20/09/2025
https://www.facebook.com/share/p/1G7qctZ5fb/
අම්මා කෙනෙක් නොකියන ඔබ කිසිදා ඇගෙන් නොවිමසන දේ
ඔයාට මහන්සිද......
මේ හැමදේම කරන්න පුළුවන් ද....
අහලා තියෙනවා ද
අඩුම තරමින් අහන්න හිත නැමෙනවාද.....
ඒත් ඇත්තටම
ඇයට මහන්සියි
හොදටම මහන්සියි
දන්නවා ද
ඇගේ ශරීරයට වඩා හිතට මහන්සියි
උදව්වක් නොමැති වුණාට වඩා
උදව් අවැසි තැන නොදුටු ලෙස හිදින විට
ඔබ මා දුටුවේ නැත
පාන්දර දරුවා නැවත අවදි වන විට මා අවදි වී ඔවුන්ගේ කුස පුරවන්න වෙහෙසන විට කිසිවෙකු මා දුටුවේ නැත.
මන්ද යත් ඔබ සුව නින්දේ පසුවන බැවිනි .
මගේ දරුවන් පැය ගණනක් අල්ලාගෙන සිටින විට ඔවුන් දෙස බලා සිටින විට කිසිවෙකු මා දුටුවේ නැත.
මන්ද ඔවුන් මා සමගින් පමණක් මගේ ඇස් මානයේ වැඩෙමින් ඉන්න බැවිනි .
මා නිදා ගැනීමට පෙර ඔවුන්ගේ අත අල්ලාගෙන සිටි බව ඔවුන් නිදිකරවා ඔවුන් සිප සනසා නිදාගැනීමට සැරසෙන විට නිදිමත පහව ගිය මගේ දෑස් කිසිවෙකු දුටුවේ නැත.
ඒ ඔබ ඉන්නේ මා අසල නොවන බැවිනි .
ඔවුන්ගේ කුස පුරවා මා කුස පුරවා ගන්න යාමේදී සීතල වූ බත් පත කිසිවෙකු දුටුවේ නැත.
ඒ මගේ නිවසේ මා පමණක් ඉන්නා බැවිනි .
ඔබ දකින සුන්දර දරුවන් පසුපස
වෙහෙසට පත් මා කිසිවෙකු දුටුවේ නැත .
මන්ද ඔවුන් මගේ ආදරය මත පිපෙන බැවිනි .
ඔබ දකින නිවස තුළ මා කෙසේ සිටීදැයි ඔබ කිසිවෙකු දුටුවේ නැත.
එහි අලංකාරය හෝ විටෙක ඇති අවුල් බව ඔබ දකිනු ඇත.නමුත් එය අලංකාර කිරීම හෝ වියවුල් මත නැවත යතා තත්ත්වට පත් කිරීමට මම ගන්නා වෙහෙස ඔබ නොදකිනු ඇත.
නමුදු මා අතින් වන අතසුවීමක් ඔබ දකින්න පුළුවන් ❤❤ මන්ද සියල්ල තනිවම කරද්දී මා හට වැරදිය හැකි බැවිනි .
කිසිවක් නොදැක එය පමණක් දැකීම විමතියකි.💔
ඉදින් මා ඔබ මෙන්ම ඉගෙන ගනිමින් සිටිමි අත්දැකීම් ලබමින් සිටිමි.මගේ දරුවන්ට හොඳම අම්මා වීමට වන්න උත්සාහ කරමි 💕
මගේ නිදි නැති රාත්‍රීන්, මගේ කනස්සල්ල,
මගේ වෙහෙස මගේ නිහඬ කඳුළු කිසිවෙකු දුටුවේ නැත.
ඉතින් මාව නොදුටු ඔබද.......
දුටුවද නොදැක්කා සේ වෙනතක බලා සිටි ඔබද ....
මා විනිශ්චය නොකර ඉන්න🙏
අම්මලාට ආදරයෙන්
Copy Paste කිරීමෙන් තොරව Page එකෙන්ම Share කරන්න .උපුටා ගැනීමක් කරන්නේ නම් කතෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න ❤🙏
Learning Fun Uvini With Mom