හෙල ඔසු පොත

හෙල ඔසු පොත This is regarding Ceylon Herbal plants and introducing its importance. see my channel for more detai

🌿 අපෙන් ඈත්වන කෙම් ක්‍රම 🌿  කොස්, අඹ, දෙල්, තැඹිලි වැනි ශාකයක ඵලදාව පුපුරා තැලී කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුන...
13/12/2024

🌿 අපෙන් ඈත්වන කෙම් ක්‍රම 🌿

කොස්, අඹ, දෙල්, තැඹිලි වැනි ශාකයක ඵලදාව පුපුරා තැලී කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුනට, හතරට පලා සැමට දර්ශනය වනසේ කථා නොකර ගස මුල විසුරුවා හරින්න. මෙය පලතුරු බෝග සඳහා අත්දුටු ප්‍රත්‍යක්ෂ කෙමකි.

පොල්ගස්වල පුහු ගෙඩි හට ගැනීම මෙන්ම පොල්ගස් නූපූදින කළ ද කථා නොකර උදෑසන පොල්ගසේ කඳ වටා පොල්ලෙලි මාලයක් සේ සකසා බඳිනු ලැබේ.

කැලෑවකදී ආරක්ෂාව පිණිස කැලෑවට ඇතුල්වීමට පෙර කථා නොකර අත්තක් කඩා ගසක එල්ලයි

කැලෑවකදී මං මුලා වැල් හෙවත් බැදි වැල් පයට පෑගුණ විට කැලෑව තුළ වල්මත් වී අතරමංව පාර සොයාගත නොහැකි වේ. එවැනි අවස්ථාවක කථා නොකර මදු වැලක් සොයා පෑගූ විට පහසුවෙන් ආපසු යෑමට පාර සොයාගත හැකිය.
අලි ඇතුන්ගෙන් වගාවලට මෙන්ම නිවෙස්වලටද මනුෂ්‍යයන්ටද වන හානි වළකා ගැනීමට අති දුර්ලභ මදාරා ගසේ කෝටුවක් හෝ ලීයක් ගෙන කථා නොකර ආරක්ෂා සහිත ස්ථානයක, දුරක සිට අලි ඇතුන්ට දර්ශනය කරන්න. අලි ඇතුන් මදාරා ලීයට බිය බැවින් ආපසු හැරී පලා යයි

කැලේදී ඉසේ ඇම්මක් ඇති වුවහොත් දෙඇස වසාගෙන කථා නොකර අතට අසුවුනු ගසක කොළයක් කඩා හොඳින් පොඩිකර නළල දෙපස ගානු ලැබේ.
කුහුඹුවන් පලවා හැරීමට විනාකිරි 1:3 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකර හිමිදිරි පාන්දර කුහුඹුවන් සිටින දෙසට කථා නොකර ඉසීම කළ යුතුවේ.
කුඹුරේ මීයන් මර්දනයට මීයන් තලා දැමූ ගොයම නියර මත දමා මල්වර වූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කථා නොකර කළ යුතුය

මීවද ඇති ඉසව් සොයා ගැනීමට බඳුනකට ජලය පුරවා ගස් දෙබලක තබන්න. මී මැස්සෝ එයට පියාසර කර පැමිණෙන දිශාව බලා මී වද ඇති ඉසව් තීරණය කළ හැක.

පැඟිරි වර්ගයේ ශාක
වගා කරනු ලබන දෙහි, ‍ෙදාඩම් ඇතුළු ඒ ආශි්‍රත වගාවල පලදාව මුළුමනින්ම නොමැති නම් හෝ පලදාව අල්ප වශයෙන් ලැබේ නම් එම ගස මුලට හානි නොවන සේ ගිනි මැලයක් (දැල්වීම) අතු කප්පාදු කිරීම හෝ එම අතුවලට හිරිහැර කිරීම, අතුවල පොල් ලෙලි එල්ලීම කරන්න.

ගොයම් මැස්සන් එළවීමට
ගොයම් මැස්සන් ඇත්නම් කැන්ද අත්තක් ගෙන කුඹුරට ගොස් "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් 21 වරක් අත්තට මතුරා පසුව "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් කුඹුර වටේ යමින් කුඹුරේ ඇති ගොයම් දෙසට අත්තෙන් ගසමින් කපු මහතුන් දේවාලයකදී මොනර පිහාටු එක්කර ඔබට ආශීර්වාද කරන ආකාරයට සිදු කරන්න.
අලුයම හිරු උදාවට පෙර කළ යුතු බවත් එවිට ගොයම් මැස්සන් එම කෙම් ක්‍රමය අනුව ඉවත් වන බවත් පැවැසේ. ඇතැම් විට මෙය කරනු ලබන අයගේ කුඹුරට මෙම ක්‍රමයෙන් ප්‍රතිඵල ලද විට අසල ඇති කුඹුරේද ඒ ආකාරයට ගොයම් මැස්සන් සිටී නම් නැවත ඒමට ඉඩ ඇති බැවින් සාමූහිකව තම තමන්ගේ කුඹුරුවල පවත්නා ගොයම් මැස්සන්ගෙන් සිදුවන වගා හානිය වළක්වා ගැනුමට ක්‍රියා කළ යුතුය.

වෙනත් කෘමි උවදුරුවලට
ගොඩ ගොවිතැන් කරන ගොවි මහත්වරුන්ටද වෙනත් කෘමි වර්ග නිසා ඇතිවන වගා හානිය වැළක්වීමටද මෙම ක්‍රමය උපයෝගී කර ගත හැකියි.
කතා නොකර කැන්ද අතු කිහිපයක් කඩාගෙන පැමිණ ඉතා පිරිසුදු භාජනයකට (වංගෙඩියකට) එම කොළ සියුම්ව කුඩා කැබැලිවලට කපා සකස්කර දමන්න. ඉන්පසු එයට අමුකහ ස්වල්පයක්ද එක්කර කොටා පසුව එම කොටාගත් මිශ්‍රණයට එකට දහය යන පරිමාවට වතුර මිශ්‍රකර වතුරේ හොඳට කලතමින් දිය කරන්න එසේ දියකර ගත් වතුර පෙහරන්කඩයක් උපයෝගී කරගෙන පෙරා පසුව තුන්වරක් හෝ 7 වරක් මේ ආකාරයට පෙරා සුදුසු භාජනයකට ගන්න.

ඉන්පසුව මස් මාංස අනුභව කිරීමෙන්, මත් පැන් පානය කිරීමෙන් වැළකී තමන් පිරිසුදුව සුදු වස්ත්‍රයකින් සැරැසී මල් බුලත් පුටුවක් සාදා ගෙන පෙරාගත් බඳුන ඒ මත තබා තෙරුවන් සිහිකර බුදුන්වහන්සේට පහනක් දල්වා පසුව ප්‍රදේශයට අධිපති දෙවියන් උදෙසා පහනක් දල්වා දේව මණ්ඩලයද සිහිපත්කර තෙරුවන් නැමද, රතන සූත්‍රය තුන් වරක් හෝ හත් වරක් කියා පසුව මහා මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින්දී මා මේ කරනු ලබන්නා වූ උතුම් කාර්යය සඳහා ඔබ වහන්සේගේ ආශීර්වාදයද ලැබ මෙම කෘමි උවදුරෙන් මාගේ, අපගේ කුඹුරට බලපා ඇති සියලුම දෝෂ දුරු කරදී ආරක්‍ෂාව යහපත උදාකර දෙනු මැනව කියා වැඳ නමස්කාර කර,

අම්බම් මැස්සෝ - බ්‍රම්මම් මැස්සෝ, ගැටවම් මැස්සෝ, පිලවම් මැස්සෝ, මැසි මදුරුවෝ පෝග පෝග ඒසවාහ-- කියමින් එම භාජනය තමන්ගේ මුඛය අසලට ළංකර ගතහැකි අන්දමට ගෙන සුවඳ කුඩු තමන්ගේ ඇඟිලි තුඩුවලට ගෙන මුඛයට ළංකර මෙම මන්ත්‍රය කියමින් එය අවසානයේ ගිනි කබලට එම ජීවම් කළ කුඩු දමමින් දුම් දෙමින් 108 වරක් මතුරා ගන්න. හැකිනම් කුඹුරේ නොපෑගුණු ස්ථානයකින් වැලි හෝ පස් හෝ (සියුම් ලෙස කුඩු කරගත යුතුය.) ගෙන ඒවාද මෙම මල් බුලත් පුටුවේ තබා ඒ සමඟම ජීවම් කරගන්න. පසුව පාන්දර හිරු උදාවීමට පෙර "කැන්ද කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් (තොල් මතුරමින්) කුඹුරට ඉසින්න. වැලි සහ පස්ද ඒ ආකාරයටම ඉසින්න. මෙම කෙම් ක්‍රම අනුගමනය කිරීමේදී තමා විසින්ම ඉතා කැපවීමකින් කරගත යුතු බව සිතන්න.

ඉහත සඳහන් කළ කැන්ද කොළවලට ග්ලිසිරීඩියා හෙවත් ඇතැම් ප්‍රදේශවල භාවිත කරන මැටි මාර කොළ සහ මල්ද මිශ්‍රකර කොටා ඒ ආකාරයට සකස්කර ගතහොත් මෙම කෘමි උවදුරට මීට වඩා ප්‍රතිකර්මයන් කිරීමට ඉඩ ඇති බවයි. ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමුකොට පළමුව සුළුවෙන් සකස්කර ගෙන සුළු ප්‍රමාණයකට ඉස ඒ පිළිබඳ අත්හදා බලන්න.
සතුන්ගේ උවදුරු නැසීමට
හේනට හෝ කුඹුරට අලි, ගෝන, වල් උෟරන්, මීමින්නන් ඇතුළු විවිධ සතුන්ගෙන් අලාභහානි කරයිද, කතා නොකර ගොක් කොළ රැහැන් කිහිපයක් ගෙන එම වන සතුන් එන මාර්ගවල තීරුවලට ඉරාගෙන මාර්ගය අහුරා ඇද දමන්න. මෙයද ඉපැරැණි කෙම් ක්‍රමයකි.

