුට දාඩියත් දැම්මා. මහත වැඩි නිසා සුමුදු ඉඳගත්තහම බඩ තෙරපෙනවා වැඩියි. බොහෝ වෙලාවට කෑමෙන් පස්සේ උගුරට එන ගතියකුත් සුමුදුට තියෙනවා. තෙල් වැඩි කෑම දවල්ට කාපු නිසා සුමුදු හිතුවම ගැස්ට්‍රයිටිස් ගතියක් ඇවිල්ලා උගුරට එනවා වගේ කියලා. වෙනදා ගැස්ට්‍රයිටිස් වැඩි උනහම එනවා වගේ වේදනාවක්/ දැවිල්ලක් නිසා සුමුදු පොඩ්ඩක් විවේක ගන්න ඇඳට ගියා. යන ගමන් යාළුවට මේ වේදනාව ගැනත් කිව්වා. යාලුවා කිව්වා "මචං අපි දැන් කොල්ලො නෙවෙයි , ඒ නිසා පපුවේ අමාරුවක් වේදනාවක් ආවොත් පොඩ්ඩක් හිතන්න ඕනේ හාට් ඇටෑක්ද දන්නෙත් නෑ" හෘදයාබාධයකදී නැත්තං හාට් ඇටෑක් එකකදී එන වේදනාව ගැන සුමුදු අහල තිබුනේ වෙනස් විදිහකට. පපුවේ වම් පැත්තේ හිර කරනවා වගේ වේදනාවක්. වම් අත දිගේ පැතිරීගෙන යන වේදනාවක්. ඔය විදිහට තමයි හෘදයාබාධක් නිසා ඇතිවන පපුවේ වේදනාව ගැන අහල තිබුණේ. සුමුදුගේ වේදනාව එහෙම වේදනාවක් නොවන නිසා සුමුදු හාට් ඇටෑක් එකක් ගැන බයක් ඇතිකර ගත්තේ නැහැ. සුමුදු නිදාගන්න ඇඳට ගියා. ඇඳේ ඒ මේ අත හාන්සිවෙලා බැලුවා. ඒත් නින්ද යන්නෙ නැහැ. පපුවේ දැවිල්ල වැඩිවෙන්නෙත් නැහැ. වේදනාව ඒ වගේමයි. අඩු වෙන්නෙත් නෑ. පැය දෙක තුනකට පමණ පස්සේ ඇඟටත් පණ නැති ගතියක් ආවා. නින්ද යන්නෙත් නැහැ. වෙනදට වැඩිය වෙනස්. සුමුදු යාළුවට කතා කරා. සුමුදුගේ අදහස වුණේ ඇඟට ටිකක් හරි මදි නිසා ඉක්මනින්ම කොළඹ ගෙදරට යන්න. නමුත් යාලුවගෙ පෙරැත්තට සුමුදු ළඟම තියෙන රෝහලට ගියා. රෝග ලක්ෂණ කිව්වයින් පස්සේ වෛද්‍යවරයා සුමුදුගේ හෘදයේ ECG පටියක් ගත්තා. ඒ වගේම රුධිර පරීක්ෂණ වලටත් ලේ ගත්තා. හෘදයාබාධයකදී රුධිරයේ ඇතැම් එන්සයිමවල වැඩිවීමක් සිදුවෙනවා. මේ රුධිර පරීක්ෂණවලින් තහවුරු කරගන්න පුළුවන් මේ වෙලාවේදී ඇතිවෙලා තියෙන්නේ හෘදයාබාධයක් ද ?නැද්ද? කියන එක. ඒත් එක්කම සුමුදුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කරා. හදිසි ප්‍රතිකාර ඒකකයේදී සුමුදුගේ රුධිර පීඩනය මැන බැලුවා. හදිසි ප්‍රතිකාරයක් වශයෙන් දිව යට තියන පෙත්තකුත් තිබ්බා. ECG පරීක්ෂණ වාර්තාවයි, රුධිර පරීක්ෂණ වාර්තාවයි ලැබුණායින් පස්සේ වෛද්‍යවරයා තීරණය කළා සුමුදුට හෘදයාබාධයක් ඇතිවී තිබෙන බව. සුමුදුට අදහා ගන්න බැරුව ගියා. යාළුවා කියපු දේ අහන්නැතුව කොළඹ ගියා නම් මගදි ලොකු අනතුරක් සිද්ධ වෙනවා. සමහරවිට ජීවිතෙත් නැති වෙන්න තිබුණා. සුමුදුට හෘදයාබාධය සඳහා මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් වැඩි වෛද්‍ය පහසුකම් සහිත රෝහලකට මාරු කරා. ඒ රෝහලේදී සිදුකළ Angiogram පරීක්ෂණයේදී දැනගන්නට ලැබුණා. සුමුදුගේ හෘදයට රුධිරය ගෙන යන කිරීටක ධමනි වල ශාඛා කීපයක් අවහිරවී ඇති බව. හෘදය තුළ කොතරම්ම රුධිරය තිබුණත් හෘදයේ භාවිතය සඳහා රුධිරය ලබාගන්න බැහැ. හෘදයට රුධිරය සපයන්නේ වෙනමම අතු බෙදී ගිය ලේ නහරයකින්. හෘදයේ බිත්තිවල ඇති මාංශ පේශවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිරය සපයන කුඩා ලේ නහර කිරිටක දමනි ලෙස හඳුන්වනවා. මෙම කිරීටක දමනි අවහිර වීමක් සිදුවුනොත් හෘදයේ මාංශපේෂියට ලැබෙන රුධිරය අවහිර වී හෘද මාංශ පේශි මිය යනවා. මේ තත්ත්වය තමයි හෘදයාබාධයක් කියන්නේ. එවිට පෙර පරිදි හෘදයේ සංකෝචනය සිදුවන්නේ නැහැ. එවිට දේහය පුරා රුධිරය පොම්ප කිරීම ඇණ හිටිනවා. හෘදයාබාධයකට ඉක්මනින්ම ප්‍රතිකාර කර එම අවහිරතා ඉවත් කරේ නැතිනම් රෝගියා මිය යන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී ඉක්මනින්ම හෘදයාබාධයකින් පෙළෙන සුමුදුව හදිසි ශල්‍යකර්මයකට යොමු කරා. සුමුදුගේ ප්‍රධානවම අවහිර වී ඇති කිරීටක ධමනියට stent එකක් දමා අවහිරතාවය වැළැක්වූවා. සුමුදුගේ ජීවිතය බේරුනා. සුමුදු යාළුවට මුළු හදවතින්ම ස්තුති කළා. යාළුවගේ කීම අහපු නිසයි සුමුදු බේරුනේ. හෘදයාබාධයක් නිසා එන වේදනාවයි ගැස්ට්‍රයිටිස් නිසා එන පපුවේ වේදනාවයි බොහෝ දෙනෙක් පටලව ගන්නවා. හෘදයාබාධයක දී පෙන්නන රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙනෙකුට පපුව හිර කරනා වගේ. තව කෙනෙක් කියන්නේ පපුව උඩ ගලක් තිබ්බ වගේ හුස්ම ගන්න බැරි වෙනවා වගේ වේදනාවක් දැනෙනවයි කියල. තව කෙනෙක්ගෙ වේදනාව පපුව දැවිල්ලක් වගේ බොහෝ වෙලාවට මේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා පටලව ගන්නවා. හෘදයාබාධයකදී පපුවේ වම් පැත්තෙන් ඇවිත් වම් අත දිගේ පැතිරෙන වේදනාව හැමෝටම එන්නෙ නැහැ. සමහර අය කියන්නේ වේදනාව බෙල්ල දිගේ ගියයි කියලා. තවත් අය කියනවා තද දතක වේදනාවක් දැනුනයි කියලා. සමහර අයගේ වේදනාව පිටුපස කොන්දෙනුත් එනවා. හෘදයාබාධයකදී ඇතිවන වේදනාව පුද්ගලයා අනුව වෙනස් වන නිසා පපුවේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා නොසලකා හැරියොත් නරක ප්‍රතිවිපාක ඇතිවෙන්න පුළුවන්. පපුවේ වේදනාවක් ආවොත් වෛද්‍යවරයෙක් හමු වෙලා නිවැරදි රෝග විනිශ්චයකට එන එක වඩා හොඳයි. සුමුදුගේ කතාව මතක තියාගන්න.