මී උවදුරට
මීයන් විශාල වශයෙන් බෝවීම නිසා හේනේ කුඹුරේ මෙන්ම ගොවි පෙළේද වගාවන්ට සිදුවන විනාශය අති විශාලය. කුඹුරේ ගැවසෙන මීයන් නිසා මී උණ වැනි භයානක රෝගයන්ටද ගොවි මහතුන්ට මුහුණදීමට සිදුව ඇත. එමෙන්ම නිවෙසේද පොත්පත්වලටද ඇඳුම් ආදියටද විවිධ ආහාරවලටද හානි සිදු කරයි.
කුඹුරේ, ගොවිපළේ මෙන්ම නිවෙසේදී මීයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල බළල් බෙටි සමඟ අමු ගොම මිශ්‍රකර කතා නොකර තබන්න.
ග්ලිරිසිඩියා හෙවත් වැට මාර නමින් හඳුන්වන ශාකයේ මල් පොකුරු කිහිපයක් මීයන් සිටින ස්ථානවල තැබීමෙන්ද, වඳවීම හෝ ඉවත්වීම සිදුවේ. කතා නොකර මෙය කළ යුතුය. ඇතැම් ප්‍රදේශවල ඉපැරැණි ගොවි මහතුන් තමන්ගේ කුඹුරේ මීයන් වඳ කිරීම සඳහා ග්ලිරිසිඩියා ගස්වල මල් අමු කොළ එකට දමා කොට, අමුගොම සමඟ හොඳට මිශ්‍ර කර භාජනයකට දමා ගව මුත්‍ර දමා සතියක් පමණ වසා තබා එම දියරය මීයන් වසන ස්ථානවල විශේෂයෙන් කුඹුරේ ලියදිවල ඇති මී බෙන තුළට කතා නොකර දැමීමෙන් මීයන් වඳ වේ.

කෘමි උවදුරට
කුල්ලක ලාටු ගා පැළ අතර එහා මෙහා ගෙන යෑමද, රාත්‍රි කාලයේදී කැකුණ තෙල් පොඟවා ගත් පන්දම් කුඹුරේ දැල්වීමද සිදුකර ඇත. ඒ මඟින් කෘමීන්ගෙන් වගාවන් ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත.

පලතුරු වගාවට
පලතුරු වගාවන්වල ඇතැම් මැස්සන් හා කෘමින්ගෙන් විශාල හානි සිදුවේ. මේ සඳහාද විවිධ කෙම් ක්‍රම භාවිත කර ඇත. පෙරමෝන උගුල නමැති බෝගල් හෝ එවැනි උපකරණ සම්බන්ධ කර ගෙන කළ ක්‍රියාවන්ද පැවැත ඇත. කෘමි සතුන් පාලනය කිරීමට කෘමි විකර්ෂක ශාක වගා කිරීමද භාවිත කර ඇත. නියරවල් දිගට දහස්පෙතියා, සූරියකාන්ත, කපුරු වැනි ශාක හිරු උදාවට පෙර කතා නොකර ගොස් ගොයම් පැළ සිටුවීමත් සමඟ හෝ ඉන් ටික කලකට පසු වගාකර ඇති බව සඳහන් වේ. මෙම මල් වගා කිරීමේ හේතුවෙන් කෘමීන් වඳවීම හෝ එම ප්‍රදේශයෙන් ඉවත් වී ඇති බව ප්‍රකට වී ඇත.

ගෙවත්තේ පලතුරු ගස්වල මල් පිපෙන සමයට හීරැස්ස වැල් කැබැල්ලක් ගසේ නැගෙනහිර දිශාවේ අත්තක බැඳ තබන්න. ඇස්වහ කටවහ දෝෂ දුරු වීමට මෙම කාර්යය කිසිවකුට නොපෙනී කතා නොකර ඉර පායන්න පෙර සිදුකිරීම කළ යුතුය.
කොස්, දොඩම්, අඹ, බෙලි, කෙසෙල් ආදී පලතුරු ගසේදී පුපුරා විනාශ වීම වැළැක්වීම සඳහා කෙම්මුර දිනයක අලූයම යකිනාරං අත්තක් ගෙන පලබර ගසේ නැගෙහිර දෙස කඳ පිරිමැද ගසමුල අත්ත සිටුවන්න. ඇස්වහ කටවහ නිසා පලතුරු පුපුරා විනාශ වීම නවතී.
Ø කුඹු‍රෙන් සරු අස්වැන්නක් ලැබීමට ඇටි කෙසෙල් අලයේ යුෂ මී ඇට තෙල් ගෙන ඉවර වු පසු ඉතිරි වන රොඩ්ඩ සමඟ මිශ්‍ර කර එම යුෂයෙන් බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.

Ø වී අස්වැන්න සරු සාර වීමට බුලු ගසක බදින ලද පිළිලයක් පුවපල් නැකත යෙදී ඇති දිනක ගලවා කුඹුර මැද දැමීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක. ගොයමි පාගන විටදී ද එවැනි පිළිලයක් කමතේ වැලලීමෙන් ද වැඩි අස්වැන්නක් ලැබේ.
Ø ලබු කිඳ කොටා යුෂ ගෙන එයට අමු ගොම මීශ්‍ර කර දිය කරන්න. මේ මිශ්‍රණය දිනක් හෝ දෙකක් පල්වෙන්නට හැර බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.
Ø කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කොල කන පණුවන් මර්ධනය කිරීමට වක්කඩට කැප්පිටියා කොළ දමන්න.
Ø කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කෘමින්ගෙන් වී වගාවට හානි සිදුවේ. මෙවැනි අවස්ථා වල කුඹුරෙහි තැනින් තැන ඉනි සිටුවා ඒ මත පොල්ලෙල්ලක් හෝ ලෑල්ලක් වැනි දෙයක් තැබීමෙන් දිවා හා රාත්‍රි කාලවලදී ඒ මත විවිධ කුරුල්ලන් වසා කෘමීන් ආහාරයට ගනී. ඒ මඟින් කෘමීන් මර්ධනය කල හැක.
Ø විවිධ කුරුල්ලන්ගෙන් ගොයමට වන හානි වලක්වා ගැනීමට මා නැකත ඇති දිනක මී ගසක මුලක් ගලවා කුඹුරේ මැද සිටුවන්න.
Ø කුඹුරට මීයන්ගෙන් වන හානිය මර්ධනය කිරීමට අන්නාසි කොළ ගෙන ඒවායේ බුලත් විටට ගන්නා හූණු වලින් ඉරි ඇඳ ඒවා කුඹුරේ තැන්තැන් වල දමන්න. මේවා බැලු බැල්මට සර්පයන් සේ පෙනෙන බැවින් මීයන් ඒම වැලකේ.
Ø වී වගාවේ පුරුක් පණුවන් මර්ධනයට පොල්පිති කපා ඒවායේ හිස කොටස ඉහළට සිටින සේ කුඹුරෙහි සිටුවීමෙන් ඒ මත වසන කුරුල්ලන් පුරුක් පණුවන් ආහාරයට ගැනීම නිසා පුරුක් පණුවන් වඳ වේ.
Ø පොල් කොමිබයකට පිලිස්සුණු එන්ජින් ඔයිල් යොදා පහනක් දැල්වීමෙන් කුඹුරේ සිටින පුරුක් පණුවන්, දළඹුවන් , ගෙප්මැස්සන්, ගොයම් මකුණන් ආදී සතුන් ගෙන් වන හානී අවම කර ගත හැක.
Ø කුඹුරේ වක්කඩ ළඟ වලක් හාරා එයට කොහොඹ කොළ , කදුරු කොළ , දලුක් කොළ, දොඩම් කොළ, තිත්ත කිඳ ,කලවැල් වැනි සැර ගඳක් ඇති කොළ වර්ග එම වලේ රඳවා තැබීමෙන් වතුර සමඟ මීශ්‍රව කුඹුර පුරාම ඒවා ගලා යන නිසා ගොයමේ ඇති විවිධ කෘමීන් මර්ධනය වේ.
Ø කුඹුරේ නියරවල පලා වර්ග එළවලු වර්ග වගා කිරිමෙන් පළිබෝධ හානී අඩු කර ගත හැක.
Ø හිනි මිරිස්, නයි මිරිස්, වියළි මිරිස් වැනි සැර ගඳ ඇති දෙයක් අඹරා ජලයෙහි දියකර ඉසීමෙන් ගොයමේ පැල මැක්කන් වඳ කර ගත හැක.
Ø දුඹුරු පැල කීඩෑවන් නිසා ගොයමට වන හානිය වලක්වා ගැනීමට කුඹුරේ වතුර හිස් කර ගොයම් ගස් මුලට අව්ව වැටීමට සලස්වන්න.
Ø දුඹුරු පැල කීඩෑවන් සිටින ස්ථාන වලට ,
අලු වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
වැලි වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
ගෝනි පඩංගු භූමී තෙල් වලින් පොඟවා කුඹුරේ තැන් තැන් වල දමන්න.
Ø ඉබි කුරුමිණියා ,ඔක්සිඩිසින් මකුලුවා , රතු කාවා ,රතු කඩි කුරුමිණියා වී ගොවිතැනේ හිතකර කෘමීන්ය. මොවුන් පළිබෝධකයන් ආහාරයට ගන්නා නිසා පළිබෝධ නාශක ඉසීමක් අවශ්‍ය නොවේ.
Ø කෙම්මුර දිනයක දිය නා පිරිසිදු පිරුවටයක් ඇඳ දිය කිරිල්ල අත්තක් කඩා ගෙන.
“ඕං නමෝ මෙති මෙති මලා මෙතියේස්වාහං“
යන ගාථා මන්ත්‍රය 10වරක් මතුරා කුඹුරේ සිටුවීමෙන් වී ඇහිලීමට කුඹුරට එන කුරුල්ලෝ අඩු වේ.
Ø වී වැපුරුවිට විවිධ කුරුල්ලෝ වී ඇහීළීමට එති. එය වලක්වා ලීමට මල් කෑර කෝටු හතරකට
“නමෝ මහා මෙහි ගන්නේ මමයි ඒහි ඒස්වාහං“
යන මන්ත්‍රය 108 වරක් මතුරා කුඹුරේ හතර කොනේ සිටුවීමෙන් කුරුල්ලෝ වී ඇහීලීමට නෙඓති.
Ø වී කුඹුරට ඉස දින 3 ක් 4ක් ගත වු පසු විවිධ කෘමීන් ඒම වැළැක්වීමට අලු ටිකක් ගෙන
“ සබ්බ පාපස්ස අකරණං“
යන ගාථාව මතුරා කුඹුරට ඉසින්න.
Ø වක්කඩ අසල තරමක වලක් හාරා ,වරා කොළ හෝ දලුක් අතු හෝ කැප්පෙටියා අතු දැමීමෙන් කෘමීන් කුඹුරට ඒම වළක්වා ගත හැක.
සමහර කාල වල කුඹුරට ගොලුබෙල්ලෝ බෝ වේ. එවිට ලියැදි වල වතුර බැඳිමෙන් ගොලුබෙල්ලෝ නියරට ඒම නිසා කපුටන් කා දමති.
Ø බිත්තර වී වපුරණ විට “ සබ්බ පාපස්ස අකරණං“ යන ගාථාව සත් වරක් මැතිරීමෙන් කෘමී උවදුර අඩු කර ගත හැක.
Ø කටු වල අල ශුද්ධ කීරීමෙන් පසු පිට පොත්ත සහිත ලෙලි එකතු කර ඒවා වක්කඩ ළඟ පොඩි වළක් හාරා එයට දැමීමෙන් වේ උවදුර වලක්වා ගත හැක.
Ø නොපෑගුන ස්ථානයකින් වැලි ටිකක් ගෙන මල් බුලත් තට්ටුවක තබා ,
“ඕං නමෝ ඇති නිමී යේස්වාහං“
යන මන්ත්‍රෙයන් 108 වරක් මතුරා ඉසීමෙන් මීයන් ඒම වළකී.
Ø පීදෙන ගොයමට ගොයම් මැස්සන් බෝ වීම බහුලව සිදුවේ. යායක් එකම කාලයකදී වැපීරීම මඟින් මෙය බොහෝ දුරට අඩු නර ගැනීමට හෝ වලක්වා ගැනීමට පුළුවන. රාත්‍රී කාලයේදී ලන්තෑරුමක් එල්ලීමෙන් ද ගොයම් මැස්සන් අඩු කර ගත හැක.
Ø වැලි අහුරක් ගෙන “ නමෝ තීල තීල අභිලේස්මාහං“ යන මන්තරයෙන් 21 වරක් මතුරා කුඹුරට ඉසීමෙන් ගොයම් මැස්සන් වඳවේ.
Ø කඹයක් හෝ කොහු ලණුවක් තැනින් තැන රෙදි පාන්කඩ දවටා දුම්මල තෙල් හෝ කැකුණ තෙල් පොඟවා කුඹුරේ ගොයම් කොළ වල ගෑවෙන සේ ඇදීමෙන් ගොයම් මැස්සන් වඳවේ.
Ø දීග ලීයක කුල්ලක් බැඳ කුල්ලේ යම් මැලියම් වර්ගයක් ගා ගොයමේ කුල්ල ඇතිලිලීමෙන් මැස්සන් වඳ කරගත හැක.
Ø රුක් අත්තන ගසේ පොතු වේලා වංගෙඩියේ කොටා පිටි කර එම පිටි කුඹුරේ කීඩෑවන් සිටින ස්ථාන වලට ඉසීමෙන් මැස්සන් වඳ කරගත හැක.
Ø ගොයම් වැඩී ඇති අවස්ථා වලදී ඇස්වහ කටවහ දෝෂ ද ඇති වේ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පඹයෙකු සාදා සවි කරන්න.
Ø පොල් කොළ අග්ගිස් කෑලි 7 ක් ,වියළී මිරිස් කරල් 7ක් , දෙහි කොළ 7ක් ,මිරිස් ඇට 7 ක්, සීනක්කාරම් හා අළු ස්වල්පයක් දමා කථා නොකර කුඹුරට දුම් ඇල්ලීමෙන් ඇස්වහ කටවහ දෝෂ දුරු වේ.