හදිසියේ මුහුණේ පැත්තක් එල්ලා වැටීම, එක් අතක පණ අඩුවීම හෝ කතා කිරීමට අපහසුවීම වැනි රෝග ලක්ෂණ අංශභාගේ මුල්ම රෝග ලක්ෂණ බව ඔ...
17/05/2025

හදිසියේ මුහුණේ පැත්තක් එල්ලා වැටීම, එක් අතක පණ අඩුවීම හෝ කතා කිරීමට අපහසුවීම වැනි රෝග ලක්ෂණ අංශභාගේ මුල්ම රෝග ලක්ෂණ බව ඔබ දැන සිටියාද?
මේවායෙන් එක රෝග ලක්ෂණයක් හෝ හඳුනාගෙන ඉක්මනින් ක්‍රියාත්මක වී ළඟම ඇති රෝහලට ඇතුළත් වීමෙන් අංශභාගය නිසා ඇතිවන දරුණු සංකූලතා අවම කර ගත හැක.

මේක වඩාත් හොඳින් තේරුම් ගන්න අංශ භාග රෝගියෙකුගේ සත්‍ය කතාවක් රෝගියාගේ අවසරය මත පහත පළ කරන ලදි.

ඔන්න මහත්තයා කිව්ව වෙලාවටම ඉස්පිරිතාලෙට එක්කගෙන ආවා" එතකොට වෙලාව හරියටම උදෑසන හතයි පනහයි. ත්‍රිවිල් එකේ රියදුරු සුනිල්ගේ හඬ මාව එක්වරම පියවි ලෝකයට ගෙන ආවා. "බොහොම ස්තුතියි! එහෙනම් ලොකු දුව අපි ඉක්මනට යමු", මහත්තයට පුළුවන්ද තනියම ඇවිද ගෙනයන්න? ආපහු රියදුරු මහත්තයගෙන් ප්‍රශ්නයක්. "නැහැ නැහැ සුනිල් දැන් මට හොඳටම හොඳයි." එහෙම කියපු මම ලොකු දුවත් එක්ක ත්‍රිවිල් එකෙන් බැසගෙන කඩිමුඩියේ සායනය තියෙන පැත්තට යන්න පටන් ගත්තා. රෝහලේ ගේට්ටුව පහු කරගෙන යන විටම මීට සති තුනකට කලින් මම මේ රෝහලටම ගෙනාපු විදිහ හරියට චිත්‍රපටියක් වගේ මට මැවිලා පෙනුනා. ඒ දවස නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. එදා රෑ නමයට විතර ක්‍රිකට් මැච් එක බල බල ටීවී එක ඉස්සරහ හිටියා. Tv එකේ සද්දෙ අඩු කරන්න කියලා හිතා ගෙන රිමෝට් එක දිහාට දකුණු අත දික්කලාට මට අත දික් කර ගන්න පුළුවන් උනේ නැහැ. මට ඒ අත හරි බරයි වගේ තේරුනේ. ඒකට මම ටිකක් බය වුණා. බය වෙච්ච පාර මට එහෙම්මම පුටුවෙන් නැගිට්ට උනා. පුටුවෙන් නැගිටලා ඉස්සරහට යන්න හදනකොටම දකුණු කකුලත් පැටලෙනවා වගේ මට තේරුණා. මම එහෙම්මම පුටුවේ ආපහු වාඩිවුණා.ඒත් එක්කම ලොකු දුවටත් බිරිඳටත් කෑ ගහලා කතා කලා. මම කතා කරනකොට දිව පැටලෙන ගතියකුත් තිබුණා. මට ඇතිවෙලා තියෙන්නේ අංශභාග තත්ත්වයක් කියල මට හිතුනා. ඒත් රාත්‍රියේ ඉස්පිරිතාලෙට යන්න බැරි නිසා ඊළඟ දවසේ යමු කියලා මම කිව්වත් ලොකු දූ කිව්වේ, පුළුවන් තරම් ඉක්මනට අපි ඉස්පිරිතාලෙට යමු කියලා. ගෙදර කට්ටියගෙ බල කිරීම නිසාම 1990 ගිලන් රථ සේවයට කතා කරගෙන ඒගොල්ලෝ මාව අපේ ප්‍රදේශයේ දිසාරෝහලට ගෙනිච්චා. එතනදි මාව පරීක්ෂා කරපු වෛද්‍යවරු ගිලන් රථයෙන් ළඟම තිබුණ දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගියා.දිස්ත්‍රික් මහ රෝහලේදී මට හදිසි CT පරීක්ෂණයක් සිදු කලා. එයින් පසුව හදිසි ප්‍රතිකාර අංශයේ දී තවත් ලේ පරීක්ෂණ කිහිපයක්ම සිදු කළා. ඉන් පසු නැවතත් මාව වෛද්‍යවරු පරික්ෂා කරල ඇතිවෙලා තිබුණු තත්ත්වය ගැන මටත් ගෙදර කට්ටියටත් පැහැදිලි කලා. මට ඇවිල්ල තිබුණේ අංශභාග තත්ත්වයක්. CT පරීක්ෂණයට අනුව මට තිබිලා තිබුණේ මොළයේ රුධිර වාහිනියක ලේ කැටිත්තක් හිර වෙලා. මගේ වාසනාවට මම රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් ඇවිල්ලා පැය හතර හමාරක් ඇතුලත රෝහලට ඇවිල්ල තිබුනා. ඒ නිසා අංශභාගය සුව කිරීම සඳහා ලබාදෙන ඖෂධය ලබා දෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු දැනුම් දුන්නා. මේ ලබා දෙන්න යන ඖෂධය ගැන වෛද්‍යවරු මට හොඳින් පැහැදිලි කරලා දුන්නා. මගේ කැමැත්තත් අත්සනත් ලබාගෙන ඖෂධය මට ලබා දුන්නා. "තාත්තේ ඔයාගේ කාඩ් එක දෙන්න." ඒ ලොකු දුවගෙ කටහඬ. අපි දෙන්නා දන්නෙම නැතුව ස්නායු සායනටම ඇවිල්ලා තිබුණා. අපිට හම්බුණේ අංක විසි දෙක .ඒ සායනය තිබුනේ මම වගේම අංශභාග තත්වයන් ඇවිල්ලා තිබුන රෝගීන්ට. එදා සායනයට ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. සමහර අයට තවමත් හරියට ඇවිදින්න බෑ , තවත් කෙනෙකුගේ හරියට අත වැඩ කරන්නේ නැහැ. සමහර කට්ටියට තාම හරියට කතා කරන්න බැහැ . එහෙම කට්ටිය ගොඩක් දෙනෙක් මේ සායනයට ඇවිල්ලා හිටියා. රෝහලේ ඉන්නකොට එදා විශේෂඥ වෛද්‍යතුමා මට කියපු දෙයක් මතක් වුණා ." විමලසේන මහත්තය දැන් ඉස්සර වගේ නෙමෙයි අංශභාග රෝගීන් වැඩියි. පුද්ගලයෝ හතර දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට මේක වැළදෙන්නෙ හැකියාව තියෙනවා." ඉන්න රෝගීන් දිහා බැලුවහම ඒ කතාව ඇත්ත කියල මටත් හිතුනා. මගේ අංකය ආවට පස්සේ ිශේෂඥ වෛද්‍යතුමාව හම්බෙන්න අපිට අවස්ථාව ලැබුණා . එතුමා මාව නැවතත් පරීක්ෂා කලා. ඒ වගේම කරගෙන එන්න කියපු ලේ පරීක්ෂණ වාර්තාත් බැලුවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මට කිව්වේ "ඔබතුමාට තිබුණ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය කාලෙක ඉඳන් තිබිලා තියෙනවා. ඔබතුමා අන්තිම මාස හය හතේ දී මේ රෝග හරියට පාලනය කරගෙන තිබුණේ නැහැ. මට හිතෙන්නෙ මේ නිසා වෙන්නැති ඔබතුමාට මේ වගේ තත්ත්වයක් එන්න ඇත්තේ. ඒ නිසා අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කියන තත්ත්වයන් හොඳින් පාලනය කරගන්න. නැත්තං ආපහු අංශභාග තත්ත්වයක් ඇතිවෙන්න හැකියාව තියෙනවා." ඇත්තටම අන්තිම අවුරුද්දෙ විතර මගේ වැරදි ආහාර රටාවත්, නියම කළ ඖෂධ මගහැරීමත් නිසා වෙන්න ඇති මේ වගේ තත්ත්වයක් මට ආවේ. වාසනාවකට ඉක්මනටම රෝහලට ගියපු නිසා මට අංශභාග තත්ත්වය සුව කරගන්න පුළුවන් වුණා. වෛද්‍යතුමා ඊට අමතරව ලබාදුන් ඖෂධ හරියට බොන්න කියලා කිව්වා. ඒ වගේම නිවැරදි ආහාර රටාවත් පුරුදු කරගන්න උපදෙස් ලබා දුන්නා. ඉස්පිරිතාලෙදි කියල දුන්න අතටත් කකුලටත් කරන්න කියා දුන්න ව්‍යායාම ටිකත් තව සති දෙක තුනක් කරන්න කියලා කිව්වා. ආපහු තව මාසෙකින් ඇවිල්ලා සායනයේදී පෙන්නන්න කියලා අවසාන වශයෙන් මට කිව්වා. ඒත් වෛද්‍යතුමා අන්තිමට කිව්ව කතාව මගේ හිතේ තවමත් දෝංකාර දෙනවා. දිය වැඩියාව සහ අධි රුධිර පීඩනය හරියට පාලනය නොකළොත් ආපහු මේ වගේ තත්වයක් එන්න පුළුවන්. ඒ කියන්නේ මට දියවැඩියාවයි අධි රුධිර පීඩනයයි හරියට පාලනය කරගන්නම වෙනවා. ඒවගේම මගේ පෙර පිනකට තමයි පුළුවන් තරම් ඉක්මනින් ම රෝග අංශභාග රෝග ලක්ෂණ වේලාසනින්ම හඳුනගත්තේ ඒ වගේම ඉක්මනින්ම මට ඉස්පිරිතාලෙට යන්න පුළුවන් වුණේ. පරක්කු වෙලා ගියා නං මට බෙහෙත විදින්න බැරි වෙනවා. දන්න කෙනෙක්ටත් මං කියන්නේ අංශභාගේ රෝග ලක්ෂණ ආවොත් බලන් ඉන්න එපා. ඉක්මනින්ම ළඟම තියෙන රෝහලට යන්න. ඉක්මනින්ම ගියොත් අංශභාගෙට බෙහෙත් තියෙනවා.

අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ගැබිනි...
17/05/2025

අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ගැබිනි මව්වරුන්ට සහ පවුලේ අනිත් අය සඳහා කරන දැනුවත් කිරීමයි.

▶︎ පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම, (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

▶︎ පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකීම

▶︎ අධික පාරජම්බූල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳීම

▶︎ පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.

▶︎ හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම

▶︎ එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම

▶︎ වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

அதிகளவு வெப்பத்தினால் உங்கள் உடல் ஆரோக்கியத்திற்கு ஏற்படக்கூடிய பிரச்சினைகளைத் தவிர்த்துக் கொள்வதற்கு

▶︎ தண்ணீர் தாகம் ஏற்படும் வரை காத்திருக்காது அடிக்கடி நீரைப் பருகுங்கள் (வயதுவந்தவர் ஒருவருக்கு ஆகக்குறைந்தது 2.5 லீற்றர்)

▶︎ நீரிற்குப் பதிலாக இனிப்புச் சுவையூட்டப்பட்ட குடிபானங்களை அருந்துவதைத் தவிர்த்துக் கொள்ளுங்கள்

▶︎ அதிகப்படியான புற ஊதா கதிர்களில் இருந்து உங்கள் கண்களைப் பாதுகாக்க நீங்கள் வெளியில் செல்லும் போதெல்லாம் 100% UV பாதுகாப்பு மூக்குக் கண்ணாடிகளை அணியுங்கள்.

▶︎ முற்பகல் 11மணியிலிருந்து பிற்பகல் 3 மணி வரையுள்ள காலப்பகுதியில் சூரியனின் வெப்பக்கதிர்களிலிருந்து உங்களைப் பாதுகாத்துக் கொள்ளுங்கள்

▶︎ இயலுமானவரையில் பருத்தித் துணியினாலான இளநிற ஆடைகளை அணியுங்கள்

▶︎ வெளியே நடமாடும் போது குடையொன்றைப் பாவியுங்கள் அல்லது தொப்பியொன்றை அணியுங்கள்

▶︎ வயோதிபர்,நோயாளிகள் மற்றும் சிறுவர்கள் அதிக வெப்பத்தால் பாதிக்கப்படக்கூடிய சாத்தியக்கூறுகள் இருப்பதால் அவர்களை அக்கறையுடன் பராமரியுங்கள்

Tips to avoid health problems caused by extreme sun exposure and heat

▶︎ Drink as much water as possible (at least 2.5 liters per day for an adult) Don't wait till you feel thirsty to drink water

▶︎ For thirst, consume water and avoid taking sugary drinks as they will dehydrate you more

▶︎ Wear 100% UV protection glasses whenever you go outdoors to protect your eyes from excessive UV rays.