Ø මීයන්ට , අමු ගොම හෝ එළු බෙටි පොල් කටු වලට දමා කුඹුරේ තැනින් තැන තබන්න. වැට මාර ගස්වල වල පොතු බත් සමඟ මීශ්‍ර කර ගුලි කර කුඹුරේ තැනින් තැන වල දමන්න. වැට මාර මල් කුඹුරේ තැනින් තැන විසුරුවා හරින්න.
Ø මීයන්ට, කුරුල්ලන්ට - ගොයමට උඩින් පොලිතින් පටි, කැසට් පටි අදින්න.
Ø පීදෙන ගොයම ගොයම් මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට , හිමිදිරි පාන්දර කුඹුරට ගොස් කථා නොකර ‍ගොයම් මැස්සකු අල්ලා ගන්න. වියළි මිරිස් කරලක් ගෙන අග කොටස තරමක් කඩා අල්ලා ගත් මැස්සා එතුළට දමා නූලකින් මැස්සා පිටතට නොඑන ආකාරයට බදින්න. ඊට පසු කථා නොකර ගෙදරට පැමිණ එය දුම් මැස්සේ නටුව උඩට සිටින සේ එල්ලන්න. දුම් වදිනවිට මැස්සන් වඳවේ.
එසේම දෙහි ගෙඩියක ඇස්ස කපා පෙර පරිදිම ගොයම් මැස්සකු එතුළට දමා දුම් මැස්සේ දුම් වඳින සේ එල්ලා තබන්න.

ලබු ගෙඩියේ ඇස්ස කපා ගොයම් මැස්සකු අල්ලා ගෙන ඒ තුළට දමා ඇස්ස වසන්න. එය රැගෙන කුඹුරේ වටේට ගොස් කුඹුරේ මැද ඉන්නක් සිටුවා ගොක් කොළයක් බැඳ ගෙඩිය එහි තබන්න. ගොයම් මැස්සන් වඳ වේ.
කුඹුර වටේ හතර කොනින් ගොයම් මැස්සන් හතර දෙනෙකු ද හරි මැද්දෙන් තවත් ගොයම් මැස්සකු ද හිමිදිරි පාන්දර කථා නොකර අල්ලා ගන්න. ඊට පසු හිගුරළ වැලක පොළවේ සිට අඩියක් පමණ ඉහළින් එහි පොත්ත ගලවා මැස්සන් පස් දෙනා පොත්තට මැදි කර ගොයම් ගසකින් බඳින්න. වැල මැරි යන ආකාරයට ගොයම් මැස්සන් වඳ වේ.

ගොයම් මැස්සන් පස් දෙනෙකු අල්ලා එය හරකෙකු, බල්ලෙකුට ,කුකුළෙකුට ගිල්විය යුතුයි.ඒ සමඟම කුඹුර හිමියා ද තුන් වරුවක් කුඹුරට නොයා යුතුයි.
Ø කුඹුරේ මැසි මදුරුවන් වැඩි වේ නම් සිව් කොනේ කෝටු හතරක් සිටුවා ගොටු සවිකර ඒවාට දිහේ පෙඟවු මුං ඇට ස්වල්පයක් දමන්න. මුං ඇට පැළ වේගන එන විට මැස්සන් දුරුවේ.

Ø හීන් කොච්චි ,හිනි මිරිස්, පල්මානික්කම්, සිනක්කාරම්, සහිඳ ලුණු, එක තරමට ගෙන අඹරා ගුලි කර වල් ලුණු අලයක් ගෙන මදය ඉවත් කර එම ගුලිය එහි තබා සිදුර වසා කුඹුරේ සිව් කොන වැළලීමෙන් ,අලය කුණුවී යන විට ගොයමට පැමිණෙන කෘමීන් මර්ධනය කර ගත හැක.
Ø කෙම්මුර දිනයක ඇඹුල් දොඩම් ගෙඩි 4ක් 5ක් කඩා ගෙන කුඹුරේ ස්ථාන කිහිපයක වැළලීමෙන් ගොයමට එන මැස්සන් දුරුවේ.මෙහි අන්තර්ජාලයෙන්උපුටා ගත් කරුණු ඇතුලත් වන අතර මේ දැනුම පැරණි මුතුන් මිත්තන්ගෙන් අපට උරුම කල දුන් ඒවා වේ

🌳❤ ගෙඩි හැදෙන්නේ නැති ගස් කවදාවත් ගලවලා විසික් කරන්න එපා. පොල් විතරක් නෙමේ. අඹ, දෙහි, දෙළුම් වගේ ඕනම එකක්. ගස් වලින් ගෙඩි ගන්න අත්දුටු ප්‍රතිඵල සහිත කෙම් ක්‍රම ඉස්සර මිනිස්සු පාවිච්චි කරලා තියෙනවා. ගස් වලට පහර දීම, පොල් ලෙලි එල්ලීම වගේ.

ගෙඩි හැදෙන්නේ නෑ කියලා කවදාවත් ගස් ගලවන්න යන්න එපා. ඔයාලා දැකලා ඇති පාලුවට ගිය ගෙවල වල තියෙන කොස් ගස්, දෙල් ගස් වල පැලෙන්න ගෙඩි හැදෙනවා. ඒකට හේතුව දන්නවද. 🤔 ඒ ගැනත් ඔය වීඩියෝ එකේ තිබ්බා.

උපුටාගැනීමකි.
ස්තුති මුල් හිමිකරුට 🙏
පල කිරීම 🖍️වෙඩිමුරය අපි

මේ ලාවුලු වාරයයි...💛  ලාවුලු වල ගුණ බලලා කනවද මූනෙ ගානවද තීරණය කරමු..ලාවුලු නිකම් කන හැටි හැමෝම දන්නවනෙ.  විශේෂයෙන් බබාල...
11/12/2024

මේ ලාවුලු වාරයයි...💛 ලාවුලු වල ගුණ බලලා කනවද මූනෙ ගානවද තීරණය කරමු..

ලාවුලු නිකම් කන හැටි හැමෝම දන්නවනෙ. විශේෂයෙන් බබාලට එහෙම නොදී අතාරින්න එපා..

ලාවුලු උයන්නෙ කෝමද 🙃😊

රසවත් ලාවුළු ව්‍යංජනයක ගුණ - (Pouteria campechiana) Canistel Curry 🍲

අතීත කතාව - මීට අවුරුදු ගණනකට ඉහතදී ලංකාවේ තිබුණා පරිප්පු ඇටයක්වත් හොයාගන්න බැරි උන කාලයක්. ඉතින් ආහාර වේලට පරිප්පු නැතිවම බැරි උන අය මේ සදහා ආදේශකයක් හොයාගත්තා. කතාවට කියන්නෙ නම් පරිප්පු වලට යොදන්න පුළුවන් ආදේශක කොහෙවත් නෑ කියලා උනත් රස බලපු හැමෝම කියලා තියෙන්නෙ මේ ව්‍යංජනය ඊටත් වඩා රසවත් උනා කියලා තමයි. ඒ තමයි ලාවුළු ව්‍යංජනය.

☘️ලාවුළු කියලා කියන්නෙ ටිකක් කන්න අපහසු තරම් මත් ගතිය එන නිසාම අපේ රටේ සමාජයෙන් ඉවත් වෙලා යන පලතුරක්.

☘️ලන්දේසී සමයේ ලංකාවට හදුන්වා දුන්නා කියලා අදහස් කෙරෙන මේ ශාකය හරිම ගුණදායක පෝෂක වලින් යුතු ගෙඩි වලින් යුක්තයි.
☘️ පෝෂණ බහුලතාව නිසා අධිකව ආහාරයට ගැන්මෙන් මත් ගතියක් ඇති වන්නේයැයි සඳහන් වන ලාවුළු ඉතා ශක්තිජනක පලතුරක්.
☘️ ලාවුළු මද ග්‍රෑම් 100ක, ශක්තිය කැලරි 138 ක් අඩංගු වෙනවා.
☘️ ඒ වගෙම විටමින් A B C ඛනිජ ලවණ- ප්‍රෝටීන් පොස්පරස් යකඩ කැල්සියම් පොටෑසියම් කාබොහයිඩ්‍රේට් පෝෂක, ඇමයිනෝ අම්ල, හිතකර රසායන සංයෝග, ප්‍රතිඔක්සිකාරක ගුණ ආදියෙනුත් පරිපූර්ණයි.
☘️ Canistel, Egg fruit , yellow sapotae යන නම්වලින් මෙය හඳුන්වනු ලබනවා. Egg fruit කියන නමේම ගැබ්වෙලා තියනවා මේ පලතුරේ තියන ගුණදායක බව
☘️ඉදුණු ගෙඩිවල දීප්තිමත් කහ පැහැති මාංශල, පිෂ්ට ගතියෙන් යුක්තයි.
☘️ පලතුරක් විදියට වගේම ජෑම් වර්ග අයිස්ක්‍රීම් කස්ටඩ් විදියටත් සකස් කරලා ආහාරයට ගන්න පුළුවන් මේ ගෙඩිවලින් බීම හදලා පානයට භාවිතාකරන්නත් පුළුවන්.

☘️මේ ගෙඩියෙ මදය පොල් හා පිටි සමග මිශ්‍රකර සකසා ගන්නා රොටී අතීතයේ සිට ම ජනප්‍රිය ආහාරයක් බවට පත්වුණා.
☘️පැසුණු අමු ගෙඩි පොතුහැර සිහින් කොටු කපා හොඳින් කිරි සෝදා හැර වෑංජන, මැල්ලුම් වගෙත් හදලා බතට එක්කර ගන්නවා. ව්‍යංජනය ගැන ලිපිය අන්තිමට සදහන් වෙනවා.
☘️ ශාකයේ ගෙඩි ඇට කොළ පොතු ආදි සියලු කොටස් ඔසු ගුණ සහිතයි.
☘️විෂනාශකයක්, දාහය නිවන්නක්, බැක්ටීරියා සහ දිලීර නාශකයක්, ප්‍රතිශක්ති වර්ධකයක්, හෝමෝන වර්ධකයක්, හා ස්වාභාවික රූපලාවණ්‍ය වර්ධකයක් විදියටත් සිරුරේ ක්‍රියාත්මක වෙනවා.
☘️ ඇසේ දෘෂ්ටි විතානයේ නීරෝගී පැවැත්මට අවශ්‍ය වන A විටමින කැරටිනොයිඩ ලාවුළුවල බහුලව පවතින බව ඔබ දන්නවාද. ඉතින් ඒ මගින් ඇස්වල වියළි බව නැතිකරන්න සමත් වෙනවා. සුද ඇතිවීමත් වෙනත් ඇස් රෝග වැළකී අක්ෂිවල පෙනුම වර්ධනය වීමක් සිදුවෙනවා.
☘️ ගෙඩිවල අන්තර්ගත කැරොටිනොයිඩ ඔබේ සම පැහැපත් කරලා එහි දිලිසෙන ගතිය නැත්තම් glow එක වැඩි කරනු ලබනවා.. ඒ වගේම ඔබේ හිසකෙස් නිරෝගිකර වර්ධනය කර දෙනු ලබනවා.
☘️මේ ශාකයේ ගෙඩි වලට හිසරදය, ආමාශයේ ඇතිවන දාහය , විෂාදය සහ අධි රුධිර පීඩන මට්ටම් පාලනය කිරීමේ හැකියාවකුත් පවතිනවා.ඒ වගේම පරීක්ෂණ වලින් සනාථ වෙල තියනවා පිළිකා සෛල මර්දනය කරන්නටත් උපකාරි වෙන බව.
☘️ඒ වගේම එය විටමින් B6 වලින් පොහොසත්.ඒ නිසා ඉන් අක්මාව ආරක්ෂා වන අතරෙ සිරුරේ විෂ හරණය වීමත් සිදුකෙරෙනවා.
☘️අක්මාවට වගෙම එය අග්න්‍යාශයටත් ඉතාම හිතකරයි. සීනි මට්ටම කෙරෙහි බලපාමින් දියවැඩියාව පාලනය කිරීමක් මෙමගින් සිදුකරනවා.
☘️රුධිරයේ මනා පැවැත්මට උපකාරී වන හිස්ටමින් නිපදවීමට උපකාරිවෙමින් රුධිර සංසරණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට මග පාදනවා ☘️ඒ නිසාම අධි රුධිර පීඩන,අධි කොලෙස්ටරෝල් , හදවත් රෝග ආදියත් ආහාරමය වශයෙන් පාලනය කිරීමක් කරන්න මේ ගෙඩිවලට පුළුවන් කම තියනවා.
☘️ලාවුළු ගෙඩි වල යකඩ බහුලයි. මේ නිසා ලාවුළු ආහාරයට ගැනීම මගින් හිමොග්ලොබින් නිපදවීමට සහායවෙමින්, ඔක්සිජන් ප්‍රවාහ වැඩිකර, මතක ශක්තිය වර්ධනය කිරීම අවශ්‍යයෙන්ම සිදුවනු ලබනවා.
☘️මෙමගින් රක්ත හීනතාවය නැතිනම් නිරක්තියත් එමගින් ඇතිවෙන්න පුළුවන් තවත් රෝග තත්වත් වළකනවා.
☘️ ලාවුළු ගෙඩිය කැල්සියම්වලිනුත් ඉතාම පොහොසත්. මේ නිසා මේ ගෙඩි ආහාරයට එකතු කරගන්න එකෙන් ඔබේ අස්ථි ශක්තිමත් වෙනවා.
☘️ කාටිලේජවල මනා පැවැත්මට උපකාරී වෙන අතරෙම ආතරයිටිස් වැනි සන්ධි රෝග පාලනය කිරීමටත් සමත් වෙනවා. අස්ථි වල මනා පැවැත්මට හේතු වෙන නිසා ඔස්ටියෝ පොරෝසිස් අවදානම අඩුකිරීමත් සිදුවෙනවා.
☘️අස්ථි වලටම අයිති වෙන දත් සවිමත්වීම සිදුවෙන අතරෙ විදුරුමසින් සිදුවෙන ලේ ගැලීමුත් වලකිනවා.
☘️දත් කැක්කුම දුරුකිරීමට ප්‍රතිකාරයක් ලෙස ඇට මදය යොදාගන්නවා ලාවූළු වල ඇති C විටමින් සෙම්ප්‍රතිශ්‍යා උණ ආදි බෝ වන රෝග ඇතිවීම වළක්වනවා. වයිරස් වලට ඇතිවන ප්‍රතිරෝධය තමයි ඊට හේතුව. ඒ වගේම එහි ඇති ක්ෂුද්‍ර ජීවීන්ට HI වෛරසය මර්දනය කරන ගුණ ඇති හෙයින් ලොව පුරා ඒඩ්ස් රෝගීන් බොහොමයකගේ ආහාර වේලට ලාවුළු එක්කරනු ලබනවා. .
☘️ලාවුළුවල ඇති ආහාරමය තන්තු ජීර්ණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වය ඇතිකරනු ලබනවා. මේ හින්දා බඩවැල් ආශ්‍රිතව ඇතිවන විවිධාකාර රෝග වලටත් මල බද්ධ අර්ශස් ආදී රෝගවලටත් මේ පලතුර ඉතාම හිතකරයි.

☘️ ස්නායු පද්ධතියට හිතකරව ක්‍රියා කරන ලාවුළු අපස්මාරය හා මතකය අඩුවීම ආශ්‍රිත ඩිමෙන්ෂියා රෝග තත්වය පාලනය කිරීමට සමත් වන ආහාරමය ඖෂධයක්.
☘️ ඒ වගේම මානසික ආතතිය දුරු කරලා සුවපත් නින්දක් ලබාදීමටත් සමත් වෙනවා.
☘️ ලාවුළු ගෙඩියේ ඇට සිහින්ව කපා රැයක් දියෙහි තබා උදෑසන හිස්බඩ පානය කිරීමට ලබා දීම මගින් ☘️ඕජස සහ ශුක්‍ර වර්ධනය කර ගැන්මට ද යොදාගනු ලබන්නක්.
☘️ඇටවලින් හිඳින තෙල් හිසකෙස් වර්ධනය කරන ගුණ සහිතයි. බීජ වගේම කොළ සහ පොතුත් සමේ රෝග දුරුකරන ශක්තියෙන් යුක්ත වෙනවා.
☘️ ඇට වල මදත්, ශාක පොතුත්, ගසේ කොළත් තැම්බු ජලය තුවාල සේදීමට යොදා ගන්නවා. කල් ගිය තුවාල අරමණ වණ සහ ඉස්ම ගලන තුවාල සුව කිරීමට පොතු කෂාය ලබා දෙනවා.
☘️ගසේ පොතු .විෂබීජ නාශක ගුණයෙන් යුතු අතර උණ සෙම් ප්‍රතිශ්‍යා කැස්ස ට ද කෂායකර බීමට දෙනවා. කොළ ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්ත වන අතර මෙහි කොළ කෂාය අධි රුධිර පීඩනය පාලනය කිරීමට ලබා දෙනවා.
👉 නිරෝගි ශක්තිමත් සිරුරක් ලබාගැනීමටත් නිරෝගී පැහැපත් සමක් ලබාදෙන ලාවුළු රූපලාවණ්‍ය වර්ධකයක් විදියටත් ,ආවේණික රෝග පාලනය කිරීමටත් උපකාරිවෙනවා. මේ නිසා රූපලාවන්‍ය නිෂ්පාදන වළටත් ලාවුළු යොදනු ලබනවා.
👉කොයිතරම් ගුණදායක වුවත්, මේවායේ පොටෑසියම් බහුලතාව නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු රෝගීන්ට ලාවුළු හිතකර වෙන්නෙ නෑ.
👉ගැබිණි මවුවරුන්ට ඉතාම පෝෂ්‍යදායි පලතුරක් විදියට ලාවුළු දක්වන්න පුළුවන්. බොහොමයක් පලතුරු වර්ග රසායන ද්‍රව්‍ය ඉහලා ගෙනෙන ඒවා උනත් ස්වභාවිකව ගන්න පුළුවන් විදියෙ හොදම පලතුරක් තමයි මේක.කොපමණ ගුණ වුවත් සීමාවකට ගැනීම සුදුසු බවයි සඳහන්වන්නේ.

ලාවුළු ව්‍යංජනය
==================

ලොකු ලාවුළු ගෙඩි 2
අමු මිරිස් කරල් 3
කරපිංචා
තෙල් ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැඳි 1
උකු පොල්කිරි කෝප්ප 1
රතු ළූණු ගෙඩි 3
කහ
අබ ස්වල්පයක්
උම්බලකඩ කැබලි තේ හැඳි 2
සාදාගන්නා ආකාරය..
හොඳින් පැසුණු ලාවුළු ගෙඩි මේ සඳහා තෝරාගන්න.
ලාවුළු පොත්ත ඉවත් කර හිරමනයකින් හෝ ග්රෙටරයකින් ගාගන්න.
ජලයේ දමා හොඳින් සෝදා ලුණු වතුර මිශ්‍ර උණු වතුරෙන් හොඳින් මිරිකන්න.
ඉන්පසු උම්බලකඩ,මිරිස්,කහ,ලුණු,අමු මිරිස් ආදිය දමා කිරිත් සමග මිශ්‍ර කර හොඳින් පිසගන්න.
සුදු ලූණු ,කපාගත් රතු ළූණු,කරපිංචා තෙම්පරාදු කරලා මිශ්‍ර කල විට වඩා රසවත් වෙනවා.

Dr. Rasanjana Ilangkoon
BAMS(University of Kelaniya )
Harithayur Healthcare
Ganemulla
0703482814 whatsapp

බැදි දෙල්
09/12/2024

බැදි දෙල්

ජැක්සන් යනු තම පුතාගේ සතුට ගැන කනස්සල්ලට පත්ව සිටින පියෙකි, එබැවින් ඔහු ඔහුට මෙම "උපදෙස්" ලිවීය. ඔහුගේ පුතා නිවසින් බැහැ...
28/11/2024

ජැක්සන් යනු තම පුතාගේ සතුට ගැන කනස්සල්ලට පත්ව සිටින පියෙකි, එබැවින් ඔහු ඔහුට මෙම "උපදෙස්" ලිවීය.

ඔහුගේ පුතා නිවසින් බැහැර විශ්ව විද්‍යාලයට ඉගෙනීමට ගිය විට, ඒවා ඡායා පිටපත් කර ඔහුගේ සම වයසේ මිතුරන් අතර බෙදා හැරීමට ඔහු තීරණය කළේය.

පළ කිරීම් කෙතරම් සාර්ථක වූවාද යත්, ප්‍රකාශකයෙකු ඔවුන් සමඟ පොතක් සංස්කරණය කිරීමට ජැක්සන්ගෙන් අවසර ඉල්ලා සිටියේය, "ජීවිතයේ කුඩා උපදෙස් පොත", එය ඉක්මනින්ම භාෂා කිහිපයකට පරිවර්තනය කර වැඩියෙන්ම අලෙවි වූ ප්‍රකාශනයකි.

පුතා:
• සුදුසු පුද්ගලයා විවාහ කර ගන්න.ඔබේ සතුට හෝ දුකෙන් 90%ක්ම මෙම තීරණය මත රඳා පවතී.

• අවම වශයෙන් වසරකට වරක්වත් හිරු උදාව නරඹන්න.

• අතට අත දෙනවිට ඔබේ අත තදින් සොලවන්න, සහ මිනිසුන්ගේ ඇස් දෙස කෙලින්ම බලන්න.

• ඔබ විශිෂ්ට සහකරුවෙකු තෝරා ගන්නා ආකාරයටම සහකරුවෙකු තෝරාගන්න. ඔබ දුර්වලව සිටින තැන සහ අනෙක් අතට ඔහු ශක්තිමත්ව සිටින තැන ද බලන්න.

• පුරසාරම් දොඩන්නන් විශ්වාස නොකරන්න. කිසිවෙකු තමා ඉතිරි කර ඇති දේ ගැන පුරසාරම් දොඩන්නේ නැත.

• ඔබ සැලකිලිමත් වන පුද්ගලයින්ගේ උපන් දින මතක තබා ගන්න.

• සෘණාත්මක පුද්ගලයන්ගෙන් වළකින්න. සෑම විසඳුමක් සඳහාම ඔවුන්ට සෑම විටම ගැටලුවක් ඇත.

• ඉතා මිල අධික නොවන නමුත් හොඳ නිවසක් තිබීමේ සතුට ඔබටම ලබා දෙන්න.

• හොඳ පළමු හැඟීම ඇති කිරීමට කිසි විටෙකත් දෙවන අවස්ථාවක් නොමැත.

• පුද්ගලයෙකුගේ බර ගැන අදහස් දක්වන්න එපා, හිසකෙස් නැතිවෙන කෙනෙකුට කියන්න එපා. ඔහු දැනටමත් දන්නවා.

• තරවටු කිරීමට වඩා දිරිගැන්වීම තුළින් ඔබට මිනිසුන්ගෙන් වැඩි යමක් ලබා ගත හැකි බව මතක තබා ගන්න. ඔහු ශක්තිමත් බව දුර්වලයාට පවසන්න, එවිට ඔහු ශක්තිමත් වන බව ඔබ දකිනු ඇත.

• ඔබ අවනත වීමට අකමැති නම් කිසිවිටෙක තර්ජන නොකරන්න.

• අමාරුම වැඩ කරන පුද්ගලයන්ට අමතර ගෞරවයක් දක්වන්න.

• අන් අය කුමක් සිතුවත් ඔබ හරි යැයි සිතන දේ කරන්න.

• ඔබට ලැබෙන සෑම අවස්ථාවක්ම ඔබේ දරුවාටත් දෙන්න. ඔහු ඔබට තවදුරටත් එය කිරීමට ඉඩ නොදෙන කාලයක් පැමිණෙනු ඇත.

• මිනිසුන් දෙස ඔබේ කෝණයෙන් නොව ඔවුන්ගේ චරිතයෙන් බැලීමට ඉගෙන ගන්න.

• ඔබේ අපේක්ෂාවන් ඔබේ හැකියාවන් රාමුව තුළ තබන්න.

• පැරණි හිතෝපදේශ මතක තබා ගන්න. ණය නොමැති නම්, අන්තරායන් හෝ ගැටළු නොමැත.

• මෝඩයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම තරම් අපහසු දෙයක් තවත් නැත.

• අන් අය සමඟ බෙදා ගැනීමට ඉගෙන ගන්න සහ ඔබේ අසල්වැසියාට උපකාර කිරීමේ ප්‍රීතිය සොයා ගන්න. සේවය කිරීමට ජීවත් නොවන තැනැත්තා ජීවත් වීමට සේවය නොකරයි.

• නියමිත වේලාවට ඔබේ කැපවීම් ඉටු කරන්න. වෙලාවට වැඩ කිරීම යනු අන් අයගේ කාලයට ගරු කිරීමයි.

• මිනිසුන් විශ්වාස කරන්න, නමුත් ඔබේ මෝටර් රථය අගුළු දමන්න.

• විශාල ආදරය සහ විශාල අභියෝගයට 'මහා අවදානමක්' ද ඇතුළත් බව මතක තබා ගන්න.

• සැනසීම සතුට සමඟ පටලවා නොගන්න.

• කිසිවිටෙක ධනය සාර්ථකත්වය සමඟ පටලවා නොගන්න.

• කිසිවිටෙක ඔබේ හාස්‍යය නැති කර නොගෙන ඔබේම වැරදිවලට ​​සිනාසීමට ඉගෙන ගන්න.

• ඔබ එය නොකියන්නේ නම් ඔබට අවශ්‍ය දේ වෙනත් අයෙකු දැන ගනු ඇතැයි අපේක්ෂා නොකරන්න.

• ඔබට ධනය තිබුණත්, ඔබේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලින් කොටසක් ගෙවීමට සලස්වන්න.

• ඔබ ඔබේ ගනුදෙනුකරුවන්ට සලකන ගෞරවයෙන් ඔබේ සේවකයන්ට සලකන්න.

• සමහර විට නිශ්ශබ්දතාවය හොඳම පිළිතුර බව අමතක කරන්න එපා.

• ඔබ අකමැති නිසා හොඳ අදහසක් ඉවත නොදමන්න.

• කිසිවිටෙක ලාභ මෙට්ටයක් මිලට නොගන්න.අපි අපේ ජීවිතයෙන් තුනෙන් එකක් ඒ සඳහා වැය කරමු.

• ඔබ කතා කරනවාට වඩා දෙගුණයක් සවන් දෙන්න (ඒකයි අපිට කන් දෙකයි එක කටයි තියෙන්නේ.

• ඔබට වෘත්තීය උපදෙස් අවශ්‍ය වූ විට, මිතුරන්ගෙන් නොව වෘත්තිකයන්ගෙන් විමසන්න.

• ඔබේ මිතුරන් සහ ඔබේ සතුරන් කවුද යන්න වෙන්කර හඳුනා ගැනීමට ඉගෙන ගන්න.

• කිසිවිටෙක ඊර්ෂ්‍යා නොකරන්න. ඊර්ෂ්‍යාව යනු මධ්‍යස්ථභාවය දක්ෂතාවයට නොදක්වන උපහාරයයි.

• සතුට යනු ගමනාන්තයක් නොව මාර්ගයක් බව මතක තබා ගන්න. මඟදී එය භුක්ති විඳින්න.

• ඔබට කලකිරීමක් දැනීමට අවශ්‍ය නැතිනම්, කළ නොහැකි ඉලක්ක තබා නොගන්න.

• ප්‍රීතිමත්ම පුද්ගලයන්ට අවශ්‍යයෙන්ම සෑම දෙයකම හොඳම දේ තිබිය යුතු නැත. නමුත් ඔවුන්ගේ ජීවිතයේ සෑම මොහොතක්ම භුක්ති විඳින අය වේ.

* සියල්ලටත් වඩා, ඔබේ ජීවිතයේ පළමු දෙය ස්වභාව දහම මත තබන්න, මන්ද ඔබේ ඊළඟ ජීවිතය විශ්වය මත රඳා පවතී.

Copied
Ruwan Nishshanka

12/10/2024

🔥අපෙන් ඈත්වන කෙම් ක්‍රම එකතුවක්🔥

අපේ පැරැණි මුතුන් මිත්තන් විසින් නිරන්තරයෙන් භාවිතයට ගැණුනු අපේ පුරාණ කෙම් ක්‍රම කීපයක් ගැණයි මෙහි සදහන් වන්නේ.
ඉතින් අපේ දේ වියැකී යන කාලයක හැකිනම් උත්සාහ ගන්න පරිසරයට සතුන්ට ස්වභාවධර්මයාට හානි නොකර වගා කටයුතු කරන්න. ඉතින් අපි බලමු අපෙන් ඈත් වීයන ඒ අපේ කෙම් ක්‍රම කිහිපයක්..

🔥කොස්, අඹ, දෙල්, තැඹිලි වැනි ශාකයක ඵලදාව පුපුරා තැලී කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුනට, හතරට පලා සැමට දර්ශනය වනසේ කථා නොකර ගස මුල විසුරුවා හරින්න. මෙය පලතුරු බෝග සඳහා අත්දුටු ප්‍රත්‍යක්ෂ කෙමකි.

🔥 පොල්ගස්වල පුහු ගෙඩි හට ගැනීම මෙන්ම පොල්ගස් නූපූදින කළ ද කථා නොකර උදෑසන පොල්ගසේ කඳ වටා පොල්ලෙලි මාලයක් සේ සකසා බඳිනු ලැබේ.

🔥 කැලෑවකදී ආරක්ෂාව පිණිස කැලෑවට ඇතුල්වීමට පෙර කථා නොකර අත්තක් කඩා ගසක එල්ලයි.

🔥කැලෑවකදී මං මුලා වැල් හෙවත් බැදි වැල් පයට පෑගුණ විට කැලෑව තුළ වල්මත් වී අතරමංව පාර සොයාගත නොහැකි වේ. එවැනි අවස්ථාවක කථා නොකර මදු වැලක් සොයා පෑගූ විට පහසුවෙන් ආපසු යෑමට පාර සොයාගත හැකිය.

🔥 අලි ඇතුන්ගෙන් වගාවලට මෙන්ම නිවෙස්වලටද මනුෂ්‍යයන්ටද වන හානි වළකා ගැනීමට අති දුර්ලභ මදාරා ගසේ කෝටුවක් හෝ ලීයක් ගෙන කථා නොකර ආරක්ෂා සහිත ස්ථානයක, දුරක සිට අලි ඇතුන්ට දර්ශනය කරන්න. අලි ඇතුන් මදාරා ලීයට බිය බැවින් ආපසු හැරී පලා යයි.

🔥 කැලේදී ඉසේ ඇම්මක් ඇති වුවහොත් දෙඇස වසාගෙන කථා නොකර අතට අසුවුනු ගසක කොළයක් කඩා හොඳින් පොඩිකර නළල දෙපස ගානු ලැබේ.

🔥 කුහුඹුවන් පලවා හැරීමට විනාකිරි 1:3 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකර හිමිදිරි පාන්දර කුහුඹුවන් සිටින දෙසට කථා නොකර ඉසීම කළ යුතුවේ.

🔥කුඹුරේ මීයන් මර්දනයට මීයන් තලා දැමූ ගොයම නියර මත දමා මල්වර වූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කථා නොකර කළ යුතුය.

🔥මීවද ඇති ඉසව් සොයා ගැනීමට බඳුනකට ජලය පුරවා ගස් දෙබලක තබන්න. මී මැස්සෝ එයට පියාසර කර පැමිණෙන දිශාව බලා මී වද ඇති ඉසව් තීරණය කළ හැක.

🔥පැඟිරි වර්ගයේ ශාක වගා කරනු ලබන දෙහි, ‍ෙදාඩම් ඇතුළු ඒ ආශි්‍රත වගාවල පලදාව මුළුමනින්ම නොමැති නම් හෝ පලදාව අල්ප වශයෙන් ලැබේ නම් එම ගස මුලට හානි නොවන සේ ගිනි මැලයක් (දැල්වීම) අතු කප්පාදු කිරීම හෝ එම අතුවලට හිරිහැර කිරීම, අතුවල පොල් ලෙලි එල්ලීම කරන්න.

🔥ගොයම් මැස්සන් එළවීමට ඇත්නම් කැන්ද අත්තක් ගෙන කුඹුරට ගොස් "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් 21 වරක් අත්තට මතුරා පසුව "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් කුඹුර වටේ යමින් කුඹුරේ ඇති ගොයම් දෙසට අත්තෙන් ගසමින් කපු මහතුන් දේවාලයකදී මොනර පිහාටු එක්කර ඔබට ආශීර්වාද කරන ආකාරයට සිදු කරන්න.අලුයම හිරු උදාවට පෙර කළ යුතු බවත් එවිට ගොයම් මැස්සන් එම කෙම් ක්‍රමය අනුව ඉවත් වන බවත් පැවැසේ. ඇතැම් විට මෙය කරනු ලබන අයගේ කුඹුරට මෙම ක්‍රමයෙන් ප්‍රතිඵල ලද විට අසල ඇති කුඹුරේද ඒ ආකාරයට ගොයම් මැස්සන් සිටී නම් නැවත ඒමට ඉඩ ඇති බැවින් සාමූහිකව තම තමන්ගේ කුඹුරුවල පවත්නා ගොයම් මැස්සන්ගෙන් සිදුවන වගා හානිය වළක්වා ගැනුමට ක්‍රියා කළ යුතුය.

🔥වෙනත් කෘමි උවදුරුවලට
ගොඩ ගොවිතැන් කරන ගොවි මහත්වරුන්ටද වෙනත් කෘමි වර්ග නිසා ඇතිවන වගා හානිය වැළක්වීමටද මෙම ක්‍රමය උපයෝගී කර ගත හැකියි.

🔥කතා නොකර කැන්ද අතු කිහිපයක් කඩාගෙන පැමිණ ඉතා පිරිසුදු භාජනයකට (වංගෙඩියකට) එම කොළ සියුම්ව කුඩා කැබැලිවලට කපා සකස්කර දමන්න. ඉන්පසු එයට අමුකහ ස්වල්පයක්ද එක්කර කොටා පසුව එම කොටාගත් මිශ්‍රණයට එකට දහය යන පරිමාවට වතුර මිශ්‍රකර වතුරේ හොඳට කලතමින් දිය කරන්න එසේ දියකර ගත් වතුර පෙහරන්කඩයක් උපයෝගී කරගෙන පෙරා පසුව තුන්වරක් හෝ 7 වරක් මේ ආකාරයට පෙරා සුදුසු භාජනයකට ගන්න.
ඉන්පසුව මස් මාංස අනුභව කිරීමෙන්, මත් පැන් පානය කිරීමෙන් වැළකී තමන් පිරිසුදුව සුදු වස්ත්‍රයකින් සැරැසී මල් බුලත් පුටුවක් සාදා ගෙන පෙරාගත් බඳුන ඒ මත තබා තෙරුවන් සිහිකර බුදුන්වහන්සේට පහනක් දල්වා පසුව ප්‍රදේශයට අධිපති දෙවියන් උදෙසා පහනක් දල්වා දේව මණ්ඩලයද සිහිපත්කර තෙරුවන් නැමද, රතන සූත්‍රය තුන් වරක් හෝ හත් වරක් කියා පසුව මහා මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින්දී මා මේ කරනු ලබන්නා වූ උතුම් කාර්යය සඳහා ඔබ වහන්සේගේ ආශීර්වාදයද ලැබ මෙම කෘමි උවදුරෙන් මාගේ, අපගේ කුඹුරට බලපා ඇති සියලුම දෝෂ දුරු කරදී ආරක්‍ෂාව යහපත උදාකර දෙනු මැනව කියා වැඳ නමස්කාර කර,

🔥අම්බම් මැස්සෝ - බ්‍රම්මම් මැස්සෝ, ගැටවම් මැස්සෝ, පිලවම් මැස්සෝ, මැසි මදුරුවෝ පෝග පෝග ඒසවාහ-- කියමින් එම භාජනය තමන්ගේ මුඛය අසලට ළංකර ගතහැකි අන්දමට ගෙන සුවඳ කුඩු තමන්ගේ ඇඟිලි තුඩුවලට ගෙන මුඛයට ළංකර මෙම මන්ත්‍රය කියමින් එය අවසානයේ ගිනි කබලට එම ජීවම් කළ කුඩු දමමින් දුම් දෙමින් 108 වරක් මතුරා ගන්න. හැකිනම් කුඹුරේ නොපෑගුණු ස්ථානයකින් වැලි හෝ පස් හෝ (සියුම් ලෙස කුඩු කරගත යුතුය.) ගෙන ඒවාද මෙම මල් බුලත් පුටුවේ තබා ඒ සමඟම ජීවම් කරගන්න. පසුව පාන්දර හිරු උදාවීමට පෙර "කැන්ද කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් (තොල් මතුරමින්) කුඹුරට ඉසින්න. වැලි සහ පස්ද ඒ ආකාරයටම ඉසින්න. මෙම කෙම් ක්‍රම අනුගමනය කිරීමේදී තමා විසින්ම ඉතා කැපවීමකින් කරගත යුතු බව සිතන්න.
ඉහත සඳහන් කළ කැන්ද කොළවලට ග්ලිසිරීඩියා හෙවත් ඇතැම් ප්‍රදේශවල භාවිත කරන මැටි මාර කොළ සහ මල්ද මිශ්‍රකර කොටා ඒ ආකාරයට සකස්කර ගතහොත් මෙම කෘමි උවදුරට මීට වඩා ප්‍රතිකර්මයන් කිරීමට ඉඩ ඇති බවයි. ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමුකොට පළමුව සුළුවෙන් සකස්කර ගෙන සුළු ප්‍රමාණයකට ඉස ඒ පිළිබඳ අත්හදා බලන්න.

🔥සතුන්ගේ උවදුරු නැසීමට
හේනට හෝ කුඹුරට අලි, ගෝන, වල් උෟරන්, මීමින්නන් ඇතුළු විවිධ සතුන්ගෙන් අලාභහානි කරයිද, කතා නොකර ගොක් කොළ රැහැන් කිහිපයක් ගෙන එම වන සතුන් එන මාර්ගවල තීරුවලට ඉරාගෙන මාර්ගය අහුරා ඇද දමන්න. මෙයද ඉපැරැණි කෙම් ක්‍රමයකි.

🔥මී උවදුරට
මීයන් විශාල වශයෙන් බෝවීම නිසා හේනේ කුඹුරේ මෙන්ම ගොවි පෙළේද වගාවන්ට සිදුවන විනාශය අති විශාලය. කුඹුරේ ගැවසෙන මීයන් නිසා මී උණ වැනි භයානක රෝගයන්ටද ගොවි මහතුන්ට මුහුණදීමට සිදුව ඇත. එමෙන්ම නිවෙසේද පොත්පත්වලටද ඇඳුම් ආදියටද විවිධ ආහාරවලටද හානි සිදු කරයි.

🔥කුඹුරේ, ගොවිපළේ මෙන්ම නිවෙසේදී මීයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල බළල් බෙටි සමඟ අමු ගොම මිශ්‍රකර කතා නොකර තබන්න.

🔥ග්ලිරිසිඩියා හෙවත් වැට මාර නමින් හඳුන්වන ශාකයේ මල් පොකුරු කිහිපයක් මීයන් සිටින ස්ථානවල තැබීමෙන්ද, වඳවීම හෝ ඉවත්වීම සිදුවේ. කතා නොකර මෙය කළ යුතුය. ඇතැම් ප්‍රදේශවල ඉපැරැණි ගොවි මහතුන් තමන්ගේ කුඹුරේ මීයන් වඳ කිරීම සඳහා ග්ලිරිසිඩියා ගස්වල මල් අමු කොළ එකට දමා කොට, අමුගොම සමඟ හොඳට මිශ්‍ර කර භාජනයකට දමා ගව මුත්‍ර දමා සතියක් පමණ වසා තබා එම දියරය මීයන් වසන ස්ථානවල විශේෂයෙන් කුඹුරේ ලියදිවල ඇති මී බෙන තුළට කතා නොකර දැමීමෙන් මීයන් වඳ වේ.

🔥කෘමි උවදුරට
කුල්ලක ලාටු ගා පැළ අතර එහා මෙහා ගෙන යෑමද, රාත්‍රි කාලයේදී කැකුණ තෙල් පොඟවා ගත් පන්දම් කුඹුරේ දැල්වීමද සිදුකර ඇත. ඒ මඟින් කෘමීන්ගෙන් වගාවන් ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත.

🔥පලතුරු වගාවට
පලතුරු වගාවන්වල ඇතැම් මැස්සන් හා කෘමින්ගෙන් විශාල හානි සිදුවේ. මේ සඳහාද විවිධ කෙම් ක්‍රම භාවිත කර ඇත. පෙරමෝන උගුල නමැති බෝගල් හෝ එවැනි උපකරණ සම්බන්ධ කර ගෙන කළ ක්‍රියාවන්ද පැවැත ඇත. කෘමි සතුන් පාලනය කිරීමට කෘමි විකර්ෂක ශාක වගා කිරීමද භාවිත කර ඇත. නියරවල් දිගට දහස්පෙතියා, සූරියකාන්ත, කපුරු වැනි ශාක හිරු උදාවට පෙර කතා නොකර ගොස් ගොයම් පැළ සිටුවීමත් සමඟ හෝ ඉන් ටික කලකට පසු වගාකර ඇති බව සඳහන් වේ. මෙම මල් වගා කිරීමේ හේතුවෙන් කෘමීන් වඳවීම හෝ එම ප්‍රදේශයෙන් ඉවත් වී ඇති බව ප්‍රකට වී ඇත.
ගෙවත්තේ පලතුරු ගස්වල මල් පිපෙන සමයට හීරැස්ස වැල් කැබැල්ලක් ගසේ නැගෙනහිර දිශාවේ අත්තක බැඳ තබන්න. ඇස්වහ කටවහ දෝෂ දුරු වීමට මෙම කාර්යය කිසිවකුට නොපෙනී කතා නොකර ඉර පායන්න පෙර සිදුකිරීම කළ යුතුය.
කොස්, දොඩම්, අඹ, බෙලි, කෙසෙල් ආදී පලතුරු ගසේදී පුපුරා විනාශ වීම වැළැක්වීම සඳහා කෙම්මුර දිනයක අලූයම යකිනාරං අත්තක් ගෙන පලබර ගසේ නැගෙහිර දෙස කඳ පිරිමැද ගසමුල අත්ත සිටුවන්න. ඇස්වහ කටවහ නිසා පලතුරු පුපුරා විනාශ වීම නවතී.

🔥 කුඹු‍රෙන් සරු අස්වැන්නක් ලැබීමට ඇටි කෙසෙල් අලයේ යුෂ මී ඇට තෙල් ගෙන ඉවර වු පසු ඉතිරි වන රොඩ්ඩ සමඟ මිශ්‍ර කර එම යුෂයෙන් බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.

🔥 වී අස්වැන්න සරු සාර වීමට බුලු ගසක බදින ලද පිළිලයක් පුවපල් නැකත යෙදී ඇති දිනක ගලවා කුඹුර මැද දැමීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක. ගොයමි පාගන විටදී ද එවැනි පිළිලයක් කමතේ වැලලීමෙන් ද වැඩි අස්වැන්නක් ලැබේ.

🔥ලබු කිඳ කොටා යුෂ ගෙන එයට අමු ගොම මීශ්‍ර කර දිය කරන්න. මේ මිශ්‍රණය දිනක් හෝ දෙකක් පල්වෙන්නට හැර බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.

🔥 කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කොල කන පණුවන් මර්ධනය කිරීමට වක්කඩට කැප්පිටියා කොළ දමන්න.

🔥 කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කෘමින්ගෙන් වී වගාවට හානි සිදුවේ. මෙවැනි අවස්ථා වල කුඹුරෙහි තැනින් තැන ඉනි සිටුවා ඒ මත පොල්ලෙල්ලක් හෝ ලෑල්ලක් වැනි දෙයක් තැබීමෙන් දිවා හා රාත්‍රි කාලවලදී ඒ මත විවිධ කුරුල්ලන් වසා කෘමීන් ආහාරයට ගනී. ඒ මඟින් කෘමීන් මර්ධනය කල හැක.

🔥විවිධ කුරුල්ලන්ගෙන් ගොයමට වන හානි වලක්වා ගැනීමට මා නැකත ඇති දිනක මී ගසක මුලක් ගලවා කුඹුරේ මැද සිටුවන්න.

🔥 කුඹුරට මීයන්ගෙන් වන හානිය මර්ධනය කිරීමට අන්නාසි කොළ ගෙන ඒවායේ බුලත් විටට ගන්නා හූණු වලින් ඉරි ඇඳ ඒවා කුඹුරේ තැන්තැන් වල දමන්න. මේවා බැලු බැල්මට සර්පයන් සේ පෙනෙන බැවින් මීයන් ඒම වැලකේ.

🔥 වී වගාවේ පුරුක් පණුවන් මර්ධනයට පොල්පිති කපා ඒවායේ හිස කොටස ඉහළට සිටින සේ කුඹුරෙහි සිටුවීමෙන් ඒ මත වසන කුරුල්ලන් පුරුක් පණුවන් ආහාරයට ගැනීම නිසා පුරුක් පණුවන් වඳ වේ.

🔥පොල් කොමිබයකට පිලිස්සුණු එන්ජින් ඔයිල් යොදා පහනක් දැල්වීමෙන් කුඹුරේ සිටින පුරුක් පණුවන්, දළඹුවන් , ගෙප්මැස්සන්, ගොයම් මකුණන් ආදී සතුන් ගෙන් වන හානී අවම කර ගත හැක.

🔥කුඹුරේ වක්කඩ ළඟ වලක් හාරා එයට කොහොඹ කොළ , කදුරු කොළ , දලුක් කොළ, දොඩම් කොළ, තිත්ත කිඳ ,කලවැල් වැනි සැර ගඳක් ඇති කොළ වර්ග එම වලේ රඳවා තැබීමෙන් වතුර සමඟ මීශ්‍රව කුඹුර පුරාම ඒවා ගලා යන නිසා ගොයමේ ඇති විවිධ කෘමීන් මර්ධනය වේ.

🔥 කුඹුරේ නියරවල පලා වර්ග එළවලු වර්ග වගා කිරිමෙන් පළිබෝධ හානී අඩු කර ගත හැක.

🔥 හිනි මිරිස්, නයි මිරිස්, වියළි මිරිස් වැනි සැර ගඳ ඇති දෙයක් අඹරා ජලයෙහි දියකර ඉසීමෙන් ගොයමේ පැල මැක්කන් වඳ කර ගත හැක.

🔥 දුඹුරු පැල කීඩෑවන් නිසා ගොයමට වන හානිය වලක්වා ගැනීමට කුඹුරේ වතුර හිස් කර ගොයම් ගස් මුලට අව්ව වැටීමට සලස්වන්න.

🔥 දුඹුරු පැල කීඩෑවන් සිටින ස්ථාන වලට ,
අලු වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
වැලි වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
ගෝනි පඩංගු භූමී තෙල් වලින් පොඟවා කුඹුරේ තැන් තැන් වල දමන්න.

🔥ඉබි කුරුමිණියා ,ඔක්සිඩිසින් මකුලුවා , රතු කාවා ,රතු කඩි කුරුමිණියා වී ගොවිතැනේ හිතකර කෘමීන්ය. මොවුන් පළිබෝධකයන් ආහාරයට ගන්නා නිසා පළිබෝධ නාශක ඉසීමක් අවශ්‍ය නොවේ.

🔥කෙම්මුර දිනයක දිය නා පිරිසිදු පිරුවටයක් ඇඳ දිය කිරිල්ල අත්තක් කඩා ගෙන.

“ඕං නමෝ මෙති මෙති මලා මෙතියේස්වාහං“
යන ගාථා මන්ත්‍රය 10වරක් මතුරා කුඹුරේ සිටුවීමෙන් වී ඇහිලීමට කුඹුරට එන කුරුල්ලෝ අඩු වේ.

🔥වී වැපුරුවිට විවිධ කුරුල්ලෝ වී ඇහීළීමට එති. එය වලක්වා ලීමට මල් කෑර කෝටු හතරකට

“නමෝ මහා මෙහි ගන්නේ මමයි ඒහි ඒස්වාහං“
යන මන්ත්‍රය 108 වරක් මතුරා කුඹුරේ හතර කොනේ සිටුවීමෙන් කුරුල්ලෝ වී ඇහීලීමට නෙඓති.

🔥 වී කුඹුරට ඉස දින 3 ක් 4ක් ගත වු පසු විවිධ කෘමීන් ඒම වැළැක්වීමට අලු ටිකක් ගෙන
“ සබ්බ පාපස්ස අකරණං“
යන ගාථාව මතුරා කුඹුරට ඉසින්න.

🔥 වක්කඩ අසල තරමක වලක් හාරා ,වරා කොළ හෝ දලුක් අතු හෝ කැප්පෙටියා අතු දැමීමෙන් කෘමීන් කුඹුරට ඒම වළක්වා ගත හැක. සමහර කාල වල කුඹුරට ගොලුබෙල්ලෝ බෝ වේ. එවිට ලියැදි වල වතුර බැඳිමෙන් ගොලුබෙල්ලෝ නියරට ඒම නිසා කපුටන් කා දමති.

🔥 බිත්තර වී වපුරණ විට “ සබ්බ පාපස්ස අකරණං“ යන ගාථාව සත් වරක් මැතිරීමෙන් කෘමී උවදුර අඩු කර ගත හැක.

🔥 කටු වල අල ශුද්ධ කීරීමෙන් පසු පිට පොත්ත සහිත ලෙලි එකතු කර ඒවා වක්කඩ ළඟ පොඩි වළක් හාරා එයට දැමීමෙන් වේ උවදුර වලක්වා ගත හැක.

🔥 නොපෑගුන ස්ථානයකින් වැලි ටිකක් ගෙන මල් බුලත් තට්ටුවක තබා ,
“ඕං නමෝ ඇති නිමී යේස්වාහං“
යන මන්ත්‍රෙයන් 108 වරක් මතුරා ඉසීමෙන් මීයන් ඒම වළකී.

🔥පීදෙන ගොයමට ගොයම් මැස්සන් බෝ වීම බහුලව සිදුවේ. යායක් එකම කාලයකදී වැපීරීම මඟින් මෙය බොහෝ දුරට අඩු නර ගැනීමට හෝ වලක්වා ගැනීමට පුළුවන. රාත්‍රී කාලයේදී ලන්තෑරුමක් එල්ලීමෙන් ද ගොයම් මැස්සන් අඩු කර ගත හැක.

🔥 වැලි අහුරක් ගෙන “ නමෝ තීල තීල අභිලේස්මාහං“ යන මන්තරයෙන් 21 වරක් මතුරා කුඹුරට ඉසීමෙන් ගොයම් මැස්සන් වඳවේ.

🔥 කඹයක් හෝ කොහු ලණුවක් තැනින් තැන රෙදි පාන්කඩ දවටා දුම්මල තෙල් හෝ කැකුණ තෙල් පොඟවා කුඹුරේ ගොයම් කොළ වල ගෑවෙන සේ ඇදීමෙන් ගොයම් මැස්සන් වඳවේ.

🔥දීග ලීයක කුල්ලක් බැඳ කුල්ලේ යම් මැලියම් වර්ගයක් ගා ගොයමේ කුල්ල ඇතිලිලීමෙන් මැස්සන් වඳ කරගත හැක.

🔥 රුක් අත්තන ගසේ පොතු වේලා වංගෙඩියේ කොටා පිටි කර එම පිටි කුඹුරේ කීඩෑවන් සිටින ස්ථාන වලට ඉසීමෙන් මැස්සන් වඳ කරගත හැක.

🔥ගොයම් වැඩී ඇති අවස්ථා වලදී ඇස්වහ කටවහ දෝෂ ද ඇති වේ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පඹයෙකු සාදා සවි කරන්න.

🔥පොල් කොළ අග්ගිස් කෑලි 7 ක් ,වියළී මිරිස් කරල් 7ක් , දෙහි කොළ 7ක් ,මිරිස් ඇට 7 ක්, සීනක්කාරම් හා අළු ස්වල්පයක් දමා කථා නොකර කුඹුරට දුම් ඇල්ලීමෙන් ඇස්වහ කටවහ දෝෂ දුරු වේ.

🔥 මීයන්ට , අමු ගොම හෝ එළු බෙටි පොල් කටු වලට දමා කුඹුරේ තැනින් තැන තබන්න. වැට මාර ගස්වල වල පොතු බත් සමඟ මීශ්‍ර කර ගුලි කර කුඹුරේ තැනින් තැන වල දමන්න. වැට මාර මල් කුඹුරේ තැනින් තැන විසුරුවා හරින්න.

🔥මීයන්ට, කුරුල්ලන්ට - ගොයමට උඩින් පොලිතින් පටි, කැසට් පටි අදින්න.

🔥පීදෙන ගොයම ගොයම් මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට , හිමිදිරි පාන්දර කුඹුරට ගොස් කථා නොකර ‍ගොයම් මැස්සකු අල්ලා ගන්න. වියළි මිරිස් කරලක් ගෙන අග කොටස තරමක් කඩා අල්ලා ගත් මැස්සා එතුළට දමා නූලකින් මැස්සා පිටතට නොඑන ආකාරයට බදින්න. ඊට පසු කථා නොකර ගෙදරට පැමිණ එය දුම් මැස්සේ නටුව උඩට සිටින සේ එල්ලන්න. දුම් වදිනවිට මැස්සන් වඳවේ.
එසේම දෙහි ගෙඩියක ඇස්ස කපා පෙර පරිදිම ගොයම් මැස්සකු එතුළට දමා දුම් මැස්සේ දුම් වඳින සේ එල්ලා තබන්න.

🔥 ලබු ගෙඩියේ ඇස්ස කපා ගොයම් මැස්සකු අල්ලා ගෙන ඒ තුළට දමා ඇස්ස වසන්න. එය රැගෙන කුඹුරේ වටේට ගොස් කුඹුරේ මැද ඉන්නක් සිටුවා ගොක් කොළයක් බැඳ ගෙඩිය එහි තබන්න. ගොයම් මැස්සන් වඳ වේ.

🔥 කුඹුර වටේ හතර කොනින් ගොයම් මැස්සන් හතර දෙනෙකු ද හරි මැද්දෙන් තවත් ගොයම් මැස්සකු ද හිමිදිරි පාන්දර කථා නොකර අල්ලා ගන්න. ඊට පසු හිගුරළ වැලක පොළවේ සිට අඩියක් පමණ ඉහළින් එහි පොත්ත ගලවා මැස්සන් පස් දෙනා පොත්තට මැදි කර ගොයම් ගසකින් බඳින්න. වැල මැරි යන ආකාරයට ගොයම් මැස්සන් වඳ වේ.

🔥 ගොයම් මැස්සන් පස් දෙනෙකු අල්ලා එය හරකෙකු, බල්ලෙකුට ,කුකුළෙකුට ගිල්විය යුතුයි.ඒ සමඟම කුඹුර හිමියා ද තුන් වරුවක් කුඹුරට නොයා යුතුයි.

🔥 කුඹුරේ මැසි මදුරුවන් වැඩි වේ නම් සිව් කොනේ කෝටු හතරක් සිටුවා ගොටු සවිකර ඒවාට දිහේ පෙඟවු මුං ඇට ස්වල්පයක් දමන්න. මුං ඇට පැළ වේගන එන විට මැස්සන් දුරුවේ.

🔥 හීන් කොච්චි ,හිනි මිරිස්, පල්මානික්කම්, සිනක්කාරම්, සහිඳ ලුණු, එක තරමට ගෙන අඹරා ගුලි කර වල් ලුණු අලයක් ගෙන මදය ඉවත් කර එම ගුලිය එහි තබා සිදුර වසා කුඹුරේ සිව් කොන වැළලීමෙන් ,අලය කුණුවී යන විට ගොයමට පැමිණෙන කෘමීන් මර්ධනය කර ගත හැක.

🔥කෙම්මුර දිනයක ඇඹුල් දොඩම් ගෙඩි 4ක් 5ක් කඩා ගෙන කුඹුරේ ස්ථාන කිහිපයක වැළලීමෙන් ගොයමට එන මැස්සන් දුරුවේ.මෙහි අන්තර්ජාලයෙන්උපුටා ගත් කරුණු ඇතුලත් වන අතර මේ දැනුම පැරණි මුතුන් මිත්තන්ගෙන් අපට උරුම කල දුන් ඒවා වේ.

අන්තර් ජාලයෙන් උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතියි.

Address

Galle
80070

Alerts

Be the first to know and let us send you an email when හෙල ඔසු පොත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share