▶︎ Minimize time spent in extreme sun exposure between 11 am and 3 pm.

▶︎ Stick to light-colored cotton clothes as much as possible

▶︎ Use an umbrella or a hat to protect yourself from direct sun exposure when going outdoors

▶︎ Elderly or sick people as well as small children are at higher risk of being affected under these conditions, so take special care of them.

අප ආයතනයට පැමිනෙන  ගර්භණී මව්වරුන්ගේ OGTT, GCT  වෛද්‍ය පරීක්ෂණ  සදහා අවශ්‍ය Glucose පිරිසිදුව හා සෞඛ්‍ය  ආරක්ෂිතව  අප ආය...
17/05/2025

අප ආයතනයට පැමිනෙන ගර්භණී මව්වරුන්ගේ OGTT, GCT වෛද්‍ය පරීක්ෂණ සදහා අවශ්‍ය Glucose පිරිසිදුව හා සෞඛ්‍ය ආරක්ෂිතව අප ආයතනයෙන් ලබා ගත හැක.

සිංහ රෝහල් රසායනාගාර සේවාව - ඉමදුවඑදිනෙදා කටයුතු අතරේ ඔබේ සෞඛ්‍යය ගැනත් විමසිලිමත් වන්න. මාස හයකට වරක්වත් පූර්ව රෝග නිවා...
12/07/2024

සිංහ රෝහල් රසායනාගාර සේවාව - ඉමදුව

එදිනෙදා කටයුතු අතරේ ඔබේ සෞඛ්‍යය ගැනත් විමසිලිමත් වන්න. මාස හයකට වරක්වත් පූර්ව රෝග නිවාරණ පරීක්ෂණයක් සිදු කරගන්න.

මෙම සියලුම පරීක්ෂණ ඔබගේ පහසුව උදේසා ඉමදුව HMC අප ආයතනය හරහා සිදු කරගත හැක.

041 44 21 747
070 32 32 257
070 62 50 399

HMC නවතම ශාඛාව විවෘත කිරීම නිමිත්තෙන් පවත්වන ලද වෛද්‍ය සායනය සහ අක්ෂි පරීක්ෂාව සාර්ථකව නිම වූ අතර එය සාර්ථක කර ගැනීමට උප...
05/12/2023

HMC නවතම ශාඛාව විවෘත කිරීම නිමිත්තෙන් පවත්වන ලද වෛද්‍ය සායනය සහ අක්ෂි පරීක්ෂාව සාර්ථකව නිම වූ අතර එය සාර්ථක කර ගැනීමට උපකාර කළ සැමට බොහෝ ස්තුතිය.☺️
2023/12/01

Grand Opening Ceremony of HMC Weediyawatta Branch☺thank you for every one who helped to achieve this goal.2023/12/01
05/12/2023

Grand Opening Ceremony of HMC Weediyawatta Branch☺
thank you for every one who helped to achieve this goal.
2023/12/01

HMC රසායනගාර සේවයේ  හා විශේෂඥ වෛද්‍ය සේවයේ නවතම  වාඩියවත්ත ශාඛාව විවෘත කිරීම නිමිත්තෙන් නොමිලේ පවත්වනු ලබන  වෛද්‍ය සායනය...
09/11/2023

HMC රසායනගාර සේවයේ හා විශේෂඥ වෛද්‍ය සේවයේ නවතම වාඩියවත්ත ශාඛාව විවෘත කිරීම නිමිත්තෙන් නොමිලේ පවත්වනු ලබන වෛද්‍ය සායනය හා අක්ෂි පරික්ෂාව දෙසැම්බර් 01 සිකුරාදා උදැසන 8 සිට දහවල් 12 දක්වා HMC රසායනගාර සේවයේ වාඩියවත්ත ශාඛාවේ (මනි කඩේ අසල) පැවැත්වේ.
විමසීම් :- ☎ 0414421747
☎ 0743066694

සුවබර දිවියකට
20/09/2022

සුවබර දිවියකට

Address

No:03, Akuressa Road, Imaduwa
Galle
80130

Opening Hours

Monday 06:30 - 20:00
Tuesday 06:30 - 20:00
Wednesday 06:30 - 20:00
Thursday 06:30 - 20:00
Friday 06:30 - 20:00
Saturday 06:30 - 20:00
Sunday 06:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Health Medicare Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram